Pali BJT5. පහීනවාරො.
Sinhala BJT5. ප්‍රහීණවාර
Pali BJT1. යස්ස කාමරාගානුසයො පහීනො තස්ස පටිඝානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT1. යමක්හුගේ කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන පටිඝානුසයො පහීනො තස්ස කාමරාගානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හුගේ පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT2. යස්ස කාමරාගානුසයො පහීනො තස්ස මානානුසයො පහීනොති: අනාගාමිස්ස කාමරාගානුසයො පහීනො, නො ච තස්ස මානානුසයො පහීනො. අරහතො කාමරාගානුසයො ච පහීනො. මානානුසයො ච පහීනො.
Sinhala BJT2. යමක්හුගේ කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ කාමරාගානුසය ප්‍රහීණයැ, ඔහුගේ මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ කාමරාගානුසය ද ප්‍රහීණයැ. මානානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන මානානුසයො පහීනො තස්ස කාමරාගානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හුගේ මානානුසය ප්‍රහීණවී නම් ඔහුගේ කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT3-4. යස්ස කාමරාගානුසයො පහීනො තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT3-4. යමක්හුගේ කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො පහීනො තස්ස කාමරාගානුසයො පහීනොති: ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං කාමරාගානුසයො පහීනො. ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පහීනො.
Sinhala BJTතවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුන්ගේ කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJT5-6. යස්ස කාමරාගානුසයො පහීනො තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො පහීනොති: අනාගාමිස්ස කාමරාගානුසයො පහීනො, නො ච තස්ස අවිජ්ජානුසයො පහීනො. අරහතො කාමරාගානුසයො ච පහීනො අවිජ්ජානුසයො ච පහීනො.
Sinhala BJT5-6. යමක්හුගේ කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ කාමරාගානුසය ප්‍රහීණයැ, ඔහුගේ අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ කාමරාගානුසය ද ප්‍රහීණයැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො පහීනො තස්ස කාමරාගානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT7. යස්ස පටිඝානුසයො පහීනො තස්ස මානානුසයො පහීනොති: අනාගාමිස්ස පටිඝානුසයො පහීනො, නො ච තස්ස මානානුසයො පහීනො. අරහතො පටිඝානුසයො ච පහීනො, මානානුසයො ච පහීනො.
Sinhala BJT7. යමක්හුගේ පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ පටිඝානුසය ප්‍රහීණ යැ, ඔහුගේ මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ පටිඝානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන මානානුසයො පහීනො තස්ස පටිඝානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හුගේ මානානුසය ප්‍රහීණවී නම් ඔහුගේ පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT8-9. යස්ස පටිඝානුසයො පහීනො තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT8-9. යමක්හුගේ පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො පහීනො තස්ස පටිඝානුසයො පහීනොති: ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො පහීනො නො ච තස්ස පටිඝානුසයො පහීනො. ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො ච පහීනො, පටිඝානුසයො ච පහීනො.
Sinhala BJTතවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුන්ගේ පටිඝානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.
Pali BJT10-11. යස්ස පටිඝානුසයො පහීනො තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො පහීනොති: අනාගාමිස්ස පටිඝානුසයො පහීනො, නො ච තස්ස අවිජ්ජානුසයො පහීනො. අරහතො පටිඝානුසයො ච පහීනො, අවිජ්ජානුසයො ච පහීනො.
Sinhala BJT10-11. යමක්හුගේ පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ පටිඝානුසය ප්‍රහීණයැ, ඔහුගේ අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ පටිඝානුසය ද ප්‍රහීණයැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො පහීනො තස්ස පටිඝානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT12-13. යස්ස මානානුසයො පහීනො තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT12-13. යමක්හුගේ මානානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො පහීනො තස්ස මානානුසයො පහීනොති: තිණ්ණං පුග්ගලානං විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං මානානුසයො පහීනො. අරහතො විචිකිච්ඡානුසයො ච පහීනො, මානානුසයො ච පහීනො.
Sinhala BJTතවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුන්ගේ මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.
Pali BJT14-15. යස්ස මානානුසයො පහීනො තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT14-15. යමක්හුගේ මානානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො පහීනො තස්ස මානානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT16-18. යස්ස දිට්ඨානුසයො පහීනො තස්ස විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT16-18. යමක්හුගේ දිට්ඨානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො පහීනො තස්ස දිට්ඨානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT19-20 යස්ස විචිකිච්ඡානුසයො පහීනො තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො පහීනොති: තිණ්ණං පුග්ගලානං විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං අවිජ්ජානුසයො පහීනො. අරහතො විචිකිච්ඡානුසයො ච පහීනො, අවිජ්ජානුසයො ච පහීනො.
Sinhala BJT19-20. යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුන්ගේ අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො පහීනො තස්ස විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT21. යස්ස භවරාගානුසයො පහීනො තස්ස අවිජ්ජානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT21. යමක්හුගේ භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො පහීනො තස්ස භවරාගානුසයො පහීනොති: ආමන්තා. (එකකමූලකං)
Sinhala BJTතවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)
Pali BJT22. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තස්ස මානානුසයො පහීනොති: අනාගාමිස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා, නො ච තස්ස මානානුසයො පහීනො. අරහතො කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා, මානානුසයො ච පහීනො.
Sinhala BJT22. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ මානානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. ඔහුගේ මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, මානානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන මානානුසයො පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: ආමන්තා.
Sinhala BJTතවද යමක්හුගේ මානානුසය ප්‍රහීණවී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි.
Pali BJT23-24. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT23-24. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති; ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො පහීනා, නො ච තෙසං කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා, ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා.
Sinhala BJTතවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. ඔවුන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද ප්‍රහීණයහ. දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ.
Pali BJT25-26. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො පහීනොති: ආනාගාමිස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා, නො ච තස්ස අවිජ්ජානුසයො පහීනො. අරහතො කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා, අවිජ්ජානුසයො ච පහීනො.
Sinhala BJT25-26. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, ඔහුගේ අවිජ්ජානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, අවිජ්ජානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: ආමන්තා. (දුකමූලකං).
Sinhala BJTතවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි. (දුකමූලක යි.)
Pali BJT27-28. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා, තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT27-28. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ දිට්ඨානුසය … චිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනාති: ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො පහීනො, නො ච තෙසං කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා. අනාගාමිස්ස විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා, නො ච තස්ස මානානුසයො පහීනො. අරහතො විචිකිච්ඡානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා.
Sinhala BJTතවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය නො ද ප්‍රහීණයහ. අනාගාමීහුගේ විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ. ඔහුගේ මානානුසය නො ද ප්‍රහීණයහ. රහත්හුගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණයහ.
Pali BJT29-30. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනො තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො පහීනොති; ආමන්තා.
Sinhala BJT29-30. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය … අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනාති: ආමන්තා. (තිකමූලකං.)
Sinhala BJTතවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි. (තිකමූලක යි.)
Pali BJT31-33. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච පහීනා තස්ස විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT31-33. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච පහීනාති: ද්වින්නං පුග්ගලානං විචිකිච්ඡානුසයො ච දිට්ඨානුසයො ච පහීනා, නො ච තෙසං කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා. අනාගාමිස්ස විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා. දිට්ඨානුසයො ච පහීනො. නො ච තස්ස මානානුසයො පහීනො. අරහතො විචිකිච්ඡානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච පහීනා. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයැ. ඔවුන්ගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය නො ද ප්‍රහීණයහ. අනාගාමීහුගේ විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ. ඔහුගේ මානානුසය නො ද ප්‍රහීණයැ. රහත්හුගේ විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ. … (චතුක්කමූලක යි.)
Pali BJT34-35. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT34-35. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනාති: ආමන්තා. (පඤ්චකමූලකං)
Sinhala BJTතවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි. (පඤ්‍චකමූලක යි.)
Pali BJT36. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච පහීනා තස්ස අවිජ්ජානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT36. යමක්හුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු නම් ඔහුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො පහීනො තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච පහීනාති: ආමන්තා. (ඡක්කමූලකං)
Sinhala BJTතවද යමක්හුගේ අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: එසේ යි. (ඡක්‍කමූලක යි.)
Pali BJTඅනුලොම පුග්ගලං.
Sinhala BJTඅනුලෝම පුද්ගල යි.
Pali BJT37. යත්ථ කාමරාගානුසයො පහීනො තත්ථ පටිඝානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT37. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණැ යි හෝ අප්‍රහීණැ යි හෝ නො කියයුතු ය.
Pali BJTයත්ථ වා පන පටිඝානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණැ යි හෝ අප්‍රහීණැ යි හෝ නො කියයුතු යි.
Pali BJT38. යත්ථ කාමරාගානුසයො පහීනො තත්ථ මානානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT38. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන මානානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො පහීනොති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ මානානුසයො පහීනො. කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ මානානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණැ යි හෝ අප්‍රහීණැ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJT39-40. යත්ථ කාමරාගානුසයො පහීනො තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොතී: ආමන්තා.
Sinhala BJT39-40. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො පහීනොති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJT41. යත්ථ කාමරාගානුසයො පහීනො තත්ථ භවරාගානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT41. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
Pali BJT42. යත්ථ කාමරාගානුසයො පහීනො තත්ථ අවිජ්ජානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT42. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො පහීනොති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො පහීනො, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJT43. යත්ථ පටිඝානුසයො පහීනො තත්ථ මානානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT43. යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
Pali BJTයත්ථ වා පන මානානුසයො පහීනො තත්ථ පටිඝානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
Pali BJT44-45. යත්ථ පටිඝානුසයො පහීනො තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT44-45. යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො පහීනො තත්ථ පටිඝානුසයො පහීනොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො පහීනො, පටිඝානුසයෙන වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච පහීනො, පටිඝානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.
Pali BJT46. යත්ථ පටිඝානුසයො පහීනො තත්ථ භවරාගානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT46. යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො පහීනො තත්ථ පටිඝානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
Pali BJT47. යත්ථ පටිඝානුසයො පහීනො තත්ථ අවිජ්ජානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT47. යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො පහීනො තත්ථ පටිඝානුසයො පහීනොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො පහීනො, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පහීනො, පටිඝානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ප්‍රහීණයැ. පටිඝානුසය ප්‍රහීණැ යි හෝ අප්‍රහීණැ යි හෝ නො කියයුතු ය. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, පටිඝානුසය ද ප්‍රහීණ යි.
Pali BJT48-49. යත්ථ මානානුසයො පහීනො තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT48-49. යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො පහීනො තත්ථ මානානුසයො පහීනොති: දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො පහීනො, මානානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච පහීනො, මානානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. මානාප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. මානානුසය ප්‍රහීණ යි.
Pali BJT50. යත්ථ මානානුසයො පහීනො, තත්ථ භවරාගානුසයො පහීනොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ මානානුසයො පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. රූපධාතුයා අරූපධාතුයා එත්ථ මානානුසයො ච පහීනො, භවරාගානුසයො ච පහීනො.
Sinhala BJT50. යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ප්‍රහීණ යැ, භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ද ප්‍රහීණයැ. භවරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො පහීනො තත්ථ මානානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT51. යත්ථ මානානුසයො පහීනො තත්ථ අවිජ්ජානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT51. යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො පහීනො තත්ථ මානානුසයො පහීනොති: දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො පහීනො, මානානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච පහීනො, මානානුසයො ච පහීනො.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, මානානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ. මානානුසය ද ප්‍රහීණ යි.
Pali BJT52-54. යත්ථ දිට්ඨානුසයො පහීනො තත්ථ විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT52-54. යම් තැනෙක දිට්ඨානුසය ප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො පහීනො තත්ථ දිට්ඨානුසයො පහීනොති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි. ...
Pali BJT55. යත්ථ විචිකිච්ඡානුසයො පහීනො තත්ථ භවරාගානුසයො පහීනොති: කාමධාතුයා තීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච පහීනො භවරාගානුසයො ච පහීනො.
Sinhala BJT55. යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, භවරාගානුසය ද ප්‍රහීණ යි.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො පහීනො තත්ථ විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT56. යත්ථ විචිකිච්ඡානුසයො පහීනො තත්ථ අවිජ්ජානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT56. යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො පහීනො තත්ථ විචිකිච්ඡානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJT57. යත්ථ භවරාගානුසයො පහීනො තත්ථ අවිජ්ජානුසයො පහීනොති: ආමන්තා.
Sinhala BJT57. යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො පහීනො තත්ථ භවරාගානුසයො පහීනොති: කාමධාතුයා තීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො පහීනො, භවරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච පහීනො, භවරාගානුසයො ච පහීනො. (එකකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ප්‍රහීණයැ. භවරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, භවරාගානුසය ද ප්‍රහීණ යි. (ඒකකමූලක යි.)
Pali BJT58. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා එත්ථ මානානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT58. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන මානානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ මානානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ මානානුසයො ච කාමරාගානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
Pali BJT59-60. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT59-60. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණ යැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT61. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තත්ථ භවරාගානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT61. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT62. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනා තත්ථ අවිජ්ජානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT62. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො පහීනො තත කාමරාගානුසයො ච පටිඝානුසයො ච පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. (දුකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනාව ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි. (දූකමුලක යි)
Pali BJT63-64. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT63-64. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT65. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා, තත්ථ භවරාගානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT65. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනාති: මානානුසයො පහීනො, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: මානානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT66. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනා තත්ථ අවිජ්ජානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT66. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (තිකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනාව ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT67-69. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච පහීනා තත්ථ විචිකිච්ඡානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT67-69. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො පහීනො, තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කමාධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනාව ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (චතුක්කමූලක යි.)
Pali BJT70. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා තත්ථ භවරාගානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT70. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ භවරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ.
Pali BJT71. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා තත්ථ අවිජ්ජානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT71. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, පටිඝානුසයො න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ. කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (පඤ්‍චකමූලක යි.)
Pali BJT72. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච පහීනා තත්ථ අවිජ්ජානුසයො පහීනොති: නත්ථි.
Sinhala BJT72. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො පහීනො තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච පහීනාති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච පහීනා, කාමරාගානුසයො ච පටිඝානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, පටිඝානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච පහීනා, කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච න වත්තබ්බා පහීනාති වා අප්පහීනාති වා. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණ වූවාහු ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද පටිඝානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, පටිඝානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද ප්‍රහීණයහ, කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද ප්‍රහීණයහ යි හෝ අප්‍රහීණයහ යි හෝ නො කියයුත්තාහ. (ඡක්‍කමූලක යි.)
Pali BJTඅනුලොමඔකාසං
Sinhala BJTඅනුලෝමාවකාශ යි.
Pali BJT73. යස්ස යත්ථ කාමරාගානුසයො පහීනො තස්ස තත්ථ පටිඝානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJT73. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
Pali BJTයස්ස වා පන යත්ථ පටිඝානුසයො පහීනො තස්ස තත්ථ කාමරාගානුසයො පහීනොති: න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා.
Sinhala BJTතව ද යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
Pali BJT74. යස්ස යත්ථ කාමරාගානුසයො පහීනො තස්ස තත්ථ මානානුසයො පහීනොති: අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ කාමරාගානුසයො පහීනො, නො ච තස්ස තත්ථ මානානුසයො පහීනො. අරහතො කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ කාමරාගානුසයො ච පහීනො, මානානුසයො ච පහීනො.
Sinhala BJT74. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණ යැ. ඔහුට එහි මානානුසය නො ද ප්‍රහීණ යැ. රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.