Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 301-400 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT20. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තස්ස සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT20. යමක්හට වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට සංඥාස්කන්‍ධ උපන යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ. වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති. (අනුලොමපුග්ගල)
Sinhala BJTයළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ උපනි නම් ඕහට වේදනාස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන්නා වූ අසංඥසත්‍වයෙහි උපදනා වූ එ හැමට සංඥාස්කන්‍ධ උපන. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදියි. චතුවෝකාර පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට සංඥාස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගල යි.)
Pali BJT21. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. නො ච තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරෙ තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජති වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT21. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් එහි වේදනාස්කන්‍ධ උපන යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදියි. එහි වේදනා ස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපන.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජතී’ති අරූපෙ තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති, පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, රූපක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපනි නම් එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපන. එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභව වූ එහි වේදනාස්කන්‍ධ ද උපන. රූපස්කන්‍ධ ද උපදී.
Pali BJT22. යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT22. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් එහි සංඥාස්කන්‍ධ උපන යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජතී’ති: ආමන්තා. (අනුලොම ඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ උපනි නම් එහි වේදනාස්කන්‍ධ උපදි යැ යත්: එසේ යි. (අනුලෝම ඕකාස යි.)
Pali BJT23. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති, තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තං උප්පජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජති. වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT23. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි රූපස්කන්‍ධ උපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපන. අවශේෂයන් කෙරෙහි පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජතී’ති: පඤ්චවොකාරා චවන්තානං, අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ. රූපක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: පඤ්චවෝකාරභවයෙන් ච්‍යුත වන්නවුනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපන. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපන. රූපස්කන්‍ධ ද උපදී.
Pali BJT24. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උප්පජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති. සඤ්ඤාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT24. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධ උපන යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද උපන. අවශේෂයන් කෙරෙහි චතුවෝකාර පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදියි. සංඥාස්කන්‍ධ ද උපන.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිත්ථ, තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ උපන නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි සංඥාස්කන්‍ධ උපන, ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගලෝකාස යි.)
Pali BJT25. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජති, තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT25. යමක්හට රූපස්කන්‍ධ නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: උපන.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: නත්ථි.
Sinhala BJTයළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට රූපස්කන්‍ධ නූපදී යැ යත්: නැති.
Pali BJT26. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තස්ස සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT26. යමක්හට වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධ නූපන යත්: උපන.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTයළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ නූපනි නම් ඕහට වේදනා ස්කන්‍ධ නූපදී යැ යත්: නැති. (පච්චනීක පුග්ගල යි.)
Pali BJT27. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති, තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT27. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් එහි වේදනාස්කන්‍ධ නූපන යත්: උපන.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: උපදී.
Pali BJT28. යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT28. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් එහි සංඥා ස්කන්‍ධ නූපන යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීක ඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ නූපනි නම් එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: එසේ යි.
Pali BJT29. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරා චවන්තානං අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජති, වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT29. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපන යත්: පඤ්චවෝකාරභවයෙන් ච්‍යුත වන්නවුනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපන්නෙ වෙයි. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ. රූපක්ඛන්ධො ච නූප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනුවනට යැ අසංඥසත්‍වයෙහි උපදනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපන. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපදියි. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපන. රූපස්කන්‍ධ ද නූපදී.
Pali BJT30. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තා{1} චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති සඤ්ඤාක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT30. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද නූපන. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදියි. සංඥාස්කන්‍ධ ද නූපන.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති, සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තා{1} චවන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ. වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සංඥාස්කන්‍ධ නූපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදියි. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද නූපන. වේදනාස්කන්‍ධ ද නූපදී. (පච්චනීක පුග්ගලෝකාස යි.)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTපච්චුප්පන්නාපාතීතවාර යි.
Pali BJT31. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතී’ති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජති, නො ච තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො ච උප්පජ්ජති. වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT31. යමක්හට රූපස්කන්‍ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ (මතු) උපදනේ යැ යත්: පඤ්චවෝකාර භවයෙහි උපදනා පශ්චිමභවික වූ ඔවුනට රූපස්කන්‍ධ උපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද (මතු) උපදනේ යැ. අවශේෂයන් කෙරෙහි පඤ්චවෝකාරයෙහි උපදනවුනට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනට රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද (මතු) උපදනේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අරූපං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. නො ච තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති. රූපක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට රූපස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන හැමට යැ අරූපභවයෙහි උපදනවුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනවුනට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදී.
Pali BJT32. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. තස්ස සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති සඤ්ඤාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT32. යමක්හට වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: පශ්චිම්භවික වැ උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට සංඥාස්කන්‍ධ නොද (මතු) උපදනේ යැ. අවශේෂයන් කෙරෙහි චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදියි. සංඥාස්කන්‍ධ ද උපදනේ යි.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති. වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති. (අනුලොම පුග්ගල)
Sinhala BJTයළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන හැමට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනටසංඥාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට වේදනාස්නස්කන්‍ධ නො ද උපදියි. චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට සංඥාස්කන්‍ධ ද උපදනේ යැ. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගල යි.)
Pali BJT33. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. නො ච තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජති. වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT33. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදියි. එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති, තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජතීති: අරූපෙ තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. නො ච තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති රූපක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් එහි රූපස්කන්‍ධ උපදි යැ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ. රූපස්කන්‍ධ ද උපදී.
Pali BJT34. යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT34. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් එහි සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති ආමන්තා. (අනුලොමඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: එසේ යි. (අනුලෝම ඕකාස යි.)
Pali BJT35. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති, තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං, පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජති. වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT35. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: පඤ්චවෝකාරයෙහි උපදනා පශ්චිම භවිකයනට යැ අසංඥසත්‍වයෙහි උපදනවුනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ උපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ වූ පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජතීති: පඤ්චවොකාරා චවන්තානං, අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති රූපක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වනුවනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි වේදනා ස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදෙන යැ රූපස්කන්‍ධ ද උපදී.
Pali BJT36. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති. සඤ්ඤාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT36. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: පශ්චිම භවික වැ උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ (අනාගතයෙහි) නොද උපදනේ යැ. සෙසු චතුවෝකාර පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදියි. සංඥාස්කන්‍ධ ද උපදනේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙක සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි සංඥාස්කන්‍ධ උපදනේයැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. චතුවෝකාරයෙහි පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද උපදනේ යැ. වේදනාස්කන්‍ධ ද උපදී. (අනුලෝම පුග්ගලෝකාස යි.)
Pali BJT37. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: සබ්බෙසං චවන්තානං, අරූපං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අරූපෙ පච්ඡිමභවිකානං තෙසං රූපක්ඛන්ධො ච නූප්පජ්ජති. වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT37. යමක්හට රූපස්කන්‍ධ නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: ච්‍යුත වන හැමට යැ අරූපභවයෙහි උපදනවුනට යැ යන ඔවුනට රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදනේ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූප භවයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. නො ච තෙසං රූපක්ඛන්ධො නූප්පජ්ජති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අරූපෙ පච්ඡිමභවිකානං තෙසං වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති: රූපක්ඛන්ධො ච නූප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට රූපස්කන්‍ධ නූපදී යැ යත්: පශ්චිමභවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනවුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට රූපස්කන්‍ධ නොද නූපදියි. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූපභවයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ රූපස්කන්‍ධ ද නූපදී.
Pali BJT38. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති, තස්ස සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: සබ්බෙසං චවන්තානං අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. පරිනිබ්බන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති, සඤ්ඤාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති,
Sinhala BJT38. යමක්හට වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: ච්‍යුත වන හැමට යැ අසංඥසත්‍වයෙහි උපදන වුනට යැ යන ඔවුනට වේදනාස්කන්‍ධ නූපදියි. සංඥාස්කන්‍ධ නොද නූපදනේ ය. පිරිනිවෙන ඔවුනට වේදනාස්කන්‍ධ ද නූපදියි. සංඥාස්කන්‍ධ ද නූපදනේ යි.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං{1} තෙසං සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සති, නො ච තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති, පරිනිබ්බන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
Sinhala BJTයළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට වේදනා ස්කන්‍ධ නූපදී යැ යත්: පශ්චිම භවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට යැ යන ඔවුනට සංඥාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදියි. පිරිනිවෙන ඔවුනට සංඥාස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදී. (පච්චනීක පුග්ගල යි.)
Pali BJT39. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: උප්පජ්ජිස්සති.
Sinhala BJT39. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: උපදනේ යි.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: උපදී.
Pali BJT40. යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT40. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීකඔකාස)
Sinhala BJTයළි යම් තැනෙක හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: එසේ යි. (පච්චනීක ඕකාස යි.)
Pali BJT41. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති, තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: පඤ්චවොකාරා චවන්තානං, අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අරූපෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජති, වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT41. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට යැ අරූපයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදනේ යැ. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූපයෙහි පශ්චිමභවිකයනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි, වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං, අසඤ්ඤසත්තා චවන්තානං, තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, රූපක්ඛන්ධො ච නූප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: පශ්වීමභවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට යැ අසංඥසත්‍වයෙහි උපදනාවුනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපදියි. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට යැ අරූපයෙහි - පශ්චිමභවිකයනට යැ අසංඥසත්‍වයෙන් ච්‍යුත වනුවනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ. රූප ස්කන්‍ධ ද නූපදී.
Pali BJT42. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති, තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. සඤ්ඤාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT42. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: චතුවෝකාර පඤ්චවෝකාර භවයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද නූපදනේ යැ· පිරිනිවෙනවුනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදියි. සංඥාස්කන්‍ධ ද නූපදනේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සති, තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති. වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: පශ්වීමභවිකයනට යැ පඤ්චවෝකාරයෙහි උපදනාවුනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදියි. පිරිනිවෙනුවනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදී. (පව්වනීක පුග්ගලෝකාස යි.)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTපච්චුප්පන්නාතාගතවාර යි.
Pali BJT43. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ, තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති,
Sinhala BJT43. යමක්හට රූපස්කන්‍ධ උපනි නම් ඕහට වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට රූපස්කන්‍ධ උපන. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂයනට රූපස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති, තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTයළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට රූපස්කන්‍ධ උපන යත්: එසේ යි.
Pali BJT44. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ, නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති, ඉතරෙසං තෙසං වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, සඤ්ඤාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT44. යමක්හට වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට සංඥාස්කන්‍ධ උපනෙ යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට වේදනාස්කන්‍ධ උපන ඔවුනට සංඥාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ වූ ඔවුනට වේදනාස්කන්‍ධ ද උපන. සංඥාස්කන්‍ධ ද උපදනේ යැ.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJTයළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යි.
Pali BJT45. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT45. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපන. එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදනේ යැ.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: අරූපෙ තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති, නො ච තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති, රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් එහි රූපස්කන්‍ධ උපන යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චාවෝකාර වූ එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ. රූපස්කන්‍ධ ද උපනි.
Pali BJT46. යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT46. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් එහි සංඥාස්කන්‍ධ උපදනේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොම ඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ උපදනේ නම් එහි වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යි. (අනුලෝම ඕකාස යි.)
Pali BJT47. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT47. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදෙන යැ යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිම භවිකයනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ උපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපන. වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති, රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ උපන යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ. රූපස්කන්‍ධ ද උපන.
Pali BJT48. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරානං, පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, සඤ්ඤාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT48. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට එහි සංඥාස්කන්‍ධ උපදෙන යැ යත්: පශ්චිමභවික වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපන. ඔවුනට එහි සංඥාස්කන්‍ධ නොද උපදනේ යැ. අවශේෂ චතුවෝකාර පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපන. සංඥාස්කන්‍ධ ද උපදනේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යි. (අනුලෝම පුග්ගලෝකාස යි.)
Pali BJT49. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: නත්ථි.
Sinhala BJT49. යමක්හට රූපස්කන්‍ධ නූපනි නම් ඕහට වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: නැති.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට රූපස්කන්‍ධ නූපන යත්: උපනි.
Pali BJT50. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: නත්ථි.
Sinhala BJT50. යමක්හට වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: නැති.
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීකපුග්ගල)
Sinhala BJTයළි යමක්හට හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: උපනි. (පච්චනීක පුග්ගල යි.)
Pali BJT51. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ, තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: උප්පජ්ජිස්සති.
Sinhala BJT51. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: උපදනේ යැ.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යම් තැනෙක හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් එහි රූපස්කන්‍ධ නූපන යත්: උපනි.
Pali BJT52. යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT52. යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යැ.
Pali BJTයත්ථ වා පන සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: ආමන්තා. (පච්චනීක ඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ සංඥාස්කන්‍ධ නූපදනේ නම් එහි වේදනාස්කන්‍ධ නූපන යත්: එසේ යි. (පච්ච්නීක ඕකාස යි.)
Pali BJT53. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. සුද්ධාවාසානං අරූපෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ, වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT53. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: අරූපභව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ නූපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදනේ යැ. ශුද්ධාවාසයනට යැ අරූපයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපන. වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං, අරූපෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපන යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිම්භවිකයනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපන. ශුද්ධාවාසයනට යැ අරූපයෙහි පශ්චිමභවිකයනට යැ යන ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ. රූපස්කන්‍ධ ද නූපනි.
Pali BJT54. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT54. යමක්හට යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යැ.
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: පච්ඡිමභවිකානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ සංඥාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපන යත්: පශ්චිමහභවික ඔවුනට එහි සංඥාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපන. ශුද්ධාවාසයනට යැ අසංඥසත්‍වයනට යැ යන ඔවුනට එහි සංඥාස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපනි. (පච්චනීක පුග්ගලෝකාස යි.)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTපවත්ති උප්පාදවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රවෘත්ති උත්පාදවාර නිමි.
Pali BJT4. පවත්ති නිරොධවාරො
Sinhala BJT4. ප්‍රවෘත්ති නිරෝධවාර
Pali BJT1. යස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣති තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣතීති: අසඤ්ඤසත්තා චවන්තානං තෙසං රූපක්ඛන්ධො නිරුජ්ඣති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති, පඤ්චවොකාරා චවන්තානං තෙසං රූපක්ඛන්ධො ච නිරුජ්ඣති. වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති.
Sinhala BJT1. යමක්හට රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති තස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣතීති: අරූපා චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති, නො ච තෙසං රූපක්ඛන්ධො නිරුජ්ඣති, පඤ්චවොකාරා චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති රූපක්ඛන්ධො ච නිරුජ්ඣති. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමක්හට වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT2. යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣතීති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති. නො ච තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති, පඤ්චවොකාරෙ තත්ථ රූපක්ඛන්ධො ච නිරුජ්ඣති වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති.
Sinhala BJT2. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි වේදනා ස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣතීති: අරූපෙ තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති නො ච තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති. පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති, රූපක්ඛන්ධො ච නිරුජ්ඣති. (අනුලොම ඔකාස)
Sinhala BJTතවද යම් තැනෙකැ වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝමාවකාශ යි.)
Pali BJT3. යස්ස යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣතීති: අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති. පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නිරුජ්ඣති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති.
Sinhala BJT3. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වේ.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති තස්ස තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣතීති: අරූපා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣති. පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣති. රූපක්ඛන්ධො ච නිරුජ්ඣති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙකැ වේදනාස්කන්‍ධය නිරුද්ධ වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වෙයි. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ වේ. (අනුලෝම පුග්ගලෝකාස යි.)
Pali BJT4. යස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣතීති: අරූපා චවන්තානං තෙසං රූපක්ඛන්ධො න නිරුජ්ඣති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො ච න නිරුජ්ඣති. වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති.
Sinhala BJT4. යමක්හට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣතීති: අසඤ්ඤසත්තා චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති. නො ච තෙසං රූපක්ඛන්ධො න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති, රූපක්ඛන්ධො ච න නිරුජ්ඣති. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යානික පුද්ගල යි.)
Pali BJT5. යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣති තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣතීති: නිරුජ්ඣති.
Sinhala BJT5. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣතීති: නිරුජ්ඣති. (පච්චනීක ඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: නිරුද්ධ වේ. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT6. යස්ස යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣතීති: අරූපා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච න නිරුජ්ඣති, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති.
Sinhala BJT6. යමක්හට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අරූපාවචරයෙන් ච්‍යුත වන ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනව එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වේ. උපදනා වූ සියලු ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති තස්ස තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣතීති: අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣති, රූපක්ඛන්ධො ච න නිරුජ්ඣති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමක්ඟට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වේ ද යත්: අසංඥසත්‍වයෙන් ච්‍යුත වන ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වෙයි. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍ර‍්‍යුත්පන්නවාර යි.
Pali BJT7. යස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා. යස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJT7. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වී නම් රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT8. යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. නො ච තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ, පඤ්චවොකාරෙ තත්ථ රූපක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT8. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී. එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී.
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: අරූපෙ තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. නො ච තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ. රූපක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ. (අනුලොම ඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වි නම් එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වී ද යත්: අරූප වූ එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී. එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වීය. පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී රූපස්කන්‍ධය ද නිරුද්ධ වී (අනුලෝමාවකාශ යි.)
Pali BJT9. යස්ස යත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ. වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT9. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ වී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ, රූපක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ වී. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී. රූපස්කන්‍ධය ද නිරුද්ධ වී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT10. යස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නත්ථි. යස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJT10. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති. තවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT11. යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ. යත්ථ වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ. (පච්චනීක ඔකාස)
Sinhala BJT11. යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. තවද යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT12. යස්ස යත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT12. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො චී. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ, රූපක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නිරුද්ධ නො වී. ශුද්ධාවාස වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී. රූපස්කන්‍ධය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT13. යස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT13. යමකුට රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං අරූපං උපපජ්ජන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං රූපක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික වැ අරූපයෙහි උපදනවුනට ද, යම් මැ කෙනෙක් අරූපයෙහි ඉපද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. රූපස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝම පුද්ගල යි.)