Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3701-3800 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT82. යො යතො පටිඝානුසයං පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT82. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො පටිඝානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT83. යො යතො පටිඝානුසයං පරිජානාති සො තතො අවිජ්ජානුසයං පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJT83. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පරිජානාති සො තතො පටිඝානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT84-85. යො යතො මානානුසයං පරිජානාති සො තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT84-85. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: අට්ඨමකො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයං පරිජානාති, නො ච සො තතො මානානුසයං පරිජානාති, ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයං පරිජානාති. මානානුසයං තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී. තදේකස්ථ වූ මානානුසය පිරිසිඳ දනී.
Pali BJT86. යො යතො මානානුසයං පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො මානානුසයං පරිජානාති, නො ච සො තතො භවරාගානුසයං පරිජානාති, ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො මානානුසයඤ්ච පරිජානාති, භවරාගානුසයඤ්ච පරිජානාති.
Sinhala BJT86. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි මානානුසය පිරිසිඳ දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJT87. යො යතො මානානුසයං පරිජානාති සො තතො අවිජ්ජානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT87. යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයං පරිජානාති, නො ච සො තතො මානානුසයං පරිජානාති, ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයඤ්ච පරිජානාති. මානානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය පිරිසිඳ දනී. මානානුසය ද පිරිසිඳ දනී.
Pali BJT88-90. යො යතො දිට්ඨානුසයං පරිජානාති සො තතො විචිකිච්ඡානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT88-90. යමෙක් යම් තැනෙක දිට්ඨානුසය පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පරිජානාති සො තතො දිට්ඨානුසයං පරිජානාතීති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJT91. යො යතො විචිකිච්ඡානුසයං පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: අට්ඨමකො කාමධාතුයා තීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයං පරිජානාති, නො ච සො තතො භවරාගානුසයං පරිජානාති, ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයං පරිජානාති, භවරාගානුසයං තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJT91. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, තදේකස්ථ වූ භවරාගානුසය පිරිසිඳ දනී.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො විචිකිච්ඡානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT92. යො යතො විචිකිච්ඡානුසයං පරිජානාති සො තතො අවිජ්ජානුසයං පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJT92. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පරිජානාති සො තතො විචිකිච්ඡානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT93. යො යතො භවරාගානුසයං පරිජානාති සො තතො අවිජ්ජානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT93. යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී කාමධාතුයා තීසු වෙදනාසු සො තතො අවිජ්ජානුසයං පරිජානාති, නො ච සො තතො භවරාගානුසයං පරිජානාති, ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයඤ්ච පරිජානාති. භවරාගානුසයඤ්ච පරිජානාති. (එකකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී. (ඒකකමූලක යි.)
Pali BJT94. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT94. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො මානානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT95-96. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති සො තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT95-96. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාතීති: අට්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සෙ තතො විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, කාමරාගානුසයඤ්ච තදෙකට්ඨං පරිජානාති, නො ච සො තතො පටිඝානුසයං පරිජානාති, ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, පටිඝානුසයඤ්ච තදෙකට්ඨං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයං පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය ද පිරිසිඳ දනී. හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී. තදේකස්ථ වූ පටිඝානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී.
Pali BJT97. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT97. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT98. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති සො තතො අවිජ්ජානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT98. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාතීති: නො. (දුකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති. (දුකමූලක යි.)
Pali BJT99-100. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති සො තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT99-100. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පරිජානාති සෙ තතො කාමරාගානුසයඤ්ච පරිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාතීති: අට්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, මානානුසයඤ්ච තදෙකට්ඨං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච තදෙකට්ඨං පරිජානාති, නො ච සො තතො පටිඝානුසයං පරිජානාති, ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, පටිඝානුසයඤ්ච තදෙකට්ඨං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ මානානුසය ද පිරිසිඳ දනී. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ පටිඝානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද මානානුසයද නො ද පිරිසිඳ දනී.
Pali BJT101. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT101. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාතීති: මානානුසයං පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය පිරිසිඳ දනී.
Pali BJT102. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති සො තතො අවිජ්ජානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT102. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති, ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති. (තිකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. (තිකමූලක යි.)
Pali BJT103-105. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාති සො තතො විචිකිච්ඡානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT103-105. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පරිජානාති සෙ තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාතීති: අට්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාති, මානානුසයඤ්ච තදෙකට්ඨං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාති, කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච තදෙකට්ඨං පරිජානාති, නො ච සො තතො පටිඝානුසයං පරිජානාති. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාති, පටිඝානුසයඤ්ච තදෙකට්ඨං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ මානානුසය ද පිරිසිඳ දනී. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, තදේකස්ථ වූ පටිඝානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. (චතුක්කමූලක යි.)
Pali BJT106. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT106. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාතීති: මානානුසයං පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය පිරිසිඳ දනී.
Pali BJT107. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති සො තතො අවිජ්ජානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT107. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාතීති: අග්ගමග්ගසඞ්ගී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ දනී. (පඤ්චකමූලක යි.)
Pali BJT108. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාති සො තතො අවිජ්ජානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT108. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාති. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාති. ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති. (ඡක්කමූලකං.)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද පිරිසිඳ දනී. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ දනී. (ඡක්කමූලක යි.)
Pali BJTඅනුලොමපුග්ගලොකාසං.
Sinhala BJTඅනුලෝමාවකාශ යි.
Pali BJTපරිඤ්ඤාවාරෙ අනුලොමං.
Sinhala BJTපරිඥාවාරයෙහි අනුලෝම යි.
Pali BJT109. යො කාමරාගානුසයං න පරිජානාති සො පටිඝානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT109. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන පටිඝානුසයං න පරිජානාති සො කාමරාගානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJT110. යො කාමරාගානුසයං න පරිජානාති සො මානානුසයං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී කාමරාගානුසයං න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච න පරිජානන්ති, මානානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT110. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන මානානුසයං න පරිජානාති සො කාමරාගානුසයං න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී මානානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයං න පරිජානාති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා මානානුසයඤ්ච න පරිජානන්ති, කාමරාගානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතව ද යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJT111-112. යො කාමරාගානුසයං න පරිජානාති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං න පරිජානාතීති: අට්ඨමකො කාමරාගානුසයං න පරිජානාති, නො ච සො විචිකිච්ඡානුසයං න පරිජානාති. අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච න පරිජානන්ති, විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT111-112. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං න පරිජානාති සො කාමරාගානුසයං න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයං න පරිජානාති. අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති, කාමරාගානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJT113-114. යො කාමරාගානුසයං න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී කාමරාගානුසයං න පරිජානාති, නො ච සො අවිජ්ජානුසයං න පරිජානාති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච න පරිජානන්ති, අවිජ්ජානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT113-114. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං න පරිජානාති සො කාමරාගානුසයං න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයං න පරිජානාති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච න පරිජානන්ති, කාමරාගානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJT115. යො පටිඝානුසයං න පරිජානාති සො මානානුසයං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී පටිඝානුසයං න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා පටිඝානුසයඤ්ච න පරිජානන්ති, මානානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT115. යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන මානානුසයං න පරිජානාති සො පටිඝානුසයං න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී මානානුසයං න පරිජානාති, නො ච සො පටිඝානුසයං න පරිජානාති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා මානානුසයඤ්ච න පරිජානන්ති, පටිඝානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතව ද යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල මානානුසය පිරිසිඳ නො දනී, හේ පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJT116-117. යො පටිඝානුසයං න පරිජානාති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං න පරිජානාතීති: අට්ඨමකො පටිඝානුසයං න පරිජානාති, නො ච සො විචිකිච්ඡානුසයං න පරිජානාති. අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා පටිඝානුසයඤ්ච න පරිජානන්ති, විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT116-117. යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං න පරිජානාති සො පටිඝානුසයං න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයං න පරිජානාති, නො ච සො පටිඝානුසයං න පරිජානාති. අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති, පටිඝානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJT118-119. යො පටිඝානුසයං න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී පටිඝානුසයං න පරිජානාති, නො ච සො අවිජ්ජානුසයං න පරිජානාති, ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා පටිඝානුසයඤ්ච න පරිජානන්ති, අවිජ්ජානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT118-119. යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං න පරිජානාති සො පටිඝානුසයං න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයං න පරිජානාති, නො ච සො පටිඝානුසයං න පරිජානාති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච න පරිජානන්ති, පටිඝානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJT120-121. යො මානානුසයං න පරිජානාති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං න පරිජානාතීති: අට්ඨමකො මානානුසයං න පරිජානාති, නො ච සො විචිකිච්ඡානුසයං න පරිජානාති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා මානානුසයඤ්ච න පරිජානන්ති, විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT120-121. යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල මානානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු මානානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං න පරිජානාති සො මානානුසයං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයං න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති, මානානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJT122-123. යො මානානුසයං න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT122-123. යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං න පරිජානාති සො මානානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJT124-126. යො දිට්ඨානුසයං න පරිජානාති සො විචිකිච්ඡානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT124-126. යමෙක් දිට්ඨානුසය පිරිසිඳ නො දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං න පරිජානාති සො දිට්ඨානුසයං න පරිජානාතීති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේයි.
Pali BJT127-128. යො විචිකිච්ඡානුසයං න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයං න පරිජානාති, නො ච සො අවිජ්ජානුසයං න පරිජානාති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති, අවිජ්ජානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT127-128. යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පරිජානාති සො විචිකිච්ඡානුසයං න පරිජානාතීති: අට්ඨමකො අවිජ්ජානුසයං න පරිජානාති, නො ච සො විචිකිච්ඡානුසයං න පරිජානාති, අග්ගමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච න පරිජානන්ති, විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJT129. යො භවරාගානුසයං න පරිජානාති සො අවිජ්ජානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT129. යමෙක් භවරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං න පරිජානාති සො භවරාගානුසයං න පරිජානාතීති: ආමන්තා. (එකකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)
Pali BJT130. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති සො මානානුසයං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති, ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානන්ති, මානානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT130. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන මානානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී මානානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති, ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා මානානුසයඤ්ච න පරිජානන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතව ද යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල මානානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ මානානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJT131-132. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං න පරිජානාතීති: අට්ඨමකො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාතීති: අට්ඨමකො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති, නො ච සො විචිකිච්ඡානුසයං න පරිජානාති, අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානන්ති, විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT131-132. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති. අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJT133-134. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති, නො ච සො අවිජ්ජානුසයං න පරිජානාති, ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානන්ති, අවිජ්ජානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT133-134. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයං න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති, ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච න පරිජානන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානන්ති. (දුකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්. (දුකමූලක යි.)
Pali BJT135-136. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච න පරිජානාති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං න පරිජානාතීති: අට්ඨමකො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච න පරිජානාති, නො ච සො විචිකිච්ඡානුසයං න පරිජානාති, ද්වින්නං මග්ගසමඞ්ගීනඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච න පරිජානන්ති, විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJT135-136. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයඤ්ච මානානුසයඤ්ච න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති, අග්ගමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති, ද්වින්නං මග්ගසමඞ්ගීනඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිත්.
Pali BJT137-138. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT137-138 යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති, ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච න පරිජානන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච න පරිජානන්ති. (තිකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුලෝ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනිත්. (තිකමූලක යි.)
Pali BJT139-141. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච න පරිජානාති සො විචිකිච්ඡානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT139-141. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච න පරිජානාතීති: අනාගාමිමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති, අග්ගමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච න පරිජානාති, නො ච සො මානානුසයං න පරිජානාති, ද්වින්නං මග්ගසමඞ්ගීනඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච න පරිජානන්ති. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ නො දනිත්. (චතුක්කමූලක යි.)
Pali BJT142-143. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච න පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT142-143. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං න පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච න පරිජානාතීති: අට්ඨමකො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච න පරිජානාති, නො ච සො දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච න පරිජානාති, අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති, ද්වින්නං මග්ගසමඞ්ගීනඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච න පරිජානන්ති. කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච න පරිජානන්ති. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ නො දනී, හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුලෝ අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්. (පඤ්චකමූලක යි.)
Pali BJT144. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච න පරිජානාති සො අවිජ්ජානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT144. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී නම් හේ අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං න පරිජානාතී සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච න පරිජානාතීති: අට්ඨමකො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච භවරාගානුසයඤ්ච න පරිජානාති, නො ච සො දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච න පරිජානාති, අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච න පරිජානාති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච න පරිජානාති, ද්වින්නං මග්ගසමඞ්ගීනඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච න පරිජානන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච න පරිජානන්ති. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ නො දනිත්. (ඡක්කමූලක යි.)
Pali BJTපටිලොමපුග්ගලං.
Sinhala BJTප්‍රතිලෝම පුද්ගල යි.
Pali BJT145. යතො කාමරාගානුසයං න පරිජානාති තතො පටිඝානුසයං න පරිජානාතීති: දුක්ඛාය වෙදනාය තතො කාමරාගානුසයං න පරිජානාති, නො ච තතො පටිඝානුසයං න පරිජානාති, රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තතො කාමරාගානුසයඤ්ච න පරිජානාති, පටිඝානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJT145. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී. එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJTයතො වා පන පටිඝානුසයං න පරිජානාති තතො කාමරාගානුසයං න පරිජානාතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො පටිඝානුසයං න පරිජානාති, නො ච තතො කාමරාගානුසයං න පරිජානාති. රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තතො පටිඝානුසයඤ්ච න පරිජානාති, කාමරාගානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJT146. යතො කාමරාගානුසයං න පරිජානාති තතො මානානුසයං න පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං න පරිජානාති, නො ච තතො මානානුසයං න පරිජානාති, දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තතො කාමරාගානුසයඤ්ච න පරිජානාති. මානානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJT146. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී. මානානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJTයතො වා පන මානානුසයං න පරිජානාති තතො කාමරාගානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනි නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJT147-148. යතො කාමරාගානුසයං න පරිජානාති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං න පරිජානාතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං න පරිජානාති, නො ච තතො විචිකිච්ඡානුසයං න පරිජානාති, අපරියාපන්නෙ තතො කාමරාගානුසයඤ්ච න පරිජානාති, විචිකිච්ඡානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJT147-148. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං න පරිජානාති තතො කාමරාගානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJT149. යතො කාමරාගානුසයං න පරිජානාති තතො භවරාගානුසයං න පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං න පරිජානාති, නො ච තතො භවරාගානුසයං න පරිජානාති, දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තතො කාමරාගානුසයඤ්ච න පරිජානාති, භවරාගානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJT149. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, භවරාගානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJTයතො වා පන භවරාගානුසයං න පරිජානාති තතො කාමරාගානුසයං න පරිජානාතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො භවරාගානුසයං න පරිජානාති, නො ච තතො කාමරාගානුසයං න පරිජානාති, දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තතො භවරාගානුසයඤ්ච න පරිජානාති, කාමරාගානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJT150. යතො කාමරාගානුසයං න පරිජානාති තතො අවිජ්ජානුසයං න පරිජානාතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං න පරිජානාති, නො ච තතො අවිජ්ජානුසයං න පරිජානාති, අපරියාපන්නෙ තතො කාමරාගානුසයඤ්ච න පරිජානාති, අවිජ්ජානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJT150. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනි නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං න පරිජානාති තතො කාමරාගානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ නො දනි නම් එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJT151. යතො පටිඝානුසයං න පරිජානාති තතො මානානුසයං න පරිජානාතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයං න පරිජානාති, නො ච තතො මානානුසයං න පරිජානාති, අපරියාපන්නෙ තතො පටිඝානුසයඤ්ච න පරිජානාති, මානානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJT151. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJTයතො වා පන මානානුසයං න පරිජානාති තතො පටිඝානුසයං න පරිජානාතීති: දුක්ඛාය වෙදනාය තතො මානානුසයං න පරිජානාති, නො ච තතො පටිඝානුසයං න පරිජානාති, අපරියාපන්නෙ තතො මානානුසයඤ්ච න පරිජානාති, පටිඝානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJT152-153. යතො පටිඝානුසයං න පරිජානාති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං න පරිජානාතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං න පරිජානාති, නො ච තතො විචිකිච්ඡානුසයං න පරිජානාති, අපරියාපන්නෙ තතො පටිඝානුසයඤ්ච න පරිජානාති, විචිකිච්ඡානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJT152-153. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී, අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං න පරිජානාති තතො පටිඝානුසයං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJT154. යතො පටිඝානුසයං න පරිජානාති තතො භවරාගානුසයං න පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං න පරිජානාති, නො ච තතො භවරාගානුසයං න පරිජානාති, කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ තතො පටිඝානුසයඤ්ච න පරිජානාති. භවරාගානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJT154. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ නො දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී, භවරාගානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJTයතො වා පන භවරාගානුසයං න පරිජානාති තතො පටිඝානුසයං න පරිජානාතීති: දුක්ඛාය වෙදනාය තතො භවරාගානුසයං න පරිජානාති, කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ තතො භවරාගානුසයඤ්ච න පරිජානාති, පටිඝානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ නො දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය පිරිසිඳ නො දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී.
Pali BJT155. යතො පටිඝානුසයං න පරිජානාති තතො අවිජ්ජානුසයං න පරිජානාතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං න පරිජානාති, නො ච තතො අවිජ්ජානුසයං න පරිජානාති, අපරියාපන්නෙ තතො පටිඝානුසයඤ්ච න පරිජානාති, අවිජ්ජානුසයඤ්ච න පරිජානාති.
Sinhala BJT155. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, එහි අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද පිරිසිඳ නො දනී. අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනී.