Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3601-3700 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT8-9. යො පටිඝානුසයං පරිජානාති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT8-9. යමෙක් පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති සො පටිඝානුසයං පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJT10-11. යො පටිඝානුසයං පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJT10-11. යමෙක් පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පරිජානාති සො පටිඝානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT12-13. යො මානානුසයං පරිජානාති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT12-13. යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති සො මානානුසයං පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJT14-15. යො මානානුසයං පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT14-15. යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පරිජානාති සො මානානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJT16-18. යො දිට්ඨානුසයං පරිජානාති සො විචිකිච්ඡානුසයං -පෙ- පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT16-18. යමෙක් දිට්ඨානුසය පිරිසිඳ දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති සො දිට්ඨානුසයං පරිජානාතීති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJT19-20. යො විචිකිච්ඡානුසයං පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJT19-20. යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පරිජානාති සො විචිකිච්ඡානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT21. යො භවරාගානුසයං පරිජානාති සො අවිජ්ජානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT21. යමෙක් භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පරිජානාති සො භවරාගානුසයං පරිජානාතීති: ආමන්තා. (එකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
Pali BJT22. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති සො මානානුසයං පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJT22. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJTයො වා පන මානානුසයං පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT23-24. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT23-24. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJT25-26. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJT25-26. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාතීති: නො. (දුකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති. (දුකමූලක යි.)
Pali BJT27-28. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT27-28. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJT29-30. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT29-30. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාතීති: මානානුසයං පරිජානාති (තිකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය පිරිසිඳ දනී. (තිකමූලක යි.)
Pali BJT31-33. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාති සො විචිකිච්ඡානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT31-33. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාතීති: දිට්ඨානුසයං පරිජානාති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච තදෙකට්ඨං පරිජානාති. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී ද යත්: දිට්ඨානුසය පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී … (චතුක්කමූලක යි.)
Pali BJT34-35. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT34-35. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාතීති: මානානුසයං පරිජානාති. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය පිරිසිඳ දනී. (පඤ්චකමූලක යි.)
Pali BJT36. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාති සො අවිජ්ජානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT36. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී නම් හේ අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පරිජානාති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාතීති: මානානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාති. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී ද යත්: මානානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී. (ඡක්කමූලක යි.)
Pali BJTඅනුලොමපුග්ගලං.
Sinhala BJTඅනුලෝම පුද්ගල යි.
Pali BJT37. යතො කාමරාගානුසයං පරිජානාති තතො පටිඝානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT37. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන පටිඝානුසයං පරිජානාති තතො කාමරාගානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්. නැති.
Pali BJT38. යතො කාමරාගානුසයං පරිජානාති තතො මානානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT38. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන මානානුසයං පරිජානාති තතො කාමරාගානුසයං පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයං පරිජානාති, නො ච තතො කාමරාගානුසයං පරිජානාති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො මානානුසයඤ්ච පරිජානාති, කාමරාගානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය පිරිසිඳ දනී. එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ දනී, කාමරාගානුසය ද පිරිසිඳ දනී.
Pali BJT39-40. යතො කාමරාගානුසයං පරිජානාති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT39-40. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති තතො කාමරාගානුසයං පරිජානාතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයං පරිජානාති, නො ච තතො කාමරාගානුසයං පරිජානාති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, කාමරාගානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇතිකල්හි එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, කාමරාගානුසය ද පිරිසිඳ දනී.
Pali BJT41. යතො කාමරාගානුසයං පරිජානාති තතො භවරාගානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT41. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයං පරිජානාති තතො කාමරාගානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT42. යතො කාමරාගානුසයං පරිජානාති තතො අවිජ්ජානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT42. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පරිජානාති තතො කාමරාගානුසයං පරිජානාතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයං පරිජානාති, නො ච තතො කාමරාගානුසයං පරිජානාති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයඤ්ච පරිජානාති, කාමරාගානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, කාමරාගානුසය ද පිරිසිඳ දනී.
Pali BJT43. යතො පටිඝානුසයං පරිජානාති තතො මානානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT43. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන මානානුසයං පරිජානාති තතො පටිඝානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT44-45. යතො පටිඝානුසයං පරිජානාති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT44-45. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති තතො පටිඝානුසයං පරිජානාතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයං පරිජානාති, නො ච තතො පටිඝානුසයං පරිජානාති. දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, පටිඝානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, පටිඝානුසය ද පිරිසිඳ දනී.
Pali BJT46. යතො පටිඝානුසයං පරිජානාති තතො භවරාගානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT46. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයං පරිජානාති තතො පටිඝානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT47. යතො පටිඝානුසයං පරිජානාති තතො අවිජ්ජානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT47. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පරිජානාති තතො පටිඝානුසයං පරිජානාතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයං පරිජානාති, නො ච තතො පටිඝානුසයං පරිජානාති. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයඤ්ච පරිජානාති, පටිඝානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, පටිඝානුසය ද පිරිසිඳ දනී.
Pali BJT48-49. යතො මානානුසයං පරිජානාති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT48-49. යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති තතො මානානුසයං පරිජානාතීති: දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයං පරිජානාති, නො ච තතො මානානුසයං පරිජානාති. කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති. මානානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි මානානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, මානානුසය ද පිරිසිඳ දනී.
Pali BJT50. යතො මානානුසයං පරිජානාති තතො භවරාගානුසයං පරිජානාතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො මානානුසයං පරිජානාති, නො ච තතො භවරාගානුසයං පරිජානාති. රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයඤ්ච පරිජානාති, භවරාගානුසයඤ්ච පරිජානාති.
Sinhala BJT50. යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය පිරිසිඳ දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී.
Pali BJTයතො වා පන භවරාගානුසයං පරිජානාති තතො මානානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJT51. යතො මානානුසයං පරිජානාති තතො අවිජ්ජානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT51. යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පරිජානාති තතො මානානුසයං පරිජානාතිතී: දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයං පරිජානාති, නො ච තතො මානානුසයං පරිජානාති. කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයඤ්ච පරිජානාති, මානානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, එහි මානානුසය නො ද පිරිසිඳ දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, මානානුසය ද පිරිසිඳ දනී.
Pali BJT52-54. යතො දිට්ඨානුසයං පරිජානාති තතො විචිකිච්ඡානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT52-54. යම් තැනෙක දිට්ඨානුසය පිරිසිඳ දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති තතො දිට්ඨානුසයං පරිජානාතීති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJT55. යතො විචිකිච්ඡානුසයං පරිජානාති තතො භවරාගානුසයං පරිජානාතීති: කාමධාතුයා තීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයං පරිජානාති, නො ච තතො භවරාගානුසයං පරිජානාති, රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, භවරාගානුසයඤ්ච පරිජානාති.
Sinhala BJT55. යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී.
Pali BJTයතො වා පන භවරාගානුසයං පරිජානාති තතො විචිකිච්ඡානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJT56. යතො විචිකිච්ඡානුසයං පරිජානාති තතො අවිජ්ජානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT56. යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පරිජානාති තතො විචිකිච්ඡානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJT57. යතො භවරාගානුසයං පරිජානාති තතො අවිජ්ජානුසයං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT57. යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පරිජානාති තතො භවරාගානුසයං පරිජානාතීති: කාමධාතුයා තීසු වෙදනාසු තතො අවිජ්ජානුසයං පරිජානාති, නො ච තතො භවරාගානුසයං පරිජානාති, රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයඤ්ච පරිජානාති, භවරාගානුසයඤ්ච පරිජානාති. (එකකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී, රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී. (ඒකකමූලක යි)
Pali BJT58. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති තතො මානානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT58. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන මානුනුසයං පරිජානාති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයං පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො මානානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පරිජානාතී, නො ච තතො පටිඝානුසයං පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී.
Pali BJT59-60. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT59-60. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයං පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පරිජානාති, නො ච තතො පටිඝානුසයං පරිජානාති, දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයං පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී, දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී.
Pali BJT61. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති තතො භවරාගානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT61. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයං පරිජානාති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT62. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති තතො අවිජ්ජානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT62. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පරිජානාති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයං පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පරිජානාති, නො ච තතො පටිඝානුසයං පරිජානාති, දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයං පරිජානාති. (දුකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී, දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී. එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී. (දුකමූලක යි.)
Pali BJT63-64. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT63-64. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැත
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පරිජානාති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයඤ්ච කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති, නො ච තතො පටිඝානුසයං පරිජානාති, දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී.
Pali BJT65. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති තතො භවරාගානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT65. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයං පරිජානාති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො භවරාගානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි භවරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී.
Pali BJT66. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති තතො අවිජ්ජානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT66. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පරිජානාති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති, නො ච තතො පටිඝානුසයං පරිජානාති. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති. (තිකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. (තිකමූලක යි.)
Pali BJT67-69. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාති තතො විචිකිච්ඡානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT67-69. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී නම් එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන විචිකිඡානුසයං පරිජානාති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයඤ්ච කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාති, නො ච තතො පටිඝානුසයං පරිජානාති. දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. … (චතුක්කමූලක යි.)
Pali BJT70. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති තතො භවරාගානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT70. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයං පරිජානාති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො භවරාගානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති. නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී.
Pali BJT71. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති තතො අවිජ්ජානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT71. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පරිජානාති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, නො ච තතො පටිඝානුසයං පරිජානාති. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පරිජානාති. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද පිරිසිඳ දනී. (පඤ්චකමූලක යි.)
Pali BJT72. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාති තතො අවිජ්ජානුසයං පරිජානාතීති: නත්ථි.
Sinhala BJT72. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පරිජානාති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පරිජානාති, කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, නො ච තතො පටිඝානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාති. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පරිජානාති, නො ච තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච භවරාගානුසයඤ්ච පරිජානාති. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි පටිඝානුසය ද භවරාගානුසය ද නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, එහි කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද නො ද පිරිසිඳ දනී. (ඡක්කමූලක යි.)
Pali BJTඅනුලොමඔකාසං.
Sinhala BJTඅනුලෝමාවකාශ යි.
Pali BJT73. යො යතො කාමරාගානුසයං පරිජානාති සො තතො පටිඝානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT73. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො පටිඝානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT74. යො යතො කාමරාගානුසයං පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJT74. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJTයො වා පන යතො මානානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT75. 76. යො යතො කාමරාගානුසයං පරිජානාති සො තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT75-76. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයං පරිජානාතීති: අට්ඨමකො දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයං පරිජානාති, නො ච සො තතො කාමරාගානුසයං පරිජානාති, ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයං පරිජානාති, කාමරාගානුසයං තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම (සෝතාපත්තිමාර්‍ගස්ථ තෙම) දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, තදේකස්ථ වූ කාමරාගානුසය පිරිසිඳ දනී.
Pali BJT77. යො යතො කාමරාගානුසයං පරිජානාති සො තතො භවරාගානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT77. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT78. යො යතො කාමරාගානුසයං පරිජානාති සෙ තතො අවිජ්ජානුසයං පරිජානාතීති: තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJT78. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පරිජානාති සො තතො කාමරාගානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT79. යො යතො පටිඝානුසයං පරිජානාති සො තතො මානානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT79. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො මානානුසයං පරිජානාති සො තතො පටිඝානුසයං පරිජානාතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJT80-81. යො යතො පටිඝානුසයං පරිජානාති සො තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පරිජානාතීති: නො.
Sinhala BJT80-81. යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පරිජානාති සො තතො පටිඝානුසයං පරිජානාතීති: අට්ඨමකො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයං පරිජානාති, නො ච සො තතො පටිඝානුසයං පරිජානාති, ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයං පරිජානාති, පටිඝානුසයං තදෙකට්ඨං පරිජානාති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී , ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, තදේකස්ථ වූ පටිඝානුසය පිරිසිඳ දනී.