Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පජහති සො තතො මානානුසයං පජහතීති: අග්ගමග්ගසමඞ්ගී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයං පජහති, නො ච සො තතො මානානුසයං පජහති. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයඤ්ච පජහති, මානානුසයඤ්ච පජහති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි. හේ එහි මානානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි. මානානුසය ද දුරු කෙරේ.
Pali BJT88-90 යො යතො දිට්ඨානුසයං පජහති සො තතො විචිකිච්ඡානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT88-90. යමෙක් යම් තැනෙක දිට්ඨානුසය දුරු කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පජහති සො තතො දිට්ඨානුසයං පජහතීති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය දුරු කෙරේ ද යත්: එසේ යි. ...
Pali BJT91. යො යතො විචිකිච්ඡානුසයං පජහති සො තතො භවරාගානුසයං පජහතීති: අට්ඨමකො කාමධාතුයා තීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයං පජහති, නො ච සො තතො භවරාගානුසයං පජහති. ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයං පජහති, භවරාගානුසයං තදෙකට්ඨං පජහති.
Sinhala BJT91. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. හේ එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ භවරාගානුසය දුරු කෙරේ.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො විචිකිච්ඡානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT92. යො යතො විචිකිච්ඡානුසයං පජහති සො තතො අවිජ්ජානුසයං පජහතීති: තදෙකට්ඨංපජහති.
Sinhala BJT92. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පජහති සො තතො විචිකිච්ඡානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT93. යො යතො භවරාගානුසයං පජහති සො තතො අවිජ්ජානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT93. යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පජහති සො තතො භවරාගානුසයං පජහතීති: අග්ගමග්ගසමඞ්ගී කාමධාතුයා තීසු වෙදනාසු සො තතො අවිජ්ජානුසයං පජහති, නො ච සො තතො භවරාගානුසයං පජහති. ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයඤ්ච පජහති, භවරාගානුසයඤ්ච පජහති. (එකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි. භවරාගානුසය ද දුරු කෙරේ. (ඒකමූලක යි)
Pali BJT94. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති සො තතො මානානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT94. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො මානානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහතීති. නො.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT95-96. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති සො තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT95-96. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහතීති: අට්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයං පජහති. කාමරාගානුසයං තදෙකට්ඨං පජහති, නො ච සො තතො පටිඝානුසයං පජහති. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයං පජහති, පටිඝානුසයං තදෙකට්ඨං පජහති, නො ච සො තතො කාමරාගානුසයං පජහති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ කාමරාගානුසය දුරු කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු කෙරේ.
Pali BJT97. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති සො තතො භවරාගානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT97. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT98. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති සො තතො අවිජ්ජානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT98. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහතීති: නො. (දුකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති. (දුකමූලක යි).
Pali BJT99-100. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහති සො තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT99-100. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහතීති: අට්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයං පජහති, මානානුසයං තදෙකට්ඨං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ මානානුසය එහි දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි.
Pali BJTස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයං පජහති, කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච තදෙකට්ඨං පජහති, නො ච සො තතො පටිඝානුසයං පජහති. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයං පජහති, පටිඝානුසයං තදෙකට්ඨං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පජහති.
Sinhala BJTඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරෙයි.
Pali BJT101. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහති සො තතො භවරාගානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT101. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහතීති: මානානුසයං පජහති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ.
Pali BJT102. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහති සො තකො අවිජ්ජානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT102. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහතීති: අග්ගමග්ගසමඞ්ගී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහති. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති. (තිකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය නො ද දුරු කෙරේ. (තිකමූලක යි)
Pali BJT103-105. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහති සො තතො විචිකිච්ඡානුසයං පජහතීති. නත්ථි.
Sinhala BJT103-105. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහතීති: අට්ඨමකො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහති, මානානුසයං තදෙකට්ඨං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහති, කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච තදෙකට්ඨං පජහති, නො ච සො තතො පටිඝානුසයං පජහති. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහති, පටිඝානුසයං තදෙකට්ඨං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පජහති. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, තදේකස්ථ වූ මානානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, තදේකස්ථ වූ කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි. හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරෙයි. හේ එහි කාමරාගාගිනුසය ද මානානුසය ද නො ද දුරු කෙරෙයි … (චතුක්කමූලක යි.)
Pali BJT106. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති සො තතො භවරාගානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT106. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහතීති: මානානුසයං පජහති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ.
Pali BJT107. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති සො තතො අවිජ්ජානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT107. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහතීති: අග්ගමග්ගසමඞ්ගී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු කෙරේ. (පඤ්චකමූලක යි)
Pali BJT108. යො යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහති සො තතො අවිජ්ජානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT108. යමෙක් යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පජහති සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහතීති: අග්ගමග්ගසමඞ්ගී දුක්ඛාය වෙදනාය සො තතො අවිජ්ජානුසයං පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහති. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහති. ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහති, නො ච සො තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරෙයි. ඒ පුගුල්තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද දුරු කෙරෙයි. හේ එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. (ඡක්කමූලක යි)
Pali BJTඅනුලොමපුග්ගලොකාසං.
Sinhala BJTඅනුලෝම පුද්ගලාවකාශ යි.
Pali BJTපජහනවාරෙ අනුලොමං.
Sinhala BJTපජහනවාරයෙහි අනුලෝම යි.
Pali BJT109. යො කාමරාගානුසයං නප්පජහති සො පටිඝානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJT109. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන පටිඝානුසයං නප්පජහති සො කාමරාගානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJT110. යො කාමරාගානුසයං නප්පජහති සො මානානුසයං නප්පජහතීති: අග්ගමග්ගසමඞ්ගී කාමරාගානුසයං නප්පජහති, නො ච සො මානානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච නප්පජහන්ති, මානානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT110. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුගුල්හු කාමරාගානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන මානානුසයං නප්පජහති සො කාමරාගානුසයං නප්පජහතීති: අනාගාමිමග්ගසමඞ්ගී මානානුසයං නප්පජහති, නො ච සො කාමරාගානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා මානානුසයඤ්ච නප්පජහන්ති, කාමරාගානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJTතව ද යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුගුල්හු මානානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJT111-112. යො කාමරාගානුසයං නප්පජහති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං නප්පජහතීති: අට්ඨමකො කාමරාගානුසයං නප්පජහති, නො ච සො විචිකිච්ඡානුසයං නප්පජහති. අනාගාමී මග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයංඤ්ච නප්පජහන්ති, විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT111-112. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං නප්පජහති සො කාමරාගානුසයං නප්පජහතීති: අනාගාමිමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයං නප්පජහති, නො ච සො කාමරාගානුසයං නප්පජහති. අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති, කාමරාගානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJT113-114. යො කාමරාගානුසයං නප්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං නප්පජහතීති: අග්ගමග්ගසමඞ්ගී කාමරාගානුසයං නප්පජහති, නො ච සො අවිජ්ජානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච නප්පජහන්ති, අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT113-114. යමෙක් කාමරාගානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය දුරු නො කෙරෙයි. හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද දුරු නො කෙරෙති. අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං නප්පජහති සො කාමරාගානුසයං නප්පජහතීති, අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයං නප්පජහති, නො ච සො කාමරාගානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති. කාමරාගානුසඤ්ච නප්පජහන්ති.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJT115. යො පටිඝානුසයං නප්පජහති සො මානානුසයං නප්පජහතීති: අග්ගමග්ගසමඞ්ගී පටිඝානුසයං නප්පජහති, නො ච සො මානානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා පටිඝානුසයඤ්ච නප්පජහන්ති, මානානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT115. යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන මානානුසයං නප්පජහති සො පටිඝානුසයං නප්පජහතීති. අනාගාමිමග්ගසමඞ්ගී මානානුසයං නප්පජහති, නො ච සො පටිඝානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා මානානුසයඤ්ච නප්පජහන්ති. පටිඝානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJTතව ද යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි. හේ පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද දුරු නො කෙරෙති. පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJT116-117. යො පටිඝානුසයං නප්පජහති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං නප්පජහතීති: අට්ඨමකො පටිඝානුසයං නප්පජහති, නො ච සො විචිකිච්ඡානුසයං නප්පජහති. අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා පටිඝානුසයඤ්ච නප්පජහන්ති, අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT116-117. යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද දුරු නො කෙරෙති. විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං නප්පජහති සො පටිඝානුසයං නප්පජහතීති, අනාගාමිමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයං නප්පජහති, නො ච සො පටිඝානුසයං නප්පජහති. අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති. පටිඝානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJT118-119. යො පටිඝානුසයං නප්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං නප්පජහතීති: අග්ගමග්ගසමඞ්ගී පටිඝානුසයං නප්පජහති, නො ච සො අවිජ්ජානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා පටිඝානුසයඤ්ච නප්පජහන්ති, අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT118-119. යමෙක් පටිඝානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම පටිඝානුසය දුරු නො කෙරෙයි, හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං නප්පජහති සො පටිඝානුසයං නප්පජහතීති: අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයං නප්පජහති, නො ච සො පටිඝානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති. පටිඝානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: අනාගාමී මාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අව්ජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති. පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJT120-121. යො මානානුසයං නප්පජහති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං නප්පජහතීති: අට්ඨමකො මානානුසයං නප්පජහති, නො ච සො විචිකිච්ඡානුසයං නප්පජහති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා මානානුසයඤ්ච නප්පජහන්ති, විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT120-121. යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු මානානුසය ද දුරු නො කෙරෙති. විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං නප්පජහති සො මානාසුසයං නප්පජහතීති: අග්ගමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයං නප්පජහති, නො ච සො මානානුසයං නප්පජහති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති. මානානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විදිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJT122-123. යො මානානුසයං නප්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJT122-123. යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං නප්පජහති සො මානානුසයං නප්පජහතීති: ආමන්තා
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJT124-126. යො දිට්ඨානුසයං නප්පජහති සො විචිකිච්ඡානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJT124-126. යමෙක් දිට්ඨානුසය දුරු නො කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං නප්පජහති සො දිට්ඨානුසයං නප්පජහතීති; ආමන්තා -පෙ-
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. ...
Pali BJT127-128. යො විචිකිච්ඡානුසයං නප්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං නප්පජහතීති; අග්ගමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයං නප්පජහති, නො ච සො අවිජ්ජානුසයං නප්පජහති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති, අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT127-128. යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ග සමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි, හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං නප්පජහති සො විචිකිච්ඡානුසයං නප්පජහතීති: අට්ඨමකො අවිජ්ජජනුසයං නප්පජහති, නො ච සො විචිකිච්ඡානුසයං නප්පජහති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති, විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම අවිජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJT129. යො භවරාගානුසයං නප්පජහති සො අවිජ්ජානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJT129. යමෙක් භවරාගානුසය දුරු නො කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං නප්පජහති සො භවරාගානුසයං නප්පජහතීති. ආමන්තා. (එකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි. (ඒකමූලකයි.)
Pali BJT130. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති සො මානානුසයං නප්පජහතීති: අග්ගමග්ගසමඞ්ගී කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති, නො ච සො මානානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහන්ති. මානානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT130. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් හේ මානානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍ර මාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති, මානානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන මානානුසයං නප්පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහතීති: අනාගාමිමග්ගසමඞ්ගී මානානුසයං නප්පජහති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා මානානුසයඤ්ච නප්පජහන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJTතව ද යමෙක් මානානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJT131-132. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං නප්පජහතීති: අට්ඨමකො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති, නො ච සො විචිකිච්ඡානුසයං නප්පජහති. අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහන්ති. විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT131-132. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං නප්පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහතීති: අනාගාමිමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයං නප්පජහති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති. අනාගාමිමග්ගසමඞ්ගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගලයා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJT133-134. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං නප්පජහතීති: අග්ගමග්ගසමඞ්ගී කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති, නො ච සො අවිජ්ජානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහන්ති. අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT133-134. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, හේ අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙති, අවිජ්ජානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං නප්පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහතීති: අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයං නප්පජහති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති. කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහන්ති. (දුකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙත්. (දුකමූලක යි.)
Pali BJT135-136. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච නප්පජහති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං නප්පජහතීති: අට්ඨමකො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච නප්පජහති, නො ච සො විචිකිච්ඡානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJT135-136. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙති, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං නප්පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච නප්පජහතීති: අනාගාමිමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයඤ්ච මානානුසයඤ්ච නප්පජහති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති. අග්ගමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති, නො ච සො මානානුසයං නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච නප්පජහන්ති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු නො කෙරෙයි, දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙත්.
Pali BJT137-138. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච නප්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJT137-138. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං නප්පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච නප්පජහතීති: අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච නප්පජහති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනං ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච නප්පජහන්ති. (තිකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද මානානුසය ද දුරු නො කෙරෙත්. ( තිකමූලක යි.)
Pali BJT139-141. යො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච නප්පජහති සො විචිකිච්ඡානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJT139-141. යමෙක් කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං නප්පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච නප්පජහතීති: අනාගාමිමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච නප්පජහති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති. අග්ගමග්ගසමඞ්ගී විචිකිච්ඡානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච නප්පජහති, නො ච සො මානානුසයං නප්පජහති, ද්වින්නං මග්ගසමඞ්ගීනඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච නප්පජහන්ති. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරේ ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු නො කෙරෙයි, අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙයි, හේ මානානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙති. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු නො කෙරෙත් ... (චතුක්කමූලක යි).
Pali BJT142-143. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච නප්පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJT142-143. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං නප්පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච නප්පජහතීති: අට්ඨමකො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච නප්පජහති, නො ච සො දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච නප්පජහති. අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච නප්පජහති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති, කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච නප්පජහන්ති. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු නො කෙරෙයි. හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි. අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙයි. හේ කාමරාගානුසය ද පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු නො කෙරෙත්.(පඤ්චකමූලක යි).
Pali BJT144. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච නප්පජහති සො අවිජ්ජානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJT144. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං නප්පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච නප්පජහතීති: අට්ඨමකො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච භවරාගානුසයඤ්ච නප්පජහති, නො ච සො දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච නප්පජහති. අනාගාමිමග්ගසමඞ්ගී අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච නප්පජහති, නො ච සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච නප්පජහති. ද්වින්නං මග්ගසමඞ්ගීනඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා අවිජ්ජානුසයඤ්ච නප්පජහන්ති, කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවාගානුසයඤ්ච නප්පජහන්ති. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි. හේ දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද දුරු නො කෙරෙයි, අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙයි, හේ කාමරාගානුසය ද පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද දුරු නො කෙරෙති, කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු නො කෙරෙත්. (ඡක්කමූලක යි.)
Pali BJTපටිලොම පුග්ගලං.
Sinhala BJTප්‍රතිලෝම පුද්ගල යි.
Pali BJT145. යතො කාමරාගානුසයං නප්පජහති තතො පටිඝානුසයං නප්පජහතීති: දුක්ඛාය වෙදනාය තතො කාමරාගානුසයං නප්පජහති, නො ච තතො පටිඝානුසයං නප්පජහති. රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තතො කාමරාගානුසයඤ්ච නප්පජහති, පටිඝානුසයඤ්ච නප්පජහති.
Sinhala BJT145. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරේ.
Pali BJTයතො වා පන පටිඝානුසයං නප්පජහති තතො කාමරාගානුසයං නප්පජහතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො පටිඝානුසයං නප්පජහති, නො ච තතො කාමරාගානුසයං නප්පජහති. රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තතො පටිඝානුසයඤ්ච නප්පජහති, කාමරාගානුසයඤ්ච නප්පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද දුරු නො කෙරේ.
Pali BJT146. යතො කාමරාගානුසයං නප්පජහති තතො මානානුසයං නප්පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං නප්පජහති, නො ච තතො මානානුසයං නප්පජහති. දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තතො කාමරාගානුසයඤ්ච නප්පජහති, මානානුසයඤ්ච නප්පජහති.
Sinhala BJT146. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, මානානුසය ද දුරු නො කෙරේ.
Pali BJTයතො වා පන මානානුසයං නප්පජහති තතො කාමරාගානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJT147-148. යතො කාමරාගානුසයං නප්පජහති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං නප්පජහතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං නප්පජහති, නො ච තතො විචිකිච්ඡානුසයං නප්පජහති. අපරියාපන්නෙ තතො කාමරාගානුසයඤ්ච නප්පජහති, විචිකිච්ඡානුසයඤ්ච නප්පජහති.
Sinhala BJT147-148. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නයෙහි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං නප්පජහති තතො කාමරාගානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJT149. යතො කාමරාගානුසයං නප්පජහති තතො භවරාගානුසයං නප්පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං නප්පජහති, නො ච තතො භවරාගානුසයං නප්පජහති. දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තතො කාමරාගානුසයඤ්ච නප්පජහති, භවරාගානුසයඤ්ච නප්පජහති.
Sinhala BJT149. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරේ.
Pali BJTයතො වා පන භවරාගානුසයං නප්පජහති තතො කාමරාගානුසයං නප්පජහතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො භවරාගානුසයං නප්පජහති, නො ච තතො කාමරාගානුසයං නප්පජහති, දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තතො භවරාගානුසයඤ්ච නප්පජහති, කාමරාගානුසයඤ්ච නප්පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය දුරු නො කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, කාමරාගානුසය ද දුරු නො කෙරේ.
Pali BJT150. යතො කාමරාගානුසයං නප්පජහති තතො අවිජ්ජානුසයං නප්පජහතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයං නප්පජහති, නො ච තතො අවිජ්ජානුසයං නප්පජහති. අපරියාපන්නෙ තතො කාමරාගානුසයඤ්ච නප්පජහති, අවිජ්ජානුසයඤ්ච නප්පජහති.
Sinhala BJT150. යම් තැනෙක කාමරාගානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසය දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නයෙහි එහි කාමරාගානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං නප්පජහති තතො කාමරාගානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි කාමරාගගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJT151. යතො පටිඝානුසයං නප්පජහති තතො මානානුසයං නප්පජහතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං නප්පජහති, නො ච තතො මානානුසයං නප්පජහති. අපරියාපන්නෙ තතො පටිඝානුසයඤ්ච නප්පජහති. මානානුසයඤ්ච නප්පජහති.
Sinhala BJT151. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි. මානානුසය ද දුරු නො කෙරේ.
Pali BJTයතො වා පන මානානුසයං නප්පජහති තතො පටිඝානුසයං නප්පජහතීති: දුක්ඛාය වෙදනාය තතො මානානුසයං නප්පජහති, නො ච තතො පටිඝානුසයං නප්පජහති. අපරියාපන්නෙ තතො මානානුසයඤ්ච නප්පජහති, පටිඝානුසයඤ්ච නප්පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි ද එහි මානානුසය දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරේ.
Pali BJT152-153. යතො පටිඝානුසයං නප්පජහති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං නප්පජහතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං නප්පජහති, නො ච තතො විචිකිච්ඡානුසයං නප්පජහති. අපරියාපන්නෙ තතො පටිඝානුසයඤ්ච නප්පජහති, විචිකිච්ඡානුසයඤ්ච නප්පජහති.
Sinhala BJT152-153. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං නප්පජහති තතො පටිඝානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJT154. යතො පටිඝානුසයං නප්පජහති තතො භවරාගානුසයං නප්පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං නප්පජහති, නො ච තතො භවරාගානුසයං නප්පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ තතො පටිඝානුසයඤ්ච නප්පජහති, භවරාගානුසයඤ්ච නප්පජහති.
Sinhala BJT154. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, භවරාගානුසය ද දුරු නො කෙරේ.
Pali BJTයතො වා පන භවරාගානුසයං නප්පජහති තතො පටිඝානුසයං නප්පජහතීති: දුක්ඛාය වෙදනාය තතො භවරාගානුසයං නප්පජහති, නො ච තතො පටිඝානුසයං නප්පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ තතො භවරාගානුසයඤ්ච නප්පජහති. පටිඝානුසයඤ්ච නප්පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසය දුරු නො කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු නො කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය ද දුරු නො කෙරෙයි, පටිඝානුසය ද දුරු නො කෙරේ.
Pali BJT155. යතො පටිඝානුසයං නප්පජහති තතො අවිජ්ජානුසයං නප්පජහතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො පටිඝානුසයං නප්පජහති, නො ච තතො අවිජ්ජානුසයං නප්පජහති. අපරියාපන්නෙ තතො පටිඝානුසයඤ්ච නප්පජහති, අවිජ්ජානුසයඤ්ච නප්පජහති.
Sinhala BJT155. යම් තැනෙක පටිඝානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි පටිඝානුසය දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි පටිඝානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං නප්පජහති තතො පටිඝානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි පටිඝානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJT156-157. යතො මානානුසයං නප්පජහති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං නප්පජහතීති: දුක්ඛාය වෙදනාය තතො මානානුසයං නප්පජහති, නො ච තතො විචිකිච්ඡානුසයං නප්පජහති. අපරියාපන්නෙ තතො මානානුසයඤ්ච නප්පජහති, විචිකිච්ඡානුසයඤ්ච නප්පජහති.
Sinhala BJT156-157. යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය දුරු නො කෙරෙයි, එහි විචිකිච්ඡානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද දුරු නො කෙරෙයි, විචිකිච්ඡානුසය ද දුරු නො කෙරේ.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං නප්පජහති තතො මානානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJT158. යතො මානානුසයං නප්පජහති තතො භවරාගානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJT158. යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි භවරාගානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන භවරාගානුසයං නප්පජහති තතො මානානුසයං නප්පජහතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො භවරාගානුසයං නප්පජහති, නො ච තතො මානානුසයං නප්පජහති. දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තතො භවරාගානුසයඤ්ච නප්පජහති, මානානුසයඤ්ච නප්පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසය දුරු නොකෙරෙයි, එහි මානානුසය නො ද දුරු නො කෙරෙයි. දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි භවරාගානුසය දුරු නො කෙරෙයි, මානානුසය ද දරු නො කෙරේ.
Pali BJT159. යතො මානානුසයං නප්පජහති තතො අවිජ්ජානුසයං නප්පජහතීති: දුක්ඛාය වෙදනාය තතො මානානුසයං නප්පජහති. නො ච තතො අවිජ්ජානුසයං නප්පජහති. අපරියාපන්නෙ තතො මානානුසයඤ්ච නප්පජහති, අවිජ්ජානුසයඤ්ච නප්පජහති.
Sinhala BJT159. යම් තැනෙක මානානුසය දුරු නො කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු නො කෙරේද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි මානානුසය දුරු නො කෙරෙයි, එහි අවිජ්ජානුසය නො ද දුරු නො කෙරෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි මානානුසය ද දුරු නො කෙරෙයි, අවිජ්ජානුසය ද දුරු නො කෙරේ.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං නප්පජහතී තතො මානානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු නො කෙරේ නම් එහි මානානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.
Pali BJT160-162. යතො දිට්ඨානුසයං නප්පජහති තතො විචිකිච්ඡානුසයං නප්පජහතීති: ආමන්තා.
Sinhala BJT160-162. යම් තැනෙක දිට්ඨානුසය දුරු නො කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු නො කෙරේ ද යත්: එසේ යි.