Pali BJT19-20. යො විචිකිච්ඡානුසයං පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJT19-20. යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පජහති සො විචිකිච්ඡානුසයං පජහතීති: නො.
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරුකෙරේ ද යත්: නැති.
Pali BJT21. යො භවරාගානුසයං පජහති සො අවිජ්ජානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT21. යමෙක් භවරාගානුසය දුරු කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පජහති සො භවරාගානුසයං පජහතීති: ආමන්තා. (එකමූලකං)
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය දුරු කෙරේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
Pali BJT22. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති සො මානානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJT22. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ මානානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJTයො වා පන මානානුසයං පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT23-24. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නො.
Sinhala BJT23-24. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJT25-26. යො කාමාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පජහතීති; තදෙකට්ඨං පජහති.
Sinhala BJT25-26. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහතීති: නො. (දුකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති. (දුකමූලකයි.)
Pali BJT27-28. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT27-28. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJT29-30. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT29-30. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහතීති: මානානුසයං පජහති. (තිකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ. (තිකමූලක යි.)
Pali BJT31-33. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහති සො විචිකිච්ඡානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT31-33. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහතීති. දිට්ඨානුසයං පජහති. කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච තදෙකට්ඨං පජහති. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ ද යත්: දිට්ඨානුසය දුරු කෙරේ. තදේකස්ථ වූ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ... (චතුක්කමූලක යි.)
Pali BJT34-35. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT34-35. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහතීති: මානානුසයං පජහති. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ. (පඤ්චකමූලක යි.)
Pali BJT36. යො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහති සො අවිජ්ජානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT36. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ නම් හේ අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පජහති සො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහතීති: මානානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහති. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ. (ඡක්කමූලක යි.)
Pali BJTඅනුලොමපුග්ගලං.
Sinhala BJTඅනුලෝම පුද්ගල යි.
Pali BJT37. යතො කාමරාගානුසයං පජහති තතො පටිඝානුසයං පජහතීති: නො.
Sinhala BJT37. යම් තැනෙක (උපදනා) කාමරාගානුසය දුරු කෙරේ නම් එහි (උපදනා) පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන පටිඝානුසයං පජහති තතො කාමාගානුසයං පජහතීති. නො.
Sinhala BJTතව ද යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT38. යතො කාමරාගානුසයං පජහති තතො මානානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT38. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන මානානුසයං පජහති තතො කාමරාගානුසයං පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයං පජහති, නො ච තතො කාමරාගානුසයං පජහති, කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො මානානුසයඤ්ච පජහති, කාමරාගානුසයඤ්ච පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය දුරු කෙරේ. එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය ද දුරු කෙරෙයි, කාමරාගානුසය ද දුරු කෙරේ.
Pali BJT39-40. යතො කාමරාගානුසයං පජහති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT39-40. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පජහති තතො කාමරාගානුසයං පජහතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයං පජහති, නො ච තතො කාමරාගානුසයං පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයඤ්ච පජහති, කාමරාගානුසයඤ්ච පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි, කාමරාගානුසය ද දුරු කෙරේ.
Pali BJT41. යතො කාමරාගානුසයං පජහති තතො භවරාගානුසයං පජහතීති; නො.
Sinhala BJT41. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයං පජහති තතො කාමරාගානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT42. යතො කාමරාගානුසයං පජහති තතො අවිජ්ජානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT42. යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පජහති තතො කාමරාගානුසයං පජහතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයං පජහති, නො ච තතො කාමරාගානුසයං පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයඤ්ච පජහති, කාමරාගානුසයඤ්ච පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුවෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, කාමරාගානුසය ද දුරු කෙරේ.
Pali BJT43. යතො පටිඝානුසයං පජහති තතො මානානුසයං පජහතීති: නො.
Sinhala BJT43. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන මානානුසයං පජහති තතො පටිඝානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT44-45. යතො පටිඝානුසයං පජහති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT44-45. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පජහති තතො පටිඝානුසයං පජහතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයං පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයඤ්ච පජහති. පටිඝානුසයඤ්ච පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි, පටිඝානුසය ද දුරු කෙරේ.
Pali BJT46. යතො පටිඝානුසයං පජහති තතො භවරාගානුසයං පජහතීති: නො.
Sinhala BJT46. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයං පජහති තතො පටිඝානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT47. යතො පටිඝානුසයං පජහති තතො අවිජ්ජානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT47. යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පජහති තතො පටිඝානුසයං පජහතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයං පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයඤ්ච පජහති. පටිඝානුසයඤ්ච පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි. එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, පටිඝානුසය ද දුරු කෙරෙයි.
Pali BJT48-49. යතො මානානුසයං පජහති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT48-49. යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පජහති තතො මානානුසයං පජහතීති: දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයං පජහති, නො ච තතො මානානුසයං පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයඤ්ච පජහති, මානානුසයඤ්ච පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි මානානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි, මානානුසය ද දුරු කෙරෙයි.
Pali BJT50. යතො මානානුසයං පජහති තතො භවරාගානුසයං පජහතීති: කාමධාතුයා වීසු වෙදනාසු තතො මානානුසයං පජහති, නො ච තතො භවරාගානුසයං පජහති. රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසඤ්ච පජහති, භවරාගානුසයඤ්ච පජහති.
Sinhala BJT50. යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය දුරු කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය ද දුරු කෙරෙයි, භවරාගානුසය ද දුරු කෙරේ.
Pali BJTයතො වා පන භවරාගානුසයං පජහති තතො මානානුසයං පජහතීති. ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJT51. යතො මානානුසයං පජහති තතො අවිජ්ජානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT51. යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පජහති තතො මානානුසයං පජහතීති: දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයං පජහති, නො ච තතො මානානුසයං පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයඤ්ච පජහති, මානානුසයඤ්ච පජහති.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි මානානුසය නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, මානානුසය ද දුරු කෙරේ.
Pali BJT52-54. යතො දිට්ඨානුසයං පජහති තතො විචිකිච්ඡානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT52-54. යම් තැනෙක දිට්ඨානුසය දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පජහති තතො දිට්ඨානුසයං පජහතීති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJT55. යතො විචිකිච්ඡානුසයං පජහති තතො භවරාගානුසයං පජහතීති: කාමධාතුයා තීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයං පජහති. නො ච තතො භවරාගානුසයං පජහති. රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයඤ්ච පජහති, භවරාගානුසයඤ්ච පජහති.
Sinhala BJT55. යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. භවරාගානුසය ද දුරු කෙරේ.
Pali BJTයතො වා පන භවරාගානුසයං පජහති තතො විචිකිච්ඡානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJT56. යතො විචිකිච්ඡානුසයං පජහති තතො අවිජ්ජානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT56. යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පජහති තතො විචිකිච්ඡානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJT57. යතො භවරාගානුසයං පජහති තතො අවිජ්ජානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT57. යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පජහති තතො භවරාගානුසයං පජහතීති: කාමධාතුයා තීසු වෙදනාසු තතො අවිජ්ජානුසයං පජහති, නො ච තතො භවරාගානුසයං පජහති. රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයඤ්ච පජහති, භවරාගානුසයඤ්ච පජහති. (එකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද දුරු කෙරෙයි, භවරාගානුසය ද දුරු කෙරේ. (එක මූලක යි)
Pali BJT58. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති තතො මානානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT58. යම් තැනෙක කාමරාගානුසයද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන මානානුසයං පජහති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයං පජහති. නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො මානානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පජහති, නො ච තතො පටිඝානුසයං පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය ද කාමරාගානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරේ.
Pali BJT59-60. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT59-60. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පජහති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයං පජහති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති, නො ච තතො කාමරාගානුසයං පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය නො ද දුරු කෙරේ.
Pali BJT61. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති තතො භවරාගානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT61. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයං පජහති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහතීති: නො.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT62. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති තතො අවිජ්ජානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT62. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පජහති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයං පජහති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති, නො ච තතො කාමරාගානුසයං පජහති. (දුකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය නො ද දුරු කෙරේ. (දුකමූලක යි.)
Pali BJT63-64. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහති තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT63-64. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පජහති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයඤ්ච මානානුසයඤ්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති, කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයඤ්ච කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති, නො ච තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ.
Pali BJT65. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහති තතො භවරාගානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT65. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයං පජහති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහතීති: මානානුසයං පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය දුරු කෙරේ.
Pali BJT66. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහති තතො අවිජ්ජානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT66. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ නම් එහි අව්ජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පජහති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච පජහති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පජහති, නො ච තතො පටිඝානුසයං පජහති. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති, නො ච තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පජහති. (තිකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දුරු කෙරෙයි, එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ. (තිකමූලක යි)
Pali BJT67-69. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහති තතො විචිකිච්ඡානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT67-69. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ නම් එහි විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයං පජහති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහති, නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයඤ්ච කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි.
Pali BJTනො ච තතො පටිඝානුසයං පජහති. දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පජහති. (චතුක්කමූලකං)
Sinhala BJTඑහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ. (චතුක්කමූලක යි.)
Pali BJT70. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති තතො භවරාගානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT70. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයං පජහති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහතීති: මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති.
Sinhala BJTතව ද යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ.
Pali BJT71. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති තතො අවිජ්ජානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT71. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පජහති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති. නො ච තතො පටිඝානුසයං පජහති. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච පජහති. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද දුරු කෙරේ. (පඤ්චකමූලක යි)
Pali BJT72. යතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහති තතො අවිජ්ජානුසයං පජහතීති: නත්ථි.
Sinhala BJT72. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ නම් එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයං පජහති තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහතීති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ්ච පටිඝානුසයඤ්ච පජහති. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයඤ්ච කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති. නො ච තතො පටිඝානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහති. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයඤ්ච පටිඝානුසයඤ්ච දිට්ඨානුසයඤ්ච විචිකිච්ඡානුසයඤ්ච පජහති. නො ච තතො කාමරාගානුසයඤ්ච මානානුසයඤ්ච භවරාගානුසයඤ්ච පජහති. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද දුරු කෙරෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි පටිඝානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද දුරු කෙරෙයි. එහි කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද නො ද දුරු කෙරේ. (ඡක්කමූලක යි)
Pali BJTඅනුලොමාවකාසං.
Sinhala BJTඅනුලෝමාවකාශ යි.
Pali BJT73. යො යතො කාමරාගානුසයං පජහති සො තතො පටිඝානුසයං පජහතීති: නො.
Sinhala BJT73. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො පටිඝානුසයං පජහති සො තතො කාමරාගානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT74. යො යතො කාමරාගානුසයං පජහති සො තතො මානානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJT74. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJTයො වා පන යතො මානානුසයං පජහති සො තතො කාමරාගානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT75-76. යො යතො කාමරාගානුසයං පජහති සො තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නො.
Sinhala BJT75-76. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පජහති සො තතො කාමරාගානුසයං පජහතීති: අට්ඨමකො දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයං පජහති, නො ච සො තතො කාමරාගානුසයං පජහති. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයං පජහති, කාමරාගානුසයං තදෙකට්ඨං පජහති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක (ස්‍රෝතාපත්ති මාර්‍ගස්ථ) පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, හේ එහි කාමරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ කාමරාගානුසය දුරු කෙරේ.
Pali BJT77. යො යතො කාමරාගානුසයං පජහති සො තතො භවරාගානුසයං පජහතීති: නො.
Sinhala BJT77. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො කාමරාගානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT78. යො යතො කාමරාගානුසයං පජහති සො තතො අවිජ්ජානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJT78. යමෙක් යම් තැනෙක කාමරාගානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පජහති සො තතො කාමරාගානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT79. යො යතො පටිඝානුසයං පජහති සො තතො මානානුසයං පජහතීති: නො.
Sinhala BJT79. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො මානානුසයං පජහති සො තතො පටිඝානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT80-81. යො යතො පටිඝානුසයං පජහති සො තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නො.
Sinhala BJT80-81. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පජහති සො තතො පටිඝානුසයං පජහතීති: අට්ඨමකො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයං පජහති, නො ච සො තතො පටිඝානුසයං පජහති. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයං පජහති. පටිඝානුසයං තදෙකට්ඨං පජහති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, හේ එහි පටිඝානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛ වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. තදේකස්ථ වූ පටිඝානුසය දුරු කෙරේ.
Pali BJT82. යො යතො පටිඝානුසයං පජහති සො තතො භවරාගානුසයං පජහතීති: නො.
Sinhala BJT82. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො පටිඝානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT83. යො යතො පටිඝානුසයං පජහති සො තතො අවිජ්ජානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJT83. යමෙක් යම් තැනෙක පටිඝානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයං පජහති සො තතො පටිඝානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ එහි පටිඝානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT84-85. යො යතො මානානුසයං පජහති සො තතො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නො.
Sinhala BJT84-85. යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයං පජහති සො තතො මානානුසයං පජහතීති: අට්ඨමකො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයං පජහති, නො ච සො තතො මානානුසයං පජහති. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයං පජහති. මානානුසයං තදෙකට්ඨං පජහති.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: අෂ්ටමක පුද්ගල තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි. හේ එහි මානානුසය නො ද දුරු කෙරෙයි, ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි විචිකිච්ඡානුසය දුරු කෙරෙයි, තදේකස්ථ වූ මානානුසය දුරු කෙරේ.
Pali BJT86. යො යතො මානානුසයං පජහති සො තතො භවරාගානුසයං පජහතීති: අග්ගමග්ගසමඞ්ගී කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො මානානුසයං පජහති, නො ච සො තතො භවරාගානුසයං පජහති. ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො මානානුසයඤ්ච පජහති. භවරාගානුසයඤ්ච පජහති.
Sinhala BJT86. යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි භවරාගානුසය දුරු කෙරේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි මානානුසය දුරු කෙරෙයි, හේ එහි භවරාගානුසය නො ද දුරු කෙරෙයි. ඒ පුඟුල් තෙමේ ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි හේ එහි මානානුසය දුරු කෙරෙයි, භවරාගානුසය ද දුරු කෙරේ.
Pali BJTයො වා පන යතො භවරාගානුසයං පජහති සො තතො මානානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසය දුරු කෙරේ නම් හේ එහි මානානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJT87. යො යතො මානානුසයං පජහති සො තතො අවිජ්ජානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT87. යමෙක් යම් තැනෙක මානානුසය දුරු කෙරේ නම් හේ එහි අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.