Pali BJTයතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: දුක්ඛාය වෙදනාය තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො, කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො අපරියාපන්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT170. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො අවිජ්ජානුසයෙන නිරනුසයො. අපරියාපන්නෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT170. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ආමන්තා, (දුකමූලකං).
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (දුකමූලක යි)
Pali BJT171-172. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT171-172. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT173. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT173. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: දුක්ඛාය වෙදනාය තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන නිරනුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො. අපරියාපන්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT174. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT174. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ආමන්තා. (තිකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (තිකමූලක යි.)
Pali BJT175-177. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT175-177. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයොති: ආමන්තා. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. …(චතුක්කමූලක යි.)
Pali BJT178-179. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT178-179. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයොති: දුක්ඛාය වෙදනාය තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, නො ච තතො පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. අපරියාපන්නෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. -පෙ- (පඤ්චකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. අපරියාපන්නය ඇති කල්හි එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ. ... (පඤ්චකමූලක යි.)
Pali BJT180. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT180. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන නිරනුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයොති: ආමන්තා. (ඡක්කමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඡක්කමූලකයි)
Pali BJTපටිලොම ඔකාසං.
Sinhala BJTප්‍රතිලෝමාවකාශ යි
Pali BJT181. යො යතො කාමරාගානුසයෙන නිරනුසයො සො තතො පටිඝානුසයෙන ච නිරනුසයොති: තයො පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා, ද්වෙ පුග්ගලා සබ්බත්ථ කාමරාගානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා.
Sinhala BJT181. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ. එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ, ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. දෙ පුඟුල්හු හැම තන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.
Pali BJTයො වා පන යතො පටිඝානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච නිරනුසයා. ද්වෙ පුග්ගලා සබ්බත්ථ පටිඝානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච නිරනුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු හැම තන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ.
Pali BJT182. යො යතො කාමරාගානුසයෙන නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයා, මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ සො තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො, අරහා සබ්බත්ථ කාමරාගානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT182. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො මානානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT183-184. යො යතො කාමරාගානුසයෙන නිරනුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: පුථුජ්ජනො දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච සො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො. ස්වෙ ව පුග්ගලො අපරියාපන්නෙ සො තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. ද්වෙ පුග්ගලා සබ්බත්ථ කාමරාගානුසයෙන ච නිරනුසයා, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා.
Sinhala BJT183-184. යමෙක් යම් කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. දෙ පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ද්වෙ පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා, තෙව පුග්ගාලා දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තෙ තතො විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච නිරනුසයා. ද්වෙ පුග්ගලා සබ්බත්ථ විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච නිරනුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. දෙපුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ.
Pali BJT185. යො යතො කාමරාගානුසයෙන නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයා, භවරාගානුසයෙන ච නිරනුසයා. අනාගාමී රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන නිරනුසයො, නො ච සො තතො භවරාගානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන්නෙ සො තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ කාමරාගානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT185. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ, ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි. හේ එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච නිරනුසයා, අරහා සබ්බත්ථ භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT186. යො යතො කාමරාගානුසයෙන නිරනුසයො සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා. නො ච තෙ තතො අවිජ්ජානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච නිරනුසයා, අවිජ්ජානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන නිරනුසයො,
Sinhala BJT186. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් අනුශය රහිත වෙයි,
Pali BJTනො ච සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො අපරියාපන්නෙ සො තතො කාමරාගානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ කාමරාගානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTහේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT187. යො යතො පටිඝානුසයෙන නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තො තතො පටිඝානුසයෙන ච නිරනුසයා, මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ සො තතො පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT187. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො මානානුසයෙන නිරනුසයො, සො තතො පටිඝානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො මානානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො මානානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා. අරහා සබ්බත්ථ මානානුසයෙන ච නිරනුසයො, පටිඝානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT188-189. යො යතො පටිඝානුසයෙන නිරනුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: පුථුජ්ජනො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච සො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො අපරියාපන්නෙ සො තතො පටිඝානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. ද්වෙ පුග්ගලා සබ්බත්ථ පටිඝානුසයෙන ච නිරනුසයා, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා.
Sinhala BJT188-189. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. දෙපුඟුල්හු හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො තතො පටිඝානුසයෙන නිරනුසයොති: ද්වෙ පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තෙ තතො විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා. ද්වෙ පුග්ගලා සබ්බත්ථ විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. දෙ පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.
Pali BJT190. යො යතො පටිඝානුසයෙන නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ තෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයා, භවරාගානුසයෙන ච නිරනුසයා. අනාගාමී රූපධාතුයා අරූපධාතුයා සො තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච සො තතො භවරාගානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන්නෙ සො තතො පටිඝානුසයෙන ච නිරනුසයො. භවරාගානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ පටිඝානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT190. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි හේ භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො පටිඝානුසයෙන නිරනුසයොති: ද්වෙ පුග්ගලා{1} දුක්ඛාය වෙදනාය තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා, පටිඝානුසයෙන ච නිරනුසයා. අරහා සබ්බත්ථ භවරාගානුසයෙන ච නිරනුසයො, පටිඝානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT191. යො යතො පටිඝානුසයෙන නිරනුසයො සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො අවිජ්ජානුසයෙන නිරනුසයා.
Sinhala BJT191. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ.
Pali BJTතෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයා, අවිජ්ජානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො පටිඝානුසයෙන නිරනුසයො, නො ච සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො අපරියාපන්නෙ සො තතො පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ පටිඝානුසයෙන ච නිරනුසයො. අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ පටිඝානුසයෙන් අනුශය රහිත වෙයි, එහි හේ අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන නිරනුසයො සො තතො පටිඝානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT192-193. යො යතො මානානුසයෙන නිරනුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: පුථුජ්ජනො දුක්ඛාය වෙදනාය සො තතො මානානුසයෙන නිරනුසයො, නො ච සො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො අපරියාපන්නෙ සො තතො මානානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ මානානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT192-193. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ මානානුසයෙන් අනුශය රහිත වෙයි, එහි හේ විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තෙ තතො විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, මානානුසයෙන ච නිරනුසයා. අරහා සබ්බත්ථ විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT194. යො යතො මානානුසයෙන නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT194. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් එහි හේ භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: චත්තාරො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා, මානානුසයෙන ච නිරනුසයා. අරහා සබ්බත්ථ භවරාගානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් එහි හේ මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT195. යො යතො මානානුසයෙන නිරනුසයො සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: චත්තාරො පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො මානානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො අවිජ්ජානුසයෙන නිරනුසයා, තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො මානානුසයෙන ච නිරනුසයා. අවිජ්ජානුසයෙන ච නිරනුසයා. අරහා සබ්බත්ථ මානානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT195. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: සිවු පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT196-198. යො යතො දිට්ඨානුසයෙන නිරනුසයො සො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT196-198. යමෙක් යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො තතො දිට්ඨානුසයෙන නිරනුසයොති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි ...
Pali BJT199. යො යතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයා. නො ච තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා, තෙව පුග්ගලා කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන්නෙ තෙ තතො විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, භවරාගානුසයෙන ච නිරනුසයා. අරහා සබ්බත්ථ විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT199. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: පුථුජ්ජනො කාමධාතුයා තීසු වෙදනාසු සො තතො භවරාගානුසයෙන නිරනුසයො, නො ච සො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො අපරියාපන්නෙ සො තතො භවරාගානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ භවරාගානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT200. යො යතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො අවිජ්ජානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා. අවිජ්ජානුසයෙන ච නිරනුසයා. අරහා සබ්බත්ථ විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT200. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන නිරනුසයො සො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJT201. යො යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: චත්තාරො පුග්ගලා කාමධාතුයා තීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා, නො ච තෙ තතො අවිජ්ජානුසයොන නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා, අවිජ්ජානුසයෙන ච නිරනුසයා. අරහා සබ්බත්ථ භවරාගානුසයෙන ච නිරනුසයො. අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT201. යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා. (එකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි)
Pali BJT202 යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො තතො මානානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT202. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො මානානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: තයො පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො මානානුසයෙන ච කාමරාගානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො මානානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා. අරහා සබ්බත්ථ මානානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය රහිතයහ. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT203-204. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො අපරියාපන්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. ද්වෙ පුග්ගලා සබ්බත්ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, විචිකිච්ඡානුසයෙන ච නිරනුසායා.
Sinhala BJT203-204. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුසය රහිත වෙයි. දෙ පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ද්වෙ පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තෙ තතො විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො. ද්වෙ පුග්ගලා සබ්බත්ථ විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ, ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. දෙ පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ.
Pali BJT205. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො තතො භවරොගානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො භවරාගානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා,
Sinhala BJT205. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ,
Pali BJTභවරාගානුසයෙන ච නිරනුසයා. අනාගාමී රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො. නො ච සො තතො භවරාගානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, භවරාගානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTභවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි භවරාගානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: තයො පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච නිරනුසයා, නො ච තො තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා. නො ච තෙ තතො කාමරාගානුසයෙන නිරනුසයා, තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා. අරහා සබ්බත්ථ භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT206. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො අවිජ්ජානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, අවිජ්ජානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො අපරියාපන්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT206. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයොති: ආමන්තා. (දුකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (දුකමූලකයි.)
Pali BJT207-208. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT207-208. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ද්වෙ පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා. නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා. තෙව පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා. කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ සො තතො විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛ වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් මානානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුසය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි. හේ එහි මානානුසයෙන් නො ද අනුසය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT209. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT209. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයෙති: තයො පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන ච නිරනුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: තුන් පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ.
Pali BJTතෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ සො තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT210. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී දුක්ඛාය වෙදනාය සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො අපරියාපන්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො, අරහා සබ්බත්ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT210. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයොති: ආමන්තා. (තිකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: (තිකමූලකයි)
Pali BJT211-213. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයො සො තතො විචිකිච්ඡානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT211-213. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයොති: ද්වෙ පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙ’ව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානාසුසයෙන ච නිරනුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ.
Pali BJTතෙව පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො මානානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ සො තතො විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච නිරනුසයො. -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTඒ පුඟුල්හු ම රූපධාතුයෙහි අරූපධාතුයෙහි දැ යි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිතයහ. අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය රහිත වේ ... (චතුක්කමූලකයි.)
Pali BJT214. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො සො තතො භවරාගානුසයෙන නිරනුසයොති: ආමන්තා.
Sinhala BJT214. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය රහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයොති: පුථුජ්ජනො දුක්ඛාය වෙදනාය සො තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. ස්වෙව පුග්ගලො අපරියාපන්නෙ සො තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි,
Pali BJTද්වෙ පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන නිරනුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො භවරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච නිරනුසයා. තෙව පුග්ගලා අපරියාපන්නෙ තෙ තතො භවරාගානුසයෙන ච නිරනුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයා. අනාගාමී කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො භවරාගානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො මානානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ සො තතො භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ භවරාගානුසයෙන ච නිරනුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො.
Sinhala BJTදෙපුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් අනුශය රහිතය. ඒ පුඟුල්හු ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය රහිතයහ. ඒ පුඟුල්හු ම අපරියාපන්නය ඇති කල්හි එහි ඔහු භවරාගානුසයෙන් ද අනුශය රහිතයහ. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිතයහ, අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ භවරාගානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, රහත් තෙම හැම තැන්හි භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJT215. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී දුක්ඛාය වෙදනාය සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො අපරියාපන්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT215. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛ වේදනා ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි, ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි, රහත් තෙම හැම තැන්හි දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වෙයි. අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච නිරනුසයොති: ආමන්තා. (පඤ්චකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (පඤ්චකමූලකයි.)
Pali BJT216. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයොති: අනාගාමී දුක්ඛාය වෙදනාය සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො, නො ච සො තතො අවිජ්ජානුසයෙන නිරනුසයො. ස්වෙව පුග්ගලො අපරියාපන්නෙ සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො. අරහා සබ්බත්ථ කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයො, අවිජ්ජානුසයෙන ච නිරනුසයො.
Sinhala BJT216. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ ද යත්: අනගැමි තෙම දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, හේ එහි අවිජ්ජානුසයෙන් නො ද අනුශය රහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වෙයි. රහත් තෙම හැම තැන්හි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වෙයි, අවිජ්ජානුසයෙන් ද අනුශය රහිත වේ.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන නිරනුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච නිරනුසයොති: ආමන්තා. (ඡක්කමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය රහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය රහිත වේ ද යත්: එසේ යි. (ඡක්කමූලක යි.)
Pali BJTපටිලොමපුග්ගලොකාසං.
Sinhala BJTප්‍රතිලෝම පුද්ගලාවකාශයි.
Pali BJTපටිලොමං.
Sinhala BJTප්‍රතිලෝමයි.
Pali BJTසානුසයවාරො.
Sinhala BJTසානුසයවාර යි.
Pali BJT3. පජහනවාරො.
Sinhala BJT3. පජහනවාර
Pali BJT1. යො කාමරාගානුසයං පජහති සො පටිඝානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT1. යමෙක් කාමරාගානුසය (ඒ ඒ මාර්‍ගයෙන් ප්‍රහාණ පරිඥා වශයෙන් මතු මත්තෙහි නූපදනා බවට පැමිණවීමෙන්) දුරුකෙරේ නම් හේ පටිඝානුසය දුරුකෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන පටිඝානුසයං පජහති සො කාමරාගානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් පටිඝානුසය දුරුකෙරේ නම් හේ කාමරාගානුසය දුරුකෙරේ ද යත්: එසේ යි.
Pali BJT2. යො කාමරාගානුසයං පජහති සො මානානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJT2. යමෙක් කාමරාගානුසය දුරුකෙරේ නම් හේ මානානුසය දුරුකෙරේ ද යත්: තදේකස්ථය (ඒ කාමරාගානුසය හා එක්ව සිටි මානානුසය) දුරුකෙරේ.
Pali BJTයො වා පන මානානුසයං පජහති සො කාමරාගානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් මානානුසය දුරුකෙරේ නම් හේ කාමරාගානුසය දුරුකෙරේ ද යත්: නැති.
Pali BJT3-4. යො කාමරාගානුසයං පජහති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නො.
Sinhala BJT3-4. යමෙක් කාමරාගානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරුකෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පජහති සො කාමරාගානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJTතව ද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJT5-6. යො කාමරාගානුසයං පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJT5-6. යමෙක් කාමරාගානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරුකෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පජහති සො කාමරාගානුසයං පජහතීති: නො.
Sinhala BJTතව ද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ කාමරාගානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJT7. යො පටිඝානුසයං පජහති සො මානානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJT7. යමෙක් පටිඝානුසය දුරු කෙරේ නම් හේ මානානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJTයො වා පන මානානුසයං පජහති සො පටිඝානුසයං පජහතීති: නො.
Sinhala BJTතවද යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ පටිඝානුසය දුරුකෙරේ ද යත්: නැති.
Pali BJT8-9. යො පටිඝානුසයං පජහති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නො.
Sinhala BJT8-9. යමෙක් පටිඝානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පජහති සො පටිඝානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJTතවද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ පටිඝානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJT10-11. යො පටිඝානුසයං පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJT10-11. යමෙක් පටිඝානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පජහති සො පටිඝානුසයං පජහතීති: නො.
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ පටිඝානුසය දුරුකෙරේ ද යත්: නැති.
Pali BJT12-13. යො මානානුසයං පජහති සො දිට්ඨානුසයං -පෙ- විචිකිච්ඡානුසයං පජහතීති: නො.
Sinhala BJT12-13. යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: නැති.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පජහති සො මානානුසයං පජහතීති: තදෙකට්ඨං පජහති.
Sinhala BJTතවද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ මානානුසය දුරුකෙරේ ද යත්: තදේකස්ථය දුරු කෙරේ.
Pali BJT14-15. යො මානානුසයං පජහති සො භවරාගානුසයං -පෙ- අවිජ්ජානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT14-15. යමෙක් මානානුසය දුරු කෙරේ නම් හේ භවරාගානුසය ... අවිජ්ජානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයං පජහති සො මානානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසය දුරු කෙරේ නම් හේ මානානුසය දුරුකෙරේ ද යත්: එසේ යි.
Pali BJT16-18. යො දිට්ඨානුසයං පජහති සො විචිකිච්ඡානුසයං පජහතීති: ආමන්තා.
Sinhala BJT16-18. යමෙක් දිට්ඨානුසය දුරු කෙරේ නම් හේ විචිකිච්ඡානුසය දුරු කෙරේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයං පජහති සො දිට්ඨානුසයං පජහතීති: ආමන්තා. -පෙ-
Sinhala BJTතවද යමෙක් විචිකිච්ඡානුසය දුරු කෙරේ නම් හේ දිට්ඨානුසය දුරුකෙරේ ද යත්: එසේ යි. ...