Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3001-3100 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයොති: ආමන්තා -පෙ- (චතුක්කමූලකං)
Sinhala BJTතවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේද යත්: එසේ යි ... (චතුක්කමූලක යි)
Pali BJT34-35. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT34-35. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයොති: අනාගාමී අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො. ද්වෙ පුග්ගලා අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයා. පුථුජ්ජනො අවිජ්ජානුසයෙන ච සානුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො. (පඤ්චකමූලකං)
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දෙපුඟුල්හු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතය හ. දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ. (පඤ්චකමූලක යි).
Pali BJT36. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො සො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT36. යමෙක් කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයොති: අනාගාමී අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො. ද්වෙ පුග්ගලා අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයා, නො ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයා. පුථුජ්ජනො අවිජ්ජානුසයෙන ච සානුසයො, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො (ඡක්කමූලකං)
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දෙපුඟුල්හු අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ. දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ. (ඡක්කමූලක යි)
Pali BJTඅනුලොමපුග්ගලං.
Sinhala BJTඅනුලෝම පුද්ගල යි.
Pali BJT37. යතො කාමරාගානුසයෙන සානුසයො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
Sinhala BJT37. යම් තැනෙක කාමාරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJTයතො පන පටිඝානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන සානුසයොති: නො
Sinhala BJTතවද යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJT38. යතො කාමරාගානුසයෙන සානුසයො තතො මානානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT38. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන මානානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො මානානුසයෙන ච සානුසයො, කාමරාගානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මානානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT39-40. යතො කාමරාගානුසයෙන සානුසයො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT39-40. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි:
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන සානුසයොති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො, කාමරාගානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT41. යතො කාමරාගානුසයෙන සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නො.
Sinhala BJT41. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත් නො වේ.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන සානුසයොති: නො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJT42. යතො කාමරාගානුසයෙන සානුසයො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT42. යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන සානුසයොති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයෙන ච සානුසයො, කාමරාගානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි. එහි කාමරාගානුසයෙන් නොද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT43. යතො පටිඝානුසයෙන සානුසයො තතො මානානුසයෙන සානුසයොති: නො.
Sinhala BJT43. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJTයතො වා පන මානානුසයෙන සානුසයො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJT44-45. යතො පටිඝානුසයෙන සානුසයො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT44-45. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිටිඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො තතො පටිඝානුසයෙන සානුසයොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො, පටිඝානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක විචිකාච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි, දුඃඛ වේදනා ඇති කල්හි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT46. යතො පටිඝානුසයෙන සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නො.
Sinhala BJT46. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJT47. යතො පටිඝානුසයෙන සානුසයො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT47. යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන සානුසයො තතො පටිඝානුසයෙන සානුසයොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයෙ, දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයෙන ච සානුසයො, පටිඝානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛ වේදනා ඇති කල්හි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි. පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT48-49. යතො මානානුසයෙන සානුසයො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT48-49. යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො තතො මානානුසයෙන සානුසයොති: දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච තතො මානානුසයෙන සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො, මානානුසයෙන ච සානුසයො.
Sinhala BJTතව ද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛවේදනා ඇති කල්හි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. එහි මානානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, මානානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT50. යතො මානානුසයෙන සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො මානානුසයෙන සානුසයො, නො ච තතො භවරාගානුසයෙන සානුසයො. රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයෙන ච සානුසයො, භවරාගානුසයෙන ච සානුසයො.
Sinhala BJT50. යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසයෙන් අනුශය සහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො මානානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT51. යතො මානානුසයෙන සානුසයො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT51. යම් තැනෙක්හි මානානුසයෙන් අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන සානුසයො තතො මානානුසයෙන සානුසයොති: දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච තතො මානානුසයෙන සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයෙන ච සානුසයො, මානානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දුඃඛ වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි මානානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූප ධාතුයෙහි දැයි එහි අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. මානානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT52-54. යතො දිට්ඨානුසයෙන සානුසයො තතො විචිකිච්ඡානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT52-54. යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො තතො දිට්ඨානුසයෙන සානුසයොති: ආමන්තා. -පෙ-
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT55-56. යතො විචිකිච්ඡානුසයෙන සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: කාමධාතුයා තීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච තතො භවරාගානුසයෙන සානුසයො. රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො, භවරාගානුසයෙන ච සානුසයො.
Sinhala BJT55-56. යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. රූපධාතුයෙහි ද අරූප ධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො විචිකිච්ඡානුසයෙන සානුසයොති: ආමන්තා. -පෙ-
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT57. යතො භවරාගානුසයෙන සානුසයො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT57. යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: කාමධාතුයා තීසු වෙදනාසු තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච තතො භවරාගානුසයෙන සානුසයො රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයෙන ච සානුසයො භවරාගානුසයෙන ච සානුසයො. (එකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ. (ඒකමූලක යි)
Pali BJT58. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො තතො මානානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT58. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන මානානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො මානානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො මානානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේනම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වේ.
Pali BJT59-60. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT59-60. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වේ.
Pali BJT61. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT61. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති
Pali BJTයතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: නො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJT62. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT62. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන සානුසයො. (දුකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙ. (දුකමූලකයි)
Pali BJT63-64. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT63-64. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ.
Pali BJT65. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT65. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: මානානුසයෙන සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් අනුශය සහිත වේ.
Pali BJT66. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT66. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. (තිකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (තිකමූලක යි).
Pali BJT67. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො තතො විචිකිච්ඡානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT67. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො විචිකිච්ඡානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක්ඛාය වෙදනාය තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛ වේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT68. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT68. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයොති: මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT69. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT69. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. (චතුක්ක මූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (චතුක්කමූලක යි).
Pali BJT70. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො තතො භවරාගානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT70. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන භවරාගානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයොති: මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙ.
Pali BJT71. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT71.යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. කාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො. නො ච තතො පටිඝානුසයෙන සානුසයො. දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච සානුසයො. (පඤ්චකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද නො ද අනුශය සහිත වේ. (පඤ්චක මූලක යි)
Pali BJT72. යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT72. යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයතො වා පන අවිජ්ජානුසයෙන සානුසයො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයොති: රූපධාතුයා අරූපධාතුයා තතො අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි.
Pali BJTකාමධාතුයා ද්වීසු වෙදනාසු තතො අවිජ්ජානුසයෙන ච කාමරාගානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච තතො පටිඝානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො, දුක්ඛාය වෙදනාය තතො අවිජ්ජානුසයෙන ච පටිඝානුසයෙන ච දිට්ඨානුසයෙන ච විචිකිච්ඡානුසයෙන ච සානුසයො, නො ච තතො කාමරාගානුසයෙන ච මානානුසයෙන ච භවරාගානුසයෙන ච සානුසයො. (ඡක්කමූලකං)
Sinhala BJTකාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. එහි පටිඝානුසයෙන් ද භවරාගානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසයෙන් ද පටිඝානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, එහි කාමරාගානුසයෙන් ද මානානුසයෙන් ද භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. (ඡක්කමූලකයි.)
Pali BJTඅනුලොම ඔකාසං.
Sinhala BJTඅනුලෝමාවකාශ යි.
Pali BJT73. යො යතො කාමරාගානුසයෙන සානුසයො සො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
Sinhala BJT73. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
Pali BJTයො වා පන යතො පටිඝානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන සානුසයොති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJT74. යො යතො කාමරාගානුසයෙන සානුසයො සො තතො මානානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT74. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො මානානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන සානුසයොති: අනාගාමී කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො මානානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන සානුසයො. තයො පුග්ගලා රූපධාතුයා. අරූපධාතුයා තෙ තතො මානානුසයෙන සානුසයො, නො ච තෙ තතො කාමරාගානුසයෙන සානුසයා. තෙ ව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො මානානුසයෙන ච සානුසයා, කාමරාගානුසයොන ච සානුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, ඔහු එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
Pali BJT75-76. යො යතො කාමරාගානුසයෙන සානුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: ද්වෙ පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො කාමරාගානුසයෙන සානුසයො, නො ච තෙ තතො විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො කාමරාගානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJT75-76. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙ පුඟුල්හු කාමධාතුයෙහි දෙ වැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු කාමරාගානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතය හ. පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන සානුසයොති: පුථුජ්ජනො දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො. කාමරාගානුසයෙන ච සානුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT77. යො යතො කාමරාගානුසයොන සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: නො.
Sinhala BJT77. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන සානුසයොති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ නම් එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJT78. යො යතො කාමරාගානුසයෙන සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT78. යමෙක් එහි තැනෙක කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන සානුසයොති: අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයොන සානුසයො. තයො පුග්ගලා දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයොන සානුසයා. තෙ’ව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන ච සානුසයා, කාමරාගානුසයෙන ච සානුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයයෙන් අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හුම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ. කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
Pali BJT79. යො යතො පටිඝානුසයෙන සානුසයො සො තතො මානානුසයොන සානුසයොති: නො.
Sinhala BJT79. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
Pali BJTයො වා පන යතො මානානුසයෙන සානුසයො සො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJT80-81. යො යතො පටිඝානුසයෙන සානුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: ද්වෙ පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො පටිඝානුසයෙන සානුසයා, නො ච තෙ තතො විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො දුක්ඛාය වෙදනාය සො තතො පටිඝානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJT80-81. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙ පුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු පටිඝානුසයෙන් අනුශය සහිතයහ, ඔහු එහි විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො පටිඝානුසයෙන සානුසයොති: පුථුජ්ජනො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො පටිඝානුසයෙන ච සානුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහ් ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT82. යො යතො පටිඝානුසයෙන සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: නො.
Sinhala BJT82. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වෙයි.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො පටිඝානුසයෙන සානුසයොති: නො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නො වේ.
Pali BJT83. යො යතො පටිඝානුසයෙන සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT83. යමෙක් යම් තැනෙක පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො පටිඝානුසයෙන සානුසයොති: අනාගාමී කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන සානුසයො නො ච සො තතො පටිඝානුසයෙන සානුසයො. තයො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන සානුසයා. තෙව පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන ච සානුසයා, පටිඝානුසයෙන ච සානුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ. පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ.
Pali BJT84-85. යො යතො මානානුසයෙන සානුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: තයො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො මානානුසයෙන සානුසයා, නො ච තෙ තතො විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො මානානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJT84-85. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො මානානුසයෙන සානුසයොති: පුථුජ්ජනො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච සො තතො මානානුසයෙන සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො, මානානුසයෙන ච සානුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි මානානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙන් ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි. මානානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT86. යො යතො මානානුසයෙන සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: චත්තාරො පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො මානානුසයෙන සානුසයා, නො ච තෙ තතො භවරාගානුසයෙන සානුසයා. තෙව පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො මානානුසයෙන ච සානුසයා, භවරාගානුසයෙන ච සානුසයා.
Sinhala BJT86. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් ද අනුශය සහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො මානානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT87. යො යතො මානානුසයෙන සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT87. යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේයි.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො මානානුසයෙන සානුසයොති: චත්තාරො පුග්ගලා දුක්ඛාය වෙදනාය තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා, නො ච තෙ තතො මානානුසයෙන සානුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන ච සානුසයා, මානානුසයෙන ච සානුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත් : සිවුපුඟුල්හු දුඃඛවේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු මානානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, මානානුසයෙන් ද අනුශය සහිතයහ.
Pali BJT88-90. යො යතො දිට්ඨානුසයෙන සානුසයො සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT88-90. යමෙක් යම් තැනෙක දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො දිට්ඨානුසයෙන සානුසයොති: ආමන්තා. -පෙ-
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT91. යො යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො භවරාගානුසයෙන සානුසයොති: පුථුජ්ජනො කාමධාතුයා තීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච සො තතො භවරාගානුසයෙන සානුසයො, ස්වෙව පුග්ගලො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන ච සානුසයො, භවරාගානුසයෙන ච සානුසයො.
Sinhala BJT91. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි, එහි හේ භවරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වෙයි, භවරාගානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJTයො වා පන යතො භවරාගානුසයෙන සානුසයො සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයොති: තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො භවරාගානුසයෙන සානුසයා, නො ච තෙ තතො විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො භවරාගානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු භවරාගානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ භවරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT92. යො යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT92. යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයොති: තයො පුග්ගලා කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා. නො ච තෙ තතො විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො අවිජ්ජානුසයෙන ච සානුසයො. විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන්පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැයි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT93. යො යතො භවරාගානුසයෙන සානුසයො සො තතො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT93. යමෙක් යම් තැනෙක භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන යතො අවිජ්ජානුසයෙන සානුසයො සෙ තතො භවරාගානුසයෙන සානුසයොති: චත්තාරො පුග්ගලා කාමධාතුයා තීසු වෙදනාසු තෙ තතො අවිජ්ජානුසයෙන සානුසයා, නො ච තෙ තතො භවරාගානුසයෙන සානුසයා. තෙව පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො අවිජ්ජානුසයෙන ච සානුසයා, භවරාගානුසයෙන ච සානුසයා. (එකමූලකං)
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: සිවු පුඟුල්හු කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ. එහි ඔහු භවරාගානුසයෙන් නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, භවරාගානුසයෙන් ද අනුශය සහිතයහ. (ඒකමූලක යි).
Pali BJT94. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො තතො මානානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT94. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො මානානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: අනාගාමී කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා සො තතො මානානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, තයො පුග්ගලා රූපධාතුයා අරූපධාතුයා තෙ තතො මානානුසයෙන සානුසයා, නො ච තෙ තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා. තෙව පුග්ගලා කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙ තතො මානානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයා, නො ච තෙ තතො පටිඝානුසයෙන සානුසයා.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ මානානුසයෙන් අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන්පුඟුල්හු රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහු මානානුසයෙන් අනුශය සහිතයහ, එහි ඔහු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිතයහ. ඒ පුඟුල්හු මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහු මානානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ, එහි ඔහු පටිඝානුසයෙන් නො ද අනුශය සහිතයහ.
Pali BJT95-96. යො යතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො තතො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: නත්ථි.
Sinhala BJT95-96. යමෙක් යම් තැනෙක කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: නැති.
Pali BJTයො වා පන යතො විචිකිච්ඡානුසයෙන සානුසයො සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: පුථුජ්ජනො රූපධාතුයා අරූපධාතුයා සො තතො විචිකිච්ඡානුසයෙන සානුසයො, නො ච සො තතො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. ස්වෙව පුග්ගලො කාමධාතුයා ද්වීසු වෙදනාසු සො තතො විචිකිච්ඡානුසයෙන ච කාමරාගානුසයෙන ච සානුසයො, නො ච සො තතො පටිඝානුසයෙන සානුසයො. ස්වෙව පුග්ගලො දුක්ඛාය වෙදනාය සො තතො විචිකිච්ඡානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. නො ච සො තතො කාමරාගානුසයෙන සානුසයො.
Sinhala BJTතව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ එහි කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: පුහුදුන් තෙම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වෙයි. එහි හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. හේ එහි පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනා ඇති කල්හි එහි හේ විචිකිච්ඡානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, හේ එහි කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වේ.