Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2901-3000 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්තීති: දුක්ඛාය වෙදනාය එත්ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන්ති; නො ච තත්ථ පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති. අපරියාපන්නෙ එත්ථ භවරාගානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති යත්: දුඃඛවේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති. එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය නො වෙති. අපරියාපන්නය ඇති කල්හි මෙහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත්.
Pali BJT179. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT179. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්තීති: ආමන්තා. (පඤ්චක මූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (පඤ්චකමූලකයි)
Pali BJT180. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන්ති තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT180. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො නානුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන්තීති: ආමන්තා. (ඡක්කමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (ඡක්කමූලකයි)
Pali BJT(පටිලොමාවකාසො.)
Sinhala BJT(ප්‍රතිලෝමාවකාශ යි.)
Pali BJT181. යස්ස යත්ථ කාමරාගානුසයො නානුසෙති තස්ස තත්ථ පටිඝානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං රූපධාතුයා අපරියාපන්නෙ තෙසං තත්ථ කාමරාගානුසයො ච නානුසෙති. පටිඝානුසයො ච නානුසෙති. ද්වින්නං පුග්ගලානං සබ්බත්ථ කාමරාගානුසයො ච නානුසෙති. පටිඝානුසයො ච නානුසෙති.
Sinhala BJT181. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛ වේදනා ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය කො වේ. දෙපුඟුලනට හැම තැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ පටිඝානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො නානුසෙති. තෙසඤ්ඤෙ ච පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තෙසං තත්ථ පටිඝානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති. ද්වින්නං පුග්ගලානං සබ්බත්ථ පටිඝානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය ස ද අනුශය නො වෙයි. කාමරාගානුසයද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
Pali BJT182. යස්ස යත්ථ කාමරාගානුසයො නානුසෙති තස්ස තත්ථ මානානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තෙසං තත්ථ මානානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තෙසං තත්ථ කාමරාගානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති. අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තස්ස තත්ථ මානානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තස්ස තත්ථ කාමරාගානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති. අර හතො සබ්බත්ථ කාමරාගානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති.
Sinhala BJT182. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසයද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට එහි මානානුසය ද නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසයද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ මානානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT183-184. යස්ස යත්ථ කාමරාගානුසයො නානුසෙති තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: පුථුජ්ජනස්ස දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ කාමරාගානුසයො නානුසෙති. නො ච තස්ස තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස අපරියාපන්නෙ තස්ස තත්ථ කාමරාගානුසයො ච නානුසෙති. විචිකිච්ඡානුසයො ච නානුසෙති. ද්වින්නං පුග්ගලානං සබ්බත්ථ කාමරාගානුසයො ච නානුසෙති. විචිකිච්ඡානුසයො ච නානුසෙති.
Sinhala BJT183-184. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැමතැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො නානුසෙතීති: ද්වින්නං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය රූපධාතුයා අපරියාපන්නෙ තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති. ද්වින්නං පුග්ගලානං සබ්බත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති. කාමරාගානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: දෙපුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැමතැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
Pali BJT185. යස්ස යත්ථ කාමරාගානුසයො නානුසෙති තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ කාමරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ භවරාගානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තෙසං තත්ථ කාමරාගානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති. අනාගාමිස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ කාමරාගානුසයො නානුසෙති, නො ච තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන්නෙ තස්ස තත්ථ කාමරාගානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ කාමරාගානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති.
Sinhala BJT185. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලන්ට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද එහි ඔහුට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔහුට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො නානුසෙති තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ භවරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තෙසං තත්ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
Pali BJT186. යස්ස යත්ථ කාමරාගානුසයො නානුසෙති තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ කාමරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ කාමරාගානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති. අනාගාමිස්ස කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ කාමරාගානුසයො නානුසෙති, නො ච තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස අපරියාපන්නෙ තස්ස කාමරාගානුසයො ච නානුසෙති. අවිජ්ජානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ කාමරාගානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT186. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT187. යස්ස යත්ථ පටිඝානුසයො නානුසෙති තස්ස තත්ථ මානානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ මානානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ පටිඝානුසයො ච නානුසෙති. මානානුසයො ච නානුසෙති. අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ පටිඝානුසයො නානුසෙති. නො ච තස්ස තත්ථ මානානුසයො නානුසෙති, තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තස්ස තත්ථ පටිඝානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ පටිඝානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති.
Sinhala BJT187. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය ද අනුශය නො වෙයි, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ මානානුසයො නානුසෙති තස්ස තත්ථ පටිඝානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ මානානුසයො නානුසෙති. නො ච තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ මානානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ මානානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛ වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි මානානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වේ.
Pali BJT188-189. යස්ස යත්ථ පටිඝානුසයො නානුසෙති තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: පුථුජ්ජනස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ පටිඝානුසයො නානුසෙති, නො ච තස්ස තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස අපරියාපන්නෙ තස්ස තත්ථ පටිඝානුසයො ච නානුසෙති, විචිකිච්ඡානුසයො ච නානුසෙති. ද්වින්නං පුග්ගලානං සබ්බත්ථ පටිඝානුසයො ච නානුසෙති, විචිකිච්ඡානුසයො ච නානුසෙති.
Sinhala BJT188-189. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස තත්ථ පටිඝානුසයො නානුසෙතීති: ද්වින්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති. ද්වින්නං පුග්ගලානං සබ්බත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: දෙපුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැම තැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වේ.
Pali BJT190. යස්ස යත්ථ පටිඝානුසයො නානුසෙති තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ භවරාගානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ තෙසං තත්ථ පටිඝානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති. අනාගාමිස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ පටිඝානුසයො නානුසෙති, නො ච තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන්නෙ තස්ස තත්ථ පටිඝානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ පටිඝානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති.
Sinhala BJT190. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය අනුශය නො වෙයි, භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො නානුසෙති තස්ස තත්ථ පටිඝානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ භවරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු අපරියාපන්නෙ තෙසං තත්ථ භවරාගානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ භවරාගානුසයො ච නානුසෙති, පටිඝානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද අනුශය නො වෙයි, පටිඝානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
Pali BJT191. යස්ස යත්ථ පටිඝානුසයො නානුසෙති තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ පටිඝානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති. අනාගාමිස්ස කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ පටිඝානුසයො නානුසෙති, නො ච තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස අපරියාපන්නෙ තස්ස තත්ථ පටිඝානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ පටිඝානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT191. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට පටිඝානුසය අනුශය නො වෙයි, ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො නානුසෙති තස්ස තත්ථ පටිඝානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT192-193. යස්ස යත්ථ මානානුසයො නානුසෙති තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: පුථුජ්ජනස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ මානානුසයො නානුසෙති, නො ච තස්ස තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස අපරියාපන්නෙ තස්ස තත්ථ මානානුසයො ච නානුසෙති, විචිකිච්ඡානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ මානානුසයො ච නානුසෙති, විචිකිච්ඡානුසයො ච නානුසෙති.
Sinhala BJT192-193. යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය අනුශය නො වෙයි, ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට මානානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි මානානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස තත්ථ මානානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ මානානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. එහි ඔවුනට මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
Pali BJT194. යස්ස යත්ථ මානානුසයො නානුසෙති තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT194. යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො නානුසෙති තස්ස තත්ථ මානානුසයො නානුසෙතීති: චතුන්නං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ භවරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ මානානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තෙසං තත්ථ භවරාගානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ භවරාගානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: සිවු පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
Pali BJT195. යස්ස යත්ථ මානානුසයො නානුසෙති තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: චතුන්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ මානානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ මානානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ මානානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT195. යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: සිවුපුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි මානානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො නානුසෙති තස්ස තත්ථ මානානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT196. යස්ස යත්ථ දිට්ඨානුසයො නානුසෙති තස්ස තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT196. යමකුට යම් තැනෙක දිට්ඨානුසය අනුශය නො වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස තත්ථ දිට්ඨානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT197-199. යස්ස යත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ භවරාගානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන්නෙ තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, භවරාගානුසයො ච නානුසෙති.
Sinhala BJT197-199. යමකුට යම් තැනෙක දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. භවරාගානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො නානුසෙති තස්ස තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙතීති: පුථුජ්ජනස්ස කාමධාතුයා තීසු වෙදනාසු තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙති, නො ච තස්ස තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස අපරියාපන්නෙ තස්ස තත්ථ භවරාගානුසයො ච නානුසෙති, විචිකිච්ඡානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ භවරාගානුසයො ච නානුසෙති, විචිකිච්ඡානුසයො ච නානුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය ද අනුශය නො වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
Pali BJT200. යස්ස යත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT200. යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි තුන්වැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි, ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැම තැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො නානුසෙති තස්ස තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJT201. යස්ස යත්ථ භවරානුසයො නානුසෙති තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: චතුන්නං පුග්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු තෙසං තත්ථ භවරාගානුසයො නානුසෙති, නො ච තෙසං තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ භවරාගානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ භවරාගානුසයො ච නානුසෙති, අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT201. යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: සිවු පුඟුලනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය අනුශය නො වෙයි, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි භවරාගානුසය ද අනුශය නො වෙයි, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො නානුසෙති තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන්තා. (එකමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
Pali BJT202. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති තස්ස තත්ථ මානානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ මානානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. මානානුසයො ච නානුසෙති. අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තස්ස තත්ථ මානානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. මානානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, මානානුසයො ච නානුසෙති.
Sinhala BJT202. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, මානානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙයි, මානානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. මානානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ මානානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තීති: තිණ්ණං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ මානානුසයො ච කාමරාගානුසයො ච නානුසෙති, නො ච තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ මානානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. අරහතො සබ්බත්ථ මානානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මානානනුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. රහත්හට හැමතැන්හි මානානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත්.
Pali BJT203-204. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තී තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තස්ස තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස අපරියාපන්නෙ තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, විචිකිච්ඡානුසයො ච නානුසෙති. ද්වින්නං පුග්ගලානං සබ්බත්ථ -පෙ-
Sinhala BJT203-204. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැමතැන්හි ...
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තීති: ද්වින්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා අපරියාපන්නෙ තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. ද්වින්නං පුග්ගලානං සබ්බත්ථ -පෙ-.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: දෙ පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලන්හට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. දෙපුඟුලන්හට හැමතැන්හි ...
Pali BJT205. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා, අරූපධාතුයා තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ භවරාගානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, භවරාගානුසයො ච නානුසෙති. අනාගාමිස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා තීසු වෙදනාසු අපරියාපන්නෙ තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, භවරාගානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ -පෙ-.
Sinhala BJT205. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, භවරාගානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි භවරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, භවරාගානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි ...
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තීති: තිණ්ණං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. අරහතො සබ්බත්ථ -පෙ-.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට භවරාගානුසය ද කාමරාගානුසය ද අනුශය නො වෙති. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. රහත්හට හැමතැන්හි ...
Pali BJT206. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා, අරූපධාතුයා තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, අවිජ්ජානුසයො ච නානුසෙති. අනාගාමිස්ස කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා
Sinhala BJT206. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද
Pali BJTඅරූපධාතුයා තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස අපරියාපන්නෙ තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. අවිජ්ජානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ -පෙ-.
Sinhala BJTඅරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි ...
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්තීති: ආමන්තා. (දුකමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (දුකමූලක යි.)
Pali BJT207-208. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT207-208. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්තීති: ද්වින්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන්ති නො ච තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන්ති. තෙසඤ්ඤෙව පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ මානානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති. අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච නාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තස්ස තත්ථ මානානුසයො නානුසෙති, තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති. අරහතො සබ්බත්ථ -පෙ-.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: දෙපුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුලනට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි මානානුසය ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අනුශය නොවෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. රහත්හට හැම තැන්හි ...
Pali BJT209. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති තස්ස තත්ථ භවරාගානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT209. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්තීති: තිණ්ණං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ පටිඝානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ රාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන්ති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති. අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති, නො ච තස්ස තත්ථ මානානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තස්ස තත්ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති. අරහතො සබ්බත්ථ -පෙ-.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: තුන් පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. රහත්හට හැම තැන්හි ...
Pali BJT210. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: අනාගාමිස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති, නො ච තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස අපරියාපන්නෙ තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්ති, අවිජ්ජානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ -පෙ-
Sinhala BJT210. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති. ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි ...
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච නානුසෙන්තීති: ආමන්තා. (තිකමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (තිකමූලක යි)
Pali BJT211-213. යස්ස යත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති තස්ස තත්ථ විචිකිච්ඡානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT211-213. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්තීති: ද්වින්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ පටිඝානුසයො ච නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන්ති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති යත්: දෙ පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති.
Pali BJTතෙසඤ්ඤෙව පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ මානානුසයො නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති. අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති, නො ච තස්ස මානානුසයො නානුසෙති, තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති. අරහතො සබ්බත්ථ විචිකිච්ඡානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච නානුසෙන්ති -පෙ- (චතුක්කමූලකං).
Sinhala BJTඒ පුඟුලන්හට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලන්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙති. රහත්හට හැම තැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය නො වෙත් ... (චතුක්කමූලක යි.)
Pali BJT214-215. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති තස්ස තත්ථ භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො නානුසෙතීති: ආමන්තා.
Sinhala BJT214-215. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්තීති: පුථුජ්ජනස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන්ති, නො ච තස්ස තත්ථ පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච නානුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස අපරියාපන්නෙ තස්ස තත්ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති. ද්වින්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති. නො ච තෙසං තත්ථ පටිඝානුසයො ච නානුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ භවරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච නානුසෙන්ති. තෙසඤ්ඤෙව පුග්ගලානං අපරියාපන්නෙ තෙසං තත්ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති. අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති යත්: පුහුදුන්හට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය නො වෙති. ඔහුට එහි පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද පටිඝානුසය ද අනුශය නො වෙති. ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. දෙ පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති, ඔවුනට එහි පටිඝානුසය ද නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය නො වෙති. ඒ පුඟුලනට ම අපරියාපන්නය ඇති කල්හි ඔවුනට එහි භවරාගානුසය ද අනුශය නො වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති.
Pali BJTතස්ස තත්ථ භවරාගානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති, නො ච තස්ස තත්ථ මානානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය අපරියාපන්නෙ තස්ස තත්ථ භවරාගානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච නානුසෙන්ති. අරහතො සබ්බත්ථ -පෙ- (පඤ්චකමූලකං)
Sinhala BJTඑකල්හි ඔහුට එහි භවරාගානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය නො වෙති. රහත්හට හැමතැන්හි ... (පඤ්චකමූලක යි.)
Pali BJT216. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන්ති තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙතීති: අනාගාමිස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන්ති, නො ච තස්ස තත්ථ අවිජ්ජානුසයො නානුසෙති. තස්සෙව පුග්ගලස්ස අපරියාපන්නෙ තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන්ති, අවිජ්ජානුසයො ච නානුසෙති. අරහතො සබ්බත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන්ති, අවිජ්ජානුසයො ච නානුසෙති.
Sinhala BJT216. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය නො වේ ද යත්: අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති, ඔහුට එහි අවිජ්ජානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති, අවිජ්ජානුසය ද අනුශය නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො නානුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච නානුසෙන්තීති: ආමන්තා. (ඡක්කමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය නො වෙති යත්: එසේ යි. (ඡක්කමූලක යි.)
Pali BJTපටිලොමපුග්ගලොකාසං
Sinhala BJTප්‍රතිලෝම පුද්ගලාවකාශ යි.
Pali BJTඅනුසයවාරෙ පටිලොමං.
Sinhala BJTඅනුශයවාරයෙහි ප්‍රතිලෝම යි.
Pali BJTඅනුසයවාරො.
Sinhala BJTඅනුසයවාර යි.
Pali BJT2. සානුසයවාරො.
Sinhala BJT2. සානුසයවාර
Pali BJT1. යො කාමරාගානුසයෙන සානුසයො සො පටිඝානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT1. යමෙක් (ආර්‍ය්‍ය මාර්‍ගයෙන් අනුශය අප්‍රහීණ බැවින්) කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන පටිඝානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT2. යො කාමරාගානුසයෙන සානුසයො සො මානානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT2. යමෙක් කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන මානානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන සානුසයොති: අනාගාමී මානානුසයෙන සානුසයො, නො ච කාමරාගානුසයෙන සානුසයො. තයො පුග්ගලා මානානුසයෙන ච සානුසයා, කාමරාගානුසයෙන ච සානුසයා.
Sinhala BJTතවද යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම මානානුසයෙන් අනුශය සහිත වෙයි. කාමරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු මානානුසයෙන් ද අනුශය සහිතයහ. කාමාරාගානුසයෙන් ද අනුසය සහිතයහ.
Pali BJT3-4. යො කාමරාගානුසයෙන සානුසයො සො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: ද්වෙ පුග්ගලා කාමරාගානුසයෙන සානුසයා, නො ච විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො කාමරාගානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJT3-4. යමෙක් කාමරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමරාගානුසයෙන් අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමරාගානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ යම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT5-6. යො කාමරාගානුසයෙන සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT5-6 යමෙක් කාමාරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන සානුසයොති: අනාගාමී අවිජ්ජානුසයෙන සානුසයො, නො ච කාමරාගානුසයෙන සානුසයො. තයො පුග්ගලා අවිජ්ජානුසයෙන ච සානුසයා, කාමරාගානුසයෙන ච සානුසයා.
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, කාමාරාගානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන්පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ. කාමරාගානුසයෙන් අනුශය සහිතයහ.
Pali BJT7. යො පටිඝානුසයෙන සානුසයො සො මානානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT7. යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන මානානුසයෙන සානුසයො සො පටිඝානුසයෙන සානුසයොති: අනාගාමී මානානුසයෙන සානුසයො, නො ච පටිඝානුසයෙන සානුසයො. තයො පුග්ගලා මානානුසයෙන ච සානුසයා, පටිඝානුසයෙන ච සානුසයා.
Sinhala BJTතවද යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම මානානුසයෙන් අනුශය සහිත වෙයි. පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු මානානුසයෙන් ද අනුශය සහිතය හ, පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ.
Pali BJT8-9. යො පටිඝානුසයෙන සානුසයො සො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: ද්වෙ පුග්ගලා පටිඝානුසයෙන සානුසයා, නො ච විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො පටිඝානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJT8-9. යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු පටිඝානුසයෙන් අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි. විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො සො පටිඝානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT10-11. යො පටිඝානුසයෙන සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT10-11. යමෙක් පටිඝානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන සානුසයො සො පටිඝානුසයෙන සානුසයොති: අනාගාමී අවිජ්ජානුසයෙන සානුසයො, නො ච පටිඝානුසයෙන සානුසයො. තයො පුග්ගලා අවිජ්ජානුසයෙන ච සානුසයා, පටිඝානුසයෙන ච සානුසයා.
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ පටිඝානුසයෙන් අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, පටිඝානුසයෙන් නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ.
Pali BJT12-13. යො මානානුසයෙන සානුසයො සො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: තයො පුග්ගලා මානානුසයෙන සානුසයා, නො ච විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො මානානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJT12-13. යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන්පුඟුල්හු මානානුසයෙන් අනුශය සහිතයහ. විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ, පුහුදුන් තෙම මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො සො මානානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
Pali BJT14-15. යො මානානුසයෙන සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT14-15. යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන සානුසයො සො මානානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT16-18. යො දිට්ඨානුසයෙන සානුසයො සො විචිකිච්ඡානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT16-18.යමෙක් දිට්ඨානුසයෙන් අනුශය සහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො සො දිට්ඨානුසයෙන සානුසයොති: ආමන්තා. -පෙ-
Sinhala BJTතවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT19-20. යො විචිකිච්ඡානුසයෙන සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT19-20. යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන සානුසයො සො විචිකිච්ඡානුසයෙන සානුසයොති: තයො පුග්ගලා අවිජ්ජානුසයෙන සානුසයා, නො ච විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො අවිජ්ජානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම අවිජ්ජානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJT21. යො භවරාගානුසයෙන සානුසයො සො අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT21. යමෙක් භවරාගානුසයෙන් අනුශය සහිත වේ නම් හේ අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන සානුසයො සො භවරාගානුසයෙන සානුසයොති: ආමන්තා. (එකමූලකං)
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි. (ඒකමූලක යි)
Pali BJT22. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො මානානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT22.යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ මානානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
Pali BJTයො වා පන මානානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: අනාගාමී මානානුසයෙන සානුසයො. නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. තයො පුග්ගලා මානානුසයෙන ච සානුසයා. කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා.
Sinhala BJTතවද යමෙක් මානානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම මානානුසයෙන් අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු මානානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද අනුශය සහිතයහ.
Pali BJT23-24. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: ද්වෙ පුග්ගලා කාමරාගානුසයොන ච පටිඝානුසයෙන ච සානුසයා, නො ච විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJT23-24. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ද විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT25-26. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT25-26. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයොති: අනාගාමී අවිජ්ජානුසයෙන සානුසයො, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. තයො පුග්ගලා අවිජ්ජානුසයෙන ච සානුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයා. (දුකමූලකං)
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් අනුශය සහිත වෙයි, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිතය වෙයි. තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් අනුශය සහිතයහ. (දුකමූලකයි).
Pali BJT27-28. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො සො දිට්ඨානුසයෙන -පෙ- විචිකිච්ඡානුසයෙන සානුසයොති: ද්වෙ පුග්ගලා කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයා, නො ච විචිකිච්ඡානුසයෙන සානුසයා. පුථුජ්ජනො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, විචිකිච්ඡානුසයෙන ච සානුසයො.
Sinhala BJT27-28. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ දිට්ඨානුසයෙන් ... විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: දෙපුඟුල්හු කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ, විචිකිච්ඡානුසයෙන් නො ද අනුශය සහිතයහ. පුහුදුන් තෙම කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, විචිකිච්ඡානුසයෙන් ද අනුශය සහිත වේ.
Pali BJTයො වා පන විචිකිච්ඡානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJT29-30. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයො සො භවරාගානුසයෙන -පෙ- අවිජ්ජානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT29-30. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ භවරාගානුසයෙන් ... අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.
Pali BJTයො වා පන අවිජ්ජානුසයෙන සානුසයො සො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයොති: අනාගාමී අවිජ්ජානුසයෙන ච මානානුසයෙන ච සානුසයො, නො ච කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච සානුසයො. තයො පුග්ගලා අවිජ්ජානුසයෙන ච සානුසයා, කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච සානුසයා. (තිකමූලකං)
Sinhala BJTතවද යමෙක් අවිජ්ජානුසයෙන් අනුශය සහිත වේ නම් හේ කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වේ ද යත්: අනගැමි තෙම අවිජ්ජානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිත වෙයි, කාමාරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද නො ද අනුශය සහිත වෙයි. තුන් පුඟුල්හු අවිජ්ජානුසයෙන් ද අනුශය සහිතයහ, කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද අනුශය සහිතයහ. (තිකමූලකයි)
Pali BJT31-33. යො කාමරාගානුසයෙන ච පටිඝානුසයෙන ච මානානුසයෙන ච දිට්ඨානුසයෙන ච සානුසයො සො විචිකිච්ඡානුසයෙන සානුසයොති: ආමන්තා.
Sinhala BJT31-33. යමෙක් කාමරාගානුසයෙන් ද පටිඝානුසයෙන් ද මානානුසයෙන් ද දිට්ඨානුසයෙන් ද අනුශය සහිත වේ නම් හේ විචිකිච්ඡානුසයෙන් අනුශය සහිත වේ ද යත්: එසේ යි.