Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 201-300 න් 7973

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-yam:50.5
Pali BJT12. න විඤ්ඤාණං න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න රූපක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJT12. විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:50.6
Pali BJTන විඤ්ඤාණං න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTවිඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:50.7
Pali BJTන විඤ්ඤාණං න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTවිඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:50.8
Pali BJTන විඤ්ඤාණං න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJTවිඥාන නොවූයේ විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
ap-yam:50.9
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධන මූලචක්‍රවාර යි.
ap-yam:50.10
Pali BJT13. රූපං ඛන්ධොති: ආමන්තා. ඛන්ධා රූපක්ඛන්ධොති: රූපක්ඛන්ධො ඛන්ධො චෙව රූපක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා න රූපක්ඛන්ධො.
Sinhala BJT13. රූපය ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූප ස්කන්‍ධ යැ යත්: රූපස්කන්‍ධය ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි, (වේදනාදී) අවශේෂයෝ ස්කන්‍ධ වෙති, රූපස්කන්‍ධ නො වෙයි.
ap-yam:50.11
Pali BJTවෙදනා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා වෙදනාක්ඛන්ධොති: වෙදනාක්ඛන්ධො ඛන්ධො චෙව වෙදනාක්ඛන්ධො ච, අවසෙසා ඛන්ධා, න වෙදනාක්ඛන්ධො.
Sinhala BJTවේදනාව ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ යැ යත්: වේදනාස්කන්‍ධය ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වෙයි.
ap-yam:50.12
Pali BJTසඤ්ඤා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඤ්ඤාක්ඛන්ධොති: සඤ්ඤාක්ඛන්ධො ඛන්ධො චෙව සඤ්ඤාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTසංඥාව ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ යැ යත්: සංඥාස්කන්‍ධය ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වෙයි.
ap-yam:50.13
Pali BJTසඞ්ඛාරා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධො ඛන්ධො චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTසංස්කාරයෝ ස්කන්‍ධ යැ යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාර ස්කන්‍ධ යැ යත්: සංස්කාරස්කන්‍ධය ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වෙයි.
ap-yam:50.14
Pali BJTවිඤ්ඤාණං ඛන්ධොති: ආමන්තා. ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධොති: විඤ්ඤාණක්ඛන්ධො ඛන්ධො චෙව විඤ්ඤාණක්ඛන්ධො ච, අවසෙසා ඛන්ධා, න විඤ්ඤාණක්ඛන්ධො. (අනුලොමං)
Sinhala BJTවිඥානය ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ යැ යත්: විඥානස්කන්‍ධය ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
ap-yam:52.1
Pali BJT14. න රූපං න ඛන්ධොති: රූපං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න රූපං, ඛන්ධා. රූපඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව රූපං න ච ඛන්ධා. න ඛන්ධා න රූපක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJT14. රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නොවූයේ යැ, ස්කන්‍ධයෝ යැ. රූපයත් ස්කන්‍ධයනුත් තබා අවශේෂයෝ (පඤ්චස්කන්‍ධ විනිර්මුක්ත වූ නිර්‍වාණයත් ප්‍රඥප්තියත්) නොද රූප වෙයි, නොද ස්කන්‍ධ වෙති. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ.
ap-yam:52.2
Pali BJTන වෙදනා න ඛන්ධොති: වෙදනං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න වෙදනා, ඛන්ධා. වෙදනඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව වෙදනා න ච ඛන්ධා. න ඛන්ධා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTවේදනා නොවූයේ ස්කන්‍ධ නොවූයේ වෙයි යත්: වේදනාව තබා අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා යැ, නොද ස්කන්‍ධයෝ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යෑ·
ap-yam:52.3
Pali BJTන සඤ්ඤා න ඛන්ධොති: සඤ්ඤං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න සඤ්ඤා, ඛන්ධා. සඤ්ඤඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව සඤ්ඤා න ච ඛන්ධා. න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංඥා නොවූයේ ස්කන්‍ධ නොවූයේ යැ යත්: සංඥාව තබා අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වෙති. සංඥාවත් ස්කන්‍ධයනුත් තබා අවශේෂයෝ නොද සංඥා යැ. නොද ස්කන්‍ධ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ.
ap-yam:52.4
Pali BJTන සඞ්ඛාරා න ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ.
ap-yam:52.5
Pali BJTන විඤ්ඤාණං න ඛන්ධොති: විඤ්ඤාණං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න විඤ්ඤාණං, ඛන්ධා. විඤ්ඤාණඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව විඤ්ඤාණං න ච ඛන්ධා. න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJTවිඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නොවූයේ යැ, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ නොද ස්කන්‍ධයෝ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
ap-yam:52.6
Pali BJTසුද්ධඛන්ධවාරො.
Sinhala BJTශුද්ධස්කන්‍ධවාර යි.
ap-yam:52.7
Pali BJT15. රූපං ඛන්ධොති: ආමන්තා. ඛන්ධා වෙදනාක්ඛන්ධොති: වෙදනාක්ඛන්ධො ඛන්ධො චෙව වෙදනාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න වෙදනාක්ඛන්ධො.
Sinhala BJT15. රූප ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෙන් ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
ap-yam:52.8
Pali BJTරූපං ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඤ්ඤාක්ඛන්ධොති: සඤ්ඤාක්ඛන්ධො ඛන්ධො චෙව සඤ්ඤාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTරූපස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වේ.
ap-yam:52.9
Pali BJTරූපං ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධො ඛන්ධො චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTරූපස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
ap-yam:52.10
Pali BJTරූපං ඛන්ධොති: ආමන්තා. ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධොති: විඤ්ඤාණක්ඛන්ධො ඛන්ධො චෙව විඤ්ඤාණක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTරූප ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. විඥානස්කන්‍ධ නො වේ.
ap-yam:54.1
Pali BJT16. වෙදනා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා රූපක්ඛන්ධොති: රූපක්ඛන්ධො ඛන්ධා චෙව රූපක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න රූපක්ඛන්ධො.
Sinhala BJT16. වේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
ap-yam:54.2
Pali BJTවෙදනා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඤ්ඤාක්ඛන්ධොති: සඤ්ඤාක්ඛන්ධො ඛන්ධො චෙව සඤ්ඤාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTවේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
ap-yam:54.3
Pali BJTවෙදනා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධො ඛන්ධො චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTවේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
ap-yam:54.4
Pali BJTවෙදනා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධොති, විඤ්ඤාණක්ඛන්ධො ඛන්ධො චෙව විඤ්ඤාණක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා. න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTවේදනා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
ap-yam:54.5
Pali BJT17. සඤ්ඤා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා රූපක්ඛන්ධොති: රූපක්ඛන්ධො ඛන්ධො චෙව රූපක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න රූපක්ඛන්ධො.
Sinhala BJT17. සංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
ap-yam:54.6
Pali BJTසඤ්ඤා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා වෙදනාක්ඛන්ධොති: වෙදනාක්ඛන්ධො ඛන්ධො චෙව වෙදනාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න වෙදනාක්ඛන්ධො.
Sinhala BJTසංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනා ස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
ap-yam:54.7
Pali BJTසඤ්ඤා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධො ඛන්ධො චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTසංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාර ස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
ap-yam:54.8
Pali BJTසඤ්ඤා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධොති: විඤ්ඤාණක්ඛන්ධො ඛන්ධො චෙව විඤ්ඤාණක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTසංඥා ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ විඥානස්කන්‍ධ නො වේ.
ap-yam:54.9
Pali BJT18. සඞ්ඛාරා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා රූපක්ඛන්ධොති: රූපක්ඛන්ධො ඛන්ධො චෙව රූපක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න රූපක්ඛන්ධො.
Sinhala BJT18. සංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
ap-yam:54.10
Pali BJTසඞ්ඛාරා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා වෙදනාක්ඛන්ධොති: වෙදනාක්ඛන්ධො ඛන්ධො චෙව වෙදනාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා න වෙදනාක්ඛන්ධො.
Sinhala BJTසංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වේ.
ap-yam:54.11
Pali BJTසඞ්ඛාරා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඤ්ඤාක්ඛන්ධොති: සඤ්ඤාක්ඛන්ධො ඛන්ධො චෙව සඤ්ඤාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTසංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි, අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
ap-yam:54.12
Pali BJTසඞ්ඛාරා ඛන්ධොති: ආමන්තා. ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධොති: විඤ්ඤාණක්ඛන්ධො ඛන්ධො චෙව විඤ්ඤාණක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTසංස්කාරයෝ ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
ap-yam:56.1
Pali BJT19. විඤ්ඤාණං ඛන්ධොති: ආමන්තා. ඛන්ධා රූපක්ඛන්ධොති: රූපක්ඛන්ධො ඛන්ධො චෙව රූපක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න රූපක්ඛන්ධො.
Sinhala BJT19. විඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. රූපස්කන්‍ධ නො වේ.
ap-yam:56.2
Pali BJTවිඤ්ඤාණං ඛන්ධොති: ආමන්තා. ඛන්ධා වෙදනාක්ඛන්ධොති: වෙදනාක්ඛන්ධො ඛන්ධො චෙව වෙදනාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න වෙදනාක්ඛන්ධො.
Sinhala BJTවිඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
ap-yam:56.3
Pali BJTවිඤ්ඤාණං ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඤ්ඤාක්ඛන්ධොති: සඤ්ඤාක්ඛන්ධො ඛන්ධො චෙව සඤ්ඤාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTවිඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
ap-yam:56.4
Pali BJTවිඤ්ඤාණං ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධො ඛන්ධො චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඞ්ඛාරක්ඛන්ධො. (අනුලොමං)
Sinhala BJTවිඥාන ස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
ap-yam:56.5
Pali BJT20. න රූපං න ඛන්ධොති: රූපං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න රූපං, ඛන්ධා. රූපඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව රූපං, න ච ඛන්ධා. න ඛන්ධා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJT20. රූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි. ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:56.6
Pali BJTන රූපං න ඛන්ධොති: රූපං ඨපෙත්වා අවසෙසා ඛන්ධා, න රූපං ඛන්ධා. රූපඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව රූපං, න ච ඛන්ධා. න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධොති, ආමන්තා.
Sinhala BJTරූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:56.7
Pali BJTන රූපං න ඛන්ධොති: රූපං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න රූපං, ඛන්ධා. රූපඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව රූපං, න ච ඛන්ධා. න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTරූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:56.8
Pali BJTන රූපං න ඛන්ධොති: රූපං ඨපෙත්වා අවසෙසා ඛන්ධා, න රූපං, ඛන්ධා. රූපඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව රූපං න ච ඛන්ධා. න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධොති, ආමන්තා.
Sinhala BJTරූප නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: රූපය තබා අවශේෂ ස්කන්‍ධයෝ රූප නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. රූපය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද රූප වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි.
ap-yam:56.9
Pali BJT21. න වෙදනා න ඛන්ධොති: වෙදනං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න වෙදනා, ඛන්ධා. වෙදනඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව වෙදනා, න ච ඛන්ධා. න ඛන්ධා න රූපක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJT21. වේදනා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නො ද වේදනා වෙයි, නො ද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:58.1
Pali BJTන වෙදනා න ඛන්ධොති: වෙදනං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න වෙදනා, ඛන්ධා. වෙදනඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව වෙදනා, න ච ඛන්ධා. න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTවේදනා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:58.2
Pali BJTන වෙදනා න ඛන්ධොති: වෙදනං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න වෙදනා, ඛන්ධා. වෙදනඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව වෙදනා, න ච ඛන්ධා. න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTවේදනා නොවූවා ස්කන්‍ධ නොවෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:58.3
Pali BJTන වෙදනා න ඛන්ධොති: වෙදනං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න වෙදනා, ඛන්ධා. වෙදනඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව වෙදනා, න ච ඛන්ධා. න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTවේදනා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: වේදනාව තබා අවශේෂ ස්කන්‍ධයෝ වේදනා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. වේදනාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද වේදනා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:58.4
Pali BJT22. න සඤ්ඤා න ඛන්ධොති: සඤ්ඤං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න සඤ්ඤා, ඛන්ධා. සඤ්ඤඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව සඤ්ඤා, න ච ඛන්ධා. න ඛන්ධා න රූපක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJT22. සංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:58.5
Pali BJTන සඤ්ඤා න ඛන්ධොති: සඤ්ඤං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න සඤ්ඤා, ඛන්ධා. සඤ්ඤඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව සඤ්ඤා, න ච ඛන්ධා. න ඛන්ධා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ.
ap-yam:58.6
Pali BJTන සඤ්ඤා න ඛන්ධොති: සඤ්ඤං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න සඤ්ඤා, ඛන්ධා. සඤ්ඤාඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව සඤ්ඤා, න ච ඛන්ධා. න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:58.7
Pali BJTන සඤ්ඤා න ඛන්ධොති: සඤ්ඤං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න සඤ්ඤා, ඛන්ධා. සඤ්ඤාඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව සඤ්ඤා, න ච ඛන්ධා. න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංඥා නොවූවා ස්කන්‍ධ නො වෙයි යත්: සංඥාව තබා අවශේෂ ස්කන්‍ධයෝ සංඥා නො වෙයි, ස්කන්‍ධයෝ වෙති. සංඥාව ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද ස්කන්‍ධයෝ වෙති. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:60.1
Pali BJT23. න සඞ්ඛාරා න ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න රූපක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJT23. සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:60.2
Pali BJTන සඞ්ඛාරා න ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:60.3
Pali BJTස සඞ්ඛාරා න ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:60.4
Pali BJTස සඞ්ඛාරා න ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංස්කාර නොවූවාහු සක්න්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි.
ap-yam:60.5
Pali BJT24. න විඤ්ඤාණං න ඛන්ධොති: විඤ්ඤාණං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න විඤ්ඤාණං, ඛන්ධා. විඤ්ඤාණඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව විඤ්ඤාණං, න ච ඛන්ධා. න ඛන්ධා න රූපක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJT24. විඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ, නොද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නො වූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:60.6
Pali BJTන විඤ්ඤාණං න ඛන්ධොති: විඤ්ඤාණං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න විඤ්ඤාණං, ඛන්ධා. විඤ්ඤාණඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව විඤ්ඤාණං, න ච ඛන්ධා. න ඛන්ධා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTවිඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ, නොද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:60.7
Pali BJTන විඤ්ඤාණං න ඛන්ධොති: විඤ්ඤාණං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න විඤ්ඤාණං, ඛන්ධා. විඤ්ඤාණඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව විඤ්ඤාණං, න ච ඛන්ධා. න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTවිඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ. නොද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
ap-yam:60.8
Pali BJTන විඤ්ඤාණං න ඛන්ධොති: විඤ්ඤාණං ඨපෙත්වා අවසෙසා ඛන්ධා න විඤ්ඤාණං, ඛන්ධා. විඤ්ඤාණඤ්ච ඛන්ධෙ ච ඨපෙත්වා අවසෙසා න චෙව විඤ්ඤාණං, න ච ඛන්ධා. න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJTවිඥාන නොවූයේ ස්කන්‍ධ නො වෙයි යත්: විඥානය තබා අවශේෂ ස්කන්‍ධයෝ විඥාන නො වෙයි, ස්කන්‍ධයෝ යැ. විඥානය ද ස්කන්‍ධයන් ද තබා අවශේෂයෝ නොද විඥාන යැ, නො ද ස්කන්‍ධයෝ යි. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. (ප්‍රත්‍යනීක යි.)
ap-yam:60.9
Pali BJTසුද්ධඛන්ධමූලචක්කවාරො.
Sinhala BJTශුද්ධ ස්කන්‍ධ මූලචක්‍රවාර යි.
ap-yam:60.10
Pali BJTපඤ්ඤත්තිනිද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රඥප්තිනිර්දේශවාර නිමි.
ap-yam:62.1
Pali BJT3. පවත්ති උප්පාදවාරො
Sinhala BJT3. ප්‍රවෘත්ති උත්පාදවාර
ap-yam:62.2
Pali BJT1. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො ච උප්පජ්ජති. වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJT1. යමක්හට රූපස්කන්‍ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ උපදි යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා (අසංඥසත්ත්‍වයට උපප්‍රාප්ති වශයෙන් පැමිණෙන) ඔවුනට රූපස්කන්‍ධ උපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද උපදී. පඤ්චවෝකාර භවයෙහි උපදනා ඔවුනට රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.
ap-yam:62.3
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජතීති: අරූපං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. නො ච තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති. රූපක්ඛන්ධො ච උප්පජ්ජති. (අනුලොම පුග්ගල)
Sinhala BJTයළි යමක්හට වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට රූපස්කන්‍ධ උපදී යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදී. පඤ්චෝකාරභවයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදී.
ap-yam:62.4
Pali BJT2. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති, නො ච තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරෙ තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජති, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJT2. යම් තැනෙක රූපස්කන්‍ධ උපදී නම් එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: අසංඥසත්ත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදියි. එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. පඤ්චෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.
ap-yam:62.5
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජතීති: අරූපෙ තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති, නො ච තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති, පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති, රූපක්ඛන්ධො ච උප්පජ්ජති. (අනුලොම ඔකාස)
Sinhala BJTයළි යම් තැනෙක හෝ වේදනාස්කන්‍ධ උපදී නම් එහි රූපස්කන්‍ධ උපදී යැ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදියි. එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභව වූ එහි වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදී.
ap-yam:62.6
Pali BJT3. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති, නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති, පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජති, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJT3. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ උපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදියි. වේදනාස්කන්‍ධ ද උපදී.
ap-yam:62.7
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජතීති: අරූපං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති, නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති, රූපක්ඛන්ධො ච උප්පජ්ජති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදී නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදි යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදියි. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදියි. රූපස්කන්‍ධ ද උපදි. (අනුලෝම පුග්ග ලෝකාස යි.)
ap-yam:62.8
Pali BJT4. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: අරූපං උප්පජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො නූප්පජ්ජති, නො ච තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං රූපක්ඛන්ධො ච නූප්පජ්ජති, වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති.
Sinhala BJT4. යමක්හට රූපස්කන්‍ධ නූපදීනම් ඕහට වේදනාස්කන්‍ධ නූපදීයැ යන: අරූපභවයෙහි උපදනා ඔවුනට රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපදී.
ap-yam:62.9
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති, නො ච තෙසං රූපක්ඛන්ධො නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති, රූපක්ඛන්ධො ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
Sinhala BJTයළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට රූපස්කන්‍ධ නූපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට රූපස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට වේදනාස්කන්‍ධ නූපදියි. රූපස්කන්‍ධ ද නූපදී.
ap-yam:64.1
Pali BJT5. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT5. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: උපදියි.
ap-yam:64.2
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: උප්පජ්ජති. (පච්චනීක ඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපදී නම් එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: උපදී.
ap-yam:64.3
Pali BJT6. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: අරූපං උප්පජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජති, වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති.
Sinhala BJT6. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදී යැ යත්: අරූපභවයෙහි උපදනා ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට එහි රූපස්කන්‍ධ ද නූපදියි. වේදනාස්කන්‍ධ ද නූපදී.
ap-yam:64.4
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජතීති අසඤ්ඤසත්තං උප්පජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නුප්පජ්ජති. සබ්බෙසං චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති, රූපක්ඛන්ධො ච නූප්පජ්ජති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදී නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදී යැ යත්: අසංඥසත්ත්‍වයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදියි. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපදනේ වෙයි. ච්‍යුත වන්නා වූ එ හැමට එහි වේදනාස්කන්‍ධ ද නූපදියි, රූපස්කන්‍ධ ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ap-yam:64.5
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
ap-yam:64.6
Pali BJT7. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT7. යමක්හට රූපස්කන්‍ධ උපනි නම් ඕහට වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යැ.
ap-yam:64.7
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTයළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට රූපස්කන්‍ධ උපන යත්: එසේ යි.
ap-yam:64.8
Pali BJT8. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ, තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ, නො ච තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරෙ තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT8. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් එතන්හි වේදනාස්කන්‍ධ උපන යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපන, එහි වේදනාස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපන, වේදනාස්කන්‍ධ ද උපනි.
ap-yam:64.9
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: අරූපෙ තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ, නො ච තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ. (අනුලොම ඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපනි නම් එතන්හි රූපස්කන්‍ධ උපන යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපන, එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ එහි වේදනාස්කන්‍ධ ද උපන, රූපස්කන්‍ධ ද උපනි.
ap-yam:64.10
Pali BJT9. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ, තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ, පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT9. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපන යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ උපන, ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපන, වේදනාස්කන්‍ධ ද උපනි.
ap-yam:64.11
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ. රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ උපන යත්: අරූපභව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපන, ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපන. පඤ්චවෝකාරභව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපන, රූපස්කන්‍ධ ද උපනි.
ap-yam:66.1
Pali BJT10. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJT10. යමක්හට රූපස්කන්‍ධ නූපනි නම් ඕහට වේදනාස්කන්‍ධ නූපන යත්: නැත.
ap-yam:66.2
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTයළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට රූපස්කන්‍ධ නූපන යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
ap-yam:66.3
Pali BJT11. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT11. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් එතන්හි වේදනා ස්කන්‍ධ නූපන යත්: උපන.
ap-yam:66.4
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීක ඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපනි නම් එතන්හි රූපස්කන්‍ධ නූපන යත්: උපනි. (ප්‍රත්‍යනීකාවකාශ ය)
ap-yam:66.5
Pali BJT12. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ. වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT12. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපනි නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපන යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධ නූපන. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද නූපන්නෙ වෙයි. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපන, වේදනාස්කන්‍ධ ද නූපනි.
ap-yam:66.6
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ, රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපනි නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපන යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපන. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද නූපන්නෙ වෙයි. ශුද්ධාවාස වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපන, රූපස්කන්‍ධ ද නූපනි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
ap-yam:66.7
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
ap-yam:66.8
Pali BJT13. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT13. යමක්හට රූපස්කන්‍ධ (මතු) උපදනේ නම් ඕහට වේදනා ස්කන්‍ධ උපදනේ යැ යත්: එසේ යැ.
ap-yam:66.9
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිස්සතී’ති: යෙ අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. නො ච තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති, ඉතරෙසං තෙසං වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති රූපක්ඛන්ධො ච උප්පජ්ජිස්සති. (අනුලොමපුග්ගල)
Sinhala BJTයළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට රූපස්කන්‍ධ උපදනේ යැ යත්: යම් කෙනෙක් අරූපභවයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට වේදනාස්කන්‍ධ උපදනයෙ යැ. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදනේ යැ. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදනේ යි.
ap-yam:66.10
Pali BJT14. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතී’ති: අසඤ්ඤසත්තෙ තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති, නො ච තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිස්සති වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT14. යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදනේ නම් එතන්හි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ එහි රූපස්කන්‍ධ උපදනේ යැ. එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ වෙයි. පඤ්චවෝකාරභව වූ එහි රූපස්කන්‍ධ ද උපදනේ යැ, වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
ap-yam:66.11
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සතී’ති: අරූපෙ තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති නො ච තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති රූපක්ඛන්ධො ච උප්පජ්ජිස්සති. (අනුලොම ඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ උපදනේ නම් එහි රූපස්කන්‍ධ උපදනේ යත්: අරූපභව වූ එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. එහි රූපස්කන්‍ධ නොද උපදනේ යැ, පඤ්චවෝකාර වූ එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදනේ යි.
ap-yam:68.1
Pali BJT15. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිස්සති වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT15. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි වේදනාස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද උපදනේ යැ, වේදනාස්කන්‍ධ ද උපදනේ යි.
ap-yam:68.2
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති, රූපක්ඛන්ධො ච උප්පජ්ජිස්සති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ උපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ උපදනේ යැ යත්: අරූපභව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ උපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නොද උපදනේ යැ. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද උපදනේ යැ, රූපස්කන්‍ධ ද උපදනේ යි. (අනුලෝම පුග්ග ලෝකාස යි.)
ap-yam:68.3
Pali BJT16. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: යෙ අරූපං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං රූපක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති. වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT16. යමක්හට රූපස්කන්‍ධ නූපදනේ නම් ඕහට වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: යම් කෙනෙක් අරූපභවයෙහි ඉපැදැ පිරිනිවෙන්නාහු නම් ඔවුනට රූපස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට වේදනාස්කන්‍ධ නොද නූපදනේ වෙයි. පශ්චිමභවික වූ ඔවුනට රූපස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.
ap-yam:68.4
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTයළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට රූප ස්කන්‍ධ නූපදනේ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
ap-yam:68.5
Pali BJT17. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: උප්පජ්ජිස්සති.
Sinhala BJT17. යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදනේ නම් එතන්හි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: උපදනේ යැ.
ap-yam:68.6
Pali BJTයත්ථ වා පන වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: උප්පජ්ජිස්සති. (පච්චනීක ඔකාස)
Sinhala BJTයළි යම් තැනෙකැ හෝ වේදනාස්කන්‍ධ නූපදනේ නම් එතන්හි රූපස්කන්‍ධ උපදනේ යැ යත්: උපදනේ යි. (ප්‍රත්‍යනිකාවකාශයි)
ap-yam:68.7
Pali BJT18. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT18. යමක්හට යම් තැනෙකැ රූපස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ යත්: අරූපභව වූ ඔවුනට එහි රූපස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහී වේදනාස්කන්‍ධ නොද වෙයි. පශ්චිමභවික වූ ඔවුනට එහි රූපස්කන්‍ධ ද නූපදනේ යැ. වේදනාස්කන්‍ධ ද නූපදනේ යි.
ap-yam:68.8
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, රූපක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTයළි යමක්හට හෝ යම් තැනෙකැ වේදනාස්කන්‍ධ නූපදනේ නම් ඕහට එහි රූපස්කන්‍ධ නූපදනේ යැ යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ නූපදනේ යැ. ඔවුනට එහි රූපස්කන්‍ධ නො ද නූපදනේ වෙයි. පශ්චිමභවික වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධ ද නූපදනේ යැ. රූපස්කන්‍ධ ද නූපදනේ යි. (පච්චනීක පුග්ගලෝකාස යි.)
ap-yam:68.9
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
ap-yam:70.1
Pali BJT19. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT19. යමක්හට රූපස්කන්‍ධ උපදී නම් ඕහට වේදනාස්කන්‍ධ උපන යත්: එසේ යැ.
ap-yam:70.2
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජතී’ති: සබ්බෙසං චවන්තානං අරූපං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ. රූපක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJTයළි යමක්හට හෝ වේදනාස්කන්‍ධ උපනි නම් ඕහට රූපස්කන්‍ධ උපදී යැ යත්: ච්‍යුත වන්නා වූ අරූපභවයට උපගත වන්නා වූ එ හැමට වේදනාස්කන්‍ධ උපන. ඔවුනට රූපස්කන්‍ධ නොද උපදියි. පඤ්චවෝකාරභවයෙහි උපදනා අසංඥසත්‍වයෙහි උපදනා ඔවුනට වේදනාස්කන්‍ධ ද උපන. රූපස්කන්‍ධ ද උපදී.