Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2701-2800 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අනුසෙති තත්ථ පටිඝානුසයො අනුසෙතීති: නො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJT47. යත්ථ පටිඝානුසයො අනුසෙති තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT47. යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අනුසෙති තත්ථ පටිඝානුසයො අනුසෙතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තත්ථ පටිඝානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච අනුසෙති, පටිඝානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි පටිඝානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
Pali BJT48-49 යත්ථ මානානුසයො අනුසෙති තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT48-49. යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තත්ථ මානානුසයො අනුසෙතීති: දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති, නො ච තත්ථ මානානුසයො අනුසෙති. කාමධාතුයා ද්වීසු වෙදනාසු, රූපධාතුයා, අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච අනුසෙති, මානානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, එහි මානානුසය නො ද අනුශය වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, මානානුසය ද අනුශය වේ.
Pali BJT50. යත්ථ මානානුසයො අනුසෙති තත්ථ භවරාගානුසයො අනුසෙතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ මානානුසයො අනුසෙති, නො ච තත්ථ භවරාගානුසයො අනුසෙති. රූපධාතුයා අරූපධාතුයා එත්ථ මානානුසයො ච අනුසෙති, භවරාගානුසයො ච අනුසෙති.
Sinhala BJT50. යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය අනුශය වෙයි, එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වෙයි.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අනුසෙති තත්ථ මානානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJT51. යත්ථ මානානුසයො අනුසෙති තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT51. යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අනුසෙති තත්ථ මානානුසයො අනුසෙතීති: දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තත්ථ මානානුසයො අනුසෙති. කාමධාතුයා ද්වීසු වෙදානාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච අනුසෙති, මානානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි, එහි මානානුසය නො ද අනුශය වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, මානානුසය ද අනුශය වේ.
Pali BJT52. යත්ථ දිට්ඨානුසයො අනුසෙති තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT52. යම් තැනෙක දිට්ඨානුසය අනුශය වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තත්ථ දිට්ඨානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJT53. යත්ථ දිට්ඨානුසයො අනුසෙති තත්ථ භවරාගානුසයො අනුසෙතීති: කාමධාතුයා තීසු වෙදානාසු එත්ථ දිට්ඨානුසයො අනුසෙති. නො ච තත්ථ භවරාගානුසයො අනුසෙති. රූපධාතුයා අරූපධාතුයා එත්ථ දිට්ඨානුසයො ච අනුසෙති. භවරාගානුසයො ච අනුසෙති.
Sinhala BJT53. යම් තැනෙක දිට්ඨානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි දිට්ඨානුසය අනුශය වෙයි, එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි දිට්ඨානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වෙයි.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අනුසෙති තත්ථ දිට්ඨානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJT54. යත්ථ දිට්ඨානුසයො අනුසෙති තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT54. යම් තැනෙක දිට්ඨානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අනුසෙති තත්ථ දිට්ඨානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJT55. යත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති තත්ථ භවරාගානුසයො අනුසෙතීති: කාමධාතුයා තීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති. නො ච තත්ථ භවරාගානුසයො අනුසෙති. රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච අනුසෙති, භවරාගානුසයො ච අනුසෙති.
Sinhala BJT55. යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වෙයි.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අනුසෙති තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJT56. යත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT56. යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අනුසෙති තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJT57. යත්ථ භවරාගානුසයො අනුසෙති තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT57. තවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අනුසෙති තත්ථ භවරාගානුසයො අනුසෙතීති: කාමධාතුයා තීසු වෙදානාසු එත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තත්ථ භවරාගානුසයො අනුසෙති. රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච අනුසෙති, භවරාගානුසයො ච අනුසෙති. (එකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි. එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වේ. (ඒකමූලක යි)
Pali BJT58. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති තත්ථ මානානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT58. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන මානානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්තීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ මානානුසයො අනුසෙති, නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසායො ච අනුසෙන්ති. කාමධාතුයා ද්වීසු වෙදානාසු එත්ථ මානානුසයො ච කාමරාගානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ පටිඝානුසයො අනුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වේ ද යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය අනුශය වෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය නො ද අනුශය වේ.
Pali BJT59-60 යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT59-60. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්තීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති, නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ පටිඝානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ කාමරාගානුසයො අනුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි. එහි කාමරාගානුසය ද පටිඝානුසය නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය ද නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය නො ද අනුශය වේ.
Pali BJT61. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති තත්ථ භවරාගානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT61. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්තීති: නො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : නැති.
Pali BJT62. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: තත්ථ.
Sinhala BJT62. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්තීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච අනුසෙන්ති. නො ච තත්ථ පටිඝානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. නො ච තත්ථ කාමරාගානුසයො අනුසෙති. (දුකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය නො ද අනුශය වේ. (දුකමූලක යි)
Pali BJT63-64. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT63-64. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්තීති, රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති, කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ පටිඝානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්.
Pali BJT65. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති තත්ථ භවරාගානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT65. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTතත්ථ වා පන භවරාගානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්තීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ භවරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි භවරාගානුසය ද මානානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
Pali BJT66. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT66. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්තීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ පටිඝානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. (තිකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති, කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (තිකමූලක යි)
Pali BJT67. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT67. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්තීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ පටිඝානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. නො ච තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්.
Pali BJT68. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති තත්ථ භවරාගානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT68. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්තීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ භවරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
Pali BJT69. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT69. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්තීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ පටිඝානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. (චතුක්කමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (චතුක්කමූලක යි)
Pali BJT70. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති තත්ථ භවරාගානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT70. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත් නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්තීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ භවරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති. එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
Pali BJT71. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: නත්ථි
Sinhala BJT71. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්තීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ පටිඝානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. (පඤ්චකමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත්, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (පඤ්චකමූලක යි)
Pali BJT72. යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT72. යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙත් නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො ච -පෙ- භවරාගානුසයො ච අනුසෙන්තීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ පටිඝානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. දුක්ඛාය වෙදනාය එත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති, නො ච තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. (ඡක්කමූලකං)
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය ද ... භවරාගානුසය ද අනුශය වෙති යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙත්, එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති, එහි පටිඝානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙති. දුඃඛවේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති, එහි කාමරාගානුසය ද මානානුසය ද භවරාගානුසය ද නො ද අනුශය වෙත්. (ඡක්කමූලක යි).
Pali BJT(අනුලොමඔකාසො.)
Sinhala BJT(අනුලෝමාවකාශ යි)
Pali BJT73. යස්ස යත්ථ කාමරාගානුසයො අනුසෙති තස්ස තත්ථ පටිඝානුසයො අනුසෙතීති: නො.
Sinhala BJT73. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ පටිඝානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො අනුසෙතීති: නො.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJT74. යස්ස යත්ථ කාමරාගානුසයො අනුසෙති තස්ස තත්ථ මානානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT74. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මානානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො අනුසෙතීති: අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ මානානුසයො අනුසෙති, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො අනුසෙති. තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ මානානුසයො අනුසෙති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො අනුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ මානානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට මානානුසය අනුශය වෙයි. ඔහුට එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලන්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අනුශය වෙයි, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලන්හටම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
Pali BJT75-76. යස්ස යත්ථ කාමරාගානුසයො අනුසෙති තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: ද්වින්නං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ කාමරාගානුසයො අනුසෙති, නො ච තෙසං තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති. පුථුජ්ජනස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ කාමරාගානුසයො ච අනුසෙති, විචිකිච්ඡානුසයො ච අනුසෙති.
Sinhala BJT75-76. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : දෙපුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට කාමරාගානුසය අනුශය වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට කාමරාගානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො අනුසෙතීති: පුථුජ්ජනස්ස දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො අනුසෙති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා දිවීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : පුහුදුනට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
Pali BJT77. යස්ස යත්ථ කාමරාගානුසයො අනුසෙති තස්ස තත්ථ භවරාගානුසයො අනුසෙතීති: නො.
Sinhala BJT77. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො අනුසෙතීති: නො.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJT78. යස්ස යත්ථ කාමරාගානුසයො අනුසෙති තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT78. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො අනුසෙතීති: අනාගාමිස්ස කාමධාතුයා තීසු වෙදනාසු, රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො අනුසෙති. තිණ්ණං පුග්ගලානං දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො අනුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
Pali BJT79. යස්ස යත්ථ පටිඝානුසයො අනුසෙති තස්ස තත්ථ මානානුසයො අනුසෙතීති: නො.
Sinhala BJT79. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ මානානුසයො අනුසෙති තස්ස තත්ථ පටිඝානුසයො අනුසෙතීති: නො.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJT80-81. යස්ස යත්ථ පටිඝානුසයො අනුසෙති තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: ද්වින්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ පටිඝානුසයො අනුසෙති, නො ච තෙසං තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති. පුථුජ්ජනස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ පටිඝානුසයො ච අනුසෙති, විචිකිච්ඡානුසයො ච අනුසෙති.
Sinhala BJT80-81. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : දෙපුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය අනුශය වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි පටිඝානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස තත්ථ පටිඝානුසයො අනුසෙතීති: පුථුජ්ජනස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති, නො ච තස්ස තත්ථ පටිඝානුසයො අනුසෙති. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච අනුසෙති, පටිඝානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය වේ ද යත් : පුහුදුනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය අනුශය වෙයි. ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
Pali BJT82. යස්ස යත්ථ පටිඝානුසයො අනුසෙති තස්ස තත්ථ භවරාගානුසයො අනුසෙතීති: නො.
Sinhala BJT82. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අනුසෙති තස්ස තත්ථ පටිඝානුසයො අනුසෙතීති: නො.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJT83. යස්ස යත්ථ පටිඝානුසයො අනුසෙති තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT83. යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අනුසෙති තස්ස තත්ථ පටිඝානුසයො අනුසෙතීති: අනාගාමිස්ස කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තස්ස තත්ථ පටිඝානුසයො අනුසෙති. තිණ්ණං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තෙසං තත්ථ පටිඝානුසයො අනුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසෙයො ච අනුසෙති. පටිඝානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය වේ ද යත් : අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය අනුශය වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
Pali BJT84-85. යස්ස යත්ථ මානානුසයො අනුසෙති තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ මානානුසයො අනුසෙති, නො ච තෙසං තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති. පුථුජ්ජනස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ මානානුසයො ච අනුසෙති. විචිකිච්ඡානුසයො ච අනුසෙති.
Sinhala BJT84-85. යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට මානානුසය අනුශය වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට මානානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස තත්ථ මානානුසයො අනුසෙතීති: පුථුජ්ජනස්ස දුක්ඛාය වෙදනාය තස්ස විචිකිච්ඡානුසයො අනුසෙති, නො ච තස්ස තත්ථ මානානුසයො අනුසෙති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච අනුසෙති, මානානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් : පුහුදුනට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, ඔහුට එහි මානානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, මානානුසය ද අනුශය වේ.
Pali BJT86. යස්ස යත්ථ මානානුසයො අනුසෙති තස්ස තත්ථ භවරාගානුසයො අනුසෙතීති: චතුන්නං පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ මානානුසයො අනුසෙති, නො ච තෙසං තත්ථ භවරාගානුසයො අනුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ මානානුසයො ච අනුසෙති, භවරාගානුසයො ච අනුසෙති.
Sinhala BJT86. යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : සිවු පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය අනුශය වෙයි, ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලන්ට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි මානානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වේ.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අනුසෙති තස්ස තත්ථ මානානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJT87. යස්ස යත්ථ මානානුසයො අනුසෙති තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT87. යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අනුසෙති තස්ස තත්ථ මානානුසයො අනුසෙතීති: චතුන්නං පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තෙසං තත්ථ මානානුසයො අනුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච අනුසෙති, මානානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් : සිවු පුඟුලනට දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අනුශය වෙයි, එහි ඔවුනට මානානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලනට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, මානානුසය ද අනුශය වේ.
Pali BJT88. යස්ස යත්ථ දිට්ඨානුසයො අනුසෙති තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙතීති: ආමන්තා
Sinhala BJT88. යමකුට යම් තැනෙක දිට්ඨානුසය අනුශය වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස තත්ථ දිට්ඨානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි දිට්ඨානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJT89-91. යස්ස යත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස තත්ථ භවරාගානුසයො අනුසෙතීති: පුථුජ්ජනස්ස කාමධාතුයා තීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති, නො ච තස්ස තත්ථ භවරාගානුසයො අනුසෙති. තස්සෙව පුග්ගලස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච අනුසෙති, භවරාගානුසයො ච අනුසෙති.
Sinhala BJT89-91. යමකුට යම් තැනෙක දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : පුහුදුනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, ඔහුට එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වේ.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අනුසෙති තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙතීති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ භවරාගානුසයො අනුසෙති, නො ච තෙසං තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති. පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ භවරාගානුසයො ච අනුසෙති, විචිකිච්ඡානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය අනුශය වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වේ.
Pali BJT92. යස්ස යත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT92. යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අනුසෙති තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙතීති: තිණ්ණං පුග්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තෙසං තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති පුථුජ්ජනස්ස කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච අනුසෙති, විචිකිච්ඡානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : තුන් පුඟුලනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වේ.
Pali BJT93. යස්ස යත්ථ භවරාගානුසයො අනුසෙති තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT93. යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අනුසෙති තස්ස තත්ථ භවරාගානුසයො අනුසෙතීති: චතුන්නං පුග්ගලානං කාමධාතුයා තීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො අනුසෙති. නො ච තෙසං තත්ථ භවරාගානුසයො අනුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච අනුසෙති, භවරාගානුසයො ච අනුසෙති. (එකමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : සිවු පුඟුලනට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය අනුශය වෙයි, ඔවුනට එහි භවරාගානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලනට මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට එහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, භවරාගානුසය ද අනුශය වේ. (ඒකමූලක යි)
Pali BJT94. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති තස්ස තත්ථ මානානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT94. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි මානානුසය අනුශය වේ ද යත් ද : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ මානානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්තීති: අනාගාමිස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ මානානුසයො අනුසෙති, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ මානානුසයො අනුසෙති. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ මානානුසයො ච කාමරාගානුසයො ච අනුසෙන්ති, නො ච තෙසං තත්ථ පටිඝානුසයො අනුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්. තුන් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි මානානුසය අනුශය වෙයි, ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි මානානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය වේ.
Pali BJT95-96. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT95-96. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් ද : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්තීති: පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච අනුසෙන්ති, නො ච තස්ස තත්ථ පටිඝානුසයො අනුසෙති. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො අනුසෙති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : පුහුදුනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, ඔහුට පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය නො ද අනුශය වේ.
Pali BJT97. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙති, තස්ස තත්ථ භවරාගානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT97. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්තීති: නො.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : නැති.
Pali BJT98. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT98. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්තීති: අනාගාමිස්ස කාමධාතුයා තීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච අනුසෙන්ති, නො ච තෙසං තත්ථ පටිඝානුසයො අනුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො අනුසෙති. (දුකමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. තුන් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි අවිජ්ජානුසය අනුශය වෙයි, ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති, ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද අනුශය වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුලන්ට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය වේ. (දුකමූලක යි)
Pali BJT99-100. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති තස්ස තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT99-100. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා න යත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්තීති: පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච අනුසෙන්ති, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ පටිඝානුසයො අනුසෙති. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : පුහුදුනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට විචිකිච්ඡානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්.
Pali BJT101. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති තස්ස තත්ථ භවරාගානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT101. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්තීති: චතුන්නං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ භවරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : සිවු පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
Pali BJT102. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT102. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්තීති: අනාගාමිස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අනුසෙන්ති, නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අනුසෙන්ති, නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තෙසඤ්ඤෙව පුග්ගලානං කාමධාතුයා ද්වීසු වෙදනාසු තෙසං තත්ථ අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති, නො ච තෙසං තත්ථ පටිඝානුසයො අනුසෙති. තෙසඤ්ඤෙව පුග්ගලානං දුක්ඛාය වෙදනාය තෙසං තත්ථ අවිජ්ජානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති, නො ච තෙසං කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. (තිකමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුලනට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද කාමරාගානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි, ඒ පුඟුලනට මැ දුඃඛවේදනා ඇති කල්හි ඔවුනට එහි අවිජ්ජානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔවුනට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්. (තිකමූලක යි)
Pali BJT103. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති තස්ස තත්ථ විචිකිච්ඡානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT103. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්තීති: පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තස්සෙව පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ පටිඝානුසයො අනුසෙති. තස්සෙව පුග්ගලස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ විචිකිච්ඡානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : පුහුදුනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද කාමරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. ඔහුට එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද මානානුසය ද නො ද අනුශය වෙත්.
Pali BJT104. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති තස්ස තත්ථ භවරාගානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT104. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ භවරාගානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්තීති: තිණ්ණං පුග්ගලානං රූපධාතුයා අරූපධාතුයා තෙසං තත්ථ භවරාගානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. පුථුජ්ජනස්ස රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ භවරාගානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට භවරාගානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති. පුහුදුනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට භවරාගානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්.
Pali BJT105. යස්ස යත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: නත්ථි.
Sinhala BJT105. යමකුට යම් තැනෙක කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයස්ස වා පන යත්ථ අවිජ්ජානුසයො අනුසෙති තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්තීති: අනාගාමිස්ස දුක්ඛාය වෙදනාය තස්ස තත්ථ අවිජ්ජානුසයො අනුසෙති. නො ච තස්ස තත්ථ කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්තී. තස්සෙ ච පුග්ගලස්ස කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා තස්ස තත්ථ අවිජ්ජානුසයො ච මානානුසයො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට දුඃඛවේදනා ඇති කල්හි ඔහුට එහි අවිජ්ජානුසය අනුශය වෙයි, ඔහුට එහි කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති. ඒ පුඟුල්හට ම කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති.