Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT163-165. යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT163-165. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT166. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්ක අවිචාරපච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං, අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ, තෙසං යෙච විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT166. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද, ඔවුනට ම ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට ම, ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං, අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ, තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති. සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපදී. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, කායසංස්කාරය ද නො උපදී.
Pali BJT167. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT167. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදනේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
Pali BJT168. යස්ස යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT168. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදී. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT169. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං කායසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT169. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද කායසංස්කාරය උපන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT170-180. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං කායසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT170-180. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය උපන්නේ ය. ඔවුනට චිත්තසංස්කාරය ද නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා. -පෙ-
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි. … (අනුලෝමපුද්ගල යි)
Pali BJT(යථා නිරොධවාරෙ අතීතානාගතා පුච්ඡා අනුලොමම්පි පච්චනීකම්පි විත්තා එවං උප්පාදනිරොධවාරෙපි අතීතානාගතා පුච්ඡා අනුලොමම්පි පච්චනීකම්පි විභජිතබ්බා අසම්මොහන්තෙන, නිරොධවාරෙන සදිසං, නත්ථි නානාකරණං.) (අනුලොමපුග්ගල)
Sinhala BJT(නිරෝධවාරයෙහි අතීතානාගතපෘච්ඡාවෝ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද විසින් යම්සේ බෙදන ලද්දාහු ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි ද අතීතානාගතපෘච්ඡාවෝ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද විසින් නො මුළා වැ බෙදිය යුත්තාහ. නිරෝධවාරය හා සම යි. වෙනසෙක් නැති.)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTඋප්පාදනිරොධවාරො නිට්ඨිතො.
Sinhala BJTඋත්පාදනිරෝධවාර නිමි.
Pali BJT6. පරිඤ්ඤාවාරො
Sinhala BJT6. පරිඥාවාරය
Pali BJT1-180. යො කායසඞ්ඛාරං පරිජානාති සො වචීසඞ්ඛාරං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT1-180 යමෙක් කායසංස්කාරය පිරිසිඳ දනී නම් හෙතෙම වාක්සංස්කාරය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයො වා පන වචීසඞ්ඛාරං පරිජානාති සො කායසඞ්ඛාරං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වාක්සංස්කාරය පිරිසිඳ දනී නම් හෙතෙම කායසංස්කාරය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJT(යථා ඛන්ධයමකෙ පරිඤ්ඤාවාරං විභත්තං එවං සඞ්ඛාරයමකෙපි පරිඤ්ඤාවාරං විභජිතබ්බං.)
Sinhala BJT(ස්කන්‍ධයමකයෙහි පරිඥාවාරය යම්සේ බෙදන ලද ද එසේ සංස්කාර යමකයෙහි ද පරිඥාවාර බෙදියයුතු ය.)
Pali BJTපරිඤ්ඤාවාරො නිට්ඨිතො.
Sinhala BJTපරිඥාවාර නිමි.
Pali BJTසඞ්ඛාරයමකං නිට්ඨිතං.
Sinhala BJTසංස්කාරයමක නිමියේ යි.
Pali BJT7. අනුසයයමකං
Sinhala BJT7. අනුශයයමකය
Pali BJTඋප්පත්තිට්ඨානවාරො
Sinhala BJTඋත්පත්තිස්ථානවාර
Pali BJTපරිච්ඡෙදවාරො
Sinhala BJTපරිච්ඡේදවාර යි
Pali BJTසත්තානුසයා:
Sinhala BJTඅනුශයයෝ සත්දෙනෙකි:
Pali BJTකාමරාගානුසයො පටිඝානුසයො මානානුසයො දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයො.
Sinhala BJTකාමරාගානුසය යැ පටිඝානුසය යැ මානානුසය යැ දිට්ඨානුසය යැ විචිකිච්ඡානුසය යැ භවරාගානුසය යැ අවිජ්ජානුසය යි.
Pali BJTපටිච්ඡින්නුද්දෙසවාරො.
Sinhala BJTපරිච්ඡින්න උද්දේසවාර යි
Pali BJT1. කත්ථ කාමරාගානුසයො අනුසෙති: කාමධාතුයා ද්වීසු වෙදනාසු. එත්ථ කාමරාගානුසයො අනුසෙති.
Sinhala BJT1. කාමරාගානුසය (අප්‍රහීනභාවයෙන් සන්තානයෙහි හෝනා බැවින් අනුශය වූ කාමරාගය) කොහි අනුශය (අනුරූප කරුණක් ලැබැ උපදනේ) වේ ද යත් : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි යැ. මෙහි කාමරාගානුසය අනුශය වෙයි.
Pali BJT2. කත්ථ පටිඝානුසයො අනුසෙති: දුක්ඛාය වෙදනාය. එත්ථ පටිඝානුසයො අනුසෙති.
Sinhala BJT2. පටිඝානුසය කොහි අනුශය වේ ද යත්: දුඃඛවේදනායෙහි යැ. මෙහි පටිඝානුසය අනුශය වෙයි.
Pali BJT3. කත්ථ මානානුසයො අනුසෙති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා. එත්ථ මානාගානුසයො අනුසෙති.
Sinhala BJT3. මානානුසය කොහි අනුශය වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද වෙයි. මෙහි මානානුසය අනුශය වෙයි.
Pali BJT4. කත්ථ දිට්ඨානුසයො අනුසෙති: සබ්බසක්කායපරියාපන්නෙසු ධම්මෙසු. එත්ථ දිට්ඨානුසයො අනුසෙති.
Sinhala BJT4. දිට්ඨානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කාය පර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි දිට්ඨානුසය අනුශය වෙයි.
Pali BJT5. කත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති: සබ්බසක්කායපරියාපන්නෙසු ධම්මෙසු. එත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති.
Sinhala BJT5. විචිකිච්ඡානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කායපර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි.
Pali BJT6. කත්ථ භවරාගානුසයො අනුසෙති: රූපධාතුයා අරූපධාතුයා, එත්ථ භවරාගානුසයො අනුසෙති.
Sinhala BJT6. භවරාගානුසය කොහි අනුශය වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද වෙයි. මෙහි භවරාගානුසය අනුශය වෙයි.
Pali BJT7. කත්ථ අවිජ්ජානුසයො අනුසෙති: සබ්බසක්කායපරියාපන්නෙසු ධම්මෙසු. එත්ථ අවිජ්ජානුසයො අනුසෙති.
Sinhala BJT7. අවිජ්ජානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කාය පර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි.
Pali BJTඋප්පත්තිට්ඨානවාරො.
Sinhala BJTඋත්පත්තිස්ථානවාර යි.
Pali BJT1. අනුසයවාරො.
Sinhala BJT1. අනුසයවාර
Pali BJT1. යස්ස කාමරානුසයො අනුසෙති තස්ස පටිඝානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT1. යමකුට (අප්‍රහීනභාවයෙන් සන්තානයෙහි හෝනා) කාමරාගානුසය අනුශය (අනුරූප කරුණක් ලැබ උපදනේ) වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන පටිඝානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJT2. යස්ස කාමරාගානුසයො අනුසෙති තස්ස මානානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT2. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන මානානුසයො අනුසෙති තස්ස භවරාගානුසයො අනුසසෙතීති: අනාගාමිස්ස මානානුසයො අනුසෙති, නො ච තස්ස කාමරාගානුසයො අනුසෙති. තිණ්ණං පුග්ගලානං මානානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: අනගැමිහට මානානුසය අනුශය වෙයි. ඔහුට කාමරාගානුසය නො ද අනුශය වෙයි, (පුහුදුන්, සෝවන්, සෙදගැමි) තුන් පුඟුලනට මානානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වෙයි.
Pali BJT3. යස්ස කාමරාගානුසයො අනුසෙති තස්ස දිට්ඨානුසයො අනුසෙතීති: ද්වින්නං පුග්ගලානං කාමරාගානුසයො අනුසෙති, නො ච තෙසං දිට්ඨානුසයො අනුසෙති. පුථුජ්ජනස්ස කාමරාගානුසයො ච අනුසෙති, දිට්ඨානුසයො ච අනුසෙති.
Sinhala BJT3. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය අනුශය වේ ද යත්: (සෝවන්, සෙදගැමි) දෙපුඟුලනට කාමරාගානුසය අනුශය වෙයි. ඔවුනට දිට්ඨානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද අනුශය වෙයි, දිට්ඨානුසය ද අනුශය වෙයි.
Pali BJTයස්ස වා පන දිට්ඨානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට දිට්ඨානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJT4. යස්ස කාමරාගානුසයො අනුසෙති තස්ස විචිකිච්ඡානුසයො අනුසෙතීති: ද්වින්නං පුග්ගලානං කාමරාගානුසයො අනුසෙති, නො ච තෙසං විචිකිච්ඡානුසයො අනුසෙති. පුථුජ්ජනස්ස කාමරාගානුසයො ච අනුසෙති, විචිකිච්ඡානුසයො ච අනුසෙති.
Sinhala BJT4. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය වේ ද යත්: දෙපුඟුලනට කාමරාගානුසය අනුශය වෙයි. ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJT5. යස්ස කාමරාගානුසයො අනුසෙති තස්ස භවරාගානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT5. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන භවරාගානුසයො අනුසෙති තස්ස කාමරානුසයො අනුසෙතීති: අනාගාමිස්ස භවරාගානුසයො අනුසෙති, නො ච තස්ස කාමරාගානුසයො අනුසෙති. තිණ්ණං පුග්ගලානං භවරාගානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට භවරාගානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: අනගැමිහට භවරාගානුසය අනුශය වෙයි, ඔහුට කාමරාගානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට භවරාගානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
Pali BJT6. යස්ස කාමරාගානුසයො අනුසෙති තස්ස අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT6. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො අනුසෙතීති: අනාගාමිස්ස අවිජ්ජානුසයො අනුසෙති, නො ච තස්ස කාමරාගානුසයො අනුසෙති. තිණ්ණං පුග්ගලානං අවිජ්ජානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: අනගැමිහට අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට කාමරාගානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
Pali BJT7. යස්ස පටිඝානුසයො අනුසෙති තස්ස මානානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT7. යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන මානානුසයො අනුසෙති තස්ස පටිඝානුසයො අනුසෙතීති: අනාගාමිස්ස මානානුසයො අනුසෙති, නො ච තස්ස පටිඝානුසයො අනුසෙති. තිණ්ණං පුග්ගලානං මානානුසයො ච අනුසෙති, පටිඝානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: අනගැමිහට මානානුසය අනුශය වෙයි. ඔහුට පටිඝානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට මානානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
Pali BJT8-9. යස්ස පටිඝානුසයො අනුසෙති තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: ද්වින්නං පුග්ගලානං පටිඝානුසයො අනුසෙති, නො ච තෙසං විචිකිච්ඡානුසයො අනුසෙති. පුථුජ්ජනස්ස පටිඝානුසයො ච අනුසෙති, විචිකිච්ඡානුසයො ච අනුසෙති.
Sinhala BJT8-9. යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත්: දෙපුඟුලනට පටිඝානුසය අනුශය වෙයි, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට පටිඝානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස පටිඝානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJT10-11. යස්ස පටිඝානුසයො අනුසෙති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT10-11. යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අනුසෙති තස්ස පටිඝානුසයො අනුසෙතීති: අනාගාමිස්ස අවිජ්ජානුසයො අනුසෙති, නො ච තස්ස පටිඝානුසයො අනුසෙති. තිණ්ණං පුග්ගලානං අවිජ්ජානුසයො ච අනුසෙති, පටිඝානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: අනගැමිහට අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට පටිඝානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
Pali BJT12-13. යස්ස මානානුසයො අනුසෙති තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: තිණ්ණං පුග්ගලානං මානානුසයො අනුසෙති, නො ච තෙසං විචිකිච්ඡානුසයො අනුසෙති, පුථුජ්ජනස්ස මානානුසයො ච අනුසෙති, විචිකිච්ඡානුසයො ච අනුසෙති.
Sinhala BJT12-13. යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත්: තුන් පුඟුලනට මානානුසය අනුශය වෙයි, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට මානානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස මානානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJT14-15. යස්ස මානානුසයො අනුසෙති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT14-15. යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අනුසෙති තස්ස මානානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJT16. යස්ස දිට්ඨානුසයො අනුසෙති තස්ස විචිකිච්ඡානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT16. යමකුට දිට්ඨානුසය අනුශය වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස දිට්ඨානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJT17-18. යස්ස දිට්ඨානුසයො අනුසෙති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT17-18. යමකුට දිට්ඨානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අනුසෙති තස්ස දිට්ඨානුසයො අනුසෙතීති: තිණ්ණං පුග්ගලානං අවිජ්ජානුසයො අනුසෙති. නො ච තෙසං දිට්ඨානුසයො අනුසෙති. පුථුජ්ජනස්ස අවිජ්ජානුසයො ච අනුසෙති, දිට්ඨානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය අනුශය වේ ද යත් : තුන් පුඟුලනට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔවුනට දිට්ඨානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, දිට්ඨානුසය ද අනුශය වේ.
Pali BJT19-20. යස්ස විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT19-20. යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අනුසෙති තස්ස විචිකිච්ඡානුසයො අනුසෙතීති: තිණ්ණං පුග්ගලානං අවිජ්ජානුසයො අනුසෙති, නො ච තෙසං විචිකිච්ඡානුසයො අනුසෙති, පුථුජ්ජනස්ස අවිජ්ජානුසයො ච අනුසෙති, විචිකිච්ඡානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : තුන් පුඟුලනට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වේ.
Pali BJT21. යස්ස භවරාගානුසයො අනුසෙති තස්ස අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT21. යමකුට භවරාගානුසය අනුශය වේ නම් ඔහුට අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අනුසෙති තස්ස භවරාගානුසයො අනුසෙතීති: ආමන්තා (එකමූලකං)
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය අනුශය වේ ද යත් : එසේ යි. (ඒකමූලක යි)
Pali BJT22. යස්ස කාමරාගානුසයො ච පරිඝානුසයො ච අනුසෙන්ති තස්ස මානානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT22. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන මානානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්තීති: අනාගාමිස්ස මානානුසයො අනුසෙති, නො ච තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තිණ්ණං පුග්ගලානං මානානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති.
Sinhala BJTතවද යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට මානානුසය අනුශය වෙයි, ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙත්. තුන් පුඟුලනට මානානුසය ද අනුශය වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත්.
Pali BJT23-24. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: ද්වින්නං පුග්ගලානං කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති, නො ච තෙසං විචිකිච්ඡානුසයො අනුසෙති. පුථුජ්ජනස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. විචිකිච්ඡානුසයො ච අනුසෙති.
Sinhala BJT23-24. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : දෙපුඟුලනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : එසේ යි.
Pali BJT25-26. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT25-26. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අනුසෙති, තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්තීති: අනාගාමිස්ස අවිජ්ජානුසයො අනුසෙති. නො ච තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තිණ්ණං පුග්ගලානං අවිජ්ජානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. (දුකමූලකං)
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට අවිජ්ජානුසය අනුශය වෙයි, ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. තුන් පුඟුලනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද අනුශය වෙති. (දුකමූලක යි)
Pali BJT27-28. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති තස්ස දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: ද්වින්නං පුග්ගලානං කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. නො ච තෙසං විචිකිච්ඡානුසයො අනුසෙති. පුථුජ්ජනස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. විචිකිච්ඡානුසයො ච අනුසෙති.
Sinhala BJT27-28. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : දෙපුඟුලනට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්තීති: ආමන්තා.
Sinhala BJTයමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත් : එසේ යි.
Pali BJT29-30. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්තී තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT29-30. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්තීති: අනාගාමිස්ස අවිජ්ජානුසයො ච මානානුසයො ච අනුසෙන්තී, නො ච තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන්ති. තිණ්ණං පුග්ගලානං අවිජ්ජානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති. (තිකමූලකං)
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති යත්: අනගැමිහට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද නො ද අනුශය වෙති. තුන් පුඟුලනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති. (තිකමූලික යි)
Pali BJT31. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති තස්ස විචිකිච්ඡානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT31. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙත් නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්තීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත්: එසේ යි.
Pali BJT32-33. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT32-33. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්තීති: අනාගාමිස්ස අවිජ්ජානුසයො ච මානානුසයො ච අනුසෙන්ති, නො ච තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. ද්වින්නං පුග්ගලානං අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති, නො ච තෙසං දිට්ඨානුසයො අනුසෙති. පුථුජ්ජනස්ස අවිජ්ජානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච අනුසෙන්ති. (චතුක්කමූලකං)
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති යත්: අනගැමිහට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද නො ද අනුශය වෙති, දෙපුඟුලනට අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔවුනට දිට්ඨානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද අනුශය වෙති. (චතුක්කමූලක යි)
Pali BJT34-35. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති තස්ස භවරාගානුසයො -පෙ- අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT34-35. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත් නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්තීති: අනාගාමිස්ස අවිජ්ජානුසයො ච මානානුසයො ච අනුසෙන්ති, නො ච තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. ද්වින්නං පුග්ගලානං අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච අනුසෙන්ති, නො ච තෙසං දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. පුථුජ්ජනස්ස අවිජ්ජානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. (පඤ්චකමූලකං)
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙති යත්: අනගැමිහට අවිජ්ජානුසය ද මානානුසය ද අනුශය වෙති. ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. දෙපුඟුලනට අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද අනුශය වෙති. පුහුදුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි. කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද අනුශය වෙත්. (පඤ්චමූල යි)
Pali BJT36. යස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති තස්ස අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT36. යමකුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙත් නම් ඔහුට අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන අවිජ්ජානුසයො අනුසෙති තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්තීති: අනාගාමිස්ස අවිජ්ජානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. නො ච තස්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. ද්වින්නං පුග්ගලානං අවිජ්ජානුසයො ච කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති, නො ච තෙසං දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච අනුසෙන්ති. පුථුජ්ජනස්ස අවිජ්ජානුසයො ච අනුසෙති. කාමරාගානුසයො ච පටිඝානුසයො ච මානානුසයො ච දිට්ඨානුසයො ච විචිකිච්ඡානුසයො ච භවරාගානුසයො ච අනුසෙන්ති. (ඡක්කමූලකං) (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙති යත් : අනගැමිහට අවිජ්ජානුසය ද මානානුසය ද භවරාගානුසය ද අනුශය වෙති. ඔහුට කාමරාගානුසය ද පටිඝානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. දෙපුඟුලනට අවිජ්ජානුසය ද කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද භවරාගානුසය ද අනුශය වෙති, ඔවුනට දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද නො ද අනුශය වෙති. පුහුදුනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද පටිඝානුසය ද මානානුසය ද දිට්ඨානුසය ද විචිකිච්ඡානුසය ද භවරාගානුසය ද අනුශය වෙති. (ඡක්කමූලක යි) (අනුලෝමපුද්ගල යි.)
Pali BJT37. යත්ථ කාමරාගානුසයො අනුසෙති තත්ථ පටිඝානුසයො අනුසෙතීති: නො.
Sinhala BJT37. යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන පටිඝානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො අනුසෙතීති: නො.
Sinhala BJTතවද යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJT38. යත්ථ කාමරාගානුසයො අනුසෙති තත්ථ මානානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT38. යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයත්ථ වා පන මානානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො අනුසෙතීති: රූපධාතුයා අරූපධාතුයා එත්ථ මානානුසයො අනුසෙති, නො ච තත්ථ කාමරාගානුසයො අනුසෙති. කාමධාතුයා ද්විසුවෙදනාසු එත්ථ මානානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය අනුශය වෙයි. එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
Pali BJT39-40. යත්ථ කාමරාගානුසයො අනුසෙති තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT39-40. යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො අනුසෙතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති, නො ච තත්ථ කාමරාගානුසයො අනුසෙති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ විචිකිච්ඡානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : දුඃඛවේදනා ඇති කල්හි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි. එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
Pali BJT41. යත්ථ කාමරාගානුසයො අනුසෙති තත්ථ භවරාගානුසායො අනුසෙතීති: නො.
Sinhala BJT41. යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන භවරාගානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො අනුසෙතීති: නො.
Sinhala BJTතවද යම් තැනෙක භවරාගානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJT42. යත්ථ කාමරාගානුසයො අනුසෙති තත්ථ අවිජ්ජානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT42. යම් තැනෙක කාමරාගානුසය අනුශය වේ නම් එහි අවිජ්ජානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයත්ථ වා පන අවිජ්ජානුසයො අනුසෙති තත්ථ කාමරාගානුසයො අනුසෙතීති: දුක්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්ථ අවිජ්ජානුසයො අනුසෙති, නො ච තත්ථ කාමරාගානුසයො අනුසෙති. කාමධාතුයා ද්වීසු වෙදනාසු එත්ථ අවිජ්ජානුසයො ච අනුසෙති, කාමරාගානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක අවිජ්ජානුසය අනුශය වේ නම් එහි කාමරාගානුසය අනුශය වේ ද යත් : දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි, එහි කාමරාගානුසය නො ද අනුශය වෙයි. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇතිකල්හි මෙහි අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
Pali BJT43. යත්ථ පටිඝානුසයො අනුසෙති තත්ථ මානානුසයො අනුසෙතීති: නො.
Sinhala BJT43. යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් එහි මානානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJTයත්ථ වා පන මානානුසයො අනුසෙති තත්ථ පටිඝානුසයො අනුසෙතීති: නො.
Sinhala BJTතවද යම් තැනෙක මානානුසය අනුශය වේ නම් එහි පටිඝානුසය අනුශය වේ ද යත් : නැති.
Pali BJT44-45. යත්ථ පටිඝානුසයො අනුසෙති තත්ථ දිට්ඨානුසයො -පෙ- විචිකිච්ඡානුසයො අනුසෙතීති: ආමන්තා.
Sinhala BJT44-45. යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත් : එසේ යි.
Pali BJTයත්ථ වා පන විචිකිච්ඡානුසයො අනුසෙති තත්ථ පටිඝානුසයො අනුසෙතීති: කාමධාතුයා ද්වීසු වෙදනාසු රූපධාතුයා අරූපධාතුයා එත්ථ විචිකිච්ඡානුසයො අනුසෙති, නො ච තත්ථ පටිඝානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය එත්ථ විචිකිච්ඡානුසයො ච අනුසෙති, පටිඝානුසයො ච අනුසෙති.
Sinhala BJTතවද යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය වේ නම් එහි පටිඝානුසය අනුශය වේ ද යත් : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි, එහි පටිඝානුසය නො ද අනුශය වෙයි. දුඃඛවේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
Pali BJT46. යත්ථ පටිඝානුසයො අනුසෙති තත්ථ භවරාගානුසයො අනුසෙතීති: නො.
Sinhala BJT46. යම් තැනෙක පටිඝානුසය අනුශය වේ නම් එහි භවරාගානුසය අනුශය වේ ද යත් : නැති.