Pali BJT92. යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං කායසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT92. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ... එසේ යි.
Pali BJT93. යස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT93. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට ... එසේ යි. (අනුලෝම පුද්ගල යි)
Pali BJT94-96. යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT94-96. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT97. යස්ස යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: කාමාවචරෙ පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං, ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT97. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වී.
Pali BJT98. යස්ස යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: කාමාවචරෙ පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. පඨමජ්ඣානං දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං, ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT98. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: චතුත්ථජ්ඣානං සමාපන්නානං, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ. පඨමජ්ඣානං දුතියජ්ඣානං, තතියජ්ඣානං සමාපන්නානං කාමාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති. කායසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වී යැ යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වී. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වී.
Pali BJT99. යස්ස යත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: සවිතක්කසවිචාරභූමියං පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. ඉතරෙසං සවිතක්කසවිචාරභූමියං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ. චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT99. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්‍කසවිචාරභුමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට සවිතර්‍කසවිචාරභුමියෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: අවිතක්කඅවිචාරභූමියං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ. සවිතක්කසවිචාරභූමියං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: අවිතර්‍කඅවිචාරභුමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වී. සවිතර්‍කසවිචාරභුමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වී. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT100. යස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT100. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: නැති.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.
Pali BJT101. යස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT101. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: නැති.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.
Pali BJT102. යස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT102. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: නැති.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT103-105. යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT103-105. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වී නම් … (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT106. යස්ස යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. රූපාවචරෙ, අරූපාවචරෙ සවිතක්කසවිචාර පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාර පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච න නිරුජ්ඣිත්ථ, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්තති.
Sinhala BJT106. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වීය. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. රූපාවචරයෙහි අරූපාවචරයෙහි සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වී යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථාති: කාමාවචරෙ පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ. රූපාවචරෙ, අරූපාවචරෙ සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච න නිරුජ්ඣිත්ථ,
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වී යැ. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ නො වී යැ.
Pali BJT107. යස්ස යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: චතුත්ථජ්ඣානං සමාපන්නානං, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT107. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වී යැ.
Pali BJTනො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිසස්ති. රූපාවචරෙ, අරූපාවචරෙ පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච න නිරුජ්ඣිත්ථ, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJTඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වී ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථාති: කාමාවචරෙ පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ. රූපාවචරෙ, අරූපාවචරෙ පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වී ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, කායසංස්කාරය ද නිරුද්ධ නො වී ය.
Pali BJT108. යස්ස යත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: අවිතක්කඅවිචාරභූමියං තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. අවිතක්කඅවිචාරභූමියං පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං, තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිත්ථ, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT108. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ද යත්: අවිතර්‍කඅවිචාරභූමියෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, අවිතර්‍කඅවිචාර භූමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථාති: සවිතක්කසවිචාරභූමියං පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ. අවිතක්කඅවිචාරභූමියං පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිත්ථ. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: සවිතර්‍කසවිචාරභුමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වී. අවිතර්‍කඅවිචාරභුමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTනිරොධවාරො නිට්ඨිතො.
Sinhala BJTනිරෝධවාර නිමි.
Pali BJT5. උප්පාද නිරොධවාරො
Sinhala BJT5. උත්පාද නිරෝධවාරය
Pali BJT109. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣතීති: නො.
Sinhala BJT109. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජතීති: නො.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: නැති.
Pali BJT110. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣතීති: නො.
Sinhala BJT110. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජතීති: නො.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: නැති.
Pali BJT111. යස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣතීති: නො.
Sinhala BJT111. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන -පෙ- (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට ... නැති. (අනුලෝමපුද්ගල යි)
Pali BJT112-114. යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣතීති: දුතියජ්ඣානෙ තතියජ්ඣානෙ තත්ථ -පෙ-
Sinhala BJT112-114. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය නිරුද්ධ වේ ද යත්: ද්විතීයධ්‍යාන වූ තෘතීයධ්‍යාන වූ එහි ... (අනුලෝමාවකාශ යි)
Pali BJT(ඉතරෙසං යත්ථකානං සදිසං) (අනුලොමඔකාස)
Sinhala BJT(සෙසු යත්‍ථකයන්ගේ බෙදීම හා සමාන යි.)
Pali BJT115-117. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති -පෙ-
Sinhala BJT115-117. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං) (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)
Pali BJT118. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣතීති: විතක්කවිචාරානං භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජති. නො ච තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣති. විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣති.
Sinhala BJT118. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නො උපදී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජති. විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣති, කායසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද, අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ, කායසංස්කාරය ද නො උපදී.
Pali BJT119. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣති. විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣති.
Sinhala BJT119. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියලු ඔවුනට කායසංස්කාරය නො උපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වේ. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස කාය සඞ්ඛාරො නූප්පජ්ජතීති: අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජති. විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣති, කායසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නො උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ, කායසංස්කාරය ද නො උපදී.
Pali BJT120. යස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජති, තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣති. විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣති.
Sinhala BJT120. යමකුට වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියලු ඔවුනට වාක්සංස්කාරය නො උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජතීති: විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජති. විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣති, වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදී ද යත්: විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නො උපදී. විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ, වාක්සංස්කාරය ද නො උපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT121-123. යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT121-123. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT124-126. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති -පෙ-
Sinhala BJT124-126. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJT(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං, යස්ස යත්ථකෙ නිරොධසමාපන්නානංති න ලබ්භති.) (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි, යස්සයත්‍ථකයෙහි ‘නිරෝධසමාපන්නානං’ යනු නො ලැබේ.
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
Pali BJT127-129. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJT127-129. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT(අතීතා පුච්ඡා උප්පාදවාරෙපි නිරොධවාරෙපි උප්පාදනිරොධවාරෙපි සදිසං විත්ථාරෙතබ්බා.)
Sinhala BJT(අතීතපෘච්ඡා උත්පාදවාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද සමාන වැ විස්තර කළයුතු යි.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT130. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT130. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරෙ, අරූපාවචරෙ පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති. තෙසං චවන්තානං තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච උප්පප්ජිස්සති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපන්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුතවන්නවුනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJT131. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT131. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති. රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති. තෙසං චවන්තානං තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද, යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය. ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJT132. යස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT132. යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT133-135. යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT133-135. යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT136. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT136. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි කායසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි කායසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං, ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් සෙසු කාමාවචර වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය. කායසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJT137. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT137. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති. පඨමජ්ඣානං දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් සෙසු කාමාවචර වූ ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJT138. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT138. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං තතියජ්ඣානං චතුත්ථජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං ඉතරෙසං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT139. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. නො ච තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, තෙසං කායසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT139. යමකුට කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේනෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමචිත්තයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුතවන්නවුනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදින්නේ ය. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද කායසංස්කාරය ද නො උපදින්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ... එසේ යි.
Pali BJT140. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති. තෙසං චවන්තානං, තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT140. යමකුට කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුතවන්නවුනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදින්නේ ය. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය, පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.
Pali BJT141. යස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස{1} උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT141. යමකුට වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද වාක්සංස්කාරය නො උපදින්නේ ය, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො -පෙ- ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT142-144. යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT142-144. යම් තැනෙක කායසංස්කාරය නො උපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT145. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. සවිචක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අවිතක්ක අවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT145. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදින්නේ ය, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අවිතක්ක අවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදින්නේ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපදින්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ ය, කායසංස්කාරය ද නො උපදින්නේ යි.
Pali BJT146. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT146. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදින්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය ... එසේ යි.
Pali BJT147. යස්ස යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං, තතියජ්ඣානං, චතුත්ථජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, චිත්ත සඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT147. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදින්නේ ය. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදින්නේ ය, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT148-150. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT148-150. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජති. අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, කායසඞ්ඛාරො ච උප්පජ්ජති -පෙ-
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි).
Pali BJT(යථා උප්පාදවාරෙ{1} පච්චුප්පන්නා අතීතා පුච්ඡා අනුලොමම්පි පච්චනීකම්පි විභත්තා, එවං උප්පාදනිරොධවාරෙපි පච්චුප්පන්නා අතීතාපුච්ඡා අනුලොමම්පි පච්චනීකම්පි විභාවිතබ්බා.) (අනුලොමපුග්ගල)
Sinhala BJT(උත්පාදවාරයෙහි ප්‍රත්‍යුත්පන්න අතීත පෘච්ඡාවෝ අනුලෝමය ප්‍රත්‍යනීකය ද විසින් යම්සේ බෙදන ලද්දාහු ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි ද ප්‍රත්‍යුත්පන්න අතීත පෘච්ඡාවෝ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද විසින් බෙදිය යුත්තාහ.)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT151. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT151. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජති. අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.
Pali BJT152. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT152. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජති. අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති. කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.
Pali BJT153. යස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT153. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජති. විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති. වචීසඞ්ඛාරො ච උප්පජ්ජති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
Pali BJT154-156. යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT154-156. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT157. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො ච උප්පජ්ජති, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT157. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි කායසංස්කාරය උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ ය.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජතීති: පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.
Pali BJT158. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT158. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති. අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, කායසංස්කාරය ද උපදී.
Pali BJT159. යස්ස යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT159. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජති. විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති. වචීසඞ්ඛාරො ච උප්පජ්ජති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නේ ය, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT160. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති, සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT160. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදී. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
Pali BJT161. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජති. නො ච තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො ච නූප්පජ්ජති. චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT161. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
Pali BJT162. යස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං චිත්ත සඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT162. යමකුට වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නො උපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.