Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2401-2500 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)
Pali BJT10. යස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣතීති: විනා අස්සාසපස්සාසෙහි විතක්කවිචාරානං භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣති. සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි අවිතක්කඅවිචාරචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරො ච න නිරුජ්ඣති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣති.
Sinhala BJT10. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣතීති: විනා විතක්කවිචාරෙහි අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං කායසඞ්ඛාරො න නිරුජ්ඣති. සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි අවිතක්කඅවිචාරචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣති, කායසඞ්ඛාරො ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ නො වේ. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ නො වේ.
Pali BJT11. යස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣතීති: විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣති. සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරො ච න නිරුජ්ඣති චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣති.
Sinhala BJT11. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.
Pali BJT12. යස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣති, තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣතීති: විනා විතක්කවිචාරෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො, න නිරුජ්ඣති. සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣති චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣති.
Sinhala BJT12. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT13-15. යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT13-15. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT16-18. යස්ස යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣතීති: විනා අස්සාසපස්සාසෙහි විතක්කවිචාරානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣති. සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි අවිතක්කඅවිචාර චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච න නිරුජ්ඣති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣති.
Sinhala BJT16-18. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣති -පෙ- (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJT(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං විත්ථාරෙතබ්බං. යස්සයත්ථකෙ ‘නිරොධසමාපන්නානන්ති’ න කාතබ්බං)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ව විස්තර කළයුතු. යස්සයත්‍ථකයෙහි ‘නිරෝධසමාපන්නානං’ යනු නො යෙදියයුතු.)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාරය යි.
Pali BJT19-36. යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT19-36. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා, (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT(යථා උප්පාදවාරෙ අතීතා පුච්ඡා යස්සකම්පි යස්සයත්ථකම්පි අනුලොමම්පි පච්චනීයම්පි විභත්තං එවං නිරොධවාරෙපි විභජිතබ්බං. නත්ථි නානාකරණං)
Sinhala BJT(උත්පාදවාරයෙහි අතීතපෘච්ඡාව යම්සේ යස්සකය ද යස්සයත්‍ථකය ද අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද බෙදන ලද නම් එසේ නිරෝධවාරයෙහි ද බෙදියයුතු. වෙනසෙක් නැති.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT37. යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT37. යමකුට කායසංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උපාපාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං වචන්තානං තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. ඉතරෙසං වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වන්නේ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නේ යැ, ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJT38. යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT38. යමකුට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරෙ. අරූපාවචරෙ පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං, අරූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං වචන්තානං තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති නො ච තෙසං කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJT39. යස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT39. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, ඉතරෙසං තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති. (අනුලාමපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT40-42. යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT40-42. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT43. යස්ස යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: දුතියජ්ඣානං, තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT43. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට හා තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද රූපාවචරයනට ද හා අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJT44. යස්ස යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT44. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, තස්ස තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, පඨමජ්ඣානං දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං, ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති. කායසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ, ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJT45. යස්ස යත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT45. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, තස්ස තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං තතියජ්ඣානං චතුත්ථජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං ඉතරෙසං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද, යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ, ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT46. යස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං කායසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති, නො ච තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති, සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අවිතක්කඅවිචාර පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං කායසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT46. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය ... එසේ යි.
Pali BJT47. යස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං වචන්තානං තෙසං කායසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT47. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තය උපදනා කෙණෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.
Pali BJT48. යස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ. යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT48. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො -පෙ- ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT49-51. යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT49-51. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT52. යස්ස යත්ථකායසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නෙ ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්ක අවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT52. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තය උපදනා කෙණෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නෙ ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්ත සමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. සවිතක්කසවිචාර පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාර පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට හා තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJT53. යස්ස යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: කාමාවචරානං පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT53. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: කාමාවචරයනට පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වන්නේ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ යත්: එසේ යි.
Pali BJT54. යස්ස යත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං තතියජ්ඣානං චතුත්ථජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT54. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නේ යැ. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නේ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: ආමන්තා, (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතාවාර යි.
Pali BJT55. යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT55. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං කායසඞ්ඛාරො නිරුජ්ඣති. අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, කායසඞ්ඛාරො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරයය නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
Pali BJT56. යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT56. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං කායසඞ්ඛාරො නිරුජ්ඣති. අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, කායසඞ්ඛාරො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත බිඳෙන කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරයය නිරුද්ධ වී, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
Pali BJT57. යස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT57. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ විනා විතක්කවිචාරෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣති. විතක්කවිචාරානං භඞ්ගක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත බිඳෙනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
Pali BJT58-60. යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT58-60. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT61. යස්ස යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ. පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නිරුජ්ඣති, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT61. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වේ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි කායසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣතීති: පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, කායසඞ්ඛාරො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
Pali BJT62. යස්ස යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT62. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති. අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, කායසඞ්ඛාරො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
Pali BJT63. යස්ස යත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT63. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣති. විතක්ක විචාරානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT64. යස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT64. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣතීති: නත්ථි.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: නැති.
Pali BJT65. යස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT65. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣතීති: නත්ථි.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: නැති.
Pali BJT66. තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT66. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣතීති: නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT67-69. යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT67-69. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT70. යස්ස යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථාති: පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ. දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං, අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, චතුත්ථජ්ඣානං සමාපන්නානං සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච න නිරුජ්ඣති. වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිත්ථ
Sinhala BJT70. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වී. ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත බිඳෙන කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣතීති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති. දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං යෙව අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, චතුත්ථජ්ඣානං සමාපන්නානං, සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිත්ථ, කායසඞ්ඛාරො ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වී, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වී, කායසංස්කාරය ද නිරුද්ධ නො වේ.
Pali BJT71. යස්ස යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථාති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච න නිරුජ්ඣති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT71. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත බිඳෙන කෙණෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣතීති: : ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.
Pali BJT72. යස්ස යත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ විනා විතක්කවිචාරෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ, සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT72. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද, අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣතීති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT73. යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT73. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං කායසඞ්ඛාරො නිරුජ්ඣති. අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
Pali BJT74. යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT74. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති නො ච තෙසං කායසඞ්ඛාරො නිරුජ්ඣති. අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
Pali BJT75. යස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: සවිතක්කසවිචාර පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. ඉතරෙසං විතක්කවිචාරානං භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච නිරුජ්ඣති, චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT75. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ විනා විතක්කවිචාරෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣති. විතක්කවිචාරානං භඞ්ගක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
Pali BJT76-78. යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT76-78. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT79. යස්ස යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: දුතියජ්ඣානං, තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නිරුජ්ඣති, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT79. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි කායසංස්කාරය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣතීති: පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
Pali BJT80. යස්ස යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT80. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති. අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති. කායසඞ්ඛාරො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
Pali BJT81. යස්ස යත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: සවිතක්කසවිචාර පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. ඉතරෙසං විතක්කවිචාරානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නිරුජ්ඣති, චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT81. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: විතර්‍කවිචාරසහිත වූ පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට එහි විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣති. විතක්කවිචාරානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT82. යස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. සවිතක්කසවිචාර පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අවිතක්කඅවිචාර පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති. තෙසං කායසඞ්ඛාරො ච න නිරුජ්ඣති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT82. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.
Pali BJT83. යස්ස කායසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො ච න නිරුජ්ඣති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT83. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.
Pali BJT84. යස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT84. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස වචීසඞ්ඛාරො න නිරුජ්ඣතීති: සවිතක්කසවිචාර පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති, නො ච තෙසං වචීසඞ්ඛාරො න නිරුජ්ඣති. අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣති. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT85-87. යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT85-87. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT88. යස්ස යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT88. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට ම ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වේ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නෙ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣතීති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං, අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි.
Pali BJTසවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං, අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, චතුත්ථජ්ඣානං සමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, කායසඞ්ඛාරො ච න නිරුජ්ඣති.
Sinhala BJTසවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තය උපදින්නෙ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ නො වේ.
Pali BJT89. යස්ස යත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ, තෙසං තත්ථ කායසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච න නිරුජ්ඣති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT89. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ නො වේ. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය ... එසේ යි.
Pali BJT90. යස්ස යත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣති, චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT90. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වන්නෙ යැ. අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣතීති: සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො න නිරුජ්ඣති. අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච න නිරුජ්ඣිස්සති, වචීසඞ්ඛාරො ච න නිරුජ්ඣති. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: සවිතර්‍කසවිචාරපශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි අසංඥසත්‍ව වූ ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT91. යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සතීති: සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, තෙසං කායසඞ්ඛාරො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං කායසඞ්ඛාරො ච නිරුජ්ඣිත්ථ, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT91. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්‍කසවිචාරපශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාරපශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ... එසේ යි.