Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2301-2400 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT49-51. යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT49-51. යම් තැනෙක කායසංස්කාරය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT52. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, පච්ඡිමචිත්තසමඞ්ගීනං යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච නූස්සප්පජ්ජිති.
Sinhala BJT52. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයනට අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපදින්නේ ය, වාක්සංස්කාරය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නූපදින්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍ක අවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපදින්නේ ය, කායසංස්කාරය ද නූපදින්නේ යි.
Pali BJT53. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT53. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... එසේ යි.
Pali BJT54. යස්ස යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං තතියජ්ඣානං චතුත්ථජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT54. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අවිතර්‍ක අවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය නූපදින්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT55. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT55. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජති. අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය උපන්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය ද උපන්නේ ය, කායසංස්කාරය ද උපදී.
Pali BJT56. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT56. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජති. අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට චිත්තසංස්කාරය උපන්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපදී.
Pali BJT57. යස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT57. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජති. විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, වචීසඞ්ඛාරො ච උප්පජ්ජති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය උපන්නේ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපන්නේ යැ, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
Pali BJT58-60. යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT58-60. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT61. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො ච උප්පජ්ජති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT61. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි කායසංස්කාරය උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජතීති: පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය උපන්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපදී.
Pali BJT62. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT62. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති. අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය ද නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපදී.
Pali BJT63. යස්ස යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT63. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජති, විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, වචීසඞ්ඛාරො ච උප්පජ්ජති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ යැ, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT64. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT64. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: නත්ථි.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නො උපන්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: නැති.
Pali BJT65. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT65. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: නත්ථි.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නො උපන්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපන්නේ ද යත්: නැති.
Pali BJT66. යස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT66. යමකුට වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ... නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT67-69, යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT67-69. යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT70. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජතී තස්ස තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ. දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, චතුත්ථජ්ඣානං සමාපන්නානං සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT70. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපන්නේ ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නො උපන්නේ යැ. ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට ම ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද දෙවැනි සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී, වාක්සංස්කාරය ද නො උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති. දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, චතුත්ථජ්ඣානං සමාපන්නානං, සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානො, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ, කායසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපන්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපදී. ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද දෙවැනි සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපන්නේ යැ, කායසංස්කාරය ද නූපදී.
Pali BJT71. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT71. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපන්නේ ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නො උපන්නේ යැ. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නො උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
Pali BJT72. යස්ස යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT72. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපන්නේ ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නො උපන්නේ යැ. ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT73. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT73. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජති. අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය උපදින්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය ද උපදින්නේ යැ, කායසංස්කාරය ද උපදී.
Pali BJT74. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT74. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජති. අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදී.
Pali BJT75. යස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති. ඉතරෙසං විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච උප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT75. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: විතර්‍කවිචාර සහිත පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි සෙසු ඔවුනට වාක්සංස්කාරය ද උපදී, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජති. විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ යැ, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
Pali BJT76-78. යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT76-78. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT79. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො ච උප්පජ්ජති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT79. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති, තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජතීති: පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද උපදින්නේ යැ, කායසංස්කාරය ද උපදී.
Pali BJT80. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT80. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති. අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ යැ, කායසංස්කාරය ද උපදී.
Pali BJT81. යස්ස යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජති, තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සතී’ති: සවිතක්කසවිචාර පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති. ඉතරෙසං විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච උප්පජ්ජති. චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT81. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: විතර්‍කවිචාර සහිත වූ පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය උපදී. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. සෙස්සනට විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපදී, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජති. විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදී ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ යැ, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT82. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, තෙසං කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT82. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදී, ඔවුනට වාක්සංස්කාරය නො ද නො උපදින්නේ යැ. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට ද කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නො උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
Pali BJT83. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT83. යමකුට කායසංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට කායසංස්කාරය නො උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ යැ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ... එසේ යි.
Pali BJT84. යස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජති, තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. සවිතක්කසවිචාර පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ{1} තෙසං වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT84. යමකුට වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය නො උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ යැ. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජතීති: සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජති. සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාර පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ{1} තෙසං චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නො උපදින්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද නො උපදී. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට චිත්තසංස්කාරය ද නො උපදින්නේ යැ, වාක්සංස්කාරය ද නො උපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT85-87. යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT85-87. යම් තැනෙක කායසංස්කාර නො උපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT88. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්ක අවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ, තෙසං යෙව විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT88. යමකුට යම් තැනෙක කායසංස්කාර නො උපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නො උපදින්නේ යැ. පශ්චිමචිත්තසමඞ්‍ගීනට යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදී, වාක්සංස්කාරය ද නො උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති. පච්ඡිමචිත්තසමඞ්ගීනං යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ, චතුත්ථජ්ඣානං සමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදින්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදී. පශ්චිමචිත්තසමඞ්‍ගීනට යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදින්නේ යැ. කායසංස්කාරය ද නො උපදී.
Pali BJT89. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT89. යමකුට යම් තැනෙක කායසංස්කාර නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපදී. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ යැ. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපදී ද යත්: එසේ යි.
Pali BJT90. යස්ස යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. සවිතක්කසවිචාර පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ අවිතක්ක අවිචාර පච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT90. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නො උපදී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ යැ. සවිතර්‍කසවිචාර වූ පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදී, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජතීති: සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති. සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාරපච්ඡිමචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නො උපදී. සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නො උපදින්නේ යැ, වාක්සංස්කාරය ද නො උපදී. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT91. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං කායසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT91. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තසමඞ්‍ගීනට යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට කායසංස්කාරය උපන්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදින්නේ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ... එසේ යි.
Pali BJT92. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං කායසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT92. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කායසංස්කාරය උපන්නේ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද උපන්නේ යැ, චිත්තසංස්කාරය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ... එසේ යි.
Pali BJT93. යස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං වචීසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT93. යමකුට වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට වාක්සංස්කාරය උපන්නේ යැ, ඔවුනට චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද උපන්නේ යැ, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT94-96. යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT94-96. යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් (අනුලෝමාවකාශ යි)
Pali BJT97. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: කාමාවචරෙ පච්ඡිමචිත්තසමඞ්ගීනං දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං ඉතරොසං කාමාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT97. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය උපන්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද උපන්නේ යැ, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ. පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය උපදින්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපන්නේ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපන්නේ යි.
Pali BJT98. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: කාමාවචරෙ පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති. පඨමජ්ඣානං දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං, ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT98. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි කායසංස්කාරය උපන්නේ යැ. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද උපදින්නේ යැ. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද උපන්නේ යැ. චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: චතුත්ථජ්ඣානං සමාපන්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ. පඨමජ්ඣානං දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං කාමාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ යැ, ඔවුනට කායසංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ යැ, කායසංස්කාරය ද උපන්නේ යි.
Pali BJT99. යස්ස යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජිස්සතීති: සවිතක්කසවිචාරභූමියං පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, ඉතරෙසං සවිතක්කසවිචාරභූමියං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT99. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: සවිතර්‍කසවිචාරභූමියෙහි පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි වාක්සංස්කාරය උපන්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද උපදින්නේ ය. සවිතර්‍කසවිචාරභූමියෙහි සෙසු ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ ය, චිත්තසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: අවිතක්ක අවිචාරභූමියං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, සවිතක්කසවිචාරභූමියං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: අවිතර්‍කඅවිචාරභූමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ ය. සවිතර්‍කසවිචාරභූමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT100. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: නත්ථි.
Sinhala BJT100. යමකුට කායසංස්කාරය නො උපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නො උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJT101. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: නත්ථි.
Sinhala BJT101. යමකුට කායසංස්කාරය නො උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJT102. යස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: නත්ථි.
Sinhala BJT102. යමකුට වාක්සංස්කාරය නො උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නො උපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT103-105. යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT103-105. යම් තැනෙක කායසංස්කාරය නූපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT106. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. රූපාවචරෙ, අරූපාවචරෙ සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාර පච්ඡිමචිත්තසමඞ්ගීනං{1}, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්ක අවිචාරං පච්ඡිමචිත්තං{2} උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ, වචීසඞ්ඛාරොච නූප්පජ්ජිස්සති.
Sinhala BJT106. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපන්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නො උපදින්නේ යැ. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපන්නේ යැ, වාක්සංස්කාරය ද නො උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: කාමාවචරෙ පච්ඡිමචිත්තසමඞ්ගීනං, දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ. රූපාවචරෙ අරූපාවචරෙ සවිතක්කසවිචාරපච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අවිතක්කඅවිචාර පච්ඡිමචිත්තසමඞ්ගීනං, යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාර නො උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපන්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපන්නේ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපන්නේ යැ. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද අවිතර්‍කඅවිචාර පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපදින්නේ ය, කායසංස්කාරය ද නො උපන්නේ යි.
Pali BJT107. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: චතුත්ථජ්ඣානං සමාපන්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමචිත්තසමඞ්ගීනං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT107. යමකුට යම් තැනෙක කායසංස්කාරය නො උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නො උපන්නේ යැ, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ ය, රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නො උපන්නේ ය, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, තස්ස තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: කාමාවචරෙ පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ. රූපාවචරෙ, අරූපාවචරෙ පච්ඡිමචිත්තසමඞ්ගීනං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නො උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නො උපන්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නො උපන්නේ යැ. රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නො උපදින්නේ යැ, කායසංස්කාරය ද නො උපන්නේ ය.
Pali BJT108. යස්ස යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: අවිතක්කඅවිචාරභූමියං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. අවිතක්කඅවිචාරභූමියං පච්ඡිමචිත්තසමඞ්ගීනං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT108. යමකුට යම් තැනෙක වාක්සංස්කාර නො උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ ද යත්: අවිතර්‍කඅවිචාරයභූමියෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නො උපන්නේ යැ. ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නො උපදින්නේ යැ. අවිතර්‍කඅවිචාරභූමියෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නො උපන්නේ ය, චිත්තසංස්කාරය ද නො උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: සවිතක්කසවිචාරභූමියං පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ, අවිතක්ක අවිචාරභූමියං පච්ඡිමචිත්තසමඞ්ගීනං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාර නො උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නො උපන්නේ ද යත්: සවිතර්‍කසවිචාරභූමියෙහි පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට එහි චිත්තසංස්කාරය නො උපදින්නේ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නො උපන්නේ යැ. අවිතර්‍කඅවිචාරභූමියෙහි පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නො උපදින්නේ ය, වාක්සංස්කාරය ද නො උපන්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTඋප්පාදවාරො නිට්ඨිතො.
Sinhala BJTඋත්පාදවාර නිමි.
Pali BJT4. පවත්ති නිරොධවාරො
Sinhala BJT4. ප්‍රවෘත්ති නිරෝධවාර
Pali BJT1. යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣතීති: විනා විතක්කවිචාරෙහි අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො නිරුජ්ඣති, නො ච තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣති. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො ච නිරුජ්ඣති, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣති.
Sinhala BJT1. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වෙයි. වාක්සංස්කාරය ද නිරුද්ධ වේ.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣතීති: විනා අස්සාසපස්සාසෙහි විතක්කවිචාරානං භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣති, නො ච තෙසං කාසඞ්ඛාරො නිරුජ්ඣති. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච නිරුජ්ඣති, කායසඞ්ඛාරො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
Pali BJT2. යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT2. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣතීති: විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣති, නො ච තෙසං කායසඞ්ඛාරො නිරුජ්ඣති. අස්සාසපස්සාසානං භඞ්ගක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣති, කායසඞ්ඛාරො ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
Pali BJT3. යස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT3. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣතීති: විනා විතක්කවිචාරෙහි චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො නිරුජ්ඣති, නො ච තෙසං වචීසඞ්ඛාරො නිරුජ්ඣති. විතක්කවිචාරානං භඞ්ගක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච නිරුජ්ඣති, වචීසඞ්ඛාරො ච නිරුජ්ඣති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
Pali BJT4-6. යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣතීති: දුතියජ්ඣානෙ තතියජ්ඣානෙ තත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති, නො ච තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣති. -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT4-6. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: ද්විතීයධ්‍යානයෙහි තෘතීයධ්‍යානයෙහි දැයි එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි. එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වේ ... (අනුලෝමාවකාශ යි)
Pali BJT7-9. යස්ස යත්ථ කායසඞ්ඛාරො නිරුජ්ඣති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නිරුජ්ඣතීති: -පෙ- (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT7-9. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: ... (අනුලෝමපුද්ගලාවකාශ යි)