Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2201-2300 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT6. න චිත්තං න චිත්තසඞ්ඛාරොති: චිත්තසඞ්ඛාරො න චිත්තං. චිත්තසඞ්ඛාරො. චිත්තඤ්ච චිත්තසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චිත්තං, න ච චිත්තසඞ්ඛාරො. න චිත්තසඞ්ඛාරො න චිත්තන්ති: චිත්තං න චිත්තසඞ්ඛාරො, චිත්තං. චිත්තඤ්ච චිත්තසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චිත්තං, න ච චිත්තසඞ්ඛාරො. (පච්චනීකං)
Sinhala BJT6. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වෙයි යත්: චිත්තසංස්කාරය චිත්ත නො වේ, චිත්තසංස්කාර යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. චිත්තසංස්කාර නො වූයේ චිත්ත නො වෙයි යත්: චිත්තය චිත්තසංස්කාර නො වේ, චිත්ත යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. (ප්‍රත්‍යනීක යි)
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT7. කායො කායසඞ්ඛාරොති: නො. සඞ්ඛාරා වචීසඞ්ඛාරොති: වචීසඞ්ඛාරො සඞ්ඛාරො චෙව වචීසඞ්ඛාරො ච. අවසෙසා සඞ්ඛාරා සංඛාරා, න වචීසඞ්ඛාරො{1}.
Sinhala BJT7. කාය කායසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ වාක්සංස්කාර වේ ද යත්: වාක්සංස්කාරය සංස්කාර වූයේ ම වාක්සංස්කාර ද වෙයි, සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, වාක්සංස්කාර නො වේ.
Pali BJT8. කායො කායසඞ්ඛාරොති: නො. සඞ්ඛාරා චිත්තසඞ්ඛාරොති: චිත්තසඞ්ඛාරො සඞ්ඛාරො චෙව චිත්තසඞ්ඛාරො ච. අවසෙසා සඞ්ඛාරා සඞ්ඛාරා, න චිත්තසඞ්ඛාරො.
Sinhala BJT8. කාය කායසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ චිත්තසංස්කාර වේ ද යත්: චිත්තසංස්කාරය සංස්කාර ද වූයේ ම චිත්තසංස්කාර ද වෙයි. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, චිත්තසංස්කාර නො වේ.
Pali BJT9. වචී සඞ්ඛාරොති: නො. සඞ්ඛාරා කායසඞ්ඛාරොති: කායසඞ්ඛාරො සඞ්ඛාරො චෙව කායසඞ්ඛාරො ච. අවසෙසා සඞ්ඛාරා සඞ්ඛාරා, න කායසඞ්ඛාරො.
Sinhala BJT9. වාක් වාක්සංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ කායසංස්කාර වේ ද යත්: කායසංස්කාරය සංස්කාර ද වූයේ ම කායසංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ. කායසංස්කාර නො වේ.
Pali BJT10. වචී වචීසඞ්ඛාරොති: නො. සඞ්ඛාරා චිත්තසඞ්ඛාරොති: චිත්තසඞ්ඛාරො සඞ්ඛාරො චෙව චිත්තසඞ්ඛාරො ච. අවසෙසා සඞ්ඛාරා සඞ්ඛාරා, න චිත්තසඞ්ඛාරො.
Sinhala BJT10. වාක් වාක්සංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ චිත්තසංස්කාර වෙයි යත්: චිත්තසංස්කාරය සංස්කාර ද වූයේ ම චිත්තසංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ. චිත්තසංස්කාර නො වේ.
Pali BJT11. චිත්තං චිත්තසඞ්ඛාරොති: නො. සඞ්ඛාරා කායසඞ්ඛාරොති: කායසඞ්ඛාරො සඞ්ඛාරො චෙව කායසඞ්ඛාරො ච. අවසෙසා සඞ්ඛාරා සඞ්ඛාරා, න කායසඞ්ඛාරො.
Sinhala BJT11. චිත්තය චිත්තසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ කායසංස්කාර වෙයි යත්: කායසංස්කාරය සංස්කාර ද වූයේ ම කායසංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, කායසංස්කාර නො වේ.
Pali BJT12. චිත්තං චිත්තසඞ්ඛාරොති: නො. සඞ්ඛාරා වචීසඞ්ඛාරොති: වචීසඞ්ඛාරො සඞ්ඛාරො චෙව වචීසඞ්ඛාරො ච. අවසෙසා සඞ්ඛාරා සඞ්ඛාරා, න වචීසඞ්ඛාරො. (අනුලොමං)
Sinhala BJT12. චිත්තය චිත්තසංස්කාර වෙයි යත්: නැති. සංස්කාරයෝ වාක්සංස්කාර වෙයි යත්: වාක්සංස්කාරය සංස්කාර ද වූයේ ම වාක්සංස්කාර ද වේ. සෙසු සංස්කාරයෝ සංස්කාරයහ, වාක්සංස්කාර නො වේ. (අනුලෝම යි)
Pali BJT13. න කායො කාය සඞ්ඛාරොති: කායසඞ්ඛාරො න කායො. කායසඞ්ඛාරො. කායඤ්ච කායසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව කායො න ච කායසඞ්ඛාරො. න සඞ්ඛාරා න වචීසඞ්ඛාරොති ආමන්තා.
Sinhala BJT13. කාය නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය කාය නො වේ, කාය සංස්කාර යි. කාය ද කායසංස්කාර ද තබා සෙස්ස කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ. සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වෙයි යත්: එසේ යි.
Pali BJT14. න කායො න කායසඞ්ඛාරොති: කායසඞ්ඛාරො න කායො. කායසඞ්ඛාරො. කායඤ්ච කායසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව කායො, න ච කායසඞ්ඛාරො. න සඞ්ඛාරා න චිත්තසඞ්ඛාරොති: ආමන්තා.
Sinhala BJT14. කාය නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය කාය නො වේ, කායසංස්කාර යි. කාය ද කායසංස්කාර ද තබා සෙස්ස කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ. සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වෙයි යත්: එසේ යි.
Pali BJT15. න වචී න වචීසඞ්ඛාරොති: වචීසඞ්ඛාරො න වචී, වචී සඞ්ඛාරො. වචීඤ්ච වචීසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව වචී, න වචීසඞ්ඛාරො. න සඞ්ඛාරා න කායසඞ්ඛාරොති: ආමන්තා.
Sinhala BJT15. වාක් නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය වාක් නො වෙයි, වාක්සංස්කාර යි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් නො වූයේ ම වාක්සංස්කාර ද නො වෙයි. සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වෙයි යත්: එසේ යි.
Pali BJT16. න වචී න වචී සඞ්ඛාරොති: වචී සඞ්ඛාරො න වචී, වචී සඞ්ඛාරො. වචිඤ්ච වචීසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව වචී, න ච වචීසඞ්ඛාරො. න සඞ්ඛාරා න චිත්තසඞ්ඛාරොති: ආමන්තා.
Sinhala BJT16. වාක් නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය වාක් නො වෙයි, වාක්සංස්කාර යි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් ද නො වූයේ ම වාක්සංස්කාර ද නො වෙයි. සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වෙයි යත්: එසේ යි.
Pali BJT17. න චිත්තං න චිත්ත සඞ්ඛාරොති: චිත්තසඞ්ඛාරො න චිත්තං, චිත්ත සඞ්ඛාරො. චිත්තඤ්ච චිත්තසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චිත්තං, න ච චිත්තසඞ්ඛාරො. න සඞ්ඛාරා න කායසඞ්ඛාරොති: ආමන්තා.
Sinhala BJT17. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වෙයි යත්: චිත්තසංස්කාරය චිත්ත නො වේ, චිත්තසංස්කාර යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වෙයි යත්: එසේ යි.
Pali BJT18. න චිත්තං න චිත්ත සඞ්ඛාරොති: චිත්ත සඞ්ඛාරො න චිත්තං, චිත්තසඞ්ඛාරො. චිත්තඤ්ච චිත්තසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චිත්තං, න ච චිත්තසඞ්ඛාරො. න සඞ්ඛාරා න වචීසඞ්ඛාරොති: ආමන්තා (පච්චනීකං)
Sinhala BJT18. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වෙයි යත්: චිත්තසංස්කාරය චිත්ත නො වේ, චිත්තසංස්කාර යි. චිත්ත ද චිත්තසංස්කාර ද තබා සෙස්ස චිත්ත ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ, සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි)
Pali BJTපදසොධන මූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාර යි.
Pali BJT19. කායසඞ්ඛාරො වචිසංඛාරොති: නො. වචීසඞ්ඛාරො කායසඞ්ඛාරොති: නො.
Sinhala BJT19. කායසංස්කාරය වාක්සංස්කාර වෙයි යත්: නැති. වාක්සංස්කාරය කායසංස්කාර වෙයි යත්: නැති.
Pali BJT20. කායසඞ්ඛාරො චිත්තසඞ්ඛාරොති: නො. චිත්තසඞ්ඛාරො කායසංඛාරොති: නො.
Sinhala BJT20. කායසංස්කාරය චිත්තසංස්කාර වෙයි යත්: නැති. චිත්තසංස්කාරය කායසංස්කාර වෙයි යත්: නැති.
Pali BJT21. වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරොති: නො. චිත්තසඞ්ඛාරො වචීසඞ්ඛාරොති: නො. (අනුලොමං)
Sinhala BJT21. වාක්සංස්කාරය චිත්තසංස්කාර වෙයි යත්: නැති. චිත්තසංස්කාරය වාක්සංස්කාර වෙයි යත්: නැති. (අනුලෝම යි)
Pali BJT22. න කායසඞ්ඛාරො න වචීසඞ්ඛාරොති: වචීසඞ්ඛාරො න කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො. කායසඞ්ඛාරඤ්ච වචීසංඛාරඤ්ච ඨපෙවා අවසෙසා න චෙව කායසඞ්ඛාරො, න ච වචීසඞ්ඛාරො. න වචීසඞ්ඛාරො න කයසංඛාරොති: කායසඞ්ඛාරො න වචීසංඛාරො, කායසඞ්ඛාරො. වචීසංඛාරඤ්ච කායසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව වචීසඞ්ඛාරො. න ච කායසඞ්ඛාරො.
Sinhala BJT22. කායසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය කායසංස්කාර නො වේ, වාක්සංස්කාර යි. කායසංස්කාරය ද වාක්සංස්කාරය ද තබා සෙස්ස කායසංස්කාර ද නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ, වාක්සංස්කාර නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය වාක්සංස්කාර නො වේ. කායසංස්කාර යි. වාක්සංස්කාර ද කායසංස්කාර ද තබා සෙස්ස වාක්සංස්කාර ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ.
Pali BJT23. න කායසඞ්ඛාරො න චිත්තසඞ්ඛාරොති: චිත්තසඞ්ඛාරො න කායසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො. කායසඞ්ඛාරඤ්ච චිත්තසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව කායසඞ්ඛාරො, න ච චිත්තසඞ්ඛාරො. න චිත්තසඞ්ඛාරො න කායසඞ්ඛාරොති: කායසඞ්ඛාරො න චිත්තසඞ්ඛාරො, කායසඞ්ඛාරො. චිත්තසඞ්ඛාරඤ්ච කායසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චිත්තසඞ්ඛාරො, න ච කායසඞ්ඛාරො.
Sinhala BJT23. කායසංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද යත්: චිත්තසංස්කාරය කායසංස්කාර නො වෙයි, චිත්තසංස්කාර යි. කායසංස්කාර ද චිත්තසංස්කාර ද තබා සෙස්ස කායසංස්කාර ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. චිත්තසංස්කාර නො වූයේ කායසංස්කාර නො වේ ද යත්: කායසංස්කාරය චිත්තසංස්කාර නො වෙයි, කායසංස්කාර යි. චිත්තසංස්කාර ද කායසංස්කාර ද තබා සෙස්ස චිත්තසංස්කාර ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ.
Pali BJT24. න වචීසඞ්ඛාරො න චිත්තසඞ්ඛාරොති: චිත්තසඞ්ඛාරො න වචීසංඛාරො, චිත්තසඞ්ඛාරො. වචීසඞ්ඛාරඤ්ච චිත්තසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව වචීසඞ්ඛාරො, න ච චිත්තසඞ්ඛාරො. න චිත්තසඞ්ඛාරො න වචීසඞ්ඛාරොති: වචීසඞ්ඛාරො න චිත්තසඞ්ඛාරො. වචීසඞ්ඛාරො. චිත්තසඞ්ඛාරඤ්ච වචීසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චිත්තසඞ්ඛාරො. න ච වචීසඞ්ඛාරො. (පච්චනීකං)
Sinhala BJT24. වාක්සංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද යත්: චිත්තසංස්කාරය වාක්සංස්කාර නො වේ, චිත්තසංස්කාර යි. වාක්සංස්කාරය ද චිත්තසංස්කාරය ද තබා සෙස්ස වාක්සංස්කාර ද නො වූයේ ම චිත්තසංස්කාර ද නො වේ. චිත්තසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වේ ද යත්: වාක්සංස්කාරය චිත්තසංස්කාර නො වේ, වාක්සංස්කාර යි. චිත්තසංස්කාරය ද වාක්සංස්කාරය ද තබා සෙස්ස චිත්තසංස්කාර ද නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ. (ප්‍රත්‍යනීක යි)
Pali BJTසුද්ධසඞ්ඛාරවාරො.
Sinhala BJTශුද්ධසංස්කාරවාර යි.
Pali BJTපණ්ණත්තිනිද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රඥප්තිනිර්දේශවාර යි.
Pali BJT3. පවත්ති උප්පාදවාරො
Sinhala BJT3. ප්‍රවෘත්ති උත්පාදවාරය
Pali BJT1. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජතීති: විනා විතක්කවිචාරෙහි අස්සාසපස්සාසානං උප්පාදක්ඛණො තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තෙසං වචිසඞ්ඛාරෙ උප්පජ්ජති. පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං කායසංඛාරො ච උප්පජ්ජති. වචීසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJT1. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට කායසංස්කාරය උපදී. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි කාමාවචරයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො උප්පජ්ජති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජතීති: විනා අස්සාසපස්සාසෙහි විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජති. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො ච උප්පජ්ජති, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය උපදී, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි කාමාවචරයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
Pali BJT2. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT2. යමකුට කායසංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො උප්පජ්ජති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජතීති: විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජති. අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජති, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය උපදී නම් ඔහුට කායසංස්කාරය උපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, ඔවුනට කායසංස්කාරය නො ද උපදී. ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, කායසංස්කාරය ද උපදී.
Pali BJT3. යස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT3. යමකුට වාක්සංස්කාරය උපදී නම් ඔහුට චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො උප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජතීති: විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජති. විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජති. (අනුලොමපුග්ගලං)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය උපදී නම් ඔහුට වාක්සංස්කාරය උපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට චිත්තසංස්කාරය උපදී, වාක්සංස්කාරය ද උපදී. (අනුලෝමපුද්ගල යි)
Pali BJT4. යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජතීති: දුතියජ්ඣානෙ තතියජ්ඣානෙ තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජති. පඨමජ්ඣානෙ කාමාවචරෙ තත්ථ කායසඞ්ඛාරො ච උප්පජ්ජති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJT4. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය උපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි දැයි එහි කායසංස්කාරය උපදී, එහි වාක්සංස්කාරය නො ද උපදී, එහි කාමාවචරභූමියෙහි වූ ප්‍රථමධ්‍යානයෙහි කායසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී.
Pali BJTයත්ථ වා පන වචීසඞ්ඛාරො උප්පජ්ජති තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජතීති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති. පඨමජ්ඣානෙ කාමාවචරෙ තත්ථ වචීසඞ්ඛාරො ච උප්පජ්ජති, කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් එහි කායසංස්කාරය උපදී ද යත්: රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි වාක්සංස්කාරය උපදී. එහි කායසංස්කාරය නො ද උපදී. එහි කාමාවචරභූමියෙහි වූ ප්‍රථමධ්‍යානයෙහි වාක්සංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
Pali BJT5. යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT5. යම් තැනෙක කායසංස්කාරය උපදී නම් එහි චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන චිත්තසඞ්ඛාරො උප්පජ්ජති තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජතීති: චතුත්ථජ්ඣානෙ රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති. පඨමජ්ඣානෙ දුතියජ්ඣානෙ තතියජ්ඣානෙ කාමාවචරෙ තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජති. කායසඞ්ඛාරො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක චිත්තසංස්කාරය උපදී නම් එහි කායසංස්කාරය උපදී ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි දැයි එහි චිත්තසංස්කාරය උපදී, එහි කායසංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයෙහි ද්විතීයධ්‍යානයෙහි තෘතීයධ්‍යානයෙහි කාමාවචරභූමියෙහි දැයි එහි චිත්තසංස්කාරය ද උපදී, කායසංස්කාරය ද උපදී.
Pali BJT6. යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජති තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT6. යම් තැනෙක වාක්සංස්කාරය උපදී නම් එහි චිත්තසංස්කාරය උපදී ද යත්: එසේ යි.
Pali BJTයත්ථ වා පන චිත්තසඞ්ඛාරො උප්පජ්ජති තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජතීති: දුතියජ්ඣානෙ තතියජ්ඣානෙ චතුත්ථජ්ඣානෙ තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජති, නො ච තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජති. පඨමජ්ඣානෙ කාමාවචරෙ රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජති. (අනුලොම ඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක චිත්තසංස්කාරය උපදී නම් එහි වාක්සංස්කාරය උපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයෙහි දැයි එහි චිත්තසංස්කාරය උපදී, එහි වාක්සංස්කාරය නො ද උපදී. ප්‍රථමධ්‍යානයෙහි කාමාවචරයෙහි ද රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි චිත්තසංස්කාරය ද උපදී, වාක්සංස්කාරය ද උපදී (අනුලෝමාවකාශ යි).
Pali BJT7-9. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජති -පෙ- අනුලොමපුග්ගලොකාස
Sinhala BJT7-9. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදී නම් ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)
Pali BJT10. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජතීති: විනා අස්සාසපස්සාසෙහි විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ විනා අස්සාසපස්සාසෙහි අවිතක්ක අවිචාරචිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරොච නූප්පජ්ජති, වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJT10. යමකුට කායසංස්කාරය නූපදී නම් ඔහුට වාක්සංස්කාරය නූපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට කායසංස්කාරය නූපදී. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට කායසංස්කාරය ද නූපදී, වාක්සංස්කාරය ද නූපදී.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: විනා විතක්කවිචාරෙහි අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ විනා අස්සාසපස්සාසෙහි අවිතක්කඅවිචාරචිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති, කායසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නූපදී නම් ඔහුට කායසංස්කාරය නූපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්‍රශ්වාසයන් උපදනා කෙණෙහි ඔවුනට වාක්සංස්කාරය නූපදී, ඔවුනට කායසංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාර චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය ද නූපදී, කායසංස්කාරය ද නූපදී.
Pali BJT11. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජතීති: විනා අස්සාසපස්සාසෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො නූප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJT11. යමකුට කායසංස්කාරය නූපදී නම් ඔහුට චිත්තසංස්කාරය නූපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නූපදී. ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට කායසංස්කාරය ද නූපදී, චිත්තසංස්කාරය ද නූපදී.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නූපදී නම් ඔහුට කායසංස්කාරය නූපදී ද යත්: එසේ යි.
Pali BJT12. යස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජතීති: විනා විතක්කවිචාරෙහි චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො නූප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJT12. යමකුට වාක්සංස්කාරය නූපදී නම් ඔහුට චිත්තසංස්කාරය නූපදී ද යත්: විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නූපදී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට වාක්සංස්කාරය ද නූපදී, චිත්තසංස්කාරය ද නූපදී.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නූපදී නම් ඔහුට වාක්සංස්කාරය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT13. යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජතීති: රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති. චතුත්ථජ්ඣානෙ අසඤ්ඤසත්තෙ තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJT13. යම් තැනෙක කායසංස්කාරය නූපදී නම් ඔහුට වාක්සංස්කාරය නූපදී ද යත්: රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි කායසංස්කාරය නූපදී, එහි වාක්සංස්කාරය නො ද නූපදී. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ද අසංඥසත්‍වයෙහි දැයි එහි කායසංස්කාරය ද නූපදී, වාක්සංස්කාරය ද නූපදී.
Pali BJTයත්ථ වා පන වචීසඞ්ඛාරො නූප්පජ්ජති තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජතීති: දුතියජ්ඣානෙ තතියජ්ඣානෙ තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති. චතුත්ථජ්ඣානෙ අසඤ්ඤසත්තෙ තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති, කායසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යම් තැනෙක වාක්සංස්කාරය නූපදී නම් එහි කායසංස්කාරය නූපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි දැයි එහි වාක්සංස්කාරය නූපදී, එහි කායසංස්කාරය නො ද නූපදී. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ද අසංඥසත්‍වයෙහි දැයි එහි වාක්සංස්කාරය ද නූපදී, කායසංස්කාරය ද නූපදී.
Pali BJT14. යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජතීති: චතුත්ථජ්ඣානෙ, රූපාවචරෙ අරූපාවචරෙ තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJT14. යම් තැනෙක කායසංස්කාරය නූපදී නම් එහි චිත්තසංස්කාරය නූපදී ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ද රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි දැයි එහි කායසංස්කාරය නූපදී, එහි චිත්තසංස්කාරය නො ද නූපදී. අසංඥසත්ත්‍ව වූ එහි කායසංස්කාරය ද නූපදී. චිත්තසංස්කාරය ද නූපදී.
Pali BJTයත්ථ වා පන -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යම් තැනෙක ... එසේ යි.
Pali BJT15. යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජතීති: දුතියජ්ඣානෙ තතියජ්ඣානෙ චතුත්ථජ්ඣානෙ තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJT15. යම් තැනෙක වාක්සංස්කාරය නූපදී නම් එහි චිත්තසංස්කාරය නූපදී ද යත්: ද්විතීයධ්‍යානයෙහි ද තෘතීයධ්‍යානයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයෙහි දැයි එහි වාක්සංස්කාරය නූපදී, එහි චිත්තසංස්කාරය නො ද නූපදී. අසංඥසත්ත්‍ව වූ එහි වාක්සංස්කාරය ද නූපදී, චිත්තසංස්කාරය ද නූපදී.
Pali BJTයත්ථ වා පන -පෙ- ආමන්තා. (පච්චනීකඔකාස)
Sinhala BJTතවද යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT16-18. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති තස්ස තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජතීති: විනා අස්සාසපස්සාසෙහි විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ විනා අස්සාසපස්සාසෙහි අවිතක්කඅවිචාරචිත්තස්ස උප්පාදක්ඛණෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජති, වචීසඞ්ඛාරො ච නූප්පජ්ජති.
Sinhala BJT16-18. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපදී නම් ඔහුට එහි වාක්සංස්කාරය නූපදී ද යත්: ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ විතර්‍කවිචාරයන් උපදනා කෙණෙහි ඔවුනට එහි කායසංස්කාරය නූපදී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්‍කඅවිචාරචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට කායසංස්කාරය ද නූපදී, වාක්සංස්කාරය ද නූපදී.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJT(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං විත්ථාරෙතබ්බං. යස්සයත්ථකෙ නිරොධසමාපන්නානන්ති න ලබ්භති.)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන වැ විස්තර කළ යුතු යි. යස්සයත්‍ථකයෙහි නිරෝධසමාපන්නානං යනු නො ලැබේ.)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
Pali BJT19. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT19. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට වාක්සංස්කාර උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය ... එසේ යි.
Pali BJT20. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT20. යමකුට කායසංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි,
Pali BJT21. යස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT21. යමකුට වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT22-24. යත්ථ කායසඞ්ඛාරෙ උප්පජ්ජිත්ථ -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT22-24. යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT(යත්ථකම්පි සබ්බත්ථ එකසදිසං)
Sinhala BJT(යත්‍ථකය ද හැමතන්හි එකසමාන යි.)
Pali BJT25. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති; දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ. පඨමජ්ඣානං සමාපන්නානං, කාමාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT25. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට ද තෘතීයධ්‍යානයට ද සමවන් ඔවුනට එහි කායසංස්කාරය උපන්නේය. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ. පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, කායසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය උපන්නේ ය. ඔවුනට එහි කායසංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපන්නේ ය, කායසංස්කාරය ද උපන්නේ යි.
Pali BJT26. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT26. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: චතුත්ථජ්ඣානං සමාපන්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථ. පඨමජ්ඣානං දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං කාමාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, කායසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපන්නේ ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ ය. ඔවුනට එහි කායසංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ ය, කායසංස්කාරය ද උපන්නේ යි.
Pali BJT27. යස්ස යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT27. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: දුතියජ්ඣානං තතියජ්ඣානං චතුත්ථජ්ඣානං සමාපන්නානං, සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිත්ථ. පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං ඉතරෙසං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිත්ථ. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපන්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපන්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපන්නේ ය, වාක්සංස්කාරය ද උපන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT28. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJT28. යමකුට කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට වාක්සංස්කාරය නූපන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට කායසංස්කාරය නූපන්නේ ද යත්: නැති.
Pali BJT29. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJT29. යමකුට කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන -පෙ- නත්ථි.
Sinhala BJTතවද යමකුට ... නැති.
Pali BJT30. යස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJT30. යමකුට වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස වා පන -පෙ- නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ... නැති. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT31-33. යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT31-33. යම් තැනෙක කායසංස්කාරය නූපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT34. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ. චතුත්ථජ්ඣානං සමාපන්නානං, සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT34. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නූපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපන්නේ ය. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නූපන්නේ ය. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපන්නේ ය, වාක්සංස්කාරය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ. චතුත්ථජ්ඣානං සමාපන්නානං සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචී සඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ, කායසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි කායසංස්කාරය නූපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට ද සමවන් ඔවුනට එහි වාක්සංස්කාරය නූපන්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද නූපන්නේ ය. චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපන්නේ ය, කායසංස්කාරය ද නූපන්නේ යි.
Pali BJT35. යස්ස යත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: චතුත්ථජ්ඣානං සමාපන්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ කායසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ කායසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT35. යමකුට යම් තැනෙක කායසංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය නූපන්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි උපදවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද නූපන්නේ ය, චිත්තසංස්කාරය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... එසේ යි.
Pali BJT36. යස්ස යත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථාති: දුතියජ්ඣානං, තතියජ්ඣානං, චතුත්ථජ්ඣානං සමාපන්නානං, සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ වචීසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT36. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නූපන්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නූපන්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද ශුද්ධාවාසයනට දෙවැනි සිත පවත්නා කල්හි දැයි ඔවුනට එහි වාක්සංස්කාරය නූපන්නේ ය, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි උපදවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය ද නූපන්නේ ය, චිත්තසංස්කාරය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශයි)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT37. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT37. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිත්ථාති: යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං වචන්තානං තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට වාක්සංස්කාරය උපදින්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJT38. යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සතී’ති: ආමන්තා.
Sinhala BJT38. යමකුට කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස කායසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං වචන්තානං තෙසං චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට කායසංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJT39. යස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT39. යමකුට වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ විතර්‍ක විචාර රහිත පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට චිත්තසංස්කාරය උපදින්නේ ය. ඔවුනට වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT40-42. යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT40-42. යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT43. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සතී’ති: දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං සෙං තත්ථ කායසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJT43. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නා වූ ඔවුනට එහි කායසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැයි ඔවුනට එහි කායසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උපජ්ජිස්සති. පඨමජ්ඣානං සමාපන්නානං ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ නම් රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට එහි වාක්සංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJT44. යස්ස යත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT44. යමකුට යම් තැනෙක කායසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, චතුත්ථජ්ඣානං සමාපන්නානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජිස්සති. පඨමජ්ඣානං දුතියජ්ඣානං තතියජ්ඣානං සමාපන්නානං ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, කායසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි කායසංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි කායසංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැයි ඔවුනට චිත්තසංස්කාරය ද උපදින්නේ ය, කායසංස්කාරය ද උපදින්නේ යි.
Pali BJT45. යස්ස යත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT45. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති තස්ස තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්ක අවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, දුතියජ්ඣානං තතියජ්ඣානං චතුත්ථජ්ඣානං සමාපන්නානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ වචීසඞ්ඛාරො උප්පජ්ජිස්සති, පඨමජ්ඣානං සමාපන්නානං කාමාවචරානං ඉතරෙසං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ චිත්තසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච උප්පජ්ජිස්සති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය උපදින්නේ නම් ඔහුට එහි වාක්සංස්කාරය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ විතර්‍කවිචාරරහිත වූ පශ්චිමචිත්තය උපදින්නේ ද ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන්නවුනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය උපදින්නේ ය, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද උපදින්නේ ය. ප්‍රථමධ්‍යානයට සමවන්නවුනට ද කාමාවචරයනට ද සෙසු රූපාවචරයනට ද අරූපාවචරයනට දැයි ඔවුනට එහි චිත්තසංස්කාරය ද උපදින්නේ ය, වාක්සංස්කාරය ද උපදින්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT46. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං කායසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT46. යමකුට කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට වාක්සංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට වාක්සංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට කායසංස්කාරය ද නූපදින්නේ ය, වාක්සංස්කාරය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ... එසේ යි.
Pali BJT47. යස්ස කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා කාමාවචරානං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති, රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං කායසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං කායසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT47. යමකුට කායසංස්කාරය නූපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ කාමාවචරයනට පශ්චිමචිත්තය උපදින්නේ ද රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැයි ඔවුනට කායසංස්කාරය නූපදින්නේ ය, ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කායසංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන චිත්තසඞ්ඛාරො -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට චිත්තසංස්කාරය නූපදින්නේ නම් ... එසේ යි.
Pali BJT48. යස්ස වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති තස්ස චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තං උප්පජ්ජිස්සති තෙසං වචීසඞ්ඛාරො නූප්පජ්ජිස්සති, නො ච තෙසං චිත්තසඞ්ඛාරො නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං වචීසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති, චිත්තසඞ්ඛාරො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT48. යමකුට වාක්සංස්කාරය නූපදින්නේ නම් ඔහුට චිත්තසංස්කාරය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අවිතර්‍කඅවිචාර වූ පශ්චිමචිත්තය උපදින්නේ නම් ඔවුනට වාක්සංස්කාරය නූපදින්නේ ය, ඔවුනට චිත්තසංස්කාරය නො ද නූපදින්නේ ය, පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට වාක්සංස්කාරය ද නූපදින්නේ ය, චිත්තසංස්කාරය ද නූපදින්නේ යි.