Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2101-2200 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT9. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ තස්ස සමුදයසච්චං නිරුජ්ඣිත්ථාති: ආමන්තා. යස්ස වා පන සමුදයසච්චං -පෙ- ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJT9. යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT(අතීතා පුච්ඡා යථා උප්පාදවාරෙ විභත්තා, එවං උප්පාදනිරොධවාරෙපි අනුලොමම්පි පච්චනීකම්පි විභජිතබ්බං.)
Sinhala BJT(යම්සේ උත්පාදවාරයෙහි අතීතපෘච්ඡාව බෙදන ලද්දී ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි දු අනුලෝම ද ප්‍රත්‍යනීකය ද බෙදිය යුතු යි.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT10. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජිස්සති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන සමුදයසච්චං -පෙ- ආමන්තා.
Sinhala BJT10. යමකුට දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය ද උපදින්නේ ය, සමුදය සත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං උප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං -පෙ- ආමන්තා.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු ව අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදින්නේ ය, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි.
Pali BJT11. යස්ස සමුදයසච්චං උප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං සමුදයසච්චං උප්පජ්ජිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති. (අනුලොමපුග්ගල)
Sinhala BJT11. යමකුට සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය ද උපදින්නේ ය, මාර්‍ග සත්‍යය ද නිරුද්ධ වන්නේ ය. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි)
Pali BJT12. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT12. යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT13. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT13. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුක්ඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං.)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යැ)
Pali BJT14. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: ආමන්තා, යස්ස වා පන සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT14. යමකුට දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති ආමන්තා. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
Pali BJT15. යස්ස සමුදයසච්චං නූප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං නූප්පජ්ජිස්සතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං සමුදයසච්චං නූප්පජ්ජිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති. (පච්චනීකපුග්ගල)
Sinhala BJT15. යමකුට සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු ව අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැයි ඔවුනට සමුදයසත්‍යය ද නූපදින්නේ ය, මාර්‍ග සත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදින්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT16. යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT16. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT17. යස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති -පෙ- (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT17. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJT(යස්සකම්පි යස්ස යත්ථකම්පි සදිසං, සමුදයසච්චං මග්ගසච්චං නානාකරණං අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ය. සමුදයසත්‍යය ද මාර්‍ගසත්‍යය ද යෙදීම පමණක් වෙනසි. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදින්නේ යි.)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT18. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිත්ථාති: ආමන්තා. යස්ස වා පන -පෙ- (අනුලොමපුග්ගල)
Sinhala BJT18. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට … (අනුලෝමපුද්ගල යි)
Pali BJT(පච්චුප්පන්නා අතීතා පුච්ඡා උප්පාදවාරෙපි උප්පාදනිරොධවාරෙපි යස්සකම්පි යත්ථකම්පි යස්සයත්ථකම්පි අනුලොමම්පි පච්චනීකම්පි සදිසං. අසම්මොහන්තෙන විභජිතබ්බා.)
Sinhala BJT(ප්‍රත්‍යුත්පන්න-අතීතපෘච්ඡා උත්පාදවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද යස්සකය ද යත්‍ථකය ද යස්සයත්‍ථකය ද අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද සමාන යැ. නො මුළාවන්නහු විසින් බෙදිය යුතු යි.)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT19. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති. ඉතරෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති. සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන සමුදයසච්චං නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති. සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJT19. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය උපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී. සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
Pali BJTයස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අරහන්තානං, චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ{1} යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට දුඃඛසත්‍යය උපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
Pali BJT20. යස්ස සමුදයසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං උප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං උප්පජ්ජතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ{1}, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං සමුදයසච්චං උප්පජ්ජති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජති. (අනුලොමපුග්ගල)
Sinhala BJT20. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි සමුදයසත්‍යය උපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු ව අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදී. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT21. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT21. යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT22. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං -පෙ- ඉතරෙසං චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJT22. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ... සෙසු චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය. දුඃඛසත්‍යය ද උපදී.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
Pali BJT23. යස්ස යත්ථ සමුදයසච්චං උප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති. තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ, තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT23. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද එහි සමුදයසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදී. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝමපුග්ගලාවකාශ යි.)
Pali BJT24. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං සමුදයසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නුප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT24. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ නොවන්නේ ය. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJTයස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: මග්ගස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති. මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJT25. යස්ස සමුදයසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං නූප්පජ්ජතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං සමුදයසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
Sinhala BJT25. යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය නූපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT26. යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT26. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT27. යස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT27. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ භා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදින්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛ්‍යසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: මග්ගස්ස භඞ්ගක්ඛණෙ{1}, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, ආපායිකානං{2}, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනව දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJT28. යස්ස යත්ථ සමුදයසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT28. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජතීති: ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදී ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT29. යස්ස දුක්ඛසච්චං උපපජ්ජිත්ථ තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති:
Sinhala BJT29. යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්:
Pali BJT(යථා නිරොධවාරෙ අතීතා අනාගතා පුච්ඡා අනුලොමම්පි පච්චනීකම්පි විභත්තා, එවං උප්පාදනිරොධවාරෙපි අසම්මොහන්තෙන විභජිතබ්බං.)
Sinhala BJT(යම්සේ නිරෝධවාරයෙහි අතීත-අනාගතපෘච්ඡා පිළිබඳ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද බෙදනලද ද, එසේ ම උත්පාදනිරෝධවාරයෙහිදු නුමුළා වන්නහු විසින් බෙදියයුතු යි.)
Pali BJTඋප්පාදනිරොධවාරො නිට්ඨිතො.
Sinhala BJTඋත්පාදනිරෝධවාර නිමි.
Pali BJTපවත්තිවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රවෘත්තිවාර නිමි.
Pali BJT6. පරිඤ්ඤාවාරො
Sinhala BJT6. පරිඥාවාරය
Pali BJT30. යො දුක්ඛසච්චං පරිජානාති, සො සමුදයසච්චං පජහතීති: ආමන්තා. යො වා පන සමුදයසච්චං පජහති, සො දුක්ඛ සච්චං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT30. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදය සත්‍යය දුරු කෙරේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙරේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
Pali BJTයො දුක්ඛසච්චං න පරිජානාති සො සමුදයසච්චං න පජහතීති: ආමන්තා. යො වා පන සමුදයසච්චං න පජහති සො දුක්ඛසච්චං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTයමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙරේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙරේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
Pali BJT31. යො දුක්ඛසච්චං පරිජානිත්ථ සො සමුදයසච්චං පජහිත්ථාති: ආමන්තා. යො වා පන සමුදයසච්චං පජහිත්ථ සො දුක්ඛසච්චං පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJT31. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කෙළේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
Pali BJTයො දුක්ඛසච්චං න පරිජානිත්ථ සො සමුදයසච්චං න පජහිත්ථාති: ආමන්තා. යො වා පන සමුදයසච්චං න පජහිත්ථ සො දුක්ඛසච්චං න පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJTයමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT32. යො දුක්ඛසච්චං පරිජානිස්සති සො සමුදයසච්චං පජහිස්සතීති: ආමන්තා. යො වා පන සමුදයසච්චං පජහිස්සති සො දුක්ඛසච්චං පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJT32. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දන්නේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කරන්නේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
Pali BJTයො දුක්ඛසච්චං න පරිජානිස්සති සො සමුදයසච්චං න පජහිස්සතීති: ආමන්තා. යො වා පන සමුදයසච්චං න පජහිස්සති සො දුක්ඛසච්චං න පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJTයමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කරන්නේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT33. යො දුක්ඛසච්චං පරිජානාති සො සමුදයසච්චං පජහිත්ථාති: නො. යො වා පන සමුදයසච්චං පජහිත්ථ සො දුක්ඛසච්චං පරිජානාතීති: නො
Sinhala BJT33. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කෙළේ ද යත්: නැති. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො දුක්ඛසච්චං න පරිජානාති සො සමුදයසච්චං න පජහිත්ථාති: අරහා දුක්ඛසච්චං න පරිජානාති, නො ච සමුදයසච්චං න පජහිත්ථ. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා දුක්ඛසච්චඤ්ච න පරිජානන්ති, සමුදයසච්චඤ්ච න පජහිත්ථ. යො වා පන සමුදයසච්චං න පජහිත්ථ සො දුක්ඛසච්චං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී සමුදයසච්චං න පජහිත්ථ, නො ච දුක්ඛසච්චං න පරිජානාති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා සමුදයසච්චඤ්ච න පජහිත්ථ, දුක්ඛසච්චඤ්ච න පරිජානන්ති.
Sinhala BJTයමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ද යත්: අර්‍හත් තෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී, සමුදයසත්‍යය නො ද දුරු නො කෙළේ යි. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා සෙසු පුද්ගලයෝ දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය ද දුරු නො කළාහු ය. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී (පුද්ගල) තෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ය, දුඃඛසත්‍යය නො ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා සෙසු පුද්ගලයෝ සමුදයසත්‍යය ද දුරු නො කළාහු ය, දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT34. යො දුක්ඛසච්චං පරිජානාති සො සමුදයසච්චං පජහිස්සතීති නො. යො වා පන සමුදයසච්චං පජහිස්සති සො දුක්ඛසච්චං පරිජානාතීති: නො.
Sinhala BJT34. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කරන්නේ ද යත්: නැති. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: නැති.
Pali BJTයො දුක්ඛසච්චං න පරිජානාති සො සමුදයසච්චං න පජහිස්සතීති: යෙ මග්ගං පටිලභිස්සන්ති තෙ දුක්ඛසච්චං න පරිජානන්ති, නො ච සමුදයසච්චං න පජහිස්සන්ති. අරහා, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙ දුක්ඛසච්චඤ්ච න පරිජානන්ති, සමුදයසච්චඤ්ච න පජහිස්සන්ති, යො වා පන සමුදයසච්චං න පජහිස්සති සො දුක්ඛසච්චං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී සමුදයසච්චං න පජහිස්සති, නො ච දුක්ඛසච්චං න පරිජානාති. අරහා, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙ සමුදයසච්චඤ්ච න පජහිස්සන්ති, දුක්ඛසච්චඤ්ච න පරිජානන්ති.
Sinhala BJTයමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කරන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුහු දුඃඛසත්‍යය පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය නො ද දුරු නො කරන්නාහු ය. අර්‍හත් තෙමේ ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය. තවද යමෙක් සමුදයසත්‍ය දුරු නොකරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී තෙමේ සමුදයසත්‍යය දුරු නො කරන්නේ ය. දුඃඛසත්‍යය නො ද පිරිසිඳ නො දනී. අර්‍හත් තෙමේ ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය. දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්.
Pali BJTපච්චුප්පන්නාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT35. යො දුක්ඛසච්චං පරිජානිත්ථ සො සමුදයසච්චං පජහිස්සතීති: නො. යො වා පන සමුදයසච්චං පජහිස්සති සො දුක්ඛසච්චං පරිජානිත්ථාති: නො.
Sinhala BJT35. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කරන්නේ ද යත්: නැති. තවද යමෙක් සමුදය සත්‍යය දුරු කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ ද යත්: නැති.
Pali BJTයො දුක්ඛසච්චං න පරිජානිත්ථ සො සමුදයසච්චං න පජහිස්සතීති: යෙ මග්ගං පටිලභිස්සන්ති තෙ දුක්ඛසච්චං න පරිජානිත්ථ, නො ච තෙ සමුදයසච්චං න පජහිස්සන්ති. අග්ගමග්ගසමඞ්ගී, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙ දුක්ඛසච්චඤ්ච න පරිජානිත්ථ, සමුදයසච්චඤ්ච න පජහිස්සන්ති. යො වා පන සමුදයසච්චං න පජහිස්සති සො දුක්ඛසච්චං න පරිජානිත්ථාති, අරහා සමුදයසච්චං න පජහිස්සති, නො ච දුක්ඛසච්චං න පරිජානිත්ථ. අග්ගමග්ගසමඞ්ගී, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙ සමුදයසච්චඤ්ච න පජහිස්සන්ති, දුක්ඛසච්චඤ්ච න පරිජානිත්ථ.
Sinhala BJTයමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කරන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුහු දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්හ, ඔවුහු සමුදයසත්‍යය නො ද දුරු නො කරන්නාහු ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දත්හ, සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ ද යත්: අර්‍හත් තෙමේ සමුදයසත්‍යය දුරු නො කරන්නේ ය, දුඃඛසත්‍යය නො ද පිරිසිඳ නො දත්තේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය, දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දත්හ.
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTපරිඤ්ඤාවාරො නිට්ඨිතො.
Sinhala BJTපරිඥාවාර නිමි.
Pali BJTසච්චයමකං නිට්ඨිතං.
Sinhala BJTසච්චයමක නිමි.
Pali BJTඅභිධම්මපිටකෙ
Sinhala BJTඅභිධර්‍මපිටකයෙහි
Pali BJTයමකප්පකරණං
Sinhala BJTයමකප්‍රකරණය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT6. සඞ්ඛාරයමකං
Sinhala BJT6. සංස්කාරයමකය
Pali BJT1. පඤ්ඤත්ති උද්දෙසවාරො.
Sinhala BJT1. ප්‍රඥප්ති උද්දේශවාරය
Pali BJTතයො සඞ්ඛාරා: - කායසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරොති. අස්සාසපස්සාසා කායසඞ්ඛාරො, විතක්කවිචාරා වචීසඞ්ඛාරො, සඤ්ඤා ච වෙදනා ච චිත්තසඞ්ඛාරො, ඨපෙත්වා විතක්කවිචාරෙ සබ්බෙපි චිත්තසම්පයුත්තකා ධම්මා චිත්තසඞ්ඛාරො.
Sinhala BJTසංස්කාරයෝ තිදෙනෙකි: කායසංස්කාර යැ, වාක්සංස්කාර යැ, චිත්තසංස්කාර යි. ආශ්වාසප්‍රශ්වාසයෝ කායසංස්කාර යැ. විතර්‍ක විචාරයෝ වාක්සංස්කාර යැ. සංඥාව ද වේදනාව ද චිත්තසංස්කාර යැ. විතර්‍කවිචාරයන් තබා සිත හා යෙදුණු සියලු මැ ධර්‍මයෝ චිත්තසංස්කාර යි.
Pali BJT1. කායො කායසඞ්ඛාරො, කායසඞ්ඛාරො කායො.
Sinhala BJT1. කාය කායසංස්කාර වේ ද, කායසංස්කාරය කාය වේ ද.
Pali BJT2. වචී වචීසඞ්ඛාරො, වචීසඞ්ඛාරො වචී.
Sinhala BJT2. වාක් වාක්සංස්කාර වේ ද, වාක්සංස්කාරය වාක් වේ ද.
Pali BJT3. චිත්තං චිත්තසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො චිත්තං (අනුලොමං).
Sinhala BJT3. චිත්ත චිත්තසංස්කාර වේ ද, චිත්තසංස්කාරය චිත්ත වේ ද. (අනුලෝම යි)
Pali BJT4. න කායො න කායසඞ්ඛාරො, න කායසඞ්ඛාරො න කායො.
Sinhala BJT4. කාය නො වූයේ කායසංස්කාර නො වේ ද, කායසංස්කාර නො වූයේ කාය නො වේ ද.
Pali BJT5. න වචී න වචීසඞ්ඛාරො, න වචීසඞ්ඛාරො න වචී.
Sinhala BJT5. වාක් නො වූයේ වාක්සංස්කාර නො වේ ද, වාක්සංස්කාර නො වූයේ වාක් නො වේ ද.
Pali BJT6. න චිත්තං න චිත්තසඞ්ඛාරො, න චිත්තසඞ්ඛාරො න චිත්තං (පච්චනීකං).
Sinhala BJT6. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, චිත්තසංස්කාර නො වූයේ චිත්ත නො වේ ද. (ප්‍රත්‍යනීක යි)
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT7. කායො කායසඞ්ඛාරො, සඞ්ඛාරා වචීසඞ්ඛාරො.
Sinhala BJT7. කාය කායසංස්කාර වේ ද, සංස්කාරයෝ වාක්සංස්කාර වේ ද.
Pali BJT8. කායො කායසංඛාරො, සඞ්ඛාරා චිත්තසඞ්ඛාරො.
Sinhala BJT8. කාය කායසංස්කාර වේ ද, සංස්කාරයෝ චිත්තසංස්කාර වේ ද.
Pali BJT9. වචී වචීසඞ්ඛාරො, සඞ්ඛාරා කායසඞ්ඛාරො.
Sinhala BJT9. වාක් වාක්සංස්කාර වේ ද, සංස්කාරයෝ කායසංස්කාර වේ ද.
Pali BJT10. වචී වචීසඞ්ඛාරො, සඞ්ඛාරා චිත්තසඞ්ඛාරො.
Sinhala BJT10. වාක් වාක්සංස්කාර වේ ද, සංස්කාරයෝ චිත්තසංස්කාර වේ ද.
Pali BJT11. චිත්තං චිත්තසඞ්ඛාරො, සඞ්ඛාරා කායසඞ්ඛාරො.
Sinhala BJT11. චිත්ත චිත්තසංස්කාර වේ ද, සංස්කාරයෝ කායසංස්කාර වේ ද.
Pali BJT12. චිත්තං චිත්තසඞ්ඛාරො. සඞ්ඛාරා වචීසඞ්ඛාරො (අනුලොමං).
Sinhala BJT12. චිත්ත චිත්තසංස්කාර වේ ද, සංස්කාරයෝ වාක්සංස්කාර වේ ද. (අනුලෝම යි)
Pali BJT13. න කායො න කායසඞ්ඛාරො, න සඞ්ඛාරා න වචීසඞ්ඛාරො.
Sinhala BJT13. කාය නො වූයේ කායසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වේ ද.
Pali BJT14. න කායො න කායසඞ්ඛාරො, න සඞ්ඛාරා න චිත්ත සඞ්ඛාරො.
Sinhala BJT14. කාය නො වූයේ කායසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වේ ද.
Pali BJT15. න වචී න වචීසඞ්ඛාරො, න සඞ්ඛාරා න කායසඞ්ඛාරො.
Sinhala BJT15. වාක් නො වූයේ වාක්සංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වේ ද.
Pali BJT16. න වචී න වචීසඞ්ඛාරො, න සඞ්ඛාරා න චිත්තසඞ්ඛාරො.
Sinhala BJT16. වාක් නො වූයේ වාක්සංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු චිත්තසංස්කාර නො වේ ද.
Pali BJT17. න චිත්තං න චිත්තසඞ්ඛාරො, න සඞ්ඛාරා න කායසඞ්ඛාරො.
Sinhala BJT17. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු කායසංස්කාර නො වේ ද.
Pali BJT18. න චිත්තං න චිත්තසඞ්ඛාරො, න සඞ්ඛාරා න වචීසඞ්ඛාරො (පච්චනීකං)
Sinhala BJT18. චිත්ත නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, සංස්කාර නො වූවාහු වාක්සංස්කාර නො වේ ද. (ප්‍රත්‍යනීක යි)
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාර යි.
Pali BJT19. කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො, වචීසඞ්ඛාරො කායසඞ්ඛාරො.
Sinhala BJT19. කායසංස්කාරය වාක්සංස්කාර වේ ද, වාක්සංස්කාරය කායසංස්කාර වේ ද.
Pali BJT20. කායසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො කායසඞ්ඛාරො.
Sinhala BJT20. කායසංස්කාරය වාක්සංස්කාර වේ ද, චිත්තසංස්කාරය කායසංස්කාර වේ ද.
Pali BJT21. වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො, චිත්තසඞ්ඛාරො වචීසංඛාරො (අනුලොමං).
Sinhala BJT21. වාක්සංස්කාරය චිත්තසංස්කාර වේ ද, චිත්තසංස්කාරය වාක්සංස්කාර වේ ද. (අනුලෝම යි)
Pali BJT22. න කායසඞ්ඛාරො න වචීසඞ්ඛාරො, න වචීසඞ්ඛාරො න කායසඞ්ඛාරො.
Sinhala BJT22. කායසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වේ ද, වාක්සංස්කාර නො වූයේ කායසංස්කාර නො වේ ද.
Pali BJT23. න කායසඞ්ඛාරො න චිත්තසඞ්ඛාරො, න චිත්තසංඛාරො න කායසඞ්ඛාරො.
Sinhala BJT23. කායසංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, චිත්තසංස්කාර නො වූයේ කායසංස්කාර නො වේ ද.
Pali BJT24. න වචීසඞ්ඛාරො න චිත්තසඞ්ඛාරො, න චිත්තසඞ්ඛාරො න වචීසඞ්ඛාරො (පච්චනීකං).
Sinhala BJT24. වාක්සංස්කාර නො වූයේ චිත්තසංස්කාර නො වේ ද, චිත්තසංස්කාර නො වූයේ වාක්සංස්කාර නො වේ ද. (ප්‍රත්‍යනීක යි)
Pali BJTසුද්ධසඞ්ඛාරවාරො.
Sinhala BJTශුද්ධසංස්කාරවාර යි.
Pali BJTපණණත්තිඋද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රඥප්ති උද්දේශවාර නිමි.
Pali BJT2. පණ්ණත්ති නිද්දෙසවාරො.
Sinhala BJT2. ප්‍රඥප්ති නිර්දේශවාරය
Pali BJT1. කායො කායසඞ්ඛාරොති: නො. කායසංඛාරො කායොති: නො.
Sinhala BJT1. කාය කායසංස්කාර වෙයි යත්: නැති. කායසංස්කාරය කාය වෙයි යත්: නැති.
Pali BJT2. වචී වචීසඞ්ඛාරොති: නො. වචීසංඛාරො වචීති: නො.
Sinhala BJT2. වාක් වාක්සංස්කාර වෙයි යත්: නැති. වාක්සංස්කාරය වාක් වෙයි යත්: නැති.
Pali BJT3. චිත්තං චිත්තසඞ්ඛාරොති: නො. චිත්තසංඛාරො චිත්තන්ති: නො. (අනුලොමං).
Sinhala BJT3. චිත්තය චිත්තසංස්කාර වෙයි යත්: නැති. චිත්තසංස්කාරය චිත්ත වෙයි යත්: නැති. (අනුලෝම යි)
Pali BJT4. න කායො න කායසඞ්ඛාරොති: කායසඞ්ඛාරො න කායො, කායසඞ්ඛාරො. කායඤ්ච කායසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව කායො, න ච කායසඞ්ඛාරො. න කායසඞ්ඛාරො න කායොති: කායො න කායසඞ්ඛාරො, කායො. කායඤ්ච කායසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව කායො න ච කායසඞ්ඛාරො.
Sinhala BJT4. කාය නො වූයේ කායසංස්කාර නො වෙයි යත්: කායසංස්කාරය කාය නො වේ, කායසංස්කාර යි. කාය ද කායසංස්කාර ද තබා සෙස්සෝ කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ. කායසංස්කාර නො වූයේ කාය නො වෙයි යත්: කාය කායසංස්කාර නො වේ, කාය යි, කාය ද කායසංස්කාර ද තබා සෙස්ස කාය ද නො වූයේ ම කායසංස්කාර ද නො වේ.
Pali BJT5. න වචී න වචීසඞ්ඛාරොති: වචීසඞ්ඛාරො න වචී, වචී සඞ්ඛාරො. වචීඤ්ච වචීසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව වචී. න ච වචීසඞ්ඛාරො. න වචීසඞ්ඛාරො න වචීති: වචී න වචී සඞ්ඛාරො, වචී. වචිඤ්ච වචීසඞ්ඛාරඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව වචී න ච වචීසඞ්ඛාරො.
Sinhala BJT5. වාක් නො වූයේ වාක්සංස්කාර නො වෙයි යත්: වාක්සංස්කාරය වාක් නො වේ, වාක්සංස්කාර යි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ. වාක්සංස්කාර නො වූයේ වාක් නො වෙයි යත්: වාක් වාක්සංස්කාර නො වේ, වාක් වෙයි. වාක් ද වාක්සංස්කාර ද තබා සෙස්ස වාක් නො වූයේ ම වාක්සංස්කාර ද නො වේ.