Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2001-2100 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඋප්පාදවාරො නිට්ඨිතො.
Sinhala BJTඋත්පාදවාර නිමි.
Pali BJT4. නිරොධවාරො
Sinhala BJT4. නිරෝධවාරය
Pali BJT1. යස්ස දුක්ඛසච්චං නිරුජ්ඣති තස්ස සමුදයසච්චං නිරුජ්ඣතීති: සබ්බෙසං චවන්තානං පවත්තෙ තණ්හාවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣති, නො ච තෙසං සමුදයසච්චං නිරුජ්ඣති. තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣති. යස්ස වා පන සමුදයසච්චං නිරුජ්ඣති තස්ස දුක්ඛසච්චං නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT1. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වේ, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වේ. තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ වේ. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං නිරුජ්ඣති තස්ස මග්ගසච්චං නිරුජ්ඣතීති: සබ්බෙසං චවන්තානං පවත්තෙ මග්ගවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣති. පඤ්චවොකාරෙ මග්ගස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣති. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣති තස්ස දුක්ඛසච්චං නිරුජ්ඣතීති: අරූපෙ මග්ගස්ස භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චං නිරුජ්ඣති, නො ච තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣති. පඤ්චවොකාරෙ මග්ගස්ස භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣති, දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වේ, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වේ. පඤ්චවෝකාරයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. පඤ්චවෝකාරයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වෙයි, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
Pali BJT2. යස්ස සමුදයසච්චං නිරුජ්ඣති තස්ස මග්ගසච්චං නිරුජ්ඣතීති: අසඤ්ඤසත්තෙ තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති -පෙ- (අනුලොමපුග්ගල)
Sinhala BJT2. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. (අනුලෝම පුද්ගල යි)
Pali BJT3. යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති තත්ථ සමුදයසච්චං නිරුජ්ඣතීති: අසඤ්ඤසත්තෙ තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT3. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් එහි සමුදය සත්‍යය නිරුද්ධ වේ ද යත්: එහි අසංඥසත්‍වයෙහි දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි ... (අනුලෝමාවකාශ යි)
Pali BJT(යත්ථකං උප්පාදෙපි නිරොධෙපි උප්පාදනිරොධෙපි සදිසං. නත්ථි නානාකරණං)
Sinhala BJT(යත්‍ථකය උත්පාදයෙහි ද නිරෝධයෙහි ද උත්පාදනිරෝධයෙහි ද සමාන ය. වෙනසෙක් නැති.)
Pali BJT4. යස්ස යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති -පෙ- (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJT4. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT(යස්ස යත්ථකම්පි සදිසං විත්ථාරෙතබ්බං)
Sinhala BJT(යස්සයත්‍ථකය ද සමාන වැ විස්තර කළයුතු.)
Pali BJT5. යස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣතීති: ආමන්තා. යස්ස වා පන සමුදයසච්චං න නිරුජ්ඣති තස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣතීති: සබ්බෙසං චවන්තානං පවත්තෙ තණ්හාවිප්පයුත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං දුක්ඛසච්චං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT5. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාද ක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ භා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනව සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣතීති: අරූපෙ මග්ගස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ අරූපෙ ඵලස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣති තස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣතීති: සබ්බෙසං චවන්තානං පවත්තෙ මග්ගවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති, සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ අරූපෙ ඵලස්ස භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
Pali BJT6. යස්ස සමුදයසච්චං න නිරුජ්ඣති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣතීති: මග්ගස්ස භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති. සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තමග්ගවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣතීති: තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං සමුදයසච්චං න නිරුජ්ඣති. සබ්බෙසං චිත්තස්ස උප්පාදක්ඛණෙ, මග්ගවිප්පයුත්තතණ්හාවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති. (පච්චනීකපුග්ගල)
Sinhala BJT6. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද තෘෂ්ණාවිප්‍රයුක්ත මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදය සත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද මාර්‍ගවිප්‍රයුක්ත තෘෂ්ණාවිප්‍රයුක්ත චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT7. යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT7. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් … (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT8. යස්ස යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති -පෙ- (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT8.යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJT(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං. යස්සයත්ථකම්හි නිරොධසමාපන්නානන්ති චෙතං න කාතබ්බං.)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ය. යස්සයත්‍ථකයෙහි දු නිරෝධසමාපන්නානං” යන මෙය නො යෙදියයුතු.)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
Pali BJT9. යස්ස දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථ තස්ස සමුදයසච්චං නිරුජ්ඣිත්ථාති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJT9. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT(යථා උප්පාදවාරෙ අතීතා පුච්ඡා අනුලොමම්පි පච්චනීකම්පි විභත්තං එවං නිරොධෙපි විභජිතබ්බා, නත්ථි නානාකරණං.)
Sinhala BJT(යම්සේ උත්පාදවාරයෙහි අතීතපුච්ඡාව පිළිබඳ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද බෙදනලද ද එසේ ම නිරෝධයෙහි ද බෙදියයුතු ය. වෙනසෙක් නැති.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT10. යස්ස දුක්ඛසච්චං නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන සමුදයසච්චං -පෙ- ආමන්තා.
Sinhala BJT10. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදය සත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං නිරුජ්ඣිස්සති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති. තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣිස්සති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං -පෙ- ආමන්තා.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි.
Pali BJT11. යස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති, යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති, යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. (අනුලොමපුග්ගල)
Sinhala BJT11. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය. ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT12. යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣිස්සති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT12. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT13. යස්ස යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති -පෙ- (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT13. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වන්නේ ය. සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං.)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යි.)
Pali BJT14. යස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. යස්ස වා පන සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT14. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ යි. ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වන්නේයි.
Pali BJT15. යස්ස සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං න නිරුජ්ඣිස්සති. නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. (පච්චනීකපුග්ගල)
Sinhala BJT15. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රාමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රාමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
Pali BJT16. යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT16. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT17. යස්ස යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. යස්ස වා පන යත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සති. පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ, තෙසං තත්ථ සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සති, තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT17. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද, අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති, ආපායිකානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිස්සති, පච්ඡිමචිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු ද ආපායිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. පශ්චිමචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJT18. යස්ස යත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති, තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT18. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT19. යස්ස දුක්ඛසච්චං නිරුජ්ඣති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිත්ථාති: ආමන්තා. යස්ස වා පන සමුදයසච්චං නිරුජ්ඣිත්ථ තස්ස දුක්ඛසච්චං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච නිරුජ්ඣිත්ථ දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති.
Sinhala BJT19. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ වී, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනව සමුදයසත්‍යය නිරුද්ධ වී දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
Pali BJTයස්ස දුක්ඛසච්චං නිරුජ්ඣති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිත්ථාති: අනභිසමෙතාවීනං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිත්ථ. අභිසමෙතාවීනං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිත්ථ. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣිත්ථ තස්ස දුක්ඛසච්චං නිරුජ්ඣතීති: අභිසමෙතාවීනං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣති. අභිසමෙතාවීනං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣිත්ථ, දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වී ද යත්: අභිසමයට නො පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වී. අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ විය. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: අභිසමයට පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ විය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ විය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
Pali BJT20. යස්ස සමුදයසච්චං නිරුජ්ඣති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිත්ථාති: අනභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චං නිරුජ්ඣති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිත්ථ. අනභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිත්ථ. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣිත්ථ තස්ස සමුදයසච්චං නිරුජ්ඣතීති: අභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තණ්හා විප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං තෙසං මග්ගසච්චං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං සමුදයසච්චං නිරුජ්ඣති. අභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣිත්ථ, සමුදයසච්චඤ්ච නිරුජ්ඣති. (අනුලොමපුග්ගල)
Sinhala BJT20. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වී ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ විය. තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට පැමිණි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ විය. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද, තෘෂ්ණා විප්‍රයුක්තවිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ විය, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වෙයි. තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට පැමිණි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ විය, සමුදයසත්‍යය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
Pali BJT21. යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT21. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT22. යස්ස යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස භඞ්ගක්ඛණෙ අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිත්ථ. යස්ස වා පන යත්ථ සමුදයසච්චං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣතීති: චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති. චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නිරුජ්ඣිත්ථ, දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති.
Sinhala BJT22. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ විය. චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නා වූ සෙස්සනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ විය. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ විය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි. ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ විය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති තස්ස තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස භඞ්ගක්ඛණෙ අනභිසමෙතාවීනං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣති. අභිසමෙතාවීනං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිත්ථ. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣතීති: අභිසමෙතාවීනං, උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති. අභිසමෙතාවීනං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නිරුජ්ඣිත්ථ, දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ විය. අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වී ය. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: අභිසමයට පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වී, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. අභිසමයට පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වී ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
Pali BJT23. යස්ස යත්ථ සමුදයසච්චං නිරුජ්ඣති තස්ස තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිත්ථාති: අනභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිත්ථ. අභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නිරුජ්ඣති මග්ගසච්චඤ්ච නිරුජ්ඣිත්ථ. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣතීති: අභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣති. අභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නිරුජ්ඣිත්ථ, සමුදයසච්චඤ්ච නිරුජ්ඣති. (අනුලොමපුග්ගලාවකාස)
Sinhala BJT23. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වී ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණියා වූ ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වී. තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වී. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වී ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වෙයි. තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වී සමුදයසත්‍යය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT24. යස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ. යස්ස වා පන සමුදයසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣතීති: නත්ථි.
Sinhala BJT24. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: නැති.
Pali BJTයස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිත්ථාති: අභිසමෙතාවීනං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ. අනභිසමෙතාවීනං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣතීති: අනභිසමෙතාවීනං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං දුක්ඛසච්චං න නිරුජ්ඣති. අනභිසමෙතාවීනං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ, දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී ද යත්: අභිසමයට පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වී. අභිසමයට නො පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නො ද නිරුද්ධ වී. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අභිසමයට නො පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී. ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අභිසමයට නො පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි.
Pali BJT25. යස්ස සමුදයසච්චං න නිරුජ්ඣති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිත්ථාති: අභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං තෙසං සමුදයසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ. අනභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස සමුදයසච්චං න නිරුජ්ඣතීති: අනභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං සමුදයසච්චං න නිරුජ්ඣති. අනභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති. (පච්චනීකපුග්ගල)
Sinhala BJT25. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වී. අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණියා වූ ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT26. යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT26. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT27. යස්ස යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති තස්ස තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිත්ථාති: චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං, තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ. යස්ස වා පන යත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣතීති: සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති. සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT27. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වී ද යත්: චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද, අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වී. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වී. ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට ද ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වී ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිත්ථාති: අභිසමෙතාවීනං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ අනභිසමෙතාවීනං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච න කිරුජ්ඣති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ. යස්ස වා පන යත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣතීති: සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අනභිසමෙතාවීනං චවන්තානං තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති. සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ, අනභිසමෙතාවීනං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී ද යත්: අභිසමයට පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි. ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී. තව ද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
Pali BJT28. යස්ස යත්ථ සමුදයසච්චං න නිරුජ්ඣති තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිත්ථාති: අභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අනභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති. මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT28. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වී. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී.
Pali BJTයස්ස වා පන යත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣතීති: අනභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣති. සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ශුද්ධාවාසයනට දෙවන සිත පවත්නා කල්හි ද අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වී, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
Pali BJT29. යස්ස දුක්ඛසච්චං නිරුජ්ඣති තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣති. නො ච තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති. ඉතරෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන සමුදයසච්චං නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣති. සබ්බෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති.
Sinhala BJT29. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයන්ගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
Pali BJTයස්ස දුක්ඛසච්චං නිරුජ්ඣති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති,
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි,
Pali BJTමග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං නිරුජ්ඣතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTමාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළි ලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
Pali BJT30. යස්ස සමුදයසච්චං නිරුජ්ඣති තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තෙසං සමුදයසච්චං නිරුජ්ඣති, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තෙසං සමුදයසච්චඤ්ච නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං නිරුජ්ඣතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං සමුදයසච්චං නිරුජ්ඣති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣති. (අනුලොමපුග්ගල)
Sinhala BJT30. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි සමුදයසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි සමුදයසත්‍යය ද නිරුද්ධ වෙයි. මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය. ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වෙයි. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි)
Pali BJT31. යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT31. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT32. යස්ස යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති. ඉතරෙසං චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣතීති:
Sinhala BJT32. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, සමුදසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්:
Pali BJTචතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති. චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTචතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ භා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති තස්ස තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැයි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ භා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍ය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වෙයි. යම් සිතකට අනතුරු ව අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අන්‍යවූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වේ.
Pali BJT33. යස්ස යත්ථ සමුදයසච්චං නිරුජ්ඣති තස්ස තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති.
Sinhala BJT33. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය.
Pali BJTයෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTයම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වෙයි. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගලාවකාශ යි)
Pali BJT34. යස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං සමුදයසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති, සමුදයසච්චඤ්ච, න නිරුජ්ඣිස්සති. යස්ස වා පන සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං න නිරුජ්ඣති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT34. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තව ද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං න නිරුජ්ඣති,
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි,
Pali BJTනො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං න නිරුජ්ඣති. අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි. ඔවුනට දුබසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
Pali BJT35. යස්ස සමුදයසච්චං න නිරුජ්ඣති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තෙසං මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. නො ච තෙසං සමුදයසච්චං න නිරුජ්ඣති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති. (පච්චනීකපුග්ගල)
Sinhala BJT35. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුන්හට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද, තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තව ද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට ද මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වේ. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT36. යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT36. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT37. යස්ස යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති තස්ස තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT37. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තව ද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ ආපායිකානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති, තෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣති. අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතව ද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය. දුඃඛසත්‍යය ද නිරුද්ධ නො වෙයි.
Pali BJT38. යස්ස යත්ථ සමුදයසච්චං න නිරුජ්ඣති තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣතීති: ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ අරහන්තානං, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානා තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT38. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT39. යස්ස දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථ තස්ස සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං සමුදයසච්චං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣිත්ථ, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන සමුදයසච්චං -පෙ- ආමන්තා.
Sinhala BJT39. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය නිරුද්ධ වී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට දුඃඛසත්‍යය ද නිරුද්ධ වී, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථ තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චඤ්ච කිරුජ්ඣිත්ථ, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං -පෙ- ආමන්තා.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය නිරුද්ධ වී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය ද නිරුද්ධ වී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි.
Pali BJT40. යස්ස සමුදයසච්චං නිරුජ්ඣිත්ථ තස්ස මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං මග්ගසච්චං නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චඤ්ච නිරුජ්ඣිත්ථ, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන මග්ගසච්චං -පෙ- ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJT40. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට මාර්‍ග සත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද, රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය නිරුද්ධ වී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ වී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT41. යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථ -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT41. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT42. යස්ස යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යස්සචිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති, ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣිත්ථ, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්ච නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT42. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද, අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වී, සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වී, සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැයි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වී.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති, ආපායිකානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සති, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣිත්ථ, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නිරුජ්ඣිත්ථ. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සති. යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, දුක්ඛසච්චඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ වී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු ද ආපායිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නිරුද්ධ වී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නිරුද්ධ වී. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය, දුඃඛසත්‍යය ද නිරුද්ධ වී.
Pali BJT43. යස්ස යත්ථ සමුදයසච්චං නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සතීති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති. ආපායිකානං තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නිරුජ්ඣිත්ථ, මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ මග්ගසච්චං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නිරුජ්ඣිත්ථ. අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච නිරුජ්ඣිත්ථ. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT43. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ වි නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු ද ආපායිකයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ වී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ වන්නේ ය. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද, යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද, අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ වී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාස වූ ඔවුනට දෙවන සිත පවත්නා කල්හි එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වී. අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ වන්නේ ය. සමුදයසත්‍යය ද නිරුද්ධ වී. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT44. යස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: නත්ථි. යස්ස වා පන සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT44. යමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
Pali BJTයස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: නත්ථි. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස දුක්ඛසච්චං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
Pali BJT45. යස්ස සමුදයසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: නත්ථි. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ. (පච්චනීකපුග්ගල)
Sinhala BJT45. යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT46. යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිත්ථ -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT46. යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT47. යස්ස යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සතීති: නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJT47. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං න නිරුජ්ඣිත්ථාති: නිරුජ්ඣිත්ථ.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නිරුද්ධ නොවී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: නිරුද්ධ වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නිරුද්ධ නො වී ද යත්: නිරුද්ධ වී.
Pali BJT48. යස්ස යත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිත්ථ, නො ච තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසචං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිත්ථාති: අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති, ආපායිකානං තෙසං තත්ථ මග්ගසච්චං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං න නිරුජ්ඣිත්ථ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච න නිරුජ්ඣිස්සති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣිත්ථ. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT48. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නිරුද්ධ නො වී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ද යත්: දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාස වූ ඔවුනට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වන්නේ ය. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද නිරුද්ධ නො වී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ නො වී ද යත්: අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු ද ආපායිකයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වී. අසංඥසත්‍ව වු ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වන්නේ ය. සමුදයසත්‍යය ද නිරුද්ධ නො වී. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
Pali BJTනිරොධවාරො නිට්ඨිතො.
Sinhala BJTනිරෝධවාර නිමි.
Pali BJT5. උප්පාද නිරොධවාරො
Sinhala BJT5. උත්පාද නිරෝධවාරය
Pali BJT1. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස සමුදයසච්චං නිරුජ්ඣතීති: නො. යස්ස වා පන සමුදයසච්චං නිරුජ්ඣති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: නො.
Sinhala BJT1. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: නැති,
Pali BJTයස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං නිරුජ්ඣතීති: නො. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: නො.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: නැති.
Pali BJT2. යස්ස සමුදයසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං නිරුජ්ඣතීති: නො. යස්ස වා පන මග්ගසච්චං නිරුජ්ඣති තස්ස සමුදයසච්චං උප්පජ්ජතීති: නො. (අනුලොමපුග්ගල)
Sinhala BJT2. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍ය නිරුද්ධ වේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ වේ නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: නැති. (අනුලෝම පුද්ගල යි)
Pali BJT3. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තත්ථ සමුදයසච්චං නිරුජ්ඣතීති: අසඤ්ඤසත්තෙ තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තත්ථ සමුදයසච්චං නිරුජ්ඣති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT3. යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් එහි සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: අසංඥසත්‍ව වූ එහි දුඃඛසත්‍යය උපදී, එහි සමුදයසත්‍යය නො ද නිරුද්ධ වේ ... (අනුලෝමාවකාශ යි)
Pali BJT(යත්ථකං උප්පාදවාරෙපි නිරොධවාරොපි උප්පාදනිරොධවාරෙපි සදිසං, නත්ථි නානාකරණං.)
Sinhala BJT(යත්‍ථකය උත්පාදවාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාද නිරෝධවාරයෙහි ද සමාන යැ. වෙනසෙක් නැති.)
Pali BJT4. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං නිරුජ්ඣතීති: නො. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT4. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නිරුද්ධ වේ ද යත්: නැති, (අනුලෝම පුද්ගලාවකාශ යි)
Pali BJT(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං.)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන යැ.)
Pali BJT5. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස සමුදයසච්චං න නිරුජ්ඣතීති: තණ්හාය භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං සමුදයසච්චං න නිරුජ්ඣති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ තණ්හාවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ, මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති. යස්ස වා පන සමුදයසච්චං න නිරුජ්ඣති, තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ තණ්හාවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ, මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච න නිරුජ්ඣති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT5. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට සමුදයසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJTයස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣතීති: මග්ගස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නුප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ මග්ගවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ, මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ මග්ගවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ, මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ භා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJT6. යස්ස සමුදයසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං න නිරුජ්ඣතීති: මග්ගස්ස භඞ්ගක්ඛණෙ තෙසං සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති. තණ්හාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, මග්ගවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති. යස්ස වා පන මග්ගසච්චං න නිරුජ්ඣති තස්ස සමුදයසච්චං නූප්පජ්ජතීති: තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං න නිරුජ්ඣති, නො ච තෙසං සමුදයසච්චං නූප්පජ්ජති. මග්ගවිප්පයුත්තචිත්තස්ස භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චඤ්ච න නිරුජ්ඣති සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
Sinhala BJT6. යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ ද යත්: මාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සමුදයසත්‍ය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නිරුද්ධ නො වෙයි. තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද මාර්‍ගවිප්‍රයුත්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වේ. තවද යමකුට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය නිරුද්ධ නො වෙයි, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නිරුද්ධ නො වෙයි. සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT7. යත්ථ දුක්ඛසච්චං නුප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT7. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT8. යස්ස යත්ථ දුක්ඛසච්චං නුප්පජ්ජති -පෙ- (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT8. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJT(යස්සකම්පි යස්ස යත්ථකම්පි සදිසං. යස්ස යත්ථකෙ{1} නිරොධසමාපන්නානන්ති න කාතබ්බං.)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ය. යස්සයත්‍වකයෙහි “නිරෝධසමාපන්න” යි නො යෙදියයුතු ය.)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.