Pali BJTන මග්ගො න සච්චන්ති: මග්ගං ඨපෙත්වා අවසෙසා සච්චා න මග්ගො, සච්චා. මග්ගඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව මග්ගො, න ච සච්චා. න සච්චා න සමුදයසච්චන්ති: ආමන්තා. -පෙ- න සච්චා න නිරොධසච්චන්ති: ආමන්තා. (පච්චනීක)
Sinhala BJTමාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: මාර්‍ගය තබා අවශේෂසත්‍යයෝ මාර්‍ගය නො වෙයි, සත්‍යය හ. මාර්‍ගය ද සත්‍යය ද තඛා අවශේෂය මාර්‍ගය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. ... සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධසච්චමූලචක්කවාරො.
Sinhala BJTශුද්ධසත්‍ය මූලචක්‍රවාර යි.
Pali BJTනිද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTනිර්දේශවාර නිමි.
Pali BJT3. උප්පාදවාරො
Sinhala BJT3. උත්පාදවාරය
Pali BJT1. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස සමුදයසච්චං උප්පජ්ජතීති: සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ තණ්හාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං සමුදයසච්චං උප්පජ්ජති. තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති සමුදයසච්චඤ්ච උප්පජ්ජති. යස්ස වා පන සමුදයසච්චං උප්පජ්ජති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJT1. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්‍යය උපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදී. තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, සමුදයසත්‍යය ද උපදී. තවද යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: එසේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං උප්පජ්ජතීති: සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ මග්ගවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං උප්පජ්ජති. පඤ්චවොකාරෙ මග්ගස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච උප්පජ්ජති. යස්ස වා පන මග්ගසච්චං උප්පජ්ජති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: අරූපෙ මග්ගස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං උප්පජ්ජති. නො ච තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති. පඤ්චවොකාරෙ මග්ගස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච උප්පජ්ජති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද දුඃඛසත්‍යය උපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදී. පඤ්චවෝකාරයෙහි මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදී. තවද යමකුට මාර්‍ගසත්‍යය උපදී නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය උපදී. ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. පඤ්චවෝකාරයෙහි මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය ද උපදී, දුඃඛසත්‍යය ද උපදී.
Pali BJT2. යස්ස සමුදයසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං උප්පජ්ජතීති: නො. යස්ස වා පන මග්ගසච්චං උප්පජ්ජති තස්ස සමුදයසච්චං උප්පජ්ජතීති: නො. (අනුලොමපුග්ගල)
Sinhala BJT2. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදී ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: නැති. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT3. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තත්ථ සමුදයසච්චං උප්පජ්ජතීති: අසඤ්ඤසත්තෙ තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තත්ථ සමුදයසච්චං උප්පජ්ජති. චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, සමුදයසච්චඤ්ච උප්පජ්ජති. යත්ථ වා පන සමුදයසච්චං -පෙ- ආමන්තා.
Sinhala BJT3. යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් එහි සමුදයසත්‍යය උපදී ද යත්: අසංඥසත්ත්‍ව වූ එහි දුඃඛසත්‍යය උපදී. එහි සමුදයසත්‍යය නො ද උපදී. එහි චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි දුඃඛසත්‍යය ද උපදී. සමුදයසත්‍යය ද උපදී. තවද යම් තැනෙක සමුදයසත්‍යය ... එසේ යි.
Pali BJTයත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තත්ථ මග්ගසච්චං උප්පජ්ජතීති: අපායෙ අසඤ්ඤසත්තෙ තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති. නො ච තත්ථ මග්ගසච්චං උප්පජ්ජති. අවසෙසෙ චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච උප්පජ්ජති. යත්ථ වා පන මග්ගසච්චං උප්පජ්ජති තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTයම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් එහි මාර්‍ගසත්‍යය උපදී ද යත්: එහි අපායයෙහි හා අසංඥසත්‍වයෙහි දුඃඛසත්‍යය උපදී, එහි මාර්‍ගසත්‍යය නො ද උපදී. එහි අවශේෂ වූ චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදී. තවද යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදී නම් එහි දුඃඛසත්‍යය උපදී ද යත්: එසේ යි.
Pali BJT4. යත්ථ සමුදයසච්චං උප්පජ්ජති තත්ථ මග්ගසච්චං උප්පජ්ජතීති: අපායෙ තත්ථ සමුදයසච්චං උප්පජ්ජති, නො ච තත්ථ මග්ගසච්චං උප්පජ්ජති. අවසෙසෙ චතුවොකාරෙ පඤ්චවොකාරෙ තත්ථ සමුදයසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච උප්පජ්ජති. යත්ථ වා පන මග්ගසච්චං -පෙ- ආමන්තා. (අනුලොමඔකාස)
Sinhala BJT4. යම් තැනෙක සමුදයසත්‍යය උපදී නම් එහි මාර්‍ගසත්‍යය උපදී ද යත්: එහි අපායයෙහි සමුදයසත්‍යය උපදී. එහි මාර්‍ගසත්‍යය නො ද උපදී. එහි අවශේෂ වූ චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදී. තවද යම් තැනෙක මාර්‍ගසත්‍යය ... එසේ යි. (අනුලෝමාවකාශ යි.)
Pali BJT5. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජතීති: -පෙ- (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT5. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදී ද යත්: ... (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT(යස්සකම්පි යස්සයත්ථකම්පි සදිසං විත්ථාරෙතබ්බං.)
Sinhala BJT(යස්සකය ද යස්සයත්‍ථකය ද සමාන ව විස්තර කළයුතු.)
Pali BJT6. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස සමුදයසච්චං නූප්පජ්ජතීති: ආමන්තා. යස්ස වා පන සමුදයසච්චං නූප්පජ්ජති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ තණ්හාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT6. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: උපන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද සමුදයසත්‍යය නූපදී, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේත් ඵලයාගේත් උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJTයස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං නූප්පජ්ජතීති: අරූපෙ මග්ගස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අරූපෙ ඵලස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති මග්ගසච්චඤ්ච නූප්පජ්ජති. යස්ස වා පන මග්ගසච්චං නූප්පජ්ජති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ මග්ගවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං නූප්පජ්ජති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අරූපෙ ඵලස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නූප්පජ්ජති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදී ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී. මාර්‍ගසත්‍යය ද නූපදී. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදී නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මාර්‍ගසත්‍යය නූපදී, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදී, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJT7. යස්ස සමුදයසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං නූප්පජ්ජතීති: මග්ගස්ස උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ තණ්හාවිප්පයුත්ත මග්ගවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. මග්ගසච්චඤ්ච නූප්පජ්ජති. යස්ස වා පන මග්ගසච්චං නූප්පජ්ජති තස්ස සමුදයසච්චං නූප්පජ්ජතීති: තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං නූප්පජ්ජති, නො ච තෙසං සමුදයසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ මග්ගවිප්පයුත්තතණ්හාවිප්පයුත්තචිත්තස්ස{1} උපපාදක්ඛණෙ නිරොධසමාපන්නානං අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චඤ්ච නූප්පජ්ජති. සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
Sinhala BJT7. යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදී ද යත්: මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සමුදයසත්‍යය නූපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපදී. සියල්ලන්ට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්ත මාර්‍ගවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදී. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට මාර්‍ගසත්‍යය නූපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. සියල්ලන්ට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද මාර්‍ගවිප්‍රයුක්ත තෘෂ්ණාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට ද යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT8. යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තත්ථ සමුදයසච්චං නූප්පජ්ජතීති: නත්ථි. යත්ථ වා පන සමුදයසච්චං නූප්පජ්ජති තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJT8. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් එහි සමුදයසත්‍යය නූපදී ද යත්: නැති. තවද යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදී.
Pali BJTයත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තත්ථ මග්ගසච්චං නූප්පජ්ජතීති: නත්ථි. යත්ථ වා පන මග්ගසච්චං නූප්පජ්ජති තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජතීති: උප්පජ්ජති.
Sinhala BJTයම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් එහි සමුදයසත්‍යය නූපදී ද යත්: නැති. තවද යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදී නම් එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදී.
Pali BJT9. යත්ථ සමුදයසච්චං නූප්පජ්ජති තත්ථ මග්ගසච්චං නූප්පජ්ජතීති: ආමන්තා. යත්ථ වා පන මග්ගසච්චං නූප්පජ්ජති තත්ථ සමුදයසච්චං නූප්පජ්ජතීති: අපායෙ තත්ථ මග්ගසච්චං නූප්පජ්ජති, නො ච තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති. අසඤ්ඤසත්තෙ තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීකඔකාස)
Sinhala BJT9. යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් එහි මාර්‍ගසත්‍යය නූපදී ද යත්: එසේ යි. තවද යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදී නම් එහි සමුදයසත්‍යය නූපදී ද යත්: ඒ අපායයෙහි මාර්‍ගසත්‍යය නූපදී, එහි සමුදයසත්‍යය නො ද නූපදී. ඒ අසංඥසත්‍වයෙහි මාර්‍ගසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT10. යස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජතීති: ආමන්තා. යස්ස වා පන යත්ථ සමුදයසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, පවත්තෙ තණ්හාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT10. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදී ද යුත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේත් ඵලයාගේත් උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජතීති, අරූපෙ මග්ගස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජති සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ ඵලස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති. මග්ගසච්චඤ්ච නූප්පජ්ජති, යස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජති. තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජතීති: සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ මග්ගවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගං සච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ ඵලස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදී ද යත්: අරූපයෙහි මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදී. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදී නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි මාර්‍ගවිප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය නූපදී, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදී, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJT11. යස්ස යත්ථ සමුදයසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජතීති: මග්ගස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ තණ්හාවිප්පයුත්තමග්ගවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච නූප්පජ්ජති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජති, තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජතීති: තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති. සබ්බෙසං චිත්තස්ස භඞ්ගක්ඛණෙ මග්ගවිප්පයුත්තතණ්හාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJT11. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදී ද යත්: මාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්ත මාර්‍ගවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදී. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදී ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදී. සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද මාර්‍ගවිප්‍රයුක්ත තෘෂ්ණාවිප්‍රයුක්ත චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධයට සමවැදුණුවුනට ද අසංඥසත්‍වයනට ද යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නූපදී.(ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
Pali BJT12. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ තස්ස සමුදයසච්චං උප්පජ්ජිත්ථාති: ආමන්තා. යස්ස වා පන සමුදයසච්චං උප්පජ්ජිත්ථ තස්ස දුක්ඛසච්චං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT12. යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපන්නේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ තස්ස මග්ගසච්චං උප්පජ්ජිත්ථාති: අනභිසමෙතාවීනං තෙසං දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මග්ගසච්චං උප්පජ්ජිත්ථ. අභිසමෙතාවීනං තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිත්ථ, මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ. යස්ස වා පන මග්ගසච්චං -පෙ- උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: (චතුරාර්‍ය්‍යසත්‍යාවබෝධසඞ්ඛ්‍යාත) අභිසමයට නො පැමිණියා වූ ඔවුනට දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. අභිසමයට පැමිණියා වූ ඔවුනට දුඃඛසත්‍යය ද උපන්නේ ය, මාර්‍ගසත්‍යය ද උපන්නේ ය. තවද යමකුට මාර්‍ගසත්‍යය ... උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT13. යස්ස සමුදයසච්චං උප්පජ්ජිත්ථ තස්ස මග්ගසච්චං උප්පජ්ජිත්ථාති: අනභිසමෙතාවීනං තෙසං සමුදයසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මග්ගසච්චං උප්පජ්ජිත්ථ. අභිසමෙතාවීනං තෙසං සමුදයසච්චඤ්ච උප්පජ්ජිත්ථ, මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ. යස්ස වා පන -පෙ- උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJT13. යමකුට සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: අභිසමයට නො පැමිණියා වූ ඔවුනට සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. අභිසමයට පැමිණියා වූ ඔවුනට සමුදයසත්‍යය ද උපන්නේය, මාර්‍ගසත්‍යය ද උපන්නේ ය. තවද යමකුට ... උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT14. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ -පෙ- (අනුලොමඔකාස) (යත්ථකම්පි සබ්බත්ථ සදිසං. තන්ති නානාකරණං හෙට්ඨා යත්ථකසදිසං)
Sinhala BJT14. යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.) (යත්‍ථකය ද සියලු තන්හි සදෘශ යැ. පාළිනානාත්‍වය යටැ යත්‍ථකයෙහි මෙනි.)
Pali BJT15. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිත්ථ, සමුදයසච්චඤ්ච උප්පජ්ජිත්ථ. යස්ස වා පන යත්ථ සමුදයසච්චං -පෙ- උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT15. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපන්නේ ද යත්: දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපන්නේ ය, සමුදයසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය ... උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අනභිසමෙතාවීනං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථ. අභිසමෙතාවීනං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිත්ථ, මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ. යස්ස වා පන යත්ථ මග්ගසච්චං -පෙ- උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අභිසමයට නො පැමිණියවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි මාර්‍ග සත්‍යය නො ද උපන්නේ ය. අභිසමයට පැමිණියා වූ ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපන්නේ ය. මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට යම් තැනක මාර්‍ගසත්‍යය ... උපන්නේ ද යත්: එසේ යි.
Pali BJT16. යස්ස යත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානාං දුතියෙ අකුසලෙ චිත්තෙ වත්තමානෙ අනභිසමෙතාවීනං තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථ. අභිසමෙතාවීනං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච උප්පජ්ජිත්ථ, මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ, යස්ස වා පන යත්ථ මග්ගසච්චං -පෙ- උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT16. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: දෙවන අකුශලචිත්තය පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අභිසමයට නො පැමිණියවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපන්නේය. අභිසමයට පැමිණියා වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද උපන්නේය, මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය ... උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT17. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ තස්ස සමුදයසච්චං නූප්පජ්ජිත්ථාති: නත්ථි. යස්ස වා පන සමුදයසච්චං -පෙ- නූප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJT17. යමකුට දුඃඛසත්‍යය නූපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපන්නේ ද යත්: නැති. තවද යමකුට සමුදයසත්‍යය ... නූපන්නේ ද යත්: නැති.
Pali BJTයස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ තස්ස මග්ගසච්චං නූප්පජ්ජිත්ථාති: නත්ථි. යස්ස වා පන මග්ගසච්චං නූප්පජ්ජිත්ථ තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නූපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපන්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJT18. යස්ස සමුදයසච්චං නූප්පජ්ජිත්ථ තස්ස මග්ගසච්චං නූප්පජ්ජිත්ථාති: නත්ථි. යස්ස වා පන මග්ගසච්චං -පෙ- නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීකපුග්ගල)
Sinhala BJT18. යමකුට සමුදයසත්‍යය නූපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපන්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය ... නූපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යානීක පුද්ගල යි.)
Pali BJT19. යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT19. යම් තැනෙක දුඃඛසත්‍යය නූපන්නේ නම් (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT20. යස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථාති: ආමන්තා. යස්ස වා පන යත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජිත්ථ, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT20. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපන්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපන්නේ ද යත්: දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපන්නේ ය, දුඃඛසත්‍යය ද නූපන්නේ යි.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථාති: ආමන්තා. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අනභිසමෙතාවීනං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජිත්ථ, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපන්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපන්නේ ද යත්: දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අභිසමයට නො පැමිණියවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපන්නේ ය, දුඃඛසත්‍යය ද නූපන්නේ යි.
Pali BJT21. යස්ස යත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථාති: ආමන්තා. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං දුතියෙ අකුසලෙ චිත්තෙ වත්තමානෙ, අනභිසමෙතාවීනං තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජිත්ථ, සමුදයසච්චඤ්ච නූප්පජ්ජිත්ථ. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT21. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපන්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපන්නේ ද යත්: දෙවන අකුශල චිත්තය පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අභිසමයට නො පැමිණියවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපන්නේ ය. දෙවන සිත පවත්නා කල්හි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපන්නේ ය, සමුදයසත්‍යය ද නූපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT22. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජිස්සති තස්ස සමුදයසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගා පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චං උප්පජ්ජිස්සති. නො ච තෙසං සමුදයසච්චං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන සමුදයසච්චං -පෙ- ආමන්තා.
Sinhala BJT22. යමකුට දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය ලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට දුඃඛසත්‍යය ද උපදින්නේය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය ... එසේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං උප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං මග්ගසච්චං උප්පජ්ජිස්සති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන මග්ගසච්චං -පෙ- උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදින්නේ ය. මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT23. යස්ස සමුදයසච්චං උප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං මග්ගසච්චං උප්පජ්ජිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං ච උප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන මග්ගසච්චං උප්පජ්ජිස්සති තස්ස සමුදයසච්චං උප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං සමුදයසච්චං උප්පජ්ජිස්සති. යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති. (අනුලොම පුග්ගල)
Sinhala BJT23. යමකුට සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය ද උපදින්නේ ය, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදින්නේ ය, අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT24. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT24. යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT25. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති අසඤ්ඤසත්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සති -පෙ- උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT25. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු තම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදින්නේ නම් ... උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති, ආපායිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද ආපායිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදින්නේ ය, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT26. යස්ස යත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: ආපායිකානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති. යෙ ච මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සති, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති. (අනුලොමපුග්ගලොකාස)
Sinhala BJT26. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් ද කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි සමුදයසත්‍යය ද උපදින්නේ ය, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ග සත්‍යය උපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT27. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති තස්ස සමුදයසච්චං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. යස්ස වා පන සමුදයසච්චං නූප්පජ්ජිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT27. යමකුට දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය, පශ්චිමචිත්තසමඬගි වූ ඔවුනට සමුදයසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. යස්ස වා පන මග්ගසච්චං නූප්පජ්ජිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චං නූප්පජ්ජිස්සති. නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: එසේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද මාර්‍ගසත්‍යය නූපදින්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
Pali BJT28. යස්ස සමුදයසච්චං නූප්පජ්ජිස්සති තස්ස මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං මග්ගසච්චං නූප්පජ්ජිස්සති. අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති. යස්ස වා පන මග්ගසච්චං නූප්පජ්ජිස්සති. තස්ස සමුදයසච්චං නූප්පජ්ජිස්සතීති: යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං මග්ගසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං සමුදයසච්චං නූප්පජ්ජිස්සති. අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං තෙසං මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති. (පච්චනීකපුග්ගල)
Sinhala BJT28. යමකුට සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදින්නේ ය. මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට මාර්‍ගසත්‍යය නූපදින්නේ ය. ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදින්නේ ය, අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, සමුදයසත්‍යය ද නූපදින්නේ යි. (ප්‍රත්‍යානීක පුද්ගල යි.)
Pali BJT29. යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT29. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT30. යස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. යස්ස වා පන යත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජිස්සති,
Sinhala BJT30. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට් ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගීනට එහි සමුදයසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති ආපායිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සති. පච්ඡිමචිත්තසමඞ්ගීනං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: එසේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නුම් ඔවුනට ද ආපායිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදින්නේ ය. පශ්චිමචිත්තසමඞ්ගී වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදින්නේ යි.
Pali BJT31. යස්ස යත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති, අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති, මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සතීති: ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සති. අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT31. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපදින්නේ ය. මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තව ද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, සමුදයසත්‍යය ද නූපදින්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT32. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස සමුදයසච්චං උප්පජ්ජිත්ථාති: ආමන්තා. යස්ස වා පන සමුදයසච්චං උප්පජ්ජිත්ථ තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති. සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච උප්පජ්ජිත්ථ, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJT32. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය උපන්නේ ද යත්: එසේ යි. තවද යමකුට සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේත් ඵලයාගේත් උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. උපදනා වූ සියල්ලනට ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සමුදයසත්‍යය ද උපන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
Pali BJTයස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං උප්පජ්ජිත්ථාති: අනභිසමෙතාවීනං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං උප්පජ්ජිත්ථ. අභිසමෙතාවීනං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ. යස්ස වා පන මග්ගසච්චං උප්පජ්ජිත්ථ තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: අභිසමෙතාවීනං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති. අභිසමෙතාවීනං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: අභිසමයට නො පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය උපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. අභිසමයට පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තව ද යමකුට මාර්‍ගසත්‍යය උපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේත් ඵලයාගේත් උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය උපන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. අභිසමයට පැමිණියා වූ උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද උපන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
Pali BJT33. යස්ස සමුදයසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං උප්පජ්ජිත්ථාති: අනභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං උප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං උප්පජ්ජිත්ථ. අභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ. යස්ස වා පන මග්ගසච්චං උප්පජ්ජිත්ථ තස්ස සමුදයසච්චං උප්පජ්ජතීති: අභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං තෙසං මග්ගසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සමුදයසච්චං උප්පජ්ජති. අභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ, සමුදයසච්චඤ්ච උප්පජ්ජති. (අනුලොමපුග්ගල)
Sinhala BJT33. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණියා වූ ඔවුනට සමුදයසත්‍යය උපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා වූ ඔවුනට සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදී. තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා වූ ඔවුනට මාර්‍ගසත්‍යය ද උපන්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT34. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT34. යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT(යත්ථකා සදිසා සබ්බෙ)
Sinhala BJT(සියලු යත්‍ථකයෝ සමානයහ.)
Pali BJT35. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, සමුදයසච්චඤ්ච උප්පජ්ජිත්ථ. යස්ස වා පන යත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච උප්පජ්ජිත්ථ, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJT35. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය උපන්නේ ද යත්: උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපන්නේ ය. චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි සෙසු උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී. සමුදයසත්‍යය ද උපන්නේ යි. තව ද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද උපන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ අනභිසමෙතාවීනං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථ. අභිසමෙතාවීනං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ. යස්ස වා පන යත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජතීති: අභිසමෙතාවීනං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති. අභිසමෙතාවීනං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. අභිසමයට පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: අභිසමයට පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී අභිසමයට පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද උපන්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
Pali BJT36. යස්ස යත්ථ සමුදයසච්චං උප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථාති: අනභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථ. අභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ. යස්ස වා පන යත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජතීති: අභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජති. අභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච උප්පජ්ජිත්ථ, සමුදයසච්චඤ්ච උප්පජ්ජති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJT36. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණියා වූ ඔවුනට එහි සමුදයසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපන්නේ ය. තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදී ද යත්: අභිසමයට පැමිණියා වූ ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදී. තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට පැමිණියා ඔවුනට මාර්‍ගසත්‍යය ද උපන්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT37. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස සමුදයසච්චං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. යස්ස වා පන සමුදයසච්චං නූප්පජ්ජිත්ථ තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිතීති: නත්ථි.
Sinhala BJT37. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය නො උපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: නැති:
Pali BJTයස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං නූප්පජ්ජිත්ථාති: අභිසමෙතාවීනං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං නූප්පජ්ජිත්ථ. අනභිසමෙතාවීනං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච නූප්පජ්ජිත්ථ. යස්ස වා පන මග්ගසච්චං නූප්පජ්ජිත්ථ, තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අනභිසමෙතාවීනං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති. අනභිසමෙතාවීනං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නූප්පජ්ජිත්ථ, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නො උපන්නේ ද යත්: අභිසමයට පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපන්නේ ය. අභිසමයට නො පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නො උපන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නො උපන්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: අභිසමයට නො පැමිණි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නො උපන්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අභිසමයට නො පැමිණි ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නො උපන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJT38. යස්ස සමුදයසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං නූප්පජ්ජිත්ථාති: අභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ නිරොධසමාපන්නානං තෙසං සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං නූප්පජ්ජිත්ථ. අනභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජති මග්ගසච්චඤ්ච නූප්පජ්ජිත්ථ. යස්ස වා පන මග්ගසච්චං නූප්පජ්ජිත්ථ තස්ස සමුදයසච්චං නූප්පජ්ජතීති: අනභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං සමුදයසච්චං නූප්පජ්ජති. අනභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චඤ්ච නූප්පජ්ජිත්ථ, සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
Sinhala BJT38. යමකුට සමුදය සත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නො උපන්නේ ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට දැ යි ඔවුනට සමුදයසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපන්නේ ය. අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නො උපන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි අභිසමයට නො පැමිණියා වූ ඔවුනට මාර්‍ගසත්‍යය නො උපන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නො උපන්නේ ය, සමුදයසත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT39. යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT39. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT40. යස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථාති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජිත්ථ. යස්ස වා පන යත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජතීති: සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති. සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස භඞ්ගක්ඛණෙ අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජිත්ථ, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT40. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නො උපන්නේ ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපන්නේ ය. උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, සමුදයසත්‍යය ද නො උපන්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නො උපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නො උපන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථාති: අභිසමෙතාවීනං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස භඞ්ගක්ඛණෙ, අනභිසමෙතාවීනං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච නූප්පජ්ජිත්ථ. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජතීති: සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ අනභිසමෙතාවීනං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති. සුද්ධාවාසානං උපපත්තිචිත්තස්ස භඞ්ගක්ඛණෙ අනභිසමෙතාවීනං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජිත්ථ, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නො උපන්නේ ද යත්: අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අභිසමයට පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නො උපන්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: ශුද්ධාවාසයනට උප්පත්තිචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අභිසමයට නො පැමිණියා වූ උපදනාවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො උපන්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. උප්පත්තිචිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ශුද්ධාවාසයෙහි ද අභිසමයට නො පැමිණියා වූ ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නො උපන්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJT41. යස්ස යත්ථ සමුදයසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථාති: අභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ, අනභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT41. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නො උපන්නේ ද යත්: අභිසමයට පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී. ඔවුනට එහි මාර්‍ග සත්‍යය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට දෙවන චිත්තය පවත්නා කල්හි ද අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණා විප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නො උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජතීති: අනභිසමෙතාවීනං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති. සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ අනභිසමෙතාවීනං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජිත්ථ, සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදී ද යත්: අභිසමයට නො පැමිණියවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය නො උපන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි දෙවන චිත්තය පවත්නා කල්හි ද අභිසමයට නො පැමිණියවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නො උපන්නේ ය, සමුදය සත්‍යය ද නූපදී. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්තාතීතචාර යි.
Pali BJT42. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස සමුදයසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං සමුදයසච්චං උප්පජ්ජිස්සති. ඉතරෙසං උප්පජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන සමුදයසච්චං උප්පජ්ජිස්සති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති. සබ්බෙසං උප්පජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJT42. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය උපදී, ඔවුනට සමුදයසත්‍ය නො ද උපදින්නේ ය. සෙසු උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, සමුදයසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී. උපදනා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද උපදින්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
Pali BJTයස්ස දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං උප්පජ්ජිස්සති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙචඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන මග්ගසච්චං උප්පජ්ජිස්සති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතීති යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙචඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං උප්පජ්ජති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය උපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපදී ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද උපදී.
Pali BJTයස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
Pali BJT43. යස්ස සමුදයසච්චං උප්පජ්ජති තස්ස මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං උප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං උප්පජ්ජිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන මග්ගසච්චං උප්පජ්ජිස්සති තස්ස සමුදයසච්චං උප්පජ්ජතීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ යෙචඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං සමුදයසච්චං උප්පජ්ජති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජති. (අනුලොමපුග්ගල)
Sinhala BJT43. යමකුට සමුදයසත්‍යය උපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද සමුදයසත්‍යය උපදී. ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය උපදී ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදී. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝම පුද්ගල යි.)
Pali BJT44. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති -පෙ- (අනුලොමඔකාස) (යත්ථකම්පි යස්ස යත්ථකසදිසං කාතබ්බං)
Sinhala BJT44. යමකුට දුඃඛසත්‍යය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.) (යත්‍ථකය ද යස්ස යත්‍ථකය මෙන් කළයුතු යි.)
Pali BJT45. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සති. තස්ස තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJT45. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. චතුවෝකාරයෙහි හා පඤ්‍චවෝකාරයෙහි උපදනා වූ සෙස්සනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, සමුදයසත්‍යය ද උපදින්නේ ය. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙඟි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. චතුවෝකාරයෙහි හා පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද උපදී,දුඃඛසත්‍යය ද උපදී.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජතීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං ලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරුවැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපදී ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපදී. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, දුඃඛසත්‍යය ද උපදී.
Pali BJT46. යස්ස යත්ථ සමුදයසච්චං උප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ සමුදයසච්චඤ්ච උප්පජ්ජති, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජතීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජති. යෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJT46. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි සමුදයසත්‍යය උපදී. ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි සමුදයසත්‍යය ද උපදී, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදී ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ හඬශක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදී. යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT47. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස සමුදයසච්චං නූප්පජ්ජිස්සතීති: සබ්බෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං සමුදයසච්චං නූප්පජ්ජිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති. යස්ස වා පන සමුදයසච්චං නූප්පජ්ජිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති. දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT47. යමකුට දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට දුඃඛසත්‍යය. නූපදී, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ භා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJTයස්ස දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං නූප්පජ්ජිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති. යස්ස වා පන මග්ගසච්චං නූප්පජ්ජිස්සති. තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං දුක්ඛසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නූපදී නම්, ඔහුට මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මාර්‍ගසත්‍යය නූපදින්නේ ය. ඔවුනට දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය. දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJT48. යස්ස සමුදයසච්චං නූප්පජ්ජති තස්ස මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං මග්ගසච්චං නූප්පජ්ජිස්සති. අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති. යස්ස වා පන මග්ගසච්චං නූප්පජ්ජිස්සති තස්ස සමුදයසච්චං නූප්පජ්ජතීති: යෙ පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ, තෙසං මග්ගසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං සමුදයසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ නිරොධසමාපන්නානං, අසඤ්ඤසත්තානං තෙසං මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීකපුග්ගල)
Sinhala BJT48. යමකුට සමුදයසත්‍යය නූපදී නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය නූපදී, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට සමුදයසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදී ද යත්: යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට ද මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි නිරෝධයට සමවැදුණවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, සමුදයසත්‍යය ද නූපදී.(ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT49. යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT49. යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT50. යස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති, තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ අරහන්තානාං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJT50. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: චතුවෝකාරයෙන් හා පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද නූපදී, සමුදයසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනාවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස භඞ්ගක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ මග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ, අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිස්සතීති: අග්ගමග්ගස්ස උප්පාදක්ඛණෙ, අරහන්තානං චිත්තස්ස උප්පාදක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං උපපජ්ජන්තානං, පවත්තෙ චිත්තස්ස උප්පාදක්ඛණෙ, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං, තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගස්ස භඞ්ගක්ඛණෙ අරහන්තානං චිත්තස්ස භඞ්ගක්ඛණෙ, ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං චවන්තානං, පවත්තෙ චිත්තස්ස භඞ්ගක්ඛණෙ අරූපෙ අග්ගමග්ගස්ස ච ඵලස්ස ච උප්පාදක්ඛණෙ අසඤ්ඤසත්තං චවන්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි මාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ යි. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද ආපායිකයනට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නා වූ ඔවුනට ද එහි දුඃඛසත්‍යය ද නූපදී, මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නූපදී ද යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ආපායිකයනට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් උපදනා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද රහත්නට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද ආපායිකයනට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ච්‍යුත වන්නා වූ ඔවුනට ද ප්‍රවෘත්තියෙහි චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අරූපයෙහි අග්‍රමාර්‍ගයාගේ හා ඵලයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, දුඃඛසත්‍යය ද නූපදී.
Pali BJT51. යස්ස යත්ථ සමුදයසච්චං නූප්පජ්ජති තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති. අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජති, මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජතීති: ආපායිකානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං තණ්හාය උප්පාදක්ඛණෙ තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජති. අග්ගමග්ගසමඞ්ගීනං, අරහන්තානං, යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සස්ති තෙසං තණ්හාය භඞ්ගක්ඛණෙ, තණ්හාවිප්පයුත්තචිත්තෙ වත්තමානෙ, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජති. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJT51. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදී නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය නූපදී, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද නූපදී. මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදී ද යත්: ආපායිකයනට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ උත්පාදක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපදී. අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට තෘෂ්ණාවගේ භඞ්ගක්‍ෂණයෙහි ද තෘෂ්ණාවිප්‍රයුක්තචිත්තය පවත්නා කල්හි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, සමුදයසත්‍යය ද නූපදී.(ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නනෝගතවාර යි.
Pali BJT52. යස්ස දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ තස්ස සමුදයසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං සමුදයසච්චං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිත්ථ, සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන සමුදයසච්චං උප්පජ්ජිස්සති තස්ස දුක්ඛසච්චං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT52. යමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුව සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට දුඃඛසත්‍යය ද උපන්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ ය. තවද යමකුට සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ තස්ස මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මග්ගසච්චං උප්පජ්ජිස්සති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිත්ථ, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන මග්ගසච්චං -පෙ- ආමන්තා.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද දුඃඛසත්‍යය ද උපන්නේ ය. මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි.
Pali BJT53. යස්ස සමුදයසච්චං උප්පජ්ජිත්ථ තස්ස මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං මග්ගසච්චං උප්පජ්ජිස්සති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං සමුදයසච්චඤ්ච උප්පජ්ජිත්ථ, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන මග්ගසච්චං -පෙ- ආමන්තා. (අනුලොමපුග්ගල)
Sinhala BJT53. යමකුට සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහතන්ට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් අනන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට සමුදයසත්‍යය ද උපන්නේ ය, මාර්‍ගසත්‍යය ද උපන්නේ යි. තවද යමකුට මාර්‍ගසත්‍යය ... එසේ යි. (අනුලෝමපුද්ගල යි.)
Pali BJT54. යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT54. යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
Pali BJT55. යස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති අසඤ්ඤසත්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිත්ථ, සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච උප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT55. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපදින්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි දුඃඛසත්‍යය ද උපන්නේ ය, සමුදයසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සමුදයසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි සමුදයසත්‍යය ද උපදින්නේ ය, දුඃඛසත්‍යය ද උපන්නේ ය.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති ආපායිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිත්ථ, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ දුක්ඛසච්චං උප්පජ්ජිත්ථ. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති, දුක්ඛසච්චඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද ආපායිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට ද එහි දුඃඛසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි දුඃඛසත්‍යය ද උපන්නේ ය, මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ය, ඔවුනට එහි දුඃඛසත්‍යය නො ද උපන්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, දුඃඛසත්‍යය ද උපන්නේ යි.
Pali BJT56. යස්ස යත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සතීති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති, ආපායිකානං තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ සමුදයසච්චඤ්ච උප්පජ්ජිත්ථ, මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති තස්ස තත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ මග්ගසච්චං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං උප්පජ්ජිත්ථ. යස්ස චිත්තස්ස අනන්තරා අග්ගමග්ගං පටිලභිස්සන්ති තස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ, යෙ චඤ්ඤෙ මග්ගං පටිලභිස්සන්ති තෙසං තත්ථ මග්ගසච්චඤ්ච උප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච උප්පජ්ජිත්ථ. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJT56. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද ආපායිකයනට ද එහි සමුදයසත්‍යය උපන්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද උපදින්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නා නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි සමුදයසත්‍යය ද උපන්නේ ය. මාර්‍ගසත්‍යය ද උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය උපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය උපදින්නේ ය. ඔවුනට එහි සමුදයසත්‍යය නො ද උපන්නේ ය. යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අන්‍ය වූ ද යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද එහි මාර්‍ගසත්‍යය ද උපදින්නේ ය, සමුදයසත්‍යය ද උපන්නේ යි. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
Pali BJT57. යස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ තස්ස සමුදයසච්චං නූප්පජ්ජිස්සතීති: නත්ථි. යස්ස වා පන සමුදයසච්චං නූප්පජ්ජිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT57. යමකුට දුඃඛසත්‍යය නො උපන්නේ නම් ඔහුට සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: නැති. තවද යමකුට සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJTයස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ තස්ස මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: නත්ථි. යස්ස වා පන මග්ගසච්චං නූප්පජ්ජිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමකුට දුඃඛසත්‍යය නො උපන්නේ නම් ඔහුට මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට දුඃඛසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJT58. යස්ස සමුදයසච්චං නූප්පජ්ජිත්ථ තස්ස මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: නත්ථි, යස්ස වා පන මග්ගසච්චං නූප්පජ්ජිස්සති තස්ස සමුදයසච්චං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීකපුග්ගල)
Sinhala BJT58. යමකුට සමුදයසත්‍යය නො උපන්නේ නම් ඔහුට මාර්‍ග සත්‍යය නූපදින්නේ ද යත්: නැති. තවද යමකුට මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට සමුදයසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි.)
Pali BJT59. යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT59. යම් තැනෙක දුඃඛසත්‍ය නො උපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
Pali BJT60. යස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සතීති: උප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ සමුදයසච්චං නූප්පජ්ජිස්සති තස්ස දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT60. යමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නූපදින්නේ ද යත්: උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJTයස්ස යත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: උප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ දුක්ඛසච්චං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමකුට යම් තැනෙක දුඃඛසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍ය නූපදින්නේ ද යත්: උපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි දුඃඛසත්‍යය නො උපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJT61. යස්ස යත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සමුදයසච්චඤ්ච නූප්පජ්ජිත්ථ, මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති. යස්ස වා පන යත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථාති: අග්ගමග්ගසමඞ්ගීනං අරහන්තානං යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති ආපායිකානං තෙසං තත්ථ මග්ගසච්චං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ සමුදයසච්චං නූප්පජ්ජිත්ථ. අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මග්ගසච්චඤ්ච නූප්පජ්ජිස්සති, සමුදයසච්චඤ්ච නූප්පජ්ජිත්ථ. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJT61. යමකුට යම් තැනෙක සමුදයසත්‍යය නො උපන්නේ නම් ඔහුට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සමුදයසත්‍යය නො උපන්නේ ය, ඔවුනට එහි මාර්‍ගසත්‍යය නො ද නූපදින්නේ යි. අසංඥසත්‍ව වූ ඔවුනට එහි සමුදයසත්‍යය ද නො උපන්නේ ය, මාර්‍ගසත්‍යය ද නූපදින්නේ යි. තවද යමකුට යම් තැනෙක මාර්‍ගසත්‍යය නූපදින්නේ නම් ඔහුට එහි සමුදයසත්‍යය නො උපන්නේ ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගීනට ද රහත්නට ද යම් මැ පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුනට ද ආපායිකයනට දැ යි ඔවුනට එහි මාර්‍ගසත්‍යය නූපදින්නේ ය, ඔවුනට එහි සමුදයසත්‍යය නො ද නූපන්නේ ය. අසංඥසත්‍ව වූ ඔවුනට එහි මාර්‍ගසත්‍යය ද නූපදින්නේ ය, සමුදයසත්‍යය ද නො උපන්නේ යි. (ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි.)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.