Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT36. යෙ කෙචි අබ්යාකතමූලෙන එකමූලමූලකා ධම්මා සබ්බෙ තෙ අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති අබ්යාකතමූලානි එකමූලමූලකානි චෙව අඤ්ඤමඤ්ඤමූලමූලකානි ච, අවසෙසා අබ්යාකතමූලසහජාතා ධම්මා අබ්යාකතමූලෙන එකමූලමූලකා, න ච අඤ්ඤමඤ්ඤමූලමූලකා. යෙ වා පන අබ්යාකතමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා සබ්බෙ තෙ ධම්මා අබ්යාකතාති: ආමන්තා.
Sinhala BJT36. අව්‍යාකෘතමූල විසින් එක්මූලමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වෙති යත් : අව්‍යාකෘතමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලමූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ අව්‍යාකෘතමූල සහජාත වූ ධර්‍මයෝ අව්‍යාකෘතමූල විසින් ඒකමූලමූලක වෙති. නොද අන්‍යො’න්‍යමූලමූලක වෙති. යළි අව්‍යාකෘතමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත් : එසේ යි.
Pali BJTඅබ්යාකතපදනයචතුක්කං.
Sinhala BJTඅව්‍යාකෘතපද නයචතුෂ්ක යි.
Pali BJT37. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලාති: නචෙව නාමමූලානි, අවසෙසා නාමා ධම්මා න නාමමූලා, යෙ වා පන නාමමූලා සබ්බෙ තෙ ධම්මා නාමාති: ආමන්තා.
Sinhala BJT37. (සතර අරූපස්කන්‍ධ යැ නිර්‍වාණ යැ යන) නාම සඞ්ඛ්‍යාත වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල වෙති යත්: (කුශල - අකුශල - අව්‍යාකෘතමූල විසින්) නාමමූලයෝ නවදෙනෙක් මැ වෙති. අවශේෂ වූ නාම ධර්‍මයෝ නාමමූල නො වෙති. යළි නාමමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
Pali BJT38. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන එකමූලාති: අහෙතුකං නාමං නාමමූලෙන න එකමූලං, සහෙතුකං නාමං නාමමූලෙන එකමූලං. යෙ වා පන නාමමූලෙන එකමූලා සබ්බෙ තෙ ධම්මා නාමාති: නාමසමුට්ඨානං රූපං නාමමූලෙන එකමූලං, න නාමං. නාමං නාමමූලෙන එකමූලඤ්චෙව නාමඤ්ච.
Sinhala BJT38. නාම සඞ්ඛ්‍යාත වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ හැම නාමමූල විසින් ඒකමූල වෙති යත් : අහේතුක වූ නාමය නාමමූල විසින් ඒකමූල නො වෙයි. සහේතුක වූ නාමය නාමමූල විසින් ඒකමූල වෙයි. යළි නාමමූල විසින් ඒකමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාම සමුත්‍ථාන වූ රූපය නාමමූල විසින් ඒකමූල වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූල ද නාම ද වේ.
Pali BJT39. යෙ කෙචි නාමමූලෙන එකමූලා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති නාමමූලානි එකමූලානි චෙව අඤ්ඤමඤ්ඤමූලානි ච, අවසෙසා නාමමූලසහජාතා ධම්මා නාමමූලෙන එකමූලා න ච අඤ්ඤමඤ්ඤමූලා. යෙ වා පන නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලා සබ්බෙ තෙ ධම්මා නාමාති: ආමන්තා.
Sinhala BJT39. නාමමූල විසින් ඒකමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වෙති යත්: නාම මූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූල ද අන්‍යො’න්‍යමූල ද වෙති. අවශේෂ වූ නාමමූල සහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූල වෙති, නොද අන්‍යො’න්‍යමූල වෙති. යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
Pali BJT40. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලමූලාති: නචෙව නාමමූලමූලානි. අවසෙසා නාමා ධම්මා න නාමමූලමූලා. යෙ වා පන නාමමූලමූලා සබ්බෙ තෙ ධම්මා නාමාති: ආමන්තා.
Sinhala BJT40. නාම සංඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූලමූල වෙති යත් : නාමමූලයෝ නවදෙනෙක් මැ වෙති. අවශේෂ වූ නාමධර්‍මයෝ නාමමූලමූල නො වෙති. යළි නාමමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
Pali BJT41. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන එකමූලමූලාති: අහෙතුකං නාමං නාමමූලෙන න එකමූලමූලං, සහෙතුකං නාමං නාමමූලෙන එකමූලමූලං. යෙ වා පන නාමමූලෙන එකමූලමූලා සබ්බෙ තෙ ධම්මා නාමාති: නාමසමුට්ඨානං රූපං නාමමූලෙන එකමූලමූලං, න නාමං, නාමං. නාමමූලෙන එකමූලමූලඤ්චෙව නාමඤ්ච.
Sinhala BJT41. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූලමූල වෙති යත්: අහේතුක නාමය නාමමූල විසින් ඒකමූලමූල නො වෙයි. සහේතුක නාමය නාමමූල විසින් ඒකමූලමූල වෙයි. යළි නාමමූල විසින් ඒකමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත්: නාමසමුත්‍ථාන වූ රූපය නාමමූල විසින් ඒකමූලමූල වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූලමූල ද නාම ද වේ.
Pali BJT42. යෙ කෙචි නාමමූලෙන එකමූලමූලා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති නාමමූලානි එකමූලමූලානි චෙව අඤ්ඤමඤ්ඤමූලමූලානි ච. අවසෙසා නාමමූලසහජාතා ධම්මා නාමමූලෙන එකමූලමූලා, න ච අඤ්ඤමඤ්ඤමූලමූලා. යෙ වා පන නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලා සබ්බෙ තෙ ධම්මා නාමාති: ආමන්තා.
Sinhala BJT42. නාමමූල විසින් ඒකමූලමූල වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වෙති යත්: නාමමූල වු යම් මූල කෙනෙක් එකවට උපදනුනාහු වෙත් නම් ඒකමූලමූල ද අන්‍යො’න්‍යමූලමූල ද වෙති. අවශේෂ වූ නාමමූලසහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූලමූල වෙති. නොද අන්‍යො’න්‍යමූලමූල වෙති. යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූල වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
Pali BJT43. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලකාති: අහෙතුකං නාමං න නාමමූලකං, සහෙතුකං නාමං නාමමූලකං. යෙ වා පන නාමමූලකා සබ්බෙ තෙ ධම්මා නාමාති: නාමසමුට්ඨානං රූපං නාමමූලකං, න නාමං. නාමං නාමමූලකඤ්චෙව නාමඤ්ච.
Sinhala BJT43. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූලක වෙති යත් : අහේතුක නාමය නාමමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූලක වෙයි. යළි නාමමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාමසමුත්‍ථාන රූපය නාමමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූලක ද නාම ද වේ.
Pali BJT44. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන එකමූලකාති: අහෙතුකං නාමං නාමමූලෙන න එකමූලකං, සහෙතුකං නාමං නාමමූලෙන එකමූලකං. යෙ වා පන නාමමූලෙන එකමූලකං සබ්බෙ තෙ ධම්මා නාමාති: නාමසමුට්ඨානං රූපං නාමමූලෙන එකමූලකං, න නාමං. නාමං නාමමූලෙන එකමූලකඤ්චෙව නාමඤ්ච.
Sinhala BJT44. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූලක වෙති යත් : අහේතුක නාමය නාමමූල විසින් ඒකමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූල විසින් ඒකමූලක වෙයි. යළි නාමමූල විසින් ඒකමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාමසමුත්‍ථාන රූපය නාමමූල, විසින් ඒකමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූලක ද නිසාම ද වේ.
Pali BJT45. යෙ කෙචි නාමමූලෙන එකමූලකා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලකාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති නාමමූලානි එකමූලකානි චෙව අඤ්ඤමඤ්ඤමූලකානි ච. අවසෙසා නාමමූලසහජාතා ධම්මා නාමමූලෙන එකමූලකා, න ච අඤ්ඤමඤ්ඤමූලකා. යෙ වා පන නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලකා සබ්බෙ තෙ ධම්මා නාමාති: ආමන්තා.
Sinhala BJT45. නාමමූල විසින් ඒකමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූලක වෙති යත් : නාමමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලික ද අන්‍යො’න්‍යමූලක ද වෙති. අවශේෂ වූ නාමමූලසහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූලක වෙති. නොද අන්‍යො’න්‍යමූලක වෙති. යළි නාමමූල විසින් අන්‍යො’න්‍යමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
Pali BJT46. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලමූලකාති: අහෙතුකං නාමං න නාමමූලමූලකං, සහෙතුකං නාමං නාමමූලමූලකං. යෙ වා පන නාමමූලමූලකා සබ්බෙ තෙ ධම්මා නාමාති: නාමසමුට්ඨානං රූපං නාමමූලමූලකං, න නාමං. නාමං නාමමූලමුලකඤ්චෙව නාමඤ්ච.
Sinhala BJT46. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූලක වෙති යත්: අහේතුක නාමය නාමමූලමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූලමූලක වෙයි. යළි නාමමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත්: නාමසමුත්‍ථාන රූපය නාමමූලමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූලමූලක ද නාම ද වේ.
Pali BJT47. යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන එකමූලමූලකාති: අහෙතුකං නාමං නාමමූලෙන න එකමූලමූලකං, සහෙතුකං නාමං නාමමූලෙන එකමූලමූලකං. යෙ වා පන නාමමූලෙන එකමූලමූලකා සබ්බෙ තෙ ධම්මා නාමාති: නාමසමුට්ඨානං රූපං නාමමූලෙන එකමූලමූලකං, න නාමං. නාමං නාමමූලෙන එකමූලමූලකඤ්චෙව නාමඤ්ච.
Sinhala BJT47. නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් ඒකමූලමූලක වෙති යත් : අහේතුක නාමය නාමමූල විසින් ඒක මූලමූලක නො වෙයි. සහේතුක නාමය නාමමූල ඒකමූලමූලක වෙයි. යළි නාමමූල විසින් ඒකමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : නාමසමුත්‍ථාන රූපය නාමමූල විසින් ඒකමූලමූලක වෙයි, නාම නො වෙයි. නාමය නාමමූල විසින් ඒකමූලමූලක ද නාම ද වේ.
Pali BJT48. යෙ කෙචි නාමමූලෙන එකමූලමූලකා ධම්මා සබ්බෙ තෙ නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකාති: මූලානි යානි එකතො උප්පජ්ජන්ති නාමමූලානි එකමූලමූලකානි චෙව අඤ්ඤමඤ්ඤමූලමූලකානි ච, අවසෙසා නාමමූලසහජාතා ධම්මා නාමමූලෙන එකමූලමූලකා, න ච අඤ්ඤමඤ්ඤමූලමූලකා. යෙ වා පන නාමමූලෙන අඤ්ඤමඤ්ඤමූලමූලකා සබ්බෙ තෙ ධම්මා නාමාති: ආමන්තා.
Sinhala BJT48. නාමමූල විසින් ඒකමූලමූලක වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමමූල විසින් අන්‍යො’න්‍යමූලමූලක වෙති යත් : නාමමූල වූ යම් මූල කෙනෙක් එකවට උපදනාහු වෙත් නම් ඒකමූලමූලක ද අන්‍යො’න්‍යමූලමූලක ද වෙති. අවශේෂ වූ නාමමූල සහජාත ධර්‍මයෝ නාමමූල විසින් ඒකමූලමූලක වෙති, නොද අන්‍යො’න්‍යමූලමූලක වෙති. යළි නාමමූල අන්‍යො’න්‍යමූලමූලක වූ යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද ඒ හැම ධර්‍මයෝ නාම වෙති යත් : එසේ යි.
Pali BJTනාමපදනයචතුක්කං.
Sinhala BJTනාමපද නයචතුෂ්ක යි.
Pali BJTමූලවාරනිද්දෙසො.
Sinhala BJTමූලවාරනිර්දේශ යි.
Pali BJT49. යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ කුසලහෙතූති: තයො එව කුසලහෙතු, අවසෙසා කුසලා ධම්මා න කුසලහෙතු -පෙ- කුසලනිදානා - කුසලසම්භවා - කුසලප්පභවා - කුසලසමුට්ඨානා - කුසලාහාරා - කුසලාරම්මණා - කුසලපච්චයා - කුසලසමුදයා: යෙ කෙචි අකුසලා ධම්මා -පෙ- යෙ කෙචි අබ්යාකතා ධම්මා -පෙ- යෙ කෙචි නාමා ධම්මා සබ්බෙ තෙ නාමහෙතූති -පෙ- නාමනිදානා - නාමසම්භයා - නාමප්පභවා - නාමසමුට්ඨානා - නාමාහාරා - නාමාරම්මණා - නාමපච්චයා - නාමසමුදයා:
Sinhala BJT49. කුශල ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම කුශල (ඵල නිපයනුවට පවතී නු යි) හේතු වෙති යත් : කුශල හේතු තිදෙනෙක් ම වෙති. අවශේෂ කුශල ධර්‍මයෝ කුශලහේතු නො වෙත්. කුශල (එල දක්වා දේ නු යි) නිදාන ... කුශල (ඵල සම්භව වේ නු යි) සම්භව ... කුශල (ඵල ප්‍රභව කෙරේ නු යි) ප්‍රභව ... කුශල (එල සමුත්‍ථානකෙරේ නු යි) සමුත්‍ථාන ... කුශල (ඵල ගෙන දේ නු යි) ආහාර ... කුශල (ඵලයෙන් එල්බේ නු යි) ආලම්බන ... කුශල (ඵල පවත්වා නු යි) ප්‍රත්‍යය ... කුශල (ඵල උදා කෙරේ නු යි) සමුදය වෙති යත්: ... අකුශල ස්වභාව වූ යම් කිසි ධර්‍ම කෙනෙක් ... අව්‍යාකෘත ස්වභාව වූ යම්කිසි ධර්‍ම කෙනෙක් ... නාම සඞ්ඛ්‍යාත යම්කිසි ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ හැම නාමහේතු ... නාමනිදාන ... නාමසම්හව ... නාමප්‍රභව ... නාමසමුත්‍ථාන ... නාමාහාර ... නාමාලම්බන ... නාමප්‍රත්‍යය ... නාමසමුදය වෙති යත් :
Pali BJTමූලං හෙතුනිදානඤ්ච - සම්භවො පභවෙන ච සමුට්ඨානාහාරාරම්මණා - පච්චයො සමුදයෙන චාති.
Sinhala BJTමූල යැ හේතු යැ නිදාන යැ සම්භව යැ ප්‍රභව යැ සමුත්‍ථාන යැ ආහාර යැ ආලම්බන යැ ප්‍රත්‍යය යැ සමුදය යැ යි වාර දසයෙකි.
Pali BJTනිද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTනිර්දේශවාර නිමි.
Pali BJTමූලයමකං නිට්ඨිතං.
Sinhala BJTමූලයමක නිමි.
Pali BJT2. ඛන්ධයමකං
Sinhala BJT2. ස්කන්‍ධයමකය
Pali BJT1. පඤ්ඤත්ති උද්දෙසවාරො
Sinhala BJT1. ප්‍රඥප්ති උද්දේශවාර
Pali BJTපඤ්චක්ඛන්ධා: රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTස්කන්‍ධයෝ පස් දෙනෙකි: රූපස්කන්‍ධ යැ වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යි.
Pali BJT1. රූපං රූපක්ඛන්ධො, රූපක්ඛන්ධො රූපං. වෙදනා වෙදනාක්ඛන්ධො, වෙදනාක්ඛන්ධො වෙදනා. සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඤ්ඤා. සඞ්ඛාරා සඞ්ඛාරක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො සඞ්ඛාරා. විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ධො විඤ්ඤාණං. (අනුලොමං.)
Sinhala BJT1. රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, රූපස්කන්‍ධ වූයේ රූප වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, වේදනාස්කන්‍ධ වූයේ වේදනා වේ ද. සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද සංඥාස්කන්‍ධ වූයේ සංඥා වේ ද, සංස්කාර වූවාහු සංස්කාරස්කන්‍ධ වේ ද, සංස්කාරස්කන්‍ධ වූයේ සංස්කාරයෝ වෙත් ද, විඥාන වූයේ විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද විඥානස්කන්‍ධ වූයේ විඥාන වේ ද.
Pali BJT2. න රූපං න රූපක්ඛන්ධො, න රූපක්ඛන්ධො න රූපං. න වෙදනා න වෙදනාක්ඛන්ධො, න වෙදනාක්ඛන්ධො න වෙදනා. න සඤ්ඤා න සඤ්ඤාක්ඛන්ධො, න සඤ්ඤාක්ඛන්ධො න සඤ්ඤා. න සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධො, න සඞ්ඛාරක්ඛන්ධො න සඞ්ඛාරා. න විඤ්ඤාණං න විඤ්ඤාණක්ඛන්ධො, න විඤ්ඤාණක්ඛන්ධො න විඤ්ඤාණං. (පච්චනීකං.)
Sinhala BJT2. රූප නොවූයේ රූපස්කන්‍ධ නොවූයේ වේ ද, රූපස්කන්‍ධ නොවූයේ රූප නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනාස්කන්‍ධ නොවූයේ වේදනා නොවූවා වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, සංඥාස්කන්‍ධ නොවූයේ නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු සංසාරස්කන්‍ධ නොවූයේ වේ ද සංස්කාරස්කන්‍ධ නොවූයේ සංස්කාර වූවාහු වෙත් ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, විඥානස්කන්‍ධ නොවූයේ විඥාන නොවූයේ වේ ද. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT3. රූපං රූපක්ඛන්ධො, ඛන්ධා වෙදනාක්ඛන්ධො. රූපං රූපක්ඛන්ධො, ඛන්ධා සඤ්ඤාක්ඛන්ධො. රූපං රූපක්ඛන්ධො, ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධො, රූපං රූපක්ඛන්ධො, ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT3. රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේද, රූප වූයේ රූපස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, රූප වූයේ රූපස්කන්‍ධ වේද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
Pali BJT4. වෙදනා වෙදනාක්ඛන්ධො, ඛන්ධා රූපක්ඛන්ධො. වෙදනා වෙදනාක්ඛන්ධො, ඛන්ධා සඤ්ඤාක්ඛන්ධො. වෙදනා වෙදනාක්ඛන්ධො, ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධො. වෙදනා වෙදනාක්ඛන්ධො, ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT4. වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, වේදනා වූවා වේදනාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
Pali BJT5. සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධො, ඛන්ධා රූපක්ඛන්ධො. සඤ්ඤාසඤ්ඤාක්ඛන්ධො, ඛන්ධා වෙදනාක්ඛන්ධො. සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධො, ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධො. සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධො, ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT5. සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, සංඥා වූවා සංඥාස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
Pali BJT6. සඞ්ඛාරා සඞ්ඛාරක්ඛන්ධො, ඛන්ධා රූපක්ඛන්ධො. සඞ්ඛාරා සඞ්ඛාරක්ඛන්ධො, ඛන්ධා වෙදනාක්ඛන්ධො. සඞ්ඛාරා සඞ්ඛාරක්ඛන්ධො, ඛන්ධා සඤ්ඤාක්ඛන්ධො. සඞ්ඛාරා සඞ්ඛාරක්ඛන්ධො, ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT6. සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේ ද, සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වේ ද.
Pali BJT7. විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො, ඛන්ධා රූපක්ඛන්ධො. විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො, ඛන්ධා වෙදනාක්ඛන්ධො. විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො, ඛන්ධා සඤ්ඤාක්ඛන්ධො. විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො, ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධො. (අනුලොමං)
Sinhala BJT7. විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වේ ද, විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වේ ද, විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වේ ද, විඥාන වූයේ විඥානස්කන්‍ධ වේ ද ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වේ ද, (අනුලෝම යි)
Pali BJT8. න රූපං න රූපක්ඛන්ධො, න ඛන්ධා න වෙදනාක්ඛන්ධො. න රූපං න රූපක්ඛන්ධො. න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධො. න රූපං න රූපක්ඛන්ධො, න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධො. න රූපං න රූපක්ඛන්ධො, න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT8. රූප නො වූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, රූප නො වූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, රූප නො වූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, රූප නොවූයේ රූපස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද,
Pali BJT9. න වෙදනා න වෙදනාක්ඛන්ධො, න ඛන්ධා න රූපක්ඛන්ධො. න වෙදනා න වෙදනාක්ඛන්ධො, න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධො. න වෙදනා න වෙදනාක්ඛන්ධො, න ඛන්ධා න සඛ්ඛාරක්ඛන්ධො. න වෙදනා න වෙදනාක්ඛන්ධො, න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT9. වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද,
Pali BJT10. න සඤ්ඤා න සඤ්ඤාක්ඛන්ධො, න ඛන්ධා න රූපක්ඛන්ධො. න සඤ්ඤා න සඤ්ඤාක්ඛන්ධො, න ඛන්ධා න වෙදනාක්ඛන්ධො. න සඤ්ඤා න සඤ්ඤාක්ඛන්ධො, න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධො. න සඤ්ඤා න සඤ්ඤාක්ඛන්ධො, න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT10. සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූපකන්‍ධ නොවූයේ වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද.
Pali BJT11. න සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධො, න ඛන්ධා න රූපක්ඛන්ධො. න සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධො, න ඛන්ධා න වෙදනාක්ඛන්ධො. න සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධො, න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධො. න සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධො, න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJT11. සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නොවූයේ වේ ද,
Pali BJT12. න විඤ්ඤාණං න විඤ්ඤාණක්ඛන්ධො, න ඛන්ධා න රූපක්ඛන්ධො. න විඤ්ඤාණං න විඤ්ඤාණක්ඛන්ධො, න ඛන්ධා න වෙදනාක්ඛන්ධො. න විඤ්ඤාණං න විඤ්ඤාණක්ඛන්ධො, න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධො. න විඤ්ඤාණං න විඤ්ඤාණක්ඛන්ධො, න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධො. (පච්චනීකං)
Sinhala BJT12. විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නොවූයේ වේ ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නොවූයේ වේ ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නොවූයේ වේ ද, විඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ වේ ද, (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධන මූලචක්කවාරො.
Sinhala BJTපදශෝධන මූලචක්‍රවාර යි.
Pali BJT13. රූපං ඛන්ධො, ඛන්ධා රූපං. වෙදනා ඛන්ධො, ඛන්ධා වෙදනා, සඤ්ඤා ඛන්ධො, ඛන්ධා සඤ්ඤා. සඞ්ඛාරා ඛන්ධො, ඛන්ධා සඞ්ඛාරා. විඤ්ඤාණං ඛන්ධො, ඛන්ධා විඤ්ඤාණං. (අනුලොමං.)
Sinhala BJT13. රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු රූප වේ ද, වේදනා වූවා ස්කන්‍ධ වූවාහු වේ ද, ස්කන්‍ධ වූවාහු වේදනා වේ ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංඥා වේ ද, සංස්කාර වූවාහු ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංස්කාර වෙත් ද, විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු විඥාන වේ ද, (අනුලෝම යි.)
Pali BJT14. න රූපං න ඛන්ධො, න ඛන්ධා න රූපං. න වෙදනා න ඛන්ධො, න ඛන්ධා න වෙදනා. න සඤ්ඤා න ඛන්ධො, න ඛන්ධා න සඤ්ඤා. න සඞ්ඛාරා න ඛන්ධො, න ඛන්ධා න සඞ්ඛාරා. න විඤ්ඤාණං න ඛන්ධො, න ඛන්ධා න විඤ්ඤාණං. (පච්චනීකං.)
Sinhala BJT14. රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නො වූයේ වේ ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නො වූයේ වේද, විඥාන නොවූයේ ස්කන්‍ධ නො වූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTසුද්ධඛන්ධවාරො.
Sinhala BJTශුද්ධ ස්කන්‍ධවාර යි.
Pali BJT15. රූපං ඛන්ධො, ඛන්ධා වෙදනා. රූපං ඛන්ධො, ඛන්ධා සඤ්ඤා. රූපං ඛන්ධො, ඛන්ධා සඞ්ඛාරා. රූපං ඛන්ධො, ඛන්ධා විඤ්ඤාණං.
Sinhala BJT15. රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු වේදනා වේ ද, රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංඥා වේ ද, රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංස්කාර වෙත් ද, රූප වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු විඥාන වේ ද.
Pali BJT16. වෙදනා ඛන්ධො, ඛන්ධා රූපං. වෙදනා ඛන්ධො, ඛන්ධා සඤ්ඤා. වෙදනා ඛන්ධො, ඛන්ධා සඞ්ඛාරා. වෙදනා ඛන්ධො, ඛන්ධා විඤ්ඤාණං.
Sinhala BJT16. වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු රූප වේ ද, වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංඥා වේ ද, වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු සංස්කාර වෙත් ද, වේදනා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධ වූවාහු විඥාන වේ ද.
Pali BJT17. සඤ්ඤා ඛන්ධො, ඛන්ධා රූපං. සඤ්ඤා ඛන්ධො, ඛන්ධා වෙදනා, සඤ්ඤා ඛන්ධො, ඛන්ධා සඞ්ඛාරා. සඤ්ඤා ඛන්ධො, ඛන්ධා විඤ්ඤාණං.
Sinhala BJT17. සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූප වේ ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනා වේ ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාර වෙත් ද, සංඥා වූවා ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥාන වේ ද.
Pali BJT18. සඞ්ඛාරා ඛන්ධො, ඛන්ධා රූපං. සඞ්ඛාරා ඛන්ධො, ඛන්ධා වෙදනා. සඞ්ඛාරා ඛන්ධො, ඛන්ධා සඤ්ඤා. සඞ්ඛාරා ඛන්ධො, ඛන්ධා විඤ්ඤාණං.
Sinhala BJT18. සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූප වේ ද, සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනා වේ ද, සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥා වේ ද, සංස්කාරයෝ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ විඥාන වේ ද.
Pali BJT19. විඤ්ඤාණං ඛන්ධො, ඛන්ධා රූපං. විඤ්ඤාණං ඛන්ධො, ඛන්ධා වෙදනා. විඤ්ඤාණං ඛන්ධො, ඛන්ධා සඤ්ඤා. විඤ්ඤාණං ඛන්ධො, ඛන්ධා සඞ්ඛාරා. (අනුලොමං.)
Sinhala BJT19. විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ රූප වේ ද, විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ වේදනා වේ ද, විඥාන වූයේ විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංඥා වේ ද, විඥාන වූයේ විඥාන වූයේ ස්කන්‍ධ වේ ද, ස්කන්‍ධයෝ සංස්කාර වෙත් ද, (අනුලෝම යි.)
Pali BJT20. න රූපං න ඛන්ධො, න ඛන්ධා න වෙදනා. න රූපං න ඛන්ධො. න ඛන්ධා න සඤ්ඤා. න රූපං න ඛන්ධො, න ඛන්ධා න සඞ්ඛාරා. න රූපං න ඛන්ධො, න ඛන්ධා න විඤ්ඤාණං.
Sinhala BJT20. රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවුවහු සංඥා නොවූවා වේ ද, රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද, රූප නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද,
Pali BJT21. න වෙදනා න ඛන්ධො, න ඛන්ධා න රූපං. න වෙදනා න ඛන්ධො, න ඛන්ධා න සඤ්ඤා. න වෙදනා න ඛන්ධො. න ඛන්ධා න සඞ්ඛාරා. න වෙදනා න ඛන්ධො, න ඛන්ධා න විඤ්ඤාණං.
Sinhala BJT21. වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නොවූයේ වේ ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවා වේ ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද, වේදනා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද,
Pali BJT22. න සඤ්ඤා න ඛන්ධො, න ඛන්ධා න රූපං. න සඤ්ඤා න ඛන්ධො, න ඛන්ධා න වෙදනා. න සඤ්ඤා න ඛන්ධො, න ඛන්ධා න සඞ්ඛාරා. න සඤ්ඤා න ඛන්ධො, න ඛන්ධා න විඤ්ඤාණං.
Sinhala BJT22. සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නොවූයේ වේ ද· සංඥා නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද, සංඥා නොවූවා ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු විඥාන නොවූයේ වේ ද.
Pali BJT23. න සඞ්ඛාරා න ඛන්ධො, න ඛන්ධා න රූපං. න සඞ්ඛාරා න ඛන්ධො, න ඛන්ධා න වෙදනා. න සඞ්ඛාරා න ඛන්ධො, න ඛන්ධා න සඤ්ඤා. න සඞ්ඛාරා න ඛන්ධො, න ඛන්ධා න විඤ්ඤාණං.
Sinhala BJT23. සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු රූප නොවූයේ වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවා වේ ද, සංස්කාර නොවූවාහු ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නො වූවාහු විඥාන නොවූයේ වේ ද.
Pali BJT24. න විඤ්ඤාණං න ඛන්ධො, න ඛන්ධා න රූපං. න විඤ්ඤාණං න ඛන්ධො, න ඛන්ධා න වෙදනා. න විඤ්ඤාණං න ඛන්ධො, න ඛන්ධා න සඤ්ඤා. න විඤ්ඤාණං න ඛන්ධො, න ඛන්ධා න සඞ්ඛාරා. (පච්චනීකං)
Sinhala BJT24. විඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු රූප නොවූයේ වේ ද, විඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු වේදනා නො වූවාහු වේ ද, විඥාන නොවූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංඥා නොවූවාහු වේ ද, විඥාන නො වූයේ ස්කන්‍ධ නොවූයේ වේ ද, ස්කන්‍ධ නොවූවාහු සංස්කාර නොවූවාහු වෙත් ද.
Pali BJTසුද්ධ ඛන්ධ මූලචක්කවාරො
Sinhala BJTශුද්ධ ස්කන්‍ධ මූලචක්‍රවාර යි.
Pali BJTඋද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTඋද්දේශවාර නිමි.
Pali BJT2. පඤ්ඤත්ති නිද්දෙසවාරො
Sinhala BJT2. ප්‍රඥප්ති නිර්දේශවාර
Pali BJT1. රූපං රූපක්ඛන්ධොති: පියරූපං සාතරූපං රූපං, න රූපක්ඛන්ධො, රූපක්ඛන්ධො රූපඤ්චෙව රූපක්ඛන්ධො ච. රූපක්ඛන්ධො රූපන්ති ආමන්තා.
Sinhala BJT1. රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. රූපස්කන්‍ධය රූප වෙයි යත්: එසේ යැ.
Pali BJTවෙදනා වෙදනාක්ඛන්ධොති: ආමන්තා. වෙදනාක්ඛන්ධො වෙදනාති: ආමන්තා.
Sinhala BJTවේදනාව වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. වේදනාස්කන්‍ධය වේදනා වෙයි යත්: එසේ යැ.
Pali BJTසඤ්ඤා සඤ්ඤාක්ඛන්ධොති: දිට්ඨි සඤ්ඤා සඤ්ඤා, න සඤ්ඤාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො සඤ්ඤාචෙව සඤ්ඤාක්ඛන්ධො ච. සඤ්ඤාක්ඛන්ධො සඤ්ඤාති: ආමන්තා.
Sinhala BJTසංඥාව සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥාව සංඥාව වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධය සංඥා සංඥාස්කන්‍ධ ද වෙයි. සංඥාස්කන්‍ධය සංඥා වෙයි යත්: එසේ යැ.
Pali BJTසඞ්ඛාරා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධං ඨපෙත්වා අවසෙසා සඞ්ඛාරා{1} න සඞ්ඛාරක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො සඞ්ඛාරා චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. සඞ්ඛාරක්ඛන්ධො සඞ්ඛාරාති: ආමන්තා.
Sinhala BJTසංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා (හැර) අවශේෂ සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ නො වෙති. සංස්කාරස්කන්‍ධය සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. සංස්කාරස්කන්‍ධය සංස්කාරයෝ යැ යත්: එසේ යැ.
Pali BJTවිඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා. විඤ්ඤාණක්ඛන්ධො විඤ්ඤාණන්ති: ආමන්තා. (අනුලොමං.)
Sinhala BJTවිඥානය විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. විඥානස්කන්‍ධය විඥාන වෙයි යත්: එසේ යි. (අනුලෝම යි.)
Pali BJT2. න රූපං න රූපක්ඛන්ධොති: ආමන්තා. න රූපක්ඛන්ධො න රූපන්ති: පියරූපං සාතරූපං න රූපක්ඛන්ධො, රූපං. රූපඤ්ච රූපක්ඛන්ධඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව රූපං න ච රූපක්ඛන්ධො.
Sinhala BJT2. රූප නොවූයේ රූපස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. රූපස්කන්‍ධ නොවූයේ රූප නොවූයේ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූපස්කන්‍ධ නොවූයේ වෙයි. රූප වෙයි. රූපයත් රූපස්කන්‍ධයත් තබා (හැර) අවශේෂයෝ නොද රූප වෙයි, නොද රූපස්කන්‍ධ වෙයි.
Pali BJTන වෙදනා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා. න වෙදනාක්ඛන්ධො න වෙදනාති: ආමන්තා.
Sinhala BJTවේදනා නොවූයේ වේදනාස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. වේදනාස්කන්‍ධ නොවූයේ වේදනා නොවූයේ වෙයි යත්: එසේ යැ.
Pali BJTන සඤ්ඤා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා. න සඤ්ඤාක්ඛන්ධො න සඤ්ඤාති: දිට්ඨිසඤ්ඤා න සඤ්ඤාක්ඛන්ධො, සඤ්ඤා. සඤ්ඤඤ්ච සඤ්ඤාක්ඛන්ධඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව සඤ්ඤා න ච සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTසංඥා නොවූයේ සංඥාස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. සංඥාස්කන්‍ධ නොවූයේ සංඥා නො වූයේ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥාස්කන්‍ධ නොවූයේ වෙයි, සංඥා වෙයි. සංඥාව ද සංඥාස්කන්‍ධය ද තබා රූපාදි අවශේෂයෝ නොද සංඥා වෙයි, නොද සංඥාස්කන්‍ධ වෙයි.
Pali BJTන සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා. න සඞ්ඛාරක්ඛන්ධො න සඞ්ඛාරාති: සඞ්ඛාරක්ඛන්ධං ඨපෙත්වා අවසෙසා න සඞ්ඛාරක්ඛන්ධො, සඞ්ඛාරා. සඞ්ඛාරෙ ච සඞ්ඛාරක්ඛන්ධඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව සඞ්ඛාරා න ච සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTසංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නොවූයේ යැ යත්: එසේ යැ. සංස්කාරස්කන්‍ධ නොවූයේ සංස්කාර නොවූවාහු යැ යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාරස්කන්‍ධ නොවූයේ යැ, සංස්කාර වෙති. සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද තබා අවශේෂයෝ නොද සංස්කාරයෝ යැ, නොද සංස්කාරස්කන්‍ධ යි.
Pali BJTන විඤ්ඤාණං න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා. න විඤ්ඤාණක්ඛන්ධො න විඤ්ඤාණන්ති: ආමන්තා. (පච්චනීකං.)
Sinhala BJTවිඥාන නොවූයේ විඥානස්කන්‍ධ නොවූයේ වෙයි යත්: එසේ යැ. විඥානස්කන්‍ධ නොවූයේ විඥාන නොවූයේ වෙයි යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
Pali BJT3. රූපං රූපක්ඛන්ධොති: පියරූපං සාතරූපං රූපං, න රූපක්ඛන්ධො. රූපක්ඛන්ධො රූපඤ්චෙව රූපක්ඛන්ධො ච. ඛන්ධා වෙදනාක්ඛන්ධොති: වෙදනාක්ඛන්ධො ඛන්ධො චෙව වෙදනාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා{1}, න වෙදනාක්ඛන්ධො.
Sinhala BJT3. රූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධය ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. (රූපාදි) අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
Pali BJTරූපං රූපක්ඛන්ධොති: පියරූපං සාතරූපං රූපං, න රූපක්ඛන්ධො. රූපක්ඛන්ධො රූපඤ්චෙව රූපක්ඛන්ධො ච. ඛන්ධා සඤ්ඤාක්ඛන්ධොති: සඤ්ඤාක්ඛන්ධො ඛන්ධො චෙව සඤ්ඤාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTරූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධය ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නොවේ.
Pali BJTරූපං රූපක්ඛන්ධොති: පියරූපං සාතරූපං රූපං, න රූපක්ඛන්ධො. රූපක්ඛන්ධො රූපඤ්චෙව රූපක්ඛන්ධො ච. ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධො ඛන්ධො චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTරූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙති යත්: සංස්කාරස්කන්‍ධය ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංසාරස්කන්‍ධ නොවේ.
Pali BJTරූපං රූපක්ඛන්ධොති: පියරූපං සාතරූපං රූපං, න රූපක්ඛන්ධො. රූපක්ඛන්ධො රූපඤ්චෙව රූපක්ඛන්ධො ච. ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධොති: විඤ්ඤාණක්ඛන්ධො ඛන්ධො චෙව විඤ්ඤාණක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTරූපය රූපස්කන්‍ධ වෙයි යත්: ප්‍රියරූපය සාතරූපය රූප වෙයි, රූපස්කන්‍ධ නො වෙයි. රූපස්කන්‍ධය රූප ද රූපස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ ද වෙති යත්: විඥානස්කන්‍ධය ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. විඥානස්කන්‍ධ නොවේ.
Pali BJT4. වෙදනා වෙදනාක්ඛන්ධොති: ආමන්තා. ඛන්ධා රූපක්ඛන්ධොති: රූපක්ඛන්ධො ඛන්ධො චෙව රූපක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න රූපක්ඛන්ධො.
Sinhala BJT4. වේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. රූපස්කන්‍ධ නො වේ.
Pali BJTවෙදනා වෙදනාක්ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඤ්ඤාක්ඛන්ධොති: සඤ්ඤාක්ඛන්ධො ඛන්ධො චෙව සඤ්ඤාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTවේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංඥාස්කන්‍ධ නො වේ.
Pali BJTවෙදනා වෙදනාක්ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධො ඛන්ධොචෙව සඞ්ඛාරක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTවේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. සංස්කාරස්කන්‍ධ නො වේ.
Pali BJTවෙදනා වෙදනාක්ඛන්ධොති: ආමන්තා. ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධොති: විඤ්ඤාණක්ඛන්ධො ඛන්ධොචෙව විඤ්ඤාණක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTවේදනා වේදනාස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ විඥාන ස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. විඥානස්කන්‍ධ නො වේ.
Pali BJT5. සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධොති: දිට්ඨිසඤ්ඤා සඤ්ඤා, න සඤ්ඤාක්ඛන්ධො. සඤ්ඤාක්ඛන්ධො සඤ්ඤා චෙව සඤ්ඤාක්ඛන්ධො ච. ඛන්ධා රූපක්ඛන්ධොති: රූපක්ඛන්ධො ඛන්ධො චෙව රූපක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න රූපක්ඛන්ධො.
Sinhala BJT5. සංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
Pali BJTසඤ්ඤා සඤ්ඤාක්ඛන්ධොති: දිට්ඨිසඤ්ඤා සඤ්ඤා, න සඤ්ඤාක්ඛන්ධො. සඤ්ඤාක්ඛන්ධො සඤ්ඤා චෙව සඤ්ඤාක්ඛන්ධො ච. ඛන්ධා වෙදනාක්ඛන්ධොති: වෙදනාක්ඛන්ධො ඛන්ධො චෙව වෙදනාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න වෙදනාක්ඛන්ධො.
Sinhala BJTසංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥා වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වේ.
Pali BJTසඤ්ඤා සඤ්ඤාක්ඛන්ධොති: දිට්ඨිසඤ්ඤා සඤ්ඤා, න සඤ්ඤාක්ඛන්ධො. සඤ්ඤාක්ඛන්ධො සඤ්ඤා චෙව සඤ්ඤාක්ඛන්ධො ච. ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධො ඛන්ධො චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඞ්ඛාරක්ඛන්ධො.
Sinhala BJTසංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥා වෙයි, සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ.
Pali BJTසඤ්ඤා සඤ්ඤාක්ඛන්ධොති: දිට්ඨිසඤ්ඤා සඤ්ඤා, න සඤ්ඤාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො සඤ්ඤා චෙව සඤ්ඤාක්ඛන්ධො ච. ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධොති: විඤ්ඤාණක්ඛන්ධො ඛන්ධො චෙව විඤ්ඤාණක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTසංඥා සංඥාස්කන්‍ධ වෙයි යත්: දෘෂ්ටිසංඥා සංඥා වෙයි. සංඥාස්කන්‍ධ නො වෙයි. සංඥාස්කන්‍ධ සංඥා ද සංඥාස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, විඥානස්කන්‍ධ නො වේ.
Pali BJT6. සඞ්ඛාරා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධං ඨපෙත්වා අවසෙසා සඞ්ඛාරා සඞ්ඛාරක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො සඞ්ඛාරා චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. ඛන්ධා රූපක්ඛන්ධොති: රූපක්ඛන්ධො ඛන්ධො චෙව රූපක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න රූපක්ඛන්ධො.
Sinhala BJT6. සංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති. සංස්කාරස්කන්‍ධ නො වෙයි. සංස්කාරස්කන්‍ධ සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
Pali BJTසඞ්ඛාරා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධං ඨපෙත්වා අවසෙසා සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො සඞ්ඛාරා චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. ඛන්ධා වෙදනාක්ඛන්ධොති: වෙදනාක්ඛන්ධො ඛන්ධො චෙව වෙදනාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න වෙදනාක්ඛන්ධො.
Sinhala BJTසංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරකන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති, සංස්කාරකන්‍ධ නො වෙයි. සංස්කාර ස්කන්‍ධ සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, වේදනාස්කන්‍ධ නො වේ.
Pali BJTසඞ්ඛාරා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධං ඨපෙත්වා අවසෙසා සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො සඞ්ඛාරා චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. ඛන්ධා සඤ්ඤාක්ඛන්ධොති: සඤ්ඤාක්ඛන්ධො ඛන්ධො චෙව සඤ්ඤාක්ඛන්ධො ච. ඛන්ධා සඤ්ඤාක්ඛන්ධොති: සඤ්ඤාක්ඛන්ධො ඛන්ධො චෙව සඤ්ඤාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTසංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති, සංස්කාරස්කන්‍ධ නො වෙයි. සංස්කාරස්කන්‍ධ සංස්කාර ද සංස්රස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධ වෙති, සංඥාස්කන්‍ධ නො වේ.
Pali BJTසඞ්ඛාරා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධං ඨපෙත්වා අවසෙසා සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධො, සඞ්ඛාරක්ඛන්ධො සඞ්ඛාරා චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. ඛන්ධා විඤ්ඤාණක්ඛන්ධොති: විඤ්ඤාණක්ඛන්ධො ඛන්ධො චෙව විඤ්ඤාණක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න විඤ්ඤාණක්ඛන්ධො.
Sinhala BJTසංස්කාරයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධය තබා අවශේෂයෝ සංස්කාර වෙති, සංස්කාරස්කන්‍ධ නො වෙයි. සංස්කාර ස්කන්‍ධ සංස්කාර ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. ස්කන්‍ධයෝ විඥානස්කන්‍ධ වෙයි යත්: විඥානස්කන්‍ධ ස්කන්‍ධ ද විඥානස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධ වෙති, විඥානස්කන්‍ධ නො වේ.
Pali BJT7. විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා. ඛන්ධා රූපක්ඛන්ධොති: රූපක්ඛන්ධො ඛන්ධො චෙව රූපක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න රූපක්ඛන්ධො.
Sinhala BJT7. විඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ ස්කන්‍ධයෝ රූපස්කන්‍ධ වෙයි යත්: රූපස්කන්‍ධ ස්කන්‍ධ ද රූපස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, රූපස්කන්‍ධ නො වේ.
Pali BJTවිඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා. ඛන්ධා වෙදනාක්ඛන්ධොති: වෙදනාක්ඛන්ධො ඛන්ධො චෙව වෙදනාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න වෙදනාක්ඛන්ධො.
Sinhala BJTවිඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ වේදනාස්කන්‍ධ වෙයි යත්: වේදනාස්කන්‍ධ ස්කන්‍ධ ද වේදනාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ. වේදනාස්කන්‍ධ නො වේ.
Pali BJTවිඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඤ්ඤාක්ඛන්ධොති: සඤ්ඤාක්ඛන්ධො ඛන්ධො චෙව සඤ්ඤාක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඤ්ඤාක්ඛන්ධො.
Sinhala BJTවිඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංඥාස්කන්‍ධ වෙයි යත්: සංඥාස්කන්‍ධ ස්කන්‍ධ ද සංඥාස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංඥාස්කන්‍ධ නො වේ.
Pali BJTවිඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා. ඛන්ධා සඞ්ඛාරක්ඛන්ධොති: සඞ්ඛාරක්ඛන්ධො ඛන්ධො චෙව සඞ්ඛාරක්ඛන්ධො ච. අවසෙසා ඛන්ධා, න සඞ්ඛාරක්ඛන්ධො. (අනුලොමං)
Sinhala BJTවිඥාන විඥානස්කන්‍ධ වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධයෝ සංස්කාරස්කන්‍ධ වෙයි යත්: සංස්කාරස්කන්‍ධ ස්කන්‍ධ ද සංස්කාරස්කන්‍ධ ද වෙයි. අවශේෂයෝ ස්කන්‍ධයෝ යැ, සංස්කාරස්කන්‍ධ නො වේ. (අනුලෝම යි.)
Pali BJT8. න රූපං න රූපක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJT8. රූප නොවූයේ රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTන රූපං න රූපක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTරූප නොවූයේ රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTන රූපං න රූපක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTරූප නොවූයේ රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTන රූපං න රූපක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTරූප නොවූයේ රූපයකත්‍ව නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJT9. න වෙදනා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න රූපක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJT9. වේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTන වෙදනා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTවේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTන වෙදනා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTවේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTන වෙදනා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTවේදනා නොවූවා වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJT10. න සඤ්ඤා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න රූපක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJT10. සංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTන සඤ්ඤා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTන සඤ්ඤා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTන සඤ්ඤා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංඥා නොවූවා සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු විඥානස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJT11. න සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න රූපක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJT11. සංස්කාර නොවූවා සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTන සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න වෙදනාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු වේදනාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTන සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න සඤ්ඤාක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු සංඥාස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ.
Pali BJTස සඞ්ඛාරා න සඞ්ඛාරක්ඛන්ධොති: ආමන්තා. න ඛන්ධා න විඤ්ඤාණක්ඛන්ධොති: ආමන්තා.
Sinhala BJTසංස්කාර නොවූවාහු සංස්කාරස්කන්‍ධ නො වෙයි යත්: එසේ යැ. ස්කන්‍ධ නොවූවාහු රූපස්කන්‍ධ නො වෙයි යත්: එසේ යි.