Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1701-1800 න් 7973

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-yam-3:406.7
Pali BJT6. පරිඤ්ඤාවාරො
Sinhala BJT6. පරිඥාවාරය
ap-yam-3:406.8
Pali BJT497. යො චක්ඛායතනං පරිජානාති සො සොතායතනං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT497. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
ap-yam-3:406.9
Pali BJTයො වා පන සොතායතනං පරිජානාති සො චක්ඛායතනං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය පිරිසිඳ දනී නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
ap-yam-3:406.10
Pali BJT498. යො චක්ඛායතනං න පරිජානාති සො සොතායතනං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT498. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දනී ද යත්: එසේ යි.
ap-yam-3:406.11
Pali BJTයො වා පන සොතායතනං න පරිජානාති සො චක්ඛායතනං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දැනී ද යත්: එසේ යි.
ap-yam-3:406.12
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
ap-yam-3:408.1
Pali BJT499. යො චක්ඛායතනං පරිජානාති සො සොතායතනං පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJT499. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
ap-yam-3:408.2
Pali BJTයො වා පන සොතායතනං පරිජානිත්ථ සො චක්ඛායතනං පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
ap-yam-3:408.3
Pali BJT500. යො චක්ඛායතනං න පරිජානිත්ථ සො සොතායතනං න පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJT500. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
ap-yam-3:408.4
Pali BJTයො වා පන සොතායතනං න පරිජානිත්ථ සො චක්ඛායතනං න පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
ap-yam-3:408.5
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
ap-yam-3:408.6
Pali BJT501. යො චක්ඛායතනං පරිජානිස්සති සො සොතායතනං පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJT501. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:408.7
Pali BJTයො වා පන සොතායතනං පරිජානිස්සති සො චක්ඛායතනං පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:408.8
Pali BJT502. යො චක්ඛායතනං න පරිජානිස්සති සො සොතායතනං න පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJT502. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:408.9
Pali BJTයො වා පන සොතායතනං න පරිජානිස්සති සො චක්ඛායතනං න පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:408.10
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
ap-yam-3:408.11
Pali BJT503. යො චක්ඛායතනං පරිජානාති සො සොතායතනං පරිජානිත්ථාති: නො.
Sinhala BJT503. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දත්තේ ද යත්: නැති.
ap-yam-3:408.12
Pali BJTයො වා පන සොතායතනං පරිජානිත්ථ සො චක්ඛායතනං පරිජානාතීති: නො.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දනී ද යත්: නැති.
ap-yam-3:408.13
Pali BJT504. යො චක්ඛායතනං න පරිජානාති සො සොතායතනං න පරිජානිත්ථාති: අරහා චක්ඛායතනං න පරිජානාති, නො ච සොතායතනං න පරිජානිත්ථ. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා චක්ඛායතනඤ්ච න පරිජානන්ති, සොතායතනඤ්ච න පරිජානිත්ථ.
Sinhala BJT504. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: රහත් තෙම චක්ඛායතනය නො පිරිසිඳ දනී, සෝතායතනය නො ද පිරිසිඳ නො දත්තේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහත්පුඟුලා ද තබා අවශේෂ පුද්ගලයෝ චක්ඛායතනය ද නො පිරිසිඳ දනිති. සෝතායතනය ද නො පිරිසිඳ දත්හ.
ap-yam-3:410.1
Pali BJTයො වා පන සොතායතනං න පරිජානිත්ථ සො චක්ඛායතනං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී සොතායතනං න පරිජානිත්ථ, නො ච චක්ඛායතනං න පරිජානාති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා සොතායතනඤ්ච න පරිජානිත්ථ, චක්ඛායතනඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගියා සෝතායතනය නො පිරිසිඳ දත්තේ ය, චක්ඛායතනය නො ද නො පිරිසිඳ දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහත් පුඟුලා ද තබා අවශේෂ පුද්ගලයෝ සෝතායතනය ද නො පිරිසිඳ දත්හ. චක්ඛායතනය ද නො පිරිසිඳ දනිත්.
ap-yam-3:410.2
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
ap-yam-3:410.3
Pali BJT505. යො චක්ඛායතනං පරිජානාති සො සොතායතනං පරිජානිස්සතීති: නො.
Sinhala BJT505. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දන්නේ ද යත්: නැති.
ap-yam-3:410.4
Pali BJTයො වා පන සොතායතනං පරිජානිස්සති සො චක්ඛායතනං පරිජානාතීති: නො.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දනී ද යත්: නැති.
ap-yam-3:410.5
Pali BJT506. යො චක්ඛායතනං න පරිජානාති සො සොතායතනං න පරිජානිස්සතීති: යෙ මග්ගං පටිලභිස්සන්ති තෙ චක්ඛායතනං න පරිජානන්ති, නො ච සොතායතනං න පරිජානිස්සන්ති. අරහා යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙ චක්ඛායතනඤ්ච න පරිජානන්ති, සොතායතනඤ්ච න පරිජානිස්සන්ති.
Sinhala BJT506. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දනී නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: යම් ද කෙනෙක් මාර්‍ගය පිළිලබන්නහු නම් ඔහු චක්ඛායතනය නො පිරිසිඳ දනිති, සෝතායතනය නො ද පිරිසිඳ නො දන්නාහ. රහත් තෙමේ ද යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද චක්ඛායතනය ද නො පිරිසිඳ දනිති, සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය.
ap-yam-3:410.6
Pali BJTයො වා පන සොතායතනං න පරිජානිස්සති සො චක්ඛායතනං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී සොතායතනං න පරිජානිස්සති, නො ච චක්ඛායතනං න පරිජානාති. අරහා යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙ සොතායතනඤ්ච න පරිජානිස්සන්ති, චක්ඛායතනඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගියා සෝතායතනය නො පිරිසිඳ දන්නේ ය, චක්ඛායතනය නො ද නො පිරිසිඳ දනී. රහත් තෙමේ ද, යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය, චක්ඛායතයනය ද පිරිසිඳ නො දනිත්.
ap-yam-3:410.7
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුපන්නානාගතවාර යි.
ap-yam-3:410.8
Pali BJT507. යො චක්ඛායතනං පරිජානිත්ථ සො සොතායතනං පරිජානිස්සතීති: නො.
Sinhala BJT507. යමෙක් චක්ඛායතනය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය පිරිසිඳ දන්නේ ද යත්: නැති.
ap-yam-3:410.9
Pali BJTයො වා පන සොතායතනං පරිජානිස්සති සො චක්ඛායතනං පරිජානිත්ථාති: නො.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය පිරිසිඳ දත්තේ ද යත්: නැති.
ap-yam-3:412.1
Pali BJT508. යො චක්ඛායතනං න පරිජානිත්ථ සො සොතායතනං න පරිජානිස්සතීති: යෙ මග්ගං පටිලභිස්සන්ති තෙ චක්ඛායතනං න පරිජානිත්ථ, නො ච සොතායතනං න පරිජානිස්සන්ති. අග්ගමග්ගසමඞ්ගී යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙ චක්ඛායතනඤ්ච න පරිජානිත්ථ, සොතායතනඤ්ච න පරිජානිස්සන්ති.
Sinhala BJT508. යමෙක් චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ නම් හෙතෙම සෝතායතනය නො පිරිසිඳ දන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔහු චක්ඛායතනය නො පිරිසිඳ දත්හ, සෝතායතනය නො ද පිරිසිඳ නො දන්නාහු ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද චක්ඛායතනය ද නො පිරිසිඳ දත්හ, සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය.
ap-yam-3:412.2
Pali BJTයො වා පන සොතායතනං න පරිජානිස්සති සො චක්ඛායතනං න පරිජානිත්ථාති: අරහා සොතායතනං න පරිජානිස්සති, නො ච චක්ඛායතනං න පරිජානිත්ථ. අග්ගමග්ගසමඞ්ගී යෙ ච පුථුජ්ජනා මග්ගං න පටිලභිස්සන්ති තෙ සොතායතනඤ්ච න පරිජානිස්සන්ති. චක්ඛායතනඤ්ච න පරිජානිත්ථ.
Sinhala BJTතවද යමෙක් සෝතායතනය නො පිරිසිඳ දන්නේ නම් හෙතෙම චක්ඛායතනය නො පිරිසිඳ දත්තේ ද යත්: රහත් තෙමේ සෝතායතනය නො පිරිසිඳ දන්නේ ය. චක්ඛායතනය නො ද පිරිසිඳ නො දත්තේ ය, අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පුහුදුන් කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔහු ද සෝතායතනය ද නො පිරිසිඳ දන්නාහු ය, චක්ඛායතනය ද නො පිරිසිඳ දත්හ.
ap-yam-3:412.3
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
ap-yam-3:412.4
Pali BJTපරිඤ්ඤාවාරො නිට්ඨිතො.
Sinhala BJTපරිඥාවාර නිමි.
ap-yam-3:412.5
Pali BJTආයතනයමකං නිට්ඨිතං.
Sinhala BJTආයතන යමකය නිමි.
ap-yam-4:414.1
Pali BJT4. ධාතුයමකං
Sinhala BJT4. ධාතුයමකය
ap-yam-4:414.2
Pali BJT1. උද්දෙසවාරො
Sinhala BJT1. උද්දේසවාරය
ap-yam-4:414.3
Pali BJT1. අට්ඨාරසධාතුයො: - චක්ඛුධාතු, සොතධාතු, ඝානධාතු, ජිව්හාධාතු, කායධාතු, රූපධාතු, සද්දධාතු, ගන්ධධාතු, රසධාතු, ඵොට්ඨබ්බධාතු, චක්ඛුවිඤ්ඤාණධාතු, සොතවිඤ්ඤාණධාතු, ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු, කායවිඤ්ඤාණධාතු, මනොධාතු, මනො විඤ්ඤාණධාතු, ධම්මධාතු.
Sinhala BJT1. අටළොස් ධාතූහු :- චක්ඛුධාතු යැ සෝතධාතු යැ ඝානධාතු යැ ජිව්හාධාතු යැ කායධාතු යැ රූපධාතු යැ සද්දධාතු යැ ගන්‍ධධාතු යැ රසධාතු යැ ඵොට්ඨබ්බධාතු යැ චක්ඛුවිඤ්ඤාණධාතු ය සෝතවිඤ්ඤාණධාතු යැ ඝානවිඤ්ඤාණධාතු යැ ජිව්හාවිඤ්ඤාණධාතු යැ කායවිඤ්ඤාණධාතු යැ මනෝධාතු යැ මනෝවිඤ්ඤාණධාතු යැ ධම්මධාතු යි.
ap-yam-4:414.4
Pali BJTඋද්දෙසො.
Sinhala BJTඋද්දේශ යි.
ap-yam-4:414.5
Pali BJT2. චක්ඛු චක්ඛුධාතු, චක්ඛුධාතු චක්ඛු: සොතං සොතධාතු, සොතධාතු සොතං: -පෙ- චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණධාතු, චක්ඛුවිඤ්ඤාණධාතු චක්ඛුවිඤ්ඤාණං: -පෙ- මනො මනොධාතු, මනොධාතු මනො: මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණධාතු: මනොවිඤ්ඤාණධාතු මනොවිඤ්ඤාණං: ධම්මො ධම්මධාතු, ධම්මධාතු ධම්මො: (අනුලොමං)
Sinhala BJT2. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද, චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද : ශ්‍රෝතය ශ්‍රෝත්‍රධාතු ද, ශ්‍රෝත්‍රධාතුව ශ්‍රෝත්‍ර ද : ... චක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානධාතු ද, චක්‍ෂුර්විඥානධාතුව චක්‍ෂුර්විඥාන ද : ... මනස මනෝධාතු ද : මනෝධාතුව මනස ද : මනෝවිඥානය මනෝවිඥානධාතු ද : මනෝවිඥානධාතුව මනෝවිඥාන ද : ධර්‍මය ධර්‍මධාතු ද, ධර්‍මධාතුව ධර්‍ම ද යත්: (අනුලෝම යි)
ap-yam-4:414.6
Pali BJT3. න චක්ඛු න චක්ඛුධාතු, න චක්ඛුධාතු න චක්ඛු: න සොතං න සොතධාතු, න සොතධාතු න සොතං: -පෙ- න චක්ඛුවිඤ්ඤාණං න චක්ඛුවිඤ්ඤාණධාතු, න චක්ඛුවිඤ්ඤාණධාතු න චක්ඛුවිඤ්ඤාණං: -පෙ- න මනො න මනොධාතු, න මනොධාතු න මනො. න මනොවිඤ්ඤාණං න මනොවිඤ්ඤාණධාතු, න මනොවිඤ්ඤාණධාතු න මනොවිඤ්ඤාණං: න ධම්මො න ධම්මධාතු, න ධම්මධාතු න ධම්මො: (පච්චනීකං)
Sinhala BJT3. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, චක්‍ෂුර්ධාතු නො වූයේ චක්‍ෂුස නො වේ ද: ශ්‍රෝත්‍ර නො වූයේ ශ්‍රෝත්‍රධාතු නො වේ ද, ශ්‍රෝත්‍රධාතු නො වූයේ ශ්‍රෝත්‍ර නො වේ ද : ... චක්‍ෂුර්විඥාන නො වූයේ චක්‍ෂුර්විඥානධාතු නො වේ ද, චක්‍ෂුර්විඥානධාතු නො වූයේ චක්‍ෂුර්විඥාන නො වේ ද : ... මනස නො වූයේ මනෝධාතු නො වේ ද, මනෝධාතු නො වූයේ මනස නො වේ ද: මනෝවිඥාන නො වූයේ මනෝවිඥානධාතු නො වේ ද: මනෝවිඥානධාතු නො වූයේ මනෝවිඥාන නො වේ ද: ධර්‍ම නො වූයේ ධර්‍මධාතු නො වේ ද : ධර්‍මධාතු නො වූයේ ධර්‍ම නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි)
ap-yam-4:414.7
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
ap-yam-4:414.8
Pali BJT4. චක්ඛු චක්ඛුධාතු, ධාතූ සොතධාතු: -පෙ- චක්ඛු චක්ඛුධාතූ ධාතු ධම්මධාතු: (අනුලොමං)
Sinhala BJT4. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද, ධාතුහු ශ්‍රෝත්‍රධාතු ද : ... චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද, ධාතූහු ධර්‍මධාතු ද යත් : (අනුලෝම යි)
ap-yam-4:414.9
Pali BJT(යථා ආයතනයමකෙ චක්කං බද්ධං, එවමිධ චක්කං බන්ධිතබ්බං)
Sinhala BJT(යම්සේ ආයතන යමකයෙහි චක්‍රබන්‍ධනය කරන ලද ද එසේ ම මෙහි චක්‍රය බැඳියයුතු යි.)
ap-yam-4:416.1
Pali BJT5. න චක්ඛු න චක්ඛුධාතු, න ධාතූ න සොතධාතු:
Sinhala BJT5. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද :
ap-yam-4:416.2
Pali BJTන චක්ඛු න චක්ඛුධාතු, න ධාතූ න ඝානධාතු -පෙ-
Sinhala BJTචක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ඝ්‍රාණධාතු නො වේ ද : ...
ap-yam-4:416.3
Pali BJTන චක්ඛු න චක්ඛුධාතු, න ධාතූ න ධම්මධාතු -පෙ-
Sinhala BJTචක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ධර්‍මධාතු නො වේ ද : ...
ap-yam-4:416.4
Pali BJTන ධම්මො න ධම්මධාතු න ධාතූ න චක්ඛුධාතු -පෙ-
Sinhala BJTධර්‍ම නො වූයේ ධර්‍මධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුර්ධාතු නො වේ ද:
ap-yam-4:416.5
Pali BJTන ධම්මො න ධම්මධාතු, න ධාතූ න මනොවිඤ්ඤාණධාතු: (පච්චනීකං)
Sinhala BJTධර්‍ම නො වූයේ ධර්‍මධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනෝවිඥානධාතු නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි)
ap-yam-4:416.6
Pali BJT(චක්කං බන්ධිතබ්බං)
Sinhala BJT(චක්‍රය බැඳියයුතු යි.)
ap-yam-4:416.7
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාරය යි.
ap-yam-4:416.8
Pali BJT6. චක්ඛු ධාතු, ධාතූ චක්ඛු:
Sinhala BJT6. චක්‍ෂුස ධාතු ද: ධාතූහු චක්‍ෂුස ද:
ap-yam-4:416.9
Pali BJTසොතං ධාතු, ධාතු සොතං: ඝානං ධාතු -පෙ- ජිව්හා ධාතු - කායො ධාතු - රූපං ධාතු - සද්දො ධාතු - ගන්ධො ධාතු - රසො ධාතු - ඵොට්ඨබ්බො ධාතු, ධාතු ඵොට්ඨබ්බො:
Sinhala BJTශ්‍රෝත්‍රය ධාතු ද, ධාතූහු ශ්‍රෝත්‍ර ද : ඝ්‍රාණය ධාතු ද ... ජිව්හාව ධාතු ද - කායය ධාතු ද - රූපය ධාතු ද - ශබ්දය ධාතු ද - ගන්‍ධය ධාතු ද - රසය ධාතු ද - ස්ප්‍රෂ්ටව්‍යය ධාතු ද, ධාතු ස්ප්‍රෂ්ටව්‍යය ද යත් :
ap-yam-4:416.10
Pali BJTචක්ඛුවිඤ්ඤාණං ධාතු, ධාතූ චක්ඛුවිඤ්ඤාණං:
Sinhala BJTචක්‍ෂුර්විඥානය ධාතු ද, ධාතූහු චක්‍ෂුර්විඥාන ද:
ap-yam-4:416.11
Pali BJTසොතවිඤ්ඤාණං ධාතු, ධාතූ සොතවිඤ්ඤාණං: ඝානවිඤ්ඤාණං -පෙ-
Sinhala BJTශ්‍රෝත්‍රවිඥානය ධාතු ද, ධාතුහු ශ්‍රෝත්‍රවිඥාන ද : ඝ්‍රාණවිඥානය ...
ap-yam-4:416.12
Pali BJTජිව්හාවිඤ්ඤාණං, -පෙ- කායවිඤ්ඤාණං -පෙ-
Sinhala BJTජිහ්වාවිඥානය ... කායවිඥානය ...
ap-yam-4:416.13
Pali BJTමනො ධාතු, ධාතූ මනො:
Sinhala BJTමනස ධාතු ද, ධාතුහු මනස ද :
ap-yam-4:416.14
Pali BJTමනොවිඤ්ඤාණං ධාතු, ධාතූ මනොවිඤ්ඤාණං:
Sinhala BJTමනෝවිඥානය ධාතු ද, ධාතුහු මනෝවිඥාන ද:
ap-yam-4:416.15
Pali BJTධම්මො ධාතු, ධාතු ධම්මො: (අනුලොමං)
Sinhala BJTධර්‍මය ධාතු ද, ධාතුහු ධර්‍ම ද යත් : (අනුලෝම යි)
ap-yam-4:416.16
Pali BJT7. න චක්ඛු න ධාතු, න ධාතූ න චක්ඛු:
Sinhala BJT7. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුස නො වූවාහු නො වේ ද:
ap-yam-4:416.17
Pali BJTන සොතං න ධාතු, න ධාතූ න සොතං:
Sinhala BJTශ්‍රෝත්‍ර නොවූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රය නො වේ ද:
ap-yam-4:416.18
Pali BJTන ඝානං - න ජිව්හා - න කායො - න රූපං - න සද්දො - න ගන්ධො - න රසො - න ඵොට්ඨබ්බො:
Sinhala BJTඝ්‍රාණ නොවූයේ - ජිව්හා නොවූයේ - කාය නොවූයේ - රූප නොවූයේ - ශබ්ද නොවූයේ - ගන්‍ධ නොවූයේ - රස නොවූයේ - ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ වේ ද :
ap-yam-4:418.1
Pali BJTන චක්ඛුවිඤ්ඤාණං න ධාතු, න ධාතූ න චක්ඛුවිඤ්ඤාණං:
Sinhala BJTචක්‍ෂුර්විඥාන නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුර්විඥාන නො වේ ද:
ap-yam-4:418.2
Pali BJTන සොතවිඤ්ඤාණං -පෙ- න ඝානවිඤ්ඤාණං, -පෙ- න ජිව්හාවිඤ්ඤාණං -පෙ-
Sinhala BJTශ්‍රෝත්‍රවිඥාන නො වූයේ ... ඝ්‍රාණවිඥාන නො වූයේ ජිහ්වාවිඥාන නො වූයේ ...
ap-yam-4:418.3
Pali BJTන කායවිඤ්ඤාණං න ධාතු, න ධාතූ න කායවිඤ්ඤාණං:
Sinhala BJTකායවිඥාන නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු කායවිඥාන නො වේ ද:
ap-yam-4:418.4
Pali BJTන මනො න ධාතු, න ධාතූ න මනො:
Sinhala BJTමනස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනස නො වේ ද:
ap-yam-4:418.5
Pali BJTන මනොවිඤ්ඤාණං න ධාතු, න ධාතූ න මනොවිඤ්ඤාණං:
Sinhala BJTමනෝවිඥාන නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනෝවිඥාන නො වේ ද :
ap-yam-4:418.6
Pali BJTන ධම්මො න ධාතු, න ධාතූ න ධම්මො: (පච්චනීකං)
Sinhala BJTධර්‍ම නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ධර්‍ම නො වේ ද යත් : (ප්‍රත්‍යනීක යි)
ap-yam-4:418.7
Pali BJTසුද්ධධාතුවාරො.
Sinhala BJTශුද්ධධාතුවාර යි.
ap-yam-4:418.8
Pali BJT8. චක්ඛු ධාතු ධාතු සොතං -පෙ- චක්ඛු ධාතු, ධාතූ ධම්මො -පෙ- ධම්මො ධාතු, ධාතූ චක්ඛු -පෙ- ධම්මො ධාතු, ධාතූ මනො විඤ්ඤාණං: (අනුලොමං)
Sinhala BJT8. චක්‍ෂුස ධාතු ද, ධාතූහු ශ්‍රෝත්‍ර ද: ... චක්‍ෂුස ධාතු ද, ධාතූහු ධර්‍ම ද : ... ධර්‍මය ධාතු ද, ධාතූහු චක්‍ෂුස ද ... ධර්‍මය ධාතු ද, ධාතූහු මනෝවිඥාන ද යත් : (අනුලෝම යි)
ap-yam-4:418.9
Pali BJT(චක්කං බන්ධිතබ්බං)
Sinhala BJT(චක්‍රය බැඳිය යුතු යි.)
ap-yam-4:418.10
Pali BJT9. න චක්ඛු න ධාතු, න ධාතූ න සොතං:
Sinhala BJT9. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නොවූවාහු ශ්‍රෝත්‍ර නො වේ ද :
ap-yam-4:418.11
Pali BJTන චක්ඛු න ධාතු, න ධාතූ න ඝානං -පෙ-
Sinhala BJTචක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ඝ්‍රාණ නො වේ ද : ...
ap-yam-4:418.12
Pali BJTන චක්ඛු න ධාතු, න ධාතූ න ධම්මො -පෙ-
Sinhala BJTචක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු ධර්‍ම නො වේ ද: ...
ap-yam-4:418.13
Pali BJTන ධම්මො න ධාතු, න ධාතූ න චක්ඛු -පෙ-
Sinhala BJTධර්‍ම නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු චක්‍ෂුස නො වේ ද : ...
ap-yam-4:418.14
Pali BJTන ධම්මො න ධාතු, න ධාතූ න මනොවිඤ්ඤාණං. (පච්චනීකං)
Sinhala BJTධර්‍ම නො වූයේ ධාතු නො වේ ද, ධාතු නො වූවාහු මනෝවිඥාන නො වේ ද යත් : (ප්‍රත්‍යනීක යි)
ap-yam-4:418.15
Pali BJT(චක්කං බන්ධිතබ්බං)
Sinhala BJT(චක්‍රය බැඳිය යුතුයි.)
ap-yam-4:418.16
Pali BJTසුද්ධධාතුමූලචක්කවාරො.
Sinhala BJTශුද්ධධාතුමූලචක්‍රවාර යි.
ap-yam-4:418.17
Pali BJTඋද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTඋද්දේශවාර නිමි.
ap-yam-4:420.1
Pali BJT2. පඤ්ඤත්ති නිද්දෙසවාර
Sinhala BJT2. ප්‍රඥප්ති නිර්දේශවාරය
ap-yam-4:420.2
Pali BJT1. චක්ඛු චක්ඛුධාතූති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛුධාතු. චක්ඛුධාතු චක්ඛු චෙව චක්ඛුධාතු ච, චක්ඛුධාතු චක්ඛූති: ආමන්තා.
Sinhala BJT1. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යැ, චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස වූයේ ම චක්‍ෂුර්ධාතු ද වේ. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද යත් : එසේ යි.
ap-yam-4:420.3
Pali BJTසොතං සොතධාතූති: දිබ්බසොතං තණ්හාසොතං සොතං, න සොතධාතු. සොතධාතු සොතඤ්චෙව සොතධාතු ච, සොතධාතු සොතන්ති: ආමන්තා.
Sinhala BJTශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍රධාතු ද යත් : දිව්‍යශ්‍රෝත්‍රය තෘෂ්ණාශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍ර යැ ශ්‍රෝත්‍රධාතු නො වෙයි. ශ්‍රෝත්‍රධාතුව ශ්‍රෝත්‍ර ද වූයේ ම ශ්‍රෝත්‍රධාතු ද වේ. ශ්‍රෝත්‍රධාතුව ශ්‍රෝත්‍ර ද යත් : එසේ යි.
ap-yam-4:420.4
Pali BJTඝානං ඝානධාතූති: ආමන්තා. ඝානධාතු ඝානන්ති: ආමන්තා.
Sinhala BJTඝ්‍රාණය ඝ්‍රාණධාතු ද යත්: එසේ යි. ඝ්‍රාණධාතුව ඝ්‍රාණ ද යත් : එසේ යි.
ap-yam-4:420.5
Pali BJT(ජිව්හාපි ඝානධාතුසදිසා)
Sinhala BJT(ජිහ්වා ද ඝ්‍රාණධාතු සදෘශ යැ.)
ap-yam-4:420.6
Pali BJTකායො කායධාතූති: කායධාතුං ඨපෙත්වා අවසෙසො කායො කායො,{1} න කායධාතු. කායධාතු කායො චෙව කායධාතු ච. කායධාතු කායොති: ආමන්තා.
Sinhala BJTකායය කායධාතු ද යත් : කායධාතුව තබා අවශේෂ වූ කායය කාය යැ, කායධාතු නො වෙයි. කායධාතුව කාය ද වූයේ ම කාය ධාතු ද වේ. කායධාතුව කාය ද යත් : එසේ යි.
ap-yam-4:420.7
Pali BJTරූපං රූපධාතූති: රූපධාතුං ඨපෙත්වා අවසෙසං රූපං රූපං{2} න රූපධාතු. රූපධාතු රූපඤ්චෙව රූපධාතු ච. රූපධාතු රූපන්ති: ආමන්තා.
Sinhala BJTරූපය රූපධාතු ද යත් : රූපධාතුව තබා අවශේෂ වූ රූපය යැ, රූපධාතු නො වෙයි. රූපධාතුව රූප ද වූයේ ම රූපධාතු ද වේ. රූපධාතුව රූප ද යත්: එසේ යි.
ap-yam-4:420.8
Pali BJT(සද්දො ඝානසදිසො)
Sinhala BJT(ශබ්දය ඝ්‍රාණ සදෘශ යැ.)
ap-yam-4:420.9
Pali BJTගන්ධො ගන්ධධාතූති: සීලගන්ධො සමාධිගන්ධො පඤ්ඤාගන්ධො ගන්ධො, න ගන්ධධාතු. ගන්ධධාතු ගන්ධො චෙව ගන්ධධාතු ච. ගන්ධධාතු ගන්ධොති: ආමන්තා.
Sinhala BJTගන්‍ධය ගන්‍ධධාතු ද යත් : ශීලගන්‍ධ සමාධිගන්‍ධ ප්‍රඥාගන්‍ධ ගන්‍ධ යැ, ගන්‍ධධාතු නො වෙයි. ගන්‍ධධාතු ගන්‍ධ ද වූයේ ම ගන්‍ධධාතු ද වේ. ගන්‍ධධාතු ගන්‍ධ ද යත් : එසේ යි.
ap-yam-4:420.10
Pali BJTරසො රසධාතූති: අත්ථරසො ධම්මරසො විමුත්තිරසො රසො. න රසධාතු. රසධාතු රසො චෙව රසධාතු ච. රසධාතු රසොති: ආමන්තා.
Sinhala BJTරසය රසධාතු ද යත් : අර්‍ත්‍ථරස ධර්‍මරස විමුක්තිරස රස යැ, රසධාතු නො වෙයි. රසධාතු රස ද වූයේ ම රසධාතු ද වේ. රසධාතු රස ද යත් : එසේ යි.
ap-yam-4:420.11
Pali BJT(ඵොට්ඨබ්බො ඝානසදිසො)
Sinhala BJT(ස්ප්‍රෂ්ටව්‍යය ඝාණසදෘශ යැ.)
ap-yam-4:420.12
Pali BJTචක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණධාතූති: ආමන්තා. චක්ඛුවිඤ්ඤාණධාතු චක්ඛුවිඤ්ඤාණන්ති: ආමන්තා. සොතවිඤ්ඤාණං -පෙ- ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායවිඤ්ඤාණං -පෙ-
Sinhala BJTචක්‍ෂුර්විඥානය චක්‍ෂුර්විඥානධාතු ද යත් : එසේ යි. චක්‍ෂුර් විඥානධාතු චක්‍ෂුර්විඥාන ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය ....
ap-yam-4:420.13
Pali BJTමනො මනොධාතූති: මනොධාතු ඨපෙත්වා අවසෙසො මනො මනො{3}, න මනොධාතු. මනොධාතු මනො චෙව මනොධාතු ච. මනොධාකු මනොති: ආමන්තා.
Sinhala BJTමනස මනෝධාතු ද යත් : මනෝධාතුව තබා අවශේෂ වූ මනස මනස යැ, මනෝධාතු නො වෙයි. මනෝධාතුව මනස ද වූයේ ම මනෝධාතු ද වේ. මනෝධාතුව මනස ද යත් : එසේ යි.
ap-yam-4:422.1
Pali BJTමනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණධාතූති: ආමන්තා. මනො විඤ්ඤාණධාතු මනොවිඤ්ඤාණන්ති: ආමන්තා.
Sinhala BJTමනෝවිඥානය මනෝවිඥානධාතු ද යත් : එසේ යි. මනෝවිඥානධාතුව මනෝවිඥාන ද යත් : එසේ යි.
ap-yam-4:422.2
Pali BJTධම්මො ධම්මධාතූති: ධම්මධාතුං ඨපෙත්වා අවසෙසො ධම්මො ධම්මො,{1} න ධම්මධාතු. ධම්මධාතු ධම්මො චෙව ධම්මධාතු ච. ධම්මධාතු ධම්මොති: ආමන්තා. (අනුලොමං)
Sinhala BJTධර්‍මය ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතුව තබා අවශේෂ වූ ධර්‍මය ධර්‍ම යැ, ධර්‍මධාතු නො වෙයි. ධර්‍මධාතුව ධර්‍ම ද වූයේ ම ධර්‍මධාතු ද වේ. ධර්‍මධාතුව ධර්‍ම ද යත් : එසේ යි. (අනුලෝම යි)
ap-yam-4:422.3
Pali BJT2. න චක්ඛු න චක්ඛුධාතූති: ආමන්තා. න චක්ඛුධාතු න චක්ඛූ ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු න චක්ඛුධාතු, චක්ඛු. චක්ඛුඤ්ච චක්ඛුධාතුඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව චක්ඛු න ච චක්ඛුධාතු.
Sinhala BJT2. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. චක්‍ෂුර්ධාතු නො වූයේ චක්‍ෂුස නො වේ ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුර්ධාතු නො වෙයි, චක්‍ෂුස යි. චක්‍ෂුස ද චක්‍ෂුර්ධාතුව ද තබා අවශේෂය චක්‍ෂුස ද නො වූයේ ම චක්‍ෂුර්ධාතු ද නො වේ.
ap-yam-4:422.4
Pali BJTන සොතං න සොතධාතූති: ආමන්තා. න සොතධාතු න සොතන්ති: දිබ්බසොතං තණ්හාසොතං න සොතධාතු, සොතං. සොතඤ්ච සොතධාතුඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව සොතං න ච සොතධාතු.
Sinhala BJTශ්‍රෝත්‍ර නො වූයේ ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රධාතු නො වූයේ ශ්‍රෝත්‍ර නො වේ ද යත් : දිව්‍යශ්‍රෝත්‍රය තෘෂ්ණාශ්‍රෝත්‍රය ශ්‍රෝත්‍රධාතු නො වේ, ශ්‍රෝත්‍ර යි. ශ්‍රෝත්‍රය ද ශ්‍රෝත්‍රධාතුව ද තබා අවශේෂය ශ්‍රෝත්‍ර ද නො වූයේ ම ශ්‍රෝත්‍රධාතු ද නො වේ.
ap-yam-4:422.5
Pali BJTන ඝානං න ඝානධාතූති: ආමන්තා. න ඝානධාතු න ඝානන්ති: ආමන්තා. න ජිව්හා -පෙ-
Sinhala BJTඝ්‍රාණ නො වූයේ ඝ්‍රාණධාතු නො වේ ද යත්: එසේ යි. ඝ්‍රාණධාතු නො වූයේ ඝ්‍රාණ නො වේ ද යත්: එසේ යි. ජිහ්වා නො වූයේ ...
ap-yam-4:422.6
Pali BJT(සඞ්ඛිත්තං. උභතො ආමන්තා.)
Sinhala BJT(සංක්‍ෂිප්ත කරන ලදි. දෙතැන්හි ම ‘ආමන්තා’ යි යෙදිය යුතුයි.)
ap-yam-4:422.7
Pali BJTන කායො න කායධාතූති: ආමන්තා. න කායධාතු න කායොති: කායධාතු ඨපෙත්වා අවසෙසො කායො න කායධාතු, කායො. කායඤ්ච කායධාතුඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව කායො න ච කායධාතු.
Sinhala BJTකාය නො වූයේ කායධාතු නො වේ ද යත් : එසේ යි. කායධාතු නො වූයේ කාය නො වේ ද යත් : කායධාතුව තබා අවශේෂ කායය කායධාතු නො වෙයි, කාය යි. කාය ද කායධාතුව ද තබා අවශේෂය කාය ද නො වූයේ ම කායධාතු ද නො වේ.
ap-yam-4:422.8
Pali BJTන රූපං න රූපධාතූති: ආමන්තා. න රූපධාතු න රූපන්ති: රූපධාතුං ඨපෙත්වා අවසෙසං රූපං න රූපධාතු, රූපං. රූපඤ්ච රූපධාතුඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව රූපං න ච රූපධාතු.
Sinhala BJTරූප නො වූයේ රූපධාතු නො වේ ද යත් : එසේ යි. රූපධාතු නො වූයේ රූප නො වේ ද යත් : රූපධාතුව තබා අවශේෂ රූපය රූපධාතු නො වෙයි, රූප යි. රූපය ද රූපධාතුව ද තබා අවශේෂය රූප ද නො වූයේ ම රූපධාතු ද නො වේ.
ap-yam-4:422.9
Pali BJTන සද්දො -පෙ- න ගන්ධො න ගන්ධධාතූති: ආමන්තා. න ගන්ධධාතු න ගන්ධොති: සීලගන්ධො සමාධිගන්ධො පඤ්ඤාගන්ධො න ගන්ධධාතු, ගන්ධො. ගන්ධඤ්ච ගන්ධධාතුඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව ගන්ධො න ච ගන්ධධාතු.
Sinhala BJTශබ්ද නො වූයේ ... ගන්‍ධ නො වූයේ ගන්‍ධධාතු නො වේ ද යත් : එසේ යි. ගන්‍ධධාතු නො වූයේ ගන්‍ධ නො වේ ද යත් : ශීලගන්‍ධ සමාධිගන්‍ධ ප්‍රඥාගන්‍ධ ගන්‍ධධාතු නො වෙයි, ගන්‍ධ යි. ගන්‍ධය ද ගන්‍ධධාතුව ද තබා අවශේෂය ගන්‍ධ ද නො වූයේ ම ගන්‍ධධාතු ද නො වේ.
ap-yam-4:422.10
Pali BJTන රසො න රසධාතූති: ආමන්තා. න රසධාතු න රසොති: අත්ථරසො ධම්මරසො විමුත්තිරසො න රසධාතු, රසො. රසඤ්ච රසධාතුඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව රසො න ච රසධාතු.
Sinhala BJTරස නො වූයේ රසධාතු නො වේ ද යත් : එසේ යි. රසධාතු නො වූයේ රස නො වේ ද යත් : අර්‍ත්‍ථරස ධර්‍මරස විමුක්තිරස රසධාතු නො වෙයි, රස යි. රසය ද රසධාතුව ද තබා අවශේෂය රස ද නො වූයේ ම රසධාතු ද නො වේ.