Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1601-1700 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT450. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT450. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පස්විමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය ... එසේ යි.
Pali BJT451. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT451. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං -පෙ- ආමන්තා. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... එසේ යි. (ඝානායතනමූලක යි)
Pali BJT452. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT452. යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
Pali BJT453. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT453. යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැයි ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං -පෙ- ආමන්තා. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය ... එසේ යි. (රූපායතනමූලක යි)
Pali BJT454. යස්ස යත්ථ මනායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT454. යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති, තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT455. යස්ස චක්ඛායතනං උප්පජ්ජති තස්ස සොතායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT455. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං නිරුජ්ඣිත්ථ තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනඤ්ච නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ වී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලන්ට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට සෝතායතනය නිරුද්ධ වී ය, ඔවුනට චක්ඛායාතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT(යථා උප්පාදවාරෙ පච්චුප්පන්නා අතීතා පුච්ඡා විභත්තා, එවං උප්පාදනිරොධෙපි පච්චුප්පන්නා අතීතා පුච්ඡා අනුලොමම්පි පච්චනීකම්පි විභජිතබ්බා.) (අනුලොමපුග්ගල)
Sinhala BJT(යම්සේ උත්පාදචාරයෙහි ප්‍රත්‍යුත්පන්නාතීත පෘච්ඡාව බෙදන ලද්දී ද එසේ ම උත්පාදනිරෝධවාරයෙහි ද ප්‍රත්‍යුත්පන්න අතීතපෘච්ඡාව පිළිබඳ අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද බෙදිය යුතු යි.) (අනුලෝම පුද්ගල යි)
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතාවාර යි.
Pali BJT456. යස්ස චක්ඛායතනං උප්පජ්ජති තස්ස සොතායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT456. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT457. යස්ස චක්ඛායතනං උප්පජ්ජති තස්ස ඝානායතනං නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං රූපාවචරං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච උප්පජ්ජති, ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT457. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනා ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට චක්ඛායතනය ද උපදී, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන ඝානායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT458. යස්ස චක්ඛායතනං උප්පජ්ජති තස්ස රූපායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT458. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං -පෙ- සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ... ඇස් ඇති ව උපදනා ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT459. යස්ස චක්ඛායතනං උප්පජ්ජති තස්ස මනායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT459. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන මනායතනං නිරුජ්ඣිස්සති, තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං -පෙ- සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ... ඇස් ඇති ව උපදනා ඔවුනට මනායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT460. යස්ස චක්ඛායතනං උප්පජ්ජති තස්ස ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT460. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං -පෙ- සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ... ඇස් ඇති වූ උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී. (චක්ඛායතනමූලක යි)
Pali BJT461. යස්ස ඝානායතනං උප්පජ්ජති තස්ස රූපායතනං -පෙ- මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT461. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට රූපායතනය ... මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැතිව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය ද නො උපදී. නැහැ ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදී.
Pali BJT462. යස්ස රූපායතනං උප්පජ්ජති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT462. යමකුට රූපායතනය උපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස රූපායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අරූපකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං රූපායතනං උප්පජ්ජති. සරූපකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදී. රූ ඇති ව උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදී.
Pali BJT463. යස්ස මනායතනං උප්පජ්ජති තස්ස ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT463. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං -පෙ- සබ්බෙසං චවන්තානං අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං මනායතනං උප්පජ්ජති. සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, මනායතනඤ්ච උප්පජ්ජති. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය ... ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට මනායතනය නො ද උපදී. සිත් ඇති ව උපදනා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද උපදී. (අනුලෝම පුද්ගල යි)
Pali BJT464. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT464. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT465. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති තස්ස තත්ථ සොතායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT465. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනං නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට එහි සෝතායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT466. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සතීති: රූපාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති. සචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජති, ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT466. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: රූපාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය උපදී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. ඇස් ඇති ව කාමාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: කාමාවචරා චවන්තානං, අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති. චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී, ඇස් ඇති ව කාමාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT467. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT467. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වු ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT468. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT468. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ ය.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT469. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT469. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදිනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, චක්ඛායතනය ද උපදී. (චක්ඛායතනමූලක යි)
Pali BJT470. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT470. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජතීති: කාමාවචරා චවන්තානං අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං තෙසං තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජති. ඝානායතනං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදී.
Pali BJT471. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT471. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං -පෙ- කාමාවචරා චවන්තානං අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ මනායතනං -පෙ- සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය ... කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනායතනය ... නැහැ ඇති ව උපදනා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදී.
Pali BJT472. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT472. යමකුට යම් තැනෙක ඝානායතනය උපදි නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං -පෙ- සබ්බෙසං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය ... ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ... නැහැ ඇති ව උපදනා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි)
Pali BJT473. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනායතනං නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජති, මනායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT473. යමකුට යම් තැනෙක රූපායතනය උපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි රූපායතනය උපදී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි රූපායතනය ද උපදී, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං -පෙ- පඤ්චවොකාරා චවන්තානං අරූපානං තෙසං තත්ථ -පෙ- පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය ... පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ... පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ... පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදී.
Pali BJT474. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT474. යමකුට යම් තැනෙක රූපායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං -පෙ- සබ්බෙසං චවන්තානං අරූපකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජති. සරූපකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය ... ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදී. රූ ඇති ව උපදනා වූ ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද උපදී.
Pali BJT475. යස්ස යත්ථ මනායතනං උප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT475. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජති. සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, මනායතනඤ්ච උප්පජ්ජති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදී. සිත් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද උපදි. (අනුලෝම පුද්ගලාවකාශ යි)
Pali BJT476. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස සොතායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං සොතායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, සොතායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT476. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙනවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී. සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ ය.
Pali BJTයස්ස වා පන සොතායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT477. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං ඝානායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT477. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නූපදී, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: පච්ඡිමභවිකානං රූපාවචරං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නූපදී. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නූපදී.
Pali BJT478. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස රූපායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT478. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී. රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය ... එසේ යි.
Pali BJT479. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT479. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නූපදී. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං -පෙ- ආමන්තා. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය ... එසේ යි. (චක්ඛායතනමූලක යි)
Pali BJT480. යස්ස ඝානායතනං නූප්පජ්ජති තස්ස රූපායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT480. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නූපදී, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය ... එසේ යි.
Pali BJT481. යස්ස ඝානායතනං නූප්පජ්ජති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං ඝානායතනං නූප්පජ්ජති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT481. යමකුට ඝානායතනය නූපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ඝානායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං -පෙ- ආමන්තා. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය ... එසේ යි. (ඝානායතනමූලක යි)
Pali BJT482. යස්ස රූපායතනං නූප්පජ්ජති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං අරූපකානං උපපජ්ජන්තානං තෙසං රූපායතනං නූප්පජ්ජති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං රූපායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT482. යමකුට රූපායතනය නූපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට රූපායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය, පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය ද නූපදී. ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය ... එසේ යි.
Pali BJT483. යස්ස මනායතනං නූප්පජ්ජති තස්ස ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං මනායතනං නූප්පජ්ජති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං රූපායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT483. යමකුට මනායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට මනායතනය නූපදී, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට මනායතනය ද නූපදී. ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස මනායතනං නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
Pali BJT484. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT484. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT485. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, සොතායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT485. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, සෝතායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT486. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සතීති: කාමාවචරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති. කාමාවචරෙ පරිනිබ්බන්තානං රූපාවචරා චවන්තානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT486. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි ඝානායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: රූපාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. කාමාවචරෙ පරිනිබ්බන්තානං රූපාවචරා චවන්තානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: රූපාවචරයෙහි උපදනා වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. කාමාවචරයෙහි පිරිනිවෙන්නවුනට ද රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නූපදී.
Pali BJT487. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT487. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT488. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපප්ජන්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT488. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති, තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT489. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT489. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: ආමන්තා. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි)
Pali BJT490. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති: කාමාවචරා චවන්තානං, අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං, රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT490. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදී, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT491. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: කාමාවචරා චවන්තානං අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT491. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT492. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං, අඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT492. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදිනවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති: ආමන්තා. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
Pali BJT493. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරා චවන්තානං, අරූපානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT493. යමකුට යම් තැනෙක රූපායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදී, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපදී, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජතීති: අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජති. පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච නුප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදී ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදී. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නූපදී.
Pali BJT494. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං අරූපකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT494. යමකුට යම් තැනෙක රූපායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති වැ උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නූපදී. ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජතීති: ආමන්තා. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදී ද යත්: එසේ යි. (රූපායතනමූලක යි)
Pali BJT495. යස්ස යත්ථ මනායතනං නූප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං, අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT495. යමකුට යම් තැනෙක මනායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතනය නූපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නූපදී, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
Pali BJT496. යස්ස චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස සොතායතනං නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අරූපෙ පච්ඡිමභවිකානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං චක්ඛායතනං උප්පජ්ජිත්ථ. නො ච තෙසං සොතායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ, සොතායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT496. යමකුට චක්ඛායතනය උපන්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද උපන්නේ ය. සෝතායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි)
Pali BJT(යථා නිරොධවාරෙ අතීතානාගතා පුච්ඡා යස්සකම්පි යත්ථකම්පි අනුලොමම්පි පච්චනීකම්පි විභත්තං. එවං උප්පාදනිරොධෙපි අතීතානාගතා පුච්ඡා විභජිතබ්බා.)
Sinhala BJT(නිරෝධවාරයෙහි අතීතානාගතපුච්ඡා පිළිබඳ ‘යස්සක’ ය ද ‘යත්‍ථක’ ය ද ‘යස්ස යත්‍ථක’ ය ද අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද යම්සේ බෙදන ලදහු ද, එසේ උත්පාදනිරෝධයෙහි ද අතීතානාගතපුච්ඡාවෝ බෙදිය යුත්තාහ.)
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඋප්පාදනිරොධවාරො.
Sinhala BJTඋත්පාදනිරෝධවාර යි.
Pali BJTපවත්තිවාරො නිට්ඨිතො.
Sinhala BJTප්‍රවෘත්තිවාරය නිමි.