Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1201-1300 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣති තස්ස රූපායතනං න නිරුජ්ඣතීති: ආමන්තා. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (රූපායතනමූලක යි)
Pali BJT249. යස්ස මනායතනං න නිරුජ්ඣති තස්ස ධම්මායතනං න නිරුජ්ඣතීති: අචිත්තකානං චවන්තානං තෙසං මනායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT249. යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣති තස්ස මනායතනං න නිරුජ්ඣතීති: ආමන්තා. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT250. යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT250. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT251. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස තත්ථ සොතායතනං න නිරුජ්ඣතීති: -පෙ- යස්ස යත්ථකම්පි යස්සක සදිසං-පච්චනීකපුග්ගලොකාස)
Sinhala BJT251. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වේ ද යත්: (යස්ස යත්‍ථකයද යස්සකය හා සමාන යි. ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
Pali BJT252. යස්ස චක්ඛායතනං නිරුජ්ඣිත්ථ තස්ස සොතායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා. (උප්පාදවාරෙපි නිරොධවාරෙපි උප්පාදනිරොධවාරෙපි අතීතපුච්ඡා අනුලොමම්පි පච්චනීකම්පි සදිසං. අනුලොමපුග්ගල)
Sinhala BJT252. යමකුට චක්ඛායතනය නිරුද්ධ වී නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි. (උත්පාදවාරයෙහි ද නිරෝධවාරයෙහි ද උත්පාදනිරෝධවාරයෙහි ද අතීත පෘච්ඡා අනුලෝමය ද ප්‍රත්‍යනීකය ද සමාන යි. (අනුලෝමපුද්ගල යි))
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
Pali BJT253. යස්ස චක්ඛායතනං නිරුජ්ඣිස්සති තස්ස සොතායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT253. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJT254. යස්ස චක්ඛායතනං නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං රූපාවචරං උපපජ්ජන්තානං, යෙ ච රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං, තෙසං චක්ඛායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං චක්ඛායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT254. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJTයස්ස වා පන ඝානායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJT255. යස්ස චක්ඛායතනං නිරුජ්ඣිස්සති තස්ස රූපායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT255. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJT256. යස්ස චක්ඛායතනං නිරුජ්ඣිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT256. යමකුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං අරූපං උපපජ්ජන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣිස්සති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය. චක්ඛායතනය ද නිරුද්ධ වන්නේ යි. (චක්ඛායතන මූලක යි)
Pali BJT257. යස්ස ඝානායතනං නිරුජ්ඣිස්සාති තස්ස රූපායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT257. යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං රූපාවචරං උපපජ්ජන්තානං, යෙ ච රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං රූපායතනං නිරුජ්ඣිස්සති. නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද, යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ යි. සෙසු ඔවුනට රූපායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJT258. යස්ස ඝානායතනං නිරුජ්ඣිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT258. යමකුට ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං රූපාවචරං අරූපාවචරං උපපජ්ජන්තානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති. නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, ඝානායතනඤ්ච නිරුජ්ඣිස්සති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, ඝානායතනය ද නිරුද්ධ වන්නේ යි. (ඝානායතනමූලක යි)
Pali BJT259. යස්ස රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT259. යමකුට රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස රූපායතනං නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං අරූපානං උපපජ්ජන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිස්සති, නො ච තෙසං රූපායතනං නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJT260. යස්ස මනායතනං නිරුජ්ඣිස්සති තස්ස ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT260. යමකුට මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස මනායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි. (අනුලෝමපුද්ගල යි)
Pali BJT261. යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිස්සති -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT261. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT262. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සොතායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT262. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක … එසේ යි.
Pali BJT263. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සතීති: රූපාවචරානං -පෙ- කාමාවචරානං -පෙ-
Sinhala BJT263. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: රූපාවචරයනට ද ... කාමාවචරයනට ද ..
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... එසේ යි.
Pali BJT264. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT264. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං -පෙ- පඤ්චවොකාරානං -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද ... පඤ්චවෝකාරයනට ද ...
Pali BJT265. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT265. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- අරූපානං -පෙ- පඤ්චවොකාරානං -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... අරූපයනට ද ... පඤ්චවෝකාරයනට ද ...
Pali BJT266. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT266. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- අසඤ්ඤසත්තානං, අරූපානං -පෙ- පඤ්චවොකාරානං -පෙ- (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... අසංඥසත්‍වයනට ද අරූපයනට ද … පඤ්චවෝකාරයනට ද ... (චක්ඛායතනමූලක යි)
Pali BJT267. යස්ස යත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT267. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- රූපාවචරානං -පෙ- කාමාවචරානං -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... රූපාවචරයනට ද කාමාවචරයනට ද ...
Pali BJT268. යස්ස යත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT268. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- රූපාවචරානං, අරූපාවචරානං -පෙ- කාමාවචරානං -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... රූපාවචරයනට ද ... අරූපාවචරයනට ද … කාමාවචරයනට ද ...
Pali BJT269. යස්ස යත්ථ ඝානායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT269. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- රූපාවචරානං, අරූපාවචරානං -පෙ- කාමාවචරානං -පෙ- (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... රූපාවචරයනට ද ... අරූපාවචරයනට ද … කාමාවචරයනට ද ... (ඝානායතනමූලක යි)
Pali BJT270. යස්ස යත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං -පෙ- පඤ්චවොකාරානං -පෙ-
Sinhala BJT270. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද … පඤ්චවෝකාරයනට ද ...
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- අරූපානං -පෙ- පඤ්චවොකාරානං -පෙ-
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... අරූපයනට ද ... පඤ්චවෝකාරයනට ද ...
Pali BJT271. යස්ස යත්ථ රූපායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT271. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- අරූපානං -පෙ- පඤ්චවොකාරානං අසඤ්ඤසත්තානං -පෙ- (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ... අරූපයනට ද ... පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට ද ... (රූපායතනමූලක යි)
Pali BJT272. යස්ස යත්ථ මනායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT272. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං -පෙ- චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නිරුජ්ඣිස්සති, මනායතනඤ්ච නිරුජ්ඣිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද ... චතුවෝකාරයනට ද ... පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නිරුද්ධ වන්නේ ය, මනායතනය ද නිරුද්ධ වන්නේ යි.
Pali BJT(යථා උප්පාදවාරෙ යස්ස යත්ථකෙ අනාගතා පුච්ඡා විත්ථාරිතා, එවං නිරොධෙපි විත්ථාරෙතබ්බා-අනුලොම පුග්ගලොකාස)
Sinhala BJT(යම්සේ උත්පාදවාරයෙහි “යස්ස යත්‍ථකයෙහි” අනාගතපෘච්ඡාවෝ විස්තර කරන ලද්දාහු ද, නිරෝධවාරයෙහි දු එසේ ම විස්තර කටයුත්තාහ, අනුලෝමාවකාශ යි)
Pali BJT273. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣිස්සති තස්ස සොතායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT273. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJT274. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT274. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං රූපාවචරං උපපජ්ජන්තානං, යෙ ච රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං චක්ඛායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJT275. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣිස්සති තස්ස රූපායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT275. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායත්නය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJT276. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං අරූපං උපපජ්ජන්තානං, යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං චක්ඛායතනං න නිරුජ්ඣිස්සති. නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති, පරිනිබ්බන්තානං තෙසං චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිස්සති. ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT276. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි)
Pali BJT277. යස්ස ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස රූපායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං රූපාවචරං උපපජ්ජන්තානං යෙ ච රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අරූපෙ පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT277. යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJT278. යස්ස ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං රූපාවචරං අරූපාවචරං උපපජ්ජන්තානං, යෙ ච රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣිස්සති. නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති, පරිනිබ්බන්තානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT278. යමකුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් රූපාවචරයෙහි හා අරූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
Pali BJT279. යස්ස රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං අරූපං උපපජ්ජන්තානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං චවන්තානං තෙසං රූපායතනං න නිරුජ්ඣිස්සති. නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣිස්සති, පරිනිබ්බන්තානං තෙසං රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT279. යමකුට රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික ව අරූපයෙහි උපදනවුනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඒ ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට රූපායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස රූපායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (රූපායතනමූලක යි)
Pali BJT280. යස්ස මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT280. යමකුට මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස මනායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. (මනායතනමූලකං-පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි. ප්‍රත්‍යනීකපුද්ගල යි)
Pali BJT281. යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සති -පෙ- (පච්චනීක ඔකාස)
Sinhala BJT281. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
Pali BJT282. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT282. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJT283. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT283. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සතීති: රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJT284. යස්ස යත්ථ චක්ඛායතකං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT284. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට ද යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJT285. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිස්සති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT285. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJT286. යස්ස යත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT286. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ චක්ඛායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. (චක්ඛායතන මූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි)
Pali BJT287. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති. රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT287. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJT288. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT288. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය. මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJT289. යස්ස යත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT289. යමකුට යම් තැනෙක ඝානායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ඝානායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ඝානායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ඝානායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
Pali BJT290. යස්ස යත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: අරූපානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති, මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT290. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, මනායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති, රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, රූපායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJT291. යස්ස යත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සතීති: අරූපානං තෙසං තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සති, නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT291. යමකුට යම් තැනෙක රූපායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි රූපායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි.
Pali BJT292. යස්ස යත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ ධම්මායතනං නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච න නිරුජ්ඣිස්සති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT292. යමකුට යම් තැනෙක මනායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නිරුද්ධ නො වන්නේ ය, ධම්මායතනය ද නිරුද්ධ නො වන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ මනායතනං න නිරුජ්ඣිස්සතීති: ආමන්තා. (මනායතනමූලකං. පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නිරුද්ධ නො වන්නේ නම් ඔහුට එහි මනායතනය නිරුද්ධ නො වන්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි. ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT293. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස සොතායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT293. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං නිරුජ්ඣිත්ථ තස්ස චක්ඛායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අචක්ඛුකානං චවන්තානං තෙසං සොතායතනං නිරුජ්ඣිත්ථ. නො ච තෙසං චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං චවන්තානං තෙසං සොතායතනඤ්ච නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ වී නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට සෝතායතනය නිරුද්ධ වී ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
Pali BJT294. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස ඝානායතනං -පෙ- රූපායතනං -පෙ- මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT294. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය ... රූපායතනය ... මනායතනය ... ධම්මායතනය ... නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිත්ථ තස්ස චක්ඛායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අචක්ඛුකානං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං චක්ඛායතනං නිරුජ්ඣති, සචක්ඛුකානං චවන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිත්ථ, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා සියල්ලනට ද ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වී ය. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, චක්ඛායතන ද නිරුද්ධ වේ.
Pali BJT295. යස්ස ඝානායතනං නිරුජ්ඣති තස්ස රූපායතනං -පෙ- මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT295. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය ... මනායතනය ... ධම්මායතනය ... නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිත්ථ තස්ස ඝානායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අඝානකානං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිත්ථ. නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣති, සඝානකානං චවන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිත්ථ. ඝානායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වී ය. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, ඝානායතනය ද නිරුද්ධ වේ.
Pali BJT296. යස්ස රූපායතනං නිරුජ්ඣති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නිරුජ්ඣිත්ථ: ආමන්තා.
Sinhala BJT296. යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිත්ථ තස්ස රූපායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං අරූපකානං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං රූපායතනං නිරුජ්ඣති. සරූපකානං චවන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිත්ථ, රූපායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වී ය. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, රූපායතනය ද නිරුද්ධ වේ.
Pali BJT297. යස්ස මනායතනං නිරුජ්ඣති තස්ස ධම්මායතනං නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT297. යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වී ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣිත්ථ තස්ස මනායතනං නිරුජ්ඣතීති: සබ්බෙසං උපපජ්ජන්තානං, අචිත්තකානං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣිත්ථ, නො ච තෙසං මනායතනං නිරුජ්ඣති. සචිත්තකානං චවන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣිත්ථ, මනායතනඤ්ච නිරුජ්ඣති. (අනුලොමපුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වී නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: උපදනා වූ සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ධම්මායතනය නිරුද්ධ වි ය, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ වෙයි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වී ය, මනායතනය ද නිරුද්ධ වේ. (අනුලෝම පුද්ගල යි)
Pali BJT298. යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT298. යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
Pali BJT299. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති තස්ස තත්ථ සොතායතනං නිරුජ්ඣිත්ථාති: සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නිරුජ්ඣති. නො ච තෙසං තත්ථ සොතායතනං නිරුජ්ඣිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං චවන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, සොතායතනඤ්ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT299. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වී ද යත්: ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය නිරුද්ධ වෙයි. ඔවුනට එහි සෝතායතනය නො ද නිරුද්ධ වී ය. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, සෝතායතනය ද නිරුද්ධ වී ය.