Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1101-1200 න් 7973

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-yam-3:252.7
Pali BJT199. යස්ස රූපායතනං උප්පජ්ජිත්ථ තස්ස මනායතනං -පෙ- ධම්මායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං තෙසං රූපායතනං උප්පජ්ජිත්ථ. නො ච තෙසං ධම්මායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT199. යමකුට රූපායතනය උපන්නේ නම් ඔහුට මනායතනය … ධම්මායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වූ ඔවුනට රූපායතනය උපන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට රූපායතනය ද උපන්නේ ය, ධම්මායතනය ද උපදින්නේ යි.
ap-yam-3:252.8
Pali BJTයස්ස වා පන -පෙ- උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට ... උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:252.9
Pali BJT200. යස්ස මනායතනං උප්පජ්ජිත්ථ තස්ස ධම්මායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං තෙසං මනායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ධම්මායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං මනායතනඤ්ච උප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT200. යමකුට මනායතනය උපන්නේ නම් ඔහුට ධම්මායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වූ ඔවුනට මනායතනය උපන්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද උපදින්නේ ය. සෙසු ඔවුනට මනායතනය ද උපදින්නේ ය, ධම්මායතනය ද උපදින්නේ යි.
ap-yam-3:252.10
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස මනායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපදින්නේ නම් ඔහුට මනායතනය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි)
ap-yam-3:252.11
Pali BJT201. යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ -පෙ- (අනුලොමඔකාස)
Sinhala BJT201. යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි)
ap-yam-3:254.1
Pali BJT202. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොතායතනං උප්පජ්ජිස්සතීති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ සොතායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ, සොතායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT202. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි සෝතායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට එහි සෝතායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපන්නේ ය, සෝතායතනය ද උපන්නේ ය.
ap-yam-3:254.2
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:254.3
Pali BJT203. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සතීති: කාමාවචරෙ පච්ඡිමභවිකානං, රූපාවචරානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිස්සතීති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ, ඝානායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT203. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපදින්නේ යි.
ap-yam-3:254.4
Pali BJTයස්ස වා පන යත්ථ -පෙ- උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක … උපන්නේ ද යත්: එසේ යි.
ap-yam-3:254.5
Pali BJT204. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිස්සතීති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT204. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
ap-yam-3:254.6
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං උප්පජ්ජිස්සති, තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි.
ap-yam-3:254.7
Pali BJT205. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිස්සතීති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ, මනායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT205. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපන්නේ ය, මනායතනය ද උපදින්නේ යි.
ap-yam-3:254.8
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාරවූ ඔවුනට එහි මනායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි.
ap-yam-3:256.1
Pali BJT206. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සතීති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT206. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛායතනය උපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදින්නේ ය, ධම්මායතනය ද උපදින්නේ ය.
ap-yam-3:256.2
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච උප්පජ්ජිත්ථ. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, චක්ඛායතනය ද උපන්නේ යි. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:256.3
Pali BJT207. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිස්සතීති: කාමාවචරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානායතනඤ්ච උප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT207. යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානායතනය උපන්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපදින්නේ යි.
ap-yam-3:256.4
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථාති: රූපාවචරානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි රූපායතනය උපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි රූපායතනය ද උපදින්නේ යි, ඝානායතනය ද උපදින්නේ යි.
ap-yam-3:256.5
Pali BJT208. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං -පෙ- ධම්මායතනං උප්පජ්ජිස්සතීති: කාමාවචරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං කාමාවචරානං තෙසං තත්ථ ඝානායතනඤ්ච උප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT208. යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය … ධම්මායතනය උපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානායතනය උපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද උපදින්නේ ය. කාමාවචර වූ සෙසු ඔවුනට එහි ඝානායතනය ද උපදින්නේ ය. ධම්මායතනය ද උපදින්නේ යි.
ap-yam-3:256.6
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථාති: රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ. කාමාවචරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච උප්පජ්ජිත්ථ. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය. කාමාවචර වූ ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, ඝානායතනය ද උපන්නේ යි. (ඝානායතනමූලක යි)
ap-yam-3:258.1
Pali BJT209. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිස්සතීති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ, මනායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT209. යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය උපන්නේ ය. ඔවුනට එහි මනායතනය නො ද උපදින්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, මනායතනය ද උපදින්නේ යි.
ap-yam-3:258.2
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජිස්සති, රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි මනායතනය උපදින්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි මනායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපන්නේ යි.
ap-yam-3:258.3
Pali BJT210. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සතීති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT210. යම්කුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි රූපායතනය උපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද උපදින්නේ ය. සෙසු පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, ධම්මායතනය ද උපදින්නේ යි.
ap-yam-3:258.4
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති, රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාරයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, රූපායතනය ද උපන්නේ යි. (රූපායතනමූලක යි)
ap-yam-3:258.5
Pali BJT211. යස්ස යත්ථ මනායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරානං, පඤ්චවොකාරානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති.
Sinhala BJT211. යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය උපදින්නේ ද යත්: පශ්චිමභවික වූ ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද උපන්නේ ය, සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැයි ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, ධම්මායතනය ද උපදින්නේ යි.
ap-yam-3:258.6
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ. චතුවොකාරානං, පඤ්චවොකාරානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිස්සති, මනායතනඤ්ච උප්පජ්ජිත්ථ. (මනායතනමූලකං. අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපදින්නේ නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි ධම්මායතනය උපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපන්නේ ය. චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද උපදින්නේ ය, මනායතනය ද උපන්නේ යි. (මනායතනමූලක යි අනුලෝම පුද්ගලාවකාශ යි)
ap-yam-3:260.1
Pali BJT212. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස සොතායතනං නූප්පජ්ජිස්සතීති: නත්ථි.
Sinhala BJT212. යමකුට චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට සෝතායතනය නූපදින්නේ ද යත්: නැති.
ap-yam-3:260.2
Pali BJTයස්ස වා පන සොතායතනං නූප්පජ්ජිස්සති තස්ස චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: උපන්නේ යි.
ap-yam-3:260.3
Pali BJT213. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස ඝානායතනං -පෙ- රූපායතනං - මනායතනං - ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: නත්ථි.
Sinhala BJT213. යමකුට චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට ඝානායතනය ... රූපායතනය - මනායතනය - ධම්මායතනය නූපදින්නේ ද යත්: නැති.
ap-yam-3:260.4
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපන්නේ ද යත්: උපන්නේ යි.
ap-yam-3:260.5
Pali BJT214. යස්ස ඝානායතනං -පෙ- මනායතනං නූප්පජ්ජිත්ථ තස්ස ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: නත්ථි.
Sinhala BJT214. යමකුට ඝානායතනය … මනායතනය නූපන්නේ නම් ඔහුට ධම්මායතනය නූපදින්නේ ද යත්: නැති.
ap-yam-3:260.6
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස මනායතනං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය නූපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
ap-yam-3:260.7
Pali BJT215. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ -පෙ- (පච්චනීකඔකාස)
Sinhala BJT215. යම් තැනෙක චක්ඛායතනය නො උපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි)
ap-yam-3:260.8
Pali BJT216. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ සොතායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT216. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි සෝතායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:260.9
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ සොතායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ සොතායතනඤ්ච නූප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නූපදින්නේ නම් ඔහුට එභි චක්ඛායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි සෝතායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපන්නේ යි.
ap-yam-3:260.10
Pali BJT217. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT217. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
ap-yam-3:260.11
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: කාමාවචරෙ පච්ඡිමභවිකානං, රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං, අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවිකයනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපන්නේ යි.
ap-yam-3:262.1
Pali BJT218. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති. සුද්ධාවාසානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT218. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:262.2
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අරූපානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ,
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපන්නේ යි.
ap-yam-3:262.3
Pali BJT219. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං මනායතනං නූප්පජ්ජිස්සති. සුද්ධාවාසානං, අරූපෙ පච්ඡිමභවිකානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ, මනායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT219. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:262.4
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං අරූපෙ පච්ඡිමභවිකානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපන්නේ යි.
ap-yam-3:262.5
Pali BJT220. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති. සුද්ධාවාසානං අරූපෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT220. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:262.6
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං, අරූපෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජිත්ථ. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය, චක්ඛායතන ද නූපන්නේ යි (චක්ඛායතනමූලක යි)
ap-yam-3:264.1
Pali BJT221. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සතීති: රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති. රූපාවචරෙ පච්ඡිමභවිකානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT221. යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය. රූපායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:264.2
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථාති: කාමාවචරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ, රූපාවචරෙ පච්ඡිමභවිකානං අරූපානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙහි පශ්විමභවිකවූ ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නූපන්නේ ය. රූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නූපන්නේ යි.
ap-yam-3:264.3
Pali BJT222. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිස්සතීති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිස්සති. රූපාවචරෙ, අරූපාවචරෙ පච්ඡිමභවිකානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ, මනායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT222. යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:264.4
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථාති: කාමාවචරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ. රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නූපන්නේ ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නූපන්නේ යි.
ap-yam-3:264.5
Pali BJT223. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති. රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT223. යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:264.6
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථාති: කාමාවචරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ. රූපාවචරෙ අරූපාවචරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති, ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද නූපන්නේ ය. රූපාවචරයෙහි අරූපාවචරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය, ඝානායතනය ද නූපන්නේ යි. (ඝානායතනමූලක යි)
ap-yam-3:266.1
Pali BJT224. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිස්සති. සුද්ධාවාසානං අරූපෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ, මනායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT224. යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපන්නේ ය, මනායතනය ද නූපන්නේ යි.
ap-yam-3:266.2
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං, අරූපෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජිස්සති, රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපන්නේ යි.
ap-yam-3:266.3
Pali BJT225. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති. සුද්ධාවාසානං, අරූපෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT225. යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:266.4
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං, අරූපෙ පච්ඡිමභවිකානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති, රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පශ්චිමභවික වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයෙහි පශ්චිමභවිකයනට දැ යි ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය, රූපායතනයද නූපන්නේ යි. (රූපායතනමූලක යි)
ap-yam-3:266.5
Pali BJT226. යස්ස යත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති. සුද්ධාවාසානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ, ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT226. යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නූපන්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි මනායතනය ද නූපන්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
ap-yam-3:266.6
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථාති: පච්ඡිමභවිකානං තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති, මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ. (මනායතනමූලකං. පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: පශ්චිමභවික වූ ඔවුනට එහි ධම්මායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාස වූ ඔවුනට එහි ධම්මායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නූපන්නේ යි. (මනායතනමූලක යි. ප්‍රත්‍යනීකපුද්ගලාවකාශ යි)
ap-yam-3:266.7
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගතවාර යි.
ap-yam-3:266.8
Pali BJTඋප්පාදවාරො නිට්ඨිතො.
Sinhala BJTඋත්පාදවාර නිමි.
ap-yam-3:268.1
Pali BJT4. පවත්ති නිරොධවාරො
Sinhala BJT4. ප්‍රවෘත්ති නිරෝධවාරය
ap-yam-3:268.2
Pali BJT227. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස සොතායතනං නිරුජ්ඣතීති: සචක්ඛුකානං අසොතකානං චවන්තානං තෙසං චක්ඛායතනං නිරුජ්ඣති, නො ච තෙසං සොතායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං සසොතකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, සොතායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJT227. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ වේ ද යත්: ඇස් ඇති ව කන් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි. ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව කන් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි, සෝතායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:268.3
Pali BJTයස්ස වා පන සොතායතනං නිරුජ්ඣති තස්ස චක්ඛායතනං නිරුජ්ඣතීති: සසොතකානං අචක්ඛුකානං චවන්තානං තෙසං සොතායතනං නිරුජ්ඣති, නො ච තෙසං චක්ඛායතනං නිරුජ්ඣති. සසොතකානං සචක්ඛුකානං චවන්තානං තෙසං සොතායතනඤ්ච නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: කන් ඇති ව ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට සෝතායතනය නිරුද්ධ වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. කන් ඇති ව ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට සෝතායතනය ද නිරුද්ධ වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:268.4
Pali BJT228. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස ඝානායතනං නිරුජ්ඣතීති: සචක්ඛුකානං අඝානකානං චවන්තානං තෙසං චක්ඛායතනං නිරුජ්ඣති. නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං සඝානකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච නිරුජ්ඣති, ඝානායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJT228. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: ඇස් ඇති ව නැහැ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වේ. ඇස් ඇති ව නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ වෙයි. ඝානායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:268.5
Pali BJTයස්ස වා පන ඝානායතනං නිරුජ්ඣති තස්ස චක්ඛායතනං නිරුජ්ඣතීති: සඝානකානං අචක්ඛුකානං චවන්තානං තෙසං ඝානායතනං නිරුජ්ඣති, නො ච තෙසං චක්ඛායතනං නිරුජ්ඣති. සඝානකානං සචක්ඛුකානං චවන්තානං තෙසං ඝානායතනඤ්ච නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: නැහැ ඇති ව ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය ද නිරුද්ධ වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:268.6
Pali BJT229. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස රූපායතනං නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT229. යමකුට චක්ඛායතනය ද නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:268.7
Pali BJTයස්ස වා පන රූපායතනං නිරුජ්ඣති තස්ස චක්ඛායතනං නිරුජ්ඣතීති: සරූපකානං අචක්ඛුකානං චවන්තානං තෙසං රූපායතනං නිරුජ්ඣති, නො ච තෙසං චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං චවන්තානං තෙසං රූපායතනඤ්ච නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: රූ ඇති ව ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතතනය ද නිරුද්ධ වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:270.1
Pali BJT230. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස මනායතනං නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT230. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:270.2
Pali BJTයස්ස වා පන මනායතනං නිරුජ්ඣති තස්ස චක්ඛායතනං නිරුජ්ඣතීති: සචිත්තකානං අචක්ඛුකානං චවන්තානං තෙසං මනායතනං නිරුජ්ඣති, නො ච තෙසං චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං චවන්තානං තෙසං මනායතනඤ්ච නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: සිත් ඇති ව ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය ද නිරුද්ධ වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:270.3
Pali BJT231. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස ධම්මායතනං නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT231. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:270.4
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣති තස්ස චක්ඛායතනං නිරුජ්ඣතීති: අචක්ඛුකානං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣති, නො ච තෙසං චක්ඛායතනං නිරුජ්ඣති. සචක්ඛුකානං චවන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච නිරුජ්ඣති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ වේ ද යත්: ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ වෙයි. ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ වෙයි. ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ වේ. (චක්ඛායතනමූලක යි)
ap-yam-3:270.5
Pali BJT232. යස්ස ඝානායතනං නිරුජ්ඣති තස්ස රූපායතනං නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT232. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:270.6
Pali BJTයස්ස වා පන රූපායනං නිරුජ්ඣති තස්ස ඝානායතනං නිරුජ්ඣතීති: සරූපකානං අඝානකානං චවන්තානං තෙසං රූපායතනං නිරුජ්ඣති, නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣති. සඝානකානං චවන්තානං තෙසං රූපායතනඤ්ච නිරුජ්ඣති, ඝානායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: රූ ඇති ව නැහැ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ වෙයි. ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:270.7
Pali BJT233. යස්ස ඝානායතනං නිරුජ්ඣති තස්ස මනායතනං නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT233. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:270.8
Pali BJTයස්ස වා පන මනායතනං නිරුජ්ඣති තස්ස ඝානායතනං නිරුජ්ඣතීති: සචිත්තකානං අඝානකානං චවන්තානං තෙසං මනායතනං නිරුජ්ඣති, නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣති. සඝානකානං චවන්තානං තෙසං මනායතනඤ්ච නිරුජ්ඣති, ඝානායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: සිත් ඇති ව නැහැ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:270.9
Pali BJT234. යස්ස ඝානායතනං නිරුජ්ඣති තස්ස ධම්මායතනං නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT234. යමකුට ඝානායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:270.10
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣති තස්ස ඝානායතනං නිරුජ්ඣතීති: අඝානකානං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣති, නො ච තෙසං ඝානායතනං නිරුජ්ඣති. සඝානකානං චවන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣති, ඝානායතනඤ්ච නිරුජ්ඣති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ වේ ද යත්: නැහැ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ වෙයි, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ වෙයි. නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වෙයි, ඝානායතනය ද නිරුද්ධ වේ. (ඝානායතනමූලක යි)
ap-yam-3:272.1
Pali BJT235. යස්ස රූපායතනං නිරුජ්ඣති තස්ස මනායතනං නිරුජ්ඣතීති: සරූපකානං{1} අචිත්තකානං චවන්තානං තෙසං රූපායතනං නිරුජ්ඣති, නො ච තෙසං මනායතනං නිරුජ්ඣති. සරූපකානං සචිත්තකානං චවන්තානං තෙසං රූපායතනඤ්ච නිරුජ්ඣති, මනායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJT235. යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: රූ ඇති ව සිත් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ වෙයි, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:272.2
Pali BJTයස්ස වා පන මනායතනං නිරුජ්ඣති තස්ස රූපායතනං නිරුජ්ඣතීති: අරූපකානං චවන්තානං තෙසං මනායතනං නිරුජ්ඣති, නො ච තෙසං රූපායතනං නිරුජ්ඣති. සරූපකානං සචිත්තකානං චවන්තානං තෙසං මනායතනඤ්ච නිරුජ්ඣති, රූපායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: රූ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:272.3
Pali BJT236. යස්ස රූපායතනං නිරුජ්ඣති තස්ස ධම්මායතනං නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT236. යමකුට රූපායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:272.4
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣති තස්ස රූපායතනං නිරුජ්ඣතීති: අරූපකානං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣති, නො ච තෙසං රූපායතනං නිරුජ්ඣති. සරූපකානං චවන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣති, රූපායතනඤ්ච නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ වේ ද යත්: රූ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ වෙයි. රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වෙයි, රූපායතනය ද නිරුද්ධ වේ.
ap-yam-3:272.5
Pali BJT237. යස්ස මනායතනං නිරුජ්ඣති තස්ස ධම්මායතනං නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJT237. යමකුට මනායතනය නිරුද්ධ වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: එසේ යි.
ap-yam-3:272.6
Pali BJTයස්ස වා පන ධම්මායතනං නිරුජ්ඣති තස්ස මනායතනං නිරුජ්ඣතීති: අචිත්තකානං චවන්තානං තෙසං ධම්මායතනං නිරුජ්ඣති, නො ච තෙසං මනායතනං නිරුජ්ඣති. සචිත්තකානං චවන්තානං තෙසං ධම්මායතනඤ්ච නිරුජ්ඣති, මනායතනඤ්ච නිරුජ්ඣති. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ වේ ද යත්: සිත් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය නිරුද්ධ වෙයි, ඔවුනට මනායතනය නො ද නිරුද්ධ වෙයි. සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ධම්මායතනය ද නිරුද්ධ වෙයි, මනායතනය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
ap-yam-3:272.7
Pali BJTයත්ථ චක්ඛායතනං නිරුජ්ඣති -පෙ- (උප්පාදෙපි නිරොධෙපි උප්පාදනිරොධෙපි යත්ථකං සබ්බත්ථ සදිසං. අනුලොම ඔකාස.)
Sinhala BJTයම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ... (උත්පාදයෙහි ද නිරෝධයෙහි ද උත්පාදනිරෝධයෙහි දැ යි සැම තන්හි යත්‍ථකය සමාන යි. අනුලෝමාවකාශ යි)
ap-yam-3:272.8
Pali BJT238. යස්ස යත්ථ චක්ඛායතනං නිරුජ්ඣති තස්ස තත්ථ සොතායතනං නිරුජ්ඣතීති: -පෙ- ඝානායතනං - රූපායතනං - මනායතනං - ධම්මායතනං නිරුජ්ඣතීති: (යස්ස යත්ථකම්පි සදිසං විත්ථාරෙතබ්බං. අනුලොම පුග්ගලොකාස)
Sinhala BJT238. යමකුට යම් තැනෙක චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට එහි සෝතායතනය නිරුද්ධ වේ ද යත්: ඝානායතනය - රූපායතනය - මනායතනය - ධම්මායතනය නිරුද්ධ වේ ද යත්: ... (යස්ස යත්‍ථකය ද සමාන යි. විස්තර කළ යුතු යි. අනුලෝම පුද්ගලාවකාශ යි)
ap-yam-3:274.1
Pali BJT239. යස්ස චක්ඛායතනං නිරුජ්ඣති තස්ස සොතායතනං න නිරුජ්ඣතීති: අචක්ඛුකානං සසොතකානං චවන්තානං තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං සොතායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං, අචක්ඛුකානං අසොතකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, සොතායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT239. යමකුට චක්ඛායතනය නිරුද්ධ වේ නම් ඔහුට සෝතායතනය නිරුද්ධ නො වේ ද යත්: ඇස් නැති ව කන් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට සෝතායතනය නො ද නිරුද්ධ නො වේ. උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව කන් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, සෝතායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:274.2
Pali BJTයස්ස වා පන සොතායතනං න නිරුජ්ඣති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣතීති: අසොතකානං සචක්ඛුකානං චවන්තානං තෙසං සොතායතනං න නිරුජ්ඣති, නො ච තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං, අසොතකානං අචක්ඛුකානං චවන්තානං තෙසං සොතායතනඤ්ච න නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: කන් නැති ව ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට සෝතායතනය නිරුද්ධ නො වේ, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා සියල්ලනට ද කන් නැති ව ඇස් නැති ව ච්‍යුත වන්නවුනට ද යි ඔවුනට සෝතායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:274.3
Pali BJT240. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස ඝානායතනං න නිරුජ්ඣතීති: අචක්ඛුකානං සඝානකානං චවන්තානං තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ඝානායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං, අචක්ඛුකානං අඝානකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, ඝානායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT240. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: ඇස් නැති ව නැහැ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වේ, ඔවුනට ඝානායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද ඇස් නැති ව නැහැ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ඝානායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:274.4
Pali BJTයස්ස වා පන ඝානායතනං න නිරුජ්ඣති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣතීති: අඝානකානං සචක්ඛුකානං චවන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣති, නො ච තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං අඝානකානං අචක්ඛුකානං චවන්තානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣති, චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ නැති ව ඇස් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට චක්ඛායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද නැහැ නැති ව ඇස් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, චක්ඛායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:274.5
Pali BJT241. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස රූපායතනං න නිරුජ්ඣතීති: අචක්ඛුකානං චවන්තානං තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං, අරූපකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, රූපායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT241. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: ඇස් නැති ව රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වේ. උපදනා වූ සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:274.6
Pali BJTයස්ස වා පන රූපායතනං න නිරුජ්ඣති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ ය.
ap-yam-3:276.1
Pali BJT242. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස මනායතනං න නිරුජ්ඣතීති: අචක්ඛුකානං සචිත්තකානං චවන්තානං තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං මනායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං, අචිත්තකානං චවන්තානං තෙසං චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, මනායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT242. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: ඇස් නැති ව සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:276.2
Pali BJTයස්ස වා පන මනායතනං න නිරුජ්ඣති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
ap-yam-3:276.3
Pali BJT243. යස්ස චක්ඛායතනං න නිරුජ්ඣති තස්ස ධම්මායතනං න නිරුජ්ඣතීති: අචක්ඛුකානං චවන්තානං තෙසං චක්ඛායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං තෙසං චක්ඛායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT243. යමකුට චක්ඛායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: ඇස් නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට චක්ඛායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා සියලු ඔවුනට චක්ඛායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:276.4
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣති තස්ස චක්ඛායතනං න නිරුජ්ඣතීති: ආමන්තා. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට චක්ඛායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (චක්ඛායතන මූලක යි)
ap-yam-3:276.5
Pali BJT244. යස්ස ඝානායතනං න නිරුජ්ඣති තස්ස රූපායතනං න නිරුජ්ඣතීති: අඝානකානං සරූපකානං චවන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං, අරූපකානං චවන්තානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣති, රූපායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT244. යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ නැති ව රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වේ. උපදනා සියල්ලනට ද රූ නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:276.6
Pali BJTයස්ස වා පන රූපායතනං න නිරුජ්ඣති තස්ස ඝානායතනං න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
ap-yam-3:276.7
Pali BJT245. යස්ස ඝානායතනං න නිරුජ්ඣති තස්ස මනායතනං න නිරුජ්ඣතීති: අඝානකානං සචිත්තකානං චවන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣති, නො ච තෙසං මනායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං අචිත්තකානං චවන්තානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣති, මනායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT245. යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ නැති ව සිත් ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියල්ලනට ද සිත් නැති ව ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:276.8
Pali BJTයස්ස වා පන මනායතනං න නිරුජ්ඣති තස්ස ඝානායතනං න නිරුජ්ඣතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.
ap-yam-3:278.1
Pali BJT246. යස්ස ඝානායතනං න නිරුජ්ඣති තස්ස ධම්මායතනං න නිරුජ්ඣතීති: අඝානකානං චවන්තානං තෙසං ඝානායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං තෙසං ඝානායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT246. යමකුට ඝානායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: නැහැ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ඝානායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට ඝානායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:278.2
Pali BJTයස්ස වා පන ධම්මායතනං න නිරුජ්ඣති තස්ස ඝානායතනං න නිරුජ්ඣතීති: ආමන්තා. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ඝානායතනය නිරුද්ධ නො වේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි.)
ap-yam-3:278.3
Pali BJT247. යස්ස රූපායතනං න නිරුජ්ඣති තස්ස මනායතනං න නිරුජ්ඣතීති: අරූපකානං චවන්තානං තෙසං රූපායතනං න නිරුජ්ඣති, නො ච තෙසං මනායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච න නිරුජ්ඣති, මනායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT247. යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට මනායතනය නිරුද්ධ නො වේ ද යත්: රූ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට මනායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, මනායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:278.4
Pali BJTයස්ස වා පන මනායතනං න නිරුජ්ඣති තස්ස රූපායතනං න නිරුජ්ඣතීති: අචිත්තකානං සරූපකානං{1} චවන්තානං තෙසං මනායතනං න නිරුජ්ඣති, නො ච තෙසං රූපායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං තෙසං මනායතනඤ්ච න නිරුජ්ඣති. රූපායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJTතවද යමකුට මනායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට රූපායතනය නිරුද්ධ නො වේ ද යත්: සිත් නැති ව රූ ඇති ව ච්‍යුත වන්නා වූ ඔවුනට මනායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට රූපායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට මනායතනය ද නිරුද්ධ නො වෙයි, රූපායතනය ද නිරුද්ධ නො වේ.
ap-yam-3:278.5
Pali BJT248. යස්ස රූපායතනං න නිරුජ්ඣති තස්ස ධම්මායතනං න නිරුජ්ඣතීති: අරූපකානං චවන්තානං තෙසං රූපායතනං න නිරුජ්ඣති, නො ච තෙසං ධම්මායතනං න නිරුජ්ඣති. සබ්බෙසං උපපජ්ජන්තානං තෙසං රූපායතනඤ්ච න නිරුජ්ඣති, ධම්මායතනඤ්ච න නිරුජ්ඣති.
Sinhala BJT248. යමකුට රූපායතනය නිරුද්ධ නො වේ නම් ඔහුට ධම්මායතනය නිරුද්ධ නො වේ ද යත්: රූ නැති ව ච්‍යුත වන්නා වූ ඔවුනට රූපායතනය නිරුද්ධ නො වෙයි. ඔවුනට ධම්මායතනය නො ද නිරුද්ධ නො වෙයි. උපදනා වූ සියලු ඔවුනට රූපායතනය ද නිරුද්ධ නො වෙයි, ධම්මායතනය ද නිරුද්ධ නො වේ.