Yamaka

Pairs

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 901-1000 න් 7973

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT99. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස ඝානායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT99. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ඝානායතනං නූප්පජ්ජිස්සති, තස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: යෙ රූපාවචරං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සති තෙසං ඝානායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං චක්ඛායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං, යෙ ච අරූපං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදින්නේ ය.
Pali BJT100. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සති, තස්ස රූපායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT100. යමකුට චක්ඛායතනය, නූපදින්නේ නම් ඔහුට රූපායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT101. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: යෙ අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං ධම්මායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT101. යමකුට චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවික වූ ඔවුනට චක්ඛායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (චක්ඛායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි.)
Pali BJT102. යස්ස ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස රූපායතනං නූප්පජ්ජිස්සතීති: යෙ රූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානායතනං නූප්පජ්ජිස්සති නො ච තෙසං රූපායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං යෙ ච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති, රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT102. යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට රූපායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට රූපායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවිකයනට ද යම් ද කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද ඝානායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස ඝානායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට රූපායතනය නූපදින්නේ නම් ඔහුට ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT103. යස්ස ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: යෙ රූපාවචරං අරූපාවචරං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං ඝානායතනං නූප්පජ්ජිස්සති. නො ච තෙසං ධම්මායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති. ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT103. යමකුට ඝානායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් රූපාවචරයෙහි ද අරූපාවචරයෙහි ද ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට ධම්මායතනය නො ද නූපදින්නේ ය, පශ්චිමභවික වූ ඔවුනට ඝානායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස ඝානායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (ඝානායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි.)
Pali BJT104. යස්ස රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: යෙ අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති තෙසං රූපායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං ධම්මායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT104. යමකුට රූපායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය ... ධම්මායතනය නූපදින්නේ ද යත්: යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට රූපායතනය නූපදින්නේ ය. ඔවුනට ධම්මායතනය නො ද නූපදින්නේ ය, පශ්චිමභවික වූ ඔවුනට රූපායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස රූපායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (රූපායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට රූපායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (රූපායතනමූලක යි.)
Pali BJT105. යස්ස මනායතනං නූප්පජ්ජිස්සති තස්ස ධම්මායතනං නූප්පජ්ජිස්සති: ආමන්තා.
Sinhala BJT105. යමකුට මනායතනය නූපදින්නේ නම් ඔහුට ධම්මායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස මනායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (මනායතනමූලකං-පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට මනායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි - ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT106. යස්ස චක්ඛායතනං නූප්පජ්ජිස්සති -පෙ- (පච්චනීකඔකාස.)
Sinhala BJT106. යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යානීකාවකාශ යි.)
Pali BJT107. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ සොතායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT107. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි සෝතායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT108. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJT108. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං, අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති, චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, චක්ඛායතනය ද නූපදින්නේ යි.
Pali BJT109. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT109. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT110. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති. මනායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT110. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT111. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT111. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදින්නේ ය. ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය, පශ්චිමභවික වූ ඔවුනට එහි චක්ඛායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (චක්ඛායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (චක්ඛායතනමූලක යි.)
Pali BJT112. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සතීති: රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති. පඤ්චවොකාරෙ පච්ඡිමභවිකානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති. රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT112. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: රූපාවචර වූ ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය, පඤ්චවෝකාරයෙහි පශ්චිමභවිකයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT113. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිස්සතීති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති. මනායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT113. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවිකයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි.
Pali BJT114. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති, පච්ඡිමභවිකානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT114. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවික වූ ඔවුනට එහි ඝානායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (ඝානායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි.)
Pali BJT115. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති, මනායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT115. යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදින්නේ ය, පශ්චිමභවික වූ ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, මනායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජිස්සති. රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවික වූ ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, රූපායතනය ද නූපදින්නේ යි.
Pali BJT116. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: අරූපානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT116. යමකුට යම් තැනෙක රූපායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි රූපායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවික වූ ඔවුනට එහි රූපායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (රූපායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (රූපායතනමූලක යි.)
Pali BJT117. යස්ස යත්ථ මනායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිස්සති, නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති. පච්ඡිමභවිකානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජිස්සති, ධම්මායතනඤ්ච නූප්පජ්ජිස්සති.
Sinhala BJT117. යමකුට යම් තැනෙක මනායතනය නූපදින්නේ නම් ඔහුට එහි ධම්මායතනය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි මනායතනය නූපදින්නේ ය, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපදින්නේ ය. පශ්චිමභවික වූ ඔවුනට එහි මනායතනය ද නූපදින්නේ ය, ධම්මායතනය ද නූපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිස්සති තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිස්සතී ති: ආමන්තා, (මනායතනමූලකං-පච්චනීකපුග්ගලාවකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපදින්නේ නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: එසේ යි. (මනායතනමූලක යි - ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාර යි.
Pali BJT118. යස්ස චක්ඛායතනං උප්පජ්ජති, තස්ස සොතායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT118. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතායතනඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට සෝතායතනය උපන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට සෝතායතනය උපන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට සෝතායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT119. යස්ස චක්ඛායතනං උප්පජ්ජති තස්ස ඝානායතනං -පෙ- රූපායතනං, මනායතනං, ධම්මායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT119. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය ... රූපායතනය … මනායතනය ... ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස චක්ඛායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උප්පජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච උප්පජ්ජති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය උපන්නේ ය, ඔවුනට චක්ඛායතනය නො ද උපදී, ඇස් ඇති ව උපදනා ඔවුනට ධම්මායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී. (චක්ඛායතන මූලක යි.)
Pali BJT120. යස්ස ඝානායතනං උප්පජ්ජති තස්ස රූපායතනං -පෙ- මනායතනං ධම්මායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT120. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට රූපායතනය ... මනායතනය ... ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස ඝානායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අඝානකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං ඝානායතනං උප්පජ්ජති. සඝානකානං උප්පජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ, ඝානායතනඤ්ච උප්පජ්ජති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය උපන්නේ ය, ඔවුනට ඝානායතනය නො ද උපදී, නැහැ ඇති ව උපදනා ඔවුනට ධම්මායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපදී. (ඝානායතන මූලක යි.)
Pali BJT121. යස්ස රූපායතනං උප්පජ්ජති තස්ස මනායතනං -පෙ- ධම්මායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT121. යමකුට රූපායතනය උපදී නම් ඔහුට මනායතනය ... ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා ධම්මායතනං උප්පජ්ජිත්ථ, තස්ස රූපායතනං උප්පජ්ජතීති : සබ්බෙසං චවන්තානං අරූපකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං රූපායතනං උප්පජ්ජති. සරූපකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච උප්පජ්ජති. (රූපායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට රූපායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති වැ උපදන වුනට දැ යි ඔවුනට ධම්මායතනය උපන්නේ ය, ඔවුනට රූපායතනය නො ද උපදී. රූ ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපදි. (රූපායතනමූලක යි.)
Pali BJT122. යස්ස මනායතනං උප්පජ්ජති තස්ස ධම්මායතනං උප්පජ්ජිත්ථාති : ආමන්තා.
Sinhala BJT122. යමකුට මනායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස මනායතනං උප්පජ්ජතීති : සබ්බෙසං චවන්තානං අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනං උප්පජ්ජිත්ථ. නො ච තෙසං මනායතනං උප්පජ්ජති. සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ, මනායතනඤ්ච උප්පජ්ජති. (මනායතනමූලකං-අනුලොම පුග්ගල.)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය උපන්නේ නම් ඔහුට මනායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති වැ උපදනවුනට දැ යි ඔවුනට ධම්මායතනය උපන්නේ ය, ඔවුනට මනායතනය නො ද උපදී. සිත් ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපන්නේ ය, මනායතනය ද උපදී. (අනුලෝමපුද්ගල යි. මනායතනමූලක යි.)
Pali BJT123. යත්ථ චක්ඛායතනං උප්පජ්ජති තත්ථ සොතායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා. -පෙ- (අනුලොම ඔකාස.)
Sinhala BJT123. යම් තැනෙක චක්ඛායතනය උපදී නම් එහි සෝතායතනය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝමාවකාශ යි.)
Pali BJT124. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති තස්ස තත්ථ සොතායතනං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. නො ච තෙසං තත්ථ සොතායතනං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජති, සොතායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT124. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි සෝතායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී, ඔවුනට එහි සෝතායතනය නො ද උපන්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. සෝතායතනය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: පඤ්චවොකාරා චවන්තානං, අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සෝතායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදි ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි සෝතායතනය උපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට එහි සෝතායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT125. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථාති: රූපාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ. සචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජති, ඝානායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT125. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ඝානායතනය උපන්නේ ද යත්: රූපාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි ඝානායතනය නො ද උපන්නේ ය, ඇස් ඇති ව කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: කාමාවචරා චවන්තානං, අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය උපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව කාමාවචරයෙහි උපදනා ඔවුනට එහි ඝානායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT126. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජති, රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT126. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි රූපායතනය නො ද උපන්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. රූපායතනය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපායතනය උපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා වූ ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය. චක්ඛායතනය ද උපදී.
Pali BJT127. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජති, මනායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT127. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී. ඔවුනට එහි මනායතනය නො ද උපන්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී, මනායතනය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: පඤ්චවොකාරා චවන්තානං, අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී.
Pali BJT128. යස්ස යත්ථ චක්ඛායතනං උප්පජ්ජති, තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති, නො ච තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච උප්පජ්ජති, ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT128. යමකුට යම් තැනෙක චක්ඛායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි චක්ඛායතනය උපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද උපන්නේ ය. ඇස් ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි චක්ඛායතනය ද උපදී. ධම්මායතනය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ, තස්ස තත්ථ චක්ඛායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ චක්ඛායතනං උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච උප්පජ්ජති. (චක්ඛායතනමූලකං.)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති ව උපදනවුනට ද යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, චක්ඛායතනය ද උපදී. (චක්ඛායතනමූලක යි.)
Pali BJT129. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජති තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT129. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි රූපායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජතීති: කාමාවචරා චවන්තානං, අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං, රූපාවචරානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජිත්ථ, ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි රූපායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට එහි රූපායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපදී.
Pali BJT130. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජති තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT130. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජතීති: කාමාවචරං චවන්තානං, අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං, රූපාවචරානං, අරූපාවචරානං තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජති. සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජිත්ථ, ඝානායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදී ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති ව කාමාවරයෙහි උපදනවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, ඝානායතනය ද උපදී.
Pali BJT131. යස්ස යත්ථ ඝානායතනං උප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJT131. යමකුට යම් තැනෙක ඝානායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: එසේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ ඝානායතනං උප්පජ්ජති, සඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ, ඝානායතනඤ්ච උප්පජ්ජති. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි ඝානායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට ද යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය. ඔවුනට එහි ඝානායතනය නො ද උපදී. නැහැ ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය. ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි.)
Pali BJT132. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජති තස්ස තත්ථ මනායතනං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජති. නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජති, මනායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT132. යමකුට යම් තැනෙක රූපායතනය උපදී නම් ඔහුට එහි මනායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය උපදී, ඔවුනට එහි මනායතනය නො ද උපන්නේ ය. පඤ්චවෝකාරයෙහි උපදනා වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද උපදී, මනායතනය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජතීති: පඤ්චවොකාරා චවන්තානං අරූපානං තෙසං තත්ථ මනායතනං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි මනායතනය උපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනා ඔවුනට එහි මනායතනය ද උපන්නේ ය, රූපායතනය ද උපදී.
Pali BJT133. යස්ස යත්ථ රූපායතනං උප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජති. නො ච තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සරූපකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච උප්පජ්ජති, ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT133. යමකුට යම් තැනෙක රූපායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි රූපායතනය උපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද උපන්නේ ය. රූ ඇති ව උපදනා වූ සෙසු ඔවුනට එහි රූපායතනය ද උපදී. ධම්මායතනය ද උපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අරූපකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ රූපායතනං උප්පජ්ජති. සරූපකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ. රූපායතනඤ්ච උප්පජ්ජති. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි රූපායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි රූපායතනය නො ද උපදී. රූ ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ යි, රූපායතනය ද උපදී. (රූපායතනමූලක යි.)
Pali BJT134. යස්ස යත්ථ මනායතනං උප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනං උප්පජ්ජති. නො ච තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ. ඉතරෙසං සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච උප්පජ්ජති, ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ.
Sinhala BJT134. යමකුට යම් තැනෙක මනායතනය උපදී නම් ඔහුට එහි ධම්මායතනය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි මනායතනය උපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද උපන්නේ ය. සිත් ඇති ව උපදනා සෙසු ඔවුනට එහි මනායතනය ද උපදී, ධම්මායතනය ද උපදින්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ තස්ස තත්ථ මනායතනං උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං උප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ මනායතනං උප්පජ්ජති. සචිත්තකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච උප්පජ්ජිත්ථ, මනායතනඤ්ච උප්පජ්ජති. (මනායතනමූලකං-අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය උපන්නේ නම් ඔහුට එහි මනායතනය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ධම්මායතනය උපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද උපදී, සිත් ඇති ව උපදනා ඔවුනට එහි ධම්මායතනය ද උපන්නේ ය, මනායතනය ද උපදී. (මනායතනමූලක යි – අනුලෝම පුද්ගලාවකාශ යි.)
Pali BJT135. යස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස සොතායතනං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT135. යමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට සෝතායතනය නූපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJTයස්ස වා පන සොතායතනං නූප්පජ්ජිත්ථ තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: නත්ථි.
Sinhala BJTතවද යමකුට සෝතායතනය නූපන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: නැති.
Pali BJTයස්ස චක්ඛායතනං නූප්පජ්ජති තස්ස ඝානායතනං -පෙ- රූපායතනං - මනායතනං - ධම්මායතනං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTයමකුට චක්ඛායතනය නූපදී නම් ඔහුට ඝානායතනය ... රූපායතනය - මනායතනය - ධම්මායතනය නූපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජිත්ථ තස්ස චක්ඛායතනං නූප්පජ්ජතීති: නත්ථි.
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපන්නේ නම් ඔහුට චක්ඛායතනය නූපදී ද යත්: නැති.
Pali BJT136. යස්ස ඝානායතනං -පෙ- රූපායතනං - මනායතනං - නූප්පජ්ජති තස්ස ධම්මායතනං නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJT136. යමකුට ඝානායතනය ... රූපායතනය - මනායතනය නූපදී නම් ඔහුට ධම්මායතනය නූපන්නේ ද යත්: උපන්නේ යි.
Pali BJTයස්ස වා පන ධම්මායතනං නූප්පජ්ජිත්ථ තස්ස මනායතනං නූප්පජ්ජතීති : නත්ථි. (පච්චනීකපුග්ගල)
Sinhala BJTතවද යමකුට ධම්මායතනය නූපන්නේ නම් ඔහුට මනායතනය නූපදී ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
Pali BJT137. යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති -පෙ- (පච්චනීකඔකාස.)
Sinhala BJT137. යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් (ප්‍රත්‍යනීකතාවකාශ යි.)
Pali BJT138. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ සොතායතනං නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරා චවන්තානං, අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ සොතායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, සොතායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT138. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි සෝතායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී, ඔවුනට එහි සෝතායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. සෝතායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ සොතායතනං නූප්පජ්ජිත්ථ, තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සොතායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ සොතායතනඤ්ච නූප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමෙකුට යම් තැනෙක සෝතායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි සෝතායතනය නූපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි සෝතායතනය ද නූපන්නේ ය, චක්ඛායතනය ද නූපදී.
Pali BJT139. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථාති: කාමාවචරා චවන්තානං, අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ. රූපාවචරා චවන්තානං, අසඤ්ඤසත්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT139. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි ඝානායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි ඝානායතනය නො ද නූපන්නේ ය, රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, ඝානායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: රූපාවචරං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති, රූපාවචරා චවන්තානං, අසඤ්ඤසත්තානං, අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ඝානායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: රූපාවචරයෙහි උපදනා ඔවුනට එහි ඝානායතනය නූපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී, රූපාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද අසංඥසත්‍වයනට ද අරූපයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපන්නේ ය චක්ඛායතනය ද නූපදී.
Pali BJT140. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT140. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති ව කාමාවචරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. රූපායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති, සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං අරූපානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට රූපායතනය ද නූපන්නේ ය, ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපන්නේ ය, චක්ඛායතනය ද නූපදී.
Pali BJT141. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරා චවන්තානං අචක්ඛුකානං කාමාවචරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT141. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නූපදින්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද ඇස් නැති වැ කාමාවචරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී. මනායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති, සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි මනායතනය නූපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපන්නේ ය. චක්ඛායතනය ද නූපදී.
Pali BJT142. යස්ස යත්ථ චක්ඛායතනං නූප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථාති: සබ්බෙසං චවන්තානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ, සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ චක්ඛායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT142. යමකුට යම් තැනෙක චක්ඛායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද ඇස් නැති වැ උපදනවුනට ද යි ඔවුනට එහි චක්ඛායතනය නූපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි චක්ඛායතනය ද නූපදී, ධම්මායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ චක්ඛායතනං නූප්පජ්ජතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ චක්ඛායතනං නූප්පජ්ජති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නූප්පජ්ජිත්ථ, චක්ඛායතනඤ්ච නුප්පජ්ජති. (චක්ඛායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි චක්ඛායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි ධම්මායතනය නූපන්නේ ය. ඔවුනට එහි චක්ඛායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නූපන්නේ ය, චක්ඛායතනය ද නූපදී. (චක්ඛායතනමූලක යි)
Pali BJT143. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජති තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථාති: කාමාවචරා චවන්තානං අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ, සුද්ධාවාසානං අරූපානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, රූපායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT143. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි රූපායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුත වන්නවුනට ද නැහැ නැති වැ කාමාවචරයෙහි උපදනවුනට ද රූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී. ඔවුනට එහි රූපායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයනට ද අරූපයනට දැයි ඔවුනට එහි ඝානායතනය ද නූපදී, රූපායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ රූපායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක රූපායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT144. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජති තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථාති: කාමාවචරා චවන්තානං අඝානකානං කාමාවචරං උපපජ්ජන්තානං රූපාවචරානං අරූපාවචරානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ, සුද්ධාවාසානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT144. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: කාමාවචරයෙන් ච්‍යුතවන්නවුනට ද නැහැ නැති වැ කාමාවචරයෙහි උපදනවුනව ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී. ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ යි. ශුද්ධාවාසයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි ඝානායතනය ද නූපදී, මනායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ, තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි.
Pali BJT145. යස්ස යත්ථ ඝානායතනං නූප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථාති: සබ්බෙසං චවන්තානං, අඝානකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ ඝානායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ ඝානායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT145. යමකුට යම් තැනෙක ඝානායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද නැහැ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි ඝානායතනය නූපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි ඝානායතනය ද නූපදී, ධම්මායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ ඝානායතනං නූප්පජ්ජතීති: ආමන්තා. (ඝානායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි ඝානායතනය නූපදී ද යත්: එසේ යි. (ඝානායතනමූලක යි)
Pali BJT146. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජති තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරා චවන්තානං, අරූපානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජති, මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT146. යම්කුට යම් තැනෙක රූපායතනය නූපදී නම් ඔහුට එහි මනායතනය නූපන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදී. ඔවුනට එහි මනායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තා උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජිත්ථ, නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජති, සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක මනායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතනය නූපන්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙනවුනට ද, අසංඥසත්‍වයෙන් ච්‍යුතවන්නවුනට දැ යි ඔවුනට එහි මනායතනය ද නූපන්නේ ය, රූපායතනය ද නූපදී.
Pali BJT147. යස්ස යත්ථ රූපායතනං නූප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථාති: සබ්බෙසං චවන්තානං, අරූපකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT147. යමකුට යම් තැනෙක රූපායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද, රූ නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි රූපායතනය නූපදී. ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපායතනය ද නූපදී, ධම්මායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ රූපායතනං නූප්පජ්ජතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ රූපායතනං නූප්පජ්ජති, සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නූප්පජ්ජිත්ථ, රූපායතනඤ්ච නූප්පජ්ජති. (රූපායතනමූලකං)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි රූපායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි ධම්මායතනය නූපන්නේ ය. ඔවුනට එහි රූපායතනය නො ද නූපදී. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නූපන්නේ ය, රූපායතනය ද නූපදී. (රූපායතන මූලක යි.)
Pali BJT148. යස්ස යත්ථ මනායතනං නූප්පජ්ජති තස්ස තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථාති: සබ්බෙසං චවන්තානං අචිත්තකානං, උපපජ්ජන්තානං තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ, සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ මනායතනඤ්ච නූප්පජ්ජති, ධම්මායතනඤ්ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJT148. යමකුට යම් තැනෙක මනායතනය නූපදී නම් ඔහුට එහි ධම්මායතනය නූපන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද සිත් නැති ව උපදනවුනට දැ යි ඔවුනට එහි මනායතනය නූපදී, ඔවුනට එහි ධම්මායතනය නො ද නූපන්නේ ය, ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි මනායතනය ද නූපදී, ධම්මායතනය ද නූපන්නේ යි.
Pali BJTයස්ස වා පන යත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ, තස්ස තත්ථ මනායතනං නූප්පජ්ජතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ ධම්මායතනං නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ මනායතනං නූප්පජ්ජති, සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ ධම්මායතනඤ්ච නූප්පජ්ජිත්ථ, මනායතනඤ්ච නූප්පජ්ජති. (මනායතනමූලකං-පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක ධම්මායතනය නූපන්නේ නම් ඔහුට එහි මනායතනය නූපදී ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි ධම්මායතනය නූපන්නේ ය, ඔවුනට එහි මනායතනය නො ද නූපදී, ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නා වූ ඔවුනට එහි ධම්මායතනය ද නූපන්නේ ය, මනායතනය ද නූපදී. (මනායතනමූලක යි − ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි)