Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1801-1900 න් 7973

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-yam-4:424.1
Pali BJTන ඵොට්ඨබෙබා -පෙ- න චක්ඛුවිඤ්ඤාණං න චක්ඛුවිඤ්ඤාණධාතූති: ආමන්තා. න චක්ඛුවිඤ්ඤාණධාතු න චක්ඛුවිඤ්ඤාණන්ති: ආමන්තා. න සොතවිඤ්ඤාණං -පෙ- න ඝානවිඤ්ඤාණං - න ජිව්හාවිඤ්ඤාණං - න කායවිඤ්ඤාණං -පෙ-
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍ය නො වූයේ ... චක්‍ෂුර්විඥාන නො වූයේ චක්‍ෂුර්විඥානධාතු නො වේ ද යත් : එසේ යි. චක්‍ෂුර්විඥානධාතු නො වූයේ චක්‍ෂුර්විඥාන නො වේ ද යත් : එසේ යි. ශ්‍රෝත්‍රවිඥාන නො වූයේ ... ඝ්‍රාණවිඥාන නො වූයේ ... ජිහ්වාවිඥාන නො වූයේ කායවිඥාන නො වූයේ ....
ap-yam-4:424.2
Pali BJTන මනො න මනොධාතූති: ආමන්තා. න මනොධාතු න මනොති: මනොධාතු ඨපෙත්වා අවසෙසො මනො න මනොධාතු, මනො. මනඤ්ච මනොධාතුඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව මනො න ච මනොධාතු.
Sinhala BJTමනස නො වූයේ මනෝධාතු නො වේ ද යත් : එසේ යි. මනෝධාතු නො වූයේ මනස නො වේ ද යත් : මනෝධාතුව තබා අවශේෂ මනස මනෝධාතු නො වෙයි, මනස යි. මනස ද මනෝ ධාතුව ද තබා අවශේෂය මනස ද නො වූයේ ම මනෝධාතු ද නො වේ.
ap-yam-4:424.3
Pali BJTන මනොවිඤ්ඤාණං න මනොවිඤ්ඤාණධාතූති: ආමන්තා. න මනොවිඤ්ඤාණධාතු න මනොවිඤ්ඤාණන්ති: ආමන්තා.
Sinhala BJTමනෝවිඥාන නො වූයේ මනෝවිඥානධාතු නො වේ ද යත් : එසේ යි. මනෝවිඥානධාතු නො වූයේ මනෝවිඥාන නො වේ ද යත් : එසේ යි.
ap-yam-4:424.4
Pali BJTන ධම්මො න ධම්මධාතූති: ආමන්තා. න ධම්මධාතු න ධම්මොති: ධම්මධාතුං ඨපෙත්වා අවසෙසො ධම්මො න ධම්මධාතු, ධම්මො. ධම්මඤ්ච ධම්මධාතුඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව ධම්මො න ච ධම්මධාතු. (පච්චනීකං)
Sinhala BJTධර්‍ම නො වූයේ ධර්‍මධාතු නොවේද යත්: එසේ යි. ධර්‍ම ධාතු නො වූයේ ධර්‍ම නො වේ ද යත්: ධර්‍මධාතුව තබා අවශේෂ ධර්‍මය ධර්‍මධාතු නො වෙයි, ධර්‍ම යි. ධර්‍මය ද ධර්‍මධාතුව ද තබා අවශේෂය ධර්‍ම ද නො වූයේ ම ධර්‍මධාතු ද නොවේ. (ප්‍රත්‍යනීක යි)
ap-yam-4:424.5
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
ap-yam-4:424.6
Pali BJT3. චක්ඛු චක්ඛුධාතූති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛු ධාතු. චක්ඛුධාතු චක්ඛු චෙව චක්ඛුධාතු ච. ධාතූ සොතධාතූති: සොතධාතු ධාතු චෙව සොතධාතු ච, අවසෙසා ධාතූ ධාතු, න සොතධාතු.
Sinhala BJT3. චක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යැ චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. ධාතූහු ශ්‍රෝත්‍රධාතු ද යත් : ශ්‍රෝත්‍රධාතු ධාතු ද වූයේ ම ශ්‍රෝත්‍රධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, ශ්‍රෝත්‍රධාතු නො වේ.
ap-yam-4:424.7
Pali BJTචක්ඛු චක්ඛුධාතූ ති: දිබ්බචක්ඛු පඤ්ඤාචක්ඛු චක්ඛු, න චක්ඛු ධාතු. චක්ඛුධාතු චක්ඛු චෙව චක්ඛුධාතු ච, ධාතු ඝානධාතු -පෙ- ධාතු ධම්මධාතූ ති: ධම්මධාතු ධාතු චෙව ධම්මධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න ධම්මධාතු. (අනුලොමං)
Sinhala BJTචක්‍ෂුස චක්‍ෂුර්ධාතු ද යත් : දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යැ, චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුර්ධාතුව චක්‍ෂුස ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. ධාතූහු ඝ්‍රාණධාතු ද යත් : ... ධාතූහු ධර්‍ම ධාතු ද යත් : ධර්‍මධාතු ධාතු ද වූයේ ම ධර්‍මධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)
ap-yam-4:424.8
Pali BJT(යථා ආයතනයමකෙ පණ්ණත්ති එවං ධාතුයමකෙපි පණ්ණත්ති චක්කං බන්ධිතබ්බං.)
Sinhala BJT(ආයතන යමකයෙහි ප්‍රඥප්තිවාරය යම්සේ ද ධාතු යමකයෙහි ප්‍රඥප්තිවාරය ද එසේ මැ යි, චක්‍රය බැඳිය යුතු යි.)
ap-yam-4:426.1
Pali BJT4. න චක්ඛු න චක්ඛුධාතූති: ආමන්තා. න ධාතූ න සොතධාතූති: ආමන්තා.
Sinhala BJT4. චක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි.
ap-yam-4:426.2
Pali BJTන චක්ඛු න චක්ඛුධාතූති: ආමන්තා. න ධාතු න ඝානධාතූති -පෙ- න ධාතූ න ධම්මධාතූති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJTචක්‍ෂුස නො වූයේ චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ඝ්‍රාණධාතු නො වේ ද යත්: ... ධාතු නොවූවාහු ධර්‍මධාතු නො වේ ද යත් : එසේ යි. (ප්‍රත්‍යනීක යි)
ap-yam-4:426.3
Pali BJT(චක්කං බන්ධිතබ්බං. සබ්බෙ ආමන්තා උභතොපි සෙසෙපි.)
Sinhala BJT(චක්‍රය බැඳිය යුතු යි. අනුලෝම-ප්‍රත්‍යනීක දෙතැන්හි ද සෙස්සෙහි ද සියල්ලෝ ආමන්තයෝ යි.)
ap-yam-4:426.4
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාර යි.
ap-yam-4:426.5
Pali BJT5. චක්ඛු ධාතූති: ආමන්තා. ධාතූ චක්ඛුධාතූති: චක්ඛුධාතු ධාතු චෙව චක්ඛුධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න චක්ඛුධාතු.
Sinhala BJT5. චක්‍ෂුස ධාතු ද යත් : එසේ යි. ධාතූහු චක්‍ෂුර්ධාතු ද යත්: චක්‍ෂුර්ධාතු ධාතු ද වූයේ ම චක්‍ෂුර්ධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, චක්‍ෂුර්ධාතු නො වේ.
ap-yam-4:426.6
Pali BJTසොතං ධාතූති: ආමන්තා. ඝානං -පෙ- ජිව්හා - කායො - රූපං - සද්දො - ගන්ධො - රසො - ඵොට්ඨබ්බො -
Sinhala BJTශ්‍රෝත්‍රය ධාතු ද යත් : එසේ යි. ඝ්‍රාණය ... ජිහ්වාව ... කායය ... රූපය ... ශබ්දය ... ගන්‍ධය ... රසය ... ස්ප්‍රෂ්ටව්‍ය ...
ap-yam-4:426.7
Pali BJTචක්ඛුවිඤ්ඤාණං ධාතූති: ආමන්තා. ධාතු චක්ඛුවිඤ්ඤාණධාතූති: චක්ඛුවිඤ්ඤාණධාතු ධාතු චෙව චක්ඛුවිඤ්ඤාණධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න චක්ඛුවිඤ්ඤාණධාතු. සොතවිඤ්ඤාණං -පෙ- ඝානවිඤ්ඤාණං - ජිව්හාවිඤ්ඤාණං - කායවිඤ්ඤාණං -
Sinhala BJTචක්‍ෂුර්විඥානය ධාතු ද යත් : එසේ යි. ධාතූහු චක්‍ෂුර්විඥාන ධාතු ද යත් : චක්‍ෂුර්විඥානධාතු ධාතු ද වූයේ ම චක්‍ෂුර්විඥානධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, චක්‍ෂුර්විඥානධාතු නො වේ. ශ්‍රෝත්‍රවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය ...
ap-yam-4:426.8
Pali BJTමනො ධාතූති: ආමන්තා. ධාතූ මනොධාතූති: මනොධාතු ධාතු චෙව මනොධාතු ච. අවසෙසා ධාතු ධාතු, න මනොධාතු.
Sinhala BJTමනස ධාතු ද යත් : එසේ යි. ධාතූහු මනෝධාතු ද යත් : මනෝධාතු ධාතු ද වූයේ ම මනෝධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, මනෝධාතු නො වේ.
ap-yam-4:426.9
Pali BJTමනොවිඤ්ඤාණං ධාතූති: ආමන්තා. ධාතූ මනොවිඤ්ඤාණධාතූති: මනොවිඤ්ඤාණධාතු ධාතු චෙව මනොවිඤ්ඤාණධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න මනොවිඤ්ඤාණධාතු.
Sinhala BJTමනෝවිඥානය ධාතු ද යත් : එසේ යි. ධාතූහු මනෝවිඥාන ධාතු ද යත් : මනෝවිඥානධාතුව ධාතු ද වූයේ ම මනෝවිඥාන ධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, මනෝවිඥානධාතු නො වේ.
ap-yam-4:426.10
Pali BJTධම්මො ධාතූති: ආමන්තා. ධාතූ ධම්මධාතූති: ධම්මධාතු ධාතු චෙව ධම්මධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න ධම්මධාතු. (අනුලොමං)
Sinhala BJTධර්‍මය ධාතු ද යත් : එසේ යි. ධාතූහු ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතු ධාතු ද වූයේ ම ධර්‍මධාතු ද වෙයි. අවශේෂ ධාතූහු ධාතු යැ, ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)
ap-yam-4:426.11
Pali BJT6. න චක්ඛු න ධාතූති: චක්ඛුං ඨපෙත්වා අවසෙසා ධාතු, න චක්ඛුධාතු. චක්ඛුඤ්ච ධාතුඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චක්ඛු න ච ධාතූ. න ධාතූ න චක්ඛූති: ආමන්තා.
Sinhala BJT6. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත් : චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ, චක්‍ෂුර්ධාතු නො වෙයි. චක්‍ෂුස ද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු චක්‍ෂුස නො වේ ද යත් : එසේ යි.
ap-yam-4:426.12
Pali BJTන සොතං න ධාතූති: සොතං ඨපෙත්වා -පෙ- ඝානං ඨපෙත්වා -පෙ- ජිව්හං ඨපෙත්වා -පෙ-
Sinhala BJTශ්‍රෝත්‍රය නො වූයේ ධාතු නො වේ ද යත් : ශ්‍රෝත්‍රය තබා ... ඝ්‍රාණය තබා ... ජිහ්වාව තබා ...
ap-yam-4:428.1
Pali BJTන කායො න ධාතූති: ආමන්තා. න ධාතූ න කායධාතූති: ආමන්තා.
Sinhala BJTකාය නො වූයේ ධාතු නො වේ ද යත් : එසේ යි. ධාතු නො වූවාහු කායධාතු නො වේ ද යත්: එසේ යි.
ap-yam-4:428.2
Pali BJTන රූපං න ධාතූති: රූපං ඨපෙත්වා -පෙ- සද්දං-ගන්ධං-රසං-ඵොට්ඨබ්බං-චක්ඛුවිඤ්ඤාණං -පෙ- මනොවිඤ්ඤාණං ඨපෙත්වා -පෙ-
Sinhala BJTරූප නො වූයේ ධාතු නො වේ ද යත් : රූපය තබා ... ශබ්දය ... ගන්‍ධය ... රසය ... ස්ප්‍රෂ්ටව්‍යය ... චක්‍ෂුර්විඥානය ... මනෝවිඥානය තබා ...
ap-yam-4:428.3
Pali BJTන ධම්මො න ධාතූති: ආමන්තා. න ධාතු න ධම්මධාතූති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJTධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත් : එසේ යි. ධාතු නො වූවාහු ධර්‍මධාතු නො වේ ද යත් : එසේ යි. (ප්‍රත්‍යනීක යි)
ap-yam-4:428.4
Pali BJTසුද්ධධාතුවාරො.
Sinhala BJTශුද්ධධාතුවාර යි.
ap-yam-4:428.5
Pali BJT7. චක්ඛු ධාතූති: ආමන්තා. ධාතූ සොතධාතූති: සොතධාතු ධාතු චෙව සොතධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න සොතධාතු.
Sinhala BJT7. චක්‍ෂුස ධාතු ද යත්: එසේ යි. ධාතූහු සෝතධාතු ද යත් : සෝතධාතුව ධාතු ද වූයේ ම සෝතධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ, සෝතධාතු නො වේ.
ap-yam-4:428.6
Pali BJTචක්ඛු ධාතූති: ආමන්තා. ධාතු ඝානධාතු -පෙ- ධාතු ධම්මධාතූති: ධම්මධාතු ධාතු චෙව ධම්මධාතු ච. අවසෙසා ධාතූ ධාතු, න ධම්මධාතු. (අනුලොමං)
Sinhala BJTචක්‍ෂුස ධාතු ද යත්: එසේ යි. ධාතූහු ඝ්‍රාණධාතු ද යත් : … ධාතුහු ධර්‍මධාතු ද යත් : ධර්‍මධාතුව ධාතු ද වූයේ ම ධර්‍ම ධාතු ද වේ. අවශේෂ ධාතූහු ධාතු යැ. ධර්‍මධාතු නො වේ. (අනුලෝම යි)
ap-yam-4:428.7
Pali BJT(චක්කං බන්ධිතබ්බං.)
Sinhala BJT(චක්‍රය බැඳියයුතු.)
ap-yam-4:428.8
Pali BJT8. න චක්ඛු න ධාතූති: චක්ඛුං ඨපෙත්වා අවසෙසා ධාතු න චක්ඛුධාතු. චක්ඛුඤ්ච ධාතුඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චක්ඛු න ච ධාතු. න ධාතූ න සොතධාතූති: ආමන්තා.
Sinhala BJT8. චක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ. චක්‍ෂුර්ධාතු නො වේ. චක්‍ෂුසද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත් : එසේ යි.
ap-yam-4:428.9
Pali BJTන චක්ඛු න ධාතූති: චක්ඛු ඨපෙත්වා අවසෙසා ධාතු, න චක්ඛුධාතු. චක්ඛුඤ්ච ධාතුඤ්ච ඨපෙත්වා අවසෙසා න චෙව චක්ඛු න ච ධාතු. න ධාතූ න ඝානධාතු -පෙ- න ධාතූ න ධම්මධාතූති: ආමන්තා.
Sinhala BJTචක්‍ෂුස නො වූයේ ධාතු නො වේ ද යත්: චක්‍ෂුස තබා අවශේෂයෝ ධාතූහු යැ. චක්‍ෂුර්ධාතු නො වේ. චක්‍ෂුසද ධාතු ද තබා අවශේෂයෝ චක්‍ෂුස ද නො වූයේ ම ධාතූහු ද නො වෙති. ධාතු නො වූවාහු ඝ්‍රාණධාතු නො වේ ද යත්: … ධාතු නො වූයේ ධර්‍මධාතුව නො වේ ද යත්: එසේ යි.
ap-yam-4:428.10
Pali BJTන ධම්මො න ධාතූති: ආමන්තා. න ධාතූ න චක්ඛුධාතූති: ආමන්තා.
Sinhala BJTධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු චක්‍ෂුර්ධාතු නො වේ ද යත්: එසේ යි.
ap-yam-4:428.11
Pali BJTන ධම්මො න ධාතූති: ආමන්තා. න ධාතු න සොතධාතු -පෙ- න ධාතූ න මනොවිඤ්ඤාණධාතූති: ආමන්තා. (පච්චනීකං)
Sinhala BJTධර්‍ම නො වූයේ ධාතු නො වේ ද යත්: එසේ යි. ධාතු නො වූවාහු ශ්‍රෝත්‍රධාතු නො වේ ද යත්: … ධාතු නො වූවාහු මනෝවිඥානධාතු නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි)
ap-yam-4:428.12
Pali BJT(චක්කං බන්ධිතබ්බං.)
Sinhala BJT(චක්‍රය බැඳිය යුතු)
ap-yam-4:428.13
Pali BJT(යථා ආයතනයමකස්ස පණ්ණත්ති එවං ධාතුයමකස්ස පණ්ණත්ති විත්ථාරෙතබ්බා)
Sinhala BJT(ආයතනයමකයේ ප්‍රඥප්තිවාරය යම්සේ ද ධාතුයමකයේ ප්‍රඥප්තිවාරය ද එසේ ම විස්තර කටයුතු.)
ap-yam-4:428.14
Pali BJTසුද්ධධාතුමූලචක්කවාරො.
Sinhala BJTශුද්ධධාතුමූල චක්‍රවාර යි.
ap-yam-4:428.15
Pali BJTනිද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTනිර්දේශවාර නිමි.
ap-yam-4:430.1
Pali BJT3. උප්පාදවාරො
Sinhala BJT3. උත්පාදවාරය
ap-yam-4:430.2
Pali BJT9. යස්ස චක්ඛුධාතු උප්පජ්ජති තස්ස සොතධාතු උප්පජ්ජතීති: සචක්ඛුකානං අසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛුධාතු උප්පජ්ජති, නො ච තෙසං සොතධාතු උප්පජ්ජති. සචක්ඛුකානං සසොතකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛුධාතු ච උප්පජ්ජති සොතධාතු ච උප්පජ්ජති. යස්ස වා පන සොතධාතු උප්පජ්ජති තස්ස චක්ඛුධාතු උප්පජ්ජතීති: සසොතකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතධාතු උප්පජ්ජති, නො ච තෙසං චක්ඛුධාතු උප්පජ්ජති. සසොතකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං සොතධාතු ච උප්පජ්ජති, චක්ඛුධාතු ච උප්පජ්ජති.
Sinhala BJT9. යමකුට චක්‍ෂුර්ධාතුව උපදි නම් ඔහුට ශ්‍රෝත්‍රධාතුව උපදී ද යත් : ඇස් ඇති ව කන් නැති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව උපදී, ඔවුනට ශ්‍රෝත්‍රධාතුව නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව ද උපදී, ශ්‍රෝත්‍රධාතුව ද උපදී. තවද යමකුට ශ්‍රෝත්‍රධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : කන් ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට ශ්‍රෝත්‍රධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. කන් ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ශ්‍රෝත්‍රධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදි.
ap-yam-4:430.3
Pali BJTයස්ස චක්ඛුධාතු උප්පජ්ජති තස්ස ඝානධාතු උප්පජ්ජතීති: සචක්ඛුකානං අඝානකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛුධාතු උප්පජ්ජති, නො ච තෙසං ඝානධාතු උප්පජ්ජති. සචක්ඛුකානං සඝානකානං උපපජ්ජන්තානං තෙසං චක්ඛුධාතු ච උප්පජ්ජති, ඝානධාතු ච උප්පජ්ජති. යස්ස වා පන ඝානධාතු උප්පජ්ජති තස්ස චක්ඛුධාතු උප්පජ්ජතීති: සඝානකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානධාතු උප්පජ්ජති. නො ච තෙසං චක්ඛුධාතු උප්පජ්ජති. සඝානකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ඝානධාතු ච උප්පජ්ජති, චක්ඛුධාතු ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට චක්‍ෂුර්ධාතුව උපදි නම් ඔහුට ඝ්‍රාණධාතුව උපදී ද යත් : ඈස් ඇති ව නැහැ නැති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව උපදී, ඔවුනට ඝ්‍රාණධාතුව නො ද උපදී. ඇස් ඇති ව නැහැ ඇති ව උපදනා වූ ඔවුනට චක්‍ෂුර්ධාතුව ද උපදී, ඝ්‍රාණධාතුව ද උපදී. තවද යමකුට ඝ්‍රාණධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : නැහැ ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට ඝ්‍රාණධාතුව උපදී. ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. නැහැ ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට ඝ්‍රාණධාතුව ද උපදි, චක්‍ෂුර්ධාතුව ද උපදී.
ap-yam-4:430.4
Pali BJTයස්ස චක්ඛුධාතු උප්පජ්ජති තස්ස රූපධාතු උප්පජ්ජතීති: ආමන්තා. යස්ස වා පන රූපධාතු උප්පජ්ජති තස්ස චක්ඛුධාතු උප්පජ්ජතීති: සරූපකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං රූපධාතු උප්පජ්ජති, නො ච තෙසං චක්ඛුධාතු උප්පජ්ජති. සරූපකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං රූපධාතු ච උප්පජ්ජති, චක්ඛුධාතු ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට රූපධාතුව උපදී ද යත්: එසේ යි. තවද යමකුට රූපධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : රූ ඇති ව ඇස් නැති ව උපදනා වූ ඔවුනට රූපධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. රූ ඇති ව ඇස් ඇති ව උපදනා වූ ඔවුනට රූපධාතුව ද උපදි, චක්‍ෂුර්ධාතුව ද උපදී.
ap-yam-4:430.5
Pali BJTයස්ස චක්ඛුධාතු උප්පජ්ජති තස්ස මනොවිඤ්ඤාණධාතු උප්පජ්ජතීති: ආමන්තා. යස්ස වා පන මනොවිඤ්ඤාණධාති උප්පජ්ජති තස්ස චක්ඛුධාතු උප්පජ්ජතීති: සචිත්තකානං අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං මනොවිඤ්ඤාණධාතු උප්පජ්ජති, නො ච තෙසං චක්ඛුධාතු උප්පජ්ජති. සචිත්තකානං සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං මනොවිඤ්ඤාණධාතු ච උප්පජ්ජති, චක්ඛුධාතු ච උප්පජ්ජති.
Sinhala BJTයමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට මනෝවිඥානධාතුව උපදී ද යත් : එසේ යි. තවද යමකුට මනෝවිඥානධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : සිත් ඇති වැ ඇස් නැති වැ උපදනා වූ ඔවුනට මනෝවිඥානධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. සිත් ඇති වැ ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට මනෝවිඥානධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදී.
ap-yam-4:432.1
Pali BJTයස්ස චක්ඛුධාතු උප්පජ්ජති තස්ස ධම්මධාතු උප්පජ්ජතීති: ආමන්තා. යස්ස වා පන ධම්මධාතු උප්පජ්ජති තස්ස චක්ඛුධාතු උප්පජ්ජතීති: අචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මධාතු උප්පජ්ජති, නො ච තෙසං චක්ඛුධාතු උප්පජ්ජති. සචක්ඛුකානං උපපජ්ජන්තානං තෙසං ධම්මධාතු ච උප්පජ්ජති, චක්ඛුධාතු ච උප්පජ්ජති. (අනුලොමපුග්ගල)
Sinhala BJTයමකුට චක්‍ෂුර්ධාතුව උපදී නම් ඔහුට ධර්‍මධාතුව උපදී ද යත් : එසේ යි. තවද යමකුට ධර්‍මධාතුව උපදී නම් ඔහුට චක්‍ෂුර්ධාතුව උපදී ද යත් : ඇස් නැති වැ උපදනා වූ ඔවුනට ධර්‍මධාතුව උපදී, ඔවුනට චක්‍ෂුර්ධාතුව නො ද උපදී. ඇස් ඇති වැ උපදනා වූ ඔවුනට ධර්‍මධාතුව ද උපදී, චක්‍ෂුර්ධාතුව ද උපදී. (අනුලෝම පුද්ගල යි)
ap-yam-4:432.2
Pali BJT(යථා ආයතනයමකං විභත්තං එවං ධාතුයමකම්පි විභජිතබ්බං, සදිසං කාතබ්බං.)
Sinhala BJT(යම්සේ ආයතනයමකය බෙදනලද ද එසේ ම ධාතුයමකය ද බෙදියයුතු යි, සමාන කළයුතු යි.)
ap-yam-4:432.3
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නවාර යි.
ap-yam-4:432.4
Pali BJTඋප්පාදවාරො නිට්ඨිතො.
Sinhala BJTඋත්පාදවාර නිමි.
ap-yam-4:432.5
Pali BJT4. පරිඤ්ඤාවාරො
Sinhala BJT4. පරිඥාවාරය
ap-yam-4:432.6
Pali BJT10. යො චක්ඛුධාතුං පරිජානාති සො සොතධාතුං පරිජානාතීති: ආමන්තා. -පෙ-
Sinhala BJT10. යමෙක් චක්‍ෂුර්ධාතුව පිරිසිඳ දනී නම් හෙතෙම ශ්‍රෝත්‍රධාතුව පිරිසිඳ දනී ද යත් : එසේ යි ...
ap-yam-4:432.7
Pali BJTපරිඤ්ඤාවාරො නිට්ඨිතො.
Sinhala BJTපරිඥාවාර නිමි.
ap-yam-4:432.8
Pali BJTපරිඤ්ඤාවාරො
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
ap-yam-4:432.9
Pali BJT(ධාතුයමකං පරිපුණ්ණං පෙය්යාලෙන)
Sinhala BJT(පෙය්‍යාලමුඛයෙන් ධාතුයමකය පරිපූර්‍ණ යැ.)
ap-yam-4:432.10
Pali BJTධාතුයමකං නිට්ඨිතං.
Sinhala BJTධාතුයමක නිමි.
ap-yam-4:434.1
Pali BJT5. සච්චයමකං
Sinhala BJT5. සත්‍යයමකය
ap-yam-4:434.2
Pali BJT1. උද්දෙසවාරො
Sinhala BJT1. උද්දේශවාර
ap-yam-4:434.3
Pali BJTචත්තාරි සච්චානි: - දුක්ඛසච්චං, සමුදයසච්චං, නිරොධසච්චං, මග්ගසච්චං.
Sinhala BJTචතුස්සත්‍යයෝ: දුක්ඛසත්‍ය යැ සමුදයසත්‍ය යැ නිරෝධසත්‍ය යැ මාර්‍ගසත්‍ය යි.
ap-yam-4:434.4
Pali BJT(පණ්ණත්තිවාර උද්දෙස)
Sinhala BJTප්‍රඥප්තිවාරෝද්දේශ යි.
ap-yam-4:434.5
Pali BJT1. දුක්ඛං දුක්ඛසච්චං, දුක්ඛසච්චං දුක්ඛං: සමුදයො සමුදයසච්චං, සමුදයසච්චං සමුදයො: නිරොධො නිරොධසච්චං, නිරොධසච්චං නිරොධො: මග්ගො මග්ගසච්චං, මග්ගසච්චං මග්ගො: (අනුලොම)
Sinhala BJT1. දුඃඛය දුඃඛසත්‍යය වේ ද, දුඃඛසත්‍යය දුඃඛ වේ ද යත්: සමුදය සමුදයසත්‍යය වේ ද, සමුදයසත්‍යය සමුදය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍යය වේ ද, නිරෝධසත්‍යය නිරෝධ වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, මාර්‍ගසත්‍යය මාර්‍ග වේ ද යත්: (අනුලෝම යි.)
ap-yam-4:434.6
Pali BJT2. න දුක්ඛං න දුක්ඛසච්චං, න දුක්ඛසච්චං න දුක්ඛං: න සමුදයො න සමුදයසච්චං, න සමුදයසච්චං න සමුදයො: න නිරොධො න නිරොධසච්චං, න නිරොධසච්චං න නිරොධො: න මග්ගො න මග්ගසච්චං, න මග්ගසච්චං න මග්ගො: (පච්චනීක)
Sinhala BJT2. දුඃඛ නො වූයේ දුඃඛසත්‍ය නො වේ ද, දුඃඛසත්‍ය නො වූයේ දුඃඛය නො වේ ද යත්: සමුදය නො වූයේ සමුදයසත්‍ය නො වේ ද, සමුදයසත්‍ය නො වූයේ සමුදය නො වේ ද යත්: නිරෝධ නො වූයේ නිරෝධසත්‍ය නො වේ ද, නිරෝධසත්‍ය නො වූයේ නිරෝධ නො වේ ද යත්: මාර්‍ග නො වූයේ මාර්‍ගසත්‍ය නො වේ ද, මාර්‍ගසත්‍ය නො වූයේ මාර්‍ග නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
ap-yam-4:434.7
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
ap-yam-4:434.8
Pali BJT3. දුක්ඛං දුක්ඛසච්චං, සච්චා සමුදයසච්චං: දුක්ඛං දුක්ඛසච්චං, සච්චා නිරොධසච්චං: දුක්ඛං දුක්ඛසච්චං, සච්චා මග්ගසච්චං: සමුදයො සමුදයසච්චං, සච්චා දුක්ඛසච්චං: සමුදයො සමුදයසච්චං, සච්චා නිරොධසච්චං: සමුදයො සමුදයසච්චං, සච්චා මග්ගසච්චං: නිරොධො නිරොධසච්චං, සච්චා දුක්ඛසච්චං: නිරොධො නිරොධසච්චං, සච්චා සමුදයසච්චං: නිරොධො නිරොධසච්චං, සච්චා මග්ගසච්චං: මග්ගො මග්ගසච්චං, සච්චා දුක්ඛසච්චං: මග්ගො මග්ගසච්චං, සච්චා සමුදයසච්චං: මග්ගො මග්ගසච්චං, සච්චා නිරොධසච්චං: (අනුලොම)
Sinhala BJT3. දුඃඛය දුඃඛසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: දුඃඛය දුඃඛසත්‍ය වේ ද සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: දුඃඛය දුඃඛසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: සමුදය සමුදයසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: නිරෝධය නිරෝධසත්‍ය වේ ද, සත්‍යයෝ මාර්‍ගසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ දුඃඛසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ සමුදයසත්‍ය වේ ද යත්: මාර්‍ගය මාර්‍ගසත්‍ය වේ ද, සත්‍යයෝ නිරෝධසත්‍ය වේ ද යත්: (අනුලෝම යි.)
ap-yam-4:434.9
Pali BJT4. න දුක්ඛං න දුක්ඛසච්චං, න සච්චා න සමුදයසච්චං: න දුක්ඛං න දුක්ඛසච්චං, න සච්චා න නිරොධසච්චං: න දුක්ඛං න දුක්ඛසච්චං, න සච්චා න මග්ගසච්චං: න සමුදයො න සමුදයසච්චං, න සච්චා න දුක්ඛසච්චං: න සමුදයො න සමුදයසච්චං, න සච්චා න නිරොධසච්චං: න සමුදයො න සමුදයසච්චං, න සච්චා න මග්ගසච්චං:
Sinhala BJT4. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද: දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද: සමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍ය නො වේ ද:
ap-yam-4:436.1
Pali BJTන නිරොධො න නිරොධසච්චං, න සච්චා න දුක්ඛසච්චං: න නිරොධො න නිරොධසච්චං, න සච්චා න සමුදයසච්චං: න නිරොධො න නිරොධසච්චං, න සච්චා න මග්ගසච්චං: න මග්ගො න මග්ගසච්චං, න සච්චා න දුක්ඛසච්චං: න මග්ගො න මග්ගසච්චං, න සච්චා න සමුදයසවච්චං, න මග්ගො න මග්ගසච්චං, න සච්චා න නිරොධසච්චං: (පච්චනීක)
Sinhala BJTනිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: නිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද: මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
ap-yam-4:436.2
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධනමූලචක්‍රවාර යි.
ap-yam-4:436.3
Pali BJT5. දුක්ඛං සච්චං, සච්චා දුක්ඛං: සමුදයො සච්චං, සච්චා සමුදයො: නිරොධො සච්චං, සච්චා නිරොධො: මග්ගො සච්චං, සච්චා මග්ගො: (අනුලොම)
Sinhala BJT5. දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: සමුදය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: නිරෝධය සත්‍යය ද, සත්‍යයෝ නිරෝධය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ මාර්‍ගය ද යත්: (අනුලෝම යි.)
ap-yam-4:436.4
Pali BJT6. න දුක්ඛං න සච්චං, න සච්චා න දුක්ඛං: න සමුදයො න සච්චං, න සච්චා න සමුදයො: න නිරොධො න සච්චං, න සච්චා න නිරොධො: න මග්ගො න සච්චං න සච්චා න මග්ගො: (පච්චනීක)
Sinhala BJT6. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද: සමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
ap-yam-4:436.5
Pali BJTසුද්ධසච්චවාරො.
Sinhala BJTශුද්ධසත්‍යවාර යි.
ap-yam-4:436.6
Pali BJT7. දුක්ඛං සච්චං, සච්චා සමුදයො: දුක්ඛං සච්චං, සච්චා නිරොධො: දුක්ඛං සච්චං, සච්චා මග්ගො: සමුදයො සච්චං, සච්චා දුක්ඛං -පෙ- සච්චා මග්ගො: නිරොධො සච්චං, සච්චා දුක්ඛං -පෙ- සච්චා මග්ගො: මග්ගො සච්චං, සච්චා දුක්ඛං: මග්ගො සච්චං, සච්චා සමුදයො: මග්ගො සච්චං, සච්චා නිරොධො: (අනුලොම)
Sinhala BJT7. දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: දුඃඛය සත්‍යය ද, සත්‍යයෝ නිරෝධය ද: දුඃඛය සත්‍යය ද සත්‍යයෝ මාර්‍ගය ද: සමුදය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද ... සත්‍යයෝ මාර්‍ගය ද: නිරෝධය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: … සත්‍යයෝ මාර්‍ගය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ දුඃඛය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යයෝ සමුදය ද: මාර්‍ගය සත්‍යය ද, සත්‍යය නිරෝධය ද යත්: (අනුලෝම යි.)
ap-yam-4:436.7
Pali BJT8. න දුක්ඛං න සච්චං, න සච්චා න සමුදයො: න දුක්ඛං න සච්චං, න සච්චා න නිරොධො: න දුක්ඛං න සච්චං, න සච්චා මග්ගො: න සමුදයො න සච්චං, න සච්චා න දුක්ඛං -පෙ- න සච්චා න මග්ගො: න නිරොධො න සච්චං, න සච්චා න දුක්ඛං: -පෙ- න සච්චා න මග්ගො: න මග්ගො න සච්චං, න සච්චා න දුක්ඛං: න මග්ගො න සච්චං, න සච්චා න සමුදයො: න මග්ගො න සච්චං, න සච්චා න නිරොධො: (පච්චනීක)
Sinhala BJT8. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද: දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේද, සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: සමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද ... සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද ... සත්‍ය නො වූවාහු මාර්‍ග නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු දුඃඛ නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු සමුදය නො වේ ද: මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද, සත්‍ය නො වූවාහු නිරෝධ නො වේ ද යත්: (ප්‍රත්‍යනීක යි.)
ap-yam-4:436.8
Pali BJTසුද්ධසච්චමූලචක්කවාරො.
Sinhala BJTශුද්ධසත්‍යමූලචක්‍රවාර යි.
ap-yam-4:436.9
Pali BJTඋද්දෙසවාරො නිට්ඨිතො.
Sinhala BJTඋද්දේශවාර නිමි.
ap-yam-4:438.1
Pali BJT2. නිද්දෙසවාරො
Sinhala BJT2. නිර්දේශවාරය
ap-yam-4:438.2
Pali BJT1. දුක්ඛං දුක්ඛසච්චන්ති: ආමන්තා. දුක්ඛසච්චං දුක්ඛන්ති: කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං ඨපෙත්වා අවසෙසං දුක්ඛසච්චං, න දුක්ඛං. කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං දුක්ඛඤ්චෙව දුක්ඛසච්චඤ්ච.
Sinhala BJT1. දුඃඛය දුඃඛසත්‍යය ද යත්: එසේ යි. දුඃඛසත්‍යය දුඃඛය ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා සෙස්ස දුඃඛ සත්‍යය යි. දුඃඛ නො වේ. කායික දුඃඛය චෛතසික දුඃඛය දුඃඛ ද වූයේ ම දුඃඛ සත්‍ය ද වේ.
ap-yam-4:438.3
Pali BJTසමුදයො සමුදයසච්චන්ති: සමුදයසච්චං ඨපෙත්වා අවසෙසො සමුදයො සමුදයො, න සමුදයසච්චං. සමුදයසච්චං සමුදයො චෙව සමුදයසච්චඤ්ච. සමුදයසච්චං සමුදයොති: ආමන්තා.
Sinhala BJTසමුදය සමුදයසත්‍ය ද යත්: සමුදය සත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදය යි. සමුදයසත්‍යය නො වේ. සමුදයසත්‍යය සමුදය වූයේ ම සමුදයසත්‍යය ද වේ. සමුදයසත්‍යය සමුදය ද යත්: එසේ යි.
ap-yam-4:438.4
Pali BJTනිරොධො නිරොධසච්චන්ති: නිරොධසච්චං ඨපෙත්වා අවසෙසො නිරොධො නිරොධො, න නිරොධසච්චං. නිරොධසච්චං නිරොධො චෙව නිරොධසච්චඤ්ච. නිරොධසච්චං නිරොධොති: ආමන්තා.
Sinhala BJTනිරෝධය නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධය වෙයි, නිරෝධසත්‍යය නො වේ. නිරෝධසත්‍යය නිරෝධ ද වූයේ ම නිරෝධසත්‍ය ද වේ. නිරෝධසත්‍යය නිරෝධ ද යත්: එසේ යි.
ap-yam-4:438.5
Pali BJTමග්ගො මග්ගසච්චන්ති: මග්ගසච්චං ඨපෙත්වා අවසෙසො මග්ගෙ මග්ගො, න මග්ගසච්චං, මග්ගසච්චං මග්ගො චෙව මග්ගසච්චඤ්ච, මග්ගසච්චං මග්ගොති: ආමන්තා (අනුලොම)
Sinhala BJTමාර්‍ගය මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය තබා අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගය වෙයි, මාර්‍ගසත්‍යය නො වේ. මාර්‍ගසත්‍යය මාර්‍ග ද වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. මාර්‍ගසත්‍යය මාර්‍ග ද යත්: එසේ යි. (අනුලෝම යි.)
ap-yam-4:438.6
Pali BJT2. න දුක්ඛං න දුක්ඛසච්චන්ති: කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං ඨපෙත්වා අවසෙසං න දුක්ඛං, දුක්ඛසච්චං. දුක්ඛඤ්ච දුක්ඛසච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං න ච දුක්ඛසච්චං. න දුක්ඛසච්චං න දුක්ඛන්ති: ආමන්තා.
Sinhala BJT2. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි, දුඃඛ සත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍යය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම දුඃඛසත්‍ය ද නො වේ. දුඃඛසත්‍යය නො වූයෙක් දුඃඛය නො වේ ද යත්: එසේ යි.
ap-yam-4:438.7
Pali BJTන සමුදයො න සමුදයසච්චන්ති: ආමන්තා. න සමුදයසච්ච න සමුදයොති: සමුදයසච්චං ඨපෙත්වා අවසෙසො සමුදයො න සමුදයසච්චං, සමුදයො. සමුදයඤ්ච සමුදයසච්චඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව සමුදයො න ච සමුදයසච්චං.
Sinhala BJTසමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සමුදයසත්‍යය නො වූයෙක් සමුදය නො වේ ද යත්: සමුදයසත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදයසත්‍යය නො වෙයි, සමුදය වේ. සමුදය ද සමුදයසත්‍යය ද තබා අවශේෂය සමුදය ද නො වූයේ ම සමුදයසත්‍යය ද නො වේ.
ap-yam-4:438.8
Pali BJTන නිරොධො නිරොධසච්චන්ති: ආමන්තා. න නිරොධසච්චං න නිරොධොති: නිරොධසච්චං ඨපෙත්වා අවසෙසො නිරොධො න නිරොධසච්චං, නිරොධො. නිරොධඤ්ච නිරොධසච්චඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව නිරොධො න ච නිරොධසච්චං.
Sinhala BJTනිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද යත්: එසේ යි. නිරෝධසත්‍යය නො වූයෙක් නිරෝධය නො වේ ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධසත්‍යය නො වෙයි. නිරෝධය වේ. නිරෝධය ද නිරෝධසත්‍යය ද තබා අවශේෂය නිරෝධය ද නො වූයේ ම නිරෝධසත්‍යය ද නො වේ.
ap-yam-4:438.9
Pali BJTන මග්ගො න මග්ගසච්චන්ති: ආමන්තා. න මග්ගසච්චං න මග්ගොති: මග්ගසච්චං ඨපෙත්වා අවසෙසො මග්ගො න මග්ගසච්චං, මග්ගො. මග්ගඤ්ච මග්ගසච්චඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව මග්ගො. න ච මග්ගසච්චං. (පච්චනීක)
Sinhala BJTමාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. මාර්‍ගසත්‍යය නො වූයෙක් මාර්‍ගය නො වේ ද යත්: මාර්‍ග සත්‍යය තබා, අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගසත්‍යය නො වෙයි. මාර්‍ගය වේ. මාර්‍ගය ද මාර්‍ගසත්‍යය ද තබා අවශේෂය මාර්‍ගය ද නො වූයේ ම මාර්‍ගසත්‍යය ද නො වේ. (ප්‍රත්‍යනීක යි.)
ap-yam-4:438.10
Pali BJTපදසොධනවාරො.
Sinhala BJTපදශෝධනවාර යි.
ap-yam-4:440.1
Pali BJT3. දුක්ඛං දුක්ඛසච්චන්ති: ආමන්තා. සච්චා සමුදය සච්චන්ති: සමුදයසච්චං සච්චඤ්චෙව සමුදයසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න සමුදයසච්චං.
Sinhala BJT3. දුඃඛය දුඃඛසත්‍යය ද යත්: එසේ යි. සත්‍යයෝ සමුදය සත්‍ය ද යත්: සමුදයසත්‍යය සත්‍ය ද වූයේ ම සමුදයසත්‍ය ද වෙයි, අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි. සමුදය සත්‍යය නො වේ.
ap-yam-4:440.2
Pali BJTදුක්ඛං දුක්ඛසච්චන්ති: ආමන්තා. සච්චා නිරොධසච්චන්ති: -පෙ- සච්චා මග්ගසච්චන්ති: මග්ගසච්චං සච්චඤ්චෙව මග්ගසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න මග්ගසච්චං.
Sinhala BJTදුඃඛය දුඃඛසත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
ap-yam-4:440.3
Pali BJTසමුදයො සමුදයසච්චන්ති: සමුදයසච්චං ඨපෙත්වා අවසෙසො සමුදයො සමුදයො, න සමුදයසච්චං. සමුදයසච්චං සමුදයො චෙව සමුදයසච්චඤ්ච. සච්චා දුක්ඛසච්චන්ති: -පෙ- සච්චා නිරොධසච්චන්ති: -පෙ- සච්චා මග්ගසච්චන්ති: මග්ගසච්චං සච්චඤ්චෙව මග්ගසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න මග්ගසච්චං.
Sinhala BJTසමුදය සමුදයසත්‍යය ද යත්: සමුදයසත්‍යය තබා අවශේෂ වූ සමුදය සමුදය වෙයි. සමුදයසත්‍යය නො වේ. සමුදයසත්‍යය සමුදය ද වූයේ ම සමුදයසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍යයද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
ap-yam-4:440.4
Pali BJTනිරොධො නිරොධසච්චන්ති: නිරොධසච්චං ඨපෙත්වා අවසෙසො නිරොධො නිරොධො, න නිරොධසච්චං. නිරොධසච්චං නිරොධො චෙව නිරොධසච්චඤ්ච. සච්චා දුක්ඛසච්චන්ති -පෙ- සච්චා සමුදයසච්චන්ති, -පෙ- සච්චා මග්ගසච්චන්ති: මග්ගසච්චං සච්චඤ්චෙව මග්ගසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න මග්ගසච්චං.
Sinhala BJTනිරෝධය නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය තබා අවශේෂ වූ නිරෝධය නිරෝධය වෙයි, නිරෝධසත්‍යය නො වේ. නිරෝධසත්‍යය නිරෝධය ද වූයේ ම නිරෝධසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: … සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය ද වූයේ ම මාර්‍ගසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
ap-yam-4:440.5
Pali BJTමග්ගො මග්ගසච්චන්ති: මග්ගසච්චං ඨපෙත්වා අවසෙසො මග්ගො මග්ගො, න මග්ගසච්චං. මග්ගසච්චං මග්ගො චෙව මග්ගසච්චඤ්ච. සච්චා දුක්ඛසච්චන්ති -පෙ- සච්චා සමුදයසච්චන්ති -පෙ- සච්චා නිරොධසච්චන්ති: නිරොධසච්චං සච්චඤ්චෙව නිරොධසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න නිරොධසච්චං. (අනුලොම)
Sinhala BJTමාර්‍ගය මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය තබා අවශේෂ වූ මාර්‍ගය මාර්‍ගය වෙයි, මාර්‍ගසත්‍යය නො වේ. මාර්‍ගසත්‍යය මාර්‍ගය ද වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය සත්‍ය වූයේ ම නිරෝධසත්‍යය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, නිරෝධසත්‍යය නො වේ. (අනුලෝම යි.)
ap-yam-4:440.6
Pali BJT4. න දුක්ඛං න දුක්ඛසච්චන්ති: කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං ඨපෙත්වා අවසෙසං න දුක්ඛං, දුක්ඛසච්චං. දුක්ඛඤ්ච දුක්ඛසච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං න ච දුක්ඛසච්චං. න සච්චා න සමුදයසච්චන්ති: ආමන්තා.
Sinhala BJT4. දුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දූබය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි. දුඃඛසත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍යය ද තබා අවශේෂය දුඃඛ නො වූයේ ම දුඃඛසත්‍යය ද නො වේ. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි.
ap-yam-4:440.7
Pali BJTන දුක්ඛං න දුක්ඛසච්චන්ති: කායිකං දුක්ඛං චෙතසිකං දුක්ඛං ඨපෙත්වා අවසෙසං න දුක්ඛං, දුක්ඛසච්චං, දුක්ඛඤ්ච දුක්ඛසච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං, න ච දුක්ඛසච්චං. න සච්චා න නිරොධසච්චන්ති -පෙ- න සච්චා න මග්ගසච්චන්ති: ආමන්තා.
Sinhala BJTදුඃඛ නො වූයෙක් දුඃඛසත්‍යය නො වේ ද යත්: කායික දුඃඛය චෛතසික දුඃඛය තබා අවශේෂය දුඃඛය නො වෙයි. දුඃඛසත්‍යය වේ. දුඃඛය ද දුඃඛසත්‍ය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම දුඃඛසත්‍ය ද නො වේ. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.
ap-yam-4:442.1
Pali BJTන සමුදයො න සමුදයසච්චන්ති: ආමන්තා. න සච්චා න දුක්ඛසච්චන්ති: ආමන්තා.
Sinhala BJTසමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.
ap-yam-4:442.2
Pali BJTන සමුදයො න සමුදයසච්චන්ති: ආමන්තා. න සච්චා න නිරොධසච්චන්ති -පෙ- න සච්චා න මග්ගසච්චන්ති: ආමන්තා.
Sinhala BJTසමුදය නො වූයෙක් සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍යය නො වේ ද යත්: සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.
ap-yam-4:442.3
Pali BJTන නිරොධො න නිරොධසච්චන්ති: ආමන්තා. න සච්චා න දුක්ඛසච්චන්ති -පෙ- න සච්චා න සමුදයසච්චන්ති: -පෙ- න සච්චා න මග්ගසච්චන්ති: ආමන්තා.
Sinhala BJTනිරෝධ නො වූයෙක් නිරෝධසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු සමුදය සත්‍යය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි.
ap-yam-4:442.4
Pali BJTන මග්ගා න මග්ගසච්චන්ති: ආමන්තා. න සච්චා න දුක්ඛසච්චන්ති: ආමන්තා. න මග්ගො න මග්ගසච්චන්ති: ආමන්තා. න සච්චා න සමුදයසච්චන්ති -පෙ- න සච්චා න නිරොධසච්චන්ති: ආමන්තා. (පච්චනීක)
Sinhala BJTමාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි. මාර්‍ග නො වූයෙක් මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
ap-yam-4:442.5
Pali BJTපදසොධනමූලචක්කවාරො.
Sinhala BJTපදශෝධන මූලචක්‍රවාර යි.
ap-yam-4:442.6
Pali BJT5. දුක්ඛං සච්චන්ති: ආමන්තා. සච්චා දුක්ඛසච්චන්ති: දුක්ඛසච්චං සච්චඤ්චෙව දුක්ඛසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න දුක්ඛසච්චං.
Sinhala BJT5. දුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත්: දුඃඛසත්‍යය සත්‍ය ද වූයේ ම දුඃඛසත්‍යය ද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, දුඃඛසත්‍යය නො වේ.
ap-yam-4:442.7
Pali BJTසමුදයො සච්චන්ති: ආමන්තා. -පෙ- නිරොධො සච්චන්ති: ආමන්තා. -පෙ- මග්ගො සච්චන්ති: ආමන්තා. සච්චා මග්ගසච්චන්ති: මග්ගසච්චං සච්චඤ්චෙව මග්ගසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න මග්ගසච්චං. (අනුලොම)
Sinhala BJTසමුදය සත්‍ය ද යත්: එසේ යි. ... නිරෝධය සත්‍ය ද යත්: එසේ යි. ... මාර්‍ගය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ මාර්‍ගසත්‍ය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. අවශේෂ සත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ. (අනුලෝම යි.)
ap-yam-4:442.8
Pali BJT6. න දුක්ඛං න සච්චන්ති: දුක්ඛං ඨපෙත්වා අවසෙසා සච්චා න දුක්ඛං, සච්චා. දුක්ඛඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං න ච සච්චා. න සච්චා න දුක්ඛසච්චන්ති: ආමන්තා.
Sinhala BJT6. දුඃඛ නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂසත්‍යයෝ දුඃඛය නො වෙයි, සත්‍යයහ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛ ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.
ap-yam-4:442.9
Pali BJTන සමුදයො න සච්චන්ති: සමුදයං ඨපෙත්වා -පෙ- න නිරොධො න සච්චන්ති: නිරොධං ඨපෙත්වා -පෙ- න මග්ගො න සච්චන්ති: මග්ගං ඨපෙත්වා අවසෙසා සච්චා න මග්ගො, සච්චා. මග්ගඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසො{1} න චෙව මග්ගො, න ච සච්චා. න සච්චා න මග්ගසච්චන්ති: ආමන්තා. (පච්චනීක)
Sinhala BJTසමුදය නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: සමුදය තබා ... නිරෝධ නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: නිරෝධය තබා ... මාර්‍ග නො වූයෙක් සත්‍ය නො වේ ද යත්: මාර්‍ගය තබා අවශේෂසත්‍යයෝ මාර්‍ගය නො වෙයි, සත්‍යයහ. මාර්‍ගය ද සත්‍යය ද තබා අවශේෂය මාර්‍ග ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍යය නො වේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක යි.)
ap-yam-4:442.10
Pali BJTසුද්ධසච්චවාරො.
Sinhala BJTශුද්ධසත්‍යවාර යි.
ap-yam-4:444.1
Pali BJT7. දුක්ඛං සච්චන්ති: ආමන්තා. සච්චා සමුදයසච්චන්ති: සමුදයසච්චං සච්චඤ්චෙව සමුදයසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න සමුදයසච්චං.
Sinhala BJT7. දුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ සමුදයසත්‍යය ද යත්: සමුදයසත්‍යය සත්‍ය වූයේ ම සමුදයසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, සමුදයසත්‍ය නො වේ.
ap-yam-4:444.2
Pali BJTදුක්ඛං සච්චන්ති: ආමන්තා. සච්චා නිරොධසච්චන්ති: -පෙ- සච්චා මග්ගසච්චන්ති: මග්ගසච්චං සච්චඤ්චෙව මග්ගසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න මග්ගසච්චං.
Sinhala BJTදුඃඛය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: ... සත්‍යයෝ මාර්‍ගසත්‍යය ද යත්: මාර්‍ගසත්‍යය සත්‍ය වූයේ ම මාර්‍ගසත්‍යය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, මාර්‍ගසත්‍යය නො වේ.
ap-yam-4:444.3
Pali BJTසමුදයො සච්චන්ති: ආමන්තා. -පෙ- නිරොධො සච්චන්ති: ආමන්තා. -පෙ- මග්ගො සච්චන්ති: ආමන්තා. සච්චා දුක්ඛසච්චන්ති: -පෙ- සච්චා සමුදයසච්චන්ති: -පෙ- සච්චා නිරොධසච්චන්ති: නිරොධසච්චං සච්චඤ්චෙව නිරොධසච්චඤ්ච. අවසෙසා සච්චා සච්චා, න නිරොධසච්චං. (අනුලොම)
Sinhala BJTසමුදය සත්‍ය ද යත්: එසේ යි. ... නිරෝධය සත්‍ය ද යත්: එසේ යි. මාර්‍ගය සත්‍ය ද යත්: එසේ යි. සත්‍යයෝ දුඃඛසත්‍ය ද යත් ... සත්‍යයෝ සමුදයසත්‍ය ද යත්: ... සත්‍යයෝ නිරෝධසත්‍ය ද යත්: නිරෝධසත්‍යය සත්‍ය වූයේ ම නිරෝධසත්‍ය ද වේ. අවශේෂසත්‍යයෝ සත්‍යයෝ යි, නිරෝධසත්‍යය නො වේ. (අනුලෝම යි.)
ap-yam-4:444.4
Pali BJT8. න දුක්ඛං න සච්චන්ති: දුක්ඛං ඨපෙත්වා අවසෙසා සච්චා න දුක්ඛං, සච්චා. දුක්ඛඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං න ච සච්චා. න සච්චා න සමුදයසච්චන්ති: ආමන්තා. න දුක්ඛං න සච්චන්ති: දුක්ඛං ඨපෙත්වා අවසෙසා සච්චා න දුක්ඛං, සච්චා. දුක්ඛඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසං න චෙව දුක්ඛං න ච සච්චා. න සච්චා න නිරොධසච්චන්ති: -පෙ- න සච්චා න මග්ගසච්චන්ති: ආමන්තා.
Sinhala BJT8. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂසත්‍යයෝ දුඃඛය නො වෙයි, සත්‍යය හ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු සමුදයසත්‍යය නො වේ ද යත්: එසේ යි. දුඃඛ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: දුඃඛය තබා අවශේෂ සත්‍යයෝ දුඃඛය නො වේ, සත්‍යය හ. දුඃඛය ද සත්‍යය ද තබා අවශේෂය දුඃඛය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු නිරෝධසත්‍ය නො වේ ද යත්: ... සත්‍ය නො වූවාහු මාර්‍ගසත්‍ය නො වේ ද යත්: එසේ යි.
ap-yam-4:444.5
Pali BJTන සමුදයො න සච්චන්ති: සමුදයං ඨපෙත්වා අවසෙසා සච්චා න සමුදයො, සච්චා. සමුදයඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව සමුදයො, න ච සච්චා. න සච්චා න දුක්ඛසච්චන්ති: -පෙ- න නිරොධො න සච්චන්ති: නිරොධං ඨපෙත්වා -පෙ- න මග්ගො න සච්චන්ති: මග්ගං ඨපෙත්වා අවසෙසා සච්චා න මග්ගො, සච්චා. මග්ගඤ්ච සච්චඤ්ච ඨපෙත්වා අවසෙසො න චෙව මග්ගො න ච සච්චා. න සච්චා න දුක්ඛසච්චන්ති: ආමන්තා.
Sinhala BJTසමුදය නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: සමුදය තබා අවශේෂසත්‍යයෝ සමුදය නො වෙයි, සත්‍යය හ. සමුදය ද සත්‍යය ද තබා අවශේෂය සමුදය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: ... නිරෝධ නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: නිරෝධය තබා ... මාර්‍ග නො වූයෙක් සත්‍යය නො වේ ද යත්: මාර්‍ගය තබා අවශේෂසත්‍යයෝ මාර්‍ගය නො වේ, සත්‍යය හ. මාර්‍ගය ද සත්‍යය ද තබා අවශේෂය මාර්‍ගය ද නො වූයේ ම සත්‍යයෝ ද නො වෙත්. සත්‍ය නො වූවාහු දුඃඛසත්‍යය නො වේ ද යත්: එසේ යි.