Yamaka

Pairs

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 501-600 න් 7973

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-yam:116.9
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
ap-yam:118.1
Pali BJT15. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT15. යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
ap-yam:118.2
Pali BJT16. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ, පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ. වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ.
Sinhala BJT16. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වී ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපන්නේ ය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ විය.
ap-yam:118.3
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ. රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට එහි රූපස්කන්‍ධය උපන්නේ ද යත්: අරූප වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. රූපස්කන්‍ධය ද උපන්නේ යි.
ap-yam:118.4
Pali BJT17. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT17. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam:118.5
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යම්කුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වී නදී ඕහට එහි වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ සි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
ap-yam:118.6
Pali BJT18. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJT18. යමකුට රූපස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති.
ap-yam:118.7
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: නත්ථි.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට රූපස්කන්‍ධය නො උපන්නේ ද යත්: නැති.
ap-yam:118.8
Pali BJT19. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: නත්ථි.
Sinhala BJT19. යමකුට වේදනාස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: නැති.
ap-yam:118.9
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: නත්ථි. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඔඟට වේදනාස්කන්‍ධය නො උපන්නේ ද යත්: නැති. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
ap-yam:118.10
Pali BJT20. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ -පෙ- (පච්චනීක ඔකාස)
Sinhala BJT20. යම් තැනෙක රූපස්කන්‍ධය නො උපන්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
ap-yam:118.11
Pali BJT21. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ. වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ.
Sinhala BJT21. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: අරූප වූ ඔවුනට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වී ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නො උපන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය.
ap-yam:120.1
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිත්ථ. රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි රූපස්කන්‍ධය නො උපන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වී ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නො උපන්නේ ය. ශුද්ධාවාස වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වී ය. රූපස්කන්‍ධය ද නො උපන්නේ යි.
ap-yam:120.2
Pali BJT22. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT22. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නො උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී ද යත්: එසේ යි.
ap-yam:120.3
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: ආමන්තා. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නො උපන්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ap-yam:120.4
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතවාර යි.
ap-yam:120.5
Pali BJT23. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති. තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT23. යමකුට රූපස්කන්‍ධය උපදින්නේ නම් ඕහට වේදනා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam:120.6
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං, යෙ ච අරූපං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිම්භවික වැ උපදනවුනට ද යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදින්නේ යි. සෙසු ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, රූපස්කන්‍ධය ද උපදින්නේ යි.
ap-yam:120.7
Pali BJT24. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT24. යමකුට වේදනාස්කන්‍ධය උපදින්නේ නම් ඕහට සංඥා ස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam:120.8
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං තෙසං සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනව සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද උපදින්නේ ය. සෙසු ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගල යි.)
ap-yam:120.9
Pali BJT25. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT25. යම් තැනෙක රූපස්කන්‍ධය උපදින්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
ap-yam:120.10
Pali BJT26. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිස්සති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT26. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපදින්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපදින්නේ ය. ඔවුනට එහි වේදනා ස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපදින්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam:122.1
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති. රූපක්ඛන්ධො ච උප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපදින්නේ යි. සෙසු පඤ්චවෝකාර වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදින්නේ යි.
ap-yam:122.2
Pali BJT27. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT27. යම්කුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදින්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam:122.3
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිස්සති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදින්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය, ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපදින්නේය. චතුවෝකාර වූ ද පඤ්චවෝකාර වූ ද සෙසු ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, වේදනාස්කන්‍ධය ද උපදින්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
ap-yam:122.4
Pali BJT28. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති. තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං, යෙ ච අරූපං උප්පජ්ජිත්වා පරිනිබ්බායිස්සන්ති, තෙසං රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති, නො ච තෙසං වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං රූපක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT28. යමකුට රූපස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිම්භවික වැ උපදනවුනට ද යම් කෙනෙක් අරූපයෙහි ඉපිද පිරිනිවෙන්නාහු නම් ඔවුනට ද රූපස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නූපදින්නේය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam:122.5
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදින්නේ ද යත් එසේ යි.
ap-yam:122.6
Pali BJT29. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති, නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT29. යමකුට වේදනාස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ උපදනා වූ ඔවුනට වේදනාස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය ද නූපදින්නේ ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam:122.7
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
ap-yam:122.8
Pali BJT30. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති -පෙ- (පච්චනීක ඔකාස)
Sinhala BJT30. යම් තැනෙක රූපස්කන්‍ධය නූපදින්නේ නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
ap-yam:124.1
Pali BJT31. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT31. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිමභවික වැ පඤ්චවෝකාරයෙ හි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදින්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam:124.2
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිස්සති. පරිනිබ්බන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදින්නේ ද යත්: අසංඥසත්‍ව වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නූපදින්නේ යි. පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය. රූපස්කන්‍ධය ද නූපදින්නේ යි.
ap-yam:124.3
Pali BJT32. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පච්ඡිමභවිකානං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිස්සති, සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT32. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදින්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පශ්චිම භවික වැ උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදින්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නූපදින්නේ ය. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam:124.4
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිස්සතීති: ආමන්තා. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපදින්නේ ද යත්: එසේ යි. (ප්‍රත්‍යකීක පුද්ගලාවකාශ යි.)
ap-yam:124.5
Pali BJTඅනාගතවාරො.
Sinhala BJT(අනාගතවාර යි.)
ap-yam:124.6
Pali BJT33. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථාති: ආමන්තා.
Sinhala BJT33. යමකුට රූපස්කන්‍ධය උපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ද යත්: එසේ යි.
ap-yam:124.7
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අරූපං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිත්ථ, නො ච තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිත්ථ, රූපක්ඛන්ධො ච උප්පජ්ජති. -පෙ-
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී නම් ඕහට රූපස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වී ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වී ය. රූපස්කන්‍ධය ද උපදී.
ap-yam:124.8
Pali BJT(යථා උප්පාදවාරෙ පච්චුප්පන්නාතීතං විභත්තං තථා ඉධ විභජිතබ්බං) (අනුලොම පුග්ගල)
Sinhala BJT(යම්සේ උත්පාදචාරයෙහි ප්‍රත්‍යුත්පන්න අතීතවාර බෙදන ලද්දේ ද එසේ මෙහි ද බෙදියයුතු) (අනුලෝම පුද්ගල යි.)
ap-yam:124.9
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතාවාර යි.
ap-yam:126.1
Pali BJT34. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT34. යමකුට රූපස්කන්‍ධය උපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam:126.2
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අරූපං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති, නො ච තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදී.
ap-yam:126.3
Pali BJT35. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තස්ස සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT35 යමකුට වේදනාස්කන්‍ධය උපදී නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam:126.4
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: සබ්බෙසං චවන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති, නො ච තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපදී ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද උපදී. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදී. (අනුලෝම පුද්ගල යි.)
ap-yam:126.5
Pali BJT36. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT36. යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් ... (අනුලෝමාවකාශ යි.)
ap-yam:126.6
Pali BJT37. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජති, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT37. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය උපදී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාරයෙහි උපදනා වූ ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපදී. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam:126.7
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජතීති: පඤ්චවොකාරා චවන්තානං අරූපං{1} උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජති. පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච උප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපදී ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපදී. පඤ්චවෝකාරයෙහි උපදනවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. රූපස්කන්‍ධය ද උපදී.
ap-yam:126.8
Pali BJT38. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: ආමන්තා.
Sinhala BJT38. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: එසේ යි.
ap-yam:126.9
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජති. චතුවොකාරං පඤ්චවොකාරං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති. වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජති. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදී ද යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපදී. චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි ද උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය. වේදනාස්කන්‍ධය ද උපදී. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
ap-yam:128.1
Pali BJT39. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජති තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං, අරූපං උපපජ්ජන්තානං තෙසං රූපක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං රූපක්ඛන්ධො ච නූප්පජ්ජති වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT39. යමකුට රූපස්කන්‍ධය නූපදී නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට රූපස්කන්‍ධය නූපදී. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය ද නූපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam:128.2
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි.
ap-yam:128.3
Pali BJT40. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: සබ්බෙසං චවන්තානං, අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං තෙසං වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති.
Sinhala BJT40. යමකුට වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට සංඥාස්කන්‍ධයද නිරුද්ධ නො වන්නේ ද යත්: ච්‍යුත වන්නා වූ සියල්ලනට ද අසංඥසත්‍වයෙහි උපදනවුනට දැ යි ඔවුනට වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය ද නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam:128.4
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති, තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි.)
ap-yam:128.5
Pali BJT41. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති -පෙ- (පච්චනීක ඔකාස)
Sinhala BJT41. යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් ... (ප්‍රත්‍යනීකාවකාශ යි.)
ap-yam:128.6
Pali BJT42. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරා චවන්තානං අරූපං උපපජ්ජන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති, පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජති. වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT42. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපදී නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙන් ච්‍යුත වන්නවුනට ද අරූපයෙහි උපදනවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපදී. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නො ද නිරුද්ධ නො වන්නේ ය. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය ද නූපදී, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ යි.
ap-yam:128.7
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජතීති: අසඤ්ඤසත්තං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජති. පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති. රූපක්ඛන්ධො ච නූප්පජ්ජති.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදී ද යත්: අසංඥසත්‍වයෙහි උපදනා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද නූපදී. පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයෙන් ච්‍යුත වන්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේය, රූපස්කන්‍ධය ද නූපදී.
ap-yam:128.8
Pali BJT43. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: චතුවොකාරා පඤ්චවොකාරා චවන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජති. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජති. සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT43. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපදී නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ යත්: චතුවෝකාරයෙන් ද පඤ්චවෝකාරයෙන් ද ච්‍යුත වන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදී. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය, පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපදී. සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේයි.
ap-yam:128.9
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජතීති: ආමන්තා. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපදී ද යත්: එසේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ap-yam:128.10
Pali BJTපච්චුප්පන්නානාගතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
ap-yam:130.1
Pali BJT44. යස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT44. යමකුට රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට රූපස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපස්කන්‍ධය ද උපන්නේය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam:130.2
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට රූපස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි.
ap-yam:130.3
Pali BJT45. යස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං තෙසං වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT45. යමකුට වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට වේදනාස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු ඔවුනට රූපස්කන්‍ධය ද උපන්නේ ය, සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam:130.4
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: ආමන්තා. (අනුලොම පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය උපන්නේ ද යත්: එසේ යි. (අනුලෝම පුද්ගල යි.)
ap-yam:130.5
Pali BJT46. යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ -පෙ- (අනුලොම ඔකාස)
Sinhala BJT46. යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ... (අනුලෝමාවකාශ යි.)
ap-yam:130.6
Pali BJT47. යස්ස යත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT47. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය උපන්නේ යි. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි රූපස්කන්‍ධය ද උපන්නේ ය. වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ යි.
ap-yam:130.7
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො උප්පජ්ජිත්ථ. ඉතරෙසං පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය උපන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට අරූපයනට දැ යි ඔවුනට එ වේදනාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නොද උපන්නේ ය. පඤ්චවෝකාර වූ සෙසු ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, රූපස්කන්‍ධය ද උපන්නේ යි.
ap-yam:130.8
Pali BJT48. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සතීති: පරිනිබ්බන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. ඉතරෙසං චතුවොකාරානං පඤ්චවොකාරානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ, සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති.
Sinhala BJT48. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය උපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ද යත්: පිරිනිවෙන්නා වූ ඔවුනට එහි වේදනාස්කන්‍ධය උපන්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ වන්නේ ය. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද උපන්නේය, සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය.
ap-yam:130.9
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථාති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො උප්පජ්ජිත්ථ. ඉතරෙසං චතුවොකාරානං, පඤ්චවොකාරානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච උප්පජ්ජිත්ථ. (අනුලොම පුග්ගලොකාස)
Sinhala BJTතවද යමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය උපදනේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා වූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද උපන්නේ ය. සෙසු චතුවෝකාරයනට පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ වන්නේ ය, වේදනාස්කන්‍ධය ද උපන්නේ යි. (අනුලෝම පුද්ගලාවකාශ යි.)
ap-yam:130.10
Pali BJT49. යස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT49. යමකුට රූපස්කන්‍ධය නූපන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ ද යත්: නැති.
ap-yam:132.1
Pali BJTයස්ස වා පන වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට වේදනාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ නම් ඕහට රූපස්කන්‍ධය නූපදින්නේ ද යත්: උපන්නේ යි.
ap-yam:132.2
Pali BJT50. යස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: නත්ථි.
Sinhala BJT50. යමකුට වේදනාස්කන්‍ධය නූපන්නේ නම් ඕහට සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: නැති.
ap-yam:132.3
Pali BJTයස්ස වා පන සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: උප්පජ්ජිත්ථ. (පච්චනීක පුග්ගල)
Sinhala BJTතවද යමකුට සංඥාස්කන්‍ධය නිරුද්ධ නොවන්නේ නම් ඕහට වේදනාස්කන්‍ධය නූපන්නේ ද යත්: උපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගල යි)
ap-yam:132.4
Pali BJT51. යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ -පෙ- (පච්චනීක ඔකාස)
Sinhala BJT51. යම් තැනෙක රූපස්කන්‍ධය නූපන්නේ නම් ... (ප්‍රත්‍යනීකතාවකාශ යි.)
ap-yam:132.5
Pali BJT52. යස්ස යත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං, අරූපානං තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ. වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT52. යමකුට යම් තැනෙක රූපස්කන්‍ධය නූපන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනවුනට ද අරූපයනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේය. ගුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරිනිවෙන්නවුනට දැ යි ඔවුනට එහි රූපස්කන්‍ධය නූපන්නේ ය, වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නොවන්නේ යි.
ap-yam:132.6
Pali BJTයස්ස වා පන යත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: පඤ්චවොකාරෙ පරිනිබ්බන්තානං, අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ රූපක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං, අරූපෙ පරිනිබ්බන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති, රූපක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ.
Sinhala BJTතවද යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි රූපස්කන්‍ධය නූපදනේ ද යත්: පඤ්චවෝකාරයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි රූපස්කන්‍ධය නො ද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අරූපයෙහි පිරින්නවුනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, රූපස්කන්‍ධය ද නූපන්නේ යි.
ap-yam:132.7
Pali BJT53. යස්ස යත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ තස්ස තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සතීති: සුද්ධාවාසං උපපජ්ජන්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. නො ච තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ, සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති.
Sinhala BJT53. යමකුට යම් තැනෙක වේදනාස්කන්‍ධය නූපන්නේ නම් ඕහට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ද යත්: ශුද්ධාවාසයෙහි උපදනා ඔවුනට එහි වේදනාස්කන්‍ධය නූපන්නේ ය. ඔවුනට එහි සංඥාස්කන්‍ධය නොද නිරුද්ධ නො වන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි වේදනාස්කන්‍ධය ද නූපන්නේ ය, සංඥාස්කන්‍ධ ද නිරුද්ධ නොවන්නේ යි.
ap-yam:132.8
Pali BJTයස්ස වා පන යත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති තස්ස තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථාති: පරිනිබ්බන්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො න නිරුජ්ඣිස්සති. නො ච තෙසං තත්ථ වෙදනාක්ඛන්ධො නූප්පජ්ජිත්ථ. සුද්ධාවාසෙ පරිනිබ්බන්තානං අසඤ්ඤසත්තානං තෙසං තත්ථ සඤ්ඤාක්ඛන්ධො ච න නිරුජ්ඣිස්සති, වෙදනාක්ඛන්ධො ච නූප්පජ්ජිත්ථ. (පච්චනීක පුග්ගලොකාස)
Sinhala BJTයමකුට යම් තැනෙක සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ නම් ඕහට එහි වේදනාස්කන්‍ධය නූපන්නේ ද යත්: පිරිනිවෙන්නාවූ ඔවුනට එහි සංඥාස්කන්‍ධය නිරුද්ධ නො වන්නේ ය. ඔවුනට එහි වේදනාස්කන්‍ධය නොද නූපන්නේ ය. ශුද්ධාවාසයෙහි පිරිනිවෙන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි සංඥාස්කන්‍ධය ද නිරුද්ධ නො වන්නේ ය, වේදනාස්කන්‍ධය ද නූපන්නේ යි. (ප්‍රත්‍යනීක පුද්ගලාවකාශ යි.)
ap-yam:132.9
Pali BJTඅතීතානාගතවාරො.
Sinhala BJTඅතීතානාගාරවාර යි.
ap-yam:132.10
Pali BJTඋප්පාද නිරොධවාරො නිට්ඨිතො.
Sinhala BJTඋත්පාද නිරෝධවාර නිමි.
ap-yam:134.1
Pali BJT6. පරිඤ්ඤාවාරො
Sinhala BJT6. පරිඤ්ඤාවාරය
ap-yam:134.2
Pali BJT1. යො රූපක්ඛන්ධං පරිජානාති සො වෙදනාක්ඛන්ධං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT1. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
ap-yam:134.3
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං පරිජානාති සො රූපක්ඛන්ධං පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
ap-yam:134.4
Pali BJT2. යො රූපක්ඛන්ධං න පරිජානාති සො වෙදනාක්ඛන්ධං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJT2. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
ap-yam:134.5
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං න පරිජානාති සො රූපක්ඛන්ධං න පරිජානාතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
ap-yam:134.6
Pali BJTපච්චුප්පන්නවාරො.
Sinhala BJTප්‍රත්‍යුපන්නවාරය යි.
ap-yam:134.7
Pali BJT3. යො රූපක්ඛන්ධං පරිජානිත්ථ සො වෙදනාක්ඛන්ධං පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJT3. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
ap-yam:134.8
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං පරිජානිත්ථ සො රූපක්ඛන්ධං පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
ap-yam:134.9
Pali BJT4. යො රූපක්ඛන්ධං න පරිජානිත්ථ සො වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJT4. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.
ap-yam:134.10
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථ සො රූපක්ඛන්ධං න පරිජානිත්ථාති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.
ap-yam:134.11
Pali BJTඅතීතවාරො.
Sinhala BJTඅතීතචාරය යි.
ap-yam:134.12
Pali BJT5. යො රූපක්ඛන්ධං පරිජානිස්සති සො වෙදනාක්ඛන්ධං පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJT5. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
ap-yam:134.13
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං පරිජානිස්සති සො රූපක්ඛන්ධං පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
ap-yam:134.14
Pali BJT6. යො රූපක්ඛන්ධං න පරිජානිස්සති සො වෙදනාක්ඛන්ධං න පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJT6. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.
ap-yam:134.15
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං න පරිජානිස්සති සො රූපක්ඛන්ධං න පරිජානිස්සතීති: ආමන්තා.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.
ap-yam:134.16
Pali BJTඅනාගතවාරො.
Sinhala BJTඅනාගතවාරය යි.
ap-yam:136.1
Pali BJT7. යො රූපක්ඛන්ධං පරිජානාති සො වෙදනාක්ඛන්ධං පරිජානිත්ථා{1}ති: නො.
Sinhala BJT7. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දත්තේ ද යත්: නො දත්තේ යි.
ap-yam:136.2
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං පරිජානිත්ථ සො රූපක්ඛන්ධං පරිජානාතීති: නො.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ දනී ද යත්: නො දනී.
ap-yam:136.3
Pali BJT8. යො රූපක්ඛන්ධං න පරිජානාති සො වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථාති: අරහා රූපක්ඛන්ධං න පරිජානාති. නො ච වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථ. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා රූපක්ඛන්ධං ච න පරිජානන්ති. වෙදනාක්ඛන්ධඤ්ච න පරිජානිත්ථ.
Sinhala BJT8. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ද යත්: රහත් තෙමේ රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී. වේදනාස්කන්‍ධය නොද පිරිසිඳ නො දත්තේ ය. අර්‍හන්මාර්‍ගස්ථයා ද රහතුන්වහන්සේ ද තබා අවශේෂ පුද්ගලයෝ රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්. වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නොදත්හ.
ap-yam:136.4
Pali BJTයො වා පන වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථ, සො රූපක්ඛන්ධං න පරිජානාතීති: අග්ගමග්ගසමඞ්ගී වෙදනාක්ඛන්ධං න පරිජානිත්ථ, නො ච රූපක්ඛන්ධං න පරිජානාති. අග්ගමග්ගසමඞ්ගිඤ්ච අරහන්තඤ්ච ඨපෙත්වා අවසෙසා පුග්ගලා වෙදනාක්ඛන්ධඤ්ච න පරිජානිත්ථ. රූපක්ඛන්ධඤ්ච න පරිජානන්ති.
Sinhala BJTතවද යමෙක් වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම රූපස්කන්‍ධය පිරිසිඳ නො දනී ද යත්: අර්‍හන්මාර්‍ගස්ථයා වේදනාස්කන්‍ධය පිරිසිඳ නො දත්තේ ය. රූපස්කන්‍ධය නොද පිරිසිඳ නො දනී. අර්‍හන්මාර්‍ගස්ථයා ද රහතුන් වහන්සේ ද තබා අවශේෂ පුද්ගලයෝ වේදනාස්කන්‍ධය ද පිරිසිඳ නො දත්හ. රූපස්කන්‍ධය ද පිරිසිඳ නො දනිත්.
ap-yam:136.5
Pali BJTපච්චුප්පන්නාතීතවාරො.
Sinhala BJTප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
ap-yam:136.6
Pali BJT9. යො රූපක්ඛන්ධං පරිජානාති, සො වෙදනාක්ඛන්ධං පරිජානිස්සතීති: නො.
Sinhala BJT9. යමෙක් රූපස්කන්‍ධය පිරිසිඳ දනී නම් හෙතෙම වේදනාස්කන්‍ධය පිරිසිඳ දන්නේ ද යත්: නො දන්නේ යි.