Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 701-800 න් 4234

164. සප්තප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
165. අන්‍ය වූ ද සප්තප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංස්කාරස්ක්නධය වේ.
166. චතුර්විංශත්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා ය. ... මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
167. අන්‍ය වූ ද චතුර් විංශත් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්ක්නධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇත, ... සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් උපන් චේතනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් චේතනා ය, කාය සම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
168. ත්‍රිංශත්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. චක්ඛු සම්ඵස්සයෙන් උපන් චේතනා ය. ... මනෝ සම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ ත්‍රිංසත් ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
169. බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. සෝතසම්ඵස්සප්‍රත්‍යයෙන් ... ඝානසම්පස්සප්‍රත්‍යයෙන් ... ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් ... කායසම්ඵස්සප්‍රත්‍යයෙන් ... මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
170. අන්‍ය වූ ද බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. සෝතසම්ඵස්සප්‍රත්‍යයෙන් ... ඝානසම්ඵස්සප්‍රත්‍යයෙන් ... ජිව්හාසම්ඵස්සප්‍රත්‍යයෙන් ... කායසම්ඵස්සප්‍රත්‍යයෙන් ... මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් වූ සංස්කාරස්කන්‍ධය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජ චේතනා ය, සෝතසම්ඵස්සජ චේතනා ය, ඝානසම්ඵස්සජ චේතනා ය, ජිව්හාසම්ඵස්සජ චේතනා ය, කායසම්ඵස්සජ චේතනා ය, මනෝසම්ඵස්සජ චේතනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. මේ සංස්කාරස්කන්‍ධ යි කියනු ලැබේ.
සංස්කාරස්කන්‍ධය යි.
171. එහි විඥානස්කන්‍ධය කවරේ යත්:
එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ක වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
චතුෂ්ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කාමාවචර වූයෙක් ඇත. රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
පඤ්චප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ෂට්ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
සප්තප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ ධාතු ය, මනෝ විඥාන ධාතු යි. මෙසේ සප්තප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
අෂ්ටප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥානය සුඛ සහගත වූයෙක් ඇත, දුක්ඛ සහගත වූයෙක් ඇති, මනෝධාතු ය, මනෝ විඥානධාතු යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
නවප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානය, ශ්‍රෝත්‍රවිඥානය, ඝ්‍රාණවිඥානය, ජිව්හාවිඥානය, කායවිඥානය, මනෝධාතුය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
දශප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්‍ෂුර්විඥානය, ... කායවිඥානය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතුය, මනෝ විඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
172. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
විපාක වූයෙක් ඇත, විපාක ධර්‍ම ස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍ම ස්වභාව නො වූයෙක් ඇති.
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
සංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට වූ සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති.
සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක - අවිචාර වූයෙක් ඇති.
ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති.
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇත.
ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති.
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
මිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක්ඇති.
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උපදනාසුලු වූයෙක් ඇති.
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති.
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාම - බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
173. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
හේතු නො වූ සහේතුක වූයෙක් ඇත, හේතු නො වූ අහේතුක වූයෙක් ඇති.
ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දතයුත්තෙක් ඇති.
සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
ආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූ අනාස්‍රව වූයෙක් ඇති.
සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීයයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝවිප්‍රයුක්ත වූයෙක් ඇති.
ඕඝ විප්‍රයුක්ත වූ ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූ අනෝඝනීය වූයෙක් ඇති.
යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
යෝග විප්‍රයුක්ත වූ යෝගනීය වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූ අයෝගනීය වූයෙක් ඇති.
නීවරණය වූයෙක් ඇත, අනීවරණය වූයෙක් ඇති.
නීවරණ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූයෙක් ඇති.
නීවරණ විප්‍රයුක්ත වූ නීවරණ වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූ අනීවරණය වූයෙක් ඇති.
පරාමෘෂ්ට වූයෙක් ඇත, අපරාමෘෂ්ට වූයෙක් ඇති.
පරාමර්‍ශ සම්ප්‍රයුක්තයෙක් ඇත, පරාමර්‍ශ විප්‍රයුක්තයෙක් ඇති.
පරාමර්‍ශ විප්‍රයුක්ත වූ පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමර්‍ෂ විප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට වූයෙක් ඇති.
උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
උපාදානිය වූයෙක් ඇත, අනුපාදානිය වූයෙක් ඇති.
උපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
උපාදාන විප්‍රයුක්ත වූ උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූ අනුපාදානිය වූයෙක් ඇති.
සාංක්ලේශික වූයෙක් ඇත, අසාංක්ලේශික වූයෙක් ඇති.
සංක්ලිෂ්ට වූයෙක් ඇත, අසංක්ලිෂ්ට වූයෙක් ඇති.
ක්ලේශයන් හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශයන් හා විප්‍රයුක්ත වූයෙක් ඇති.
ක්ලේශ විප්‍රයුක්ත වූ සාංක්ලේශික වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූ අසාංක්ලේශික වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇතියෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ හේතු ඇතියෙක් ඇති.
භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු අතියෙක් ඇති, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ හේතු ඇතියෙක් ඇති.
සවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
සවිචාර වූයෙක් ඇත, අවිචාර වූයෙක් ඇති.
සප්‍රීතික වූයෙක් ඇත, අප්‍රීතික වූයෙක් ඇති.
ප්‍රීති සහගත වූයෙක් ඇත, ප්‍රීති සහගත නො වූයෙක් ඇති.
සුඛ සහගත වූයෙක් ඇත, සුඛ සහගත නො වූයෙක් ඇති.
උපේක්‍ෂා සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත නො වූයෙක් ඇති.
කාමාවචර වූයෙක් ඇත, කාමාචර නො වූයෙක් ඇති.
රූපාවචර වූයෙක් ඇත, රූපාවචර නො වූයෙක් ඇති.
පර්‍ය්‍යාපන්න වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති.
නෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, අනෛර්‍ය්‍යාණික වූයෙක් ඇති.
නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
සඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
තුන් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි. කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
174. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වීප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ද්වික මූලක යි.
175. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.