භාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
සවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
සවිචාර වූයෙක් ඇත, අවිචාර වූයෙක් ඇති.
සප්‍රීතික වූයෙක් ඇත. අප්‍රීතික වූයෙක් ඇති.
ප්‍රීති සහගත වූයෙක් ඇත. ප්‍රීති සහගත නො වූයෙක් ඇති.
සුඛ සහගත වූයෙක් ඇත, සුඛ සහගත නො වූයෙක් ඇති.
උපේක්‍ෂා සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත නො වූයෙක් ඇති.
කාමාවචර වූයෙක් ඇත, කාමාවචර නො වූයෙක් ඇති.
රූපාවචර වූයෙක් ඇත, රූපාවචර නො වූයෙක් ඇති.
අරූපාවචර වූයෙක් ඇත, අරූපාවචර නො වූයෙක් ඇති.
පරියාපන්න වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
නෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, අනෛර්‍ය්‍යාණික වූයෙක් ඇති.
නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
සඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
සරණ (රාගාදි ක්ලේස සහිත) වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
138. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වීප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ...
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ද්වික මූලක යි.
139. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
140. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
141. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
142. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: (රාගාදි) රණ සහිත වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ත්‍රිකමූලක යි.
143. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
144. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
145. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතුසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍මස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍මස්වභාව නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
146. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු ද වූ සහේතුක ද වූයෙක් ඇත, සහේතුක ද වූ නො ද හේතු වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න - අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
147. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු ද වූ හේතු සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, හේතුසම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
148. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක - අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
149. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ප්‍රීති සහගත වූයෙක් ඇත, සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
150. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දත යුත්තෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
151. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව වූයෙක් ඇත, ආස්‍රව නො වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
152. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව සහිත වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී වූ අපචයගාමී නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
153. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
154. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව ද වූයේ ම සාස්‍රව ද වූයෙක් ඇත, සාස්‍රව ද වූයේ ම නො ද ආස්‍රව වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
155. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව ද වූයේ ම ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ආස්‍රව වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
156. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූ අනාස්‍රව වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
157. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන වූයෙක් ඇත, සංයෝජන නො වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: මිතථ්‍යාත්‍ව නියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
158. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ග හේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
159. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජනයන් හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජනයන් හා විප්‍රයුක්ත වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උපදනාසුලු වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
160. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන ද වූයේ ම සංයෝජනීය ද වූයෙක් ඇත, සංයෝජනීය ද වූයේ ම නො ද සංයෝජන වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
161. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන ද වූයේම සංයෝජන සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජන වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
162. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
163. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ වූයෙක් ඇත, ග්‍රන්‍ථ නො වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
උභතෝවඩ්ඪක යි.