1116. රූපස්කන්‍ධය අවිතර්‍කඅවිචාර යැ. ස්කන්‍ධයෝ තිදෙනෙක් සවිතර්‍ක සවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙති. සංස්කාරස්කන්‍ධය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද, අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.
දස ආයතන කෙනෙක් අවිතර්‍කඅවිචාරය හ. මනායතනය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. ධර්‍මායතනය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.
පසළොස් ධාතු කෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතු සවිතර්‍කසවිචාර යැ. මනෝවිඤ්ඤාණධාතු සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. ධර්‍මධාතු සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.
සමුදයසත්‍යය සවිතර්‍කසවිචාර යැ. නිරෝධසත්‍යය අවිතර්‍කඅවිචාර යැ. මාර්‍ගසත්‍යය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. දුඃඛසත්‍යය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.
ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. දෝමනස්සින්‍ද්‍රිය සවිතර්‍කසවිචාර යැ. උපෙක්ඛින්‍ද්‍රිය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සවිතර්‍කසවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙත්.
තුන් අකුශලහේතූහු සවිතර්‍කසවිචාරයහ. හේතූහු සදෙනෙක් සවිතර්‍කසවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙත්.
කවලීකාරාහාරය අවිතර්‍කඅවිචාර යැ. ආහාරයෝ තිදෙනෙක් සවිතර්‍කසවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙත්.
ස්පර්‍ශයෝ පස්දෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතු සංස්පර්‍ශය සවිතර්‍කසවිචාර යැ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි. අවිතර්‍කඅවිචාර වියහේ.
වේදනාවෝ පස්දෙනෙක් - සංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතු සවිතර්‍කසවිචාර යැ. මනෝවිඥානධාතු සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහේ.
1117. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි රූපයෝ කෙතෙක, අරූපයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි රූපයෝ කෙතෙකෙ, අරූපයෝ කෙතෙකෙ යත්:
1118. රූපස්කන්‍ධය රූප යැ. (වේදනාදී) සතර ස්කන්‍ධයෝ අරූපයහ.
දස ආයතන කෙනෙක් රූපයහ. මනායතනය අරූප යැ. ධර්‍මායතනය රූප වියහෙයි, අරූප වියහේ.
ධාතූහු දස දෙනෙක් රූපයහ. ධාතූහු සත් දෙනෙක් අරූපයහ. ධර්‍මධාතු රූප වියහෙයි, අරූප වියහේ.
සත්‍යයෝ තිදෙනෙක් අරූපයහ. දුඃඛසත්‍යය රූප වියහෙයි, අරූප වියහේ.
ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් රූපය හ. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් අරූපයහ. ජීවිතින්‍ද්‍රිය රූප වියහෙයි, අරූප වියහේ.
නවහේතූහු අරූපයහ.
කවලීකාරාහාරය රූප යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ අරූපයහ.
සප්තස්පර්‍ශයෝ අරූපයහ.
සප්තවේදනාවෝ - සප්තසංඥාවෝ - සප්තචේතනාවෝ - සප්තචිත්තයෝ අරූපයහ.
1119. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක. දොළොස් ආයතනයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක. අටළොස් ධාතූන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක. සතර සත්‍යයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක යත්:
1120. රූපස්කන්‍ධය ලෞකික යැ. ස්කන්‍ධයෝ සතර දෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
ආයතනයෝ දස දෙනෙක් ලෞකිකයහ. ආයතනයෝ දෙදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
ධාතූහු සොළොස් දෙනෙක් ලෞකිකයහ. ධාතූහු දෙදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
සත්‍යයෝ දෙදෙනෙක් ලෞකිකයහ. සත්‍යයෝ දෙදෙනෙක් ලෝකෝත්තරයහ.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් ලෞකිකයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ලෝකෝත්තරයහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
තුන් අකුශලහේතූහු ලෞකිකයහ. හේතූහු සදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
කවලීකාරාහාරය ලෞකික ය. ආහාරයෝ තිදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
ස්පර්‍ශයෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.
වේදනාවෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් වේදනා ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.
සංඥාවෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් සංඥා ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.
චේතනාවෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් චේතනා ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.
චිත්තයෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතු ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.
ධම්මහදයවිභඞ්ග නිමි.
විභඞ්ගප්‍රකරණ සමාප්තයි.