කිසෙයින් ‘මෙයින් මම වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: කිසි දහමක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය වෙන් කොටගෙන මෙයින් මම වන්නෙම් නම් මැනැවැ’ යි තෘෂ්ණාවට පැමිණෙයි, මෙයින් මම වන්නෙම් නම් මැනැවැ යි මානයට පැමිණෙයි, මෙයින් මම වන්නෙම් නම් මැනැවැ යි දෘෂ්ටියට පැමිණෙයි. ඒ තුන් ප්‍රපඤ්චයන් ඇති කල්හි මෙයින් මම මේ ප්‍රකාර වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ යි හෝ මේ ප්‍රපඤ්චිතයෝ වෙත්.
කිසෙයින් ‘මෙයින් මම මේ ප්‍රකාර වන්නෙමි නම් මැනැවැ’ යි වේ ද යත්: මෙයින් මම ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම වෛශ්‍ය වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම ශුද්‍ර වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම ගැහැවි වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම පැවිදි වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම දෙවි වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම මිනිස් වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම රූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම අරූපී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම සංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම අසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙයින් මම නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මෙයින් මම මේ ප්‍රකාර වන්නෙම් නම් මැනැවැ’ යි වේ.
කිසෙයින් ‘මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය වන්නෙම් නම් මැනැවැ යි හෝ යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මෙයින් මම මෙසේ වන්නෙම් නම් මැනැවැ’ යි වේ.
කිසෙයින් ‘මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ ද යත්: පරපුඟුලකු පිණිස යම්සේ හෙතෙම ක්‍ෂත්‍රිය වේ නම් එසෙයින් මම මෙයින් ක්‍ෂත්‍රිය නො වන්නෙම් නම් මැනැවැ යි හෝ, යම්සේ හෙතෙම බ්‍රාහ්මණ වේ නම් එසෙයින් මම මෙයින් බ්‍රාහ්මණ නො වන්නෙම් නම් මැනැවැ යි හෝ ... යම්සේ හෙතෙම නෛවසංඥීනාසංඥී වේ නම් එසෙයින් මම මෙයින් නෛවසංඥීනාසංඥී නො වන්නෙම් නම් මැනැවැ යි හෝ මෙසෙයින් ‘මෙයින් මම අන් ප්‍රකාරයෙකින් වන්නෙම් නම් මැනැවැ’ යි වේ. මොහු බාහිර ස්කන්‍ධපඤ්චකය ගැන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ යි.
මෙසේ මේ ආධ්‍යාත්මිකස්කන්‍ධපඤ්චකය ගැන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ ය, මේ බාහිරස්කන්‍ධපඤ්චකය ගැන අටළොස් තෘෂ්ණාවිචරිතයෝ ය යි ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා සතිස් තෘෂ්ණාවිචරිතයෝ වෙති. මෙසේ මෙබඳු අතීත වූ සතිස් තෘෂ්ණාවිචරිතයෝ ය, අනාගත වූ සතිස් තෘෂ්ණාවිචරිතයෝ ය, ප්‍රත්‍යුත්පන්න වූ සතිස් තෘෂ්ණාවිචරිතයෝ ය යි ඒ සියල්ල එක් අයුරෙකින් කැටි කොට හකුළුවා එක්සියඅටක් තෘෂ්ණාවිචරිත වේ.
එහි භාග්‍යවතුන් විසින් බ්‍රහ්මජාලවෙය්‍යාකරණයෙහි වදාළ දෙසැට දෘෂ්ටිගතයෝ කවරහ යත්: සතර ශාශ්වතවාදයෝ ය, සතර එකත්‍යශාශ්වතිකයෝ ය, සතර අන්තානන්තිකයෝ ය, සතර අමරාවික්‍ෂේපිකයෝ ය, අධිත්‍යසමුත්පන්නවාද ඇතියෝ දෙදෙන ය, සොළොස් සංඥීවාදයෝ ය, අසංඥීවාදයෝ අටදෙන ය, නේවසඤ්ඤීනාසඤ්ඤීවාදයෝ අටදෙන ය, උච්ඡේදවාදයෝ සත්දෙන ය, දෘෂ්ටධර්‍මනිර්‍වාණවාදයෝ පස්දෙන යි, මොහු භාග්‍යවතුන් විසින් බ්‍රහ්මජාලවෙය්‍යාකරණයෙහි වදාළ දෙසැට දෘෂ්ටිගතයෝ යි.
ඛුද්දකවත්‍ථුවිභඞ්ග නිමි.
18. ධම්මහදය විභඞ්ගය
1.
1020. ස්කන්‍ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්‍යයෝ කෙතෙක් ද, ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ද, හේතූහු කෙතෙක් ද, ආහාරයෝ කෙතෙක් ද, ස්පර්‍ශයෝ කෙතෙක් ද, වේදනා කෙතෙක් ද, සංඥා කෙතෙක් ද, චේතනා කෙතෙක් ද, චිත්තයෝ කෙතෙක් ද යත්:
1021. ස්කන්‍ධ පසෙකි, ආයතන දොළොසෙකි, ධාතු අටළොසෙකි, සත්‍ය සතරෙකි, ඉන්‍ද්‍රිය දෙවිස්සෙකි, හේතු නවයෙකි, ආහාර සතරෙකි, ස්පර්‍ශ සතෙකි, වේදනා සතෙකි, සංඥා සතෙකි, චේතනා සතෙකි, චිත්ත සතෙකි.
1022. එහි පඤ්චස්කන්‍ධයෝ කවරහ යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු පඤ්චස්කන්‍ධයහ යි කියනු ලැබෙත්.
1023. එහි ද්වාදශායතනයෝ කවරහ යත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. මොහු ද්වාදශායතනහ යි කියනු ලැබෙත්.
1024. එහි අටළොස්ධාතූහු කවරහ යත්: චක්‍ෂුර්ධාතු ය, රූපධාතු ය, චක්‍ෂුර්විඥානධාතු ය, ශ්‍රෝත්‍රධාතු ය, ශබ්දධාතු ය, ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය, ගන්‍ධධාතු ය, ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය, රසධාතු ය, ජිහ්වාවිඥානධාතු ය, කායධාතු ය, ස්ප්‍රෂ්ටව්‍යධාතු ය, කායවිඥානධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු අටළොස්ධාතූහු වෙත්.
1025. එහි සතර සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍යය, සමුදයසත්‍ය ය, නිරෝධසත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු සතර සත්‍යහ යි කියනු ලැබෙත්.
1026. එහි දෙවිසි ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සුඛේන්‍ද්‍රිය ය, දුඃඛේන්‍ද්‍රිය ය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු දෙවිසි ඉන්‍ද්‍රියයෝ යි කියනු ලැබෙත්.
1027. එහි නවහේතූහු කවරහ යත්: කුශලහේතූහු තිදෙනෙකි, අකුශලහේතූහු තිදෙනෙකි, අව්‍යාකෘතහේතූහු තිදෙනෙකි. එහි තුන් කුශලහේතූහු කවරහ යත්: අලෝභය කුශලහේතු වෙයි, අද්වේෂය කුශලහේතු වෙයි, අමෝහය කුශලහේතු වේ, මොහු තුන් කුශලහේතූහු වෙත්. එහි තුන් අකුශලහේතූහු කවරහ යත්: ලෝභය අකුශලහේතු වෙයි, ද්වේෂය අකුශලහේතු වෙයි, මෝහය අකුශලහේතු වේ. මොහු තුන් අකුශලහේතූහු වෙත්. එහි තුන් අව්‍යාකෘතහේතූහු කවරහ යත්: කුශලකර්‍මයන්ගේ විපාක හෙයින් හෝ ක්‍රියාව්‍යාකෘතධර්‍මයන්හි හෝ අලෝභය, අද්වේෂය, අමෝහයි. මොහු තුන් අව්‍යාකෘතහේතූහු වෙත්. මොහු නවහේතූහුයි කියනු ලැබෙත්.
1028. එහි සතර ආහාරයෝ කවරහ යත්: කවලීකාරාහාර ය, ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු සතර ආහාරයෝ යි කියනු ලැබෙත්.
1029. එහි සප්තස්පර්‍ශයෝ කවරහ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස ය, කායසම්ඵස්ස ය, මනෝධාතුසම්ඵස්ස ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මොහු සප්තස්පර්‍ශහ යි කියනු ලැබෙත්.
1030. එහි සප්තවේදනා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මොහු සප්තවේදනා යි කියනු ලැබෙත්.
1031. එහි සප්තසංඥා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝතසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝානසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් සංඥා ය, කායසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා යි. මොහු සප්තසංඥා යි කියනු ලැබෙත්.
1032. එහි සප්තචේතනා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු සප්තචේතනා යි කියනු ලැබෙත්.
1033. එහි සප්තචිත්තයෝ කවරහ යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතුය, මනෝවිඥානධාතු යි. මොහු සප්ත චිත්තයෝ යි කියනු ලැබෙත්.
2.
1034. කාමධාතුයෙහි ස්කන්‍ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්‍යයෝ කෙතෙක් ද, ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ද, හේතූහු කෙතෙක් ද, සංඥා කෙතෙක් ද, චේතනා කෙතෙක් ද, චිත්තයෝ කෙතෙක් ද යත්:
කාමධාතුයෙහි ස්කන්‍ධ පසෙක, ආයතන දොළොසෙක, ධාතූහු අටළොසෙක, සත්‍ය තුනෙක, ඉන්‍ද්‍රිය දෙවිස්සෙක, හේතු නවයෙක, ආහාර සතරෙක, ස්පර්‍ශ සතෙක, වේදනා සතෙක, සංඥා සතෙක, චේතනා සතෙක, චිත්ත සතෙකි.
එහි කාමධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ කවරහ යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු කාමධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි ද්වාදශායතනයෝ කවරහ යත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝතායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ට්‍යව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. මොහු කාමධාතුයෙහි ද්වාදශායතනයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි අටළොස් ධාතූහු කවරහ යත්: චක්‍ෂුර්ධාතු ය රූපධාතු ය චක්‍ෂුර්විඥානධාතු ය, ශ්‍රෝත්‍රධාතු ය ශබ්දධාතු ය ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය ගන්‍ධධාතු ය ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය රසධාතු ය ජිහ්වාවිඥානධාතු ය, කායධාතු ය ස්ප්‍රෂ්ට්‍යව්‍යධාතු ය කායවිඥානධාතු ය, මනෝධාතු ය ධම්මධාතු ය මනෝවිඥානධාතු යි. මොහු කාමධාතුයෙහි අටළොස් ධාතුහ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි තුන් සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍ය ය, සමුදයසත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු කාමධාතුයෙහි තුන් සත්‍යයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි දෙවිසි ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය ... අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු කාමධාතුයෙහි දෙවිසි ඉන්‍ද්‍රියයෝ යි කියන ලැබෙත්.
එහි කාමධාතුයෙහි නවහේතූහු කවරහ යත්: කුශලහේතු තුනෙක, අකුශලහේතු තුනෙක, අව්‍යාකෘතහේතු තුනෙකි. මොහු කාමධාතුයෙහි නවහේතූහු යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සතර ආහාරයෝ කවරහ යත්: කවලීකාරාහාර ය, ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු කාමධාතුයෙහි සතර ආහාරයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සප්තස්පර්‍ශයෝ කවරහ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස ය, කායසම්ඵස්ස ය, මනෝධාතුසම්ඵස්ස ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මොහු කාමධාතුයෙහි සප්තස්පර්‍ශයෝ යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සප්තවේදනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මොහු කාමධාතුයෙහි සප්තවේදනා යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සප්තසංඥා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝතසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝානසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් සංඥා ය, කායසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා යි. මොහු කාමධාතුයෙහි සප්තසංඥා යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සප්තචේතනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු කාමධාතුයෙහි සප්තචේතනා යි කියනු ලැබෙත්.
එහි කාමධාතුයෙහි සප්තචිත්තයෝ කවර යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රොතවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු කාමධාතුයෙහි සප්තචිත්තයෝ යි කියනු ලැබෙත්.
1035. රූපධාතුයෙහි ස්කන්‍ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්‍යයෝ කෙතෙක් ද, ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ද? ... චිත්තයෝ කෙතෙක් ද යත්:
රූපධාතුයෙහි ස්කන්‍ධ පසෙක, ආයතන සයෙක, ධාතු නවයෙක, සත්‍ය තුනෙක, ඉන්‍ද්‍රිය තුදුසෙක, හේතු අටෙක, ආහාර තුනෙක, ස්පර්‍ශ සතරෙක, වේදනා සතරෙක, සංඥා සතරෙක, චේතනා සතරෙක, සිත් සතරෙකි.
එහි රූපධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ කවරහ යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු රූපධාතුයෙහි පඤ්චස්කන්‍ධයෝ යි.
එහි රූපධාතුයෙහි ෂඩායතනයෝ කවරහ යත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. මොහු රූපධාතුයෙහි ෂඩායතනහ යි කියනු ලැබෙත්.
එහි රූපධාතුයෙහි නවධාතු කවර යත්: චක්‍ෂුර්ධාතු ය, රූපධාතු ය, චක්‍ෂුර්විඥානධාතු ය, ශ්‍රෝත්‍රධාතු ය, ශබ්දධාතු ය, ශ්‍රෝත්‍රවිඥානධාතු ය, මනෝධාතු ය, ධර්‍මධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු රූපධාතුයෙහි නවධාතුහ යි කියනු ලැබෙත්.
එහි රූපධාතුයෙහි තුන් සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍ය ය, සමුදය සත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු රූපධාතුයෙහි තුන් සත්‍යහ යි කියනු ලැබෙත්.
එහි රූපධාතුයෙහි තුදුස් ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු රූපධාතුයෙහි තුදුස් ඉන්‍ද්‍රියහ යි කියනු ලැබෙත්.
එහි රූපධාතුයෙහි අෂ්ටහේතූහු කවරහ යත්: තුන් කුශලහේතු ය, අකුශලහේතූහු දෙදෙන ය, තුන් අව්‍යාකෘතහේතු යි. එහි තුන් කුශලහේතු කවර යත්: අලෝභය කුශලහේතුයෙක, අද්වේෂය කුශලහේතුයෙක, අමෝහය කුශලහේතුයෙකි. මොහු තුන් කුශලහේතු වෙත්.
එහි අකුශලධාතූහු දෙදෙන කවරහ යත්: ලෝභය අකුශලහේතුයෙකි. මෝහය අකුශලහේතුයෙකි. මොහු අකුශලහේතූහු දෙදෙන වෙත්.
එහි තුන් අව්‍යාකෘතහේතූහු කවරහ යත්: කුශලධර්‍මයන්ගේ විපාක හෙයින් හෝ ක්‍රියාව්‍යාකෘතධර්‍මයන්හි හෝ අලෝභ ය අද්වේෂ ය අමෝහ යි. මොහු තුන් අව්‍යාකෘතහේතූහු වෙත්. මොහු රූපධාතුයෙහි අෂ්ටහේතූහු යි කියනු ලැබෙත්.
එහි රූපධාතුයෙහි තුන් ආහාරයෝ කවරහ යත්: ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු රූපධාතුයෙහි තුන් ආහාරහ යි කියනු ලැබෙත්.
එහි රූපධාතුයෙහි සතර ස්පර්‍ශයෝ කවරහ යත්: චක්‍ෂුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, මනෝධාතුසම්ඵස්ස ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මොහු රූපධාතුයෙහි සතර ස්පර්‍ශහ යි කියනු ලැබෙත්.
එහි රූපධාතුයෙහි සතර වේදනා කවර යත්: ... සතර සංඥා ... සතර චේතනා ... සතර චිත්තයෝ කවරහ යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු රූපධාතුයෙහි සතර චිත්තහ ය කියනු ලැබෙත්.
1036. අරූපධාතුයෙහි: ස්කන්‍ධයෝ කෙතෙක් ද ... චිත්තයෝ කෙතෙක් ද යත්:
අරූපධාතුයෙහි ස්කන්‍ධ සතරෙක, ආයතන දෙකෙක, ධාතු දෙකෙක, සත්‍ය තුනෙක, ඉන්‍ද්‍රිය එකොළොසෙක, හේතු අටෙක, ආහාර තුනෙක, ස්පර්‍ශ එකෙක, වේදනා එකෙක, සංඥා එකෙක, චේතනා එකෙක, චිත්ත එකෙකි.
එහි අරූපධාතුයෙහි සතර ස්කන්‍ධයෝ කවරහ යත්: වේදනා ස්කන්‍ධ ය, සංඥා ස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු අරූපධාතුයෙහි සතර ස්කන්‍ධහ යි කියනු ලැබෙත්.
එහි අරූපධාතුයෙහි ආයතනයෝ දෙදෙන කවරහ යත්: මනායතන ය, ධර්‍මායතන යි. මොහු අරූපධාතුයෙහි ආයතනයෝ දෙදෙන යයි කියනු ලැබෙත්.
එහි අරූපධාතුයෙහි ධාතූහු දෙදෙන කවරහ යත්: මනෝවිඥානධාතු ය, ධර්‍මධාතු යි. මොහු අරූපධාතුයෙහි ධාතූහු දෙදෙන යයි කියනු ලැබෙත්.
එහි අරූපධාතුයෙහි තුන් සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍ය ය, සමුදයසත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු අරූපධාතුයෙහි තුන් සත්‍යහ යි කියනු ලැබෙත්.
එහි අරූපධාතුයෙහි එකොළොස් ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: මනින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු අරූපධාතුයෙහි එකොළොස් ඉන්‍ද්‍රියහ යි කියනු ලැබෙත්.
එහි අරූපධාතුයෙහි අෂ්ටහේතු කවර යත්: තුන් කුශලහේතු ය, අකුශලහේතු දෙක ය, තුන් අව්‍යාකෘතහේතු යි. මොහු අරූපධාතුයෙහි අෂ්ටහේතූහු යි කියනු ලැබෙත්.
එහි අරූපධාතුයෙහි තුන් ආහාර කවර යත්: ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු අරූපධාතුයෙහි තුන් ආහාර ආහාරහ යි කියනු ලැබෙත්.
එහි අරූපධාතුයෙහි එක් මැ ස්පර්‍ශය කවරෙ යත්: මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මේ අරූපධාතුයෙහි එක් මැ ස්පර්‍ශ යි කියනු ලැබේ.
එහි අරූපධාතුයෙහි එක් මැ වේදනාව ... එක් මැ සංඥාව ... එක් මැ චේතනාව ... එක් මැ චිත්තය කවරෙ යත්: මනෝවිඥානධාතු යි. මේ අරූපධාතුයෙහි එක් මැ චිත්ත යි කියනු ලැබේ.
1037. අපර්‍ය්‍යාපන්නයෙහි: ස්කන්‍ධයෝ කෙතෙක් ද ... චිත්තයෝ කෙතෙක් ද යත්: අපර්‍ය්‍යාපන්නයෙහි ස්කන්‍ධ සතරෙක, ආයතන දෙකෙක, ධාතු දෙකෙක, සත්‍ය දෙකෙක, ඉන්‍ද්‍රිය දොළොසෙක, හේතු සයෙක, ආහාර තුනෙක, ස්පර්‍ශ එකෙක, වේදනා එකෙක, සංඥා එකෙක, චේතනා එකෙක, චිත්ත එකෙකි.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි සතර ස්කන්‍ධයෝ කවරහ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි සතර ස්කන්‍ධහ යි කියනු ලැබෙත්.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි ආයතනයෝ දෙදෙන කවරහ යත්: මනායතන ය, ධර්‍මායතන යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ආයතනයෝ දෙදෙන යයි කියනු ලැබෙත්.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි ධාතූහු දෙදෙන කවරහ යත්: මනෝවිඥානධාතු ය, ධර්‍මධාතු යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ධාතූහු දෙදෙන යයි කියනු ලැබෙත්.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි සත්‍යයෝ දෙදෙන කවරහ යත්: මාර්‍ගසත්‍ය ය, නිරෝධසත්‍ය යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි සත්‍යයෝ දෙදෙන යයි කියනු ලැබෙත්.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි දොළොස් ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය ය, සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, සතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, පඤ්ඤින්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි දොළොස් ඉන්‍ද්‍රියයෝ යයි කියනු ලැබෙත්.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි ෂඩ් හේතූ හු කවරහ යත්: කුසල හේතූහු තිදෙන ය, අව්‍යාකෘතහේතූහු තිදෙන යි.
එහි කුසලහේතූහු තිදෙන කවරහ යත්: අලෝභකුසලහේතූ ය, අදෝසකුසලහේතූ ය, අමෝහකුසලහේතූ යි. මොහු තිදෙන කුසලහේතු යි.
එහි අව්‍යාකෘතහේතූහු තිදෙන කවරහ යත්: කුසලධර්‍මයන්ගේ විපාකවශයෙන් අලෝභ ය අදෝස ය අමෝහ යි. මොහු තිදෙන අව්‍යාකෘතහේතූහු යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ෂඩ් හේතූහු යි කියනු ලැබෙත්.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි ආහාරයෝ තිදෙන කවරහ යත්: ස්පර්‍ශාහාර ය, මනඃසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු අපර්‍ය්‍යාපන්නයෙහි ආහාරයෝ තිදෙන යි කියනු ලැබෙත්.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි එක් ස්පර්‍ශය කවරෙ යත්: මනෝවිඥානධාතු සංස්පර්‍ශයි. මේ අපර්‍ය්‍යාපන්නයෙහි එක් ස්පර්‍ශ යි කියනු ලැබේ.
එහි අපර්‍ය්‍යාපන්නයෙහි එක් වේදනාව කවර යත්: ... එක් සංඥා ... එක් චේතනා ... එක් සිත කවරෙ යත්: මනෝවිඥානධාතු යි. මේ අපර්‍ය්‍යාපන්නයෙහි එක් සිත යි කියනු ලැබේ.
3.
1038. පඤ්ච ස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද, කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්ද ... සප්තචිත්තයෙන් කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද, කෙතෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද යත්:
රූපස්කන්‍ධය කාමධාතුපර්‍ය්‍යාපන්න යි. සතර ස්කන්‍ධයෝ කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්, කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
ආයතනයෝ දස දෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න වෙත්. ආයතනයෝ දෙදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්, කාමධාතු පර්‍ය්‍යාපන්න නො ද වෙත්.
සොළොස් ධාතු කෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්නයහ. ධාතූහු දෙදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙති. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
සමුදයසත්‍යය කාමධාතුපර්‍ය්‍යාපන්න යි. සත්‍යයෝ දෙදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. දුඃඛසත්‍යය කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙයි. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
දශ ඉන්‍ද්‍රියයෝ කාමධාතුපර්‍ය්‍යාපන්නයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. නව ඉන්‍ද්‍රියයෝ කාමධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. කාමධාතු පර්‍ය්‍යාපන්න නො ද වෙත්.
අකුශලහේතූහු තිදෙනෙක් කාමධාතුපර්‍ය්‍යාපන්න වෙත්. ෂඩ්හේතූහු කාමධාතු පර්‍ය්‍යාපන්න ද වෙත්. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
කවලීකාරාහාරය කාමධාතුපර්‍ය්‍යාපන්න යි. ආහාරයෝ තිදෙනෙක් කාමධාතු පර්‍ය්‍යාපන්න ද වෙත්. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
ෂට් ස්පර්‍ශයෝ කාමධාතු පර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතු සංස්පර්‍ශය කාමධාතුපර්‍ය්‍යාපන්න ද වේ. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
ෂඩ්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂට්චේතනාවෝ ... ෂට්චිත්තයෝ කාමධාතුපර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතුව කාමධාතුපර්‍ය්‍යාපන්න ද වේ. කාමධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
1039. පඤ්ච ස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද, කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද ... සප්ත චිත්තයන් අතුරෙහි කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද, කෙතෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද යත්:
රූපස්කන්‍ධය රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙයි. ස්කන්‍ධයෝ සතර දෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙති. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
දශආයතනයෝ රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ආයතනයෝ දෙදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
ෂෝඩශධාතු කෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ධාතූහු දෙදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
සත්‍යයෝ තිදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. දුඃඛසත්‍යය රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙයි. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
තෙළෙස් ඉන්‍ද්‍රිය කෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. නව ඉන්‍ද්‍රිය කෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
අකුසලහේතූහු තිදෙන රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ෂට්හේතූහු රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
කවලීකාරාහාරය රූපධාතුපර්‍ය්‍යාපන්න නො වේ. ආහාරයෝ තිදෙනෙක් රූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
ෂට්ස්පර්‍ශයෝ රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතුසංස්පර්‍ශය රූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
ෂඩ්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂට්චේතනාවෝ ... ෂට්චිත්තයෝ රූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතුව රූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. රූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
1040. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද ... සප්තචිත්තයන් අතුරෙහි කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙත් ද කෙතෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත් ද යත්:
රූපස්කන්‍ධය අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වේ. ස්කන්‍ධයෝ සතරදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
දශආයතන කෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ආයතනයෝ දෙදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
ෂෝඩශධාතු කෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ධාතූහු දෙදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
සත්‍යයෝ තිදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. දුඃඛසත්‍යය අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.