Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 301-400 න් 4234

ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ඕඝනීය වූයෙක් ඇත, ඕඝනීය නො වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
90. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
91. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත ඕඝනීය නො වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
92. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: යෝගනීය වූයෙක් ඇත, යෝගනීය නො වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
93. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
උභතෝ වඩ්ඪක යි.
94. සත් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති. මෙසේ සත් ප්‍රකාරයෙන් වේදනා ස්කන්‍ධ වේ.
අන්‍ය වූ ද සත් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති. මෙසේ සප්ත ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
95. සූවිසි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
96. අන්‍ය වූ ද චතුර්විංශත්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, … මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
97. ත්‍රිංශත් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ ත්‍රිංශත් ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
98. බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘ වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
99. අන්‍ය වූ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ වේදනාස්කන්‍ධය විපාක වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝත සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් වේදනා ය, කාය සම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා යි. මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. මේ වේදනාස්කන්‍ධය යි කියනු ලැබේ.
වේදනාස්කන්‍ධය යි.
100. එහි සංඥාස්කන්‍ධය කවරේ යත්:
එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා යෙදුණේ යි.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
චතුෂ් ප්‍රකාරයෙකින් සංඥාස්කධය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
පඤ්චප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ෂට් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ ෂට් ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
සප්ත ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝත සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝාන සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හා සම්ඵස්සයෙන් උපන් සංඥා ය, කාය සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ සප්ත ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
අෂ්ට ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ... කාය සම්ඵස්සයෙන් උපන් සංඥා සුඛ සහගත වූයේ ඇත, දුක්ඛ සහගත වූයේ ඇති, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ අෂ්ට ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
නව ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, ... කාය සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, මනෝ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සයෙන් උපන් සංඥාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නව ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
දශ ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ, ... කාය සම්ඵස්සජ සංඥාව සුඛ සහගත වූයේ ඇත, දුක්ඛ සහගත වූයේ ඇති, මනෝ ධාතු සම්ඵස්සජ සංඥා යැ, මනෝ විඤ්ඤාණ ධාතු සම්ඵස්සජ සංඥාව කුශල වූයේ ඇත, අකුශල වූයේ ඇත, අව්‍යාකෘත වූයේ ඇති. මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
101. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත් වූයේ යි.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, අදුක්ඛම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
102. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍ම ස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍ම ස්වභාව නො වූයෙක් ඇති.
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
සඞ්කිලිට්ඨ සඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨ සඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨ - අසඞ්කිලේසික වූයෙක් ඇති.
සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක - අවිචාර වූයෙක් ඇති.
ප්‍රීති සහගත වූයෙක් ඇත, සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇතියෙක් ඇති.
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති.
ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ නාශෛක්‍ෂ වූයෙක් ඇති.
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
හීන වූයෙක් ඇත,මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
මිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ග හේතු ඇතියෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, අවශ්‍යයෙන් උපදනා (සංඥාස්කන්‍ධ)යෙක් ඇති.
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, වර්‍තමාන වූයෙක් ඇති.
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
අධ්‍යාත්ම වූයෙක් ඇති, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති.
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
103. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
චක්ඛු ආදි කිසි විඥානයකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයකින් නො දතයුත්තෙක් ඇති.
සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනියයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් අති.
යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
යෝග විප්‍රයුක්ත වූ යෝගනීයයෙක් ඇත, යෝග විප්‍රයුක්ත අයෝගනීයයෙක් ඇති.
නීවරණියයෙක් ඇත, අනීවරණියයෙක් ඇති.
නීවරණ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූයෙක් ඇති.
නීවරණ විප්‍රයුක්ත වූ නීවරණීයයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත වූ අනීවරණීයයෙක් ඇති.
ප්‍රරාමෘෂ්ට වූයෙක් ඇත, අපරාමෘෂ්ට වූයෙක් ඇති.
පරාමාශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, පරාමාශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
පරාමාශ විප්‍රයුක්ත පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමාශ විප්‍රයුක්ත අපරාමෘෂ්ට වූයෙක් ඇති.
උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
උපාදානයන්ට හිත වූයෙක් ඇත, අනුපාදානිය වූයෙක් ඇති.
උපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
උපාදාන විප්‍රයුක්ත උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත උපාදානිය නො වූයෙක් ඇති.
සඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලේසික වූයෙක් ඇති.
සඞ්කිලිට්ඨ වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨ වූයෙක් ඇති.
ක්ලේශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශිකයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූ අසාංක්ලේශිකයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
සවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
සවිචාර වූයෙක් ඇත, අවිචාර් වූයෙක් ඇති.
සප්‍රීතික වූයෙක් ඇත, අප්‍රීතික වූයෙක් ඇති.
ප්‍රීති සහගත වූයෙක් ඇත, ප්‍රීතිසහගත නො වූයෙක් ඇති.