Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 3301-3400 න් 4234

(සතර ප්‍රතිසංවිදාවෝ) ප්‍රීතිසහගත ද වන්නාහ. සුඛසහගත ද වන්නාහ. උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිදාවෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
(සතර ප්‍රතිසංවිදාවෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ ආචයගාමීහු ද වන්නාහ. නො ම ආචයගාමී නො ද අපචයගාමීහු ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ආචයගාමී ද වන්නේ ය, අපචයගාමී ද වන්නේ ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වෙති. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ශෛක්‍ෂ ද වන්නේ ය. අශෛක්‍ෂ ද වන්නේ ය, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ පරිත්තයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව පරිත්ත ද වන්නේ ය. අප්‍රමාණ ද වන්නේ යි.
නිරුක්තිප්‍රතිසංවිදාව පරිත්තාලම්බන ය. තුන් ප්‍රතිසංවිදාවෝ පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහු ය.
තුන් ප්‍රතිසංවිදාවෝ මධ්‍යමයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව මධ්‍යම ද වන්නේ ය. ප්‍රණීත ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිදාවෝ අනියතයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සම්‍යක්ත්‍වනියත ද වන්නේ ය. අනියත ද වන්නේ යි.
නිරුක්තිප්‍රතිසංවිදාව මාර්‍ගාලම්බන යි ද, මාර්‍ගහේතුකයි ද, මාර්‍ගාධිපතියි ද නො කිය යුතු ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව මාර්‍ගාලම්බන නොවෙ යි. මාර්‍ගහේතුක ද වන්නේ ය. මාර්‍ගාධිපති ද වන්නේ ය. මාර්‍ගහේතුකයි ද, මාර්‍ගාධිපතියි ද නො කිය යුතු ද වන්නේ යි. ප්‍රතිසංවිදාවෝ දෙදෙනෙක් මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක නොවෙති, මාර්‍ගාධිපති ද වන්නාහ. මාර්‍ගාලම්බන යි ද, මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
තුන් ප්‍රතිසංවිදාවෝ උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහ යි නො කියයුත්තාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
නිරුක්තිප්‍රතිසංවිදාව ප්‍රත්‍යුත්පන්නාලම්බන ය. ප්‍රතිසංවිදාවෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අතීතාලම්බන ද වන්නේ ය, අනාගතාලම්බන ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නේ ය, අතීතාලම්බන යි ද අනාගතාලම්බන යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කිය යුතු ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) අධ්‍යාත්ම ද වන්නාහ, බාහ්‍ය ද වන්නාහ, අධ්‍යාත්මබාහ්‍ය ද වන්නාහු ය.
නිරුක්තිප්‍රතිසංවිදාව බාහ්‍යාලම්බන ය. තුන් ප්‍රතිසංවිද්හු අධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහ්‍යාලම්බන ද වන්නාහ, ආධ්‍යාත්මබාහ්‍යාලම්බන ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්හු) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
801. සතර ප්‍රතිසංවිද්හු හේතුහු ය.
සතර ප්‍රතිසංවිද්හු සහේතුකයෝ ය.
සතර ප්‍රතිසංවිද්හු හේතුසම්ප්‍රයුක්තයෝ ය.
සතර ප්‍රතිසංවිද්හු හේතු ද වූ සහේතුකයෝ ද වෙති.
සතර ප්‍රතිසංවිද්හු හේතු ද වූ හේතුසම්ප්‍රයුක්තයෝ ද වෙති.
සතර ප්‍රතිසංවිද්හු හේතු නො වූ සහේතුකයහ යි ද, හේතු නො වූ අහේතුකයහ යි ද නො කිය යුත්තාහ.
802. (සතර ප්‍රතිසංවිද්හු) සප්‍රත්‍යයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) සඞ්ඛතයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) අනිදර්‍ශනයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) අප්‍රතිඝයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) අරූපයෝ ය.
තුන් ප්‍රතිසංවිද්හු ලෞකිකයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ලෞකික ද වන්නේ ය, ලෝකෝත්තර ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) කිසිවිඥානයෙකින් දතයුත්තාහ. කිසිවිඥානයෙකින් නො දත යුත්තාහු ය.
803. (සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රව නො වෙති.
තුන් ප්‍රතිසංවිද්හු සාස්‍රවයෝ ය, අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සාස්‍රව ද වන්නේ ය, අනාස්‍රව ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
තුන් ප්‍රතිසංවිද්හු ආස්‍රව ද වූ සාස්‍රවහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු නො ද ආස්‍රවයෝ වෙති. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ආස්‍රව ද වූ සාස්‍රව යි නො කියයුතුය. සාස්‍රව ද වූ නො ද ආස්‍රව වන්නේ ය. සාස්‍රව ද වූ නො ද ආස්‍රවයෙකැයි නො කියයුතු ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
තුන් ප්‍රතිසංවිද්හු ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රවයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව ආස්‍රවවිප්‍රයුක්ත සාස්‍රව ද වන්නේ ය. ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නේ යි.
804. (සතර ප්‍රතිසංවිද්හු) සංයෝජන නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති ...
805. (සතර ප්‍රතිසංවිද්හු) සාලම්බනයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තයෝ නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) චෛතසිකයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසමුත්‍ථානයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසහභූහු ය.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තානුපරිවර්තීහ.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයහ.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසමුත්‍ථානසහභූහ.
(සතර ප්‍රතිසංවිද්හු) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහ.
(සතර ප්‍රතිසංවිද්හු) බාහිරයෝ ය.
(සතර ප්‍රතිසංවිද්හු) උපාදා නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) අනුපාදින්නයෝ යි.
806. (සතර ප්‍රතිසංවිද්හු) උපාදානයෝ නොවෙති ... (සතර ප්‍රතිසංවිද්හු) ක්ලේශයෝ නො වෙති ...
(සතර ප්‍රතිසංවිද්හු) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙත්.
තුන් ප්‍රතිසංවිද්හු සවිතර්‍කයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සවිතර්‍ක ද වන්නේ ය, අවිතර්‍ක ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිද්හු සවිචාරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සවිචාර ද වන්නේ ය, අවිචාර ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්හු) ප්‍රීතිසහගත ද වන්නාහ, නො ද ප්‍රීතිසහගත ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්හු) සුඛසහගත ද වන්නාහ, නො ද සුඛසහගත ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්හු) උපේක්‍ෂාසහගත ද වන්නාහ, නො ද උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
තුන් ප්‍රතිසංවිද්හු කාමාවචරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව කාමාවචර ද වන්නේ ය. නො ද කාමාවචර ද වන්නේ යි.
(සතර ප්‍රතිසංවිද්හු) රූපාවචර නො වෙති.
(සතර ප්‍රතිසංවිද්හු) අරූපාවචර නො වෙති.
තුන් ප්‍රතිසංවිද්හු පර්‍ය්‍යාපන්නයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව පර්‍ය්‍යාපන්න ද වන්නේ ය, අපර්‍ය්‍යාපන්න ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිද්හු අනෛර්‍ය්‍යාණිකයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව නෛර්‍ය්‍යාණික ද වන්නේ ය, අනෛර්‍ය්‍යාණික ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිද්හු අනියතයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව නියත ද වන්නේ ය, අනියත ද වන්නේ යි.
තුන් ප්‍රතිසංවිද්හු සඋත්තරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සඋත්තර ද වන්නේ ය, අනුත්තර ද වන්නේ යි.
සතර ප්‍රතිසංවිද්හු අරණයෝ යි.
පඤ්හපුච්ඡක යි.
ප්‍රතිසංවිදාවිභඞ්ග නිමි.
16. ඤාණ විභඞ්ගය
807. එක් ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: පඤ්චවිඥානයෝ හේතුහු නො වෙති අහේතුකයෝ ය, හේතුවිප්‍රයුක්තයෝ ය, සප්‍රත්‍යයෝ ය, සඞ්ඛතයෝ ය, අරූපයෝ ය, ලෞකිකයෝ ය, සාස්‍රවයෝ ය, සංයෝජනියෝ ය, ග්‍රන්‍ථනීයයෝ ය, ඕඝනීයයෝ ය, යෝගනීයයෝ ය, නීවරණියයෝ ය, පරාමෘෂ්ටයෝ ය, උපාදානියයෝ ය, සාංක්ලේශිකයෝ ය, අව්‍යාකෘතයෝ ය, සාලම්බනයෝ ය, අචෛතසිකයෝ ය, විපාකයෝ ය, උපාදින්නෝපාදානියයෝ ය, අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය, සවිතර්‍කසවිචාරයෝ නො වෙති, අවිතර්‍කවිචාරමාත්‍ර නො වෙති, අවිතර්‍කඅවිචාරයෝ ය, ප්‍රීතිසහගත නො වෙති, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය, නො ම ආචයගාමී නො ද අපචයගාමීහ, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂයෝ ය, පරිත්තයෝ ය, කාමාවචරයෝ ය, රූපාවචර නො වෙති, අරූපාවචර නො වෙති, පර්‍ය්‍යාපන්නයෝ ය, අපර්‍ය්‍යාපන්න නො වෙති, අනියතයෝ ය, අනෛර්‍ය්‍යාණිකයෝ ය, උත්පන්නයෝ ය, මනෝවිඥානයෙන් දත යුත්තාහ, අනිත්‍යයෝ ය, ජරාභිභූතයහ.
පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුකයෝ ය, උත්පන්නාලම්බනයෝ ය, පුරේජාතවස්තුකයෝ ය, පුරේජාතආලම්බනයෝ ය, ආධ්‍යාත්මිකවස්තුකයෝ ය, බාහිරාලම්බනයෝ ය, නිරුද්ධ නො වූ වස්තු ඇත්තාහු ය, නිරුද්ධ නො වූ ආලම්බන ඇත්තාහු ය, නානාවස්තුකයෝ ය, නානාලම්බනයෝ ය, අන්‍යෝන්‍යගෝචරවිෂය නො විඳිති, සමන්‍වාහාර රහිත වැ නූපදිති, මනසිකාර රහිත වැ නූපදිති, අව්‍යාකීර්‍ණ ව නූපදිති, පෙරපසු නො වැ නූපදිති, අන්‍යොන්‍යයන්ට සමනන්තර ව නූපදිත්.
පඤ්චවිඥානයෝ ආභෝග රහිතයෝ ය, අභිනිපාතමාත්‍රයක් (හමුවට පැමිණි) රූපාදි අරමුණු හැර පඤ්චවිඥානයන්ගෙන් (කුශලාකුශලාදි) කිසි ධර්‍මයක් නො දැනගනී. පඤ්චවිඥානයන්ට සමනන්තර ව ද කිසි ධර්‍මයක් නො දැනගනී. පඤ්චවිඥානයෙන් කිසි ඊර්‍ය්‍යාපථයක් නො කෙරෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කිසි ඊර්‍ය්‍යාපථයෙක් නො කෙරෙයි, පඤ්චවිඥානයෙන් කායකර්‍මය වාක්කර්‍මය නො කෙරෙයි. පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කායකර්‍මය වාක්කර්‍මය නො කෙරෙයි. පඤ්චවිඥානයෙන් කුශලාකුශල ධර්‍මසමාදානය නො කෙරෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද කුශලාකුශලධර්‍ම සමාදානය නො කෙරෙයි, පඤ්චවිඥානයෙන් සමවතට නො පැමිණෙයි, සමවතින් නො නැඟෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තර ව ද සමවත් නො අවදියි, සමවතින් නො නැඟෙයි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද ච්‍යුත නො වෙයි, නූපදී, පඤ්චවිඥානයෙන් නො හොවියි, නො පිබිදෙයි, සිහින නො දකියි, පඤ්චවිඥානයන්ට සමනන්තරව ද නො හොවී, නො පිබිදෙයි, සිහින නො දකියි, ඇති සැටි වස්තු ප්‍රකාශ කරන ප්‍රඥාව යි.
මෙසේ එක් ප්‍රකාරයෙකින් ඥානවස්තු වේ.
808. ද්විප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: ලෞකික ප්‍රඥා ය, ලෝකෝත්තර ප්‍රඥා යි. කිසි විඥානයෙකින් දතයුතු ප්‍රඥා ය, කිසි විඥානයෙකින් නො දතයුතු ප්‍රඥා යි. සාස්‍රව ප්‍රඥා ය, අනාස්‍රවප්‍රඥා යි. ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවප්‍රඥා ය, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවප්‍රඥා යි. සංයෝජනියප්‍රඥා ය, අසංයෝජනියප්‍රඥා යි. සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියප්‍රඥා ය, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියප්‍රඥා යි. ග්‍රන්‍ථනීයප්‍රඥා ය, අග්‍රන්‍ථනීයප්‍රඥා යි. ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීයප්‍රඥා ය, ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීයප්‍රඥා යි. ඕඝනීයප්‍රඥා ය, අනෝඝනීයප්‍රඥා යි. ඕඝවිප්‍රයුක්තඕඝනීය ප්‍රඥා ය, ඕඝවිප්‍රයුක්තඅනෝඝනීයප්‍රඥා යි. යෝගනීයප්‍රඥා ය, අයෝගනීයප්‍රඥා යි. යෝගවිප්‍රයුක්තයෝගනීයප්‍රඥා ය, යෝගවිප්‍රයුක්තඅයෝගනීයප්‍රඥා යි. නීවරණියප්‍රඥා ය, අනීවරණියප්‍රඥා යි. නීවරණවිප්‍රයුක්තනීවරණියප්‍රඥා ය, නීවරණවිප්‍රයුක්තඅනීවරණියප්‍රඥා යි. පරාමෘෂ්ටප්‍රඥා ය, අපරාමෘෂ්ටප්‍රඥා යි. පරාමර්‍ශවිප්‍රයුක්තපරාමෘෂ්ටප්‍රඥා ය, පරාමර්‍ශවිප්‍රයුක්තඅපරාමෘෂ්ටප්‍රඥා යි. උපාදින්නප්‍රඥා ය, අනුපාදින්නප්‍රඥා යි. උපාදානියප්‍රඥා ය, අනුපාදානියප්‍රඥා යි. උපාදානවිප්‍රයුක්තඋපාදානියප්‍රඥා ය, උපාදානවිප්‍රයුක්තඅනුපාදානියප්‍රඥා යි. සාංක්ලේශිකප්‍රඥා ය, අසාංක්ලේශිකප්‍රඥා යි. ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශිකප්‍රඥා ය, ක්ලේශවිප්‍රයුක්තඅසාංක්ලේශිකප්‍රඥා යි. සවිතර්‍කප්‍රඥා ය, අවිතර්‍කප්‍රඥා යි. සවිචාරප්‍රඥා ය, අවිචාරප්‍රඥා යි. සප්‍රීතිකප්‍රඥා ය, අප්‍රීතිකප්‍රඥා යි. ප්‍රීතිසහගතප්‍රඥා ය, ප්‍රීතිසහගත නො වූ ප්‍රඥා යි. සුඛසහගතප්‍රඥා ය, සුඛසහගත නො වූ ප්‍රඥා යි. උපේක්‍ෂාසහගතප්‍රඥා ය, උපේක්‍ෂාසහගත නො වූ ප්‍රඥා යි. කාමාවචරප්‍රඥා ය, කාමාවචර නො වූ ප්‍රඥා යි. රූපාවචරප්‍රඥා ය, රූපාවචර නො වූ ප්‍රඥා යි. අරූපාවචරප්‍රඥා ය, අරූපාවචර නො වූ ප්‍රඥා යි. පර්‍ය්‍යාපන්නප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි. නෛර්‍ය්‍යාණිකප්‍රඥා ය, අනෛර්‍ය්‍යාණිකප්‍රඥා යි. නියතප්‍රඥා ය, අනියතප්‍රඥා යි. සඋත්තරප්‍රඥා ය, අනුත්තරප්‍රඥා යි. විපාක සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථ උපදවන ප්‍රඥා ය, උපදවන අර්‍ත්‍ථ ඇති ප්‍රඥා යි.
මෙසේ ද්විප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
809. ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වෙයි: චින්තාමයප්‍රඥා ය, ශ්‍රැතමයප්‍රඥා ය, භාවනාමයප්‍රඥා යි. දානමයප්‍රඥා ය, ශීලමයප්‍රඥා ය, භාවනාමයප්‍රඥා යි. අධිශීලයෙහි ප්‍රඥා ය, අධිචිත්තයෙහි ප්‍රඥා ය, අධිප්‍රඥායෙහි ප්‍රඥා යි. වෘද්ධිකෞශල්‍ය ය, හානිකෞශල්‍ය ය, උපායකෞශල්‍ය යි. විපාකප්‍රඥා ය, විපාකස්වභාවධර්‍මප්‍රඥා ය, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍මප්‍රඥා යි. උපාදින්නෝපාදානියප්‍රඥා ය, අනුපාදින්නෝපාදානියප්‍රඥා ය, අනුපාදින්නඅනුපාදානියප්‍රඥා යි. සවිතර්‍කසවිචාරප්‍රඥා ය, අවිතර්‍කවිචාරමාත්‍රප්‍රඥා ය, අවිතර්‍කඅවිචාරප්‍රඥා යි. ප්‍රීතිසහගතප්‍රඥා ය, සුඛසහගතප්‍රඥා ය, උපේක්‍ෂාසහගතප්‍රඥා යි. ආචයගාමිනීප්‍රඥා ය, අපචයගාමිනීප්‍රඥා ය, නො ම ආචයගාමී නො ද අපචයගාමිනීප්‍රඥා යි. ශෛක්‍ෂප්‍රඥා ය, අශෛක්‍ෂප්‍රඥා ය, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂප්‍රඥා යි. පරිත්තප්‍රඥා ය, මහද්ගතප්‍රඥා ය, අප්‍රමාණප්‍රඥා යි. පරිත්තාලම්බනප්‍රඥා ය, මහද්ගතාලම්බනප්‍රඥා ය, අප්‍රමාණාලම්බනප්‍රඥා යි. මාර්‍ගාලම්බනප්‍රඥා ය, මාර්‍ගහේතුකප්‍රඥා ය, මාර්‍ගාධිපතිප්‍රඥා යි. උත්පන්නප්‍රඥා ය, අනුත්පන්නප්‍රඥා ය, උත්පාදිනීප්‍රඥා යි. අතීතප්‍රඥා ය, අනාගතප්‍රඥා ය, ප්‍රත්‍යුත්පන්නප්‍රඥා යි. අතීතාලම්බනප්‍රඥා ය, අනාගතාලම්බනප්‍රඥා ය, ප්‍රත්‍යුත්පන්නාලම්බනප්‍රඥා යි. අධ්‍යාත්මප්‍රඥා ය, බාහිරප්‍රඥා ය, අධ්‍යාත්මබාහිරප්‍රඥා යි. අධ්‍යාත්මාලම්බනප්‍රඥා ය, බාහිරාලම්බනප්‍රඥා ය, අධ්‍යාත්මබාහිරාලම්බනප්‍රඥා යි.
සවිතර්‍කසවිචාරප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක නො ද විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්‍ෂාසහගත වූයෙක් ඇති. ආචයගාමිනී වූයෙක් ඇත, අපචයගාමිනී වූයෙක් ඇත, නො ම ආචයගාමී නො ද අපචයගාමිනී වූයෙක් ඇති. ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත. මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇති. ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
අවිතර්‍කවිචාරමාත්‍රප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නෛවශෛක්‍ෂනාශෛක්‍ෂ වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති.
අවිතර්‍කඅවිචාරප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්‍ෂාසහගත වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නෛවශෛක්‍ෂනාශෛක්‍ෂ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
ප්‍රීතිසහගතප්‍රඥාව ... සුඛසහගතප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. සවිතර්‍කසවිචාර වූයෙක් ඇත, අවිතර්‍කවිචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍කඅවිචාර වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නෛවශෛක්‍ෂනාශෛක්‍ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගාහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
උපේක්‍ෂාසහගතප්‍රඥාව විපාක වූයෙක් ඇත, විපාකස්වභාවධර්‍ම වූයෙක් ඇත, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම වූයෙක් ඇති. උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නඅනුපාදානිය වූයෙක් ඇති. ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමීනාපචයගාමී වූයෙක් ඇති. ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නෛවශෛක්‍ෂනාශෛක්‍ෂ වූයෙක් ඇති. පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති.
මෙසේ ත්‍රිප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
810. චතුෂ්ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: කර්‍මස්වකතාඥාන ය, සත්‍යානුලෝමික ඥාන ය, මාර්‍සමඞ්ගීහුගේ ඥාන ය, ඵලසමඞ්ගීහුගේ ඥාන යි. දුඃඛයෙහි ඥාන ය, දුඃඛසමුදයයෙහි ඥාන ය, දුඃඛනිරෝධයෙහි ඥාන ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි. කාමාවචරප්‍රඥා ය, රූපාවචරප්‍රඥා ය, අරූපාවචරප්‍රඥා ය, අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි. ධර්‍ම (මාර්‍ගප්‍රඥා) යෙහි ඥාන ය, අන්‍වය (කාරණ) යෙහි ඥාන ය, පරිච්ඡේදයෙහි (සිත පරිසිඳීමෙහි) ඥාන ය, සංවෘතිඥාන යි. ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, අපචය පිණිස වූ ආචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, ආචය පිණිසත් අපචය පිණිසත් වූ ප්‍රඥායෙක් ඇත, නො ම ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇති. නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, ප්‍රතිවේධය පිණිස වූ නිර්වේදය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇත, නිර්වේදය පිණිසත් ප්‍රතිවේධය පිණිසත් වූ ප්‍රඥායෙක් ඇත, නො ම නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥායෙක් ඇති. හානභාගීප්‍රඥා ය, ස්ථිතිභාගී ප්‍රඥා ය, විශේෂභාගී ප්‍රඥා ය, නිර්වේදභාගී ප්‍රඥා යි.
සතර ප්‍රතිසංවිද්ඥාන ය, සතර ප්‍රතිපද්ඥාන ය, සතර ආරම්මණයෝ යැ, ජරාමරණයෙහි ඥාන ය, ජරාමරණසමුදයයෙහි ඥාන ය, ජරාමරණනිරෝධයෙහි ඥාන ය, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි. ජාතියෙහි ඥාන ය ... භවයෙහි ඥාන ය ... උපාදානයෙහි ඥාන ය ... තෘෂ්ණායෙහි ඥාන ය ... වේදනායෙහි ඥාන ය ... ස්පර්‍ශයෙහි ඥාන ය ... ෂඩායතනයෙහි ඥාන ය ... නාමරූපයෙහි ඥාන ය ... සංස්කාරයන්හි ඥාන ය, සංස්කාරසමුදයයෙහි ඥාන ය, සංස්කාරනිරෝධයෙහි ඥාන ය, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන යි.
මෙසේ චතුෂ්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
811. පඤ්චප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: පඤ්චාඞ්ග වූ සම්‍යක්සමාධි ය, පඤ්චඥානික වූ සම්‍යක්සමාධි ය, මෙසේ පඤ්චප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
812. ෂට්ප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: ෂට් අභිඥාවන්හි ප්‍රඥා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
813. සප්තප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: සත්සැත්තෑ ඥානවස්තූහු ය, මෙසේ සප්තප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
814. අෂ්ටප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: සතර මාර්‍ගයන්හි සතර ඵලයන්හි ප්‍රඥා යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
815. නවප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා යි. මෙසේ නවප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
816. දශප්‍රකාරයෙකින් ඥානවස්තු වෙයි: තථාගතයන් වහන්සේගේ තථාගත බලයෝ දශ දෙනෙකි: යම් බලයෙකින් සමන්‍වාගත වූ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්‍මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෝ යි. කවර දශබලයෙක් ද යත්: මෙහි තථාගතයෝ කාරණය කාරණ හෙයින් ද, අකාරණය අකාරණ හෙයින් ද, ඇතිසැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ කාරණය කාරණ හෙයින් ද, අකාරණය අකාරණ හෙයින් ද, ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්‍මචක්‍රය පවත්වත් ද එබඳු බලයෙකි.
තවද තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ කර්‍මසමාදානයන්ගේ විපාකය කාරණ වශයෙන් හේතු වශයෙන් ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ කර්‍මසමාදානයන්ගේ විපාකය කාරණ වශයෙන් හේතු වශයෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙකි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්‍මචක්‍රය පවත්වත් ද එබඳු බලයෙකි.
තවද තථාගතයෝ සර්‍වත්‍රගාමීමාර්‍ගය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ සර්‍වත්‍රගාමීමාර්‍ගය ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ ධර්‍මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
තවද තථාගතයෝ අනේකධාතුනානාධාතුලෝකය ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ අනේකධාතුනානාධාතුලෝකය ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
තවද තථාගතයෝ සත්ත්‍වයන්ගේ නානාධිමුත්තික බව ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තික බව ඇති සැටියෙන් දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨ වූ බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.
තවද තථාගතයෝ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය (වෘද්ධිහානිය) ඇති සැටියෙන් දැනගනිති. යම් ඥානයෙකින් තථාගතයෝ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරභාවය දැනගනිත් නම් මෙ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි. යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරෙත් ද, පිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වත් ද, එබඳු බලයෙකි.