Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 3201-3300 න් 4234

(පඤ්චශික්‍ෂාපදයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ප්‍රත්‍යුත්පන්නාලම්බනයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) බාහිරාලම්බනයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
763. (පඤ්චශික්‍ෂාපදයෝ) හේතුහු නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) සහේතුකයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතූහු වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතුහු වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු නො වූ සහේතුකයෝ වෙත්.
764. (පඤ්චශික්‍ෂාපදයෝ) සප්‍රත්‍යයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) සඞ්ඛතයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අනිදර්‍ශනයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අප්‍රතිඝයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අරූපයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ලෞකිකයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) කිසි විඥානයෙකින්ග් දතයුත්තාහ, කිසි විඥානයෙකින්ග් නො දතයුත්තාහු යි.
765. (පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවයෝ නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) සාස්‍රවයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ යි.
766. (පඤ්චශික්‍ෂාපදයෝ) සංයෝජනයෝ නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති. ...
767. (පඤ්චශික්‍ෂාපදයෝ) සාලම්බනයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තයෝ නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) චෛතසිකයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසහභූ වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තානුපරිවර්තීහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) බාහිරයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) උපාදා නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) අනුපාදින්නයෝ යි.
768. (පඤ්චශික්‍ෂාපදයෝ) උපාදානයෝ නො වෙති ... (පඤ්චශික්‍ෂාපදයෝ) කෙලේශයෝ නො වෙති ...
(පඤ්චශික්‍ෂාපදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) සවිතර්‍කයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) සවිචාරයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) කාමාවචරයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) රූපාවචරයෝ නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) අරූපාවචරයෝ නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) පර්‍ය්‍යාපන්නයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අනෛර්‍ය්‍යාණිකයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අනියතයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) සඋත්තරයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අරණයෝ යි.
පඤ්හපුච්ඡක යි.
ශික්‍ෂාපදවිභඞ්ග නිමි.
15. පටිසම්භිදා විභඞ්ගය
769. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අර්‍ත්‍ථයෙහි (ප්‍රභේදගත) ඥානය අර්‍ත්‍ථ ප්‍රතිසංවිදාය, ධර්‍මයෙහි (ප්‍රභේදගත) ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, ඒ අර්‍ත්‍ථයෙහි හා ධර්‍මයෙහි ස්වභාවනිරුක්ති සඞ්ඛ්‍යාතශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සර්‍වත්‍රඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානසංවිදා යි.
770. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. දුඃඛයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, දුඃඛසමුදයයෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, දුඃඛනිරෝධයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභාන ප්‍රතිසංවිදා යි.
771. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. හේතුයෙහි ප්‍රභේදගත ඥානය ධර්‍මප්‍රතිසංවිදාය, හේතුඵලයෙහි ප්‍රභේදගත ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගත ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගත ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
772. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. යම් ධර්‍ම කෙනෙක් හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් ධර්‍ම කෙනෙකුන් කෙරෙන් ඒ ධර්‍මයෝ හටගත්තාහු, උපන්නාහු, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත් ද, ඒ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්ති ශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
773. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ජරාමරණයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ජරාමරණ සමුදයෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ජරාමරණනිරෝධයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
774. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ජාතියෙහි ප්‍රභේදගතඥානය ... භවයෙහි ප්‍රභේදගතඥානය ... උපාදානයෙහි ප්‍රභේදගතඥානය ... තෘෂ්ණායෙහි ප්‍රභේදගතඥානය ... වේදනායෙහි ප්‍රභේදගතඥානය ... ස්පර්‍ශයෙහි ප්‍රභේදගතඥානය ... ෂඩායතනයෙහි ප්‍රභේදගතඥානය ... නාමරූපයෙහි ප්‍රභේදගතඥානය ... විඥානයෙහි ප්‍රභේදගතඥානය ... සංස්කාරයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, සංස්කාරසමුදයෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, සංස්කාරනිරෝධයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
775. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. එහි ‘ධර්‍මප්‍රතිසංවිදා’ කවර යත්: මෙසස්නෙහි මහණ සුත්ත ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යන ධර්‍මය දනී ද, මේ ‘ධර්‍මප්‍රතිසංවිදා’ යි කියනු ලැබේ. හෙතෙම ‘මේ ය මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය, මේ ය මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය’ යි ඒ ඒ භාෂිතයාගේ අර්‍ත්‍ථය ම දනී ද, මේ ‘අර්‍ත්‍ථප්‍රතිසංවිදා’යි කියනු ලැබේ. එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, සියලු තැන්හි ඥානයෙහි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
සූත්‍රාන්තභාජනිය යි.
776. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එ සමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදාය ය. යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි යම් ඥානයෙකින් ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
777. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිතවැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
778. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
779. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද එහි ස්වභාවනිරුක්තියෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශකරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
780. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපදා ඇති, දන්‍ධාභිඥා වූ, ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
781. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස්සහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අකුශලයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
782. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, ධර්‍මප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස්සහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත ... සොම්නස්සහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත (අකුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත දෘෂ්ටිගතවිප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... දොම්නස් සහගත ප්‍රතිඝසම්ප්‍රයුක්ත ... දොම්නස්සහගත ප්‍රතිඝසම්ප්‍රයුක්ත සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත විචිකිත්සාසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඖද්ධත්‍යසම්ප්‍රයුක්ත අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අකුශලයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
783. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්‍ෂාසහගතවිපාකචක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. එසමයෙහි ප්‍රතීත්‍යසමුප්පන්න වූ අන්‍ය වූ ද යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථ ප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
784. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂාසහගතවිපාකශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂාසහගතඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන වූ උපේක්‍ෂාසහගතජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ සුඛසහගතකායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සුඛේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
785. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේව යි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාකමනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තව ද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
786. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තව ද, එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ප්‍රභේදගතඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්‍රභේදගතඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
787. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තව ද, එසමයෙහි ප්‍රතීත්‍යසමුත්පන්න වූ අන්‍ය වූ ද අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ප්‍රභේදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම්, ඒ එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
788. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක කාමාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස්කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ විපාකමනෝවිඥානධාතුව උපදනේ වේ ද, සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (මනෝවිඥානධාතුව) සංස්කාර සහිත ව ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. මේ ධර්‍මයන්හි ප්‍රභෙදගතඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම්, එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
789. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම රූපාවචරකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් කාමයන්ගෙන් වෙන්ව මැ ... විපාක වූ පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය. මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථ ප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
790. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එම අරූපාවචර කුශලකර්‍මය කළ බැවින් රැස්කළ බැවින්, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... විපාකචතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
791. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ ය. එම ලෝකෝත්තර කුශලකර්‍මය කළ බැවින් වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
792. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අකුශල කර්‍මය කළ බැවින්, රැස්කළ බැවින්, රූපාලම්බන වූ, උපේක්‍ෂාසහගත චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද ... ශබ්දාලම්බන වූ, උපේක්‍ෂාසහගත ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන වූ, උපේක්‍ෂාසහගත ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන වූ උපේක්‍ෂාසහගත ජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ, දුඃඛසහගත කායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, දුඃඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, දුඃඛේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
793. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ, කවරහ යත්: යම් කලෙක අකුශලකර්‍මය කළ බැවින්, රැස්කළ බැවින්, රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි (යම් යම් අරමුණක් ඇරැබැ) උපේක්‍ෂාසහගත විපාක වූ මනෝධාතුව උපදනේ වේ ද ... රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් ඇරැබැ උපේක්‍ෂාසහගත මනෝවිඥාන ධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
794. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ, කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි යම් යම් අරමුණක් හෝ ඇරැබැ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂාසහගත ක්‍රියාමනෝධාතුව උපදනේ වේ ද එසමයෙහි ස්පර්‍ශය වෙයි. වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද යම් ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය. යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය. යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
795. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි (යම් යම් අරමුණක් හෝ ඇරැබැ) නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍ම විපාක වූ සොම්නස් සහගත වූ ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂාසහගත ක්‍රියාමනෝවිඥානධාතුව උපදනේ වේ ද, එ සමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි. තවද, එ සමයෙහි අන්‍ය වූ ද, ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
796. ප්‍රතිසංවිදා තුනෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදාය, නිරුක්තිප්‍රතිසංවිදාය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අව්‍යාකෘතධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත වූ ක්‍රියාමනෝධාතුව උපදනේ වේ ද ... සෝමනස්ස සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... උපේක්‍ෂා සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... උපේක්‍ෂාසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ සසංස්කාරවැ ... නො ම කුසල් වූ නො ද කර්‍මවිපාක වූ දෘෂ්ටධර්‍මසුඛවිහාර වූ ක්‍රියා රූපාවචරධ්‍යානය වඩා ද ... නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ දෘෂ්ටධර්‍මසුඛවිහාර වූ අරූපාවචරක්‍රියාධ්‍යානය වඩා ද ... සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එ සමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ ය, මේ ධර්‍මයන්හි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්‍මයන්ගේ ප්‍රඥප්තිය වේ ද, එහි ධර්‍මනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් එබඳු ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
797. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ධර්‍මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. ප්‍රතිසංවිදාවෝ තිදෙනෙක් කාමාවචරකුශල විසින් සතර ඥානසම්ප්‍රයුක්තචිත්තෝත්පාදයන්හි ද, ක්‍රියා විසින් සතර ඥානසම්ප්‍රයුක්තචිත්තෝත්පාදයන්හි ද උපදිති. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව මේ චිත්තෝත්පාදයන්හි ද උපදියි. සතර මාර්‍ගයන්හි ද සතරඵලයන්හි ද උපදී.
අභිධර්‍මභාජනිය යි.
798. ප්‍රතිසංවිදා සතරෙකි: අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ධර්‍මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි.
799. සතර ප්‍රතිසංවිද්ධර්‍මයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
800. (සතර ප්‍රතිසංවිද්ධර්‍මයෝ) කුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
(සතර ප්‍රතිසංවිද්ධර්‍මයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ. අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් විපාකස්වභාවධර්‍ම ද වන්නාහ. නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නාහ. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව විපාක ද වන්නේ ය, විපාකස්වභාවධර්‍ම ද වන්නේ ය, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නේ යි.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් අනුපාදින්නෝපාදානිය වෙයි. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අනුපාදින්නෝපාදානිය ද වන්නේ ය. අනුපාදින්නඅනුපාදානිය ද වන්නේ යි.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව අසංක්ලිෂ්ටසාංක්ලේශිකද වන්නේ ය, අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකද වන්නේ යි.
ප්‍රතිසංවිද්ධර්‍මයෝ තිදෙනෙක් සවිතර්‍කසවිචාරයෝ ය. අර්‍ත්‍ථප්‍රතිසංවිදාව සවිතර්‍ක සවිචාර වන්නේ ය. අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය. අවිතර්‍කඅවිචාර ද වන්නේ යි.