Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 3101-3200 න් 4234

(සතර අප්‍රාමාණ්‍යයෝ) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
746. මෛත්‍රිය හේතු ය. තුන් අප්‍රාමාණ්‍යයෝ හේතු නො වෙත්.
(සතර අප්‍රාමාණ්‍යයෝ) සහේතුකයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
මෛත්‍රිය හේතු ද වූ ම සහේතුක ද වෙයි. තුන් අප්‍රාමාණ්‍යයෝ හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
මෛත්‍රිය හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි. තුන් අප්‍රාමාණ්‍යයෝ හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතූහු වෙත්.
තුන් අප්‍රාමාණ්‍යයෝ හේතු නො වූ සහේතුකයෝ ය. මෛත්‍රිය හේතු නො වූ සහේතුකහ යි ද හේතු නො වූ අහේතුකහ යි ද නො කියයුත්තාහු ය.
747. (සතර අප්‍රාමාණ්‍යයෝ) සප්‍රත්‍යයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) සඞ්ඛතයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අනිදර්‍ශනයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අප්‍රතිඝයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අරූපයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) ලෞකිකයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) කිසි විඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දතයුත්තාහු ය.
748. (සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රවයෝ නො වෙත්.
(සතර අප්‍රාමාණ්‍යයෝ) සාස්‍රවයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි නො කියයුත්තාහ. සාස්‍රව ද වූවාහුම නො ද ආස්‍රව වෙත්.
(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රවයෝ යි.
749. (සතර අප්‍රාමාණ්‍යයෝ) සංයෝජනයෝ නො වෙත් ... ග්‍රන්‍ථයෝ නො වෙත් ... ඕඝයෝ නො වෙත් ... යෝගයෝ නො වෙත් ... නීවරණයෝ නො වෙත් ... පරාමර්‍ශයෝ නො වෙත් ..
750. (සතර අප්‍රාමාණ්‍යයෝ) සාලම්බනයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තයෝ නො වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) චෛතසිකයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසමුත්‍ථානයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසහභූ වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තානුපරිවර්තීහු වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහු වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) බාහිරයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදා නො වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු ය.
751. (සතර අප්‍රාමාණ්‍යයෝ) උපාදානයෝ නො වෙති ... ක්ලේශයෝ නො වෙති ...
(සතර අප්‍රාමාණ්‍යයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
තුන් අප්‍රාමාණ්‍යයෝ සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහ. උපේක්‍ෂාව අවිතර්‍ක ය.
තුන් අප්‍රාමාණ්‍යයෝ සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහ. උපේක්‍ෂාව අවිචාර ය.
තුන් අප්‍රාමාණ්‍යයෝ සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහ. උපේක්‍ෂාව අප්‍රීතික ය.
තුන් අප්‍රාමාණ්‍යයෝ ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහ. උපේක්‍ෂාව ප්‍රීතිසහගත නො වෙයි.
තුන් අප්‍රාමාණ්‍යයෝ සුඛසහගත වෙති. උපේක්‍ෂාව සුඛසහගත නො වෙයි. උපේක්‍ෂාව උපේක්‍ෂාසහගත ය.
තුන් අප්‍රාමාණ්‍යයෝ උපේක්‍ෂාසහගත නො වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) කාමාවචරයෝ නො වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) රූපාවචරයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අරූපාවචරයෝ නො වෙති.
(සතර අප්‍රාමාණ්‍යයෝ) පර්‍ය්‍යාපන්නයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අනෛර්‍ය්‍යාණිකයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අනියතයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) සඋත්තරයෝ ය.
(සතර අප්‍රාමාණ්‍යයෝ) අරණයෝ යි.
පඤ්හපුච්ඡක යි.
අප්‍රාමාණ්‍යවිභඞ්ග නිමි.
14. ශික්‍ෂාපද විභඞ්ගය
752. ශික්‍ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මුසාවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මත් බවට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද යි.
753. එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරුවීමෙක් වෙන් වීමෙක් වැළැක්මෙක් විරමණයෙක් (පණිවා) නො කිරීමෙක් අකරණයෙක් (එයට) නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනායෙක් සංචේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත … උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිතව ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව උපදෙනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළැක්මෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ...
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි. ...
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, (එසමයෙහි යම්) ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
754. එහි ‘අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: ... කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය ... මුසවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය ... මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාදයට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහ මෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ...
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනාවක් සඤ්චේතනාවක් චේතයිත බවෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත ව ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ...
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි ...
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
755. ශික්‍ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මුසවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද යි.
756. එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය හීන වැ මධ්‍යම වැ, ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ විමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරුවීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ විමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ ... හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
එහි ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක පණිවායෙන් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ, උපදනේ වේ ද, එසමයෙහි පණිවායෙන් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි. ... ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
757. එහි ‘අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: ... කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය ... මුසාවායෙන් වැළකීමේ ශික්‍ෂාපදය ... මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය හීන වෑ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ විමංසාව අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීමංසාව අධිපති කොට ඇති වැ උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළැකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි. ... අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි. ... ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
එහි ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපදය’ කවරෙ යත්: යම් කලෙක මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වළක්නහුට සොම්නස් සහගිය ඥානසම්ප්‍රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ, හීන වැ මධ්‍යම වැ ප්‍රණීත වැ, ඡන්‍දය අධිපති කොට ඇති වැ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ චිත්තය අධිපති කොට ඇති වැ හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ ඡන්‍දය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ වීර්‍ය්‍යය අධිපති කොට ඇති වැ, හීන වූ මධ්‍යම වූ ප්‍රණීත වූ චිත්තය අධිපති කොට ඇති වැ, උපදනේ වේ ද, එසමයෙහි මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් යම් දුරු වීමෙක් වෙන් වීමෙක් වැළකීමෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් හිම් නො ඉක්ම වීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝ යි ... අවශේෂධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝ යි ... ස්පර්‍ශයෙක් ... ප්‍රග්‍රාහයෙක් අවික්‍ෂේපයෙක් වේ ද, මේ ‘මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද’ යි කියනු ලැබේ.
758. ශික්‍ෂාධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යම් යම් අරමුණක් ඇරැබැ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මොහු ශික්‍ෂාධර්‍මයෝ යි.
ශික්‍ෂාධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යම් යම් අරමුණක් ඇරැබැ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත කාමාවචර කුශල චිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානසම්ප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත (කුශලචිත්තය) සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මොහු ශික්‍ෂාධර්‍මයෝ යි.
759. ශික්‍ෂාධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද ... අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මොහු ශික්‍ෂාධර්‍මයෝ යි.
අභිධර්‍මභාජනිය යි.
760. ශික්‍ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මුසවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද යි.
761. පඤ්චශික්‍ෂාපදයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
762. (පඤ්චශික්‍ෂාපදයෝ) කුශලයෝ මැ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහුය.
(පඤ්චශික්‍ෂාපදයෝ) විපාකස්වභාවධර්‍මයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අනුපාදින්නෝපාදානියයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) සවිතර්‍කසවිචාරයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ආචයගාමීහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) පරිත්තයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) පරිත්තාලම්බනයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) මධ්‍යමයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අනියතයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුත්තාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උප්පාදීහ යි නො කියයුත්තාහු ය.