Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 2901-3000 න් 4234

698. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම, අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව ම, අවිතර්‍ක වූ, විචාරමාත්‍ර වූ, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති, දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි චතුරඞ්ගධ්‍යානය වෙයි: විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ද්විතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
699. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ත්‍රයඞ්ගධ්‍යානය වෙයි: ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘තෘතීයධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
700. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, ප්‍රීතියගේ විරාගයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
701. මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
702. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
703. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
704. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... පෘථිවිකෘත්ස්න ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම රූපාවචරකුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපසමයෙන් ... විපාක වූ පෘථිවිකෘත්ස්න ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පෘථිවිකෘත්ස්න පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
705. මෙ සස්නෙහි මහණ යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම අරූපාවචර කුශලකර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ, විපාක චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
706. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
707. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥා වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, කාමයන්ගෙන් වෙන්ව ම ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ, විපාක ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
708. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින්, වැඩූ බැවින්, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දුඃඛප්‍රතිපත් ඇති, දන්‍ධාභිඥ වූ, ශුන්‍යත වූ, විපාක වූ ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
709. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
710. එහි ප්‍රථමධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, ඉහාත්මසුඛවිහරණ ඇති, රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන්ව ම ... පඨවිකසිණ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි පඤ්චාඞ්ගධ්‍යානය වෙයි: විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘ප්‍රථමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
711. එහි ද්විතීයධ්‍යාන කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, ඉහාත්මසුඛවිහාර ඇති, රූපාවචර ක්‍රියාධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරාදීන්ගේ සන්හිඳීමෙන් ... පෘථිවිකෘත්ස්නද්වීතීය ධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘පඤ්චමධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යි.
712. මෙ සස්නෙහි මහණ යම් කලෙක සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා, නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, නො ම කුසල් වූ, අකුසල් නො වූ, නො ද කර්‍මවිපාක වූ, ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරක්‍රියාධ්‍යානය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ද්ව්‍යඞ්ගධ්‍යානය වෙයි: උපේක්‍ෂා ය, චිත්තෛකාග්‍රතා යි. මේ ‘චතුර්‍ත්‍ථධ්‍යාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ධ්‍යානසම්ප්‍රයුක්තයෝ යයි.
අභිධර්‍මභාජනිය යි.
713. ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්‍ත්‍ථධ්‍යාන යි.
714. සතර ධ්‍යානයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්‍යාකෘතයෝ ද, ... කෙතෙක් සරණයෝ ද, කෙතෙක් අරණයෝ ද යත්:
715. (සතර ධ්‍යානයෝ) කුශල ද වන්නාහු ය, අව්‍යාකෘත ද වන්නාහු යි.
ධ්‍යානයෝ තිදෙනෙක් මෙහි උපන් සුඛවේදනාව තබා සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ ය. චතුර්‍ත්‍ථධ්‍යානය මෙහි උපන් අදුක්ඛමසුඛ වේදනාව තබා අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි.
(සතර ධ්‍යානයෝ) විපාක ද වන්නාහ. විපාකස්වභාවධර්‍ම ද වන්නාහ. නො ම විපාක වූ, නො ද විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටඅසාංක්ලේශ්ක ද වන්නාහුය.
ප්‍රථමධ්‍යානය මෙහි උපන් විතර්‍කවිචාරයන් තබා සවිතර්‍ක ය, සවිචාර ය. ධ්‍යානයෝ තිදෙනෙක් අවිතර්‍කඅවිචාරයෝ යි.
ධ්‍යානයෝ දෙදෙනෙක් මෙහි උපන් ප්‍රීතිය තබා ප්‍රීතිසහගතයෝ ය, ධ්‍යානයෝ තිදෙනෙක් මෙහි උපන් සුඛය තබා සුඛසහගතයෝ ය. චතුර්‍ත්‍ථධ්‍යානය මෙහි උපන් උපේක්‍ෂාව තබා උපේක්‍ෂාසහගත යි.
(සතර ධ්‍යානයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යි.
(සතර ධ්‍යානයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
(සතර ධ්‍යානයෝ) ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහ, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) මහද්ගත ද වන්නාහ, අප්‍රමාණ ද වන්නාහු ය.
ධ්‍යානයෝ තිදෙනෙක් පරිත්තාලම්බනහ යි ද, මහද්ගතාලම්බනහ යි ද නො කිය යුත්තාහ. අප්‍රමාණාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බනහ යි නො කියයුතු ද වන්නාහ. චතුර්‍ත්‍ථධ්‍යානය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්‍රමාණාලම්බන ද වන්නේ ය, පරිත්තාලම්බන යි ද, මහද්ගතාලම්බනයි ද, අප්‍රමාණාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
(සතර ධ්‍යානයෝ) මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
තුන් ධ්‍යානයෝ මාර්‍ගාලම්බන නො වෙති. මාර්‍ගහේතුක ද වන්නාහ. මාර්‍ගාධිපති ද වන්නාහ. මාර්‍ගහේතුකහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නො කියයුතු ද වන්නාහ. චතුර්‍ත්‍ථධ්‍යානය මාර්‍ගාලම්බන ද වන්නේ ය, මාර්‍ගහේතුක ද වන්නේ ය, මාර්‍ගාධිපති ද වන්නේ ය. මාර්‍ගාලම්බන යි ද, මාර්‍ගහේතුක යි ද, මාර්‍ගාධිපති යි ද නො කියුතු ද වන්නේ යි.
(සතර ධ්‍යානයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
තුන් ධ්‍යානයෝ අතීතාලම්බනහ යි ද, අනාගතාලම්බනහ යි ද, ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහ. චතුර්‍ත්‍ථධ්‍යානය අතීතාලම්බන ද වන්නේ ය, අනාගතාලම්බන ද වන්නේ ය, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නේ ය. අතීතාලම්බන යි ද, අනාගතාලම්බන යි ද, ප්‍රත්‍යුත්පන්නාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
(සතර ධ්‍යානයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
තුන් ධ්‍යානයෝ බාහිරාලම්බනයෝ ය. චතුර්‍ත්‍ථධ්‍යානය අධ්‍යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නේ ය, අධ්‍යාත්මාලම්බන යි ද, බාහිරාලම්බන යි ද, අධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
716. (සතර ධ්‍යානයෝ) අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
(සතර ධ්‍යානයෝ) හේතූහු නො වෙත්.
(සතර ධ්‍යානයෝ) සහේතුකයෝ යි.
(සතර ධ්‍යානයෝ) හේතු සම්ප්‍රයුක්තයෝ යි.
(සතර ධ්‍යානයෝ) හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
(සතර ධ්‍යානයෝ) හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙත්.
(සතර ධ්‍යානයෝ) හේතු නො වූ සහේතුකයෝ යි.
717. (සතර ධ්‍යානයෝ) සප්‍රත්‍යයෝ යි.
(සතර ධ්‍යානයෝ) සඞ්ඛතයෝ යි.
(සතර ධ්‍යානයෝ) අනිදර්‍ශනයෝ යි.
(සතර ධ්‍යානයෝ) අප්‍රතිඝයෝ යි.
(සතර ධ්‍යානයෝ) අරූපයෝ යි.
(සතර ධ්‍යානයෝ) ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) කිසිවිඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දත යුත්තාහු ය.
718. (සතර ධ්‍යානයෝ) ආස්‍රවයෝ නො වෙත්.
(සතර ධ්‍යානයෝ) සාස්‍රව ද වන්නාහ, අනාස්‍රව ද වන්නාහු යි.
(සතර ධ්‍යානයෝ) ආස්‍රවවිප්‍රයුක්කයෝ යි.
(සතර ධ්‍යානයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව ද වන්නාහ, සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහයි නො කියයුතු ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
(සතර ධ්‍යානයෝ) ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහු යි.
719. (සතර ධ්‍යානයෝ) සංයෝජනයෝ නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති ...
720. (සතර ධ්‍යානයෝ) සාලම්බනයෝ යි.
(සතර ධ්‍යානයෝ) චිත්තයෝ නො වෙත්.
(සතර ධ්‍යානයෝ) චෛතසිකයෝ යි.
(සතර ධ්‍යානයෝ) චිත්තසම්ප්‍රයුක්තයෝ යි.
(සතර ධ්‍යානයෝ) චිත්තසංසෘෂ්ටයෝ යි.
(සතර ධ්‍යානයෝ) චිත්තසමුත්‍ථානයෝ යි.
(සතර ධ්‍යානයෝ) චිත්තසහභූ වෙත්.
(සතර ධ්‍යානයෝ) චිත්තානුපරිවර්තීහු ය.
(සතර ධ්‍යානයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ යි.
(සතර ධ්‍යානයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහු වෙත්.
(සතර ධ්‍යානයෝ) චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තීහු වෙත්.
(සතර ධ්‍යානයෝ) බාහිරයෝ යි.
(සතර ධ්‍යානයෝ) උපාදා නො වෙත්.
(සතර ධ්‍යානයෝ) උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු යි.
721. (සතර ධ්‍යානයෝ) උපාදානයෝ නො වෙත්. ... ක්ලේශයෝ නො වෙත්. ...
(සතර ධ්‍යානයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.
(සතර ධ්‍යානයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.
(සතර ධ්‍යානයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙත්.
(සතර ධ්‍යානයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙත්.
ප්‍රථමධ්‍යානය මෙහි උපන් විතර්‍කය තබා සවිතර්‍ක ය, තුන් ධ්‍යානයෝ අවිතර්‍කයෝ යි.
ප්‍රථමධ්‍යානය මෙහි උපන් විචාරය තබා සවිචාරය. තුන් ධ්‍යානයෝ අවිචාරයෝ යි.
ධ්‍යානයෝ දෙදෙනෙක් මෙහි උපන් ප්‍රීතිය තබා සප්‍රීතිකයෝ ය, ධ්‍යානයෝ දෙදෙනෙක් අප්‍රීතිකයෝ යි.
ධ්‍යානයෝ දෙදෙනෙක් මෙහි උපන් ප්‍රීතිය තබා ප්‍රීතිසහගතයෝ ය, ධ්‍යානයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත නො වෙත්.
තුන් ධ්‍යානයෝ මෙහි උපන් සුඛය තබා සුඛසහගතයෝ යි. චතුර්‍ත්‍ථධ්‍යානය සුඛ සහගත නො වේ.
චතුර්‍ත්‍ථධ්‍යානය මෙහි උපන් උපේක්‍ෂාව තබා උපේක්‍ෂාසහගත ය, තුන් ධ්‍යානයෝ උපේක්‍ෂාසහගත නො වෙත්.
(සතර ධ්‍යානයෝ) කාමාවචරයෝ නො වෙත්.
(සතර ධ්‍යානයෝ) රූපාවචර ද වන්නාහ, රූපාවචර නො ද වන්නාහු ය.
තුන් ධ්‍යානයෝ අරූපාවචරයෝ නො වෙත්. චතුර්‍ත්‍ථධ්‍යානය අරූපාවචර ද වන්නේ ය, අරූපාවචර නො ද වන්නේ යි.
(සතර ධ්‍යානයෝ) පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) සඋත්තර ද වන්නාහ, අනුත්තර ද වන්නාහු ය.
(සතර ධ්‍යානයෝ) අරණයෝ යි.
පඤ්හපුච්ඡක යි.
ධ්‍යානවිභඞ්ග නිමි.
13. අප්‍රාමාණ්‍ය විභඞ්ගය
722. අප්‍රාමාණ්‍ය සතරෙකි: මෙ සස්නෙහි මහණ මෛත්‍රී සහගත සිතින් එක් දිශායෙක්හි (සත්ත්‍වයන්) ස්පර්‍ශ (අරමුණු) කොට වාස කෙරෙයි. එසෙයින් දෙ වැනි දිශායෙහි තුන් වැනි දිශායෙහි සතර වැනි දිශායෙහි (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි) මෙසේ උඩ යට සරස අනුදිග (සත්ත්‍වයන් ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෛත්‍රීසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. කරුණා සහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි). මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි). සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ කරුණාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. මුදිතාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි.) මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මුදිතාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසෙයි. උපේක්‍ෂාසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසෙයි. එසෙයින් දෙ වැනි දිශාව තුන් වැනි දිශාව සතර වැනි දිශාව (ස්පර්‍ශ කොට වෙසෙයි) මෙසේ උඩ යට සරස අනුදිග (ස්පර්‍ශ කොට වෙසෙයි.) සියලු තැන්හි සියල්ලන් ආත්මසමතායෙන් යුක්ත ව සියලු සත්ත්‍වයන් ඇති ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ උපේක්‍ෂාසහගත සිතින් ස්පර්‍ශ කොට වෙසේ.
723. කිසෙයින් මහණ මෛත්‍රීසහගත සිතින් එක් දිශාවක් ස්පර්‍ශ කොට වෙසේ ද යත්: යම්සේ නම් ප්‍රිය වූ මනවඩන්නා වූ එක් පුද්ගලයකු දැක මෛත්‍රිය කරන්නේ ද, එපරිද්දෙන් ම සියලු සත්ත්‍වයන් මෛත්‍රියෙන් ස්පර්‍ශ කෙරෙයි.
එහි ‘මෛත්‍රී’ කවර යත්: සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රියක් මෙත් කරන අයුරෙක් මෙත් කළ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ ‘මෛත්‍රී’ යි කියනු ලැබේ. එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගචිත්තයෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥාන ස්කන්‍ධයෙක් තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ මෛත්‍රිය හා සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘මෙත්තාසහගතෙන චේතසා’ යි.
‘ඒකං දිසං’ යනු: පෙරදිග හෝ අවරදිග හෝ උතුරුදිග හෝ දකුණුදිග හෝ උඩ හෝ යට හෝ සරස හෝ අනුදිග හෝ යි.