Vibhaṅga

Analysis

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 201-300 න් 4234

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-vbh:32.12
පර්‍ය්‍යාපන්න වූයෙක් ඇත, පර්‍ය්‍යාපන්න නො වූයෙක් ඇති.
ap-vbh:32.13
නෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, නෛර්‍ය්‍යාණික නො වූයෙක් ඇති.
ap-vbh:32.14
නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
ap-vbh:32.15
සඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
ap-vbh:32.16
සරණයෙක් ඇත, අරණයෙක් ඇති.
ap-vbh:32.17
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:32.18
69. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:32.19
ද්විප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සරණ (කෙලෙස් සහිත) වූයෙක් වෙයි, අරණ වූයෙක් වේ.
ap-vbh:32.20
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ස්වභාව ධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූයෙක් ඇති.
ap-vbh:32.21
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත … අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහ්‍යාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහ්‍යාලම්බන වූයෙක් ඇති ... මෙසේ දශ ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:32.22
ද්වික මූලක යි.
ap-vbh:32.23
70. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:32.24
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
ap-vbh:32.25
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශලයෙක් ඇත, අකුශලයෙක් ඇත, අව්‍යකෘතයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:34.1
71. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:34.2
ද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:34.3
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:34.4
72. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:34.5
ද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
ap-vbh:34.6
ලෞකිකයෙක් ඇත, ලෝකෝත්තරයෙක් ඇති.
ap-vbh:34.7
(චක්‍ෂුර්විඥානාදීන් අතුරෙහි) කිසි එකෙකින් දතයුත්තෙක් ඇත, කිසි එකෙකින් නො දත යුත්තෙක් ඇති.
ap-vbh:34.8
සාස්‍රවයෙක් ඇත, අනාස්‍රවයෙක් ඇති.
ap-vbh:34.9
ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:34.10
ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති. ...
ap-vbh:34.11
සරණයෙක් ඇත, අරණයෙක් ඇති.
ap-vbh:34.12
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:34.13
73. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:34.14
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ap-vbh:34.15
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාකධර්‍ම ධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක වූ විපාකධර්‍ම ධර්‍ම වූයෙක් ඇති.
ap-vbh:34.16
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
ap-vbh:34.17
සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වූයෙක් ඇති.
ap-vbh:34.18
සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති.
ap-vbh:34.19
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති.
ap-vbh:34.20
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇති.
ap-vbh:34.21
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නෛවාචයගාමී නාපචයගාමී වූයෙක් ඇති.
ap-vbh:34.22
ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ වූයෙක් ඇති.
ap-vbh:36.1
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
ap-vbh:36.2
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
ap-vbh:36.3
හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
ap-vbh:36.4
මිථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
ap-vbh:36.5
මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුකයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
ap-vbh:36.6
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති.
ap-vbh:36.7
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
ap-vbh:36.8
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
ap-vbh:36.9
අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිර වූයෙක් ඇති.
ap-vbh:36.10
අධ්‍යාත්මාලම්බනයෙක් ඇත, බාහිරාලම්බනයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බනයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:36.11
74. එක්ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:36.12
ද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:36.13
හේතු නො වූ සහේතුක වූයෙක් ඇත, හේතු නො වූ අහේතුක වූයෙක් ඇති.
ap-vbh:36.14
ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
ap-vbh:36.15
(චක්‍ෂුර් විඥානාදි) කිසිවකින් දත යුත්තෙක් ඇත, කිසිවකින් නො දත යුත්තෙක් ඇති.
ap-vbh:36.16
සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:36.17
ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:36.18
ආස්‍රව සම්ප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව සම්ප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:36.19
සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ap-vbh:36.20
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:36.21
ත්‍රික මූලක යි.
ap-vbh:38.1
75. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:38.2
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ap-vbh:38.3
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:38.4
76. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:38.5
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:38.6
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍ම ධර්‍ම වූයෙක් ඇත, නො ම විපාක වූ නො ද විපාක ධර්‍ම ධර්‍ම වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:38.7
77. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:38.8
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුක වූයෙක් ඇත, හේතු නො වූ අහේතුක වූයෙක් ඇති.
ap-vbh:38.9
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:38.10
78. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:38.11
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
ap-vbh:38.12
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:38.13
79. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:38.14
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: (චක්‍ෂුර් විඥානාදී) කිසිවකින් දත යුත්තෙක් ඇත, කිසිවකින් නො දත යුත්තෙක් ඇති.
ap-vbh:38.15
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:38.16
80. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:38.17
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:38.18
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:40.1
81. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:40.2
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:40.3
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:40.4
82. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:40.5
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:40.6
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො ම ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:40.7
83. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:40.8
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
ap-vbh:40.9
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො ම ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:40.10
84. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:40.11
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:40.12
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:40.13
85. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:40.14
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වූයෙක් ඇති.
ap-vbh:40.15
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:40.16
86. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:40.17
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
ap-vbh:40.18
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:42.1
87. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:42.2
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:42.3
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: මිථ්‍යාත්‍ව නියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:42.4
88. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:42.5
ද්වි ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
ap-vbh:42.6
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ග හේතුකයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ.
ap-vbh:42.7
89. එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.