(සතර ඍද්ධිපාදයෝ) අනුපාදින්නයෝ යි.
531. (සතර ඍද්ධිපාදයෝ) උපාදානයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) ක්ලේශයෝ නො වෙත්. …
532. (සතර ඍද්ධිපාදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.
(සතර ඍද්ධිපාදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙත්.
(සතර ඍද්ධිපාදයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
(සතර ඍද්ධිපාදයෝ) භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙත්.
(සතර ඍද්ධිපාදයෝ) සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) කාමාවචරයෝ නො වෙත්.
(සතර ඍද්ධිපාදයෝ) රූපාවචරයෝ නො වෙත්.
(සතර ඍද්ධිපාදයෝ) අරූපාවචරයෝ නො වෙත්.
(සතර ඍද්ධිපාදයෝ) අපරියාපන්නයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) නෛර්‍ය්‍යාණිකයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) නියතයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අනුත්තරයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අරණයෝ යි.
පඤ්හපුච්ඡක යි.
ඉද්ධිපාදවිහඞ්ග නිමි.
අභිධර්‍මපිටකයෙහි
විභඞ්ග පෙළ
ද්විතීය භාගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
10. බෝධ්‍යඞ්ග විභඞ්ගය
533. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
534. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ සිහි ඇත්තේ උතුම් සිහිනුවණින් යුක්ත වූයේ බොහෝ කලකින් පෙර කරන ලද්ද ද බොහෝ කලකින් පෙර කියන ලද්ද ද සිහිකරන්නේ පුනපුනා සිහිකරන්නේ වෙයි. මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එසේ ඒ මහණ සිහි ඇති ව වසන්නේ ඒ ධර්‍මය නුවණින් විමසයි. වෙසෙසින් විමසයි, ප්‍රඥාව හසුරුවයි, විමසීමට පැමිණෙයි. මේ ‘ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
ඒ ධර්‍මය නුවණින් විමසන වෙසෙසින් විමසන නුවණින් හසුරුවන විමසීමට පැමිණෙන ඒ මහණහු විසින් වීර්‍ය්‍යය ආරබ්ධ වෙයි, එහෙයින් ම නො හැකුළුණේ වෙයි. මේ ‘වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තහුට පරිශුද්ධ වූ ප්‍රීතිය උපදී. මේ ‘ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
ප්‍රීතිසම්ප්‍රයුක්ත සිත් ඇත්තනුගේ නාමකය ද සන්හිඳෙයි, සිත ද සන්හිඳෙයි. මේ ‘ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
සන්හුන්කය ඇති එහෙයින් මැ උපන් සුව ඇත්තනුගේ සිත (අරමුණෙහි) සමාහිත වෙයි. මේ ‘සමාධිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
හෙතෙම එසෙයින් සමාහිත වූ සිත මොනොවට උපේක්‍ෂා කරන්නේ වෙයි. මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
535. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
536. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: අධ්‍යාත්ම (සංස්කාර) ධර්‍මයන්හි ස්මෘතියෙක් ඇත, බාහිරධර්‍මයන්හි ස්මෘතියෙක් ඇත, අධ්‍යාත්මධර්‍මයන්හි යම් ස්මෘතියෙක් ඇද්ද ඒ ස්මෘතිය ද, ස්මෘති සම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී. බාහිරධර්‍මයන්හි යම් ස්මෘතියකුත් ඇද්ද ඒ ස්මෘතිය ද ස්මෘති සම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
එහි ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: අධ්‍යාත්මධර්‍මයන්හි විමසීමෙක් ඇත, බාහිරධර්‍මයන්හි විමසීමෙක් ඇත. අධ්‍යාත්මධර්‍මයන්හි යම් විමසීමෙකුත් ඇද්ද, හේ ද ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී. බාහිරධර්‍මයන්හි යම් විමසීමෙකුත් ඇද්ද, හේ ද ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස මාර්‍ගය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
එහි වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: කායිකවීර්‍ය්‍යයෙක් ඇත, වෛතසිකවීර්‍ය්‍යයෙක් ඇත. යම් කායිකවීර්‍ය්‍යයෙකුත් ඇද්ද, හේ ද වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් චෛතසිකවීර්‍ය්‍යයෙකුත් ඇද්ද, හේ ද වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
එහි ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: සවිතර්‍කසවිචාර ප්‍රීතියෙක් ඇත, අවිතර්‍ක අවිචාර ප්‍රීතියෙක් ඇත. යම් සවිතක්කසවිචාර ප්‍රීතියකුත් ඇද්ද හේ ද ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් අවිතර්‍කඅවිචාර ප්‍රීතියකුත් ඇද්ද, හේ ද ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
එහි ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: කායප්‍රශ්‍රබ්ධියෙක් (කයෙහි සන්හුන් බවෙක්) ඇත, චිත්තප්‍රශ්‍රබ්ධියෙක් (සිතෙහි සන්හුන් බවෙක්) ඇත. යම් කායප්‍රශ්‍රබ්ධියකුත් ඇද්ද, හේ ද ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් චිත්තප්‍රශ්‍රබ්ධියකුත් ඇද්ද, හේ ද ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
එහි සමාධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: සවිතර්‍කසවිචාරසමාධියෙක් ඇත අවිතර්‍කඅවිචාරසමාධියෙක් ඇත. යම් සවිතර්‍කසවිචාරසමාධියකුත් ඇද්ද, හේ ද සමාධිසම්බොධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. යම් අවිතර්‍කඅවිචාරසමාධියකුත් ඇද්ද, හේ ද සමාධිසම්බොධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: අධ්‍යාත්මධර්‍මයන්හි උපේක්‍ෂාවක් ඇත, බාහිරධර්‍මයන්හි උපේක්‍ෂාවක් ඇත. අධ්‍යාත්මධර්‍මයන්හි යම් උපේක්‍ෂාවක් ඇද්ද, එ ද උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග වූයේ අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. බාහිරධර්‍මයන්හි යම් උපේක්‍ෂාවකුත් ඇද්ද, එ ද අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී.
537. බෝධ්‍යාඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
538. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමුණු ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි. ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... වීර්‍ය්‍යසම් බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි, විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමුණු උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩයි.
සූත්‍රාන්තභාජනීය යි.
539. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
540. එහි සප්තබෝධ්‍යඞ්ගයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචය ගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද කාමයන්ගෙන් වෙන් ව මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි සප්තබෝධ්‍යඞ්ගයෝ වෙති: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
541. එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සිහි කිරීමෙක් පුනපුනා සිහිකිරීමෙක් අභිමුඛ වැ මෙන් සිහි කිරීමෙක් සති සඞ්ඛ්‍යාත සිහි කරන අයුරෙක් දරන බවෙක් අරමුණට බැසගැනීමෙක් නො නස්නා බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් සියුසස්දහම් සෙවීමෙක් සම්‍යග් දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් ප්‍රීතියක් ප්‍රාමෝද්‍යයෙක් ආමෝදනයෙක් ප්‍රමෝදනයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් සතුටෙක් ඔදවැඩි බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: වේදනාස්කන්‍ධයාගේ සංඥාස්කන්‍ධයාගේ සංස්කාරස්කන්‍ධයාගේ යම් සන්හිදීමෙක් වෙසෙසින් සන්හිඳීමෙක් සන්හුන් අයුරෙක් වෙසෙසින් සන්හුන් අයුරෙක් සන්හිඳුණු බවෙක් සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි සමාධිසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: චිත්තයාගේ යම් මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ ස්ථිතියක් ... සම්‍යක්සමාධියක් සමාධිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් උපේක්‍ෂාවක් උපේක්‍ෂාකාරයෙක් අධික උපේක්‍ෂාවක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. මොහු සප්තබෝධ්‍යඞ්ගයෝ යි කියනු ලැබෙත්, අවශේෂධර්‍මයෝ සප්තබෝධ්‍යඞ්ගයන් හා සම්ප්‍රයුක්තයෝ යි.
542. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි. ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැමැ ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එකල්හි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සිහි කිරීමෙක් පුනපුනා සිහිකිරීමෙක් සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ස්මෘති සම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. අවශේෂධර්‍මයෝ වීර්‍ය්‍යසම්බොධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ. ... අවශේෂධර්‍මයෝ සමාධිසම්බොධ්‍යඞ්ගසම්ප්‍රයුක්තයහ.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එකල්හි යම් උපේක්‍ෂාවක් උපේක්‍ෂාකාරයෙක් අධිකඋපේක්‍ෂායෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
543. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ග යි.
එහි සප්තබෝධ්‍යඞ්ගයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥා වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... එසමයෙහි යම් ස්පර්‍ශයෙක් වේ ද … අවික්‍ෂේපයෙක් වේ ද මේ ධර්‍මයෝ කුශලයෝ යි.
එ මැ ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි සප්තබෝධ්‍යඞ්ගයෝ වෙති: ස්මෘති සම්බෝධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: යම් උපේක්‍ෂායෙක් උපේක්‍ෂා අයුරෙක් අධික උපේක්‍ෂායෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. මොහු ‘සප්තබෝධ්‍යඞ්ගයෝ’ යි කියනු ලැබෙත්. අවශේෂ ධර්‍මයෝ සප්තබෝධ්‍යඞ්ගයන් හා සම්ප්‍රයුක්තයහ.
544. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ... උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ග යි.
එහි ස්මෘතිසම්බොධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එකල්හි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ මැ ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ විපාකප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘ස්මෘතිසම්බොධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ ස්මෘතිසම්බොධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ. ... අවශේෂධර්‍මයෝ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂධර්‍මයෝ වීර්‍ය්‍යසමීබෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂ ධර්‍මයෝ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂධර්‍මයෝ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යැ ... අවශේෂධර්‍මයෝ සමාධිසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
එහි උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි. ... අවික්‍ෂේපය වේ, මේ ධර්‍මයෝ කුශලයෝ යැ. එ මැ ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධාභිඥ වූ විපාකප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. එසමයෙහි යම් උපේක්‍ෂායෙක් උපේක්‍ෂා අයුරෙක් අධික උපේක්‍ෂායෙක් චිත්තයාගේ මධ්‍යස්ථභාවයෙක් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය හා සම්ප්‍රයුක්තයෝ යි.
අභිධර්‍මභාජනීය යි.
545. බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙකි: ස්මෘතිසම්බොධ්‍යඞ්ග යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග යැ ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග යැ සමාධිසම්බොධ්‍යඞ්ග යැ උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි.
546. සප්තබෝධ්‍යඞ්ගයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
547. (සප්තබෝධ්‍යඞ්ගයෝ) කුශල ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු ය.
ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ය. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනුපාදින්නෝපාදානියහ.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයෝ යි.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.
ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය ප්‍රීතිසහගත නො වෙයි. සුඛසහගත වෙයි, උපේක්‍ෂාසහගත නො වේ. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අප්‍රමාණයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අප්‍රමාණාලම්බනයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) ප්‍රණීතයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) මාර්‍ගාලම්බනයෝ නො වෙති. මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුතු ද වන්නාහුය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අධ්‍යාත්මබාහිරාලම්බනයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
548. ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ය. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු නොවෙති.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) සහේතුකයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ද වූයේ ම සහේතුක ද වෙයි. බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු ද වූයේ ම හේතුසම්ප්‍රයුක්ත ද වෙයි, බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙත්.
බෝධ්‍යඞ්ගයෝ සදෙනෙක් හේතු නො වූ සහේතුකයෝ ය, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුත්තේ යි.
549. (සප්තබෝධ්‍යඞ්ගයෝ) සප්‍රත්‍යයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) සඞ්ඛතයෝ ය.
(සප්තබෝධ්‍යඞ්ගයෝ) අනිදර්‍ශනයෝ ය.