Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 2201-2300 න් 4234

හේතු නො වෙති, සහේතුකයහ.
483. (සතර සතිපට්ඨානයෝ) සප්‍රත්‍යයහ.
සඞ්ඛතයහ.
අනිදර්‍ශනයහ.
අප්‍රතිඝයහ.
අරූපයහ.
ලෝකෝත්තරයහ.
(චක්‍ෂුරාදි) කිසි ඉන්‍ද්‍රියයකින් දතයුත්තාහ. කිසි ඉන්‍ද්‍රියයකින් නො දත යුත්තාහ.
484. (සතර සතිපට්ඨානයෝ) ආස්‍රවයෝ නො වෙති.
අනාස්‍රවයෝ ය.
ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි ද සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ ය.
485. (සතර සතිපට්ඨානයෝ) සංයෝජනයෝ නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නොවෙති ... පරාමර්‍ශයෝ නො වෙත්.
486. (සතර සතිපට්ඨානයෝ) සාලම්බනයෝ ය.
චිත්තයෝ නො වෙති.
චෛතසිකයෝ ය.
චිත්තසම්ප්‍රයුක්තයෝ ය.
චිත්තසංසෘෂ්ටයෝ ය.
චිත්තසමුත්‍ථානයෝ ය.
චිත්තසහභූහු ය.
චිත්තානුපරිවර්තීහු ය.
චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ ය.
චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූහු ය.
චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයානුපරිවර්තීහු ය.
බාහිරයෝ ය.
උපාදා නො වෙති.
අනුපාදින්නයෝ ය.
487. (සතර සතිපට්ඨානයෝ) උපාදානයෝ නො වෙති. ... ක්ලේශයෝ නො වෙති. …
488. (සතර සතිපට්ඨානයෝ) දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති.
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති.
සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු ය.
සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු ය.
සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු ය.
ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගත නො ද වන්නාහු ය.
සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු ය.
උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු ය.
කාමාවචරයෝ නො වෙති.
රූපාවචරයෝ නො වෙති.
අරූපාවචරයෝ නො වෙති.
අපර්‍ය්‍යාපන්නයෝ ය.
නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු ය.
නියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
අනුත්තරයෝ ය.
අරණයෝ යි.
පඤ්හපුච්ඡකය යි.
සතිපට්ඨානවිභඞ්ගය නිමි.
8. සම්‍යක්ප්‍රධාන විභඞ්ගය
489. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි පිළිපන්මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, කායික චෛතසික වීර්‍ය්‍ය කෙරෙයි, (එ ම සහජාත වීර්‍ය්‍යයෙන්) සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි, උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපැදීම පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස සම්පූර්‍ණ වීම පිණිස කත්තුකම්‍යතාකුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි.
490. කිසෙයින් මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වීර්‍ය්‍ය කෙරේ ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ ද යත්:
එහි නූපන් අකුශලධර්‍මයෝ කවරහ යත්: ලෝභ දෝස මෝහ යන තුන් අකුශල මූලයෝ යැ, තදේකස්ථ වූ ක්ලේශයෝ යැ, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යැ, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය යන මොහු ‘නූපන් අකුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්.
මෙසේ මේ නූපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යය කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: එහි ‘ඡන්‍දය’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශලයෙක් ස්වභාවඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ. මේ ඡන්‍දය උපදවයි. නිරතුරු කෙරෙයි, නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි. එහෙයින් ‘ඡන්‍දං ජනෙති’ යි කියනු ලැබේ.
වායමති යනු: එහි ‘වායාම’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘වායාම’ යි කියනු ලැබේ. මේ වායාමයෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ මොනොවට එළඹසිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘වායමති’ යි කියනු ලැබේ.
විරියං ආරභති යනු: එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘විරිය’ යි කියනු ලැබේ. මේ වීර්‍ය්‍ය කෙරෙයි, (අරඹයි) පුනපුනා කෙරෙයි, ඇසුරු කෙරෙයි, වඩයි, බහුල කෙරෙයි. එහෙයින් ‘විරියං ආරභති’ යි කියනු ලැබේ.
චිත්තං පග්ගණ්හාති යනු: එහි ‘චිත්තය’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය නඟාසිටුවයි, පුනපුනා නඟාසිටුවයි, රුකුල්දෙයි, පුනපුනා රුකුල් දෙයි, එහෙයින් ‘චිත්තං පග්ගණ්හාති’ යි කියනු ලැබේ.
පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
491. කිසෙයින් මහණ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්:
එහි උපන් ලාමක අකුශලධර්‍මයෝ කවරහ යත්: ලෝභ දෝස මෝහ යන තුන් අකුශලමූලයෝ යැ තදේකස්ථ වූ ක්ලේශයෝ යැ තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම යන මොහු ‘උපන් ලාමක අකුශල ධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තං පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
492. කිසෙයින් මහණ නූපන් කුශලධර්‍මයන් ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්:
එහි නූපන් කුශලධර්‍මයෝ කවරහ යත්: අලෝභ අදෝස අමෝහ යන තුන් කුශල මූලයෝ යැ. තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය යන මොහු ‘නූපන් කුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ නූපන් කුශලධර්‍මයන් ඉපදීම පිණිස කුසලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තය පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
493. කිසෙයින් මහණ උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි යත්:
එහි උපන් කුශලධර්‍මයෝ කවරහ යත්: අලෝභ අදෝස අමෝහ යන තුන් කුශල මූලයෝ ය, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථාන වූ කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම යන මොහු ‘උපන් කුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඨිතියා යනු: යමක් ‘ඨිති’ නම් හේ ‘අසම්මෝස’ ය, යමෙක් ‘අසම්මෝස’ නම් හේ ‘භිය්‍යොභාව’ ය, යමෙක් ‘භිය්‍යොභාව’ නම් ඒ ‘වේපුල්ල’ ය, යමක් ‘වේපුල්ල’ නම් ඕ ‘භාවනා’ ය, යමක් ‘භාවනා’ නම් ඕ පාරිපූරී ය.
ඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තං පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘පධාන’ යි කියනු ලැබේ. මේ පධානයෙන් උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘පදහති’ යි කියනු ලැබේ.
සූත්‍රාන්තභාජනිය යි.
494. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි. මෙ සස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යකෙරේ. නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරි ගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
495. කිසෙයින් මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත දිරිගන්වා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක්පිළිවෙත් ඇති ලැසි අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි නූපන් ලාමක අකුශලධර්‍මයන්ගේ නො ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දිරිගන්වයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: එහි ‘ඡන්‍ද’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශලයෙක් ස්වභාවඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ. මේ ඡන්‍දය උපදවයි, නිරතුරු උපදවයි, නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි, එහෙයින් ‘ඡන්‍දං ජනෙති’ යි කියනු ලැබේ.
වායමති යනු: එහි ‘වායාම’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘වායාම’ යි කියනු ලැබේ. මේ වායාමයෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹසිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්‍විත වූයේ යි. එහෙයින් ‘වායමති’ යි කියනු ලැබේ.
විරියං ආරභති යනු: එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘විරිය’ යි කියනු ලැබේ. මේ වීර්‍ය්‍යය අරඹයි, මොනොවට අරඹයි, ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, පුනපුනා කෙරේ. එහෙයින් ‘විරියං ආරභති’ යි කියනු ලැබේ.
චිත්තං පග්ගණ්හාති යනු: එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය නඟාසිටුවයි, පුනපුනා නඟාසිටුවයි, රුකුල් දෙයි, පුනපුනා රුකුල් දෙයි, එහෙයින් ‘චිත්තං පග්ගණ්හාති’ යි කියනු ලැබේ.
පදහති යනු: එහි ‘සම්‍යක්ප්‍රධාන’ කවරෙ යත්: යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ප්‍රධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක් ප්‍රධාන සම්ප්‍රයුක්ත යෝ යි.
496. කිසෙයින් මහණ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථම භූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තං පග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘සම්‍යක්ප්‍රධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ප්‍රධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්ප්‍රධානසම්ප්‍රයුක්තයෝ යි.
497. කිසෙයින් මහණ නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, චිත්තය නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍යකෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ - අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, චිත්තය නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඡන්‍දං ජනෙති යනු: ... වායමති යනු: ... විරියං ආරභති යනු: ... චිත්තංපග්ගණ්හාති යනු: ... පදහති යනු: එහි ‘සම්මප්පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මප්පධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්මප්පධාන සම්ප්‍රයුක්තයෝ යි.
498. කිසෙයින් මහණ උපන් කුශලධර්‍මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නඟාසිටුවා ද, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධ – අභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි උපන් කුශලධර්‍මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
ඨිතියා යනු: යමක් ඨිති නම් හෝ අසම්මෝස ය, යමෙක් අසම්මෝස නම් හේ භිය්‍යොභාව ය, යමෙක් භිය්‍යොභාව නම් ඒ වේපුල්ල ය, යමක් වේපුල්ල නම් ඕ භාවනා ය, යමක් භාවනා නම් ඕ පාරිපූරී වේ.
ඡන්‍දං ජනෙති යනු: එහි ‘ඡන්‍දය’ කවරෙ යත්: යම් ඡන්‍දයෙක් ඡන්‍දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශලයෙක් ස්වභාවඡන්‍දයෙක් වේ ද, මේ ‘ඡන්‍ද’ යි කියනු ලැබේ. මේ ඡන්‍දය උපදවයි, නිරතුරු උපදවයි, නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, නිපදවයි, වෙසෙසින් නිපදවයි. එහෙයින් ‘ඡන්‍දං ජනෙති’ යි කියනු ලැබේ.
වායමති යනු: එහි ‘වායාම’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘වායාම’ යි කියනු ලැබේ. මේ වායාමයෙන් යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් ‘වායමති’ යි කියනු ලැබේ.
විරියං ආරභති යනු: එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘විරිය’ යි කියනු ලැබේ. මේ වීර්‍ය්‍යය අරඹයි, මොනොවට අරඹයි, ආසෙවනය කෙරෙයි, පුනපුනා වඩයි. එහෙයින් ‘විරියං ආරභති’ යි කියනු ලැබේ.
චිත්ත පග්ගණ්හාති යනු: එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් සිතෙක් මනසෙක්. මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය නඟාසිටුවයි, මොනොවට නඟාසිටුවයි, උපස්තම්භ කෙරෙයි, පුනපුනා උපස්තම්භ කෙරේ. එහෙයින් ‘චිත්තං පග්ගණ්හාති’ යි කියනු ලැබේ.
පදහති යනු: එහි ‘සම්මප්පධාන’ කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මප්පධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්මප්පධාන සම්ප්‍රයුක්තයෝ යි.
එහි ‘සම්‍යක්ප්‍රධාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙකැ දෘෂ්ටි ගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපදා ඇති දන්‍ධඅභිඥා ඇති ප්‍රථමධ්‍යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්‍යක්ප්‍රධාන’ යි කියනු ලැබේ. අවශේෂධර්‍මයෝ සම්‍යක්ප්‍රධාන සම්ප්‍රයුක්තයෝ යි.
අභිධර්‍මභාජනිය යි.
499. සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නො ඉපදීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වැර අරඹයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන් ප්‍රහාණය කිරීම පිණිස ... නූපන් කුශලධර්‍මයන් ඉපදීම පිණිස ... උපන් කුශලධර්‍මයන් සිටීම පිණිස නො නැසීම පිණිස පුනපුනා ඉපදීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වැර අරඹයි. සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ.
500. සතර සම්‍යක්ප්‍රධානයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
501. (සතර සම්‍යක්ප්‍රධානයෝ) කුශලයෝ මැ යි.
සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහු ය.
විපාකස්වභාවධර්‍මයෝ ය.
අනුපාදින්නඅනුපාදානියයෝ ය.
අසංක්ලිෂ්ටඅසාංක්ලේශිකයහ.
සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු ය.
ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහු ය.