ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් අවිතර්‍කඅවිචාර වෙති. දෝමනස්සින්‍ද්‍රියය සවිතර්‍ක සවිචාර ය. උපේක්‍ෂේන්‍ද්‍රියය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ එකොළොසෙක් සවිතර්‍කසවිචාර ද වන්නාහ, අවිතර්‍ක විචාරමාත්‍ර ද වන්නාහ, අවිතර්‍කඅවිචාර ද වන්නාහු යි.
එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුත්තාහ. සෝමනස්සින්‍ද්‍රියය ප්‍රීතිසහගත වන්නේය. සුඛසහගත නො වෙයි, උපේක්‍ෂාසහගත නො වෙයි, ප්‍රීතිසහගත යි නො කියයුතු ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහ, ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද, උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් නො ම ආචයගාමී නො ද අපචයගාමීහු ය. දෝමනස්සින්‍ද්‍රියය ආචයගාමී වෙයි. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය අපචයගාමී ය. අඤ්ඤින්‍ද්‍රියය අපචයගාමී ද වන්නේ ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂයෝ යි. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් ශෛක්‍ෂයෝ ය. අඤ්ඤතාවින්‍ද්‍රියය අශෛක්‍ෂ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහ, නොම ශෛක්‍ෂ වූවාහු නො ද අශෛක්‍ෂ ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක පරිත්තයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අප්‍රමාණයෝ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් පරිත්ත ද වන්නාහ, මහද්ගත ද වන්නාහ, අප්‍රමාණ ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බන වෙති. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් පරිත්තාලම්බන වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අප්‍රමාණාලම්බන වෙති. දෝමනස්සින්‍ද්‍රියය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්‍රමාණාලම්බන නො වෙයි. පරිත්තාලම්බන යි ද මහද්ගතාලම්බන යි ද නො කියයුතු ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහ, පරිත්තාලම්බන යි ද මහද්ගතාලම්බන යි ද අප්‍රමාණාලම්බන යි ද නො කියයුතු ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් මධ්‍යම වෙති. දෝමනස්සින්‍ද්‍රියය හීන ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ප්‍රණීතයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් හීන ද වන්නාහ, මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් අනියතයහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය සම්‍යක්ත්‍ව නියත ය. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහ, දෝමනස්සින්‍ද්‍රියය මිථ්‍යාත්‍වනියත ද වන්නේ ය. අනියත ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බන වෙති. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුත්තාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය මාර්‍ගාලම්බන නො වෙයි, මාර්‍ගහේතුක ද වන්නේ ය, මාර්‍ගාධිපති ද වන්නේ ය, මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නේ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් උත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහ, අනුත්පන්නහ යි නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහු ය යි නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු යි.
(දෙවිසි ඉන්‍ද්‍රියයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් අනාලම්බනයෝය. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් වර්‍තමානාලම්බනයෝය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අතීතාලම්බනහ යි ද අනාගාතාලම්බනහයි ද වර්‍තමානාලම්බනහයි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් අතීතාලම්බන ද අනාගතාලම්බන ද වර්‍තමානාලම්බන ද වන්නාහ, අතීතාලම්බනහයි ද අනාගතාලම්බනහයි ද වර්‍තමානාලම්බනහයි ද නොකියයුතු වන්නාහ.
(දෙවිසි ඉන්‍ද්‍රියයෝ) අධ්‍යාත්ම ද වන්නාහ. බාහිර ද වන්නාහ, අධ්‍යාත්ම බාහිර ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බනයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් බාහිරාලම්බනයෝ ය. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් අද්ධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අද්ධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් අද්ධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අද්ධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහ, අධ්‍යාත්මාලම්බන යි ද බාහිරාලම්බන යි ද අද්ධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් අනිදර්‍ශනසප්‍රතිඝයෝ ය. ඉන්‍ද්‍රියයෝ සතළොස් දෙනෙක් අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
334. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් හේතූහු වෙති. ඉන්‍ද්‍රියයෝ අටළොස් දෙනෙක් හේතූහු නො වෙත්.
ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් සහේතුකයෝ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් අහේතුකයෝ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සහේතුක ද වන්නාහ, අහේතුක ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් හේතුසම්ප්‍රයුක්තයෝ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් හේතුවිප්‍රයුක්තයෝ ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් හේතුසම්ප්‍රයුක්ත ද වන්නාහ, හේතුවිප්‍රයුක්ත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් හේතු ද වූවාහු ම සහේතුකයෝ ද වෙති. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් හේතු ද වූවාහු ම සහේතුකහ යි ද සහේතුක ද වූවාහු ම නො ද හේතුහ යි ද නො කියයුත්තාහු ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් හේතු ද වූ ම සහේතුකයෝ යි නො කිය යුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙති. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් හේතු ද වූවාහු ම සහේතුකයෝ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු ද වෙති. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙතී නො කියයුත්තාහු යි.
ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්ත ද වෙති. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතුහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තයෝ යි නො කියයුත්තාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙති. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් හේතු ද වූවාහු ම හේතුසම්ප්‍රයුක්තයෝ යි නො කියයුත්තාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතු ද වන්නාහ. හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතුහ යි නො කියයුතු වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් හේතු නො වූ අහේතුකයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් හේතු නො වූ සහේතුකයෝ ය. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් හේතු නො වූ සහේතුකහ යි ද හේතු නො වූ අහේතුකහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් හේතු නො වූ සහේතුක ද වන්නාහ, හේතු නො වූ අහේතුක ද වන්නාහු යි.
335. (දෙවිසි ඉන්‍ද්‍රියයෝ) සප්‍රත්‍යයෝ ය. සංඛ්‍යාතයෝ ය. අනිදර්‍ශනයෝ යි.
ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් සප්‍රතිඝයෝ ය. ඉන්‍ද්‍රියයෝ සතළොස් දෙනෙක් අප්‍රතිඝයෝ යි.
ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් රූපවත්හ. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් අරූපයෝ ය. ජීවිතේන්‍ද්‍රියය රූප ද වන්නේ ය, අරූප ද වන්නේ යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් ලෞකිකයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ලෝකෝත්තරයෝ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු යි.
(දෙවිසි ඉන්‍ද්‍රියයෝ) කිසි විඥානයෙකින් දත යුත්තාහ, කිසි විඥානයෙකින් නො දත යුත්තාහු යි.
336. දෙවිසි ඉන්‍ද්‍රියයෝ ආස්‍රවයෝ නො වෙත්.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් සාස්‍රවයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අනාස්‍රවයෝ ය. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ආස්‍රවයෝ ද වන්නාහ, අනාස්‍රවයෝ ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ආස්‍රවවිප්‍රයුක්ත වෙති. දෝමනස්සින්‍ද්‍රියය ආස්‍රවසම්ප්‍රයුක්ත ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්ත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනසක් ආස්‍රව ද වූවාහු ම සාස්‍රව යි ද සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ආස්‍රව ද වූවාහු ම සාස්‍රව යි ද සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියෝ නව දෙනෙක් ආස්‍රව ද වූ ම සාස්‍රවයෝ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව ද වන්නාහ. සාස්‍රව ද වූ ම නො ද ආස්‍රවයෝ යි නො කියයුතු වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය ආස්‍රවයෙක් ද වූයේ ම ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය. ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ආස්‍රවයෙක් වෙයි. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ආස්‍රව ද වූවාහු ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රව ද වන්නාහ. ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ආස්‍රවහ යි නො කියයුතු වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෙකැ යි ද ආස්‍රව විප්‍රයුක්තඅනාස්‍රවයෙකැ යි ද නො කියයුත්තේ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ආස්‍රව විප්‍රයුක්තසාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්ත සාස්‍රවහ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
337. දෙවිසි ඉන්‍ද්‍රියයෝ සංයෝජනයෝ නො වෙත්.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් සංයෝජනියහ, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අසංයෝජනියහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් සංයෝජනිය ද වන්නාහ, අසංයෝජනිය ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සංයෝජනවිප්‍රයුක්ත වෙති. දෝමනස්සින්‍ද්‍රියය සංයෝජනසම්ප්‍රයුක්ත ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නාහ. සංයෝජනවිප්‍රයුක්ත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනියහ යි නො කියයුත්තාහ, සංයෝජනිය ද වූවාහු ම නො ද සංයෝජන වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් සංයෝජන ද වූ ම සංයෝජනියහ යි ද සංයෝජනිය ද වූ ම නො ද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් සංයෝජන ද වූ ම සංයෝජනියහ යි නො කියයුත්තාහු ද සංයෝජනිය ද වූවාහු නොද සංයෝජන ද වන්නාහ, සංයෝජනිය ද වූ ම නො ද සංයෝජනහ යි නො කියයුතු ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනසම්ප්‍රයුක්තහ යි සංයෝජනසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය සංයෝජනයෙක් ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය. සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජන වෙයි. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සංයෝජන ද වූවාහු ම සංයෝජනසම්ප්‍රයුක්තයෝ යි නො කියයුත්තාහ. සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ ම නො ද සංයෝජන ද වන්නාහ, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නො ද සංයෝජනහ යි නො කියයුතු වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය වෙති. දෝමනස්සින්‍ද්‍රිය සංයෝජනවිප්‍රුක්තසංයෝජනිය යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය යි ද නො කියයුත්තේ ය. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනයි ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියහ යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනියහ යි ද නො කියයුතු වන්නාහු යි.
338. දෙවිසි ඉන්‍ද්‍රියයෝ ග්‍රන්‍ථයෝ නො වෙත්.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් ග්‍රන්‍ථනීය වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් අග්‍රන්‍ථනීය වෙති. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ග්‍රන්‍ථනීය ද වෙති, අග්‍රන්‍ථනීය ද වෙත්.
ඉන්‍ද්‍රියයෝ පසළොස් දෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ය. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථනීයහ යි නො කියයුත්තාහ, ග්‍රන්‍ථනීය වූවාහු ම නො ද ග්‍රන්‍ථයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථනීයහ යි ග්‍රන්‍ථනීය ද වූවාහු ම නො ද ග්‍රන්‍ථහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථනීයහ යි නො කියයුත්තාහ, ග්‍රන්‍ථනීය ද වූවාහු ම නො ද ග්‍රන්‍ථ ද වන්නාහ, ග්‍රන්‍ථනීය ද වූවාහු ම නො ද ග්‍රන්‍ථයෝ යි නො කියයුතු වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තහ යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ග්‍රන්‍ථහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය ග්‍රන්‍ථයෙක් ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ග්‍රන්‍ථයෙකි. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ග්‍රන්‍ථ ද වන්නාහ, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ග්‍රන්‍ථයෝ යි නො කියයුතු ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීය වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වෙති. දෝමනස්සින්‍ද්‍රිය ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය යි ද ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීය යි ද නො කියයුත්තේ ය. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය ද වන්නාහ. ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීය ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීය ද වන්නාහ, ග්‍රන්‍ථ විප්‍රයුක්තග්‍රන්‍ථනීයහ යි ද ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනීයහ යි ද නො කියයුතු වන්නාහු යි.
339-341. (දෙවිසි ඉන්‍ද්‍රියයෝ) ඕඝයෝ නො වෙති … යෝගයෝ නො වෙති … නීවරණයෝ නො වෙත්.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් නීවරණිය වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් අනීවරණිය වෙති. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් නීවරණිය ද වන්නාහ, අනීවරණිය ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් නීවරණවිප්‍රයුක්තයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය නීවරණ සම්ප්‍රයුක්ත ය. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් නීවරණසම්ප්‍රයුක්ත ද වන්නාහ, නීවරණ විප්‍රයුක්ත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණයහ යි නො කියයුත්තාහ, නීවරණිය ද වූවාහු ම නො ද නීවරණයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණියහ යි ද නීවරණිය ද වූවාහු ම නො ද නීවරණියහ යි නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණියහ යි නො කියයුත්තාහ. නීවරණිය ද වූවාහු ම නො ද නීවරණ ද වන්නාහ. නීවරණිය ද වූවාහු ම නො ද නීවරණහ යි නො කියයුතු වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණසම්ප්‍රයුක්තහ යි ද නීවරණ සම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද නීවරණහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය නීවරණයෙක් ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුත්තේ ය, නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද නීවරණ වෙයි. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් නීවරණ ද වූවාහු ම නීවරණ සම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, නීවරණසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද නීවරණ ද වන්නාහ, නීවරණසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද නීවරණහ යි නො කියයුතු වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් නීවරණවිප්‍රයුක්තනීවරණිය වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් නීවරණවිප්‍රයුක්තඅනීවරණිය වෙති. දෝමනස්සින්‍ද්‍රිය නීවරණවිප්‍රයුක්ත නීවරණිය යි ද නීවරණවිප්‍රයුක්ත අනීවරණිය යි ද නො කියයුතු ය. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් නීවරණවිප්‍රයුක්ත නීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත අනීවරණිය ද වන්නාහ, ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් නීවරණවිප්‍රයුක්තනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත අනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත නීවරණියහ යි ද නීවරණවිප්‍රයුක්ත අනීවරණියහ යි ද නො කියයුතු වන්නාහු යි.
342. (දෙවිසි ඉන්‍ද්‍රියයෝ) පරාමාසයෝ නො වෙත්.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් පරාමෘෂ්ටයහ, ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් අපරාමෘෂ්ටයහ, ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් පරාමෘෂ්ට ද වන්නාහ, අපරාමෘෂ්ට ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ සොළොස් දෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්තයහ, ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් පරාමර්‍ශසම්ප්‍රයුක්ත ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්ත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් පරාමර්‍ශ ද වූවාහු ම පරාමෘෂ්ටහ යි නො කියයුත්තාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නො ද පරාමර්‍ශයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් පරාමර්‍ශ ද වූ ම පරාමෘෂ්ටහ යි ද පරාමෘෂ්ට ද වූවාහු ම නො ද පරාමර්‍ශහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් පරාමර්‍ශ ද වූ ම නො ද පරාමෘෂ්ටහ යි ද නො කියයුත්තාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නො ද පරාමර්‍ශ ද වන්නාහ, පරාමෘෂ්ට ද වූවාහු ම නො ද පරාමර්‍ශහ යි නො කියයුතු ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්ත පරාමෘෂ්ටයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ටයහ. ඉන්‍ද්‍රියයෝ ති දෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්ත පරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ට ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ ස දෙනෙක් පරාමර්‍ශවිප්‍රයුක්ත පරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ට ද වන්නාහ, පරාමර්‍ශවිප්‍රයුක්ත පරාමෘෂ්ටහ යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ටහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
343. ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බනයහ. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් සාලම්බනයහ. ජීවිතින්‍ද්‍රිය සාලම්බන ද වන්නේ ය, අනාලම්බන ද වන්නේ යි.
එක්විසි ඉන්‍ද්‍රියයෝ චිත්තයෝ නො වෙති. මනින්‍ද්‍රිය චිත්ත වේ.
තෙළෙස් ඉන්‍ද්‍රිය කෙනෙක් චෛතසිතකයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් අචෛතසිකයෝ ය. ජීවිතින්‍ද්‍රිය චෛතසික ද වන්නේ ය, අචෛතසික ද වන්නේ යි.
තෙළෙස් ඉන්‍ද්‍රිය කෙනෙක් චිත්තසම්ප්‍රයුක්තයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් චිත්තවිප්‍රයුක්තයෝ ය. ජීවිතින්‍ද්‍රිය චිත්තසම්ප්‍රයුක්ත ද වන්නේ ය, චිත්තවිප්‍රයුක්ත ද වන්නේ ය. මනින්‍ද්‍රිය චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කියයුත්තේ යි.
තෙළෙස් ඉන්‍ද්‍රිය කෙනෙක් චිත්තසංසෘෂ්ටයහ, ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් චිත්ත විසංස්සෘෂ්ටයෝ ය. ජීවිතින්‍ද්‍රිය චිත්තසංසෘෂ්ට ද වන්නේ ය, චිත්තවිසංසෘෂ්ට ද වන්නේ ය. මනින්‍ද්‍රිය චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කිය යුත්තේ යි.
තෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තසමුත්‍ථානයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් චිත්තසමුත්‍ථානයෝ නො වෙති. ජීවිතින්‍ද්‍රියය චිත්තසමුත්‍ථාන ද වන්නේ ය, චිත්ත සමුත්‍ථාන නො ද වන්නේ යි.
තෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තසහභූ වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් චිත්තසහභූ නො වෙති. ජීවිතින්‍ද්‍රිය චිත්තසහභූ ද වන්නේ ය, චිත්තසහභූ නො ද වන්නේ යි.
තෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තානුපරිවර්තීහු වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් චිත්තානුපරිවර්තී නො වෙති. ජීවිතින්‍ද්‍රිය චිත්තානුපරිවර්ති ද වන්නේ ය, චිත්තානුපරිවර්ති නො ද වන්නේ යි.
තෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තසංසෘෂ්සමුත්‍ථානයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ නො වෙති. ජීවිතින්‍ද්‍රිය චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො ද වන්නේ යි.
තෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති. ඉන්‍ද්‍රියයෝ අට දෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙති. ජීවිතින්‍ද්‍රිය චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො ද වන්නේ යි.
තෙළෙස් ඉන්‍ද්‍රියයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී වෙති. ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙති. ජීවිතින්‍ද්‍රිය චිත්ත සංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති ද වන්නේ ය, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති නො ද වන්නේ යි.
ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ආධ්‍යාත්මිකයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ සොළොස් දෙනෙක් බාහිරයෝ වෙත්.
ඉන්‍ද්‍රියයෝ සත දෙනෙක් උපාදා වෙති. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් උපාදා නො වෙති, ජීවිතින්‍ද්‍රිය උපාදා ද වන්නේ ය, උපාදා නො ද වන්නේ යි.
ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් උපාදින්නයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් අනුපාදින්නයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් උපාදින්න ද වන්නාහ, අනුපාදින්න ද වන්නාහු යි.
344. දෙවිසි ඉන්‍ද්‍රියයෝ උපාදානයෝ නො වෙත්.
ඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් උපාදානිය වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අනුපාදානිය වෙති. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් උපාදානිය ද වන්නාහ, අනුපාදානිය ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ සොළොස් දෙනෙක් උපාදානවිප්‍රයුක්තයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් උපාදානසම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදානවිප්‍රයුක්ත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් උපාදාන ද වූ ම උපාදානියහ යි නො කියයුත්ත්හ. උපාදානයි ද වූවාහු ම නො ද උපාදාන වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් උපාදාන ද වූ ම උපාදානියහ යි ද උපාදානිය ද වූ ම නො ද උපාදානහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් උපාදාන ද වූ ම උපාදානිය හ යි නො කියයුත්තාහ. උපාදානිය ද වූවාහු ම නො ද උපාදාන ද වන්නාහ, උපාදානිය ද වූවාහු ම නො ද උපාදානියයෝ යි නො කියයුතු ද වන්නාහු යි.
සොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් උපාදාන ද වූ ම උපාදානසම්ප්‍රයුක්තහ යි ද උපාදාන සම්ප්‍රයුක්ත ද වූ ම නො ද උපාදානහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් උපාදාන ද වූ ම උපාදානසම්ප්‍රයුක්තයෝ යි නො කියයුත්තාහ. උපාදානසම්ප්‍රයුක්ත ද වූ ම නො ද උපාදාන ද වන්නාහ. උපාදානසම්ප්‍රයුක්ත ද වූ ම නො ද උපාදානයෝ යි නො කියයුතු වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානාවිප්‍රයුක්තඅනුපාදානිය ද වන්නාහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් උපාදානවිප්‍රයුක්තඋපාදානිය ද වන්නාහ, උපාදානවිප්‍රයුක්තඅනුපාදානිය ද වන්නාහ. උපාදාන විප්‍රයුක්තඋපාදානියහ යි ද උපාදානවිප්‍රයුක්තඅනුපාදානියහ යි ද නො කියයුතු වන්නාහු යි.
345. දෙවිසි ඉන්‍ද්‍රියයෝ ක්ලේශයෝ නො වෙත්.
ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් සාංක්ලේශිකයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අසාංක්ලේශිකයෝ ය. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් සාංක්ලේශික ද වන්නාහ, අසාංක්ලේශික ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් අසංක්ලිෂ්ටයහ. දෝමනස්සින්‍ද්‍රිය සංක්ලිෂ්ට ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සංක්ලිෂ්ට ද වන්නාහ, අසංක්ලිෂ්ට ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ක්ලේශවිප්‍රයුක්තයෝ වෙති. දෝමනස්සින්‍ද්‍රිය, ක්ලේශසම්ප්‍රයුක්ත ය. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ක්ලේශසම්ප්‍රයුක්ත ද වන්නාහ, ක්ලේශවිප්‍රයුක්ත ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් ක්ලේශ ද වූ ම සාංක්ලේශිකහ යි නො කිය යුත්තාහ, සාංක්ලේශික ද වූවාහු ම නො ද ක්ලේශයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ක්ලේශ ද වූ ම සාංක්ලේශිකහ යි ද සාංක්ලේශික ද වූ ම නො ද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් ක්ලේශ ද වූ ම සාංක්ලේශිකහ යි නො කියයුත්තාහ, සාංක්ලේශික ද වූවාහු ම නො ද ක්ලේශ ද වන්නාහ, සාංක්ලේශික ද වූ ම නො ද ක්ලේශහ යි නො කියයුතු ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ක්ලේශ ද වූ ම සංක්ලිෂ්ටහ යි ද සංක්ලිෂ්ට ද වූ ම නො ද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රිය ක්ලේශ ද වූ ම සංක්ලිෂ්ට යි නො කියයුතු ය. සංක්ලිෂ්ට ද වූයේ ම නො ද ක්ලේශ වෙයි. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ක්ලේශ ද වූ ම සංක්ලිෂ්ටහ යි නො කියයුත්තාහ, සංක්ලිෂ්ට ද වූවාහු ම නො ද ක්ලේශයෝ ද වන්නාහ, සංක්ලිෂ්ට ද වූ ම නො ද ක්ලේශහ යි නො කියයුතු ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තහ යි ද ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ම නො ද ක්ලේශහ යි ද නො කියයුත්තාහ. දෝමනස්සින්‍ද්‍රියය ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුතු ය, ක්ලේශසම්ප්‍ර්‍යුක්ත ද වූයේ ම නො ද ක්ලේශ ද වෙයි. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් ක්ලේශ ද වූ ම ක්ලේශසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද ක්ලේශ ද වන්නාහ, ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ක්ලේශහ යි නො කියයුතු ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශිකයෝ ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශිකයෝ ය. දෝමනස්සින්‍ද්‍රියය ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශිකයෙකැ යි ද ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශිකයෙකැ යි ද නො කියයුතු ය. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ක්ලේශවිප්‍රයුක්තසාංක්ලේශික ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික ද වන්නාහ. ක්ලේශවිප්‍රයුක්ත සාංක්ලේශිකහ යි ද ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශිකහ යි ද නො කියයුතු වන්නාහු යි.
346. පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු නො වෙති. ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතුක නො ද වන්නාහු යි.
පසළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුකයෝ නො ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් අවිතර්‍කයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය සවිතර්‍ක ය. ඉන්‍ද්‍රියයෝ දොළොස් දෙනෙක් සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් අවිචාරයෝ ය. දෝමනස්සින්‍ද්‍රිය සවිචාර ය. ඉන්‍ද්‍රියයෝ දොළොස් දෙනෙක් සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු යි.
එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් අප්‍රීතිකයෝ ය. එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු යි.
එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ප්‍රීතිසහගතයෝ නො වෙති. එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, ප්‍රීතිසහගතයෝ නො ද වන්නාහු යි.
දොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සුඛසහගතයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් සුඛසහගත ද වන්නාහ, සුඛසහගත නො ද වන්නාහු යි.
දොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් උපේක්‍ෂාසහගතයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් කාමාවචරයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් කාමාවචරයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් කාමාවචර ද වන්නාහ, කාමාවචර නො ද වන්නාහු යි.
තෙළෙස් ඉන්‍ද්‍රිය කෙනෙක් රූපාවාචරයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් රූපාවාචර ද වන්නාහ. රූපාවචර නො ද වන්නාහු යි.
තුදුස් ඉන්‍ද්‍රිය කෙනෙක් අරූපාවාචරයෝ නො වෙති. ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් අරූපාවාචර ද වන්නාහ. අරූපාවචර නො ද වන්නාහු යි.
ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් පර්‍ය්‍යාපන්නයෝ වෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අපර්‍ය්‍යාපන්නයහ. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු යි.
එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් අනෛර්‍ය්‍යාණිකයෝ වෙති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නෛර්‍ය්‍යාණික ය. ඉන්‍ද්‍රියයෝ දසදෙනෙක් නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු යි.