Vibhaṅga

Analysis

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

පෙන්වන කොටස් 1001-1100 න් 4234

223. ආයතන දොළොසෙක: චක්ඛායතන ය, රූපායතන ය, සෝතායතන ය, සද්දායතන ය, ඝානායතන ය, ගන්‍ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ඵොට්ඨබ්බායතන ය, මනායතන ය, ධම්මායතන යි.
224. චක්‍ෂුස අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. රූපයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. ශ්‍රෝත්‍රය අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ශබ්දයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. ඝ්‍රාණය අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ගන්‍ධයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. ජිව්හාව අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. රසයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. කාය අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ස්ප්‍රෂ්ටව්‍යයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි. මනස අනිත්‍ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්‍ම යි. ධර්‍මයෝ අනිත්‍යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්‍මයෝ යි.
සූත්‍රාන්තභාජනිය යි.
225. ආයතන දොළොසෙක: චක්ඛායතන ය, රූපායතන ය, සෝතායතන ය, සද්දායතන ය, ඝානායතන ය, ගන්‍ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ඵොට්ඨබ්බායතන ය, මනායතන ය, ධම්මායතන යි.
226. එහි චක්‍ෂුරායතනය කවරෙ යත්: යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙකින් සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපය දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දක්නේ නම් හෝ (දර්‍ශනපරිණායකාර්‍ත්‍ථයෙන්) තෙල චක්ඛු නමුදු වෙයි, (සංජාතසමෝසරණාර්‍ත්‍ථයෙන්) තෙල චක්ඛායතන නමුදු වෙයි, (ශූන්‍යතාදි අර්‍ත්‍ථයෙන්) තෙල චක්ඛුධාතු නමුදු වෙයි, (දර්‍ශනලක්‍ෂණයෙහි ඉන්‍ද්‍රාර්‍ත්‍ථය කරවා නුයි) තෙල චක්‍ෂුරින්‍ද්‍රිය නමුදු වෙයි, (ලුජ්ජනපලුජ්ජනාර්‍ත්‍ථයෙන්) තෙල ලෝක නමුදු වෙයි, (වලඤ්ජනාර්‍ත්‍ථයෙන්) තෙල ද්වාර නමුදු වෙයි, (අපරිපූරණාර්‍ත්‍ථයෙන්) තෙල සමුද්ද නමුදු වෙයි, (පරිශුද්ධාර්‍ත්‍ථයෙන්) තෙල පණ්ඩර නමුදු වෙයි, (ස්පර්‍ශාදියෙන් උපදනා හෙයින්) තෙල ඛෙත්ත නමුදු වෙයි, (ඔවුනට ම ප්‍රතිෂ්ඨා වන හෙයින්) තෙල වත්‍ථු නමුදු වෙයි, (සමවිෂම දක්වමින් ආත්මභාවය පමුණුවානුයි) තෙල නෙත්ත නමුදු වෙයි, (ඒ අරුතින් ම) තෙල නයන නමුදු වෙයි, (සත්කායපර්‍ය්‍යාපන්නාර්‍ත්‍ථයෙන්‍) තෙල ඔරිමතීර නමුදු වෙයි, (බහුසාධාරණාර්‍ත්‍ථයෙන් අස්වාමිකාර්‍ත්‍ථයෙන්) තෙල සුඤ්ඤගාම නමුදු වේ. මේ චක්‍ෂුරායතනය යි කියනු ලැබේ.
227. එහි ශ්‍රෝත්‍රායතනය කවරෙ යත්: යම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ශ්‍රෝත්‍රයෙකින් අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ශබ්දය ඇසූයේ හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ තෙල (ශ්‍රෝත්‍රප්‍රසාදය) ශ්‍රෝත්‍ර නමුදු වෙයි, තෙල ශ්‍රෝත්‍රායතන නමුදු වෙයි, තෙල ශ්‍රෝත්‍රධාතු නමුදු වෙයි, තෙල ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නමුදු වෙයි, තෙල ලෝක නමුදු වෙයි, තෙල ද්වාර නමුදු වෙයි, තෙල සමුද්‍ර නමුදු වෙයි, තෙල පණ්ඩර නමුදු වෙයි, තෙල ඛෙත්ත නමුදු වෙයි, තෙල වාස්තු නමුදු වෙයි, තෙල ඔරිමතීර නමුදු වෙයි, තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ශ්‍රෝත්‍රායතනය යි කියනු ලැබේ.
228. එහි ඝ්‍රාණායතනය කවරෙ යත්: යම් ඝ්‍රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න වූයේ අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ඝ්‍රාණයෙකින් අනිදර්‍ශනසප්‍රතිඝ වූ ගන්‍ධය ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ තෙල (ඝ්‍රාණප්‍රසාදය) ඝ්‍රාණ නමුදු තෙල ඝ්‍රාණායතන නමුදු තෙල ඝ්‍රාණධාතු නමුදු තෙල ඝ්‍රාණේන්‍ද්‍රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්‍ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්‍ෂේත්‍ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඝ්‍රාණායතනය යි කියනු ලැබේ.
229. ජිව්හායතනරූපය කවරෙ යත්: යම් ජිව්හාවක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න වූයේ අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් දිවෙකින් අනිදර්‍ශන සප්‍රතිඝ වූ රසය වින්දේ හෝ විඳී හෝ විඳින්නේ හෝ විඳින්නේ නම් හෝ තෙල (ජිව්හාප්‍රසාදය) ජිව්හා නමුදු තෙල ජිව්හායතන නමුදු තෙල ජිව්හාධාතු නමුදු තෙල ජිව්හේන්‍ද්‍රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්‍ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්‍ෂේත්‍ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ජිව්හායතනය යි කියනු ලැබේ.
230. එහි කායායතනය කවරෙ යත්: යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් කයෙකින් අනිදර්‍ශනසප්‍රතිඝ වූ ස්ප්‍රෂ්ටව්‍යයක් පැහැසී හෝ පහසා හෝ පහසන්නේ හෝ පහසන්නේ නම් හෝ තෙල (කායප්‍රසාදය) කාය නමුදු තෙල කායායතන නමුදු තෙල කායධාතු නමුදු තෙල කායේන්‍ද්‍රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්‍ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්‍ෂේත්‍ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායායතනය යි කියනු ලැබේ.
231. එහි මනායතනය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් මනායතනය වෙයි, ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වීප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් මනායතනය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
චතුෂ්ප්‍රකාරයෙකින් මනායතනය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති.
පඤ්චප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සුඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
ෂට්ප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥාන යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් මනායතනය වේ.
සප්තප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මෙසේ සප්තප්‍රකාරයෙන් මනායතනය වේ.
අෂ්ටප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් මනායතනය වේ.
නවප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ... කායවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් මනායතනය වේ.
දශප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් මනායතනය වේ.
232. එක් ප්‍රකාරයෙකින් මනායතනය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සහේතුක වූයෙක් ඇත. අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ බහුප්‍රකාරයෙන් මනායතනය වේ. මේ මනායතනය යි කියනු ලැබේ.
233. එහි රූපායතනය කවරෙ යත්: යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශනසප්‍රතිඝ වූ නිල ය, කහවන, ලේපැහැ ය, සුදු ය, කළු ය, මඳට ය, සම්වන, නිල්තණපැහැ ය, අඹදලුපැහැ ය, උස් ය, මිටි ය, කුදු ය, මහත් ය, වට ය, පිරිමඬුලු ය, සිව්රැස් ය, සඇස් ය, අටැස් ය, සොළසැස් ය, වළ ය, ගොඩ ය, සෙවණ ය, අවු ය, එළි ය, අඳුරු ය, වලා ය, හිම ය, දුම් ය, රජස් ය, සඳමඬලෙහි පැහැ ය, හිරුමඬලෙහි පැහැ ය, තරුපැහැ ය, කැටපත්මඬලෙහි පැහැ ය, මිණි - සක් - මුතු - වෙරළුමිණිපැහැ ය, රන් - රිදීපැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන යි කියන ලද සනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රූපයක් සනිදර්‍ශනසප්‍රතිඝ වූ ඇසින් දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දක්නේ නම් හෝ තෙල (රූ සටහන) රූප නමුදු වෙයි, රූපායතන නමුදු වෙයි, රූපධාතු නමුදු වේ. මේ රූපායතනය යි කියනු ලැබේ.
234. එහි ශබ්දායතනය කවරෙ යත්: යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, බෙරහඬ ය, මිහිඟුහඬ ය, සක්හඬ ය, පණාබෙරහඬ ය, ගීහඬ ය, වැයුම්හඬ ය, කස්තලහඬ ය, අත්තලහඬ ය, සත්ත්‍වයන්ගේ නිර්ඝෝෂ (අවියත්) හඬ ය, ධාතුන්ගේ උනුන් ගැටම්හඬ ය, සුළංහඬ ය, දියහඬ ය, මිනිස්හඬ ය, නොමිනිස් හඬ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ශබ්දයෙකුත් ඇද්ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ශබ්දයෙකුත් අනිදර්‍ශනසප්‍රතිඝ වූ ශ්‍රෝත්‍රයෙන් ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ තෙල ශබ්ද නමුදු වෙයි, තෙල ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ශබ්දායතනය යි කියනු ලැබේ.
235. එහි ගන්‍ධායතනය කවරෙ යත්: යම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ මුල්ගඳ ය, හරගඳ ය, පොතුගඳ ය, පත්ගඳ ය, මල්ගඳ ය, ඵලගඳ ය, අමුගඳ ය, කුණුගඳ ය, සුවඳ ය, දුගඳ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම්ගන්‍ධයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඝ්‍රාණයෙන් ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ ගඳ නමුදු තෙල ය, ගන්‍ධායතන නමුදු තෙල ය, ගන්‍ධධාතු නමුදු තෙල යි. මේ ගන්‍ධායතනය යි කියනු ලැබේ.
236. එහි රසායතනය කවරෙ යත්: යම් රසයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ මුල්රස ය, කඳරස ය, පොතුරස ය, පත්රස ය, මල්රස ය, ඵලරස ය, ඇඹුල් ය, මිහිරි ය, තිත්ත ය, කුළු ය, ලුණු ය, කර ය, ලපිල (දිවුලු ඈ කසටැඹුල) ය, මිහිරි ය, නො මිහිරි ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රසයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රසයක් අනිදර්‍ශනසප්‍රතිඝ වූ දිවින් වින්දේ හෝ විඳී හෝ විඳින්නේ හෝ විඳින්නේ නම් හෝ තෙල රස නමුදු වෙයි, තෙල රසායතන නමුදු වෙයි, තෙල රසධාතු නමුදු වේ. මේ රසායතනය යි කියනු ලැබේ.
237. එහි ඵොට්ඨබ්බායතනය කවරෙ යත්: තද වූ මොළොක් වූ සිලුටු වූ රළු වූ සුවපහස් වූ දුක්පහස් වූ බර වූ නො බර වූ (කර්‍කශත්‍වලක්‍ෂණ වූ) පෘථිවිධාතු ය, (උෂ්ණත්‍ව ලක්‍ෂණ වූ) තේජෝධාතු ය, (විස්තම්භන ලක්‍ෂණ වූ) වායෝධාතු ය, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ස්ප්‍රෂ්ටව්‍යයක් අනිදර්‍ශනසප්‍රතිඝ වූ කයින් පැහැසී හෝ පහසා හෝ පහස්නේ හෝ පහස්නේ නම් හෝ තෙල (පඨවි - ආපෝ - තේජෝධාතුව) ඵොට්ඨබ්බ නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බායතන නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ, මේ ස්ප්‍රෂ්ටව්‍යායතනය යි කියනු ලැබේ.
238. එහි ධර්‍මායතනය කවරෙ යත්: වේදනාස්කන්‍ධය ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, අසඞ්ඛතධාතුව දැයි.
එහි වේදනාස්කන්‍ධය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත. අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වේ. ... මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. මේ වේදනාස්කන්‍ධය යි කියනු ලැබේ.
එහි සංඥාස්කන්‍ධය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත. අහේතුක වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුසල් වූයෙක් ඇත, අකුසල් වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වේ. ... මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. මේ සංඥාස්කන්‍ධය යි කියනු ලැබේ.
එහි සංස්කාරස්කන්‍ධය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත. හේතු නො වූයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුසල් වූයෙක් ඇත, අකුසල් වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. ... මෙසේ බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. මේ සංස්කාරස්කන්‍ධය යි කියනු ලැබේ.
එහි ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශනඅප්‍රතිඝරූපය කවරෙ යත්: ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ... කවලීකාරාහාර යි. මේ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන අප්‍රතිඝ රූපය යි කියනු ලැබේ.
එහි අසංඛතධාතු කවරෙ යත්: රාගක්‍ෂය ය, දෝෂක්‍ෂය ය, මෝහක්‍ෂය යි. මේ අසංඛතධාතුය යි කියනු ලැබේ. මේ ධර්‍මායතනය යි කියනු ලැබේ.
අභිධර්‍මභාජනීය යි.
239. ආයතන දොළොසෙකි: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි.
240. දොළොස් ආයතනයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
241. දශආයතන කෙනෙක් අව්‍යාකෘතයහ, ආයතනයෝ දෙදෙනෙක් කුසල් ද වන්නාහ, අකුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු යි.
දශආයතන කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුත්තාහ. මනායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය. ධර්‍මායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය. සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු ද වන්නේ ය.
දශායතනයෝ නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම ද නො වූවාහු ය, ආයතනයෝ දෙදෙනෙක් විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහ, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නාහු යි.
පස් ආයතන කෙනෙක් උපාදින්නෝපාදානිය වෙති, ශබ්දායතනය අනුපාදින්නෝපාදානිය වෙයි, සතර ආයතන කෙනෙක් උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, ආයතනයෝ දෙදෙනෙක් උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය ද වන්නාහු යි.
දශායතනයෝ අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය, ආයතනයෝ දෙදෙනෙක් සංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටඅසාංක්ලේශික ද වන්නාහු යි.
දශායතනයෝ අවිතර්‍කඅවිචාරයහ. මනායතනය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය. ධර්‍මායතනය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු ද වන්නේ යි.
දශායතනයෝ ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු වන්නාහ. ආයතනයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛ සහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහ. ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
දශායතනයෝ නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රභාතව්‍යයහ. ආයතනයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහු ය.
දශායතනයෝ නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇත්තාහ. ආයතනයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ. නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහු ය.
දශායතනයෝ නො මැ ආචයගාමී නො ද අපචයගාමීහ. ආයතනයෝ දෙදෙනෙක් ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො මැ ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
දශායතනයෝ නො මැ ශෛක්‍ෂයහ, නො ද අශෛක්‍ෂයහ, ආයතනයෝ දෙදෙනෙක් ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහ, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ ද වන්නාහු ය.
දශායතනයෝ පරිත්තයහ. ආයතනයෝ දෙදෙනෙක් පරිත්ත ද වන්නාහ, මහද්ගත ද වන්නාහ, අප්‍රමාණ ද වන්නාහු ය.
දශායතනයෝ අනාලම්බනයහ. ආයතනයෝ දෙදෙනෙක් පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහ, පරිත්තාලම්බනහ යි ද මහද්ගතාලම්බනහ යි ද අප්‍රමාණාලම්බනහ යි ද නො කියයුතු ද වන්නාහු ය.
දශායතනයෝ මධ්‍යමයහ. ආයතනයෝ දෙදෙනෙක් හීන ද වන්නාහ, මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු ය.
දශායතනයෝ අනියතයහ. ආයතනයෝ දෙදෙනෙක් මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
දශායතනයෝ අනාලම්බනයහ, ආයතනයෝ දෙදෙනෙක් මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගාලම්බන යි ද මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
ආයතනයෝ පස් දෙනෙක් උත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහ, අනුත්පන්නහ යි නො කියයුතු වන්නාහ. ශබ්දායතනය උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ය යි නො කියයුතු ය. ආයතනයෝ පස් දෙනෙක් උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහ, ධර්‍මායතනය උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ ය, උත්පන්න යි ද අනුත්පන්න යි ද උත්පාදී යි ද නො කියයුතු ද වන්නේ යි.
එකොළොස් ආයතන කෙනෙක් අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, පච්චුප්පන්න ද වන්නාහ. ධර්‍මායතනය අතීත ද වන්නේ ය, අනාගත ද වන්නේ ය, පච්චුප්පන්න ද වන්නේ ය, අතීත යි ද අනාගත යි ද ප්‍රත්‍යුත්පන්න යි ද නො කියයුතු ද වන්නේ යි.
දශායතනයෝ අනාලම්බනයහ. ආයතනයෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ, අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුතු ද වන්නාහු ය.
(දොළොස් ආයතනයෝ) අද්ධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අද්ධ්‍යාත්ම බාහිර ද වන්නාහු ය.
දශායතනයෝ අනාලම්බනයහ. ආයතනයෝ දෙදෙනෙක් අද්ධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අද්ධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහ, අද්ධ්‍යාත්මාලම්බන යි ද බාහිරාලම්බන යි ද අද්ධ්‍යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
රූපායතනය සනිදර්‍ශනසප්‍රතිඝ ය, ආයතනයෝ නවදෙනෙක් අනිදර්‍ශනසප්‍රතිඝයහ. ආයතනයෝ දෙදෙනෙක් අනිදර්‍ශනඅප්‍රතිඝ වන්නාහු යි.
242. එකොළොස් ආයතන කෙනෙක් හේතු නො වෙති. ධර්‍මායතනය හේතු ද වෙයි, නහේතු ද වේ.
දශායතනයෝ අහේතුකයහ. ආයතනයෝ දෙදෙනෙක් සහේතුක ද වන්නාහ, අහේතුක ද වන්නාහු ය.
දශායතනයෝ හේතුවිප්‍රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් හේතුසම්ප්‍රයුක්ත ද වන්නාහ, හේතුවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දශායතනයෝ හේතු ද වූ මැ සහේතුක යි ද සහේතුක ද වූ මැ නො ද හේතු යි ද නො කිය යුත්තාහ. මනායතනය හේතු ද වූ මැ සහේතුක යි නො කියයුතු ය. සහේතුක වූ මැ නො ද හේතු ද වන්නේ ය. සහේතුක වූ මැ නො ද හේතු යි නො කියයුතු ද වන්නේ ය, ධර්‍මායතනය හේතු ද වූ මැ සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූ මැ නො ද හේතු ද වන්නේ ය, හේතු ද වූ මැ සහේතුකැ යි ද සහේතුක ද වූ ම නො ද හේතු යි ද නො කියයුතු ද වන්නේ යි.
දශායතනයෝ හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්තයහ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතුහ යි ද නො කියයුත්තාහ. මනායතනය හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුතු ය. හේතු සම්ප්‍රයුක්ත වූ මැ නොද හේතු ද වන්නේ ය. හේතු සම්ප්‍රයුක්ත ද වූ මැ නොද හේතු යි නො කියයුතු ය. ධර්‍මායතනය හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්ත ද වන්නේ ය, හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නොද හේතු ද වන්නේ ය, හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්තයෙකැ යි ද හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතුයෙකැ යි ද නො කියයුතු ද වන්නේ යි.
දශායතනයෝ හේතු නො වූ අහේතුකයෝ ය. මනායතනය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ අහේතුක ද වන්නේ ය. ධර්‍මායතනය හේතු නො වූ සහේතුක ද වන්නේ ය, හේතු නො වූ අහේතුක ද වන්නේ ය, හේතු නො වූ මැ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුතු වන්නේ යි.
243. එකොළොස් ආයතන කෙනෙක් සප්‍රත්‍යයෝ ය. ධර්‍මායතනය සප්‍රත්‍යය ද වන්නේ ය, අප්‍රත්‍යය ද වන්නේ යි.
එකොළොස් ආයතන කෙනෙක් සංඛත වන්නාහ. ධර්‍මායතනය සංඛත ද වන්නේ ය, අසංඛත ද වන්නේ යි.
රූපායතනය සනිදර්‍ශන ය. එකොළොස් ආයතනයෝ අනිදර්‍ශනයෝ යි.
දශායතනයෝ සප්‍රතිඝයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් අප්‍රතිඝයෝ යි.
දශායතනයෝ රූපයෝ ය. මනායතනය අරූප ය, ධර්‍මායතනය රූප ද වන්නේ ය, අරූප ද වන්නේ යි.
දශායතනයෝ ලෞකිකයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු ය.
(දොළොස් ආයතනයෝ) කිසි විඥානයෙකින් දතයුත්තාහ. කිසි විඥානයෙකින් නො දත යුත්තාහු ය.
244. එකොළොස් ආයතන කෙනෙක් ආස්‍රව නො වන්නාහ. ධර්‍මායතනය ආස්‍රව ද වන්නේ ය, නොද ආස්‍රව ද වන්නේ යි.
දශායතනයෝ ආස්‍රවසහිතයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සාස්‍රව ද වන්නාහ, අනාස්‍රව ද වන්නාහු ය.
දශායතනයෝ ආස්‍රවවිප්‍රයුක්තයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දශායතනයෝ ආස්‍රව ද වූ මැ සාස්‍රවහ යි නො කිය යුත්තාහ. සාස්‍රව ද වූ මැ නොද ආස්‍රවයෝ ය. මනායතනය ආස්‍රව ද වූ මැ සාස්‍රවයෙකැ යි නො කියයුතු ය. සාස්‍රව වූයේ මැ නො ද ආස්‍රව ද වන්නේ ය. සාස්‍රව ද වූයේ මැ නොද ආස්‍රව යැ යි නො කියයුත්තේ ය. ධර්‍මායතනය ආස්‍රව ද වූයේ මැ සාස්‍රව ද වන්නේ ය. සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව ද වූයේ ම සාස්‍රවයෙකැ යි ද සාස්‍රව ද වූ මැ නොද ආස්‍රවයෙකැ යි ද නො කියයුත්තේ යි.
දශායතනයෝ ආස්‍රව ද වූ මැ ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රවහ යි ද නො කිය යුත්තාහ. මනායතනය ආස්‍රව ද වූ මැ ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුතු ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ මැ නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ මැ නොද ආස්‍රවයෙකැ යි නො කියයුතු වන්නේ ය. ධර්‍මායතනය ආස්‍රව ද වූ මැ ආස්‍රවසම්ප්‍රයුක්ත ද වන්නේ ය, ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූයේ මැ නොද ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව ද වූයේ මැ ආස්‍රවසම්ප්‍රයුක්තයෙකැ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නොද ආස්‍රවයෙකැ යි ද නොකියයුතු වන්නේ යි.
දශායතනයෝ ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ද වන්නාහ, ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවහ යි ද ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
245. එකොළොස් ආයතන කෙනෙක් සංයෝජනයෝ නො වෙති. ධර්‍මායතනය සංයෝජන ද වන්නේ ය, නො ද සංයෝජන ද වන්නේ යි.
දශායතනයෝ සංයෝජනියයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සංයෝජනිය ද වන්නාහ, අසංයෝජනිය ද වන්නාහු ය.
දශායතනයෝ සංයෝජනවිප්‍රයුක්තයෝ ය. ආයතනයෝ දෙදෙනෙක් සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දශායතනයෝ සංයෝජන ද වූ ම සංයෝජනියහ යි නො කිය යුත්තාහ, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන වෙති. මනායතනය සංයෝජන ද වූ මැ සංයෝජනිය ය යි නො කියයුතු ය, සංයෝජනිය ද වූ මැ නොද සංයෝජන වන්නේ ය, සංයෝජනිය ද වූ ම නොද සංයෝජන යි නො කියයුතු ය. ධර්‍මායතනය සංයෝජන ද වූයේ ම සංයෝජනිය ද වන්නේ ය. සංයෝජනිය ද වූයේ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූයේ මැ සංයෝජනිය යි ද සංයෝජනිය ද වූයේ මැ නොද සංයෝජන යි ද නො කියයුතු වන්නේ යි.
දශායතනයෝ සංයෝජන ද වූවාහු මැ සංයෝජනසම්ප්‍රයුක්තහ යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද සංයෝජනහ යි ද නො කියයුත්තාහ. මනායතනය සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්තයෙක යි නො කියයුතු ය. සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද සංයෝජන යි නො කියයුතු වන්නේය. ධර්‍මායතනය සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්ත ද වන්නේ ය, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූයේ ම සංයෝජනසම්ප්‍රයුක්තයෙක යි ද සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ ම නොද සංයෝජනයෙක යි ද නො කියයුතු වන්නේයි.
දශායතනයෝ සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් සංයෝජනවිප්‍රයුක්තසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය ද වන්නාහ, සංයෝජනවිප්‍රයුක්තසංයෝජනියහ යි ද සංයෝජනවිප්‍රයුක්තඅසංයෝජනිය යි ද නො කියයුතු වන්නාහු ය.
246. එකොළොස් ආයතන කෙනෙක් ග්‍රන්‍ථයෝ නො වෙති. ධර්‍මායතනය ග්‍රන්‍ථ ද වන්නේ ය, නොද ග්‍රන්‍ථ ද වන්නේ යි.
දශායතනයෝ ග්‍රන්‍ථනිය වන්නාහ. ආයතනයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථනිය ද වන්නාහ, අග්‍රන්‍ථනිය ද වන්නාහු ය.
දශායතනයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දශායතනයෝ ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථනියහ යි නො කිය යුත්තාහ. ග්‍රන්‍ථනිය ද වූ මැ නොද ග්‍රන්‍ථ වෙති. මනායතනය ග්‍රන්‍ථ ද වූයේ ම ග්‍රන්‍ථනිය යි නො කියයුතු ය. ග්‍රන්‍ථනිය ද වූයේ ම නොද ග්‍රන්‍ථ වන්නේ ය. ග්‍රන්‍ථනිය ද වූයේ ම නොද ග්‍රන්‍ථ යැ යි නො කියයුතු වන්නේය. ධර්‍මායතනය ග්‍රන්‍ථ ද වූයේ ම ග්‍රන්‍ථනිය ද වන්නේ ය. ග්‍රන්‍ථනිය ද වූයේ ම ග්‍රන්‍ථයෙකැ යි ද නො කියයුත්තේ යි.
දශායතනයෝ ග්‍රන්‍ථ ද වූවාහු ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වෙති යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූවාහු ම නොද ග්‍රන්‍ථ වෙති ද නො කියයුත්තාහ. මනායතනය ග්‍රන්‍ථ ද වූයේ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ය යි නො කියයුතු ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථ ද වන්නේ ය, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙක යි නො කියයුතු වන්නේය. ධර්‍මායතනය ග්‍රන්‍ථ ද වූ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෙක් ද වන්නේ ය. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථ ද වන්නේ ය, ග්‍රන්‍ථ ද වූ ම ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෙක යි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද ග්‍රන්‍ථයෙක යි ද නො කියයුතු වන්නේයි. දශායතනයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනිය වෙති, ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනිය ද වන්නාහ, ග්‍රන්‍ථවිප්‍රයුක්තග්‍රන්‍ථනියහ යි ද ග්‍රන්‍ථවිප්‍රයුක්තඅග්‍රන්‍ථනිය යි ද නො කියයුතු වන්නාහු ය.
247-249. එකොළොස් ආයතන කෙනෙක් ඕඝයෝ නො වෙති. ... යෝගයෝ නො වෙති. ... නීවරණයෝ නො වෙති. ධර්‍මායතනය නීවරණ ද වන්නේ ය, නොද නීවරණ ද වන්නේ යි.
දශායතනයෝ නීවරණිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් නීවරණිය ද වන්නාහ, අනීවරණිය ද වන්නාහු ය.
දශායතනයෝ නීවරණවිප්‍රයුක්තයහ. ආයතනයෝ දෙදෙනෙක් නීවරණසම්ප්‍රයුක්ත ද වන්නාහ, නීවරණවිප්‍රයුක්ත ද වන්නාහු ය.
දශායතනයෝ නීවරණ ද වූ ම නීවරණියහ යි නො කියයුත්තාහ, නීවරණිය ද වූවාහු ම නොද නීවරණ වෙති. මනායතනය නීවරණ ද වූයේ මැ නීවරණියහ යි නො කියයුතු ය, නීවරණිය ද වූයේ ම නො ද නීවරණ ද වන්නේ ය. නීවරණිය ද වූයේ ම නොද නීවරණ යි නො කියයුතු වන්නේය. ධර්‍මායතනය නීවරණ ද වූයේ ම නීවරණිය ද වන්නේ ය. නීවරණිය ද වූයේ ම නොද නීවරණයෙක් ද වන්නේ ය, නීවරණය ද වූයේ ම නීවරණිය යි ද නීවරණිය ද වූයේ ම නොද නීවරණ යි ද නො කියයුතු වන්නේයි.
දශායතනයෝ නීවරණ ද වූවාහු ම නීවරණසම්ප්‍රයුක්තහ යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූ ම නොද නීවරණහ යි ද නො කියයුත්තාහ. මනායතනය නීවරණ ද වූයේ ම නීවරණ සම්ප්‍රයුක්තයෙකැ යි නො කියයුතු ය. නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදනීවරණ ද වන්නේ ය. නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදනීවරණයෙකැ යි නො කියයුතු වන්නේය. ධර්‍මායතනය නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත ද වන්නේ ය. නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොද නීවරණ ද වන්නේ ය. නීවරණ ද වූයේ ම නීවරණසම්ප්‍රයුක්ත ය යි ද නීවරණසම්ප්‍රයුක්ත ද වූයේ ම නොදනීවරණයෙකැ යි ද නො කියයුතු වන්නේ යි.
දශායතනයෝ නීවරණවිප්‍රයුක්තනීවරණිය වෙති. ආයතනයෝ දෙදෙනෙක් නීවරණවිප්‍රයුක්තනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්තඅනීවරණිය ද වන්නාහ, නීවරණවිප්‍රයුක්තනීවරණියහ යි ද නීවරණවිප්‍රයුක්තඅනීවරණියහ යි ද නො කියයුතු වන්නාහු ය.