Vibhaṅga

Analysis

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 401-500 න් 4234

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-vbh:54.6
සුඛ සහගත වූයෙක් ඇත, සුඛ සහගත නො වූයෙක් ඇති.
ap-vbh:54.7
උපේක්‍ෂා සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත නො වූයෙක් ඇති.
ap-vbh:54.8
කාමාවචර වූයෙක් ඇත, කාමාවචර නො වූයෙක් ඇති.
ap-vbh:54.9
රූපාවචර වූයෙක් ඇත. රූපාවචර නො වූයෙක් ඇති.
ap-vbh:54.10
අරූපාවචර වූයෙක් ඇත, අරූවචර නො වූයෙක් ඇති.
ap-vbh:54.11
පරියාපන්න වූයෙක් ඇත, පරියාපන්න නො වූයෙක් ඇති.
ap-vbh:54.12
නෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, අනෛර්‍ය්‍යාණික වූයෙක් ඇති.
ap-vbh:54.13
නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
ap-vbh:54.14
සඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
ap-vbh:54.15
සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ap-vbh:54.16
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:54.17
104. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:54.18
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ap-vbh:54.19
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. විපාක වූයෙක් ඇත ...
ap-vbh:54.20
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. [කුශල ත්‍රකයෙහි විස්තරය මෙන් හැම ත්‍රිකයෝ විස්තර කළ යුත්තාහ.]
ap-vbh:54.21
දුක මූලක යි.
ap-vbh:54.22
105. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:54.23
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ap-vbh:54.24
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:56.1
106. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:56.2
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ap-vbh:56.3
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:56.4
107. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:56.5
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ap-vbh:56.6
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:56.7
108. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:56.8
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ap-vbh:56.9
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:56.10
ත්‍රික මූලක යි.
ap-vbh:56.11
109. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:56.12
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
ap-vbh:56.13
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:56.14
110. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:56.15
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හේතුසම්ප්‍රයුක්තයෙක් ඇත, හේතුවිප්‍රයුක්තයෙක් ඇති.
ap-vbh:56.16
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:56.17
111. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:56.18
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
ap-vbh:56.19
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍ම ස්වභාව වූයේ ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍ම ස්වභාව නො වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:58.1
112. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:58.2
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
ap-vbh:58.3
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානිය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:58.4
113. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:58.5
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දතයුත්තෙක් ඇති.
ap-vbh:58.6
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශිකයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශිකයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:58.7
114. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:58.8
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:58.9
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාර මාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:58.10
115. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:58.11
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:58.12
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ප්‍රීති සහගත වූයෙක් ඇත, සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:58.13
116. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:58.14
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත වූ ආස්‍රව සහිතයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:58.15
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:58.16
117. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:58.17
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
ap-vbh:58.18
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:58.19
118. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:58.20
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:58.21
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:60.1
119. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:60.2
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වූයෙක් ඇති.
ap-vbh:60.3
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:60.4
120. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:60.5
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
ap-vbh:60.6
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:60.7
121. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:60.8
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:60.9
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:60.10
122. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:60.11
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීයයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ අග්‍රන්‍ථනීයයෙක් ඇති.
ap-vbh:60.12
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:60.13
123. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:60.14
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
ap-vbh:60.15
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: මිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:60.16
124. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:60.17
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:60.18
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ග හේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:60.19
125. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:60.20
ද්වි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ඕඝ විප්‍රයුක්ත ඕඝනීයයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීයයෙක් ඇති.
ap-vbh:60.21
ත්‍රි ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:62.1
126. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:62.2
ද්විප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
ap-vbh:62.3
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:62.4
127. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:62.5
ද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: යෝගසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:62.6
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත. අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:62.7
128. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:62.8
ද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: යෝගවිප්‍රයුක්ත යෝගනීයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත අයෝගනීයෙක් ඇති.
ap-vbh:62.9
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත. බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:62.10
129. එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:62.11
ද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: නීවරණීය වූයෙක් ඇත, අනීවරණීය වූයෙක් ඇති.
ap-vbh:62.12
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත. බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:62.13
උභතෝවඩ්ඪක යි.
ap-vbh:62.14
130. සත් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:62.15
අනෙකුදු සත් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ...
ap-vbh:62.16
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්තප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:64.1
131. චතුර්විංශති ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්‍ෂුඃසංස්පර්‍ශප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ශ්‍රෝත්‍රසංස්පර්‍ශප්‍රත්‍යයෙන් ... ඝ්‍රාණසංස්පර්‍ශප්‍රත්‍යයෙන් ... ජිව්හාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් ... කායසංස්පර්‍ශප්‍රත්‍යයෙන් ... මනඃසංස්පර්‍ශප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. චක්ඛුසම්ඵස්සජ සංඥා ය, සෝතසම්ඵස්සජ සංඥා ය, ඝානසම්ඵස්සජ සංඥා ය, ජිව්හාසම්ඵස්සජ සංඥා ය, කායසම්ඵස්සජ සංඥා ය, මනෝසම්ඵස්සජ සංඥා යි. මෙසේ චතුර්වීංශති ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:64.2
අන්‍ය වූ ද චතුර්විංශති ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය ... මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ චතුර්වීංශත් ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:64.3
132. ත්‍රිංශත්ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචරයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා යැ ... මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ ත්‍රිංශත්ප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.
ap-vbh:64.4
133. බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සයෙන් උපන් සංඥා ය ... මනෝ සම්ඵස්සයෙන් උපන් සංඥා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ.