Vibhaṅga

Analysis

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 901-1000 න් 4234

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-vbh:106.12
රූපස්කන්‍ධය මධ්‍යම යැ. සතර ස්කන්‍ධයෝ හීන ද වන්නාහ, මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු ය.
ap-vbh:106.13
රූපස්කන්‍ධය අනියත යැ. සතර ස්කන්‍ධයෝ මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු යැ.
ap-vbh:108.1
රූපස්කන්‍ධය අනාලම්බන යැ, සතර ස්කන්‍ධයෝ මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ. මාර්‍ගාලම්බනහ යි ද, මාර්‍ග හේතුකහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නො කිය යුතු වන්නාහු යැ.
ap-vbh:108.2
(පඤ්චස්කන්‍ධයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු යැ.
ap-vbh:108.3
(පඤ්චස්කන්‍ධයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු යැ.
ap-vbh:108.4
රූපස්කන්‍ධය අනාලම්බන යැ. සතර ස්කන්‍ධයෝ අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ. අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු යැ.
ap-vbh:108.5
(පඤ්චස්කන්‍ධයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු යැ.
ap-vbh:108.6
රූපස්කන්‍ධය අනාලම්බන යැ. සතර ස්කන්‍ධයෝ අධ්‍යාත්මාලම්බන ද වන්නාහ, බාහිරාලම්බන ද වන්නාහ, අධ්‍යාත්මබාහිරාලම්බන ද වන්නාහ. අධ්‍යාත්මාලම්බනහ යි ද, බාහිරාලම්බනහ යි ද, අධ්‍යාත්ම බාහිරාලම්බනහ යි ද නො කියයුතු වන්නාහු යැ.
ap-vbh:108.7
සතර ස්කන්‍ධයෝ අනිදර්‍ශන අප්‍රතිඝයෝ යැ, රූපස්කන්‍ධය සනිදර්‍ශන සප්‍රතිඝ ද වන්නේ යැ, අනිදර්‍ශන සප්‍රතිඝ ද වන්නේ යැ, අනිදර්‍ශන අප්‍රතිඝ ද වන්නේ යි.
ap-vbh:108.8
210. සතර ස්කන්‍ධයෝ හේතු නො වෙති. සංස්කාරස්කන්‍ධය හේතු ද වන්නේ යැ න හේතු ද වන්නේ යි.
ap-vbh:108.9
රූපස්කන්‍ධය අහේතුක යැ. සතර ස්කන්‍ධයෝ සහේතුක ද වන්නාහ, අහේතුක ද වන්නාහු යැ.
ap-vbh:108.10
රූපස්කන්‍ධය හේතු විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ හේතු සම්ප්‍රයුක්ත ද වන්නාහ, හේතු විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:108.11
රූපස්කන්‍ධය හේතු ද වූයේ මැ සහේතුක යි ද සහේතුක ද වූයේ මැ නො ද හේතු යි ද නො කියයුත්තේ යැ, තුන් ස්කන්‍ධයෝ හේතු ද වූයේ මැ සහේතුක යි ද නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු මැ නො ද හේතු ද වන්නාහ, සහේතුක ද වූවාහු මැ නො ද හේතුහ යි ද නො කියයුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය හේතු ද වූයේ මැ සහේතුක ද වන්නේ ය, සහේතුක ද වූයේ මැ නො ද හේතු ද වන්නේ යැ, හේතු ද වූයේ මැ සහේතුක යි ද සහේතුක ද වූයේ මැ නො ද හේතු යි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:108.12
රූපස්කන්‍ධය හේතු ද වූයේ මැ හේතු සම්ප්‍රයුක්ත යි ද හේතු සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද හේතු යි ද නො කිය යුත්තේ යැ, තුන් ස්කන්‍ධයෝ හේතු ද වූවාහු මැ හේතු සම්ප්‍රයුක්තහ යි ද නො කිය යුත්තාහ, හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද හේතු ද වන්නාහ. හේතු සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද හේතුහ යි ද නො කියයුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය හේතු ද වූයේ මැ හේතු සම්ප්‍රයුක්ත ද වන්නේ යැ, හේතු සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද හේතු ද වන්නේ යැ, හේතු ද වූයේ මැ හේතු සම්ප්‍රයුක්ත යි ද හේතු සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද හේතු යි ද නො කියයුත්තේ යි.
ap-vbh:108.13
රූපස්කන්‍ධය හේතු නො වූයේ අහේතුක යැ, තුන් ස්කන්‍ධයෝ හේතු නො වූ සහේතුක ද වන්නාහ, හේතු නො වූ අහේතුක ද වන්නාහ. සංස්කාරස්කන්‍ධය හේතු නො වූ සහේතුක ද වන්නේ යැ, හේතු නො වූ අහේතුක ද වන්නේ යැ, හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුත්තේ වන්නේ යි.
ap-vbh:110.1
211. (පඤ්චස්කන්‍ධයෝ) සප්‍රත්‍යයෝ යි. සංඛතයෝ යි.
ap-vbh:110.2
සතර ස්කන්‍ධයෝ අනිදර්‍ශනයෝ යැ. රූපස්කන්‍ධය සනිදර්‍ශන ද වන්නේ ය, අනිදර්‍ශන ද වන්නේ යි.
ap-vbh:110.3
සතර ස්කන්‍ධයෝ අප්‍රතිඝයෝ යැ, රූපස්කන්‍ධය සප්‍රතිඝ ද වන්නේ යැ, අප්‍රතිඝ ද වන්නේ යි.
ap-vbh:110.4
රූපස්කන්‍ධය රූප යැ, සතර ස්කන්‍ධයෝ අරූපයෝ යි.
ap-vbh:110.5
රූපස්කන්‍ධය ලෞකික යැ, සතර ස්කන්‍ධයෝ ලෞකික ද වන්නාහ, ලෝකෝත්තර ද වන්නාහු යැ.
ap-vbh:110.6
(පඤ්චස්කන්‍ධයෝ) කිසි විඥානයකින් දතයුත්තාහ, කිසි විඥානයකින් නො දත යුත්තාහු යැ.
ap-vbh:110.7
212. සතර ස්කන්‍ධයෝ ආස්‍රව නො වන්නාහ, සංස්කාරස්කන්‍ධය ආස්‍රව ද වන්නේ ය, ආස්‍රව නො ද වන්නේ යි.
ap-vbh:110.8
රූපස්කන්‍ධය සාස්‍රව යැ සතර ස්කන්‍ධයෝ ආස්‍රව ද වන්නාහ, අනාස්‍රව ද වන්නාහු යැ.
ap-vbh:110.9
රූපස්කන්‍ධය ආස්‍රව විප්‍රයුක්ත යැ, සතර ස්කන්‍ධයෝ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වන්නාහ, ආස්‍රව විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:110.10
රූපස්කන්‍ධය ආස්‍රව ද වූයේ මැ සාස්‍රව ද වේ යයි නො කියයුත්තේ යැ, සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව වූයේ යි. තුන් ස්කන්‍ධයෝ ආස්‍රව ද වූවාහු මැ සාස්‍රව ද වූහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු මැ නො ද ආස්‍රව ද වන්නාහ, සාස්‍රව ද වූවාහු මැ නො ද ආස්‍රව වූහ යි නො කියයුත්තාහ, සංස්කාරස්කන්‍ධය ආස්‍රව ද වූයේ මැ සාස්‍රව ද වන්නේ යැ, සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව වන්නේ ය, ආස්‍රව ද වූයේ මැ සාස්‍රව යි ද සාස්‍රව ද වූයේ මැ නො ද ආස්‍රව යි ද නො කිය යුත්තේ යි.
ap-vbh:110.11
රූපස්කන්‍ධය ආස්‍රව වූයේ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත යි ද, ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ආස්‍රව යයි ද නො කියැ යුතු. තුන් ස්කන්‍ධයෝ ආස්‍රව ද වූවාහු මැ ආස්‍රව සම්ප්‍රයුක්තාහ යි නො කියයුත්තාහ. ආස්‍රව සම්ප්‍රයුක්ත වූවාහු මැ නො ද ආස්‍රව වන්නාහ, ආස්‍රව සම්ප්‍රයුක්ත වූවාහු මැ නො ද ආස්‍රවයෝ යයි නො කියැයුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය ආස්‍රව ද වූයේ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වන්නේය. ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ආස්‍රව වන්නේය. ආස්‍රව ද වූයේ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත යී ද ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ආස්‍රවයෙකැයි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:110.12
රූපස්කන්‍ධය ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව ය, සතර ස්කන්‍ධයෝ ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව ද වන්නාහ, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව ද වන්නාහ, ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රවහ යි ද, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රවහ යි ද නො කිය යුත්තාහු ය.
ap-vbh:110.13
213. සතර ස්කන්‍ධයෝ සංයෝජන නො වන්නාහ. සංස්කාරස්කන්‍ධය සංයෝජන ද වන්නේ යැ, සංයෝජන නො ද වන්නේ යි.
ap-vbh:110.14
රූපස්කන්‍ධය සංයෝජනීය යැ. සතර ස්කන්‍ධයෝ සංයෝජනීය ද වන්නාහ. අසංයෝජනිය ද වන්නාහු යැ.
ap-vbh:110.15
රූපස්කන්‍ධය සංයෝජන විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නාහ, සංයෝජන විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:112.1
රූපස්කන්‍ධය සංයෝජන ද වූ මැ සංයෝජනීය යි ද, සංයෝජනීය ද වූ මැ නො ද සංයෝජනැයි නො කිය යුත්තේ යැ. තුන් ස්කන්‍ධයෝ සංයෝජන ද වූ මැ සංයෝජනීයහ යි නො කිය යුත්තාහ, සංයෝජනීය ද වූවාහු මැ නො ද සංයෝජන ද වන්නාහ, සංයෝජනීය ද වූවාහු මැ නො ද සංයෝජන වූහ යි ද නො කිය යුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය සංයෝජන ද වූයේ මැ සංයෝජනීය ද වන්නේ යැ, සංයෝජනීය ද වූයේ මැ නො ද සංයෝජන ද වන්නේ ය, සංයෝජන වූ ම සංයෝජනීය යී ද, සංයෝජනීය ද වූ ම නො ද සංයෝජන යී ද නො කිය යුතු වන්නේ යි.
ap-vbh:112.2
රූපස්කන්‍ධය සංයෝජන ද වූ ම සංයෝජන සම්ප්‍රයුක්තයෙකැයි ද, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජනයෙකැ යි ද නො කිය යුත්තේ ය. තුන් ස්කන්‍ධයෝ සංයෝජන ද වූ මැ සංයෝජන සම්ප්‍රයුක්තහ යි ද නො කිය යුත්තාහ, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජන ද වන්නාහ, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජනහ යි ද නො කිය යුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය සංයෝජන ද වූ මැ සංයෝජන සම්ප්‍රයුක්ත ද වන්නේ ය. සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජන ද වන්නේ ය, සංයෝජන ද වූ මැ සංයෝජන සම්ප්‍රයුක්තයෙකැයි ද, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද සංයෝජන යී ද නො කිය යුත්තේ යි.
ap-vbh:112.3
රූපස්කන්‍ධය සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වෙයි. සතර ස්කන්‍ධයෝ සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය ද වන්නාහ, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය ද වන්නාහ, සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීයහ යි ද, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනීයහ යි ද නො කිය යුත්තාහු යැ.
ap-vbh:112.4
214. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ නො වන්නාහ. සංස්කාරස්කන්‍ධය ග්‍රන්‍ථ ද වන්නේ යැ, ග්‍රන්‍ථ නො ද වන්නේ යි.
ap-vbh:112.5
රූපස්කන්‍ධය ග්‍රන්‍ථනීය යැ. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථනීය ද වන්නාහ, අග්‍රන්‍ථනීය ද වන්නාහුයි.
ap-vbh:112.6
රූපස්කන්‍ධය ග්‍රන්‍ථ විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ග්‍රන්‍ථ විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:112.7
රූපස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයයෙකැ යි ද ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථයි නො කිය යුතු වන්නේ යැ. තුන්ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයහයි නො කිය යුතු ද වන්නාහ. ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නාහ. ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථය හ යි ද නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූයේ මැ ග්‍රන්‍ථනීය ද වන්නේ යැ. ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නේ යැ. ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථනීයයි ද ග්‍රන්‍ථනීය ද වූ මැ නො ද ග්‍රන්‍ථයී ද නො කියයුතු වන්නේ යැ.
ap-vbh:112.8
රූපස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත යයි ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථ ය යි ද නො කියයුතු යි. තුන්ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්තයහ යි ද නො කිය යුතු වන්නාහු ය. ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නාහුය. ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථයහ යි ද නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වන්නේ ය. ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථ වන්නේ යැ. ග්‍රන්‍ථ ද වූ මැ ග්‍රන්‍ථ සම්ප්‍රයුක්තය යි ද ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ග්‍රන්‍ථය යි ද නො කියයුතු වන්නේයි.
ap-vbh:114.1
රූපස්කන්‍ධය ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වෙයි. සතර ස්කන්‍ධයෝ ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වන්නාහ, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වන්නාහ, ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීයහ යි ද ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීයහ යි ද නො කියයුතු වන්නාහු යි.
ap-vbh:114.2
215-216. සතර ස්කන්‍ධයෝ ඕඝයෝ නො වෙත්. ... යෝගයෝ නො වෙත්.
ap-vbh:114.3
217. සතර ස්කන්‍ධයෝ නීවරණයෝ නො වෙත්. සංස්කාරස්කන්‍ධය නීවරණ වන්නේ යැ. නො ද නීවරණ වන්නේ යි.
ap-vbh:114.4
රූපස්කන්‍ධය නීවරණය වෙයි. සතර ස්කන්‍ධයෝ නීවරණීය ද වන්නාහ. අනීවරණීය ද වන්නාහු යැ.
ap-vbh:114.5
රූපස්කන්‍ධය නීවරණ විප්‍රයුක්ත වෙයි. සතර ස්කන්‍ධයෝ නීවරණ සම්ප්‍රයුක්ත ද වන්නාහ. නීවරණ විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:114.6
රූපස්කන්‍ධය නීවරණ ද වූයේ මැ නීවරණීය යි ද නීවරණීය ද වූයේ මැ නො ද නීවරණ යයි ද නො කියයුතු වන්නේ යැ. තුන් ස්කන්‍ධයෝ නීවරණ ද වූ නීවරණීයහ යි නො කියයුතු වන්නාහ. නීවරණීය ද වූ නො ද නීවරණ වන්නාහ. නීවරණීය ද වූ මැ නො ද නීවරණහ යි නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය නීවරණ ද වූ ම නීවරණීය ද වන්නේ යැ. නීවරණීය ද වූ මැ නො ද කීවරණ වන්නේ යැ. නීවරණ ද වූ මැ නීවරණීය යි ද නීවරණීය ද වූ මැ නො ද නීවරණ යි ද නො කියයුතු වේ.
ap-vbh:114.7
රූපස්කන්‍ධය නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්තය යි ද නීවරණ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද නීවරණයි ද නො කියයුතු වෙයි. තුන් ස්කන්‍ධයෝ නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්තයහ යි ද නො කියයුතු වන්නාහ. නීවරණ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද නීවරණයහයි නො කියයුතු වන්නාහුයැ. සංස්කාරස්කන්‍ධය නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්ත ද වෙයි. නීවරණ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද නීවරණ වෙයි. නීවරණ ද වූ මැ නීවරණ සම්ප්‍රයුක්ත ද නීවරණ සම්ප්‍රයුක්ත ද වූ ම නො ද නීවරණ යිද නො කියයුතු වන්නේ යැ.
ap-vbh:114.8
රූපස්කන්‍ධය නීවරණ විප්‍රයුක්ත නීවරණීය වේ. සතර ස්කන්‍ධයෝ නීවරණ විප්‍රයුක්ත නීවරණීය වන්නාහ. නීවරණ විප්‍රයුක්ත අනීවරණය වන්නාහ. නීවරණ විප්‍රයුක්ත නීවරණීයහ යි ද නීවරණ විප්‍රයුක්ත අනීවරණීයහ යි ද නො කිය යුතු වන්නාහු ය.
ap-vbh:114.9
218. සතර ස්කන්‍ධයෝ පරාමාස නො වෙත්. සංස්කාරස්කන්‍ධය පරාමාස ද වන්නේ ය. නො ද පරාමාස වන්නේ ය.
ap-vbh:114.10
රූපස්කන්‍ධය පරාමෘෂ්ට වෙයි. සතර ස්කන්‍ධයෝ පරාමෘෂ්ට ද වන්නාහ. අපරාමෘෂ්ට ද වන්නාහ.
ap-vbh:114.11
රූපස්කන්‍ධය පරාමාස විප්‍රයුක්ත වූයේ වෙයි. තුන් ස්කන්‍ධයෝ පරාමාස සම්ප්‍රයුක්ත ද වන්නාහ. පරාමාස විප්‍රයුක්ත ද වන්නාහ. සංස්කාරස්න්‍ධය පරාමාස සම්ප්‍රයුක්ත ද වන්නේ ය. පරාමාස විප්‍රයුක්ත ද වන්නේ ය. පරාමාස සම්ප්‍රයුක්ත යි ද පරාමාස විප්‍රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:116.1
රූපස්කන්‍ධය පරාමාස ද වූ ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස යි ද නො කියයුතු වෙයි. තුන් ස්කන්‍ධයෝ පරාමාස ද වූ ම පරාමෘෂ්ටයහ යි නො කිය යුත්තාහ. පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස වන්නාහ. පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාසයහ යී නො කිය යුත්තාහ. සංස්කාරස්කන්‍ධය පරාමාස ද වූ ම පරාමෘෂ්ට ද වෙයි, පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස වන්නේ ය. පරාමාස ද වූ ම පරාමෘෂ්ට යි ද පරාමෘෂ්ට ද වූ ම නො ද පරාමාස යි ද නො කිය යුතු වන්නේ යි.
ap-vbh:116.2
රූපස්කන්‍ධය පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට ද වෙයි. සතර ස්කන්‍ධයෝ පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට ද වන්නාහ. පරාමාස විප්‍රයුක්ත අපරාමෘෂ්ට ද වන්නාහු ය. පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට යී ද පරාමාස විප්‍රයුක්ත අපරාමෘෂ්ට යී ද නො කිය යුත්තේ යි.
ap-vbh:116.3
219. රූපස්කන්‍ධය අනාලම්බන යැ. සතර ස්කන්‍ධයෝ ආලම්බන සහිතයෝ යි.
ap-vbh:116.4
විඥානස්කන්‍ධය චිත්ත වෙයි, සතර ස්ක්නධයෝ චිත්තයෝ නො වෙත්.
ap-vbh:116.5
තුන් ස්කන්‍ධයෝ චෛතසිකයෝ යැ, ස්කන්‍ධයෝ දෙදෙනෙක් අචෛතසිකයෝ යි.
ap-vbh:116.6
තුන් ස්කන්‍ධයෝ චිත්ත සම්ප්‍රයුක්තයෝ යැ, රූපස්කන්‍ධය චිත්ත විප්‍රයුක්ත යැ, විඥානස්කන්‍ධය චිත්තය හා සම්ප්‍රයුක්ත යි ද, චිත්තය හා විප්‍රයුක්ත යි ද නො කිය යුත්තේ යි.
ap-vbh:116.7
තුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ටයෝ යැ, රූපස්කන්‍ධය චිත්ත විසංසෘෂ්ට යැ, විඥානස්කන්‍ධය චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කිය යුත්තේ යි.
ap-vbh:116.8
තුන් ස්කන්‍ධයෝ චිත්තය සමුත්‍ථාන කොට ඇත්තාහු යැ, විඥානස්කන්‍ධය චිත්ත සමුත්‍ථාන නො වූයේ යැ, රූපස්කන්‍ධය චිත්ත සමුත්‍ථාන ද වන්නේ යැ, ච්ත්ත සමුත්‍ථාන නො ද වන්නේ ය.
ap-vbh:116.9
තුන් ස්කන්‍ධයෝ චිත්තය හා උපන්නාහු යැ, විඥානස්කන්‍ධය චිත්ත සහභූ නො වූයේ යැ. රූපස්කන්‍ධය චිත්ත සහභූ ද වන්නේ යැ, චිත්ත සහභූ නො ද වන්නේ යි.
ap-vbh:116.10
තුන් ස්කන්‍ධයෝ සිත අනුව පවත්නාහු යැ, විඥානස්කන්‍ධය සිත අනුව නො පවත්නේ යැ, රූපස්කන්‍ධය සිත අනුව පවත්නේ ද වන්නේ යැ, සිත අනුව නො පවත්නේ ද වන්නේ යි.
ap-vbh:116.11
තුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ට සමුත්‍ථානයහ, ස්කන්‍ධයෝ දෙදෙනෙක් චිත්ත සංසෘෂ්ට සමුත්‍ථාන නො වෙත්.
ap-vbh:116.12
තුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ට සමුත්‍ථාන සහභූහ. ස්කන්‍ධයෝ දෙදෙනෙක් චිත්ත සංසෘෂ්ට සමුත්‍ථාන සහභූ නො වෙත්.
ap-vbh:116.13
තුන් ස්කන්‍ධයෝ චිත්ත සංසෘෂ්ට සමුත්‍ථානුපරිවර්තීහ. ස්කන්‍ධයෝ දෙදෙනෙක් චිත්ත සංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී නො වෙත්.
ap-vbh:116.14
විඥානස්කන්‍ධය ආධ්‍යාත්මික ය. ස්කන්‍ධයෝ තිදෙනෙක් බාහිරයෝ යැ. රූපස්කන්‍ධය ආධ්‍යාත්මික ද වන්නේ යැ බාහිර ද වන්නේ යි.
ap-vbh:116.15
සතර ස්කන්‍ධයෝ උපාදා නො වෙති, රූපස්කන්‍ධය උපාදා ද වන්නේ යැ, උපාදා නො ද වන්නේ යි.
ap-vbh:116.16
(පඤ්චස්කන්‍ධයෝ) උපාදින්න ද වෙති අනුපාදින්න ද වෙත්.
ap-vbh:118.1
220. සතර ස්කන්‍ධයෝ උපාදාන නො වෙති, සංස්කාරස්කන්‍ධය උපාදාන ද වන්නේ යැ, නො ද උපාදාන වන්නේ යි.
ap-vbh:118.2
රූපස්කන්‍ධය උපාදානිය වෙයි, සතර ස්කන්‍ධයෝ උපාදානිය ද වන්නාහ, අනුපාදානිය ද වන්නාහු යැ.
ap-vbh:118.3
රූපස්කන්‍ධය උපාදාන විප්‍රයුක්ත යැ. සතර ස්කන්‍ධයෝ උපාදාන සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපාදාන විප්‍රයුක්ත ද වන්නාහු යැ.
ap-vbh:118.4
රූපස්කන්‍ධය උපාදාන ද වූයේ ම උපාදානිය යි නො කිය යුත්තේ ය, උපාදානිය ද වූයේ ම නො ද උපාදාන වෙයි. ස්කන්‍ධයෝ තිදෙනෙක් උපාදාන ද වූවාහු මැ උපාදානිය ද වෙතී නො කිය යුත්තාහ, උපාදානිය ද වූවාහු මැ නො ද උපාදාන වන්නාහ, උපාදානිය ද වූවාහු මැ නො ද උපාදාන වෙතී නො කිය යුත්තාහ. සංස්කාරස්කන්‍ධය උපාදාන ද වූයේ මැ උපාදානිය ද වන්නේ ය, උපාදානිය ද වූයේ මැ නො ද උපාදාන වන්නේ ය, උපාදාන ද වූ ම උපාදානිය යි ද උපාදානිය ද වූ මැ නො ද උපාදාන යි ද නො කිය යුතු වන්නේ යි.
ap-vbh:118.5
රූපස්කන්‍ධය උපාදාන ද වූයේ මැ උපාදාන සම්ප්‍රයුක්ත යි ද උපාදාන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදාන යි ද නො කිය යුත්තේ ය. ස්කන්‍ධයෝ තිදෙනෙක් උපාදාන ද වූ මැ උපාදාන සම්ප්‍රයුක්තයෝ යි නො කිය යුත්තාහ, උපාදාන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදාන වන්නාහ, උපාදාන සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද උපාදානැ යි නො කිය යුතු වන්නාහ. සංස්කාරස්කන්‍ධය උපාදාන ද වූ මැ උපාදාන සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපාදාන සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද උපාදාන වන්නේ යැ, උපාදාන ද වූ මැ උපාදාන සම්ප්‍රයුක්තයෙකැ යි ද උපාදාන සම්ප්‍රයුක්ත ද වූ ම නො ද උපාදානයෙකැ යි ද නො කිය යුතු වන්නේ යි.
ap-vbh:118.6
රූපස්කන්‍ධය උපාදාන විප්‍රයුක්ත උපාදානිය වෙයි, සතර ස්කන්‍ධයෝ උපාදාන විප්‍රයුක්ත උපාදානිය වන්නාහ, උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය ද වන්නාහ, උපාදාන විප්‍රයුක්ත උපාදානිය යි ද උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය යි ද නො කිය යුතු වන්නාහු යැ.
ap-vbh:118.7
221. සතර ස්කන්‍ධයෝ ක්ලේශයෝ නො වෙති, සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වන්නේ ය, නො ද ක්ලේශ ද වන්නේ යි.
ap-vbh:118.8
රූපස්කන්‍ධය සාංක්ලේශික ය, සතර ස්කන්‍ධයෝ සාංක්ලේශික ද වන්නාහ, අසාංක්ලේශික ද වන්නාහු ය.
ap-vbh:118.9
රූපස්කන්‍ධය අසංක්ලිෂ්ට ය, සතර ස්කන්‍ධයෝ සංක්ලිෂ්ට ද වන්නාහ, අසංක්ලිෂ්ට ද වන්නාහු ය.
ap-vbh:118.10
රූපස්කන්‍ධය ක්ලේශ විප්‍රයුක්ත ය, සතර ස්කන්‍ධයෝ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වන්නාහ, ක්ලේශ විප්‍රයුක්ත ද වන්නාහු ය.
ap-vbh:118.11
රූපස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සාංක්ලේශික යි නො කියයුත්තේ යැ, සාංක්ලේශික ද වූ මැ නො ද ක්ලේශ වූයේ යැ. ස්කන්‍ධයෝ තිදෙනෙක් ක්ලේශ ද වූ මැ සාංක්ලේශිකහ යි නො කියයුත්තාහ, සාංක්ලේශික ද වූ මැ නො ද ක්ලේශ වන්නාහ, සාංක්ලේශික ද වූවාහු මැ නො ද ක්ලේශ වූහ යි නො කියයුත්තාහ, සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සාංක්ලේශික ද වන්නේ යැ, සාංක්ලේශික ද වූයේ නො ද ක්ලේශ වන්නේ යැ, ක්ලේශ ද වූයේ මැ සාංක්ලේශික යි ද සාංක්ලේශික ද වූ මැ නො ද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:120.1
රූපස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූයේ මැ නො ද ක්ලේශ යි ද නො කියයුත්තේ යැ, ස්කන්‍ධයෝ තිදෙනෙක් ක්ලේශ ද වූවාහු මැ සංක්ලිෂ්ට වූහ යි නො කියයුත්තාහ, සංක්ලිෂ්ට ද වූවාහු මැ නො ද ක්ලේශ වන්නාහ, සංක්ලිෂ්ට ද වූවාහු මැ නො ද ක්ලේශයෝ යි නො කියයුත්තාහ, සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ සංක්ලිෂ්ට ද වන්නේ යැ සංක්ලිෂ්ට ද වූයේ මැ නො ද ක්ලේශ වන්නේ යැ, ක්ලේශ ද වූයේ මැ සංක්ලිෂ්ට යි ද සංක්ලිෂ්ට ද වූයේ මැ නො ද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:120.2
රූපස්කන්‍ධය ක්ලේශ ද වූයේ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත යි ද ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූයේ මැ නො ද ක්ලේශ යි ද නො කියයුත්තේ යැ, ස්කන්‍ධයෝ තිදෙනෙක් ක්ලේශ ද වූවාහු මැ ක්ලේශ සම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වන්නාහ, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද ක්ලේශයෝ යි නො කියයුතු වන්නාහු යැ. සංස්කාරස්කන්‍ධය ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වන්නේ යැ, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වන්නේ යැ, ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත යි ද ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ යි ද නො කියයුතු වන්නේ යි.
ap-vbh:120.3
රූපස්කන්‍ධය ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික යැ, සතර ස්කන්‍ධයෝ ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික ද වන්නාහ, ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික ද වන්නාහ, ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික යි ද ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික යි ද නො කියයුතු වන්නාහු යි.
ap-vbh:120.4
222. රූපස්කන්‍ධය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයේ යැ, සතර ස්කන්‍ධයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
ap-vbh:120.5
රූපස්කන්‍ධය භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයේ යැ, සතර ස්කන්‍ධයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො ද වන්නාහු යි.
ap-vbh:120.6
රූපස්කන්‍ධය දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක නො වෙයි, සතර ස්කන්‍ධයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යෙහ්තුක ද වන්නාහ, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතුක නො ද වන්නාහු ය.
ap-vbh:120.7
රූපස්කන්‍ධය භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක නො වෙයි, සතර ස්කන්‍ධයෝ භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක නො ද වන්නාහු ය.
ap-vbh:120.8
රූපස්කන්‍ධය අවිතර්‍ක යැ, සතර ස්කන්‍ධයෝ සවිතර්‍ක ද වන්නාහ, අවිතර්‍ක ද වන්නාහු යි.
ap-vbh:120.9
රූපස්කන්‍ධය අවිචාර යැ, සතර ස්කන්‍ධයෝ සවිචාර ද වන්නාහ, අවිචාර ද වන්නාහු යි.
ap-vbh:120.10
රූපස්කන්‍ධය අප්‍රීතික යැ සතර ස්කන්‍ධයෝ සප්‍රීතික ද වන්නාහ, අප්‍රීතික ද වන්නාහු යි.
ap-vbh:120.11
රූපස්කන්‍ධය ප්‍රීතිසහගත නො වෙයි, සතර ස්කන්‍ධයෝ ප්‍රීති සහගත ද වන්නාහ, ප්‍රීති සහගත නො ද වන්නාහු යි.
ap-vbh:120.12
ස්කන්‍ධයෝ දෙදෙනෙක් සුඛ සහගත නො වෙති, ස්කන්‍ධයෝ තිදෙනෙක් සුඛ සහගත ද වන්නාහ, සුඛ සහගත නො ද වන්නාහු ය.
ap-vbh:120.13
ස්කන්‍ධයෝ දෙදෙනෙක් උපේක්‍ෂාසහගත නො වන්නාහ, ස්කන්‍ධයෝ තිදෙනෙක් උපේක්‍ෂාසහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත නො ද වන්නාහු යි.
ap-vbh:122.1
රූපස්කන්‍ධය කාමාවචර යැ, සතර ස්කන්‍ධයෝ කාමාවචර ද වන්නාහ, කාමාචර නො ද වන්නාහු යි.
ap-vbh:122.2
රූපස්කන්‍ධය රූපාවචර නො වෙයි, සතර ස්කන්‍ධයෝ රූපාවචර ද වන්නාහ, රූපාවචර නො ද වන්නාහු යි.
ap-vbh:122.3
රූපස්කන්‍ධය අරූපාවචර නො වෙයි, සතර ස්කන්‍ධයෝ අරූපාවචර ද වන්නාහ, අරූපාවචර නො ද වන්නාහු යි.
ap-vbh:122.4
රූපස්කන්‍ධය පර්‍ය්‍යාපන්න යැ, සතර ස්කන්‍ධයෝ පර්‍ය්‍යාපන්න ද වන්නාහ, අපර්‍ය්‍යාපන්න ද වන්නාහු යි.
ap-vbh:122.5
රූපස්කන්‍ධය අනෛර්‍ය්‍යාණික යැ, සතර ස්කන්‍ධයෝ නෛර්‍ය්‍යාණික ද වන්නාහ, අනෛර්‍ය්‍යාණික ද වන්නාහු යි.
ap-vbh:122.6
රූපස්කන්‍ධය අනියත යැ, සතර ස්කන්‍ධයෝ නියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
ap-vbh:122.7
රූපස්කන්‍ධය සඋත්තර යැ, සතර ස්කන්‍ධයෝ සඋත්තර ද වන්නාහ, අනුත්තර ද වන්නාහු යි.
ap-vbh:122.8
රූපස්කන්‍ධය අරණ ය, සතර ස්කන්‍ධයෝ සරණ ද වන්නාහ, අරණ ද වන්නාහු යි.
ap-vbh:122.9
පඤ්හ පුච්ඡක යි.
ap-vbh:122.10
ස්කන්‍ධවිභඞ්ගය නිමියේ යි.
ap-vbh-2:124.1
2. ආයතන විභඞ්ගය