Vibhaṅga

Analysis

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1801-1900 න් 4234

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-vbh-6:264.1
එහි රූප කවරෙ යත්: සතර මහා භූතයෝ ද යම් රූපයකුත් ඇසිරි කොටගෙන මනෝවිඤ්ඤාණධාතු ව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.
ap-vbh-6:264.2
එහි නාමරූපප්‍රත්‍යයෙන් සළායතන කවරෙ යත්: චක්ඛායතන ය සෝතායතන ය ඝානායතන ය ජිව්හායතන ය කායායතන ය මනායතන යි මේ නාමරූපප්‍රත්‍යයෙන් සළායතන යි කියනු ලැබේ.
ap-vbh-6:264.3
එහි ඡට්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යි කියනු ලැබේ … එහෙයින් ‘එව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.
ap-vbh-6:264.4
ප්‍රත්‍යයචතුෂ්ක යි.
ap-vbh-6:264.5
375. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වේ. සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වේ. විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වේ. නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨාතයනය වේ. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වේ. වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය වේ. උපාදානප්‍රත්‍යයෙන් භවය වේ. භවප්‍රත්‍යයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයෙන් ජරාව හා මරණය වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.
ap-vbh-6:264.6
එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද මේ අවිද්‍යා යි කියනු ලැබේ.
ap-vbh-6:264.7
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතනලදබවෙක් වේ ද මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යි කියනු ලැබේ.
ap-vbh-6:264.8
එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යි කියනු ලැබේ.
ap-vbh-6:264.9
එහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය කවර යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය, මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම යි කියනු ලැබේ.
ap-vbh-6:264.10
එහි නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
ap-vbh-6:264.11
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශ යි කියනු ලැබේ.
ap-vbh-6:264.12
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශ හේතුක වූ වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත - සූඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව යයි කියනු ලැබේ.
ap-vbh-6:266.1
එහි වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් සංරාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් වේදනා හේතුක වූ තෘෂ්ණාව යයි කියනු ලැබේ.
ap-vbh-6:266.2
එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් … විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදාන යි කියනු ලැබේ. … එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදය හොති’ යි කියනු ලැබේ.
ap-vbh-6:266.3
376. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
ap-vbh-6:266.4
එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
ap-vbh-6:266.5
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යි කියනු ලැබේ.
ap-vbh-6:266.6
එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යි කියනු ලැබේ.
ap-vbh-6:266.7
එහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම යයි කියනු ලැබේ.
ap-vbh-6:266.8
“නාමපච්චයා ඵස්සො නාමහේතුකො” යි එහි නාමය කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය යන මේ නාම යි කියනු ලැබේ.
ap-vbh-6:266.9
එහි නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් පහස්නා අයුරෙක් මොනොවට පහස්නා අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එහෙයින් “එව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි කියනු ලැබේ.
ap-vbh-6:266.10
377. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාර හේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම රූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතුක වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහු ගේ සමුදය වේ.
ap-vbh-6:268.1
එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
ap-vbh-6:268.2
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යයි කියනු ලැබේ.
ap-vbh-6:268.3
එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යයි කියනු ලැබේ.
ap-vbh-6:268.4
එහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යයි කියනු ලැබේ.
ap-vbh-6:268.5
එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් …. කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාම ය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප යි කියනු ලැබේ.
ap-vbh-6:268.6
‘නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමරූපහේතුකං’ යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය යන මේ නාම යයි කියනු ලැබේ.
ap-vbh-6:268.7
එහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.
ap-vbh-6:268.8
එහි නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතනය කවර යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූප ප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතන යි කියනු ලැබේ.
ap-vbh-6:268.9
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කරන ලද බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එහෙයින් “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි කියනු ලැබේ.
ap-vbh-6:268.10
378. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
ap-vbh-6:268.11
එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යයි කියනු ලැබේ.
ap-vbh-6:268.12
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යයි කියනු ලැබේ.
ap-vbh-6:270.1
එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යයි කියනු ලැබේ.
ap-vbh-6:270.2
එහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති, එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධය යන මේ නාම යි කියනු ලැබේ.
ap-vbh-6:270.3
එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් වේ ද … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ ම නාමය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප යි කියනු ලැබේ.
ap-vbh-6:270.4
නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂඩායතනය යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාර ස්කන්‍ධ යි. මේ නාම යයි කියනු ලැබේ.
ap-vbh-6:270.5
එහි රූපය කවරෙ යත්: සතර මහාභූතයෝ ද, යළි යම් රූපයක් නිසා මනෝවිඥාන ධාතුව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද මේ නාමරූප යි කියනු ලැබේ.
ap-vbh-6:270.6
එහි නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂඩායතනය කවරෙ යත්: චක්‍ෂුරායතන ය … මනායතන යි, මේ නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂඩායතන යයි කියනු ලැබේ.
ap-vbh-6:270.7
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ.
ap-vbh-6:270.8
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනා යි කියනු ලැබේ.
ap-vbh-6:270.9
එහි වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණා කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණා යි කියනු ලැබේ.
ap-vbh-6:270.10
එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් … තීර්‍ත්‍ථායතනයෙක් විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදාන යයි කියනු ලැබේ … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.
ap-vbh-6:270.11
හේතුචතුෂ්ක යි.
ap-vbh-6:272.1
379. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥාන සම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශ සම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛ රාශිහුගේ සමුදය වේ.
ap-vbh-6:272.2
එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
ap-vbh-6:272.3
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හා සම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාර යයි කියනු ලැබේ.
ap-vbh-6:272.4
එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥාන යයි කියනු ලැබේ.
ap-vbh-6:272.5
එහි විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යි, මේ විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාම යයි කියනු ලැබේ.
ap-vbh-6:272.6
එහි නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
ap-vbh-6:272.7
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ.
ap-vbh-6:272.8
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනා යි කියනු ලැබේ.
ap-vbh-6:272.9
එහි වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් බලවෙත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණා යි කියනු ලැබේ.
ap-vbh-6:272.10
එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් … තීර්‍ත්‍ථායතනයෙක් විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදාන යි කියනු ලැබේ. …එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.
ap-vbh-6:274.1
380. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
ap-vbh-6:274.2
එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
ap-vbh-6:274.3
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාර යි කියනු ලැබේ.
ap-vbh-6:274.4
එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥාන යි කියනු ලැබේ.
ap-vbh-6:274.5
එහි විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ විඥානප්‍රත්‍යයෙන් විඥානසම්ප්‍රයුක්ත වූ නාම යයි කියනු ලැබේ.
ap-vbh-6:274.6
නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය යනු: එහි නාමය කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.
ap-vbh-6:274.7
381. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමය විඥානසම්ප්‍රයුක්ත ය, නාමරූපප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාසම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
ap-vbh-6:274.8
එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
ap-vbh-6:274.9
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාර යයි කියනු ලැබේ.
ap-vbh-6:276.1
එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත විඥාන යයි කියනු ලැබේ.
ap-vbh-6:276.2
එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය, විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ නාම යයි කියනු ලැබේ.
ap-vbh-6:276.3
එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්ම ය … කායායතනයාගේ ඉපැද්ම ය, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද මේ නාමරූප යි කියනු ලැබේ
ap-vbh-6:276.4
[need trans]: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ නාම යයි කියනු ලැබේ. {*}
ap-vbh-6:276.5
එහි රූපය කවරෙ යත්: යම් රූපයෙක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.{*}
ap-vbh-6:276.6
එහි නාමරූපප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූප ප්‍රත්‍යයෙන් නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
ap-vbh-6:276.7
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යී.
ap-vbh-6:276.8
382. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමය විඥානසම්ප්‍රයුක්ත යි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනය නාමසම්ප්‍රයුක්ත යි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශසම්ප්‍රයුක්ත වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනා සම්ප්‍රයුක්ත වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාසම්ප්‍රයුක්ත වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
ap-vbh-6:276.9
එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
ap-vbh-6:276.10
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාසම්ප්‍රයුක්ත වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යා සම්ප්‍රයුක්ත වූ සංස්කාර යි කියනු ලැබේ.
ap-vbh-6:276.11
එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරසම්ප්‍රයුක්ත වූ විඥාන යි කියනු ලැබේ.
ap-vbh-6:278.1
එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය, විඥානසම්ප්‍රයුක්ත වූ නාමය කවරෙ යත්: නාමයෙක් ඇත. රූපයෙක් ඇති, එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ.
ap-vbh-6:278.2
එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් නාමරූපය විඥානසම්ප්‍රයුක්ත වූ නාම යයි කියනු ලැබේ.
ap-vbh-6:278.3
නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ.
ap-vbh-6:278.4
එහි රූපය කවරෙ යත්: සතර මහාභූතයෝ ද, යම් රූපයකුත් නිසා මනෝවිඥාන ධාතුව පවතී ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද, යන මේ නාමරූප යයි කියනු ලැබේ.
ap-vbh-6:278.5
එහි නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය, නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: චක්‍ෂුරායතන ය … මනායතන යි, මේ නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය නාමසම්ප්‍රයුක්ත වූ ෂෂ්ඨායතන යි කියනු ලැබේ.
ap-vbh-6:278.6
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශයයි කියනු ලැබේ. … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.
ap-vbh-6:278.7
සම්ප්‍රයුක්තචතුෂ්ක යි.
ap-vbh-6:278.8
383. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ද ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් ද වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
ap-vbh-6:278.9
එහි අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
ap-vbh-6:278.10
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යයි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යා යි කියනු ලැබේ.
ap-vbh-6:280.1
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යයි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාර යි කියනු ලැබේ.
ap-vbh-6:280.2
එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ විඥානප්‍රත්‍යයෙන් නාම යයි කියනු ලැබේ, එහි නාම ප්‍රත්‍යයන් ද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ද විඥාන යයි කියනු ලැබේ.
ap-vbh-6:280.3
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යයි කියනු ලැබේ, එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනු දු නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාම යයි කියනු ලැබේ.
ap-vbh-6:280.4
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශයයි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙනු දු ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
ap-vbh-6:280.5
එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵසස්ජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා යයි කියනු ලැබේ. එහි වේදනාප්‍රත්‍යයෙනු දු ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ වේදනා ප්‍රත්‍යයෙනු දු ස්පර්‍ශ යයි කියනු ලැබේ.
ap-vbh-6:280.6
එහි වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා යි කියනු ලැබේ. එහි තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් ද වේදනා යි කියනු ලැබේ.
ap-vbh-6:280.7
එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් … තීර්‍ත්‍ථායතනයෙක් විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන යයි කියනු ලැබේ. එහිඋපාදානප්‍රත්‍යයනුදු තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා යි කියනු ලැබේ.
ap-vbh-6:280.8
එහි උපාදානප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: උපාදානය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ උපාදානප්‍රත්‍යයෙන් භවය යි කියනු ලැබේ.
ap-vbh-6:280.9
එහි භවප්‍රත්‍යයෙන් ජාතිය කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ජාතියෙක් සංජාතියෙක් නිර්‍වෘතියෙක් අභිනිර්‍වෘතියෙක් ප්‍රාදුර්‍භාවයෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යයි කියනු ලැබේ.
ap-vbh-6:282.1
එහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති. එහි ජරා කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ජරාවක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ. එහි මරණ කවරෙ යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ක්‍ෂය වීමෙක් ව්‍යය වීමෙක් භෙදයෙක් පරිභේදයෙක් අනිත්‍යතායෙක් අන්තර්‍ධානයෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද යන මේ ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යි කියනු ලැබේ.
ap-vbh-6:282.2
“එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යනු: මෙසේ මේ සියලු දුඃඛසමූහයාගේ එක්වීම වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, ප්‍රාදුර්‍භාවය වේ. එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යී.
ap-vbh-6:282.3
384. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද නාමය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනා ප්‍රත්‍යයෙන් ද ස්පර්‍ශය වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් ද වේදනාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
ap-vbh-6:282.4
එහි අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
ap-vbh-6:282.5
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යා යි කියනු ලැබේ.
ap-vbh-6:282.6
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය යි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාර යි කියනු ලැබේ.