Vibhaṅga

Analysis

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 601-700 න් 4234

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-vbh:74.6
භාවනායෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.
ap-vbh:74.7
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
ap-vbh:74.8
භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු නැතියෙක් ඇති.
ap-vbh:74.9
සවිතර්‍ක වූයෙක් ඇත, අවිතර්‍ක වූයෙක් ඇති.
ap-vbh:74.10
සවිචාර වූයෙක් ඇත, අවිචාර වූයෙක් ඇති.
ap-vbh:74.11
සප්‍රීතික වූයෙක් ඇත. අප්‍රීතික වූයෙක් ඇති.
ap-vbh:74.12
ප්‍රීති සහගත වූයෙක් ඇත. ප්‍රීති සහගත නො වූයෙක් ඇති.
ap-vbh:74.13
සුඛ සහගත වූයෙක් ඇත, සුඛ සහගත නො වූයෙක් ඇති.
ap-vbh:74.14
උපේක්‍ෂා සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත නො වූයෙක් ඇති.
ap-vbh:74.15
කාමාවචර වූයෙක් ඇත, කාමාවචර නො වූයෙක් ඇති.
ap-vbh:74.16
රූපාවචර වූයෙක් ඇත, රූපාවචර නො වූයෙක් ඇති.
ap-vbh:74.17
අරූපාවචර වූයෙක් ඇත, අරූපාවචර නො වූයෙක් ඇති.
ap-vbh:74.18
පරියාපන්න වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
ap-vbh:74.19
නෛර්‍ය්‍යාණික වූයෙක් ඇත, අනෛර්‍ය්‍යාණික වූයෙක් ඇති.
ap-vbh:74.20
නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
ap-vbh:74.21
සඋත්තර වූයෙක් ඇත, අනුත්තර වූයෙක් ඇති.
ap-vbh:74.22
සරණ (රාගාදි ක්ලේස සහිත) වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ap-vbh:74.23
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:74.24
138. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:74.25
ද්වීප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ap-vbh:74.26
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත. ...
ap-vbh:74.27
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:74.28
ද්වික මූලක යි.
ap-vbh:76.1
139. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:76.2
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
ap-vbh:76.3
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:76.4
140. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:76.5
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ap-vbh:76.6
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:76.7
141. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:76.8
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
ap-vbh:76.9
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:76.10
142. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:76.11
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: (රාගාදි) රණ සහිත වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ap-vbh:76.12
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:76.13
ත්‍රිකමූලක යි.
ap-vbh:76.14
143. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:76.15
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
ap-vbh:76.16
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:76.17
144. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:76.18
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ap-vbh:76.19
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:78.1
145. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:78.2
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතුසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:78.3
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ධර්‍මස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍මස්වභාව නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:78.4
146. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:78.5
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු ද වූ සහේතුක ද වූයෙක් ඇත, සහේතුක ද වූ නො ද හේතු වූයෙක් ඇති.
ap-vbh:78.6
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න - අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:78.7
147. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:78.8
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු ද වූ හේතු සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, හේතුසම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූයෙක් ඇති.
ap-vbh:78.9
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ටසාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට - අසාංක්ලේශික වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:78.10
148. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:78.11
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
ap-vbh:78.12
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක - අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:78.13
149. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:78.14
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
ap-vbh:78.15
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ප්‍රීති සහගත වූයෙක් ඇත, සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:78.16
150. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:78.17
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දත යුත්තෙක් ඇති.
ap-vbh:78.18
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:80.1
151. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:80.2
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව වූයෙක් ඇත, ආස්‍රව නො වූයෙක් ඇති.
ap-vbh:80.3
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:80.4
152. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:80.5
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව සහිත වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:80.6
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී වූ අපචයගාමී නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:80.7
153. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:80.8
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:80.9
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:80.10
154. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:80.11
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව ද වූයේ ම සාස්‍රව ද වූයෙක් ඇත, සාස්‍රව ද වූයේ ම නො ද ආස්‍රව වූයෙක් ඇති.
ap-vbh:80.12
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:80.13
155. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:80.14
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව ද වූයේ ම ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද ආස්‍රව වූයෙක් ඇති.
ap-vbh:80.15
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:80.16
156. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:80.17
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූ අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:80.18
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:80.19
157. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:80.20
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන වූයෙක් ඇත, සංයෝජන නො වූයෙක් ඇති.
ap-vbh:80.21
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: මිතථ්‍යාත්‍ව නියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:82.1
158. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:82.2
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
ap-vbh:82.3
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ග හේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:82.4
159. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:82.5
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජනයන් හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජනයන් හා විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:82.6
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උපදනාසුලු වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:82.7
160. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:82.8
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන ද වූයේ ම සංයෝජනීය ද වූයෙක් ඇත, සංයෝජනීය ද වූයේ ම නො ද සංයෝජන වූයෙක් ඇති.
ap-vbh:82.9
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:82.10
161. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:82.11
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන ද වූයේම සංයෝජන සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, සංයෝජන සම්ප්‍රයුක්ත ද වූයේ ම නො ද සංයෝජන වූයෙක් ඇති.
ap-vbh:82.12
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:82.13
162. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:82.14
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
ap-vbh:82.15
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:82.16
163. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:82.17
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ වූයෙක් ඇත, ග්‍රන්‍ථ නො වූයෙක් ඇති.
ap-vbh:82.18
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:82.19
උභතෝවඩ්ඪක යි.