Vibhaṅga

Analysis

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 801-900 න් 4234

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-vbh:94.14
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:94.15
176. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:94.16
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ap-vbh:94.17
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:94.18
177. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:94.19
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ap-vbh:94.20
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:94.21
විපාක වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:96.1
178. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:96.2
ද්වීප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති. ... සරණ වූයෙක් ඇත, අරණ වූයෙක් ඇති.
ap-vbh:96.3
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:96.4
ත්‍රික මූලක යි.
ap-vbh:96.5
179. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:96.6
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ap-vbh:96.7
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත. අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:96.8
180. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:96.9
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:96.10
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:96.11
181. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:96.12
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
ap-vbh:96.13
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: විපාක වූයෙක් ඇත, විපාක ස්වභාව ධර්‍ම වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:96.14
182. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:96.15
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
ap-vbh:96.16
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:96.17
183. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:96.18
ද්වි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කිසි විඥානයෙකින් දත යුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දත යුත්තෙක් ඇති.
ap-vbh:96.19
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට සාංක්ලේශික වූයෙක් ඇත, අසංක්ලිෂ්ට අසාංක්ලේශික වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:98.1
184. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:98.2
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:98.3
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සවිතර්‍ක සවිචාර වූයෙක් ඇත, අවිතර්‍ක විචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:98.4
185. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:98.5
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ආස්‍රව සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:98.6
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ප්‍රීති සහගත වූයෙක් ඇත. සුඛ සහගත වූයෙක් ඇත, උපේක්‍ෂා සහගත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:98.7
186. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:98.8
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රව විප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:98.9
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:98.10
187. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:98.11
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජනීය නො වූයෙක් ඇති.
ap-vbh:98.12
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇතියෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:98.13
188. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:98.14
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංයෝජන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:98.15
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:98.16
189. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:98.17
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වූයෙක් ඇති.
ap-vbh:98.18
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:98.19
190. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:98.20
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය නො වූයෙක් ඇති.
ap-vbh:98.21
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:100.1
191. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:100.2
ද්විප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:100.3
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:100.4
192. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:100.5
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
ap-vbh:100.6
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:100.7
193. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:100.8
ද්වි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
ap-vbh:100.9
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: මිථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍ව නියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:100.10
194. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:100.11
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ඕඝ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:100.12
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:100.13
195. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:100.14
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් ඇති.
ap-vbh:100.15
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උත්පාදී වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:100.16
196. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:100.17
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
ap-vbh:100.18
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:100.19
197. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:100.20
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: යෝග සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:100.21
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:102.1
198. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:102.2
ද්විප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: යෝග විප්‍රයුක්ත යෝගනීය වූයෙක් ඇත, යෝග විප්‍රයුක්ත අයෝගනීය වූයෙක් ඇති.
ap-vbh:102.3
ත්‍රි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිර වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:102.4
199. එක් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:102.5
ද්වි ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: නීවරණීය වූයෙක් ඇත, අනීවරණීය වූයෙක් ඇති.
ap-vbh:102.6
ත්‍රිප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. ... මෙසේ දශ ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:102.7
උභතෝ වඩ්ඪක යි.
ap-vbh:102.8
200. සප්තප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, මෙසේ සප්ත ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:102.9
201. අන්‍යත් සප්ත ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. මෙසේ සප්ත ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:102.10
202. චතුර් විංශත් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:102.11
203. අන්‍යත් චතුර් විංශත් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, විපාක වූයෙක් ඇත, විපාක ස්වභාව ධර්‍ම වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාකස්වභාව ධර්‍ම නො වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇති. චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානය යි. මෙසේ චතුර් විංශත් ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:104.1
204. ත්‍රිංශත් ප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ ත්‍රිංශත් ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:104.2
205. බහුප්‍රකාරයෙකින් විඥානස්කන්‍ධයවෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, චක්‍ෂුර් විඥාන යැ ... මනෝ විඥානයි. මෙසේ බහුප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ.
ap-vbh:104.3
206. අන්‍යද්බහුප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ විඥානස්කන්‍ධය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්ම බාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇත, චක්‍ෂුර් විඥානය, ශ්‍රෝත්‍ර විඥානය, ඝ්‍රාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානයි. මෙසේ බහු ප්‍රකාරයෙන් විඥානස්කන්‍ධය වේ. මේ විඥානස්කන්‍ධ යි කියනු ලැබේ.
ap-vbh:104.4
විඥානස්කන්‍ධය යි.
ap-vbh:104.5
අභිධර්‍ම භාජනීය යි.
ap-vbh:104.6
207. ස්කන්‍ධයෝ පස්දෙනෙකි: රූපස්කන්‍ධ යැ, වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි.
ap-vbh:104.7
208. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්‍යාකෘතයෝ ද, ... කෙතෙක් සරණයෝ ද, කෙතෙක් අරණයෝ ද යත්:
ap-vbh:104.8
209. රූපස්කන්‍ධය අව්‍යාකෘත යැ. සතර ස්කන්‍ධයෝ කුසල් විය හෙති, අකුසල් විය හෙති, අව්‍යාකෘත විය හෙත්.
ap-vbh:104.9
ස්කන්‍ධයෝ දෙදෙනෙක් සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද නො කිය යුත්තාහ. ස්කන්‍ධයෝ තිදෙනෙක් සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තයෝ විය හෙති. දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්තයෝ විය හෙති, උපේක්‍ෂා වේදනාව හා සම්ප්‍රයුක්තයෝ විය හෙත්.
ap-vbh:106.1
රූපස්කන්‍ධය නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම වූයේ නො වෙයි. සතර ස්කන්‍ධයෝ විපාක ද වන්නාහ, විපාක ස්වභාව ධර්‍ම ද වන්නාහ, නො මැ විපාක වූ නො ද විපාක ස්වභාව ධර්‍ම වන්නාහ.
ap-vbh:106.2
රූපස්කන්‍ධය උපාදින්නෝපාදානීය ද වන්නේ යැ, අනුපාදින්නෝපාදානීය ද වන්නේ යි. සතර ස්කන්‍ධයෝ උපාදින්නෝපාදානීය ද වන්නාහ, අනුපාදින්නෝපාදානීය ද වන්නාහ, අනුපාදින්න අනුපාදානිය ද වන්නාහ.
ap-vbh:106.3
රූපස්කන්‍ධය අසංක්ලිෂ්ට සාංක්ලේශික යැ, සතර ස්කන්‍ධයෝ සංකිලිට්ඨ සංකිලේසික ද වන්නාහ, අසංකිලිට්ඨ සංකිලේසික ද වන්නාහ, අසංකිලිට්ඨ අසංකිලේසික ද වන්නාහු ය.
ap-vbh:106.4
රූපස්කන්‍ධය අවිතර්‍ක අවිචාර යැ. ස්කන්‍ධයෝ තිදෙනෙක් සවිතර්‍ක සවිචාර ද වන්නාහ, අවිතර්‍ක විචාර මාත්‍ර ද වන්නාහ, අවිතර්‍ක අවිචාර ද වන්නාහ, සංස්කාරස්කන්‍ධය සවිතර්‍ක සවිචාර ද වන්නේ යැ, අවිතර්‍ක විචාර මාත්‍ර ද වන්නේ යැ, අවිතර්‍ක අවිචාර ද වන්නේ යැ, සවිතර්‍ක සවිචාර යි ද, අවිතර්‍ක විචාර මාත්‍ර යි ද, අවිතර්‍ක අවිචාර යි ද, නො කිය යුතු වන්නේ යි.
ap-vbh:106.5
රූපස්කන්‍ධය ප්‍රීති සහගත යි ද, සුඛ සහගත යි ද, උපේක්‍ෂා සහගත යි ද නො කිය යුත්තේ යැ, වේදනාස්කන්‍ධය ප්‍රීති සහගත වන්නේ යැ, සුඛ සහගත නො වෙයි, උපේක්‍ෂා සහගත නො වේ. ප්‍රීති සහගතැයි නො කිය යුතු වන්නේ යැ, ස්කන්‍ධයෝ තිදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛ සහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහ, ප්‍රීති සහගතයහ යි ද, සුඛ සහගතයහ යි ද, උපේක්‍ෂා සහගතයහ යි ද, නො කියයුතු වන්නාහ.
ap-vbh:106.6
රූපස්කන්‍ධය නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය යැ, සතර ස්කන්‍ධයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහු යැ.
ap-vbh:106.7
රූපස්කන්‍ධය නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇත්තේ යැ. සතර ස්කන්‍ධයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇත්තාහු ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක ද වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුක ද වන්නාහු යැ.
ap-vbh:106.8
රූපස්කන්‍ධය නො මැ ආචයගාමී වූයේ නො ද අපචයගාමී යැ. සතර ස්කන්‍ධයෝ ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො මැ ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු යැ.
ap-vbh:106.9
රූපස්කන්‍ධය නො මැ ශෛක්‍ෂ වූයේ නො ද අශෛක්‍ෂ වූයේ යැ. සතර ස්කන්‍ධයෝ ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහ, නො මැ ශෛක්‍ෂ ද නො ද අශෛක්‍ෂ ද වන්නාහු යැ.
ap-vbh:106.10
රූපස්කන්‍ධය පරිත්ත යැ. සතර ස්කන්‍ධයෝ පරිත්ත ද වන්නාහ, මහද්ගත ද වන්නාහ, අප්‍රමාණ ද වන්නාහු යැ.
ap-vbh:106.11
රූපස්කන්‍ධය අනාලම්බන ය. සතර ස්කන්‍ධයෝ පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහ, පරිත්තාලම්බන යි ද, මහද්ගතාලම්බන යි ද, අප්‍රමාණාලම්බන යි ද, නො කියයුතු වන්නාහු යැ.