Vibhaṅga

Analysis

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 4234 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 501-600 න් 4234

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ap-vbh:64.5
134. අන්‍ය වූ ද බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වෙයි: චක්ඛු සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ... අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති. සෝත සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ඝාන සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... ජිව්හා සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... කාය සම්ඵස්ස ප්‍රත්‍යයෙන් ... මනෝ සම්ඵස්ස ප්‍රත්‍යයෙන් වූ සංඥාස්කන්‍ධය අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇත, බාහිරාලම්බන වූයෙක් ඇත, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇත, කාමාවචර වූයෙක් ඇත, රූපාවචරයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අරියාපන්න වූයෙක් ඇති. චක්ඛු සම්ඵස්සජ සංඥා යැ, සෝත සම්ඵස්සජ සංඥා ය. ඝාන සම්ඵස්සජ සංඥා ය. ජිව්හා සම්ඵස්සජ සංඥා ය. කාය සම්ඵස්සජ සංඥා ය. මනෝ සම්ඵස්සජ සංඥා යි. මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. මේ සංඥාස්කන්‍ධ යි කියනු ලැබේ.
ap-vbh:64.6
සංඥාස්කන්‍ධය යි.
ap-vbh:66.1
135. එහි සංස්කාරස්කන්‍ධය කවරේ යත්:
ap-vbh:66.2
එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:66.3
ද්වි ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූ (සංස්කාරස්කන්‍ධ)යෙක් ඇත, හේතු නො වූ (සංස්කාරස්කන්‍ධ)යෙක් ඇති.
ap-vbh:66.4
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.
ap-vbh:66.5
චතුෂ්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපරියාපන්න වූයෙක් ඇති.
ap-vbh:66.6
පඤ්චප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. මෙසේ පඤ්චප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:66.7
ෂට්ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:66.8
සප්තප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ සප්තප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:66.9
අෂ්ටප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... කායසම්ඵස්සයෙන් උපන් චේතනාව සුඛසහගත වූයෙක් ඇත, දුක්ඛසහගත වූයෙක් ඇත, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:66.10
නවප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:66.11
දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වෙයි: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ... කායසම්ඵස්සයෙන් උපන් චේතනාව සුඛසහගත වූයෙක් ඇත, දුක්ඛසහගත වූයෙක් ඇති, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනාව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:66.12
136. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:66.13
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත, හේතු නො වූයෙක් ඇති.
ap-vbh:66.14
ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපෙක්ඛා වේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:68.1
විපාක වූයෙක් ඇත, විපාක ධර්‍මස්වභාව වූයෙක් ඇත, නො මැ විපාක වූ විපාක ධර්‍මස්වභාව නො වූයෙක් ඇති.
ap-vbh:68.2
උපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය වූයෙක් ඇත, අනුපාදින්න අනුපාදානිය වූයෙක් ඇති.
ap-vbh:68.3
සඞ්කිලිට්ඨසඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨසඞ්කිලේසික වූයෙක් ඇත, අසඞ්කිලිට්ඨඅසඞ්කිලේසික වූයෙක් ඇති.
ap-vbh:68.4
සවිතර්‍කසවිචාර වූයෙක් ඇත, අවිතර්‍කවිචාරමාත්‍ර වූයෙක් ඇත, අවිතර්‍ක අවිචාර වූයෙක් ඇති.
ap-vbh:68.5
ප්‍රීතිසහගත වූයෙක් ඇත, සුඛසහගත වූයෙක් ඇත, උපේක්‍ෂාසහගත වූයෙක් ඇති.
ap-vbh:68.6
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යෙයක් ඇත, භාවනාවෙන් ප්‍රහාතව්‍යෙයක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යෙයක් ඇති.
ap-vbh:68.7
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇත, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇත, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇතියෙක් ඇති.
ap-vbh:68.8
ආචයගාමී වූයෙක් ඇත, අපචයගාමී වූයෙක් ඇත, නො මැ ආචයගාමී නො ද අපචයගාමී වූයෙක් ඇති.
ap-vbh:68.9
ශෛක්‍ෂ වූයෙක් ඇත, අශෛක්‍ෂ වූයෙක් ඇත, නො මැ ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ නො වූයෙක් ඇති.
ap-vbh:68.10
පරිත්ත වූයෙක් ඇත, මහද්ගත වූයෙක් ඇත, අප්‍රමාණ වූයෙක් ඇති.
ap-vbh:68.11
පරිත්තාලම්බන වූයෙක් ඇත, මහද්ගතාලම්බන වූයෙක් ඇත, අප්‍රමාණාලම්බන වූයෙක් ඇති.
ap-vbh:68.12
හීන වූයෙක් ඇත, මධ්‍යම වූයෙක් ඇත, ප්‍රණීත වූයෙක් ඇති.
ap-vbh:68.13
මිත්‍ථ්‍යාත්‍වනියත වූයෙක් ඇත, සම්‍යක්ත්‍වනියත වූයෙක් ඇත, අනියත වූයෙක් ඇති.
ap-vbh:68.14
මාර්‍ගාලම්බන වූයෙක් ඇත, මාර්‍ගහේතුක වූයෙක් ඇත, මාර්‍ගාධිපති වූයෙක් ඇති.
ap-vbh:68.15
උත්පන්න වූයෙක් ඇත, අනුත්පන්න වූයෙක් ඇත, උපදනාසුලු වූයෙක් ඇති.
ap-vbh:68.16
අතීත වූයෙක් ඇත, අනාගත වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්න වූයෙක් ඇති.
ap-vbh:68.17
අතීතාලම්බන වූයෙක් ඇත, අනාගතාලම්බන වූයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නාලම්බන වූයෙක් ඇති.
ap-vbh:68.18
අධ්‍යාත්ම වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇත, අධ්‍යාත්ම - බාහිර වූයෙක් ඇති.
ap-vbh:68.19
අධ්‍යාත්මාලම්බන වූයෙක් ඇති, බාහිරාලම්බන වූයෙක් ඇති, අධ්‍යාත්මබාහිරාලම්බන වූයෙක් ඇති ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ.
ap-vbh:68.20
137. එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ap-vbh:68.21
ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ap-vbh:68.22
හේතු සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, හේතු විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:68.23
හේතු ද වූ සහේතුක ද වූයෙක් ඇත, සහේතුක ද වූ නො ද හේතු වූයෙක් ඇති.
ap-vbh:68.24
හේතු ද වූ හේතු සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, හේතු සම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූයෙක් ඇති.
ap-vbh:70.1
හේතු නො වූ සහේතුකයෙක් ඇත, හේතු නො වූ අහේතුකයෙක් ඇති.
ap-vbh:70.2
ලෞකික වූයෙක් ඇත, ලෝකෝත්තර වූයෙක් ඇති.
ap-vbh:70.3
(චක්‍ෂුරාදි) කිසි විඥානයෙකින් දතයුත්තෙක් ඇත, කිසි විඥානයෙකින් නො දත යුත්තෙක් ඇති.
ap-vbh:70.4
ආස්‍රව වූයෙක් ඇත, ආස්‍රව නො වූයෙක් ඇති.
ap-vbh:70.5
සාස්‍රව වූයෙක් ඇත, අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:70.6
ආස්‍රවසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ආස්‍රවවිප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:70.7
ආස්‍රව ද වූ ආස්‍රව සහිත ද වූයෙක් ඇත, ආස්‍රව සහිත ද වූ නො ද ආස්‍රව වූයෙක් ඇති.
ap-vbh:70.8
ආස්‍රව ද වූ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ නො ද ආස්‍රව වූයෙක් ඇති.
ap-vbh:70.9
ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වූයෙක් ඇත, ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රව වූයෙක් ඇති.
ap-vbh:70.10
සංයෝජන වූයෙක් ඇත, සංයෝජන නො වූයෙක් ඇති.
ap-vbh:70.11
සංයෝජනීය වූයෙක් ඇත, අසංයෝජනිය වූයෙක් ඇති.
ap-vbh:70.12
සංයෝජනසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සංයෝජනවිප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:70.13
සංයෝජන ද වූ සංයෝජනීය ද වූයෙක් ඇත, සංයෝජනීය ද වූ නො ද සංයෝජන වූයෙක් ඇති.
ap-vbh:70.14
සංයෝජන ද වූ සංයෝජනසම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, සංයෝජනසම්ප්‍රයුක්ත ද වූ නො ද සංයෝජන වූයෙක් ඇති.
ap-vbh:70.15
සංයෝජන විප්‍රයුක්ත වූයෙක් වූ සංයෝජනීය වූයෙක් ඇත, සංයෝජනවිප්‍රයුක්ත වූ අසංයෝජනිය වූයෙක් ඇති.
ap-vbh:70.16
ග්‍රන්‍ථ වූ (සංස්කාරන්‍ධ)යෙක් ඇත. ග්‍රන්‍ථ නො වූ (සංස්කාරන්‍ධ)යෙක් ඇති.
ap-vbh:70.17
ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
ap-vbh:70.18
ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ග්‍රන්‍ථවිප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:70.19
ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථනීය ද වූයෙක් ඇත, ග්‍රන්‍ථනීය ද වූ නො ද ග්‍රන්‍ථ වූයෙක් ඇති.
ap-vbh:70.20
ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථ වූයෙක් ඇති.
ap-vbh:70.21
ග්‍රන්‍ථ විප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූයෙක් ඇත, ග්‍රන්‍ථ විප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූයෙක් ඇති.
ap-vbh:70.22
ඕඝ වූයෙක් ඇත, ඕඝ නො වූයෙක් ඇති.
ap-vbh:70.23
ඕඝනීය වූයෙක් ඇත, අනෝඝනීය වූයෙක් ඇති.
ap-vbh:70.24
ඕඝසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ඕඝ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:70.25
ඕඝ ද වූ ඕඝනීය ද වූයෙක් ඇත, ඕඝනීය ද වූ නො ද ඕඝ වූයෙක් ඇති.
ap-vbh:70.26
ඕඝ ද වූ ඕඝසම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ඕඝසම්ප්‍රයුක්ත ද වූ නො ද ඕඝ වූයෙක් ඇති.
ap-vbh:70.27
ඕඝ විප්‍රයුක්ත ඕඝනීය වූයෙක් ඇත, ඕඝවිප්‍රයුක්ත අනෝඝනීය වූයෙක් ඇති.
ap-vbh:70.28
යෝග වූයෙක් ඇත, යෝග නො වූයෙක් ඇති.
ap-vbh:72.1
යෝගනීය වූයෙක් ඇත, අයෝගනීය වූයෙක් ඇති.
ap-vbh:72.2
යෝගසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:72.3
යෝග ද වූ යෝගනීය ද වූයෙක් ඇත, යෝගනීය ද වූ නො ද යෝග වූයෙක් ඇති.
ap-vbh:72.4
යෝග ද වූ යෝග සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, යෝගසම්ප්‍රයුක්ත ද වූ නො ද යෝග වූයෙක් ඇති.
ap-vbh:72.5
යෝගවිප්‍රයුක්ත යෝගනීය වූයෙක් ඇත, යෝගවිප්‍රයුක්ත අයෝගනීය වූයෙක් ඇති.
ap-vbh:72.6
නීවරණ වූයෙක් ඇත, නීවරණ නො වූයෙක් ඇති.
ap-vbh:72.7
නීවරණීය වූයෙක් ඇත, අනීවරණීය වූයෙක් ඇති.
ap-vbh:72.8
නීවරණසම්ප්‍රයුක්ත වූයෙක් ඇත, නීවරණවිප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:72.9
නීවරණ ද වූ නීවරණීය ද වූයෙක් ඇත, නීවරණීය ද වූ නො ද නීවරණ වූයෙක් ඇති.
ap-vbh:72.10
නීවරණ ද වූ නීවරණ සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, නීවරණ සම්ප්‍රයුක්ත ද වූ නො ද නීවරණ වූයෙක් ඇති.
ap-vbh:72.11
නීවරණ විප්‍රයුක්ත නීවරණීය වූයෙක් ඇත, නීවරණ විප්‍රයුක්ත අනීවරණිය වූයෙක් ඇති.
ap-vbh:72.12
පරාමාස වූයෙක් ඇත, පරාමාස නො වූයෙක් ඇති.
ap-vbh:72.13
පරාමෘෂ්ට වූයෙක් ඇත, අපරාමෘෂ්ට වූයෙක් ඇති.
ap-vbh:72.14
පරාමාස සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:72.15
පරාමාස ද වූ පරාමෘෂ්ට ද වූයෙක් ඇත, පරාමෘෂ්ට ද වූ නො ද පරාමාස වූයෙක් ඇති.
ap-vbh:72.16
පරාමාස විප්‍රයුක්ත පරාමෘෂ්ට වූයෙක් ඇත, පරාමාස විප්‍රයුක්ත අපරාමෘෂ්ට වූයෙක් ඇති.
ap-vbh:72.17
උපාදින්න වූයෙක් ඇත, අනුපාදින්න වූයෙක් ඇති.
ap-vbh:72.18
උපාදාන වූයෙක් ඇත, උපාදාන නො වූයෙක් ඇති.
ap-vbh:72.19
උපාදානිය වූයෙක් ඇත, අනුපාදානිය වූයෙක් ඇති.
ap-vbh:72.20
උපාදාන සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:72.21
උපාදාන ද වූ උපාදානිය ද වූයෙක් ඇත, උපාදානිය ද වූ නො ද උපාදාන වූයෙක් ඇති.
ap-vbh:72.22
උපාදාන ද වූ උපාදාන සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, උපාදාන සම්ප්‍රයුක්ත ද වූ නො ද උපාදාන වූයෙක් ඇති.
ap-vbh:72.23
උපාදාන විප්‍රයුක්ත උපාදානිය වූයෙක් ඇත, උපාදාන විප්‍රයුක්ත අනුපාදානිය වූයෙක් ඇති.
ap-vbh:72.24
ක්ලේශ වූයෙක් ඇත, ක්ලේශ නො වූයෙක් ඇති.
ap-vbh:72.25
සාංක්ලේශික වූයෙක් ඇත, අසාංක්ලේශික වූයෙක් ඇති.
ap-vbh:72.26
සංක්ලිෂ්ට වූයෙක් ඇත, අසංක්ලිෂ්ට වූයෙක් ඇති.
ap-vbh:72.27
ක්ලේශ සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත වූයෙක් ඇති.
ap-vbh:74.1
ක්ලේශ ද වූ සාංක්ලේශික ද වූයෙක් ඇත, සාංක්ලේශික ද වූ නො ද ක්ලේශ වූයෙක් ඇති.
ap-vbh:74.2
ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ද වූයෙක් ඇත, සංක්ලිෂ්ට ද වූ නො ද ක්ලේශ වූයෙක් ඇති.
ap-vbh:74.3
ක්ලේශ ද වූ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූයෙක් ඇත, ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ නො ද ක්ලේශ වූයෙක් ඇති.
ap-vbh:74.4
ක්ලේශ විප්‍රයුක්ත සාංක්ලේශික වූයෙක් ඇත, ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික වූයෙක් ඇති.
ap-vbh:74.5
දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෙක් ඇත, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූයෙක් ඇති.