Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4201-4235 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1115. පඤ්චන්නං ඛන්ධානං කති සවිතක්කසවිචාරා: කති අවිතක්කවිචාරමත්තා: කති අවිතක්කඅවිචාරා: -පෙ- සත්තන්නං චිත්තානං කති සවිතක්කසවිචාරා: කති අවිතක්කවිචාරමත්තා: කති අවිතක්කඅවිචාරා:
Sinhala BJT1115. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සවිතර්‍කසවිචාරයෝ කෙතෙක, අවිතර්‍කවිචාර මාත්‍රයෝ කෙතෙක, අවිතර්‍කඅවිචාරයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි සවිතර්‍කසවිචාරයෝ කෙතෙක, අවිතර්‍කවිචාරමාත්‍රයෝ කෙතෙක, අවිතර්‍කඅවිචාරයෝ කෙතෙක යත්:
Pali BJT1116. රූපක්ඛන්ධො අවිතක්කඅවිචාරො. තයො ඛන්ධා සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා. සඞ්ඛාරක්ඛන්ධො සියා සවිතක්කසවිචාරො, සියා අවිතක්කවිචාරමත්තො, සියා අවිතක්කඅවිචාරො, සියා න වත්තබ්බො සවිතක්කසවිචාරොතිපි අවිතක්කවිචාරමත්තොතිපි. අවිතක්කඅවිචාරොතිපි.
Sinhala BJT1116. රූපස්කන්‍ධය අවිතර්‍කඅවිචාර යැ. ස්කන්‍ධයෝ තිදෙනෙක් සවිතර්‍ක සවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙති. සංස්කාරස්කන්‍ධය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද, අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.
Pali BJTදසායතනා අවිතක්කඅවිචාරා. මනායතනං සියා සවිතක්කසවිචාරං. සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කඅවිචාරං. ධම්මායතනං සියා සවිතක්කසවිචාරං, සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කඅවිචාරං, සියා න වත්තබ්බං සවිතක්කසවිචාරන්තිපි අවිතක්කවිචාරමත්තන්තිපි අවිතක්කඅවිචාරන්තිපි.
Sinhala BJTදස ආයතන කෙනෙක් අවිතර්‍කඅවිචාරය හ. මනායතනය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. ධර්‍මායතනය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.
Pali BJTපණ්ණරසධාතුයො අවිතක්කඅවිචාරා. මනොධාතු සවිතක්කසවිචාරා. මනොවිඤ්ඤාණධාතු සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා. ධම්මධාතු සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා, සියා න වත්තබ්බා සවිතක්කසවිචාරාතිපි අවිතක්කවිචාරමත්තාතිපි අවිතක්කඅවිචාරාතිපි.
Sinhala BJTපසළොස් ධාතු කෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතු සවිතර්‍කසවිචාර යැ. මනෝවිඤ්ඤාණධාතු සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. ධර්‍මධාතු සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.
Pali BJTසමුදයසච්චං සවිතක්කසවිචාරං. නිරොධසච්චං අවිතක්කඅවිචාරං. මග්ගසච්චං සියා සවිතක්කසවිචාරං, සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කඅවිචාරං. දුක්ඛසච්චං සියා සවිතක්කසවිචාරං, සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කඅවිචාරං, සියා න වත්තබ්බං සවිතක්කසවිචාරන්තිපි අවිතක්කවිචාරමත්තන්තිපි අවිතක්කඅවිචාරන්තිපි.
Sinhala BJTසමුදයසත්‍යය සවිතර්‍කසවිචාර යැ. නිරෝධසත්‍යය අවිතර්‍කඅවිචාර යැ. මාර්‍ගසත්‍යය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. දුඃඛසත්‍යය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු වියහේ.
Pali BJTනවින්ද්රියා අවිතක්කඅවිචාරා. දොමනස්සින්ද්රියං සවිතක්කසවිචාරං. උපෙක්ඛින්ද්රියං සියා සවිතක්කසවිචාරං, සියා අවිතක්කඅවිචාරං. එකාදසින්ද්රියා සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. දෝමනස්සින්‍ද්‍රිය සවිතර්‍කසවිචාර යැ. උපෙක්ඛින්‍ද්‍රිය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහෙයි. එකොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සවිතර්‍කසවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙත්.
Pali BJTතයො අකුසලහෙතු සවිතක්කසවිචාරා. ඡ හෙතූ සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා.
Sinhala BJTතුන් අකුශලහේතූහු සවිතර්‍කසවිචාරයහ. හේතූහු සදෙනෙක් සවිතර්‍කසවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙත්.
Pali BJTකබළිඞ්කාරො ආහාරො අවිතක්කඅවිචාරො. තයො ආහාරා සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා.
Sinhala BJTකවලීකාරාහාරය අවිතර්‍කඅවිචාර යැ. ආහාරයෝ තිදෙනෙක් සවිතර්‍කසවිචාර වියහෙති, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙති, අවිතර්‍කඅවිචාර වියහෙත්.
Pali BJTපඤ්ච ඵස්සා අවිතක්කඅවිචාරා මනොධාතුසම්ඵස්සො සවිතක්කසවිචාරො. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො සියා සවිතක්කසවිචාරො, සියා අවිතක්කවිචාරමත්තො, සියා අවිතක්කඅවිචාරො.
Sinhala BJTස්පර්‍ශයෝ පස්දෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතු සංස්පර්‍ශය සවිතර්‍කසවිචාර යැ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි. අවිතර්‍කඅවිචාර වියහේ.
Pali BJTපඤ්ච වෙදනා, පඤ්ච සඤ්ඤා, පඤ්ච චෙතනා, පඤ්ච චිත්තා අවිතක්කඅවිචාරා. මනොධාතු සවිතක්කසවිචාරා. මනොවිඤ්ඤාණධාතු සියා සවිතක්කසවිචාරා, සියා අවිතක්කවිචාරමත්තා, සියා අවිතක්කඅවිචාරා.
Sinhala BJTවේදනාවෝ පස්දෙනෙක් - සංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් අවිතර්‍කඅවිචාරයහ. මනෝධාතු සවිතර්‍කසවිචාර යැ. මනෝවිඥානධාතු සවිතර්‍කසවිචාර වියහෙයි, අවිතර්‍කවිචාරමාත්‍ර වියහෙයි, අවිතර්‍කඅවිචාර වියහේ.
Pali BJT1117. පඤ්චන්නං ඛන්ධානං කති රූපා: කති අරූපා -පෙ- සත්තන්නං චිත්තානං කති රූපා: කති අරූපා:
Sinhala BJT1117. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි රූපයෝ කෙතෙක, අරූපයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි රූපයෝ කෙතෙකෙ, අරූපයෝ කෙතෙකෙ යත්:
Pali BJT1118. රූපක්ඛන්ධො රූපං. චත්තාරො ඛන්ධා අරූපා.
Sinhala BJT1118. රූපස්කන්‍ධය රූප යැ. (වේදනාදී) සතර ස්කන්‍ධයෝ අරූපයහ.
Pali BJTදසායතනා රූපා. මනායතනං අරූපං. ධම්මායතනං සියා රූපං, සියා අරූපං.
Sinhala BJTදස ආයතන කෙනෙක් රූපයහ. මනායතනය අරූප යැ. ධර්‍මායතනය රූප වියහෙයි, අරූප වියහේ.
Pali BJTදස ධාතුයො රූපා. සත්ත ධාතුයො අරූපා. ධම්මධාතු සියා රූපා, සියා අරූපා.
Sinhala BJTධාතූහු දස දෙනෙක් රූපයහ. ධාතූහු සත් දෙනෙක් අරූපයහ. ධර්‍මධාතු රූප වියහෙයි, අරූප වියහේ.
Pali BJTතීණි සච්චානි අරූපා. දුක්ඛසච්චං සියා රූපං, සියා අරූපං.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් අරූපයහ. දුඃඛසත්‍යය රූප වියහෙයි, අරූප වියහේ.
Pali BJTසත්තින්ද්රියා රූපා. චුද්දසින්ද්රියා අරූපා. ජීවිතින්ද්රියං සියා රූපං, සියා අරූපං.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් රූපය හ. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් අරූපයහ. ජීවිතින්‍ද්‍රිය රූප වියහෙයි, අරූප වියහේ.
Pali BJTනව හෙතූ අරූපා.
Sinhala BJTනවහේතූහු අරූපයහ.
Pali BJTකබළිඞ්කාරො ආහාරො රූපං. තයො ආහාරා අරූපා.
Sinhala BJTකවලීකාරාහාරය රූප යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ අරූපයහ.
Pali BJTසත්ත ඵස්සා අරූපා.
Sinhala BJTසප්තස්පර්‍ශයෝ අරූපයහ.
Pali BJTසත්ත වෙදනා, සත්ත සඤ්ඤා, සත්ත චෙතනා, සත්ත චිත්තා අරූපා.
Sinhala BJTසප්තවේදනාවෝ - සප්තසංඥාවෝ - සප්තචේතනාවෝ - සප්තචිත්තයෝ අරූපයහ.
Pali BJT1119. පඤ්චන්නං ඛන්ධානං කති ලොකියා, කති ලොකුත්තරා: ද්වාදසන්නං ආයතනානං කති ලොකියා, කති ලොකුත්තරා: අට්ඨාරසන්නං ධාතූනං කති ලොකියා, කති ලොකුත්තරා: චතුන්නං සච්චානං කති ලොකියා, කති ලොකුත්තරා: -පෙ- සත්තන්නං චිත්තානං කති ලොකියා, කති ලොකුත්තරා:
Sinhala BJT1119. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක. දොළොස් ආයතනයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක. අටළොස් ධාතූන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක. සතර සත්‍යයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි ලෞකික වූවාහු කෙතෙක, ලෝකෝත්තර වූවාහු කෙතෙක යත්:
Pali BJT1120. රූපක්ඛන්ධො ලොකියො. චත්තාරො ඛන්ධා සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJT1120. රූපස්කන්‍ධය ලෞකික යැ. ස්කන්‍ධයෝ සතර දෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
Pali BJTදසායතනා ලොකියා. ද්වෙ ආයතනා සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTආයතනයෝ දස දෙනෙක් ලෞකිකයහ. ආයතනයෝ දෙදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
Pali BJTසොළස ධාතුයො ලොකියා. ද්වෙ ධාතුයො සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTධාතූහු සොළොස් දෙනෙක් ලෞකිකයහ. ධාතූහු දෙදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
Pali BJTද්වෙ සච්චා ලොකියා. ද්වෙ සච්චා ලොකුත්තරා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් ලෞකිකයහ. සත්‍යයෝ දෙදෙනෙක් ලෝකෝත්තරයහ.
Pali BJTදසින්ද්රියා ලොකියා. තීණින්ද්රියා ලොකුත්තරා. නවින්ද්රියා සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් ලෞකිකයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් ලෝකෝත්තරයහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
Pali BJTතයො අකුසලහෙතු ලොකියා. ඡ හෙතූ සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTතුන් අකුශලහේතූහු ලෞකිකයහ. හේතූහු සදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
Pali BJTකබළිඞ්කාරො ආහාරො ලොකියො. තයො ආහාරා සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTකවලීකාරාහාරය ලෞකික ය. ආහාරයෝ තිදෙනෙක් ලෞකික වියහෙති, ලෝකෝත්තර වියහෙත්.
Pali BJTඡ ඵස්සා ලොකියා. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො සියා ලොකියො, සියා ලොකුත්තරො.
Sinhala BJTස්පර්‍ශයෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.
Pali BJTඡ වෙදනා ලොකියා. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා වෙදනා සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTවේදනාවෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් වේදනා ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.
Pali BJTඡ සඤ්ඤා ලොකියා. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා සඤ්ඤා සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTසංඥාවෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් සංඥා ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.
Pali BJTඡ චෙතනා ලොකියා. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සජා චෙතනා සියා ලොකියා, සියා ලොකුත්තරා.
Sinhala BJTචේතනාවෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශයෙන් උපන් චේතනා ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.
Pali BJTඡ චිත්තා ලොකියා. මනොවිඤ්ඤාණධාතු සියා ලොකියා, සියා ලොකුත්තරාති.
Sinhala BJTචිත්තයෝ සදෙනෙක් ලෞකිකයහ. මනෝවිඥානධාතු ලෞකික වියහෙයි, ලෝකෝත්තර වියහේ.
Pali BJTධම්මහදයවිභඞ්ගො නිට්ඨිතො.
Sinhala BJTධම්මහදයවිභඞ්ග නිමි.
Pali BJTවිභඞ්ගප්පකරණං සමත්තං.
Sinhala BJTවිභඞ්ගප්‍රකරණ සමාප්තයි.