Pali BJT1086. තතියං ඣානං{3} පරිත්තං භාවෙත්වා කත්ථ උප්පජ්ජන්ති: තතියං ඣානං පරිත්තං භාවෙත්වා පරිත්තසුභානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති.{4} තෙසං කිත්තකං ආයුප්පමාණං: සොළස කප්පා. තතියං ඣානං මජ්ඣිමං භාවෙත්වා කත්ථ උප්පජ්ජන්ති: තතියං ඣානං මජ්ඣිමං භාවෙත්වා අප්පමාණසුභානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති. තෙසං කිත්තකං ආයුප්පමාණං: ද්වත්තිංස කප්පා. තතියං ඣානං පණීතං භාවෙත්වා සුභකිණ්හානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති. තෙසං කිත්තකං ආයුප්පමාණං: චතුසට්ඨිකප්පො.
Sinhala BJT1086. තෘතීයධ්‍යානය පරිත්ත කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය පරිත්ත කොට වඩා පරිත්තසුභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: සොළොස් කල්පයෙකි. තෘතීයධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය මධ්‍යම කොට වඩා අප්පමාණසුභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: දෙතිස්කල්පයෙකි. තෘතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා සුභකින්හ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: සූසැට කල්පයෙකි.
Pali BJT1087. චතුත්ථං ඣානං{5} භාවෙත්වා ආරම්මණනානත්තතා මනසිකාර නානත්තතා ඡන්දනානත්තතා පණීධිනානත්තතා අධිමොක්ඛනානත්තතා අභිනීහාරනානත්තතා පඤ්ඤානානත්තතා අප්පෙකච්චෙ අසඤ්ඤසත්තානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ වෙහප්ඵලානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ අවිහානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ අතප්පානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ සුදස්සානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ සුදස්සීනං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ අකනිට්ඨානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති. අප්පෙකච්චෙ ආකාසානඤ්චායතනූපගානං දෙවානං සහව්යතං උප්පජ්ජන්ති, අප්පෙකච්චෙ විඤ්ඤාණඤ්චායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ ආකිඤ්චඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති අප්පෙකච්චෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති.
Sinhala BJT1087. චතුර්‍ත්‍ථධ්‍යානය වඩා ආලම්බනනානාත්‍වයෙන් මනසිකාරනානාත්‍වයෙන් ඡන්‍දනානාත්‍වයෙන් ප්‍රණිධිනානාත්‍වයෙන් අධිමෝක්‍ෂනානාත්‍වයෙන් අභිනීහාරනානාත්‍වයෙන් ප්‍රඥානානාත්‍වයෙන් ඇතැම් කෙනෙක් අසඤ්ඤසත්ත දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් වෙහප්ඵල දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අවිහ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අතප්ප දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් සුදස්ස දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් සුදස්සී දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අකණිට්ඨ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්.
Pali BJT1088. අසඤ්ඤසත්තානඤ්ච වෙහප්ඵලානඤ්ච දෙවානං කිත්තකං ආයුප්පමාණං: පඤ්ච කප්පසතානි.
Sinhala BJT1088. අසඤ්ඤසත්ත වෙහප්ඵල දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: පන්සියක් කල්පයෙකි.
Pali BJTඅවිහානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: කප්පසහස්සං.
Sinhala BJTඅවිහ දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප දහසෙකි.
Pali BJTඅතප්පානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: ද්වෙ කප්පසහස්සානි.
Sinhala BJTඅතප්ප දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප දෙදහසෙකි.
Pali BJTසුදස්සානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: චත්තාරි කප්පසහස්සානි.
Sinhala BJTසුදස්ස දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සාරදහසෙකි.
Pali BJTසුදස්සීනං දෙවානං කිත්තකං ආයුප්පමාණං: අට්ඨ කප්පසහස්සානි.
Sinhala BJTසුදස්සී දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප අටදහසෙකි.
Pali BJTඅකනිට්ඨකානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: සොළස කප්පසහස්සානි.
Sinhala BJTඅකණිට්ඨක දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සොළොස්දහසෙකි.
Pali BJTආකාසානඤ්චායතනූපගානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: වීසති කප්පසහස්සානි.
Sinhala BJTආකාසානඤ්චායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප විසිදහසෙකි.
Pali BJTවිඤ්ඤාණඤ්චායතනූපගානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: චත්තාරීස කප්පසහස්සානි.
Sinhala BJTවිඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සතලිස් දහසෙකි.
Pali BJTආකිඤ්චඤ්ඤායතනූපගානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: සට්ඨි කප්පසහස්සානි.
Sinhala BJTආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප හැටදහසෙකි.
Pali BJTනෙවසඤ්ඤානාඤ්ඤායතනූපගානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: චතුරාසීති කප්පසහස්සානි.
Sinhala BJTනේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සුවාසූදහසෙකි.
Pali BJT1089. උක්ඛිත්තා පුඤ්ඤතෙජෙන - කාමරූපගතිඞ්ගතා භවග්ගතම්පි සම්පත්තා - පුනාගච්ඡන්ති දුග්ගතිං.
Sinhala BJT1089. පින්තෙදින් උපරිභාවයට පමුණුවනලදුව මනුෂ්‍යාදි සප්තසුගතිභවයට හා එකොළොස් රූපභවයට පිළිසඳ විසින් ගියාහු ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන සඞ්ඛ්‍යාත භවාග්‍රයට පැමිණියාහු ද පෙරළා දුගතියට පැමිණෙත්.
Pali BJTතාව දීඝායුකා සත්තා - වචන්ති ආයුසඞ්ඛයා, නත්ථි කොචි භවො නිච්චො - ඉති වුත්තං මහෙසිනා.
Sinhala BJTකල්ප සුවාසූදහසක් පමණ දීර්‍ඝායුෂ්ක වූ සත්ත්‍වයෝ ආයු ගෙවීයෑමෙන් ච්‍යුත වෙති. නිත්‍ය වූ කිසි භවයෙක් නැතැ යි මහර්ෂී වූ සර්‍වඥයන් විසින් වදාරන ලදී.
Pali BJTතස්මා හි ධීරා නිපකා - නිපුණා අත්ථචින්තකා, ජරාමරණමොක්ඛාය - භාවෙන්ති මග්ගමුත්තමං.
Sinhala BJTඑහෙයින් ම ධීර වූ එළඹසිටි සිහි ඇති නිපුණ වූ ස්වාර්‍ත්‍ථාදි අර්‍ත්‍ථචින්තකයෝ ජරාමරණමෝක්‍ෂයට කාරණ වූ නිවන පිණිස උතුම් වූ ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්‍ගය වඩත්.
Pali BJTභාවයිත්වා සුචිං{1} මග්ගං - නිබ්බාණොගධගාමිනං, සබ්බාසවෙ{2} පරිඤ්ඤාය - පරිනිබ්බන්ති අනාසවා’ති.
Sinhala BJTනිවනට පමුණුවන පවිත්‍ර වූ ආර්‍ය්‍යමාර්‍ගය ස්වසන්තානයෙහි උපදවා කාමාදි සියලු ආස්‍රවයන් ත්‍රිවිධ පරිඥායෙන් දැන ආස්‍රව රහිත වූවාහු පරිනිර්‍වාණය කෙරෙත්.
Pali BJT7.
Sinhala BJT7.
Pali BJT1090. පඤ්චන්නං ඛන්ධානං කති අභිඤ්ඤෙය්යා, කති පරිඤ්ඤෙය්යා. කති පහාතබ්බා, කති භාවෙතබ්බා, කති සච්ඡිකාතබ්බා, කති න පහාතබ්බා, න භාවෙතබ්බා, න සච්ඡිකාතබ්බා -පෙ- සත්තන්නං චිත්තානං කති අභිඤ්ඤෙය්යා, කති පරිඤ්ඤෙය්යා, කති පහාතබ්බා, කති භාවෙතබ්බා, කති සච්ඡිකාතබ්බා, කති න පහාතබ්බා, න භාවෙතබ්බා, න සච්ඡිකාතබ්බා:
Sinhala BJT1090. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි ස්වභාවලක්‍ෂණාවබෝධ වශයෙන් දතයුතු ස්කන්‍ධයෝ කෙතෙක, සාමාන්‍යලක්‍ෂණාවබෝධ වශයෙන් දතයුතු ස්කන්‍ධයෝ කෙතෙක, ප්‍රහාතව්‍යයෝ කෙතෙක, භාවිතව්‍යයෝ කෙතෙක, සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ කෙතෙක, ප්‍රහාතව්‍ය නො වූවාහු, භාවිතව්‍ය නො වූවාහු, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වූවාහු කෙතෙක ... සප්ත චිත්තයන් අතුරෙහි අභිඥේයයෝ කෙතෙක, පරිඥේයයෝ කෙතෙක, ප්‍රහාතව්‍යයෝ කෙතෙක, භාවිතව්‍යයෝ කෙතෙක, සාක්‍ෂාත්කර්‍තව්‍යයෝ කෙතෙක, ප්‍රහාතව්‍ය නො වූවාහු, භාවිතව්‍ය නො වූවාහු, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වූවාහු කෙතෙක යත්:
Pali BJT1091. රූපක්ඛන්ධො අභිඤ්ඤෙය්යො පරිඤ්ඤෙය්යො න පහාතබ්බො න භාවෙතබ්බො න සච්ඡිකාතබ්බො. චත්තාරො ඛන්ධා අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා, සියා පහාතබ්බා, සියා භාවෙතබ්බා, සියා සච්ඡිකාතබ්බා, සියා න පහාතබ්බා. න භාවෙතබ්බා, න සච්ඡිකාතබ්බා.
Sinhala BJT1091. රූපස්කන්‍ධය අභිඥෙය (ස්වභාව ලක්‍ෂණාවබොධයෙන් දතයුතු) යැ. පරිඥේය (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දතයුතු) යැ. ප්‍රහාතව්‍ය නො වෙයි. භාවිතව්‍ය නො වෙයි. සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙයි. සතර ස්කන්‍ධයෝ අභිඥෙය්‍යහ, පරිඥෙය්‍යහ. ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය නො වියහෙති, භාවිතව්‍ය නො වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.
Pali BJT1092. දසායතනා අභිඤ්ඤෙය්යා, පරිඤ්ඤෙය්යා, න පහාතබ්බා, න භාවෙතබ්බා, න සච්ඡිකාතබ්බා. ද්වෙ ආයතනා අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා, සියා පහාතබ්බා, සියා භාවෙතබ්බා, සියා සච්ඡිකාතබ්බා, සියා න පහාතබ්බා. න භාවෙතබ්බා, න සච්ඡිකාතබ්බා.
Sinhala BJT1092. දශායතනයෝ අභිඥේයහ, පරිඥෙයහ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. (මනායතන ධර්‍මායතන සඞ්ඛ්‍යාත) ආයතනයෝ දෙදෙන අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.
Pali BJT1093. සොළසධාතුයො අභිඤ්ඤෙය්යා, පරිඤ්ඤෙය්යා, න පහාතබ්බා. න භාවෙතබ්බා, න සච්ඡිකාතබ්බා. ද්වෙ ධාතුයො අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා, සියා පහාතබ්බා, සියා භාවෙතබ්බා, සියා සච්ඡිකාතබ්බා, සියා න පහාතබ්බා, න භාවෙතබ්බා, න සච්ඡිකාතබ්බා.
Sinhala BJT1093. සොළොස් ධාතූහු අභිඥේයහ, පරිඥෙයහ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. (ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු සඞ්ඛ්‍යාත) ධාතූහු දෙදෙන අභිඥේයහ, පරිඥෙයහ, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.
Pali BJT1094. සමුදයසච්චං අභිඤ්ඤෙය්යං පරිඤ්ඤෙය්යං පහාතබ්බං න භාවෙතබ්බං න සච්ඡිකාතබ්බං. මග්ගසච්චං අභිඤ්ඤෙය්යං පරිඤ්ඤෙය්යං න පහාතබ්බං භාවෙතබ්බං න සච්ඡිකාතබ්බං. නිරොධසච්චං අභිඤ්ඤෙය්යං පරිඤ්ඤෙය්යං න පහාතබ්බං න භාවෙතබ්බං සච්ඡිකාතබ්බං. දුක්ඛසච්චං අභිඤ්ඤෙය්යං පරිඤ්ඤෙය්යං, සියා පහාතබ්බං න භාවෙතබ්බං, න සච්ඡිකාතබ්බං, සියා න පහාතබ්බං.
Sinhala BJT1094. සමුදයසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය යැ, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. මාර්‍ගසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය යැ, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. නිරෝධසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය යි. දුඃඛසත්‍යය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය වියහෙයි. භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙයි, ප්‍රහාතව්‍ය නො වියහේ.
Pali BJT1095. නවින්ද්රියා අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා න පහාතබ්බා න භාවෙතබ්බා න සච්ඡිකාතබ්බා. දොමනස්සින්ද්රියං අභිඤ්ඤෙය්යං පරිඤ්ඤෙය්යං පහාතබ්බං න භාවෙතබ්බං න සච්ඡිකාතබ්බං. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අභිඤ්ඤෙය්යං පරිඤ්ඤෙය්යං න පහාතබ්බං. භාවෙතබ්බං න සච්ඡිකාතබ්බං. අඤ්ඤින්ද්රියං අභිඤ්ඤෙය්යං පරිඤ්ඤෙය්යං න පහාතබ්බං. සියා භාවෙතබ්බං, සියා සච්ඡිකාතබ්බං. අඤ්ඤාතාවින්ද්රියං අභිඤ්ඤෙය්යං පරිඤ්ඤෙය්යං න පහාතබ්බං න භාවෙතබ්බං සච්ඡිකාතබ්බං. තීණින්ද්රියා අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා න පහාතබ්බා, සියා භාවෙතබ්බා, සියා සච්ඡිකාතබ්බා, සියා න භාවෙතබ්බා න සච්ඡිකාතබ්බා. ඡ ඉන්ද්රියා අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා, සියා පහාතබ්බා, සියා භාවෙතබ්බා සියා සච්ඡිකාතබ්බා, සියා න පහාතබ්බා, න භාවෙතබ්බා, න සච්ඡිකාතබ්බා.
Sinhala BJT1095. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නොවෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. දෝමනස්සින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය යැ, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය යැ, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. අඤ්ඤින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය වියහෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහේ. අඤ්ඤාතාවින්‍ද්‍රිය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය යි. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.
Pali BJT1096 තයො අකුසලහෙතු අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා පහාතබ්බා, න භාවෙතබ්බා, න සච්ඡිකාතබ්බා. තයො කුසලහෙතු අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා, න පහාතබ්බා, සියා භාවෙතබ්බා න සච්ඡිකාතබ්බා, සියා න භාවෙතබ්බා. තයො අව්යාකතහෙතු අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා, න පහාතබ්බා න භාවෙතබ්බා, සියා සච්ඡිකාතබ්බා, සියා න සච්ඡිකාතබ්බා.
Sinhala BJT1096. තුන් අකුශල හේතූහු අභිඥෙය වෙති, පරිඥේය වෙති, ප්‍රහාතව්‍ය වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නොවෙත්. තුන් කුශලහේතූහු අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වියහෙත්. තුන් අව්‍යාකෘතහේතූහු අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහෙත්.
Pali BJT1097. කබළිඞ්කාරො ආහාරො අභිඤ්ඤෙය්යො, පරිඤ්ඤෙය්යො, න පහාතබ්බො, න භාවෙතබ්බො, න සච්ඡිකාතබ්බො. තයො ආහාරා අභිඤ්ඤෙය්යා, පරිඤ්ඤෙය්යා, සියා පහාතබ්බා, සියා භාවෙතබ්බා. සියා සච්ඡිකාතබ්බා, සියා න පහාතබ්බා, න භාවෙතබ්බා. න සච්ඡිකාතබ්බා.
Sinhala BJT1097. කවලීකාරආහාරය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය නො වෙයි, භාවිතව්‍ය නො වෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වේ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය වියහෙති, භාවිතව්‍ය වියහෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙති, ප්‍රහාතව්‍ය නො වියහෙති, භාවිතව්‍ය නො වෙති. සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්.
Pali BJT1098. ඡ ඵස්සා අභිඤ්ඤෙය්යා, පරිඤ්ඤෙය්යා, න පහාතබ්බා, න භාවෙතබ්බා, න සච්ඡිකාතබ්බා. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො අභිඤ්ඤෙය්යො, පරිඤ්ඤෙය්යො, සියා පහාතබ්බො, සියා භාවෙතබ්බො, සියා සච්ඡිකාතබ්බො, සියා න පහාතබ්බො, න භාවෙතබ්බො, න සච්ඡිකාතබ්බො.
Sinhala BJT1098. ස්පර්‍ශයෝ සදෙන අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්. මනෝවිඥානධාතුසංස්පර්‍ශය අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය වියහෙයි, භාවිතව්‍ය වියහෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙයි, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහේ.
Pali BJT1099. ඡ වෙදනා, ඡ සඤ්ඤා, ඡ චෙතනා, ඡ චිත්තා අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා න පහාතබ්බා න භාවෙතබ්බා න සච්ඡිකාතබ්බා.
Sinhala BJT1099. වේදනාවෝ සදෙන ... සංඥාවෝ සදෙන ... චේතනාවෝ සදෙන ... චිත්තයෝ සදෙන අභිඥේයයෝ යැ, පරිඥේයයෝ යැ, ප්‍රහාතව්‍ය නො වෙති, භාවිතව්‍ය නො වෙති, සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වෙත්.
Pali BJT1100. මනොවිඤ්ඤාණධාතු අභිඤ්ඤෙය්යා පරිඤ්ඤෙය්යා සියා පහාතබ්බා, සියා භාවෙතබ්බා, සියා සච්ඡිකාතබ්බා, සියා න පහාතබ්බා, න භාවෙතබ්බා න සච්ඡිකාතබ්බා.
Sinhala BJT1100. මනෝවිඥානධාතු අභිඥෙය යැ, පරිඥේය යැ, ප්‍රහාතව්‍ය වියහෙයි, භාවිතව්‍ය වියහෙයි, සාක්‍ෂාත්කර්‍තව්‍ය වියහෙයි, ප්‍රහාතව්‍ය භාවිතව්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය නො වියහේ.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJT1101. පඤ්චන්නං ඛන්ධානං කති සාරම්මණා, කති අනාරම්මණා -පෙ- සත්තන්නං චිත්තානං කති සාරම්මණා, කති අනාරම්මණා:
Sinhala BJT1101. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සාලම්බනයෝ කෙතෙක, අනාලම්බනයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි සාලම්බනයෝ කෙතෙක, අනාලම්බනයෝ කෙතෙක යත්:
Pali BJT1102. රූපක්ඛන්ධො අනාරම්මණො. චත්තාරො ඛන්ධා සාරම්මණා.
Sinhala BJT1102. රූපස්කන්‍ධය අනාලම්බන යැ, (වේදනාදී) සතර ස්කන්‍ධයෝ සාලම්බනයෝ යි.
Pali BJTදසායතනා අනාරම්මණා, මනායතනං සාරම්මණං. ධම්මායතනං සියා සාරම්මණං, සියා අනාරම්මණං.
Sinhala BJTආයතනයෝ දස දෙනෙක් අනාලම්බනයෝ යැ. මනායතනය සාලම්බන යැ. ධර්‍මායතනය සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
Pali BJTදසධාතුයො අනාරම්මණා. සත්තධාතුයො සාරම්මණා, ධම්මධාතු සියා සාරම්මණා, සියා අනාරම්මණා.
Sinhala BJTධාතූහු දස දෙනෙක් අනාලම්බනයෝ යැ. ධාතූහු සත් දෙනෙක් සාලම්බනයෝ යැ. ධර්‍මධාතු සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
Pali BJTද්වෙ සච්චා සාරම්මණා. නිරොධසච්චං අනාරම්මණං. දුක්ඛසච්චං සියා සාරම්මණං, සියා අනාරම්මණං.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් සාලම්බනයෝ යැ. නිරෝධසත්‍යය අනාම්බන යැ. දුඃඛසත්‍යය සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
Pali BJTසත්තින්ද්රියා අනාරම්මණා, චුද්දසින්ද්රියා සාරම්මණා. ජීවිතින්ද්රියං සියා සාරම්මණං, සියා අනාරම්මණං.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බනයෝ යැ. ඉන්‍ද්‍රියයෝ තුදුස් දෙනෙක් සාලම්බනයෝ යැ. ජීවිතින්‍ද්‍රිය ය සාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
Pali BJTනව හෙතූ සාරම්මණා, කබළිඞ්කාරො ආහාරො අනාරම්මණො, තයො ආහාරා සාරම්මණා.
Sinhala BJTහේතූහු නව දෙන සාලම්බනයෝ යි. කවලීකාරආහාරය අනාලම්බන යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ සාලම්බනයෝ යි.
Pali BJTසත්තඵස්සා, සත්ත වෙදනා, සත්ත සඤ්ඤා, සත්ත චෙතනා, සත්ත චිත්තා සාරම්මණා.
Sinhala BJTසප්ත ස්පර්‍ශයෝ ... සප්තවේදනාවෝ ... සප්තසංඥාවෝ ... සප්තචේතනාවෝ ... සප්තචිත්තයෝ සාලම්බනයෝ යි.
Pali BJT1103. පඤ්චන්නං ඛන්ධානං කති සාරම්මණාරම්මණා, කති අනාරම්මණාරම්මණා -පෙ- සත්තන්නං චිත්තානං කති සාරම්මණාරම්මණා, කති අනාරම්මණාරම්මණා:
Sinhala BJT1103. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සාලම්බනාලම්බනයෝ කෙතෙක, අනාලම්බන, ලම්බනයෝ කෙතෙක ... සප්ත චිත්තයන් අතුරෙහි සාලම්බනාලම්බනයෝ කෙතෙක, අනාලම්බනාලම්බනයෝ කෙතෙක යත්:
Pali BJT1104. රූපක්ඛන්ධො අනාරම්මණො. චත්තාරො ඛන්ධා සියා සාරම්මණා රම්මණා, සියා අනාරම්මණාරම්මණා.
Sinhala BJT1104. රූපස්කන්‍ධය අනාලම්බන යැ. (වේදනාදී) සතර ස්කන්‍ධයෝ සාලම්බනාලම්බන වියහෙති, අනාලම්බනාලම්බන වියහෙත්.
Pali BJTදසායතනා අනාරම්මණා. මනායතනං සියා සාරම්මණාරම්මණං, සියා අනාරම්මණාරම්මණං. ධම්මායතනං සියා සාරම්මණාරම්මණං, සියා අනාරම්මණාරම්මණං, සියා අනාරම්මණං.
Sinhala BJTආයතනයෝ දස දෙනෙක් අනාලම්බනයෝ යැ. මනායතනය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි. ධර්‍මායතනය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
Pali BJTදස ධාතුයො අනාරම්මණා. ඡ ධාතුයො අනාරම්මණාරම්මණා. මනොවිඤ්ඤාණධාතු සියා සාරම්මණාරම්මණා, සියා අනාරම්මණාරම්මණා, ධම්මධාතු සියා සාරම්මණාරම්මණා, සියා අනාරම්මණාරම්මණා, සියා අනාරම්මණා
Sinhala BJTධාතූහු දස දෙනෙක් අනාලම්බනයෝ යැ. ධාතූහු සදෙනෙක් අනාලම්බනාලම්බනයෝ යැ. මනෝවිඥානධාතු සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි. ධර්‍මධාතු සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
Pali BJTනිරොධසච්චං අනාරම්මණං. මග්ගසච්චං අනාරම්මණාරම්මණං. සමුදයසච්චං සියා සාරම්මණාරම්මණං, සියා අනාරම්මණාරම්මණං, දුක්ඛසච්චං සියා සාරම්මණාරම්මණං, සියා අනාරම්මණාරම්මණං, සියා අනාරම්මණං.
Sinhala BJTනිරෝධසත්‍යය අනාලම්බන යැ. මාර්‍ගසත්‍යය අනාලම්බනාලම්බන යැ. සමුදයසත්‍යය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි. දුඃඛසත්‍යය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
Pali BJTසත්තින්ද්රියා අනාරම්මණා. පඤ්චින්ද්රියා අනාරම්මණාරම්මණා. නවින්ද්රියා සියා සාරම්මණාරම්මණා, සියා අනාරම්මණාරම්මණා. ජීවිතින්ද්රියං සියා සාරම්මණාරම්මණං, සියා අනාරම්මණාරම්මණං, සියා අනාරම්මණං.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත් දෙනෙක් අනාලම්බනයෝ යැ. ඉන්‍ද්‍රියයෝ පස් දෙනෙක් අනාලම්බනාලම්බනයෝ යැ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් සාලම්බනාලම්බන වියහෙති, අනාලම්බනාලම්බන වියහෙති. ජීවිතේන්‍ද්‍රිය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බන වියහේ.
Pali BJTනව හෙතූ සියා සාරම්මණාරම්මණා, සියා අනාරම්මණාරම්මණා.
Sinhala BJTනව හේතූහු සාලම්බනාලම්බන වියහෙති. අනාලම්බනාලම්බන වියහෙත්.
Pali BJTකබළිඞ්කාරො ආහාරො අනාරම්මණො. තයො ආහාරා සියා සාරම්මණාරම්මණා, සියා අනාරම්මණාරම්මණා.
Sinhala BJTකවලීකාහාරය අනාලම්බන යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ සාලම්බනාලම්බන වියහෙති. අනාලම්බනාලම්බන වියහෙත්.
Pali BJTඡ ඵස්සා අනාරම්මණාරම්මණා. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො සියා සාරම්මණාරම්මණො, සියා අනාරම්මණාරම්මණො.
Sinhala BJTස්පර්‍ශයෝ සදෙන අනාලම්බනාලම්බනයෝ යැ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහේ.
Pali BJTඡ වෙදනා, ඡ සඤ්ඤා, ඡ චෙතනා, ඡ චිත්තා අනාරම්මණාරම්මණා. මනොවිඤ්ඤාණධාතු සියා සාරම්මණාරම්මණා, සියා අනාරම්මණාරම්මණා.
Sinhala BJTවේදනාවෝ සදෙන ... සංඥාවෝ සදෙන ... චේතනාවෝ සදෙන ... චිත්තයෝ සදෙන අනාලම්බනාලම්බනයෝ යැ. මනෝවිඥානධාතු සාලම්බනාලම්බන වියහෙයි, අනාලම්බනාලම්බන වියහේ.
Pali BJT9.
Sinhala BJT9.
Pali BJT1105. පඤ්චන්නං ඛන්ධානං කති දිට්ඨා, කති සුතා, කති මුතා, කති විඤ්ඤාතා, කති න දිට්ඨා, න සුතා, න මුතා, න විඤ්ඤාතා, -පෙ- සත්තන්නං චිත්තානං කති දිට්ඨා, කති සුතා, කති මුතා, කති විඤ්ඤාතා, කති න දිට්ඨා, න සුතා, න මුතා, න විඤ්ඤාතා:
Sinhala BJT1105. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි දෘෂ්ටයෝ (ඇසින් බලා දතහැක්කාහු) කෙතෙක, ශ්‍රැතයෝ (කනින් අසා දතහැක්කාහු) කෙතෙක, මුතයෝ (ස්පර්‍ශ කොට දත හැක්කාහු) කෙතෙක, විඥාතයෝ (මනෝවිඥානයෙන් දතයුත්තාහු) කෙතෙක, දෘෂ්ට නො වූවාහු කෙතෙක, ශ්‍රැත නො වූවාහු කෙතෙක, මුත නො වූවාහු කෙතෙක, විඥාත නො වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි දෘෂ්ටයෝ කෙතෙක, ශ්‍රැතයෝ කෙතෙක, මුතයෝ කෙතෙක, විඥාතයෝ කෙතෙක, දෘෂ්ට නො වූවාහු කෙතෙක, ශ්‍රැත නො වූවාහු කෙතෙක, මුත නො වූවාහු කෙතෙක, විඥාත නො වූවාහු කෙතෙක යත්:
Pali BJT1106. රූපක්ඛන්ධො සියා දිට්ඨො, සියා සුතො, සියා මුතො, සියා විඤ්ඤාතො, සියා න දිට්ඨො, න සුතො, න මුතො, න විඤ්ඤාතො. චත්තාරො ඛන්ධා න දිට්ඨා, න සුතා, න මුතා, විඤ්ඤාතා.
Sinhala BJT1106. රූපස්කන්‍ධය දෘෂ්ට වියහෙයි, ශ්‍රැත වියහෙයි, මුත වියහෙයි, විඥාත වියහෙයි, දෘෂ්ට නො වියහෙයි, ශ්‍රැත නො වියහෙයි, මුත නො වියහෙයි, විඥාත නො වියහෙයි, (වේදනාදී) සතර ස්කන්‍ධයෝ දෘෂ්ට නො වෙති, ශ්‍රැත නො වෙති, මුත නො වෙති, විඥාතයෝ යි.
Pali BJTරූපායතනං දිට්ඨං, න සුතං, න මුතං, විඤ්ඤාතං. සද්දායතනං න දිට්ඨං, සුතං, න මුතං, විඤ්ඤාතං. ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං න දිට්ඨං, න සුතං, මුතං, විඤ්ඤාතං. සත්තායතනා න දිට්ඨා, න සුතා, න මුතා, විඤ්ඤාතා.
Sinhala BJTරූපායතනය දෘෂ්ට යැ, ශ්‍රැත නො වෙයි, මුත නො වෙයි, විඥාත යි. ශබ්දායතනය දෘෂ්ට නො වෙයි, ශ්‍රැත යැ, මුත නො වෙයි, විඥාත යි. ගන්‍ධායතනය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතනය දෘෂ්ට නො වෙයි, ශ්‍රැත නො වෙයි, මුත යැ, විඥාත යි. (අවශේෂ) සප්තායතනයෝ දෘෂ්ට නො වෙති, ශ්‍රැත නො වෙති, මුත නො වෙති, විඥාතයෝ යි.
Pali BJTරූපධාතු දිට්ඨා, න සුතා, න මුතා, විඤ්ඤාතා. සද්දධාතු න දිට්ඨා, සුතා, න මුතා, විඤ්ඤාතා. ගන්ධධාතු රසධාතු ඵොට්ඨබ්බධාතු න දිට්ඨා, න සුතා, මුතා, විඤ්ඤාතා. තෙරස ධාතුයො න දිට්ඨා, න සුතා, න මුතා, විඤ්ඤාතා.
Sinhala BJTරූපධාතු දෘෂ්ට යැ, ශ්‍රැත නො ව මුත නො ව විඥාත යි. ශබ්දධාතු දෘෂ්ට නො වෙයි, ශ්‍රැත යැ, මුත නොව විඥාත යි. ගන්‍ධධාතු රසධාතු ස්ප්‍රෂ්ටව්‍යධාතු දෘෂ්ට නොව, ශ්‍රැත නොව මුත යැ, විඥාත යි. (අවශේෂ) තෙළෙස් ධාතූහු දෘෂ්ට නොව, ශ්‍රැත නොව, මුත නොව, විඥාතයෝ යි.
Pali BJTතීණි සච්චානි න දිට්ඨා, න සුතා, න මුතා, විඤ්ඤාතා. දුක්ඛසච්චං සියා දිට්ඨං, සියා සුතං, සියා මුතං, සියා විඤ්ඤාතං, සියා න දිට්ඨං, න සුතං, න මුතං, විඤ්ඤාතං.
Sinhala BJT(සමුදයාදී) තුන් සත්‍යයෝ දෘෂ්ට නොව, ශ්‍රැත නොව, මුත නොව, විඥාතයෝ යි. දුඃඛසත්‍යය දෘෂ්ට වියහෙයි, ශ්‍රැත වියහෙයි, මුත වියහෙයි, විඥාත වියහෙයි, දෘෂ්ට ශ්‍රැත මුත විඥාත නො වියහේ.
Pali BJTබාවීසතින්ද්රියා න දිට්ඨා, න සුතා, න මුතා, විඤ්ඤාතා.
Sinhala BJTදෙවිසි ඉන්‍ද්‍රියයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.
Pali BJTනව හෙතූ න දිට්ඨා, න සුතා, න මුතා, විඤ්ඤාතා.
Sinhala BJTනව හේතූහු දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.
Pali BJTචත්තාරො ආහාරා න දිට්ඨා, න සුතා, න මුතා, විඤ්ඤාතා.
Sinhala BJTසතර ආහාරයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.
Pali BJTසත්ත ඵස්සා න දිට්ඨා, න සුතා, න මුතා, විඤ්ඤාතා.
Sinhala BJTසප්තස්පර්‍ශයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.
Pali BJTසත්ත වෙදනා, සත්ත සඤ්ඤා, සත්ත චෙතනා, සත්ත චිත්තා, න දිට්ඨා, න සුතා, න මුතා, විඤ්ඤාතා.
Sinhala BJTසප්තවේදනාවෝ - සප්තසංඥාවෝ - සප්තචේතනාවෝ - සප්ත චිත්තයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.
Pali BJT10.
Sinhala BJT10.
Pali BJT1107. පඤ්චන්නං ඛන්ධානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා, -පෙ- සත්තන්නං චිත්තානං කති කුසලා, කති අකුසලා, කති අව්යාකතා:
Sinhala BJT1107. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි කුශලයෝ කෙතෙක, අකුශලයෝ කෙතෙක, අව්‍යාකෘතයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි කුශලයෝ කෙතෙක, අකුශලයෝ කෙතෙක, අව්‍යාකෘතයෝ කෙතෙක යත්:
Pali BJT1108. රූපක්ඛන්ධො අව්යාකතො. චත්තාරො ඛන්ධා සියා කුසලා, සියා අකුසලා, සියා අව්යාකතා.
Sinhala BJT1108. රූපස්කන්‍ධය අව්‍යාකෘත යැ, (වේදනාදී) සතර ස්කන්‍ධයෝ කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.
Pali BJTදසායතනා අව්යාකතා. ද්වායතනා සියා කුසලා, සියා අකුසලා, සියා අව්යාකතා.
Sinhala BJTආයතනයෝ දස දෙනෙක් අව්‍යාකෘතය හ. ආයතනයෝ දෙදෙනෙක් කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.
Pali BJTසොළස ධාතුයො අව්යාකතා. ද්වෙ ධාතුයො. සියා කුසලා, සියා අකුසලා, සියා අව්යාකතා.
Sinhala BJTසොළොස් ධාතු කෙනෙක් අව්‍යාකෘතය හ. ධාතූහු දෙදෙනෙක් කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.
Pali BJTසමුදයසච්චං අකුසලං. මග්ගසච්චං කුසලං. නිරොධසච්චං අව්යාකතං. දුක්ඛ සච්චං සියා කුසලං. සියා අකුසලං, සියා අව්යාකතං.
Sinhala BJTසමුදයසත්‍යය අකුශල යැ, මාර්‍ගසත්‍යය කුශල යැ. නිරෝධසත්‍යය අව්‍යාකෘත යැ. දුඃඛසත්‍යය කුශල වියහෙයි, අකුශල වියහෙයි, අව්‍යාකෘත වියහේ.
Pali BJTදසින්ද්රියා අව්යාකතා. දොමනස්සින්ද්රියං අකුසලං අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං කුසලං. චත්තාරින්ද්රියා සියා කුසලා, සියා අව්යාකතා. ඡ ඉන්ද්රියා සියා කුසලා, සියා අකුසලා, සියා අව්යාකතා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දස දෙනෙක් අව්‍යාකෘතයහ. දෝමනස්සින්‍ද්‍රිය අකුශල යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමිතිඉන්‍ද්‍රිය කුශල යැ. ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙක් කුශල වියහෙති, අව්‍යාකෘත වියහෙති, ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.
Pali BJTතයො කුසලහෙතූ කුසලා. තයො අකුසලහෙතූ අකුසලා. තයො අව්යාකතහෙතූ අව්යාකතා.
Sinhala BJTතුන් කුශලහේතූහු කුශලයහ. තුන් අකුශලහේතූහු අකුශලයහ. තුන් අව්‍යාකෘත හේතූහු අව්‍යාකෘතයහ.
Pali BJTකබළිඞ්කාරො ආහාරො අව්යාකතො. තයො ආහාරා සියා කුසලා, සියා අකුසලා, සියා අව්යාකතා.
Sinhala BJTකවලීකාරාහාරය අව්‍යාකෘත යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ කුශල වියහෙති, අකුශල වියහෙති, අව්‍යාකෘත වියහෙත්.
Pali BJTඡ ඵස්සා අව්යාකතා. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො සියා කුසලො, සියා අකුසලො, සියා අව්යාකතො.
Sinhala BJTස්පර්‍ශයෝ සදෙනෙක් අව්‍යාකෘත යැ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය කුශල වියහෙයි, අකුශල වියහෙයි, අව්‍යාකෘත වියහේ.
Pali BJTඡ වෙදනා, ඡ සඤ්ඤා, ඡ චෙතනා, ඡ චිත්තා අව්යාකතා. මනො විඤ්ඤාණධාතු සියා කුසලා, සියා අකුසලා, සියා අව්යාකතා.
Sinhala BJTවේදනාවෝ සදෙන - සංඥාවෝ සදෙන - චේතනාවෝ සදෙන - චිත්තයෝ සදෙන අව්‍යාකෘතයහ. මනෝවිඥානධාතු කුශල වියහෙයි, අකුශල වියහෙයි, අව්‍යාකෘත වියහේ.
Pali BJT1109. පඤ්චන්නං ඛන්ධානං කති සුඛාය වෙදනාය සම්පයුත්තා: කති දුක්ඛාය වෙදනාය සම්පයුත්තා: කති අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා: -පෙ- සත්තන්නං චිත්තානං කති සුඛාය වෙදනාය සම්පයුත්තා: කති දුක්ඛාය වෙදනාය සම්පයුත්තා: කති අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා:
Sinhala BJT1109. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූවාහු කෙතෙක යත්:
Pali BJT1110. ද්වෙ ඛන්ධා න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාතිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තාතිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාතිපි. තයො ඛන්ධා සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJT1110. ස්කන්‍ධයෝ දෙදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කිවයුතුවහ. ස්කන්‍ධයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙත්.
Pali BJTදසායතනා න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාතිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තාතිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාතිපි. මනායතනං සියා සුඛාය වෙදනාය සම්පයුත්තං, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තං, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං. ධම්මායතනං සියා සුඛාය වෙදනාය සම්පයුත්තං, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තං, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං, සියා න වත්තබ්බං සුඛාය වෙදනාය සම්පයුත්තන්තිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තන්තිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තන්තිපි.
Sinhala BJTආයතනයෝ දස දෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුතුවහ. මනායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. ධර්‍මායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියයුතු වියහේ.
Pali BJTදසධාතුයො න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාතිපි. දුක්ඛාය වෙදනාය සම්පයුත්තාතිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාතිපි. පඤ්ච ධාතුයො අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. කායවිඤ්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා. මනොවිඤ්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. ධම්මධාතු සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා, සියා න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාතිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තාතිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාතිපි.
Sinhala BJTධාතූහු දස දෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුතුවහ. ධාතූහු පස්දෙනෙක් අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ, කායවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. මනෝවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. ධර්‍මධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියුතු වියහේ.
Pali BJTද්වෙ සච්චා සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. නිරොධසච්චං. න වත්තබ්බං සුඛාය වෙදනාය සම්පයුත්තන්තිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තන්තිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තන්තිපි. දුක්ඛසච්චං සියා සුඛාය වෙදනාය සම්පයුත්තං. සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තං, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං. සියා න වත්තබ්බං සුඛාය වෙදනාය සම්පයුත්තන්තිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තන්තිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තන්තිපි.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ. නිරෝධසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියයුතු යැ. දුක්ඛසත්‍යය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියුතු වියහේ.
Pali BJTද්වාදසින්ද්රියා න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාතිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තාතිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාතිපි. ඡ ඉන්ද්රියා සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. තීණින්ද්රියා සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. ජීවිතින්ද්රියං සියා සුඛාය වෙදනාය සම්පයුත්තං, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තං, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං සියා න වත්තබ්බං සුඛාය වෙදනාය සම්පයුත්තන්තිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තන්තිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තන්තිපි.
Sinhala BJTදොළොස් ඉන්‍ද්‍රිය කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද නො කියයුතුවහ. ඉන්‍ද්‍රියයෝ සදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති. ජීවිතින්‍ද්‍රිය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියුතු වියහේ.
Pali BJTදොසො අකුසලහෙතු දුක්ඛාය වෙදනාය සම්පයුත්තො. සත්තහෙතූ සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. මොහො අකුසලහෙතු සියා සුඛාය වෙදනාය සම්පයුත්තො, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො.
Sinhala BJTද්වේෂ අකුසලහේතු දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ. හේතූහු සත්දෙනෙක් සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, මෝහ අකුශලහේතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ.
Pali BJTකබළිඞ්කාරො ආහාරො න වත්තබ්බො සුඛාය වෙදනාය සම්පයුත්තොතිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තොතිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තොතිපි. තයො ආහාරා සියා සුඛාය වෙදනාය සම්පයුත්තා. සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTකවලීකාරාහාරය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යැ යි ද නො කියයුතු යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙති, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙත්.
Pali BJTපඤ්ච ඵස්සා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. කායවිඤ්ඤාණධාතුසම්ඵස්සො සියා සුඛාය වෙදනාය සම්පයුත්තො, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තො. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො සියා සුඛාය වෙදනාය සම්පයුත්තො, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තො, සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො.
Sinhala BJTස්පර්‍ශයෝ පස් දෙනෙක් අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ. කායවිඥානධාතු සංස්පර්‍ශය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි. මනෝවිඥානධාතුසංස්පර්‍ශය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ.
Pali BJTසත්ත වෙදනා න වත්තබ්බා සුඛාය වෙදනාය සම්පයුත්තාතිපි දුක්ඛාය වෙදනාය සම්පයුත්තාතිපි අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තාතිපි.
Sinhala BJTසප්ත වේදනාවෝ සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ යි ද නො කියයුතුවහ.
Pali BJTපඤ්ච සඤ්ඤා -පෙ- පඤ්ච චෙතනා පඤ්ච චිත්තා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා. කායවිඤ්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා. මනොවිඤ්ඤාණධාතු සියා සුඛාය වෙදනාය සම්පයුත්තා, සියා දුක්ඛාය වෙදනාය සම්පයුත්තා. සියා අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා.
Sinhala BJTසංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ. කායවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි. මනෝවිඥානධාතු සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහෙයි, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වියහේ.
Pali BJT1111. පඤ්චන්නං ඛන්ධානං කතී විපාකා: කති විපාකධම්මධම්මා: කති නෙවවිපාකනවිපාකධම්මධම්මා: -පෙ- සත්තන්නං චිත්තානං කති විපාකා: කතී විපාකධම්මධම්මා: කතී නෙවවිපාකනවිපාකධම්මධම්මා:
Sinhala BJT1111. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි විපාක වූවාහු කෙතෙක, විපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි විපාක වූවාහු කෙතෙක, විපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම වූවාහු කෙතෙක යත්:
Pali BJT1112. රූපක්ඛන්ධො නෙවවිපාකනවිපාකධම්මධම්මො. චත්තාරො ඛන්ධා සියා විපාකා, සියා විපාකධම්මා, සියා නෙවවිපාකනවිපාක ධම්මධම්මා.
Sinhala BJT1112. රූපස්කන්‍ධය නෛවිපාක නවිපාකස්වභාවධර්‍ම යැ. (වේදනාදී) සතර ස්කන්‍ධයෝ විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
Pali BJTදසායතනා නෙවවිපාකනවිපාකධම්මධම්මා. ද්වායතනා සියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙවවිපාකනවිපාකධම්මධම්මා.
Sinhala BJTආයතනයෝ දසදෙනෙක් නෛවවිපාක නවිපාකස්වභාවධර්‍මයහ. ආයතනයෝ දෙදෙනෙක් විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
Pali BJTදසධාතුයො නෙවවිපාකනවිපාකධම්මධම්මා. පඤ්චධාතුයො විපාකා. මනොධාතු සියා විපාකා, සියා නෙවවිපාකනවිපාකධම්මධම්මා. ද්වෙ ධාතුයො සියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙවවිපාක න විපාකධම්මධම්මා.
Sinhala BJTධාතූහු දස දෙනෙක් නෛවවිපාක නවිපාකස්වභාවධර්‍මයහ. ධාතූහු පස් දෙනෙක් විපාකයහ. මනෝධාතු විපාක වියහෙයි. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙයි. ධාතූහු දෙදෙනෙක් විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
Pali BJTද්වෙ සච්චා විපාකධම්මධම්මා. නිරොධසච්චං නෙවවිපාකනවිපාකධම්මධම්මං. දුක්ඛසච්චං සියා විපාකං, සියා විපාකධම්මධම්මං, සියා නෙවවිපාකනවිපාකධම්මධම්මං.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. නිරෝධසත්‍යය නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම යැ. දුඃඛසත්‍යය විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහේ.
Pali BJTසත්තින්ද්රියා නෙවවිපාකනවිපාකධම්මධම්මා. තීණින්ද්රියා විපාකා. දුවින්ද්රියා විපාකධම්මධම්මා. අඤ්ඤින්ද්රියං සියා විපාකං, සියා විපාක ධම්මධම්මං. නවින්ද්රියා සියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙව විපාකනවිපාකධම්මධම්මා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් නෛවවිපාක නවිපාකස්වභාවධර්‍මයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් විපාකයහ. ඉන්‍ද්‍රියයෝ දෙදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. අඤ්ඤින්‍ද්‍රිය විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
Pali BJTඡ හෙතූ විපාකධම්මධම්මා. තයො අව්යාකතහෙතූ සියා විපාකා, සියා නෙවවිපාකනවිපාකධම්මධම්මා.
Sinhala BJTහේතූහු සදෙනෙක් විපාකස්වභාවධර්‍මයහ. තුන් අව්‍යාකෘතධාතූහු විපාක වියහෙති. නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
Pali BJTකබළිඞ්කාරො ආහාරො නෙවවිපාකනවිපාකධම්මධම්මො. තයො ආහාරා සියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙවවිපාකනවිපාකධම්මධම්මා.
Sinhala BJTකවලීකාර ආහාරය නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම යැ. (ස්පර්‍ශාදි) තුන් ආහාරයෝ විපාක වියහෙති, විපාකස්වභාවධර්‍ම වියහෙති, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙත්.
Pali BJTපඤ්ච ඵස්සා විපාකා. මනොධාතුසම්ඵස්සො සියා විපාකො, සියා නෙවවිපාකනවිපාකධම්මධම්මො. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො සියා විපාකො, සියා විපාකධම්මධම්මො, සියා නෙවවිපාකනවිපාකධම්මධම්මො.
Sinhala BJTස්පර්‍ශයෝ පස්දෙනෙක් විපාකයහ. මනෝධාතුසංස්පර්‍ශය විපාක වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙයි. මනෝවිඥානධාතුසංස්පර්‍ශය විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහේ.
Pali BJTපඤ්ච වෙදනා, පඤ්ච සඤ්ඤා, පඤ්ච චෙතනා, පඤ්ච චිත්තා විපාකා. මනොධාතු සායි විපාකා, සියා නෙවවිපාකනවිපාකධම්මධම්මා. මනොවිඤ්ඤාණධාතු සියා විපාකා, සියා විපාකධම්මධම්මා, සියා නෙව විපාකනවිපාකධම්මධම්මා.
Sinhala BJTවේදනාවෝ පස්දෙනෙක් - සංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් විපාකයහ. මනෝධාතු විපාක වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහෙයි. මනෝවිඥානධාතු විපාක වියහෙයි, විපාකස්වභාවධර්‍ම වියහෙයි, නෛවවිපාක නවිපාකස්වභාවධර්‍ම වියහේ.
Pali BJT1113. පඤ්චන්නං ඛන්ධානං කති උපාදින්නුපාදානියා: කති අනුපාදින්නුපාදානියා: කති අනුපාදින්නඅනුපාදානියා -පෙ- සත්තන්නං චිත්තානං කති උපාදින්නුපාදානියා: කති අනුපාදින්නුපාදානියා: කති අනුපාදින්නඅනුපාදානියා:
Sinhala BJT1113. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි උපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නඅනුපාදානියයෝ කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි උපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නෝපාදානියයෝ කෙතෙක, අනුපාදින්නඅනුපාදානියයෝ කෙතෙක යත්:
Pali BJT1114. රූපක්ඛන්ධො සියා උපාදින්නුපාදානියො, සියා අනුපාදින්නුපාදානියො. චත්තාරො ඛන්ධා සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJT1114. රූපස්කන්‍ධය උපාදින්නෝපාදානිය වියහෙයි. සතර (අරූප) ස්කන්‍ධයෝ උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.
Pali BJTපඤ්චායතනා උපාදින්නුපාදානියා, සද්දායතනං අනුපාදින්නුපාදානියං. චත්තාරො ආයතනා සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා. ද්වායතනා සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTආයතනයෝ පස්දෙනෙක් උපාදින්නෝපාදානියහ. ශබ්දායතනය අනුපාදින්නෝපාදානිය යැ, සතර ආයතන කෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, ආයතනයෝ දෙදෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.
Pali BJTදසධාතුයො උපාදින්නුපාදානියා, සද්දධාතු අනුපාදින්නුපාදානියා පඤ්ච ධාතුයො සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා. ද්වෙ ධාතුයො සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTධාතූහු දස දෙනෙක් උපාදින්නෝපාදානියහ. ශබ්දධාතු අනුපාදින්නෝපාදානිය යැ. ධාතූහු පස් දෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති. ධාතූහු දෙදෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.
Pali BJTසමුදයසච්චං අනුපාදින්නුපාදානියං. ද්වෙ සච්චා අනුපාදින්නඅනුපාදානියා. දුක්ඛසච්චං සියා උපාදින්නුපාදානියං, සියා අනුපාදින්නුපාදානියං.
Sinhala BJTසමුදයසත්‍යය අනුපාදින්නෝපාදානිය යැ. සත්‍යයෝ දෙදෙනෙක් අනුපාදින්න - අනුපාදානියහ. දුඃඛසත්‍යය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහේ.
Pali BJTනවින්ද්රියා උපාදින්නුපාදානියා. දොමනස්සින්ද්රියං අනුපාදින්නුපාදානියං. තීණින්ද්රියා අනුපාදින්නඅනුපාදානියා. නවින්ද්රියා සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් උපාදින්නෝපාදානියහ. දෝමනස්සින්‍ද්‍රිය අනුපාදින්නෝපාදානිය යැ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අනුපාදින්න - අනුපාදානියහ. ඉන්‍ද්‍රියයෝ නව දෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙත්.
Pali BJTතයො අකුසලහෙතූ අනුපාදින්නුපාදානියා. තයො කුසලහෙතූ සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා. තයො අව්යාකතහෙතූ සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTතුන් අකුශලහේතූහු අනුපාදින්නෝපාදානියහ. තුන් කුශලහේතූහු අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්න - අනුපාදානිය වියහෙති. තුන් අව්‍යාකෘතහේතූහු උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නඅනුපාදානිය වියහෙත්.
Pali BJTකබළිඞ්කාරො ආහාරො සියා උපාදින්නුපාදානියො, සියා අනුපාදින්නුපාදානියො. තයො ආහාරා සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTකවලීකාර ආහාරය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි. ආහාරයෝ තිදෙනෙක් උපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නෝපාදානිය වියහෙති, අනුපාදින්නඅනුපාදානිය වියහෙත්.
Pali BJTපඤ්ච ඵස්සා උපාදින්නුපාදානියා. මනොධාතුසම්ඵස්සො සියා උපාදින්නුපාදානියො, සියා අනුපාදින්නුපාදානියො. මනොවිඤ්ඤාණධාතු සම්ඵස්සො සියා උපාදින්නුපාදානියො, සියා අනුපාදින්නුපාදානියො, සියා අනුපාදින්නඅනුපාදානියො.
Sinhala BJTස්පර්‍ශයෝ පස්දෙනෙක් උපාදින්නෝපාදානියහ. මනෝධාතුසංස්පර්‍ශය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි. මනෝවිඥානධාතුසංස්පර්‍ශය උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නඅනුපාදානිය වියහේ.
Pali BJTපඤ්ච වෙදනා, පඤ්ච සඤ්ඤා, පඤ්ච චෙතනා, පඤ්ච චිත්තා උපාදින්නුපාදානියා. මනොධාතු සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා. මනොවිඤ්ඤාණධාතු සියා උපාදින්නුපාදානියා, සියා අනුපාදින්නුපාදානියා, සියා අනුපාදින්නඅනුපාදානියා.
Sinhala BJTවේදනාවෝ පස්දෙනෙක් - සංඥාවෝ පස්දෙනෙක් - චේතනාවෝ පස්දෙනෙක් - චිත්තයෝ පස්දෙනෙක් උපාදින්නෝපාදානියහ. මනෝධාතු උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි. මනෝවිඥානධාතු උපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නෝපාදානිය වියහෙයි, අනුපාදින්නඅනුපාදානිය වියහේ.