Vibhaṅga

Analysis

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4001-4100 න් 4235

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතීණි සච්චානි න අරූපධාතුපරියාපන්නා. දුක්ඛසච්චං සියා අරූපධාතු පරියාපන්නං, සියා න අරූපධාතුපරියාපන්නං.
Sinhala BJTසත්‍යයෝ තිදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. දුඃඛසත්‍යය අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
Pali BJTචුද්දසින්ද්රියා න අරූපධාතුපරියාපන්නා. අට්ඨින්ද්රියා සියා අරූපධාතුපරියාපන්නා, සියා න අරූපධාතුපරියාපන්නා.
Sinhala BJTතුදුස් ඉන්‍ද්‍රිය කෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTතයො අකුසලහෙතූ න අරූපධාතුපරියාපන්නා. ඡ හෙතූ සියා අරූපධාතුපරියාපන්නා, සියා න අරූපධාතුපරියාපන්නා.
Sinhala BJTඅකුශල හේතූහු තිදෙන අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. ෂට්හේතූහු අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTකබළිඞ්කාරො ආහාරො න අරූපධාතුපරියාපන්නො. තයො ආහාරා සියා අරූපධාතුපරියාපන්නා, සියා න අරූපධාතුපරියාපන්නා.
Sinhala BJTකබළිංකාර ආහාරය අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වේ. ආහාරයෝ තිදෙනෙක් අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වෙත්. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වෙත්.
Pali BJTඡ ඵස්සා න අරූපධාතුපරියාපන්නා. මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො සියා අරූපධාතුපරියාපන්නො, සියා න අරූපධාතුපරියාපන්නො.
Sinhala BJTෂට්ස්පර්‍ශයෝ අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතුසංස්පර්‍ශය අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
Pali BJTඡ වෙදනා -පෙ- ඡ සඤ්ඤා -පෙ- ඡ චෙතනා -පෙ- ඡ චිත්තා න අරූපධාතුපරියාපන්නා. මනොවිඤ්ඤාණධාතු සියා අරූපධාතුපරියාපන්නා, සියා න අරූපධාතුපරියාපන්නා.
Sinhala BJTෂට්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂඩ්චේතනාවෝ ... ෂට්චිත්තයෝ අරූපධාතුපර්‍ය්‍යාපන්න නො වෙත්. මනෝවිඥානධාතු අරූපධාතුපර්‍ය්‍යාපන්න ද වේ. අරූපධාතුපර්‍ය්‍යාපන්න නො ද වේ.
Pali BJT1041. පඤ්චන්නං ඛන්ධානං කති පරියාපන්නා: කති අපරියාපන්නා -පෙ- සත්තන්නං චිත්තානං කති පරියාපන්නා: කති අපරියාපන්නා:
Sinhala BJT1041. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි කෙතෙක් පර්‍ය්‍යාපන්නයෝ වෙත් ද, කෙතෙක් අපර්‍ය්‍යාපන්නයෝ වෙත් ද ... සප්තචිත්තයන් අතුරෙහි කෙතෙක් පර්‍ය්‍යාපන්නයෝ වෙත් ද අපර්‍ය්‍යාපන්නයෝ වෙත් ද යත්:
Pali BJTරූපක්ඛන්ධො පරියාපන්නො. චත්තාරො ඛන්ධා සියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
Sinhala BJTරූපස්කන්‍ධය පර්‍ය්‍යාපන්නය යි. සතර ස්කන්‍ධ කෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
Pali BJTදසායතනා පරියාපන්නා. ද්වෙ ආයතනා සියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
Sinhala BJTදශආයතන කෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ආයතනයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
Pali BJTසොළස ධාතුයො පරියාපන්නා, ද්වෙ ධාතුයො සියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
Sinhala BJTසොළොස් ධාතු කෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ධාතූහු දෙදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
Pali BJTද්වෙ සච්චා පරියාපන්නා. ද්වෙ සච්චා අපරියාපන්නා.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. සත්‍යයෝ දෙදෙනෙක් අපර්‍ය්‍යාපන්න වෙත්.
Pali BJTදසින්ද්රියා පරියාපන්නා. තීණින්ද්රියා අපරියාපන්නා. නවින්ද්රියා සියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
Sinhala BJTඉන්‍ද්‍රියයෝ දශ දෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් අපර්‍ය්‍යාපන්නයහ. ඉන්‍ද්‍රියයෝ නවදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
Pali BJTතයො අකුසලහෙතූ පරියාපන්නා. ඡ හෙතූ සියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
Sinhala BJTඅකුශලහේතූහු තිදෙනෙක් පර්‍ය්‍යාපන්නයහ. ෂඩ් හේතූහු පර්‍ය්‍යාපන්න ද වෙත්. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
Pali BJTකබළිඞ්කාරො ආහාරො පරියාපන්නො. තයො ආහාරා සියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
Sinhala BJTකබළිංකාර ආහාරය පර්‍ය්‍යාපන්න ය. ආහාරයෝ තිදෙනෙක් පර්‍ය්‍යාපන්න ද වෙති. අපර්‍ය්‍යාපන්න ද වෙත්.
Pali BJTඡ ඵස්සා පරියාපන්නා, මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො සියා පරියාපන්නො, සියා අපරියාපන්නො.
Sinhala BJTෂට්ස්පර්‍ශයෝ පර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතුසංස්පර්‍ශය පර්‍ය්‍යාපන්න ද වෙයි. අපර්‍ය්‍යාපන්න ද වේ.
Pali BJTඡ වෙදනා -පෙ- ඡ සඤ්ඤා -පෙ- ඡ චෙතනා -පෙ- ඡ චිත්තා පරියාපන්නා. මනොවිඤ්ඤාණධාතු සියා පරියාපන්නා, සියා අපරියාපන්නා.
Sinhala BJTෂඩ්වේදනාවෝ ... ෂට්සංඥාවෝ ... ෂට්චේතනාවෝ ... ෂට්චිත්තයෝ පර්‍ය්‍යාපන්නයහ. මනෝවිඥානධාතු පර්‍ය්‍යාපන්න ද වේ. අපර්‍ය්‍යාපන්න ද වේ.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJT1042. කාමධාතුයා උප්පත්තික්ඛණෙ කතිඛන්ධා පාතුභවන්ති -පෙ- කති චිත්තානි පාතුභවන්ති:
Sinhala BJT1042. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කෙතෙක් ස්කන්‍ධයෝ පහළ වෙත් ද, ... කෙතෙක් සිත් පහළ වෙත් ද යත්:
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ සබ්බෙසං පඤ්චක්ඛන්ධා පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත්.
Pali BJTකස්සචි එකාදසායතනානි පාතුභවන්ති. කස්සචි දසායතනානි පාතුභවන්ති. කස්සචි අපරානි දසායතනානි පාතුභවන්ති. කස්සචි නවායතනානි පාතුභවන්ති. කස්සචි සත්තායතනානි පාතුභවන්ති.
Sinhala BJTකිසිවකුට එකොළොස් ආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට දශආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට අන්‍ය දශආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට නවආයතන කෙනෙක් පහළ වෙති. කිසිවකුට සත්ආයතන කෙනෙක් පහළ වෙත්.
Pali BJTකස්සචි එකාදස ධාතුයො පාතුභවන්ති. කස්සචි දස ධාතුයො පාතුභවන්ති. කස්සචි අපරා දස ධාතුයො පාතුභවන්ති. කස්සචි නව ධාතුයො පාතුභවන්ති. කස්සචි සත්ත ධාතුයො පාතුභවන්ති.
Sinhala BJTකිසිවකුට එකොළොස් ධාතූහු පහළ වෙති. කිසිවකුට දශධාතූහු පහළ වෙති. කිසිවකුට අන්‍ය වූ දශධාතූහු පහළ වෙති. කිසිවකුට නවධාතූහු පහළ වෙති. කිසිවකුට සප්තධාතූහු පහළ වෙත්.
Pali BJTසබ්බෙසං එකං සච්චං පාතුභවති.
Sinhala BJTසියල්ලන්ට එක් සත්‍යයක් පහළ වෙයි.
Pali BJTකස්සචි චුද්දසින්ද්රියානි පාතුභවන්ති. කස්සචි තෙරසින්ද්රියානි පාතුභවන්ති. කස්සචි අපරානි තෙරසින්ද්රියා පාතුභවන්ති. කස්සචි ද්වාදසින්ද්රියානි පාතුභවන්ති. කස්සචි දසින්ද්රියානි පාතුභවන්ති. කස්සචි නවින්ද්රියානි පාතුභවන්ති. කස්සචි අපරානි නවින්ද්රියානි පාතුභවන්ති. කස්සචි අට්ඨින්ද්රියානි පාතුභවන්ති. කස්සචි අපරානි අට්ඨින්ද්රියානි පාතුභවන්ති. කස්සචි සත්තින්ද්රියානි පාතුභවන්ති. කස්සචි පඤ්චින්ද්රියානි පාතුභවන්ති. කස්සචි චත්තාරින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකිසිවකුට තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට අන්‍ය වූ තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්. කිසිවකුට අන්‍ය වූ නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්. කිසිවකුට අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට අන්‍ය වූ අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට පඤ්චේන්‍ද්‍රියයෝ පහළ වෙති. කිසිවකුට සතර ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTකස්සචි තයො හෙතූ පාතුභවන්ති. කස්සචි ද්වෙ හෙතූ පාතුභවන්ති. කෙචි{1} අහෙතුකා පාතුභවන්ති.
Sinhala BJTකිසිවකුට හේතූහු තිදෙනෙක් පහළ වෙති. කිසිවකුට හේතූ දෙදෙනෙක් පහළ වෙති. කිසිකෙනෙක් අහේතුක වැ පහළ වෙත්.
Pali BJTසබ්බෙසං චත්තාරො ආහාරා පාතුභවන්ති. සබ්බෙසං එකො ඵස්සො පාතුභවන්ති.
Sinhala BJTසියල්ලන්ට සතර ආහාරයෝ පහළ වෙත්. සියල්ලන්ට එක් ස්පර්‍ශයෙක් පහළ වෙයි.
Pali BJTසබ්බෙසං එකා වෙදනා, එකා සඤ්ඤා, එකා චෙතනා, එකං චිත්තං පාතුභවති.
Sinhala BJTසියල්ලන්ට එක් වේදනාවක් ... එක් සංඥාවක් ... එක් චේතනාවක් ... එක් සිතක් පහළ වෙයි.
Pali BJT1043. කාමධාතුයා උප්පත්තික්ඛණෙ සබ්බෙසං කතමෙ පඤ්චක්ඛන්ධා පාතුභවන්ති: රූපක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො. කාමධාතුයා උප්පත්තික්ඛණෙ සබ්බෙසං ඉමෙ පඤ්චක්ඛන්ධා පාතුභවන්ති.
Sinhala BJT1043. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට කවර පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත් ද යත්: රූපස්කන්‍ධය ... විඥානස්කන්‍ධ යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට මේ පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත්.
Pali BJT1044. කාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස{1} එකාදසායතනානි පාතුභවන්ති: කාමාවචරානං දෙවානං, පඨමකප්පිකානං මනුස්සානං, ඔපපාතිකානං පෙතානං, ඔපපාතිකානං අසුරානං, ඔපපාතිකානං තිරච්ඡානගතානං, නෙරයිකානං පරිපුණ්ණායතනානං, උප්පත්තික්ඛණෙ එකාදසායතනානි පාතුභවන්ති: චක්ඛායතනං රූපායතනං සොතායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං, කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි එකාදසායතනානි පාතුභවන්ති.
Sinhala BJT1044. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට එකොළොස් ආයතන කෙනෙක් පහළ වෙත් ද යත්: කාමාවචර දෙවියන්ට ද, ප්‍රථම කල්පික වූ මනුෂ්‍යයන්ට ද, ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, සම්පූර්‍ණ ආයතන ඇතියනට උත්පත්තික්‍ෂණයෙහි එකොළොස් ආයතනයෝ පහළ වෙත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි මොවුන්ට මේ එකොළොස් ආයතනයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස දසායතනානි පාතුභවන්ති: ඔපපාතිකානං පෙතානං ඔපපාතිකානං අසුරානං ඔපපාතිකානං තිරච්ඡානගතානං නෙරයිකානං ජච්චන්ධානං උප්පත්තික්ඛණෙ දසායතනානි පාතුභවන්ති: රූපායතනං සොතායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං, කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි දසායතනානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දශායතනයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, ජාත්‍යන්‍ධයන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි දශායතනයෝ පහළ වෙත්: රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි මොවුන්ට මේ දශායතනයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස අපරානි දසායතනානි පාතුභවන්ති: ඔපපාතිකානං පෙතානං ඔපපාතිකානං අසුරානං ඔපපාතිකානං තිරච්ඡානගතානං නෙරයිකානං ජච්චබධිරානං, උප්පත්තික්ඛණෙ දසායතනානි පාතුභවන්ති: චක්ඛායතනං රූපායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි දසායතනානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට අන්‍ය වූ දශායතනයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, උත්පත්තියෙන් බිහිරි වූවන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි දශායතනයෝ පහළ වෙත්: චක්‍ෂුරායතනය, රූපායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දශායතනයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස නවායතනානි පාතුභවන්ති: ඔපපාතිකානං පෙතානං, ඔපපාතිකානං අසුරානං, ඔපපාතිකානං තිරච්ඡානගතානං, නෙරයිකානං, ජච්චබධිරානං, උප්පත්තික්ඛණෙ නවායතනානි පාතුභවන්ති: රූපායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි නවායතනානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරකුට නවායතනයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, ජාත්‍යන්‍ධයන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි නවආයතනයෝ පහළ වෙත්: රූපායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ නවායතනයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස සත්තායතනානි පාතුභවන්ති: ගබ්භසෙය්යකානං සත්තානං උප්පත්තික්ඛණෙ සත්තායතනානි පාතුභවන්ති: රූපායතනං ගන්ධායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනං මනායතනං ධම්මායතනං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි සත්තායතනානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරකුට සප්තායතනයෝ පහළ වෙත් ද යත්: ගැබ්හි හෝනා සත්ත්‍වයන්ගේ උත්පත්තික්‍ෂණයෙහි සප්තායතනයෝ පහළ වෙත්: රූපායතන ය, ගන්‍ධායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ සප්තායතනයෝ පහළ වෙත්.
Pali BJT1045. කාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස එකාදස ධාතුයො පාතුභවන්ති: කාමාවචරානං දෙවානං පඨමකප්පිකානං මනුස්සානං, ඔපපාතිකානං පෙතානං, ඔපපාතිකානං අසුරානං, ඔපපාතිකානං තිරච්ඡානගතානං, නෙරයිකානං පරිපුණ්ණායතනානං, උප්පත්තික්ඛණෙ එකාදස ධාතුයො පාතුභවන්ති: චක්ඛුධාතු රූපධාතු සොතධාතු ඝානධාතු ගන්ධධාතු ජිව්හාධාතු රසධාතු කායධාතු ඵොට්ඨබ්බධාතු මනොවිඤ්ඤාණධාතු ධම්මධාතු. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමා එකාදසධාතුයො පාතුභවන්ති.
Sinhala BJT1045. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට එකොළොස් ධාතූහු පහළ වෙත් ද යත්: කාමාවචර දෙවියන්ට ද, ප්‍රථමකල්පයෙහි වූ මනුෂ්‍යයන්ට ද, ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, පරිපූර්‍ණ ආයතන ඇත්තවුන්ට උත්පත්තික්‍ෂණයෙහි එකොළොස් ධාතූහු පහළ වෙත්: චක්‍ෂුර්ධාතු, රූපධාතු, ශ්‍රෝත්‍රධාතු, ඝ්‍රාණධාතු, ගන්‍ධධාතු, ජිව්හාධාතු, රසධාතු, කායධාතු, ස්ප්‍රෂ්ටව්‍යධාතු, මනෝවිඥානධාතු, ධර්‍මධාතු යි. කාමධාතුවෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ එකොළොස් ධාතූහු තුමූ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස දස ධාතුයො පාතුභවන්ති: ඔපපාතිකානං පෙතානං, ඔපපාතිකානං අසුරානං, ඔපපාතිකානං තිරච්ඡානගතානං, නෙරයිකානං, ජච්චන්ධානං උප්පත්තික්ඛණෙ දස ධාතුයො පාතුභවන්ති: රූපධාතු සොතධාතු ඝානධාතු ගන්ධධාතු ජිව්හාධාතු රසධාතු කායධාතු ඵොට්ඨබ්බධාතු මනොවිඤ්ඤාණධාතු ධම්මධාතු. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමා දස ධාතුයො පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දශධාතූහු පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, ජාත්‍යන්‍ධයන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි දශධාතූහු පහළ වෙති: රූපධාතු, ශ්‍රෝත්‍රධාතු, ඝ්‍රාණධාතු, ගන්‍ධධාතු, ජිව්හාධාතු, රසධාතු, කායධාතු, ස්ප්‍රෂ්ටව්‍යධාතු, මනෝවිඥානධාතු, ධර්‍මධාතු යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දශධාතූහු පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස අපරා දස ධාතුයො පාතුභවන්ති: ඔපපාතිකානං පෙතානං, ඔපපාතිකානං අසුරානං, ඔපපාතිකානං තිරච්ඡානගතානං, නෙරයිකානං, ජච්චබධිරානං උප්පත්තික්ඛණෙ දස ධාතුයො පාතුභවන්ති: චක්ඛුධාතු රූපධාතු ඝානධාතු ගන්ධධාතු ජිව්හාධාතු රසධාතු කායධාතු ඵොට්ඨබ්බධාතු මනොවිඤ්ඤාණධාතු ධම්මධාතු. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමා දස ධාතුයො පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට අන්‍ය වූ දශධාතූහු පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, උත්පත්තියෙන් බිහිරන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි දශධාතූහු පහළ වෙති: චක්‍ෂුර්ධාතු, රූපධාතු, ඝ්‍රාණධාතු, ගන්‍ධධාතු, ජිව්හාධාතු, රසධාතු, කායධාතු, ස්ප්‍රෂ්ටව්‍යධාතු, මනෝවිඥානධාතු, ධර්‍මධාතු යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දශධාතූහු පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස නව ධාතුයො පාතුභවන්ති: ඔපපාතිකානං පෙතානං, ඔපපාතිකානං අසුරානං, ඔපපාතිකානං තිරච්ඡානගතානං, නෙරයිකානං, ජච්චන්ධබධිරානං උප්පත්තික්ඛණෙ නව ධාතුයො පාතුභවන්ති: රූපධාතු ඝානධාතු ගන්ධධාතු ජිව්හාධාතු රසධාතු කායධාතු ඵොට්ඨබ්බධාතු මනොවිඤ්ඤාණධාතු ධම්මධාතු. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමා නව ධාතුයො පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට නවධාතූහු පහළ වෙත් ද යත්: ඕපපාතික වූ ප්‍රේතයන්ට ද, ඕපපාතික වූ අසුරයන්ට ද, ඕපපාතික වූ තිරිසනුන්ට ද, නිරිසතුන්ට ද, උත්පත්තියෙන් අඳ බිහිරි වූවන්ට ද, උත්පත්තික්‍ෂණයෙහි නවධාතූහු පහළ වෙති: රූපධාතු, ඝ්‍රාණධාතු, ගන්‍ධධාතු, ජිව්හාධාතු, රසධාතු, කායධාතු, ස්ප්‍රෂ්ටව්‍යධාතු, මනෝවිඥානධාතු, ධර්‍මධාතු යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ නව ධාතූහු පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස සත්ත ධාතුයො පාතුභවන්ති: ගබ්භසෙය්යකානං සත්තානං උප්පත්තික්ඛණෙ සත්ත ධාතුයො පාතුභවන්ති: රූපධාතු ගන්ධධාතු රසධාතු කායධාතු ඵොට්ඨබ්බධාතු මනො විඤ්ඤාණධාතු ධම්මධාතු. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමා සත්ත ධාතුයො පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට සප්තධාතූහු පහළ වෙත් ද යත්: ගැබ හෝනා සත්නට උපන් ඇසිල්ලෙහි ධාතූහු සත් දෙනෙක් පහළ වෙති: රූපධාතු, ගන්‍ධධාතු, රසධාතු, කායධාතු, පොට්ඨබ්භධාතු, මනෝවිඥානධාතු, ධර්‍මධාතු යි. කාමධාතුයෙහි උපන් ඇසිල්ලෙහි තෙල සත්නට මේ සප්තධාතූහු පහළ වෙත්.
Pali BJT1046. කාමධාතුයා උප්පත්තික්ඛණෙ සබ්බෙසං කතමං එකං සච්චං පාතුභවති: දුක්ඛසච්චං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ සබ්බෙසං ඉදං එකං සච්චං පාතුභවති.
Sinhala BJT1046. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට කවර එක් සත්‍යයෙක් පහළ වේ ද යත්: දුඃඛසත්‍ය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි සියල්ලන්ට මේ එක් සත්‍යය පහළ වේ.
Pali BJT1047. කාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස චුද්දසින්ද්රියානි පාතුභවන්ති: කාමාවචරානං දෙවානං සහෙතුකානං ඤාණසම්පයුත්තානං උපපත්තික්ඛණෙ චුද්දසින්ද්රියානි පාතුභවන්ති: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං වා පුරිසින්ද්රියං වා ජීවිතින්ද්රියං සොමනස්සින්ද්රියං වා උපෙක්ඛින්ද්රියං වා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි චුද්දසින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJT1047. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: සහේතුක වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරදෙවියන්ට උත්පත්තික්‍ෂණයෙහි තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය, ඝ්‍රාණේන්‍ද්‍රිය, ජිහ්වේන්‍ද්‍රිය, කායේන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ස්ත්‍රීන්‍ද්‍රිය හෝ පුරුෂේන්‍ද්‍රිය හෝ ය ජීවිතේන්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපේක්‍ෂේන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධේන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, ප්‍රඥේන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්හට මේ තුදුස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස තෙරසින්ද්රියානි පාතුභවන්ති: කාමාවචරානං දෙවානං සහෙතුකානං ඤාණවිප්පයුත්තානං උප්පත්තික්ඛණෙ තෙරසින්ද්රියානි පාතුභවන්ති: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං වා පුරිසින්ද්රියං වා ජීවිතින්ද්රියං සොමනස්සින්ද්රියං වා උපෙක්ඛින්ද්රියං වා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි තෙරසින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: සහේතුක වූ ඥානවිප්‍රයුක්ත වූ කාමාවචරදෙවියන්ට උත්පත්තික්‍ෂණයෙහි තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය, ජිහ්වේන්‍ද්‍රිය, කායේන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ස්ත්‍රීන්‍ද්‍රිය හෝ පුරුෂේන්‍ද්‍රිය හෝ ය ජීවිතේන්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපේක්‍ෂේන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධේන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්‍වයන්ට මේ තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ{1} කස්ස අපරානි තෙරසින්ද්රියානි පාතුභවන්ති: පඨමකප්පිකානං මනුස්සානං සහෙතුකානං ඤාණසම්පයුත්තානං උප්පත්තික්ඛණෙ තෙරසින්ද්රියානි පාතුභවන්ති: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං මනින්ද්රියං ජීවිතින්ද්රියං සොමනස්සින්ද්රියං වා උපෙක්ඛින්ද්රියං වා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි තෙරසින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට අන්‍ය වූ තෙළෙස්ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ප්‍රථමකල්පයෙහි වූ ඥානසම්ප්‍රයුක්ත වූ සහේතුක වූ මනුෂ්‍යයන්ට උත්පත්තික්‍ෂණයෙහි තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය, ඝ්‍රාණේන්‍ද්‍රිය, ජිහ්වේන්‍ද්‍රිය, කායේන්‍ද්‍රිය, මනින්‍ද්‍රිය, ජීවිතේන්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපේක්‍ෂේන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධේන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, ප්‍රඥේන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ තෙළෙස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස ද්වාදසින්ද්රියානි පාතුභවන්ති: පඨමකප්පිකානං මනුසානං සහෙතුකානං ඤාණවිප්පයුත්තානං උප්පත්තික්ඛණෙ ද්වාදසින්ද්රියානි පාතුභවන්ති: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං මනින්ද්රියං ජීවිතින්ද්රියං සොමනස්සින්ද්රියං වා උපෙක්ඛින්ද්රියං වා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි ද්වාදසින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ප්‍රථමකල්පයෙහි වූ සහේතුක වූ ඥානවිප්‍රයුක්ත වූ මනුෂ්‍යයන්ට උත්පත්තික්‍ෂණයෙහි දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්‍ෂුරින්‍ද්‍රිය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය, ඝ්‍රාණේන්‍ද්‍රිය, ජිහ්වේන්‍ද්‍රිය, කායේන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ජීවිතේන්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපේක්‍ෂේන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධේන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දොළොස් ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස දසින්ද්රියානි පාතුභවන්ති: ගබ්භසෙය්යකානං සත්තානං සහෙතුකානං ඤාණසම්පයුත්තානං උප්පත්තික්ඛණෙ දසින්ද්රියානි පාතුභවන්ති: කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං වා පුරිසින්ද්රියං වා ජීවිතින්ද්රියං සොමනස්සින්ද්රියං වා උපෙක්ඛින්ද්රියං වා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි දසින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි කවරක්හට දශ ඉන්‍ද්‍රිය කෙනෙක් පහළ වෙත් ද යත්: ගැබ්හි හෝනා ඥානසම්ප්‍රයුක්ත වූ සහේතුක වූ සත්ත්‍වයන්ට උත්පත්තික්‍ෂණයෙහි දශ ඉන්‍ද්‍රිය කෙනෙක් පහළ වෙති: කායේන්‍ද්‍රිය, මනඉන්‍ද්‍රිය, ස්ත්‍රීන්‍ද්‍රිය හෝ පුරුෂේන්‍ද්‍රිය හෝ ය ජීවිතේන්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපේක්‍ෂේන්‍ද්‍රිය හෝ ය ශ්‍රද්ධේන්‍ද්‍රිය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය, ස්මෘතින්‍ද්‍රිය, සමාධීන්‍ද්‍රිය, ප්‍රඥේන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උත්පත්තික්‍ෂණයෙහි තෙල සත්ත්‍වයන්ට මේ දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස නවින්ද්රියානි පාතුභවන්ති: ගබ්භසෙය්යකානං සත්තානං සහෙතුකානං ඤාණවිප්පයුත්තානං උප්පත්තික්ඛණෙ නවින්ද්රියානි පාතුභවන්ති: කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං වා පුරිසින්ද්රියං වා ජීවිතින්ද්රියං සොමනස්සින්ද්රියං වා උපෙක්ඛින්ද්රියං වා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි නවින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ගැබ හෝනා සහේතුක වූ සත්ත්‍වයනට ඥානවිප්‍රයුක්ත සත්ත්‍වයනට උපදනා ඇසිල්ලෙහි නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්ඛින්‍ද්‍රිය හෝ ය සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස අපරානි නවින්ද්රියානි පාතුභවන්ති: ඔපපාතිකානං පෙතානං ඔපපාතිකානං අසුරානං ඔපපාතිකානං තිරච්ඡානගතානං නෙරයිකානං පරිපුණ්ණායතනානං උපපත්තික්ඛණෙ නවින්ද්රියානි පාතුභවන්ති: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං වා පුරිසින්ද්රියං වා ජීවිතින්ද්රියං උපෙක්ඛින්ද්රියං කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි නවින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට අනෙකුදු නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික ප්‍රේතයනට ඕපපාතික අසුරයනට ඕපපාතික තිරශ්චීනගතයනට නෙරිසත්නට පිරිපුන් ඉඳුරන් ඇතියනට උපදනා ඇසිල්ලෙහි නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. චක්ඛුන්‍ද්‍රිය ය, සෝතින්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ නව ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස අට්ඨින්ද්රියානි පාතුභවන්ති: ඔපපාතිකානං පෙතානං ඔපපාතිකානං අසුරානං ඔපපාතිකානං තිරච්ඡානගතානං නෙරයිකානං ජච්චන්ධානං උප්පත්තික්ඛණෙ අට්ඨින්ද්රියානි පාතුභවන්ති: සොතින්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං වා පුරිසින්ද්රියං වා ජීවිතින්ද්රියං උපෙක්ඛින්ද්රියං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි අට්ඨින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික ප්‍රේතයනට ඕපපාතික අසුරයනට ඕපපාතික තිරශ්චීනගතයනට නිරිසත්නට ජාත්‍යන්‍ධයනට උපදනා ඇසිල්ලෙහි අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. සෝතින්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ අට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස අපරානි අට්ඨින්ද්රියානි පාතුභවන්ති: ඔපපාතිකානං පෙතානං ඔපපාතිකානං අසුරානං ඔපපාතිකානං තිරච්ඡානගතානං නෙරයිකානං ජච්චබධිරානං උප්පත්තික්ඛණෙ අට්ඨින්ද්රියානි පාතුභවන්ති: චක්ඛුන්ද්රියං ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං වා පුරිසින්ද්රියං වා ජීවිතින්ද්රියං උපෙක්ඛින්ද්රියං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි අට්ඨින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට අනෙකුදු අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික ප්‍රේතයන්ට ඕපපාතික අසුරයන්ට ඕපපාතික තිරශ්චීනගතයන්ට නිරිසත්නට ජාතිබධිරයනට උපදනා ඇසිල්ලෙහි අෂ්ට ඉන්‍ද්‍රියයෝ පහළ වෙති: චක්ඛුන්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය, කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ අට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස සත්තින්ද්රියානි පාතුභවන්ති: ඔපපාතිකානං පෙතානං ඔපපාතිකානං අසුරානං ඔපපාතිකානං තිරච්ඡානගතානං නෙරයිකානං ජච්චන්ධබධිරානං උප්පත්තික්ඛණෙ සත්තින්ද්රියානි පාතුභවන්ති: ඝානින්ද්රියං ජිව්හින්ද්රියං කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං වා පුරිසින්ද්රියං වා ජීවිතින්ද්රියං උපෙක්ඛින්ද්රියං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි සත්තින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ඕපපාතික ප්‍රේතයනට ඕපපාතික අසුරයනට ඕපපාතික තිරශ්චීනගතයනට නෙරිසත්නට ජාතිබධිරයනට උපදනා ඇසිල්ලෙහි සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය, කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ සප්ත ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස පඤ්චින්ද්රියානි පාතුභවන්ති: ගබ්භසෙය්යකානං සත්තානං අහෙතුකානං ඨපෙත්වා නපුංසකානං උප්පත්තික්ඛණෙ පඤ්චින්ද්රියානි පාතුභවන්ති: කායින්ද්රියං මනින්ද්රියං ඉත්ථින්ද්රියං වා පුරිසින්ද්රියං වා ජීවිතින්ද්රියං උපෙක්ඛින්ද්රියං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි පඤ්චින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට පඤ්ච ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: නපුංසකයනට තබා ගැබහෝනා අහේතුක සත්නට උපදනා ඇසිල්ලෙහි පඤ්චේන්‍ද්‍රියයෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය හෝ පුරිසින්‍ද්‍රිය හෝ ය ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ පස් ඉඳුරෝ පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස චත්තාරින්ද්රිනි පාතුභවන්ති: ගබ්භසෙය්යකානං සත්තානං අහෙතුකානං නපුංසකානං උප්පත්තික්ඛණෙ චත්තාරින්ද්රියානි පාතුභවන්ති: කායින්ද්රියං මනින්ද්රියං ජීවිතින්ද්රියං උපෙක්ඛින්ද්රියං. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමානි චත්තාරින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට සතර ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: ගැබහෝනා අහේතුක වූ නපුංසක සත්ත්‍වයනට උපදනා ඇසිල්ලෙහි සතර ඉන්‍ද්‍රිය යෝ පහළ වෙති. කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ සතර ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJT1048. කාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස තයො හෙතු පාතුභවන්ති: කාමාවචරානං දෙවානං පඨමකප්පිකානං මනුස්සානං ගබ්භසෙය්යකානං සත්තානං සහෙතුකානං ඤාණසම්පයුත්තානං උප්පත්තික්ඛණෙ තයො හෙතූ පාතුභවන්ති: අලොභො විපාකහෙතු, අදොසො විපාකහෙතු, අමොහො විපාකහෙතු. කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමෙ තයො හෙතූ පාතුභවන්ති.
Sinhala BJT1048. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට තුන් හේතූහු පහළ වෙත් ද යත්: කාමාවචර දෙවියනට ප්‍රථමකල්පයෙහි වූ මිනිස්නට ගැබහෝනා සත්නට සහේතුක වූ ඥානසම්ප්‍රයුක්ත වූවනට උපදනා ඇසිල්ලෙහි තුන් හේතූහු පහළ වෙති: අලෝභ විපාකහේතු ය, අදෝස විපාකහේතු ය, අමෝහ විපාකහේතු යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ තුන් හේතූහු පහළ වෙත්.
Pali BJTකාමධාතුයා උප්පත්තික්ඛණෙ කස්ස ද්වෙ හෙතූ පාතුභවන්ති: කාමාවචරානං දෙවානං පඨමකප්පිකානං මනුස්සානං ගබ්භසෙය්යකානං සත්තානං සහෙතුකානං ඤාණවිප්පයුත්තානං උප්පත්තික්ඛණෙ ද්වෙ හෙතූ පාතුභවන්ති: අලොභො විපාකහෙතු, අදොසො විපාකහෙතු, කාමධාතුයා උප්පත්තික්ඛණෙ එතෙසං ඉමෙ ද්වෙ හෙතූ පාතුභවන්ති. අවසෙසා සත්තා{1} අහෙතුකා පාතුභවන්ති.
Sinhala BJTකාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවරක්හට ද්විහේතූහු පහළ වෙත් ද යත්: කාමාවචර දෙවියනට ප්‍රථමකල්පික මිනිස්නට ගැබහෝනා සත්නට සහේතුක ඥානවිප්‍රයුක්ත වූවනට උපදනා ඇසිල්ලෙහි ද්විහේතූහු පහළ වෙති: අලෝභ විපාකහේතු ය, අදෝස විපාකහේතු යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි තුලුනට මේ ද්වීහේතූහු පහළ වෙත්. සෙසු සත්ත්‍වයෝ අහේතුක වැ පහළ වෙත්.
Pali BJT1049. කාමධාතුයා උප්පත්තික්ඛණෙ සබ්බෙසං කතමෙ චත්තාරො ආහාරා පාතුභවන්ති: කබළිඞ්කාරො ආහාරො ඵස්සාහාරො මනොසඤ්චෙතනාහාරො විඤ්ඤාණාහාරො, කාමධාතුයා උප්පත්තික්ඛණෙ සබ්බෙසං ඉමෙ චත්තාරො ආහාරා පාතුභවන්ති.
Sinhala BJT1049. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි සියලු සත්නට කවර සතර ආහාරයෝ පහළ වෙත් ද යත්: කවලීකාරාහාර ය, ස්පර්‍ශාහාර ය, මනස්සඤ්චේතනාහාර ය, විඥානාහාර යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි සියලු සත්නට මේ සතර ආහාරයෝ පහළ වෙත්.
Pali BJT1050. කාමධාතුයා උප්පත්තික්ඛණෙ සබ්බෙසං කතමො එකො ඵස්සො පාතුභවති: මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො. කාමධාතුයා උප්පත්තික්ඛණෙ සබ්බෙසං අයං එකො ඵස්සො පාතුභවති.
Sinhala BJT1050. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි සියලු සත්නට කවර එක් ස්පර්‍ශයෙක් පහළ වෙයි යත්: මනෝවිඥානධාතුසංස්පර්‍ශය යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි හැම සත්නට මේ එක ස්පර්‍ශය පහළ වේ.
Pali BJT1051. කාමධාතුයා උප්පත්තික්ඛණෙ සබ්බෙසං කතමා එකා වෙදනා -පෙ- එකා සඤ්ඤා -පෙ- එකා චෙතනා -පෙ- එකං චිත්තං පාතුභවති: මනොවිඤ්ඤාණධාතු. කාමධාතුයා උප්පත්තික්ඛණෙ සබ්බෙසං ඉදං එකං චිත්තං පාතුභවති.
Sinhala BJT1051. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි හැම සත්නට කවර එක් වේදනාවක් ... එක් සංඥාවක් ... එක් චේතනාවක් ... එක් සිතක් පහළ වෙයි යත්: මනෝවිඥානධාතු යි. කාමධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි හැම සත්නට මේ එක් සිත පහළ වේ.
Pali BJT1052. රූපධාතුයා උප්පත්තික්ඛණෙ කති ඛන්ධා පාතුභවන්ති -පෙ- කති චිත්තානි පාතුභවන්ති: රූපධාතුයා උප්පත්තික්ඛණෙ ඨපෙත්වා අසඤ්ඤසත්තානං දෙවානං පඤ්චක්ඛන්ධා පාතුභවන්ති, පඤ්චායතනානි පාතුභවන්ති, පඤ්ච ධාතුයො පාතුභවන්ති, එකං සච්චං පාතුභවති, දසින්ද්රියානි පාතුභවන්ති, තයො හෙතු පාතුභවන්ති, තයො ආහාරා පාතුභවන්ති, එකො ඵස්සො පාතුභවති, එකා වෙදනා, එකා සඤ්ඤා, එකා චෙතනා, එකං චිත්තං පාතුභවති.
Sinhala BJT1052. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කෙතෙක් ස්කන්‍ධයෝ පහළ වෙත් ද ... කෙතෙක් චිත්තයෝ පහළ වෙත් ද යත්: රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි අසංඥසත්ත්‍ව දෙවියනට තබා පඤ්ච ස්කන්‍ධයෝ පහළ වෙති. පඤ්චායතනයෝ පහළ වෙති. පඤ්චධාතූහු පහළ වෙති. එක් සත්‍යයෙක් පහළ වෙයි. දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙති. තුන් හේතූහු පහළ වෙති. තුන් ආහාරයෝ පහළ වෙති. එක් ස්පර්‍ශයෙක් පහළ වෙයි. එක් වේදනාවක්, එක් සංඥාවක්, එක් චේතනාවක්, එක් චිත්තයෙක් පහළ වේ.
Pali BJT1053. රූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමෙ පඤ්චක්ඛන්ධා පාතුභවන්ති: රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. රූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමෙ පඤ්චක්ඛන්ධා පාතුභවන්ති.
Sinhala BJT1053. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත් ද යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ පඤ්චස්කන්‍ධයෝ පහළ වෙත්.
Pali BJT1054. රූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමානි පඤ්චායතනානි පාතුභවන්ති: චක්ඛායතනං රූපායතනං සොතායතනං මනායතනං ධම්මායතනං. රූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමානි පඤ්චායතනානි පාතුභවන්ති.
Sinhala BJT1054. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර පඤ්චායතනයෝ පහළ වෙත් ද යත්: චක්ඛායතන ය, රූපායතන ය, සෝතායතන ය, මනායතන ය, ධම්මායතන යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ පඤ්චායතනයෝ පහළ වෙත්.
Pali BJT1055. රූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමා පඤ්ච ධාතුයො පාතුභවන්ති: චක්ඛුධාතු රූපධාතු සොතධාතු මනොවිඤ්ඤාණධාතු ධම්මධාතු. රූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමා පඤ්ච ධාතුයො පාතුභවන්ති.
Sinhala BJT1055. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර පඤ්චධාතූහු පහළ වෙත් ද යත්: චක්ඛුධාතු ය, රූපධාතු ය, සොතධාතු ය, මනෝවිඤ්ඤාණධාතු ය, ධම්මධාතු යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ පඤ්චධාතූහු පහළ වෙත්.
Pali BJT1056. රූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමං එකං සච්චං පාතුභවති: දුක්ඛසච්චං. රූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉදං එකං සච්චං පාතුභවති.
Sinhala BJT1056. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් සත්‍යයෙක් පහළ වෙයි යත්: දුඃඛසත්‍යය යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ එක් සත්‍යය පහළ වේ.
Pali BJT1057. රූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමානි දසින්ද්රියානි පාතුභවන්ති: චක්ඛුන්ද්රියං සොතින්ද්රියං මනින්ද්රියං ජීවිතින්ද්රියං සොමනස්සින්ද්රියං වා උපෙක්ඛින්ද්රියං වා සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. රූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමානි දසින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJT1057. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ය, සෝතින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය හෝ උපෙක්ඛින්‍ද්‍රිය හෝ ය සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, සතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, පඤ්ඤින්‍ද්‍රිය යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ දශ ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJT1058. රූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමෙ තයො හෙතූ පාතුභවන්ති: අලොභො විපාක හෙතු, අදොසො විපාකහෙතු, අමොහො විපාකහෙතු. රූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමෙ තයො හෙතූ පාතුභවන්ති.
Sinhala BJT1058. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර තුන් හේතූහු පහළ වෙත් ද යත්: අලෝභ විපාකහේතු ය, අදෝස විපාකහේතු ය, අමෝහ විපාකහේතු යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ තුන් හේතූහු පහළ වෙත්.
Pali BJT1059. රූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමෙ තයො ආහාරා පාතුභවන්ති: ඵස්සාහාරො මනොසඤ්චෙතනාහාරො විඤ්ඤාණාහාරො. රූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමෙ තයො ආහාරා පාතුභවන්ති.
Sinhala BJT1059. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර තුන් ආහාරයෝ පහළ වෙත් ද යත්: ස්පර්‍ශාහාර ය, මනස්සඤ්චේතනාහාර ය, විඥානාහාර යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ තුන් ආහාරයෝ පහළ වෙත්.
Pali BJT1060. රූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමො එකො ඵස්සො පාතුභවති: මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො. රූපධාතුයා උප්පත්තික්ඛණෙ අයං එකො ඵස්සො පාතුභවති.
Sinhala BJT1060. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් ස්පර්‍ශයෙක් පහළවේ ද යත්: මනෝවිඥානධාතුසංස්පර්‍ශය යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ එක ස්පර්‍ශය පහළ වේ.
Pali BJT1061. රූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමා එකා වෙදනා -පෙ- එකා සඤ්ඤා -පෙ- එකා චෙතනා -පෙ- එකං චිත්තං පාතුභවති: මනොවිඤ්ඤාණධාතු. රූපධාතුයා උප්පත්තික්ඛණෙ. ඉදං එකං චිත්තං පාතුභවති.
Sinhala BJT1061. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් වේදනාවක් ... එක් සංඥාවක් ... එක් චේතනාවක් ... එක් චිත්තයෙක් ස්පර්‍ශයෙක් පහළවෙයි යත්: මනෝවිඥානධාතු යි. රූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ එක් සිත පහළ වේ.
Pali BJT1062. අසඤ්ඤසත්තානං දෙවානං උප්පත්තික්ඛණෙ කති ඛන්ධා පාතුභවන්ති: -පෙ- කති චිත්තානි පාතුභවන්ති: අසඤ්ඤසත්තානං දෙවානං උප්පත්තික්ඛණෙ එකො ඛන්ධො පාතුභවති: රූපක්ඛන්ධො. ද්වෙ ආයතනානි පාතුභවන්ති: රූපායතනං ධම්මායතනං. ද්වෙ ධාතුයො පාතුභවන්ති: රූපධාතු ධම්මධාතු. එකං සච්චං පාතුභවති: දුක්ඛසච්චං. එකින්ද්රියං පාතුභවති: රූපජීවිතින්ද්රියං. අසඤ්ඤසත්තා දෙවා අහෙතුකා, අනාහාරා, අඵස්සකා, අවෙදනකා, අසඤ්ඤකා, අචෙතනකා, අචිත්තකා පාතුභවන්ති.
Sinhala BJT1062. අසංඥසත්ත්‍ව දෙවියනට උපදනා ඇසිල්ලෙහි කෙතෙක් ස්කන්‍ධයෝ පහළ වෙත් ද ... කෙතෙක් චිත්තයෝ පහළ වෙත් ද යත්: අසංඥසත්ත්‍ව දෙවියනට උපදනා ඇසිල්ලෙහි එක් ස්කන්‍ධයෙක් පහළ වෙයි: රූපස්කන්‍ධ යි. ආයතනයෝ දෙදෙනෙක් පහළ වෙති: රූපායතන ය, ධම්මායතන යි. ධාතූහු දෙදෙනෙක් පහළ වෙති: රූපධාතු ය, ධම්මධාතු යි. එක් සත්‍යයෙක් පහළ වෙයි: දුඃඛසත්‍ය යි. එක් ඉන්‍ද්‍රියයෙක් පහළ වෙයි: රූපජීවිතින්‍ද්‍රිය යි. අසංඥසත්ත්‍ව දෙවියෝ අහේතුකයෝ ය, අනාහාරයෝ ය, අස්පර්‍ශකයෝ ය, අවේදනකයෝ ය, අසංඥකයෝ ය, අචේතනකයෝ ය, අචිත්තක වූවාහු පහළ වෙත්.
Pali BJT1063. අරූපධාතුයා උප්පත්තික්ඛණෙ කති ඛන්ධා පාතුභවන්ති: -පෙ- කති චිත්තානි පාතුභවන්ති: අරූපධාතුයා උප්පත්තික්ඛණෙ චත්තාරො ඛන්ධා පාතුභවන්ති, ද්වෙ ආයතනානි පාතුභවන්ති, ද්වෙ ධාතුයො පාතුභවන්ති, එකං සච්චං පාතුභවති, අට්ඨින්ද්රියානි පාතුභවන්ති. තයො හෙතූ පාතුභවන්ති, තයො ආහාරා පාතුභවන්ති, එකො ඵස්සො පාතුභවති එකා වෙදනා - එකා සඤ්ඤා - එකා චෙතනා - එකං චිත්තං පාතුභවති.
Sinhala BJT1063. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කෙතෙක් ස්කන්‍ධයෝ පහළ වෙත් ද ... කෙතෙක් චිත්තයෝ පහළ වෙත් ද යත්: අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි සතර ස්කන්‍ධයෝ පහළ වෙති, ආයතනයෝ දෙදෙනෙක් පහළවෙති, ධාතූහු දෙදෙනෙක් පහළ වෙති, එක් සත්‍යයෙක් පහළ වෙයි, ඉන්‍ද්‍රියයෝ අටදෙනෙක් පහළ වෙති, හේතූහු තිදෙනෙක් පහළ වෙති, ආහාරයෝ තිදෙනෙක් පහළ වෙති, එක් ස්පර්‍ශයෙක් පහළ වෙයි, එක් වේදනාවක් - එක් සංඥාවක් - එක් චේතනාවක් - එක් චිත්තයෙක් පහළ වේ.
Pali BJT1064. අරූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමෙ චත්තාරො ඛන්ධා පාතුභවන්ති: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. අරූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමෙ චත්තාරො ඛන්ධා පාතුභවන්ති.
Sinhala BJT1064. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර සතර ස්කන්‍ධයෝ පහළ වෙත් ද යත්: වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ සතර ස්කන්‍ධයෝ පහළ වෙත්.
Pali BJTඅරූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමානි ද්වෙ ආයතනානි පාතුභවන්ති: මනායතනං ධම්මායතනං, අරූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමානි ද්වෙ ආයතනානි පාතුභවන්ති.
Sinhala BJTඅරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර ආයතනයෝ දෙදෙනෙක් පහළ වෙත් ද යත්: මනායතන යැ, ධර්‍මායතන යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ ආයතනයෝ දෙදෙන පහළ වෙත්.
Pali BJTඅරූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමා ද්වෙ ධාතුයො පාතුභවන්ති: මනොවිඤ්ඤාණධාතු ධම්මධාතු. අරූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමා ද්වෙ ධාතුයො පාතුභවන්ති.
Sinhala BJTඅරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර ධාතූහු දෙදෙනෙක් පහළ වෙත් ද යත්: මනෝවිඥානධාතු යැ, ධර්‍මධාතු යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ ධාතූහු දෙදෙන පහළ වෙත්.
Pali BJTඅරූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමං එකං සච්චං පාතුභවති: දුක්ඛසච්චං. අරූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉදං එකං සච්චං පාතුභවති.
Sinhala BJTඅරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් සත්‍යයෙක් පහළ වේ ද යත්: දුඃඛසත්‍ය යි. අරූපධාතුයෙහි. උපදනා ඇසිල්ලෙහි මේ එක් සත්‍යය පහළ වේ.
Pali BJTඅරූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමානි අට්ඨින්ද්රියානි පාතුභවන්ති: මනින්ද්රියං ජීවිතින්ද්රියං උපෙක්ඛින්ද්රියං සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. අරූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමානි අට්ඨින්ද්රියානි පාතුභවන්ති.
Sinhala BJTඅරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර අට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත් ද යත්: මනින්‍ද්‍රිය යැ, ජීවිතින්‍ද්‍රිය යැ, උපෙක්ඛින්‍ද්‍රිය යැ, සද්ධින්‍ද්‍රිය යැ, විරියින්‍ද්‍රිය යැ, සතින්‍ද්‍රිය යැ, සමාධින්‍ද්‍රිය යැ, පඤ්ඤින්‍ද්‍රිය යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ අට ඉන්‍ද්‍රියයෝ පහළ වෙත්.
Pali BJTඅරූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමෙ තයො හෙතු පාතුභවන්ති: අලොභො විපාකහෙතු, අදොසො විපාකහෙතු, අමොහො විපාකහොතු. අරූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමෙ තයො හෙතු පාතුභවන්ති.
Sinhala BJTඅරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර තුන් හේතූහු පහළ වෙත් ද යත්: අලෝභවිපාකහේතු යැ, අදෝසවිපාකහේතු යැ, අමෝහහේතු යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ තුන් හේතූහු පහළ වෙත්.
Pali BJTඅරූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමෙ තයො ආහාරා පාතුභවන්ති: ඵස්සාහාරො මනොසඤ්චෙතනාහාරො විඤ්ඤාණාහාරො. අරූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉමෙ තයො ආහාරා පාතුභවන්ති.
Sinhala BJTඅරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර තුන් ආහාරයෝ පහළ වෙත් ද යත්: ස්පර්‍ශාහාර යැ, මනෝසඤ්චේතනාහාර යැ, විඥානාහාර යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ තුන් ආහාරයෝ පහළ වෙත්.
Pali BJTඅරූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමො එකො ඵස්සො පාතුභවති: මනොවිඤ්ඤාණධාතුසම්ඵස්සො. අරූපධාතුයා උප්පත්තික්ඛණෙ අයං එකො ඵස්සො පාතුභවති.
Sinhala BJTඅරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් ස්පර්‍ශයෙක් පහළ වේ ද යත්: මනෝවිඥානධාතුස්පර්‍ශය යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ එක් ස්පර්‍ශය පහළ වේ.
Pali BJTඅරූපධාතුයා උප්පත්තික්ඛණෙ කතමා එකා වෙදනා -පෙ- එකා සඤ්ඤා -පෙ- එකා චෙතනා -පෙ- එකං චිත්තං පාතුභවති: මනොවිඤ්ඤාණධාතු. අරූපධාතුයා උප්පත්තික්ඛණෙ ඉදං එකං චිත්තං පාතුභවති.
Sinhala BJTඅරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි කවර එක් වේදනාවක් ... එක් සංඥාවක් ... එක් චේතනාවක් ... එක් චිත්තයෙක් පහළ වේ ද යත්: මනෝවිඥානධාතු යි. අරූපධාතුයෙහි උපදනා ඇසිල්ලෙහි මේ එක් චිත්තය පහළ වේ.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJT1065. කාමාවචරා ධම්මා, න කාමාවචරා ධම්මා, රූපාවචරා ධම්මා, න රූපාවචරා ධම්මා, අරූපාවචරා ධම්මා, න අරූපාවචරා ධම්මා, පරියාපන්නා ධම්මා, අපරියාපන්නා ධම්මා.
Sinhala BJT1065. කාමාවචරධර්‍මයෝ යැ, කාමාවචර නො වූ ධර්‍මයෝ යැ, රූපාවචරධර්‍මයෝ යැ, රූපාවචර නො වූ ධර්‍මයෝ යැ, අරූපාවචරධර්‍මයෝ යැ, අරූපාවචර නො වූ ධර්‍මයෝ යැ, පරියාපන්නධර්‍මයෝ යැ, අපරියාපන්නධර්‍මයෝ යි.
Pali BJT1066. කතමෙ ධම්මා කාමාවචරා: හෙට්ඨතො අවීචීනිරයං පරියන්තං කරිත්වා, උපරිතො පරනිම්මිත-වසවත්තිදෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධා ධාතූ ආයතනා රූපා වෙදාන සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං. ඉමෙ ධම්මා කාමාවචරා.
Sinhala BJT1066. කාමාවචරධර්‍මයෝ කවරහ යත්: යටින් අවීචිනිරය හිම් කොට උඩින් පරනිර්මිතවශවර්ති දෙවියන් ඇතුළු කොට මේ අතරැ මෙහි හැසිරෙන මෙහි ඇතුළු වූ යම් ස්කන්‍ධ කෙනෙක් ධාතු - ආයතන - රූප - වේදනා - සංඥා - සංස්කාර කෙනෙක් විඥානයෙක් වේ ද මේ ධර්‍මයෝ කාමාවචරයෝ යි.
Pali BJT1067. කතමෙ ධම්මා න කාමාවචරා: රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා. ඉමෙ ධම්මා න කාමාවචරා.
Sinhala BJT1067. කාමාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්: රූපාවචරයෝ යැ, අරූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යි. මොහු කාමාවචර නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1068. කතමෙ ධම්මා රූපාවචරා: හෙට්ඨතො බ්රහ්මලොකං පරියන්තං කරිත්වා උපරිතො අකනිට්ඨෙ දෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචාරා එත්ථ පරියාපන්නා සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා. ඉමෙ ධම්මා රූපාවචරා.
Sinhala BJT1068. රූපාවචරධර්‍මයෝ කවරහ යත්: යටින් බඹලොව පිරියත් කොට උඩින් අකනිටාදෙවියන් ඇතුළු කොට මේ අතරැ මෙහි හැසිරෙන මෙහි ඇතුළු වූ සමාපන්නයාගේ හෝ උපන්නහුගේ හෝ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇත්තහුගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද, මේ ධර්‍මයෝ රූපාවචරයෝ යි.
Pali BJT1069. කතමෙ ධම්මා න රූපාවචරා: කාමාවචරා අරූපාවචරා අපරියාපන්නා. ඉමෙ ධම්මා න රූපාවචරා.
Sinhala BJT1069. රූපාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්: කාමාවචරයෝ යැ, අරූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යි. මොහු රූපාවචර නො වූ ධර්‍මයෝ යි.
Pali BJT1070. කතමෙ ධම්මා අරූපාවචරා: හෙට්ඨතො ආකාසානඤ්චායතනූපගෙ දෙවෙ පරියන්තං කරිත්වා උපරිතො නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගෙ දෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා. ඉමෙ ධම්මා අරූපාවචරා.
Sinhala BJT1070. අරූපාවචරධර්‍මයෝ කවරහ යත්: යටින් ආකාසානඤ්චායතනූපග දෙවියන් පිරියත් කොට උඩින් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන් ඇතුළු කොට මේ අතරැ මෙහි හැසිරෙන මෙහි ඇතුළු වැ සිටි සමාපන්නයාගේ හෝ උපපන්නයාගේ හෝ දිට්ඨධම්මසුඛවිහාර ඇත්තහුගේ හෝ යම් චිත්තචෛතසිකධර්‍ම කෙනෙක් වෙත් ද, මේ ධර්‍මයෝ අරූපාවචරයෝ යි.
Pali BJT1071. කතමෙ ධම්මා න අරූපාවචරා: කාමාවචරා රූපාවචරා අපරියාපන්නා. ඉමෙ ධම්මා න අරූපාවචරා.
Sinhala BJT1071. අරූපාවචර නො වූ ධර්‍මයෝ කවරහ යත්: කාමාවචරයෝ යැ, රූපාවචරයෝ යැ, අපර්‍ය්‍යාපන්නයෝ යැ යන මේ ධර්‍මයෝ අරූපාවචර නො වෙත්.
Pali BJT1072. කතමෙ ධම්මා පරියාපන්නා: සාසවා කුසලාකුසලාබ්යාකතා ධම්මා, කාමාවචරා රූපාවචරා අරූපාවචරා, රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො. ඉමෙ ධම්මා පරියාපන්නා.
Sinhala BJT1072. වට්ටපරියාපන්න ධර්‍මයෝ කවරහ යත්: සාස්‍රව වූ කාමාවචර රූපාවචර අරූපාවචර කුශල අකුශල අව්‍යාකෘත ධර්‍මයෝ යැ, රූපස්කන්‍ධ යැ, වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ (භව වශයෙන් අවකාශ වශයෙන් පිරිසිඳුනාලද) පරියාපන්නයෝ වෙත්.
Pali BJT1073. කතමෙ ධම්මා අපරියාපන්නා: මග්ගා ච මග්ගඵලානි ච අසඞ්ඛතා ච ධාතු. ඉමෙ ධම්මා අපරියාපන්නා.
Sinhala BJT1073. අපරියාපන්න ධර්‍මයෝ කවරහ යත්: සතර මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ (භවාදී විසින්) අපරියාපන්නයෝ වෙත්.
Pali BJT6.
Sinhala BJT6.
Pali BJT1074. දෙවාති තයො දෙවා: සම්මුති දෙවා, උප්පත්ති දෙවා, විසුද්ධි දෙවා. සම්මුතිදෙවා නාම රාජානො, දෙවියො, කුමාරා. උප්පත්තිදෙවා නාම චාතුම්මහාරාජිකෙ දෙවෙ උපාදාය තදුපරි දෙවා. විසුද්ධිදෙවා නාම අරහන්තො වුච්චන්ති.
Sinhala BJT1074. දේවා යනු: දෙවියෝ තුන්දෙනෙකි. සම්මුතිදෙවියෝ යැ, උත්පත්තිදෙවියෝ යැ, විශුද්ධිදෙවියෝ යි. සම්මුතිදෙවියෝ නම්: අභිෂේක ලත් රජවරු යැ, රාජදේවීහු යැ, රාජකුමාරයෝ යි. උත්පත්තිදෙවියෝ නම්: සිවුමහරජයෙහි දෙවියන් පටන් කොට එයින් මතුයෙහි දෙවියෝ යැ. විශුද්ධිදෙවියෝ නම්: රහත්හු යි.
Pali BJT1075. දානං දත්වා සීලං සමාදියිත්වා උපොසථකම්මං කත්වා කත්ථ උප්පජ්ජන්ති.
Sinhala BJT1075. දන් දී සිල් සමාදන් වැ පෙහෙවස්කම් කොට කොහි උපදී ද යත්:
Pali BJTදානං දත්වා සීලං සමාදියිත්වා උපොසථකම්මං කත්වා අප්පෙකච්චෙ ගහපතිමහාසාළානං{1} සහව්යතං උපපජ්ජන්ති{2}, අප්පෙකච්චෙ බ්රාහ්මණමහාසාළානං සහව්යතං උපපජ්ජන්ති{2}, අප්පෙකච්චෙ ඛත්තියමහාසළානං{3} සහව්යතං උපපජ්ජන්ති,{2} අප්පෙකච්චෙ චාතුම්මහාරාජිකානං{4} දෙවානං සහව්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ තාවතිංසානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති. අප්පෙකච්චෙ යාමානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ තුසිතානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ නිම්මාණරතීනං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, අප්පෙකච්චෙ පරනිම්මිත වසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජන්ති.{1}
Sinhala BJTදන් දී සිල් සමාදන් වැ පෙහෙවස්කම් කොට ඇතැම් කෙනෙක් ගෘහපතිමහාසාරයන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් බ්‍රාහ්මණමහාසාරයන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ සහභාවයට පැමිණෙත්. ඇතැම් කෙනෙක් චාතුම්මහාරාජිකදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් තාවතිංසදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් යාමදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් තුසිතදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් නිම්මාණරතීදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් පරනිම්මිතවසවත්තීදෙවියන්ගේ සහභාවයට පැමිණෙත්.
Pali BJT1076. මනුස්සානං කිත්තකං ආයුප්පමාණං: වස්සසතං අප්පං වා භිය්යො.
Sinhala BJT1076. මිනිසුන්ගේ ආයුප්‍රමාණය කෙතෙක යත්: අවුරුදු සියයෙකි. මඳක් වැඩි වූ හෝ යි. (දෙසියයට නො පැමිණි යයි සේ යි.)
Pali BJT1077. චාතුම්මහාරාජිකානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: යානි මානුස්සකානි පඤ්ඤාසවස්සානි චාතුම්මහාරාජිකානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංස රත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි පඤ්ච වස්සසතානි චාතුම්මහාරාජිකානං දෙවානං ආයුප්පමාණං. මනුස්සානං ගණනාය කිත්තකං හොති: නවුතිවස්සසතසහස්සානි.
Sinhala BJT1077. චාතුම්මහාරාජික දෙවියනට ආයුප්‍රමාණය කෙතෙක යත්: මිනිසුන්ගේ අවුරුදු පනසෙක් සියුමහරජයෙහි වැසි දෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මසෙක් වෙයි. ඒ මාසයෙන් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වූ පන්සියක් හවුරුදු චාතුම්මහාරාජික දෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: අවුරුදු අනූලක්‍ෂයෙකි.
Pali BJT1078. තාවතිංසානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: යං මානුස්සකං වස්සසතං, තාවතිංසානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංස රත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන දිබ්බං වස්සසහස්සං තාවතිංසානං දෙවානං ආයුප්පමාණං. මනුස්සානං ගණනාය කිත්තකං හොති: තිස්සො ච වස්සකොටියො සට්ඨි ච වස්සසතසහස්සානි.
Sinhala BJT1078. තව්තිසාවැසි දෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ යම් අවුරුදු සියයෙක් වේ ද, තෙල තව්තිසා වැසි දෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් හවුරුදු දහසෙක් තාවතිංසදෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස් ගණනින් කෙතෙක් වෙයි යත්: හවුරුදු තුන්කෙළසැටලක්‍ෂයෙකි.
Pali BJT1079. යාමානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: යානි මානුස්සකානි ද්වෙ වස්සසතානි, යාමානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙ සංවච්ඡරෙන දිබ්බානි ද්වෙ වස්සසහස්සානි යාමානං දෙවානං ආයුප්පමාණං. මනුස්සානං ගණනාය කිත්තකං හොති: චුද්දස ච{1} වස්සකොටියො චත්තාරීසඤ්ච වස්සසතසහස්සානි.
Sinhala BJT1079. යාමදෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ හවුරුදු දෙසියයෙක් යාමදෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මසෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්‍ය වූ දෙදහසෙක් හවුරුදු යාමදෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: හවුරුදු තුදුස්කෙළසතලිස්ලක්‍ෂයෙකි.
Pali BJT1080. තුසිතානං දෙවානං කිත්තකං ආයුප්පමාණං: යානි මානුස්සකානි චත්තාරිවස්සසතානි, තුසිතානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි චත්තාරි වස්සසහස්සානි තුසිතානං දෙවානං ආයුප්පමාණං. මනුස්සානං ගණනාය කිත්තකං හොති: සත්තපඤ්ඤාස වස්සකොටියො සට්ඨි ච වස්සසතසහස්සානි.
Sinhala BJT1080. තුසිතදෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ හවුරුදු සාරසියයෙක් තුසිත දෙවියනට එක් රාත්‍රින්‍දිවයෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්‍ය වූ හවුරුදු සාරදහසක් තුසිත දෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස් ගණනින් කෙතෙක් වෙයි යත්: සත්පනස්කෙළසැටලක්‍ෂයක් හවුරුදු වේ.
Pali BJT1081. නිම්මාණරතීනං දෙවානං කිත්තකං ආයුප්පමාණං: යානි මානුස්සකානි අට්ඨවස්සසතානි, නිම්මාණරතීනං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංස රත්තියො මාසො. තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන දිබ්බානි අට්ඨ වස්සසහස්සානි නිම්මාණරතීනං දෙවානං ආයුප්පමාණං. මනුස්සානං ගණනාය කිත්තකං හොති: ද්වෙ වස්සකොටිසතානි තිංසා ච වස්සකොටියො චත්තාරීසඤ්ච වස්සසතසහස්සානි.
Sinhala BJT1081. නිම්මාණරතීදෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන්ගේ හවුරුදු අටසියයක් නිම්මාණරතීදෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්‍ය වූ අටදහසක් හවුරුදු නිම්මාණරතීදෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් හවුරුදු වෙයි යත්: දෙසියතිස්කෙළසතලිස්ලක්‍ෂයක් හවුරුදු වේ.
Pali BJT1082. පරනිම්මිතවසවත්තීනං දෙවානං කිත්තකං ආයුප්පමාණං: යානි මානුස්සකානි සොළසවස්සසතානි, පරනිම්මිතවසවත්තීනං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංස රත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො, තෙන සංවච්ඡරෙන දිබ්බානි සොළසවස්සසහස්සානි පරනිම්මිතවසවත්තීනං දෙවානං ආයුප්පමාණං. මනුස්සානං ගණනාය කිත්තකං හොති: නව ච වස්සකොටි සතානි එකවීසඤ්ච වස්සකොටියො සට්ඨි ච වස්සසතසහස්සානී’ති.
Sinhala BJT1082. පරනිම්මිතවසවත්තී දෙවියනට කෙතෙක් ආයුප්‍රමාණ වෙයි යත්: මිනිසුන් පිළිබඳ එක්දහස්සසියක් හවුරුදු පරනිම්මිතවසවත්තී දෙවියනට එක් රාත්‍රින්‍දිවයෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වූ සොළොස්දහසක් හවුරුදු පරනිම්මිතවසවර්තී දෙවියනට ආයුප්‍රමාණ වෙයි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: නවසියඑක්විසිකෙළසැටලක්‍ෂයක් හවුරුදු වේ යයි.
Pali BJT1083. ඡ එතෙ කාමාවචරා- සබ්බකාමසමිද්ධිනො. සබ්බෙසං එකසඞ්ඛාතො- ආයු භවති කිත්තකො, ද්වාදස කොටිසතං තෙසං -අට්ඨවීසඤ්ච කොටියො, පඤ්ඤාස සතසහස්සානි - වස්සග්ගෙන පකාසිතා’ති.
Sinhala BJT1083. තෙල ෂට්කාමාවචරයෝ සියලු පඤ්චකාමයෙන් සමෘද්ධ වූවාහු වෙති. සියලු කාමාවචරයන්ගේ එක්රැස් කොට පුඬුකළ ආයුප්‍රමාණය කෙතෙක් වෙයි යත්: ඒ ෂට්කාමාවචර දෙවියන්ගේ ආයු මිනිසුන්ගේ හවුරුදු ගණනායෙන් දොළොස්සියඅටවිසිකෙළපනස්ලක්‍ෂ (1228,50,00,000) කැයි ප්‍රකාශ කරන ලදැයි.
Pali BJT1084. පඨමං ඣානං පරිත්තං භාවෙත්වා කත්ථ උප්පජ්ජන්ති: පඨමං ඣානං{1} පරිත්තං භාවෙත්වා බ්රහ්මපාරිසජ්ජානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති. තෙසං කිත්තකං ආයුප්පමාණං: කප්පස්ස තතියො භාගො. පඨමං ඣානං මජ්ඣිමං භාවෙත්වා කත්ථ උප්පජ්ජන්ති: පඨමං ඣානං මජ්ඣිමං භාවෙත්වා බ්රහ්මපුරොහිතානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, තෙසං කිත්තකං ආයුප්පමාණං: උපඩ්ඪකප්පො. පඨමං ඣානං පණීතං භාවෙත්වා කත්ථ උප්පජ්ජන්ති: පඨමං ඣානං පණීතං භාවෙත්වා මහාබ්රහ්මානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති, තෙසං කිත්තකං ආයුප්පමාණං: කප්පො.
Sinhala BJT1084. ප්‍රථමධ්‍යානය පරිත්ත (අල්පගුණ) කොට වඩා කොහි උපදිත් ද යත්: ප්‍රථම ධ්‍යානය පරිත්ත කොට වඩා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්පයක තුන්වැනි භාග යයි. (කල්පයකින් තුනෙන් කොටසකැයි සේයි.) ප්‍රථමධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිත් ද යත්: ප්‍රථම ධ්‍යානය මධ්‍යම කොට වඩා බ්‍රහ්මපුරෝහිත දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: අඩකපෙකි. ප්‍රථමධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: ප්‍රථමධ්‍යානය ප්‍රණීත කොට වඩා මහාබ්‍රහ්මයන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්පයෙකි.
Pali BJT1085. දුතියං ඣානං{2} පරිත්තං භාවෙත්වා කත්ථ උප්පජ්ජන්ති: දුතියං ඣානං පරිත්තං භාවෙත්වා පරිත්තාභානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති. තෙසං කිත්තකං ආයුප්පමාණං: ද්වෙ කප්පා. දුතියං ඣානං මජ්ඣිමං භාවෙත්වා කත්ථ උප්පජ්ජන්ති: දුතියං ඣානං මජ්ඣිමං භාවෙත්වා අප්පමාණාභානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති. තෙසං කිත්තකං ආයුප්පමාණං: චත්තාරො කප්පා. දුතියං ඣානං පණීතං භාවෙත්වා කත්ථ උප්පජ්ජන්ති: දුතියං ඣානං පණීතං භාවෙත්වා ආභස්සරානං දෙවානං සහව්යතං උපපජ්ජන්ති. තෙසං කිත්තකං ආයුප්පමාණං: අට්ඨ කප්පා.
Sinhala BJT1085. ද්විතීයධ්‍යානය ගුණයෙන් අල්ප කොට වඩා කොහි උපදිති යත්: ද්විතීය ධ්‍යානය අල්පගුණ කොට වඩා පරිත්තාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: දෙ කල්පයෙකි. ද්විතීයධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිති යත්: ද්විතීයධ්‍යානය මධ්‍යම කොට වඩා අප්පමාණාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සතරෙකි. ද්විතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: ද්විතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා ආභස්සර දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: අට කල්පයෙකි.